Wednesday, September 30, 2015

අලි ප්‍රහාරයෙන් රිය පෙරලේ

2015-09-30 ප.ව. 5.45
අද (30) උදැසන 6.00ට පමණ ගිරාදුරුකෝට්ටේ දෙහිඅත්තකන්ඩිය මාර් ගයේ වන අලි ප්‍රහාරයකට ලක්වී මාර් ගයේ ගමන්ගත් මෝටර් රථයක් අනතුරට ලක් වුයේ මේ ආකාරයෙනි.


මහියංගනයේ පෙරහැරට ගෙනා අලියෙක් අපසු ගෙනියනකොට කුලප්පුවී අලි ජරේ

මහියංගනයේ පෙරහැරට ගෙනා අලියෙක් අපසු ගෙනියනකොට කුලප්පුවී අලි ජරේ
9/30/2015 5:40 PM
https://www.youtube.com/watch?t=82&v=hEDYvW2bBNs

ගොවීන්ගේ ප්‍රශ්න නාට්‍යකින් පෙන්නයි

ගොවීන්ගේ ප්‍රශ්න නාට්‍යකින් පෙන්නයි
https://www.youtube.com/watch?t=14&v=EZd8J2NbLnw
ගිරාදුරුකෝට්ටේ ගොවීන් පිරිසක් ඊයේ මහියංගනය - පොළොන්නරුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතවුණා.
ඒ, වී අලෙවි මණ්ඩලය තම වී මිලදී ගැනීම නතර කර දමා ඇති බවට චෝදනා කරමින්.
මහවැලි සී දෙවන කලාපය යටතේ ගම්මාන 17 ක ගොවීන් සිය වී අස්වනු අලෙවි කරනු ලබන්නේ ගිරාදුරුකෝට්ටේ නගරයේ පිහිටි වී අලෙවි මණ්ඩලය සතු ගබඩාවටයි.
කෙසේ වෙතත් පසුගිය 18 වැනිදා සිට එහි වී මිලදී ගැනීම නතර කර දමා ඇති අතර ඒ හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

අම්මා කුඩා දුව ලවා රත්‍රං බඩු උස්සපු හැටි CCTV එකට මාට්ටු

අම්මා කුඩා දුව ලවා රත්‍රං බඩු උස්සපු හැටි CCTV එකට මාට්ටු
9/30/2015 2:01 PM
මව විසින් තම කුඩා දියණිය යොදවා දෙහිඅත්තකන්ඩිය නගරයේ සිදු කල රං භාන්ඩ සොරකමක් වෙළෙදසැලේ සවිකරතිබු CCTV කැමරාවල සටහන්ව තිබේ.
තම කුඩා දියණිය යොදවාගනිමින් වෙළෙද සැලේ හිමිකරුවන්ගේ අවධානය වෙනතකට යොමු අවස්ථාවන් වලදී රාක්ක වල ප්‍රධර්ශනය හා අලෙවියට තබා ඇති රත්‍රං බඩු සොරකම් කිරිමට මව විසින් අනුබල දෙන බව එම විඩියෝ දර් ශන නැරබීමේදි අවබෝද වේ. දුරකථනය නාදවිමෙන් වෙළෙද සැලේ හිමිකරුවන්ගේ අවධානය ඒ වෙත යොමු වන අවස්ථාවේ මව දරුවා සොරකම සදහා යොදවන අතර පළමු වර උත්සාහවය අසාර් ථක වේ. දෙවන උත්සාහය සාර් ථක වී දරුවාවිසින් වලල්ලක් සොරකම්කර කලිසම අභ්‍යන්තරයේ සගවාගන්නා ආකාරය විඩියෝ දර්ශණ වලින් අනාවරණය වේ. ඔහුන් සමග පැමිණෙන කුඩා දරුවෙකු වඩාගත් කාන්තාවද වෙළෙද සැලේ හිමිකරුවන්ගේ අවධානය වෙනතට යොමු අවස්ථාවේ රත්‍රං බඩු තිබෙන කබඩ් වෙත අත දමා යමක් ගැනිමට උත්සාහ දරන අන්දම දර් ශන වලින් පෙනේ.
දැරිය විසින් සොරකම් කරන ලද රත්‍රං වලල්ලේ වටිනාකම රුපියල් 80000ක් බව රත්‍රං වෙළෙද සැලේ හිමිකරු පවසනවා
දර්ශන අනුව මෙම කාන්තාවන් දෙදෙනා සැලසුම් සහගතව රංආබරණ වෙළෙද සැල් වෙත ගොස් භාණ්ඩ සොරකම් කරන බවත් ඒ සදහා කුඩා දරුවන්ද පුහුනුකර යොදාගන්නා බව පැහැදිලි වේ.
මේ සම්බන්දයෙන් 2014-09-01 වෙළෙද සැලේ හිමි කරු දෙහි අත්තකන්ඩිය පොලිසය වෙත පැමිණිලි කර ඇති අතර, විඩියෝ දර්ශන මාධ්‍ය වෙත ලබා නොදෙන ලෙස වෙළෙදසැල් හිමිකරුට පොලිසිය ඉල්ලිම් කර ඇත. ඒ අනුව දිර් ඝ කාලයක් මේ සම්බන්දයෙන් පොලිස් කටයුතු සිදුකර නොමැති අතර වෙළෙදසැල් හිමිකරුවිසින් සොරකම සිදු කල පිරිස මහියංගන ප්‍ර දේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන දෙහිඅත්තකන්ඩිය පොලිසියට ඒ බව දන්වා ඇති අතර මේ වන තුරු ඔහුන් පිළිබද කිසිදු පරික්ෂණයක් සිදු කර නොමැත. සොරකම සිදු කර වසරක් ගතවි ඇති අතර , පුද්ගලයන් හදුනාගෙන ඇතත් පොලිසිය විසින් නිතිය ක්‍රියාත්මක නොකිරිම පිළිබදව වෙළෙදසැල් හිමිකරු කණගාටුවේ.
දරුවන් යොදාගනිමින් සැලසුම් සහතව සොරකම් සිදු කරනා දෙමාපියන් සම්බන්දයෙන් පොලිස් නිළධාරින් නිතිය ක්‍රියාත්මක නොකිරිම රටේ අනාගතය අදුරු වන්නා සේම දරුවන්ගේද හෙට දවස යහපත් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කෙරේ.

Tuesday, September 29, 2015

වී මිළ දීගන්නා මෙන් ඉල්ලා ගිරාදුරුකොට්ටේ නගරයෙදි අද උදැසන(29) කල උද්ගෝෂනය....

සී කලාපයේ වී ගොවියන් තම වී විකුනාගත නොහැකිව වී මිළ දීගන්නා මෙන් ඉල්ලා ගිරාදුරුකොට්ටේ නගරයෙදි අද උදැසන(29) කල උද්ගෝෂනය....




Saturday, September 26, 2015

ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා මහියංගන නගරයේදී උනුසුම් අයුරින් පිලිගත් අවස්ථාව

පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙකු ලෙස දිව්රුම් දිමෙන් අනතුරුව ඊයේ (2015/09/25) ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා මහියංගන නගරයේදී උනුසුම් අයුරින් පිලිගත් අවස්ථාව




ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා ගිරාදුරුකෝට්ටේ නගරයේදී උනුසුම් අයුරින් පිලිගත් අවස්ථාව

 පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙකු ලෙස දිව්රුම් දිමෙන් අනතුරුව ඊයේ (2015/09/25) ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා ගිරාදුරුකෝට්ටේ නගරයේදී උනුසුම් අයුරින් පිලිගත් අවස්ථාව



Wednesday, September 23, 2015

යතුරුපැදියේ තනි රෝදෙන් වැඩ දාලා උසාවියෙන් 64000ක් දඩ කයි

2015-09-23 පෙ.ව. 11.54 
https://www.facebook.com/NewsatMahiyangana 

මනුෂ්‍ය ජිවිත අනතුරුදායක වන පරිදි ප්‍රසිද්ධ මාර් ගයක අපරික්ෂාකාරි ලෙස යතුරුපැදි පැදවීම, වාහනයේ නිර්මාණය වෙනස් කර ධාවනය, ප්‍රධාන මාර් ගයේ ගමනාගමනය අවහිර වන ලෙස යතුරුපැදි දාවනය යන චෝදනා යටතේ මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල පාසැල් වයසේ පසුවන තරුණයක් දෙදෙනෙකු හට නව මහියංගන මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය විසින් එක් අයෙකුට රුපියල් 64000ක් හා 53000ක් දඩ මුදල් ගෙවන ලෙස  ඊ ෙය් (22) නියෝග කනු ලැබිය.
මේ ආකාරයෙන් දඩ මුදල් ගෙවිමට නියමු වුයේ මහියංගන ලංගම ඩිපෝව ඉදිරිපිට මාර් ගයේ යතුරු පැදි මගින් තනිරෝදයෙන් ගමන් කරමින් විවිධ ක්‍රියාකාරකම් වල නියැලුන තරුණයන් දෙදෙනෙකු සම්බන්දයෙන් 119 වෙත ප්‍ර දේශවාසියෙකු විසින් කරනු ලැබුන දැනුම්දිමකට අනුවය. මහියංගන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් එම ස්තානයට ගොස් අදාල තරුණයන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගනු ලැබිය.
එක් තරුණයෙකු සදහා රියදුරු බලපත්‍රයක්ද නොමැති අතර , යතුරුපැදිය සදහා රක්ෂණ සහතිකය නොමැති බවත්, යතුරුපැදිය ලියාපදිංචි කිරිමද සිදු කර නොමැති බව පොලිස් නිළධාරින් ප්‍රකාශ කර සිටියේය. 
මෝටර ් රථ ප්‍රවාහන දෙපාර ්ථමේන්තුවේ රථවාහන පරික්ෂක විසින් යතුරුපැදි දෙක ධාවනයට නුසුදුසු බවට සහතික කර ඇති අතර යතුරුපැදි දෙක යකස් කර, බදුල්ලට රැගෙන ගොස් පෙන්වන ලෙස නියෝග කර ඇත.‍


යවලක් හදුනාගන්න පොලිසිය මහජන සහය පතයි

යවලක් හදුනාගන්න පොලිසිය මහජන සහය පතයි
2015-09-23 ප.ව. 8.32
https://www.facebook.com/NewsatMahiyangana
පසුගියදා මහියංගන නගරයේ සිදු වු රං භාන්ඩ සොරකමක් සම්බන්දයෙන් යුවගක් හදුනා ගැනිම සදහා මහියංගන පොලිසිය මහජන සහය පතයි. පහත සදහන් දුරකථන අංක ඔස්සේ ඔබ මොහුන් හදුනා ගත්තානම් මහියංගන පොලිසිය වෙත තොරතුරු සැපයිම සිදු කල හැක. තොරතුරු ලබාදෙන පුද්ලගයන් සම්බන්දයෙන් රහස්‍ය භාවය සුරකින බව පොලිසිය දැනුම් දේ
0552257222 / 0718591517

Tuesday, September 22, 2015

වැලි ලොරියට ත්‍රිෙරා්ධ රථය හැප්පී පාසැල් දරුවන් 2ක් රෝහලේ

2015-09-22 ප.ව. 8.18
 පාසැල් නිමවී ත්‍රිෙරා්ධ රථයකින් නිවෙස් බලා යමින් සිටි පාසැල් දරුවන් දෙදෙනෙක් සිටි ත්‍රිෙරා්ධ රථයක් දම්බරාව පාලම අසලදී වැලි ටිපර් රථයක ගැටි අනතුරක් අද දහවල් (22) සිදු වු අතර ත්‍රිෙරා්ධ රථයේ ගමන් ගත් පාසැල් දරුවන් දෙදෙනා හා රියදුරු තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුලත් කරනු ලැබිය.
මෙම අනතුර සම්බන්දයෙන් මහියංගන පොලිසියේ රථවාහන අංශය මගින් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.



ස්ත්‍රී දූෂකයන් ගස් යවන්න ඕනෑ - රූපවාහිනියෙන් කරන්ඩ ඕන මිනිස්සුන්ගේ ඔලුව හදන එක. කොන්ඩේ හදන එක නෙවෙයි


“රූපවාහිනියෙන් කරන්ඩ ඕන මිනිස්සුන්ගේ ඔලුව හදන එක. කොන්ඩේ හදන එක නෙවෙයි. යැයි සේයා දැරියගේ ඝාතකයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ලක්වනිතා කාන්තා සංගමයේ මහියංගන නියෝජිතයන් හා සාමාජික පිරිසක් අද (22) මහියංගන නගරයේ උද්ඝෝෂණය කළහ. 
තවද ඔහුන් මෙසේද ප්‍රකාශකර සිටියේය. ජනමාධ්‍යවලින් රූපවාහිනි නාලිකාවලින් උනන්තවත් මිනිසුන්ගේ ගෑනුන්ගේ කොන්ඩෙ හදනවා. ඇදුම් අන්දනවා. පිරිමි ගිහින් ගෑනුන්ට අන්දනවා. නමුත් මේවගේ දෙවල්වලට ඉදිරිපත්වෙනවා අඩුයි. මිනිසුන්ගේ ඔලුව හදන්ඩ ඕන. මිනිසුන්ගේ මානසිකත්වය හදන්ඩ ඕන. මිනිසුන්ගේ මානසිකත්වය අවුල්වෙලා තියෙන නිසා තමයි මේ වගේ දුෂිත වැඩ මිනිස්සු කරන්නේ. නිතිය අතට ගන්න නෙවෙයි අපට ඕන. උද්ගෝෂනයේ නියැලි සිටි කාන්තාවක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
දැරියන් දුෂණයන් කරන්නවුන්ට මරණ දඬුවම පැමිණිය යුතු යැයි එහිදි කාන්තාවන් අදහස් දක්වමින් ප්‍රකාශ කළහ.





වාහන තෙල් බැරල් වල පොල්තෙල් ගබඩා කර උසාවි යන්න වෙයි - නගරයේ තොග බඩු කඩයක් මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන්ගේ පරික්ෂාවට


 9/22/2015 10:35 PM
වාහන තෙල් බැරල් වල පොල් තෙල් (ෆාම් ඔයිල් ) ගබඩා කරගනිමින් මහජනතාවට අලෙවි කල මහියංගන නගරයේ ලංගම ඩිපෝවට ආසන්නයේ ඇති තොග බඩු අලෙවි කරනා ව්‍යාපාරික ස්ථානයක් අද (22) සවස මහියංගන සෞඛ වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන්ගේ පරික්ෂාවට ලක්කිරිමෙන් අනතුරුව ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුට එරෙහිව අධිකරන ක්‍රියාමාර් ග ගැනිනි.
රසායන ද්‍රව්‍ය, ලිහසි තෙල්, ග්‍රිස් වැනි ද්‍රව්‍ය වෙළෙද පලට පැමිනි බැරල් එම ද්‍රව්‍ය අවසන් විමෙන් පසු වෙනත් කාර්යන් සදහා ප්‍ර යෝජනයට ගැනිමේදි ආහාර ද්‍රව්‍ය ඇසිරිම, පරිබෝජනයට ගන්නා තෙල් වර් ග ඇසිරිම නිතියෙන් තහනම් කර ඇත. ඒ අනුව මෙම පරික්ෂාවන් සිදු කර ඇත.

මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ වෛද්‍ය සි පි ලොකුගිගන මහතාගේ උපදෙස් පරිදි ආර් එම් ටි පි විජේසෝම, ඒ එම් එස් අබේසේකර යන මහජන සෞඛ්‍ය මහතුන් විසින් මෙම ස්ථානය පරික්ෂා කිරිම සිදු කරන ලදි





ලක්ෂ්මන් සෙනෙවිරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ අද (22) දිවුරුම් දුන්නේය.

7:50 PM 9/22/2015

එලෙස දිවුරුම් දුන්නේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලක්ෂ්මන් සෙනෙවිරත්න, එක්සත් ජාතික පක්ෂයේ පාලිත තෙවරප්පෙරුම සහ ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක යන මහත්වරු කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අද (22) දිවුරුම් දුන්හ.

ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා අද දිවුරුම් දුන්නේ, චාමර සම්පත් දසනායක මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ය.

පාලිත තෙවරප්පෙරුම මහතා සිය පුත්‍රයාගේ අභාවය හේතුවෙන් පසුගිය පාර්ලිමේන්තු සභා වාරවලට නොපැමිණියේ ය.

සරත්චන්ද්‍ර මායාදුන්නේ මහතාගේ ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා බිමල් රත්නායක මහතා අද දිවුරුම් දුන්නේ ය.

ආබාධිත වූ රණවිරුවෙකුට මෙහෙමත් කරනවද ?

ආබාධිත වූ රණවිරුවෙකුට මෙහෙමත් කරනවද ?

https://www.youtube.com/watch?t=1&v=mCtcOIQEx78

යුද්ධයේදී ආබාධිත වූ රණවිරුවෙකුට රජයේ නිලධාරීන් ලබාදුන් ඉඩමක් නැවත පවරා ගැනීමට කටයුතු කරමින් සිටින තවත් රජයේ නිලධාරීන් පිරිසක් පිළිබඳ මහියංගනය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සුරේෂ් කුමාර පුර්ණ වශයෙන් දෘශ්‍යාබාධිත රණවිරුවෙක්.

2002 වර්ෂයේ යාපනයේ - මුහමාලේ ප්‍රදේශයේ කොටි ත්‍රස්තවාදීන් සමග පැවැති සටනකදී බිම් බෝම්බයකට හසුවීමෙන් මෙලෙස ආබාධිත තත්ත්වයට ඔහු පත්ව තිබෙනවා.

සුරේෂ් විවාහ වී පදිංචිව සිටියේ මීරියබැද්ද ප්‍රදේශයේයි. 2014 වසරේ ඔක්තෝම්බර් 29 වන දින කොස්ලන්ද ප්‍රදේශයේ සිදුවූ දරුණු නායයාම හේතුවෙන් සුරේෂ්ට තම දරු පවුල සමගින් වෙනත් ආරක්ෂිත ස්ථානයකට යාමට සිදු වනවා.

ඒ වනවිට සුරේෂ්ගේ බිරිඳ තුන්වැනි දරුවා ප්‍රසූත කිරීමට සූදානමින් සිටියා.

යුද හමුදාවේ සහය ලබාගෙන නිවසේ ගෘහ භාණ්ඩ ඇතුළු සියලු දේ රැගෙන මහියංගන - ගැමුණුපුර ප්‍රදේශයේ පිහිටි බිරිදගේ දෙමාපියන්ගේ නිවස වෙත පැමිණි සුරේෂ් උත්සාහ දැරුවේ හැකි ඉක්මනින් තමන්ගේම නිවසකට යෑමටයි.

Monday, September 21, 2015

ඌව සබේ බේද නෑ

ඌව සබේ බේද නෑ 
2015 සැප්තැම්බර් මස 21 17:28:07
ඌව පළාත් සභාවේ මාසික රැස්වීම අද (21) පෙරවරුවේ පැවති  අවස්ථාවේ ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයෙත්  මන්ත්‍රීවරුන් හට  නියමිත අසුන්  පනවා නොතිබුණ හෙයින් එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජනතා  නිදහස්  සන්ධානයේ  මන්ත්‍රීවරුන්ට  එකටම වාඩි වී  සිටිමට  සිදුවිය.මහ ඇමැති  චාමර  සම්පත් දසනායක මහතාට  සහ ජනතා  විමුක්ති  පෙරමුණේ  සමන්ත විද්‍යාරත්න , ආර්.එම්  ජයවර්ධන යන මන්ත්‍රීවරුන් දෙදෙනාට  නියමිත ආසන පනවා  තිබිණි.
ජනතා  නිදහස්  සන්ධානයේ  ඌව පළාත්  සභා  මන්ත්‍රිවරු  තමන්ගේ නම සඳහන්  කර  ආසන පනවා  නොතිබුණ හෙයින් මන්ත්‍රීවරුන්  තම තමන්ගේ  ආසන සොයා බලන අයුරු දක්නට  ලැබිණි.

ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සභාපතිතුමනි  මොකක්ද මේ සභාවට  වෙලා  තියෙන්නේ. මන්ත්‍රිවරුන්ට ආසන වෙන් කර  නැහැ.ඌව පළාත් සභාවේ සභාපති ඒ.එම්.බුද්ධදාස මහතා මන්ත්‍රිවරුන් සියලු දෙනා ඉදිරියේ දී කැඳවා  සාකච්ඡා කර  නියමිත පරිදි  නාමපුවරු  හදා අසුන් පනවන්නම් එතෙක් ඉවසාගෙන ඉන්න . ඌව පළාත් සභාවට  අමාත්‍යවරුන් ද පත් කර  නැත.

මහ ඇමති වැඩ අල්ලලා? මන්ත්‍රී රෝහලේ!


2015-09-21 13:11:09
ප්‍රධාන අමාත්‍යවරයාගේ පහරකෑමට ලක්වූ බව කියන පස්සර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු රෝහල් ගතව සිටිනවා. එසේ රෝහල්ගතව ඇත්තේ ඇත්තේ, එක්සත් ජාතික පක්ෂ පස්සර ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුක්මන් ගාමිණී රාජපක්ෂ මහතා ය.
ඊයේ (20) පස්වරුවේ, පස්සර ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී පහරදීම සිදුවූ බව ඔහු මාධ්‍ය වෙත පවසා තිබෙනවා, ඒ පිළිබඳව ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගෙන් මාධ්‍ය වෙත ලැබී ඇත්තේ තමා ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනා බව සඳහන් පිළිතුරකි.
පහරකෑමට ලක්වූ එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය මන්ත්‍රී රුක්මන් ගාමිණී රාජපක්ෂ මහතා පස්සර දිසා රෝහලේ ප්‍රතිකාර ලබනවා
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
- See more at:http://offair.nethfm.com/article/26454#sthash.OqLO2boG.dpuf

සැප වෑන් රියේ හොර ගවයන් ගෙන යද්දී වාහනය පෙරලි පොලිසියට මාට්ටු

2015-09-21 ප.ව. 1.25 -
මහියංගන කුකුලාපොල සිට දිගන දක්වා සැප වෑන් රියකින් මස් පිනිස ගවයෙකු ප්‍රවාහනය කල වෑන් රථයක් ඊයේ (21) දඹාන වේවත්ත ප්‍ර දේශයේදි අලුයම 3.30ට පමණ පෙරලිම හේතුවෙන් මහියංගන පොලිසිය වෙත අසුවි ඇත.
වෑන් රථයේ සිටි පුද්ගලයෙක් පලාගොස් ඇති අතර වෑන් රථයේ අයිතිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැක කරු හා වෑන් රථය මිට පෙර අවස්ථා දෙකකදීම මෙවැනිම ආකාරයට මස්පිනිස නිති විරෝධිව ගවයන් ප්‍රවාහනය කර මහියංගන පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කරන ලද පුද්ගලයෙකි. වෑන් රථයේ ගවයන් බැද ප්‍රවාහනය කිරිම සදහා සිට් ගලවා ගවයන් ගැට ගැසිහ සදහා යකඩ කොකු පාස්සා ඒ වෙනුවෙන්ම සකසා ඇත. අපරික්ෂාකාරි රිය ධාවනය, සත්ව හිංසාව සහ බලපත්‍ර නොමැතිව මස් පිණිස ගවයන් ප්‍රවාහනය යටතේ හා අත් අඩංගුවට ගත් සැකකරු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා සහ දුෂණ මර් ධන හා නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ම් බි ජි ජි සුදේශ් චතුරංග මහතා උ.පො.ප. වික්‍රමසුරිය, පො.කො. 71610 දනුක, 75337 සදලාල්, 28534 දිසානායක, පොලිස් සහයක 1632 තිලක් යන ප්‍රමුඛ නිළධාරින් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.
ඡායාරූප - පෙරලුන වෑන් රථය හා ගවයන් බැද ගෙනයෑම සදහා අභ්‍යන්තරයේ යකඩ කොකු පාස්සා තිබුු ආකාරය




පිරි ඉතිරියන වී ගබඩවලට විසදුමක් ලෙස ජංගම වී ගබඩා මෙරටට හදුන්වා දෙයි. ජනාධිපති නියමයෙන් ගොවියන්ගේ වී කඩිනමින් මිළදිගෙන ගොවියා හට සහන දෙන වැඩපිළිවෙල ආරම්භ කෙරේ.

2015-09-20 පෙ.ව. 11.47

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මැතිතුමාගේ ඉල්ලිම මත රිශාඩ් බදුදීන් අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් වී අලෙවි මණ්ඩලය සහ ගොවිජන සේවා දෙපාර්ථථමේන්තුව හා ශ්‍රීලංකා රජයේ වාණිජ (විවිධ) නිති සංස්ථාව මගින් වි මිළදි ගැනිමේදි ඇතිවන වි ගබඩා පහසුකම් අඩුවීමෙන් රජය විසින් ගොවියාගේ වී මිළදිගැනිම සිමාකිරිමට සිදුවීමෙන් ගොවියා මුහුන දෙන ගැටලුවලින් මුදවාගැනිමේ අරමුණ ඇතිව විදෙස්රටවල අනුගමනය කරනා ජංගම වී ගබඩා ක්‍රමයක් වන කොකූන් (Cocoon) හෙවත් කෝෂ වී ගබඩා ක්‍රමය ලංකාවට හදුන්වාදිමේ වැඩසටහනක් පසුගිය17 දහවල් දෙහිඅත්තකන්ඩිය, සදුන්පුර දී ආරම්භ කෙරිනි. ශ්‍රීලංකා රජයේ වාණිජ (විවිධ) නිති සංස්ථාවේ සභපති හිටපු අමාත්‍ය හුසේන් බයිලා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හදුන්වා දිමේ අවස්ථාව සංවිධානය කර තිබුනි.
එම ගබඩා විදෙස් රටවල් නිර් මානය කර ඇත්තේ අප රටේ වී බිස්ස ක්‍රියා කරනා ආකාරය හා තාක්ෂණය උපයෝගි කර ගනිමින් විම විශේෂත්වයක් වේ. මෙම තාක්ෂණය ඉන්දියාව, පිලිපීනය, ඉන්දුනිසියාව, තායිලන්තය,ඇමරිකාව ආදි රටවල් කොකූන් (Cocoon) හෙවත් කෝෂ වී ගබඩා ක්‍රමය බාවිතා කරමින් වි අස්වැන්න සුරක්ෂිත කිරිමට පියවර ගනි. මෙම ක්‍රමයේ වාසි වන්නේ තැනින් තැනට ගෙනයෑමට හැකිවිම. ධාන්‍ය ඉවත් කර ගැනිමෙන් පසු වෙනත් සිථානයකට ගෙන ගොස් නැවත සකස් කර ගැනිමට හැකි විම. කිසිදු කෘමිනාෂක බාවිතා නොකිරිම හේතුවෙන් 100% සෞඛ්‍යාරක්ෂිත විම දිර් ඝ කාලයක් ධාන්‍යවල ගුණාත්මය කෘමිනාශක යොදා නොගනිමින් ආරක්ෂා කර ගැනිමට හැකි වීම ජල ගැලිම් වලට, වැසිවලට, පාරිජම්බුල කිරණ වලට ඔරොත්තුදේ. එලිමහනේ හෝ ආවරණය වු ස්ථානයක තැබිය හැක බාවිතය හා අලුත්වැඩියාව පහසු වේ වසර 10-15ක් බාවිතා කල හැකිවිම ආර් ථික වාසි දායක වේ.
මෙම කොකූන් හෙවත් කෝෂ වී ගබඩාවක් රුපියල් මිලියන 2.7ක් වන අතර එහි වී මෙට්‍රික් ටොන් 120ක් ගබවඩා කල හැකි වේ. . ශ්‍රීලංකා රජයේ වාණිජ (විවිධ) නිති සංස්ථාව මගින් මේ වන විට මෙවැනි ජංගම කෝෂ ගබඩා 50ක් ගෙන්වා ඇති අතර මේ කන්නය සදහා අම්පාර දිස්ත්‍රික්කය සදහා ජංගම කෝෂ ගබඩා 06ක්ද (දෙහිඅත්තකන්ඩියට 2ක් ) පොලොන්නරුව දිස්ත්‍රික්කය සදහා ජංගම කෝෂ ගබඩා 06ක්ද. අනුරාධපුරය දිස්ත්‍රික්කය සදහා ජංගම කෝෂ ගබඩා 03ක්ද දකුණට ජංගම කෝෂ ගබඩා 05ක්ද වි අලෙවි මණ්ඩලය වෙත ලබා දී ඇත.
ඉදිරියේදි විශාල ප්‍රමාණයේ හා විවිධ ප්‍රමාණයේ ජංගම කෝෂ ගබඩා ගෙන්විමට බලාපොරොත්තුවන බවත්, ව්‍යාපාරිකයන් හා ගොවියන් සදහා ජංගම කෝෂ ගබඩා අලෙවි කිරිමටත්, ඒ සදහා ණය පහසු කම් ලබාදිමට රජය හා රාජ්‍ය බැංකු මගින් පහසුකම් ලබාදිමට බලා පොරොත්තුවන බව ශ්‍රීලංකා රජයේ වාණිජ (විවිධ) නිති සංස්ථාවේ සභපති හිටපු අමාත්‍ය හුසේන් බයිලා මහතා මධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.







Saturday, September 19, 2015

වැලිලොරියට ගුවන් හමුදා කැබ්රථය හැප්පී සෙබලෙක් රෝහලේ - රෝගියා ඇතුලත් කිරිමට ගිය වැන් එකට කාන්තාවන් 2ක් හැප්පිලා ඒ දෙදෙනත් රෝහලේ

වැලිලොරියට ගුවන් හමුදා කැබ්රථය හැප්පී සෙබලෙක් රෝහලේ - රෝගියා ඇතුලත් කිරිමට ගිය වැන් එකට කාන්තාවන් 2ක් හැප්පිලා ඒ දෙදෙනත් රෝහලේ
19/09/2015 12:37

දියතලාවේ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරමින් තිබු ගුවන් හමුදා කැබ් රථයක් හා කොළඹ බලා ගමන් කරමින් තිබු වැලි ටිපර් රථයක් මහියංගන මාපාකඩවැව 17 කණුව ප්‍ර දේශයේදි අද (19) උදැසන 7.00ට පමණ ගැටි ගුවන් හමුදා කැබ් රථයයේ ගමන් ගත් හමුදා නිළධාරිවරයෙකු  තුවාල ලබා මහියංගන මුලික රෝහල වෙත ප්‍රතිකාර කිරිම සදහා ඇතුලත් කර ඇත. එසේ ඇතුලත් කරනු ලැබු හමුදා නිළධාරිවරයාගේ තත්වය බරපතල නොවේ.
තුවාල ලැබු හමුදා නිළධාරිවරයා රෝහල වෙත ඇතුලත් කිරිමට රැගෙන යෑමේදි රෝගියා රැගෙන ගිය වෑන්එකට හැප්පී කාන්තාවන් 2ක් සුලු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල වෙත ඇතුලත් කර ඇත. මහියංගන රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනිම සදහා පැමිණි කාන්තාවන් දෙදෙනෙකු මෙසේ රෝහලේ බාහිර රෝගි ප්‍රතිකර අංශය ඉදිරිපිටදි වැන් රථයට හැප්පී ඇත.
සිද්දිය සම්බන්දයෙන් මහියංගන පොලිස්ථානයේ රථවාහන අංශය පරික්ෂණ කටයුතු සිදු කෙරේ.