Saturday, July 2, 2016

මහියංගන මහනුවර ඒ 26 මාර්ගය සම්පුර්ණයෙන්ම ගම්මු වසයි - පොලිසියට විරුද්ධව හිමිවරු තුන්නමක් මහියංගන නගරයේ සත්‍යග්‍රහයක

 2016-06-23 ප.ව. 6:08 
https://www.facebook.com/NewsatMahiyangana/

මහියංගන නගරයේ පසුගිය 21 දින ආරම්භ කරනු ලැබු සත්‍යග්‍රහය සදහා මේවනතුරු හිමිවරුන්ගේ ඉල්ලීම් සදහා යහපත්‍ර ප්‍රතිචාර දක්වා නොමැති බව පවසමින් මහා සංඝරත්නය හා ගම්වාසින් මහියංගන මහනුවර ඒ 26 මාර්ගය මහවැලි පාලම අසලින් අද උදැසන 10.00ට පමණ සම්පුර්ණයෙන් වහන ගමනාගමනය අඩාල වන ආකාරයෙන් අවහිර කරමින් විරෝධතාවයක් ආම්භකරනු ලැබුවා.
ඒ හේතුවෙන් මාර්ගය දෙපස දිගුවාහන තදබදයක් හා දිගු වාහන පොලිම් දක්නට ලැබුනා.
ගමනාගමනය අඩාලවීමෙන් අසරණ වු විශාල පිරිසක් මහවැලි ගග තරණය කර සිය ගමනාත්තය දක්වා යෑමට කටයුතු කනු ලැබුවේය.
ආරක්ෂාව සදහා අවට පොලිස්ථාන රැසක පොලිස් නිළධාරින් විශාල පිරිසක් කැදවා තිබුනි.
සවස 5.30 පමණ වනතුරත් විරොධතාවය අවසන් නොව් අතර
“ජනතා කුපිත කරන මහියංගන පොලිසියේ අධුරදර්ශී ක්‍රියාමාර්ග වලට වහා විසදුම් ලබාදෙනු“ යැයි පවසමින් මහාසංඝරත්නය තුන් නමක් පසුගිය 21 උදැසන මහියංගන නගරයේ සත්‍යාග්‍රහයක් ආරම්භ කරන ලැබුවා.
මහියංගන නගරයේ වෙළෙද සැල් රැසක් වසා කළු කොඩි නගරය පුරා ඔසවා සත්‍යග්‍රහය වෙනුවෙන් මහියංගන ප්‍ර දේශ වාසින් නගර වාසින් සහය ඵල කර ඇත.‍
මහියංගන ප්‍ර දේශයේ ගව ඝාතනය සුරාව ඉහල ගොස් ඇති බවත්අපචාර ස්ත්‍රි දුෂණ රැසක් මේ වන විට සිදු වෙමින් පවතින බවත් ඒ සදහා පොලිසිය නිද්‍රාශිලි පිළිවෙතක් අනුගමනය කරන බවත් පසුගිය වෙසක් පෝය දින මහියංගන ගම්මානයක බෞද්ධ කොඩි හා වෙසක් කූඩු ගිනිතැබිමේ සිද්ධියට අධාලව පොලිසිය ක්‍රියාකල ආකාරය සතුටට පත් විය නොහැකි බවත් නගරයේ කරුණාවන්ත ඉල්ලීමක් කර පෝස්ටර් ගැසු තරුණයන් හට අධිචෝදන පත්‍ර ගොනුකොට ඇප ලබාගැනීමට නොහැකිවන සේ අධිකරණ කටයුතු සිදු කල මහියංගන සහකාර පොලිස් අධිකාරිවරයා ක්‍රියා කල ආකාරය ගැන සිය අප්‍රසාදය සත්‍යග්‍රහයේ නිරත හිමිවරු එහිදි පැවසුහ. මේ සම්බන්දයෙන් පොලිස්පති වරයාද දැනුවත් කර ඇති බවත් දින 14ක් ඇතුලත මේ සම්බන්දයෙන් කඩිනම් සහන දායි විසදුමක් එත් අඩංගුවට ගත් හා පොලිසිය අත් අඩංගුවය ගැනිමට නියමිත තරුණයන් හට ක්‍රියාත් මක කරන ලෙසත් දැනුම් දුන් බවත් එසේ නොව්නහොත් දැඩි ක්‍රියාමාර්ගයකට පිවිසෙන බව, දැන් වු බවත්, ඒ සදහා මේ වන තුරු විසදුම් ලබාදී නොමැති බව උන් වහන්සේලා වැඩිදරටත් ප්‍රකාශ කර සිටි.
මහියංගන නගරයේ උපවාසයේ නියුතු හිමිවරු වෙනුවෙන් සහය ඵල කිරිම සදහා බොදු බල සේනා මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මහියංගනයට පසුගිය දා පැමිණි අතර පොලිසිය සමග පැවැත් වු සාකච්ඡාවද පාර්ශව දෙක එකගතාවයකින් තොරව අවසන් කෙරිනි.









No comments:

Post a Comment