Monday, July 11, 2016

තේක්ක කොට ලොරිය නැවතත් පොලිසියට මාට්ටු

2016-07-11 ප.ව. 9:30
දහයියා  ප්‍රවාහණය මුවාවෙන් ඇලෑවෙල ප්‍ර දේශයේ සිට තේක්ක දැව කදන් 60ක් ප්‍රවාහණට සුදානම් කල ලොරියක් එහි රියදුරු සමග ඊයේ (10) මහියංගන පොලිසිය මගින් අත් අඩංගුවට ගන්නා ලදී.
තේක්ක දැව කදන් තොගය ලක්ෂ 6-8ක් පමණ වටිනාකම යුතු බව මහියංගන පොලිසිය පවසන අතර දැව වල වටිනාකම තක්සේරු කිරිම සදහා කටයුතු යොදා ඇත.
දැව,ලොරි රථය හා රියදුරු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
මීට හරියටම මාසයකට පෙර මෙම ලොරි රථය මේ ආකාරයෙන්ම තේක්ක දැව කදන් 45ක් ඇකිරියන්කුඹුර සිට මහනුවර දක්වා ප්‍රවාහණය කරමින් සිටියදී මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව බැදුම් කරයක් මත මුදාහල ලොරි රථයකි.

මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ හා මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතාගේ උපදෙස් මත  රථවාහන අංශයේ ස්ථානාධිපති රොෂාන් සංජීව මහතා හා නිළධාරින් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කරනලදී.

------------ පෙර ප්‍රවෘත්තිය ---------------








No comments:

Post a Comment