Monday, November 30, 2015

විශාල මුදල් ප්‍රමාණයක් තිබු මුදල් පසුම්බියක් හමුවෙයි - පසුම්බියේ අයිතිකරුවා මහියංගන පොලිසිය සොයයි


09:16 PM 11/30/2015
පසුගිය දිනෙක මහියංගන උසාවියත් රෝහලත් අතර වු මාර්ගයේ වැටි තිබු මුදල් පසුම්බියක් පුද්ගලයෙකු විසින් අහුලාගෙන
ජංගම මුර සංචාරයේ යෙදි සිටි මහියංගන පොලිස් නිළධාරින් හට බාරදී ඇති අතර එහි විශාල මුදල් ප්‍රමාණයක් තිබු බව මහියංගන පොලිස් නිළධාරින් පවසති.

මේ වන තුරු එම මුදල් පසුම්බියේ අයිතිකරු සොයා ගැනිමට පොලිසිය හට නොහැකි වී ඇති අතර එම මුදල් පසුම්බියේ අනන්‍යතාවය තහවුරු කර එය රැගෙන යන ලෙස මහියංගන පොලිසිය ගම්වාසින් / ප්‍ර දේශවාසින් ගෙන් ඉල්ලා සිටි.


Tuesday, November 24, 2015

රියදුරාට දත් කැඩෙන්ඩ ගැසු හිමිනම ලබන මස 7 දක්වා රක්ෂිතබන්දනාගාරයට


11/24/2015   11:30 AM
මිනිපේ ප්‍ර දේශයේ විහාරස්ථානයක කඨින පිංකමක සිදුවායැයි කියන මුදල් ගැටලුවක් සම්බන්දයෙන් වෙනත් විහාරස්ථානයක රියදුරෙකු හට මිනිපේ ප්‍ර දේශයේ විහාරස්ථානයක හිමිනමක් පහරදීමක් සම්බන්දයෙන් හසලක පොලිසිය විසින් පහර දුන් හිමිනම ඊයේ (23) මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහියංගන මහේස්ත්‍රාත් දීපශිකා තේනුවර මහත්මිය විසින් ලබන මස 07 දින දක්වා හිමිනම රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

මෙම පහර දීමෙන් විහාරස්ථානයේ රියදුරාගේ දත් ඇන්දේ දත් වලටද හානි සිදු වි ඇති අතර, රියදුරා වස පානය කිරිමක්ද සිදු කර ඇත. ඒ අනුව ප්‍ර දේශ වාසින් විසින් විහාරස්ථානයේ රියදුරා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති අතර මේ වන විට මහියංගන මුලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබයි. මිනිපේ ප්‍ර දේශයේ විහාරස්ථානයක කඨින පිංකමක සිදුවායැයි කියන මුදල් ගැටලුවක් සම්බන්දයෙන් රියදුරා හට මෙම පහරදීම සිදුව ඇති බවත්, පසුගිය 21 දින සවස මෙම පහරදීම සිදුව ඇති බවට හසලක පොලිසිය සදහන් කරයි.

සිද්දිය සම්බන්දයෙන් හසලක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් කුමාරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිධාරින් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.






Sunday, November 22, 2015

Hiru NEWS - CIA >> මහියංගන උප්පැන්න හා මරණ රෙජිස්ටාර් ගේ වැඩ තහනම්

2015-11-20 ප.ව. 6.44
උප්පැන්න හා මරණ සහතික සදහා ජනතාවගෙන් අල්ලස් ලබාගත් මහියංගන පුජානගරයේ රෙජිස්ටාර් වරියගේ වැඩ 17 සිට තහනම් කර ඇත්තේ විනය පරික්ෂණයකටද යටත් කරමින්
23 වන සදුදා සිට උප්පැන්න මරණ ලියාපදිංචි කිරිමේ කටයුතු සදහා මියුගුණගම ගම්උදාව අංක 05 දරණ ස්ථානයේ උප්පැන්න මරණ විවාහ රෙජිස්ටාර් ඒ. එම්. දිපානි ගුණරත්න මහත්මිය හමුවන ලෙස මහියංගන ප්‍රා දේශිය ලේකම් කාර්ය යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් වරිය විසින් මහජනතාව දැනුවත් කෙරේ.
මහියංගන පුජානගරයේ රෙජිස්ටාර් වරිය උප්පැන්න හා මරණ සහතික සදහා ජනතාවගෙන් අල්ලස් ලබාගන්නා බව පසුගියදා හිරු ප්‍රවෘත්ති සී අයි ඒ වැඩ සටහන මගින් රටටම (ලොවට) අනාවරණය කිරිමෙන් පසු මෙම සේවය අත්හිටුවිම සිදු කර ඇත

Friday, November 20, 2015

News at Mahiangana APP එක දැන් ඔබට Download කර ගත හැක



2015-11-20 ප.ව.11.44
පහසුවෙන් පිවිසෙන්න කියවන්න මහියංගනයේ වතගොත - ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය මගින් News at Mahiangana වෙත පිවිසීම සදහා නවතම APP එකක් ඔබට  දැන් ඉහත ලින්ක් එක මගින් Download කර ගත හැක. Downlord කර ඉන්ස්ටෝකර ගන්න


News at Mahiangana APP ලගදීම ඔබට Download කර ගත හැක

2015-11-20 ප.ව. 7.44
පහසුවෙන් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය මගින් News at Mahiangana පිවිසීම සදහා නවතම ඇන්ඩ්‍රොයිඩ් APP එක ලගදීම ඔබට  Download කර ගත හැක.

ඌව පළාතේ නව ප්‍රධාන ලේකම් වැඩබාර ගත් මොහොත


2015-11-20 ප.ව. 7.15
ඌව පළාතේ නව ප්‍රධාන ලේකම් ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී රාජකරුණා මහතා අද උදේ සුභ මොහොතින් වැඩබාර ගත්හ.

1987 අංක 42 දරන පළාත් සභා පනතේ 31 වැනි වගන්තිය අනුව අතිගරු ජනාධිපතිතුමන් විසින් මෙම පත්වීම සිදුකර තිබේ

හිටපු ප්‍රධාන ලේකම් පී.බී අමරසේකර මහතා විශ්‍රාම ගැනීම නිසා එම තනතුර හිස්ව තිබින. ගාමිණී රාජකරුණා මහතා ඌව පළාතේ වසර නවයක කාලයක් බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක දෙකේ ගොවිජන සේවා කොමසාරිස් ලෙස සේවය කර තිබේ.




මහියංගන උප්පැන්න හා මරණ රෙජිස්ටාර් ගේ වැඩ තහනම්

2015-11-20 ප.ව. 6.44
 උප්පැන්න හා මරණ සහතික සදහා ජනතාවගෙන් අල්ලස් ලබාගත් මහියංගන පුජානගරයේ රෙජිස්ටාර් වරියගේ වැඩ 17 සිට තහනම් කර ඇත්තේ විනය පරික්ෂණයකටද යටත් කරමින්
23 වන සදුදා සිට උප්පැන්න මරණ ලියාපදිංචි කිරිමේ කටයුතු සදහා මියුගුණගම  ගම්උදාව අංක 05 දරණ ස්ථානයේ උප්පැන්න මරණ විවාහ රෙජිස්ටාර් ඒ. එම්. දිපානි ගුණරත්න මහත්මිය හමුවන ලෙස මහියංගන ප්‍රා දේශිය ලේකම් කාර්ය යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් වරිය විසින් මහජනතාව දැනුවත් කෙරේ.

මහියංගන පුජානගරයේ රෙජිස්ටාර් වරිය උප්පැන්න හා මරණ සහතික සදහා ජනතාවගෙන් අල්ලස් ලබාගන්නා බව පසුගියදා හිරු ප්‍රවෘත්ති සී අයි ඒ වැඩ සටහන මගින් රටටම (ලොවට) අනාවරණය කිරිමෙන් පසු මෙම සේවය අත්හිටුවිම සිදු කර ඇත

Tuesday, November 17, 2015

ආච්ච් අම්මාගේ පොරෝ පහරක් වැදි මාස 18 සිගිත්තා මියයයි.

2015-11-17 ප.ව. 11:56 https://www.facebook.com/NewsatMahiyangana






දරපලමින් සිටි අත්තම්මා අසලට දිව ආ මාස 18 වයසැති කුඩා සිගිත්තෙකු පොරෝ පහරක් වැදි තුවාල ලබා ප්‍රතිකාර සදහා බිබිල රෝහට ඇතුලත් කිරිමෙන් පසු, වැඩි දුර ප්‍රතිකාර සදහා බදුල්ල රෝහල වෙත මාරුකර යැවිමෙන් අනතුරුව සිගිත්තා බදුල්ල මහරෝහලේදි අද (17) සවස මියගොස් ඇත.
මහියංගන පොලිස් වසමේ 4 කණුව, පොල්වගාව, දියකොබළ, බිබිල. යන ලිපිනයේ පදිංචි හේවා දේවගේ නලින් මදුසංක වන පිය හා හේරත් මුදියන්සේලාගේ දමයන්ති වන මවගේ වයස මාස 1 ½ක් වන හේවා දේවගේ උමේෂ් ඉදුවර සිගිත්තා මෙලෙස අවාසනාවන්ත ආකාරයෙන් අත්තම්මාගේ පොරෝ පහරක් වැදි මියගොස් ඇත.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතාගේ අධික්ෂණයෙන් මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා හා අපරාධ අංශයේ ස්ථානාධිපති ඒ එම් ජයතිලක මහතා යන නිළධාරින් විසින් මෙම සිද්ධිය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.

Monday, November 16, 2015

මාදුරුඔය ජලාශයට ඇද වැටුණේ උල්කා වර්ෂාවක් ද?

MONDAY, 16 NOVEMBER 2015 - 8:36

මාදුරුඔය ජලාශය දෙසට ඇද වැටුනු දීප්තිමත් ආලෝකයක් සහිත වස්තුව උල්කාවක් බවට සැක පළ කරන බව තාරකා ජීව විද්‍යා ගවේෂක, කීර්ති වික්‍රමරත්න පවසනවා. පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ මාදුරුඔය ධීවර ගම්මානයේ වැසියන්ට දීප්තිමත් ආලෝකයක් මාදුරුඔය ජලාශය දෙසට පතිත වන ආකාරය නිරීක්ෂණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, ලෝක උල්කාපාත සංවිධානය විසින් පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ දිනවල උල්කා වර්ෂාවක් සක්‍රිය වී ඇති බවයි. ටොරිඞ් නමින් හඳුන්වා ඇති මෙම උල්කා වර්ෂාව මැනවින් දර්ශනය වන්නේ උතුරු අර්ධ ගෝලයේ පවතින රටවලටයි.

පසුගිය දින කිහිපය තුළ දී ඇතැම් රටවලට මෙම උල්කා වර්ෂාවන් ඇති වී ඇති අතර ඒවා දීප්තිමත් ලෙස ඉහළ අහසේ පුපුරා ගොස් තිබුණා. එය ඇතැම් පුද්ගලයින්ට අද්භූතගත සිදුවීමක් විය හැකි බවයි ලෝක උල්කාපාත සංවිධානය පෙන්වා දෙන්නේ. එළඹෙන 17, 18 සහ 19 යන දිනයන් හිදී උල්කා වර්ෂාවන් ඇති වනු ඇති බවයි එම සංවිධානය සඳහන් කළේ.

තාරකා ජීව විද්‍යා ගවේෂක විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මාදුරුඔය ජලාශයට ඇද වැටුණු බවට පැවසෙන දීප්තිමත් ආලෝකය උල්කාවක් බවට දැනට සැක පළ කරන බවයි.

Sunday, November 15, 2015

ලක්ෂ 60ක් මුදලකට පොල්ලක් තියා මහියංගනයෙන් පැන ගිය මොහුන් හදුනනවාද - දන්නවානම් මහියංගන පොලිසියට දන්වන්න


15/11/2015 21:45
මහියංගන, පදියතලා මාර්ලයේ “ඌව සප්ලයර්“ නමින් ව්‍යාපාරික ස්ථානයක් පසුගිය දා ආරම්භකරමින්, මහියංගන ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේ ව්‍යාපාරික ස්ථාන ලියාපදිංචියද ලබාගනිමින් ආරම්භ කරනු ලැබු ව්‍යාපාරිකයන් ඉතා කෙටි කාලයක් තුල (මාස 02ක්) මහියංගනයේ ව්‍යාපාරික ස්ථාන හා වෙළෙදසැල්, පුද්ගලයන් හට විශාල මුදල් ප්‍රමාණයක් වංචා කරමින් එහි හිමිකරුවන් මේ වන විට ප්‍ර දේශයෙන් අතුරු දහන්ව ඇත.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්බන්ධිකරණ ලේකම් ලෙස ප්‍රකාශ කරමින්, රජයේ උසස් අමාත්‍යවරුන් තමන්ගේ හිතමිතුරන් ලෙස හගවමින්ද, රජ්‍ය ආයතන සදහා ද්‍රව්‍ය හා උපකරණ සපයන ව්‍යාපාරික ස්ථානයක් ලෙස හගවමින් මෙම වංචාකරුවන් “මහියංගන සප්ලයර්“ ව්‍යාපාරික ස්ථානය ආරම්භ කර ඇති අතර මහියංගන නගරයේ ව්‍යාපාරික ස්ථාන හා වෙළෙදසැල් හා පුද්ගලයයන්ගෙන් විශාල ප්‍රමාණයෙන් උපකරණ හා ද්‍රව්‍යන් මිළදි ගෙ ඇති අතර ගෙවිම් සිදු කල චෙක්පත් බැංකුමගින් ප්‍රතික්ශේප කිරිමත් (අගරු චෙක්පත් ) සමග මෙම ප්‍ර දේශයෙන් ඵලා ගොස් ඇත. එසේ වංචාකර ඇති මුදල ලක්ෂ 60කට ආසන්න මුදකි.


ඌව සප්ලයර්“ ආයතනයේ සේමසිංහ උඩරට මාන්නගේ මලිත් මිහිලාල් හා හෙට්ටි ආරච්චිගේ සංජිව කුමාර නමින් පෙනි සිටි පුද්ගලයන් දෙදෙනෙකු මේ වන විට ප්‍ර දේශයෙන් ඵලා ගොස් ඇත.


මහියංගන පොලිසිය සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ සිදු කරන අතර ඉහත ඡායාරූපයේ සිටිනා පුද්ගලයන් හදුනන කිසියම් අයෙක් සිටිනම් පහත සදහන් දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස මහියංගන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඒ එම් ජයතිලක මහතා දැනුම් දේ. තොරතුරුවල රහස්‍යබාවය ආරක්ෂා කරන බවට පොලිසිය දැනුම් දේ.
දුරකථන අංකය ‍්- 0552257222 / 0552258390 / 0773553278



































මහියංගන අධ්‍යාපන කලාපයේ ක්‍රිඩා දක්ෂතා දැක් වු දරුවන් ඇගයිමට ලක්කෙරේ - ඔවුන්ගේ පුහුණකරුවන්ද ඇගයිමට ලක්කරයි

11/16/2015 1:30 PM

මේ වසරේදී සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා තරඟාවලිය නියෝජනය කළ,ඌවපළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේදී දස්කම් දැක්වූ මහියංගණ අධ්‍යාපන කලාපයේ පාසල් ක්‍රීඩක,ක්‍රීඩිකාවන් හැත්තෑ දෙදෙනකු හා ඔවුන්ගේ පුහුණකරුවන්වූ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ගුරුභවතුන් ඇගැයීමේ උපහාර උළෙලක් මහියංගණය කලාප අධ්‍යාපන කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගිය දා () පැවැත්විණි.
එම අවස්ථවහා එක්වූ මහියංගණ අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.ප්‍රෙමරත්න මහතා, පාසල් ක්‍රීඩාපිටිය වර්ණවත්කරමින් ජාතික හා ජාත්‍යන්තර කෙළබිමේ දස්කම් දැක්වූ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උපත ලියා ගැනීමසඳහා බොහෝ අයිතිකරුවන් පොර කනවා අපි දැකලා තියෙනවා.කුඩා කළම දක්ෂතාවන්ගෙන් පිරුණු දරුවන් හඳුනාගත් පාසල් ගුරුවරයා ඒ කොතැනකවත් නැහැ.ඒත් අපේ ගුරුවරුන් ඒ සියල්ල ඉවසාගෙන විශ්‍රාමයන තුරුම දරුවන් හොයනවා ,පුහුණු කරනවා,ජාතික තලයට ගේනවා කිසිම ඇගැයීමකට ලකවෙන්නෙත් නැහැ. අපේ ඇතැම් ක්‍රීඩකයින්ටත් අපිව අමතක වෙනවා. ඇතැම් මාධ්‍ය සාකච්ඡාවන් වලදී නම් දැරූ ක්‍රීඩකයින් තමන්ගේ පාසල ගැන කිසිම සඳහනක් නොකරන අවස්ථා අප දැක තිබෙනවා.සමහරෙක් පාසල ගැන යාන්තම් කියන අවස්ථාත් දැකලා තියෙනවා.ඒත් අපි ඒ ගැන කම්පා නොවෙන්නේ අපි ගුරුවර්න් වෙන නිසයි.
අපේ කලාපයේ පාසල් හැත්තෑ පහෙන් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය සඳහා ඉන්නේ අතලොස්සක් තරම් ගුරු පිරිසක්.හැබැයි ඒ අතලොස්සක් දෙනා කරන මෙහෙය සුළුවෙන් හිතන්න බැහැ.ඔවුන්ගේ මහන්සියේ ප්‍රථිඵලයි අද මේ දරුවන් භුක්ති විඳින්නේ.ක්‍රීඩා ගුරුවරයාගේ කාර්ය භාරයට වේලාවක් කලාවක් නැහැ.දිවා රෑ නැහැ.ඔවුන් එහෙම කරන්නේ තමන්ගේ ක්‍රීඩකයා උසස් තැනකට ගෙන එන්නයි.එහෙම නම් මේ දරුවන් ක්‍රීඩාවට මෙන්ම අනෙකුත් විෂයයන් සඳහාත් කාළය කළමණාකරණය කරගෙන අධ්‍යාපනයත් හොඳින් කර ගැනීමෙන් තමන්ගේ ගුරුවරයාගේ මහන්සියට අගයක් දෙන්න පුලුවන්.
ක්‍රීඩාවට,කලාවට,සෞන්දර්යට යොමු වෙන දරුවන්ගේ මනස නිරවුල් නිසාම ඉගෙනුම් කටයුතු වලදී ඔවුන්ට පෙරමුණට එන්න පුළුවන්.එම හැකියාවෙන් උපරීම ඵල නෙලාගන්න මේ දරුවන්ට හැකියි. කාලානුරූපව අධ්‍යාපන පද්ධතියේ සිදුවන ප්‍රතිසංස්කරණ වලට අනුව දැන් සෑම දරුවකුම කුමන හෝ ක්‍රීඩාවක නිරත කරවීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මකයි.අද බෙහෝ දරුවන් ක්‍රීඩා ක්‍රියාකාරකම් නොමැතිකමින් බොනොවන රෝග වලට ගොදුරු වෙලා.දියවැඩියාව,හෘද රෝග, මානසික ආතතිය වැනි රෝග වලින් පොළෙන බවට සෞඛ්‍ය අංශ වලින් කියනවා.හෙට දවසේ කායික මානසික යෝග්‍යතාවයෙන් පෙළෙන දරු පිරිසක් රටට දායාද කර දීම අපේ වගකීමක් හැටියට අපි හිතන්න ඕනේ.
අද ක්‍රීඩාව වෙනුවෙන් පෞද්ගලික අංශයේ මැදිහත්වීම ඉතා ඉහළ මට්ටමක පවතිනවා.ඒ නිසාම ගම්බද පෙදෙස්වල වෙසෙන දක්ෂ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ආයතන වල දොරටු විවර කරලා.පාසල් දරුවන්ට විවිධ ආධාර උපකාර ලබා දෙනවා.මේවාත් අපි අගය කරන්න උවමනායි.අද මෙම වැඩසටහනේ දායකත්වය දරන්නේත් පුද්ගලික අංශයයි.ඔවුන්ට මාගේ උපහාරය පිරිනමනවා යැයි පැවසීය.
මෙම උපහාර උත්සවය සඳහා අනුග්‍රාහකත්වය දැක්වූයේ මාස් ඇක්ටිව් ෂේඩ්ලයින් ආයතනය,එල්.ඕ.එල්.සී සමාගම,එලයන්ස් ෆිනෑන්ස් සමාගම යන පුද්ගලික ආයතනයි. මහියංගණ කලාප අධ්‍යාපන කාර්යාලයේ ක්‍රීඩා අංශය මගින් මෙම උපහාර උළෙල සංවිධානය කරන ලදී.










Friday, November 13, 2015


විද්‍යාගාර පහසුකම් හා පරික්ෂණ සිදු කිරිමට උපකරණ නොමැති මහියංගන කළාපයේ නංගිලා මල්ල්ලාට අත්වැලක් දිමට අයියලා අක්කලාගෙන් විද්‍යා ප්‍රදර්ශනයක්


13/11/2015 8:46 PM
මෙවර 2015 සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනි සිටින මහියංගන අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් දරු දැරියන් වෙනුවෙන් මහියංගන ජාතික පාසලේ උසස් පෙළ විද්‍යා විශය හදරන සිසු සිසුවියන් හා ගුරුමඩුල්ල එක්ව විද්‍යා ප්‍රායෝගික පරික්ෂණ හා ආදර්ශන ඇතුලත් විද්‍යා ප්‍රදර්ශනයක් නොවැම්බර් 11-12-13 වන දින වල සංවිධානය කර ප්‍රර්ශනය කෙරුනි. මහියංගන ජාතික පාසැලේ විද්‍යා අංශය මගින් පැවැත්වෙන මෙම ප්‍රධර්ශනය 5වන වරට සංවිධානය කර තිබුනි
මහියංගන ජාතික පාසලේ විදුහල්පතිනිය වන ජේ ඒ චන්ද්‍රාති මහත්මිය හා විද්‍යා අංශයේ චන්ද්‍රෙස්කර මොරටුවගේ හා සෙසු ගුරුවරුන්ගේ පුර්ණ කැපකිරම මෙම ප්‍රදර්ශනය සදහා ලබා දි තිබුනි.
මෙවර අපොස සාමාණ්‍ය පෙළ විභාගයේ විද්‍යා විශයේ විෂය නිර්දේශයට අදාල සියලුම පරික්ෂණ සිදුකර ප්‍රායෝගිකව සිදු කරමින් අත් විදිමින් ඉගෙන ගැනිමට මෙම ප්‍රදර්ශනයේදි අවස්ථාව සලසා දි තිබේ. එයින් මෙවර විභාග ඉලක්ක සාර්ථකව ලගා කර ගැනිමට අවශ්‍ය විෂය සමගාමි ප්‍රායෝගික ක්‍රියාකාරම් සියල්ල දැක බලා ගෙන ඉගෙන ගැනිමට අවස්තාව ලැබි ඇතැයි වෙනත් පාසැල් වලින් ප්‍රදර්ශනය දැක බලා ගැනිම සදහා පැමිණෙන දරු දැරියන් පවසති. විද්‍යාගාර පහසුකම් හා පරික්ෂණ සිදු කිරිමට උපකරණ නොමැති මහියංගන කළාපයේ සෙසු පාසැල් සදහා මෙම විද්‍යා ප්‍රදර්ශනය මහගු අත්වැලක් වු බව ගුරුවරු හා පාසැල් දරුවන් ප්‍රකාශ කර සිටියේය.








Thursday, November 12, 2015

ඌව පලාත් සහාවේ නව නියා්ජ්‍ය සභාපති


2015.11.12
ඌව පලාත් සහාවේ නව නියා්ජ්‍ය සභාපති පත්කිරීමේදී ආණ්ඩුපක්ෂය වෙනුවෙන් විමල් ගලගමආරව්චි මහතාගේ නම යෝජනා වු අතර විපක්ෂයෙන් හරීන් ධර්මදාස මහතාගේ නම යෝජනා විය. අනතුරුව පැවති ජන්දයකදී ජන්ද 15ක් ලබාගත් විමල් ගලගමආරව්චි මහතා උපසභාපති ලෙස පත්විය.
හරීන් ධර්මදාස මහතා ලබාගත්තේ ජන්ද 10කි.සභානායක ලෙස සුදර්ශන දෙනිපිටිය මහතාත් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස දයාරත්න බණ්ඩාර මහතාත් පත්විය.



උඩදුම්බර ප්‍රධාන සංඝනායක හිමි අපවත්වෙයි - ආදාහන කටයුතු ඉරිදා රාජ්‍ය ගෞරවය සහිතව


2015-11-13 ප.ව. 10.45
මල්වතුපාර්ශවයේ උඩදුම්බර ප්‍රධාන සංඝනායක, හසලක ශ්‍රි පුෂ්පාරාමයේ විහාරාධිපති පුජ්‍ය කලගන්වත්තේ ශ්‍රි දේවානන්ද නාහාමියන් පසුගිය 11දින අපවත්වු සේක.
උන් වහන්සේ කලක් රෝගාතුරව මහනුවර මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු අතර අපවත් නව විට 93 වන වියේ පසු වුහ. නාහිමියන්ගේ ආදාහන පුජෝත්සවය හසලක නවරත්න මහජන ක්‍රිඩාංගණයේදි 15 වන ඉරිදා සවස 2.00ට පුර් ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
හසලක, උඩුදහ, ශ්‍රිපුෂ්පාරාමයේ තැන්පත් කර ඇති දේහය 15 වන ඉරුදින උදැසන උන්වහන්සේගේ උන්වහන්සේගේ ආරම්භක විහාරස්ථානය වන මිනිපේ 8 කණුවේ ශ්‍රි සඝබෝ විහාරස්ථානයට රිය පෙරහැරකින් වැඩමවා, දහවල් 12න් පසු නැවත් ශ්‍රි දේහය රිය පෙරහැරෙන් හසලක නවරත්න මහජන ක්‍රිඩාංගණ වෙත වැඩමවා ආදාහනය සිදු කරනු ලබයි.

මොහු හදුනාගන්න මහියංගන පොලිසිය මහජන සහය පතයි

 11/11/2015 23:36
මහියංගන මුලික රෝහලේ වෛද්‍ය නේවාසිකාගාරයේ යහනක් මත තිබු මුදල් පසුම්බිය සමග ඒ.ටි.එම්. කාඩ්පතක් හා 5000ක් වටිනා රත්‍රං මුද්දක් පසුගිය දා සොරකම් කල පුද්ගලයෙකු හදුනාගැනිම සදහා මහියංගන පොලිසිය මහජන සහය පතයි.
වෛද්‍ය නේවාසිකාගාරයෙන් සොරාගන්නා ලද ඒ.ටි.එම්. කාඩ්පත යොදාගනිමින් අවස්ථා 4කදී පුද්ගලයෙකු විසින් බැංකු ඒ.ටි.එම්. යන්ත්‍රයකින් රුපියල් 29.815ක් මුදල් ලබාගෙන ඇත. 
මහියංගන පොලිසිය සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ සිදු කරන අතර ඉහත ඡායාරූපයේ සිටිනා පුද්ගලයා හදුනන කිසියම් අයෙක් සිටිනම් පහත සදහන් දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස මහියංගන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඒ එම් ජයතිලක මහතා දැනුම් දේ. තොරතුරුවල රහස්‍යබාවය ආරක්ෂා කරන බවට පොලිසිය දැනුම් දේ.
දුරකථන අංකය ‍්- 0552257222 / 0552258390 / 0773553278



Tuesday, November 10, 2015

රටේ පාරවල් කාපට්වෙලා - අපේ පාර මඩවෙලා - මහියංගන පගරගම්මන වැසියෝ පාරේ කෙසෙල් ගස් සිටුවා විරෝධය දක්වති

 11/10/2015 1:35 AM


“රටේ පාරවල් කාපට්වෙලා - අපේ පාර මඩවෙලා“  යැයි කියමින්
මහියංගන - රෝහන, පගරගම්මන, දඹගොල්ල, මැදඔය යන ගම්මාන හතරක වැසියෝ, මහියංගන පගරගම්මන හරහා ලොග්ගල්ඔය දක්වා වු බදුල්ල මාර් ගය, රෝහන ප්‍ර දේශයේදි හරස් කරමින් පාරේ කෙසෙල් ගස් සිටුවමින් අද (10) උදැසන විරෝධය දැක්වීය. ඒ සදහා ගම්මාන හතරක ගම්වාසින් පාසැල් දරුවන්ද එක්වී සිටියේය. මාර්ගය හරස් කරමින් ගම්වාසින් විරෝධතාවය දැක් විය.

විටින් විට  රජයේ මුදල් රුපියල් කෝටි ගණනින්  වැය කර ඉදිකරන ලද මහියංගන පගරගම්මන ප‍්‍රධාන මාර්ගයේ ස්ථාන රැසක් මේ වන විට කැඞී බිදී  ගිලා බැසීමට ලක්වීම හේතුවෙන් මහියංගණ හා රිදීමාලියද්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාශ දෙකට අයත් ගම්මාන රැසක පවුල් තුන්දහසක් පමණ විවිධ ප‍්‍රවාහණ දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිති
මාර්ගය පිළීසකර කල සෑම අවස්ථාවකදීම නිසි ප‍්‍රමිතියකට අනුව එම කටයුතු සිදු නොකිරීමත්  . මාර්ගයට ඔරොත්තු නොදෙන අන්දමේ විශාල ලොරිරථ යොදා ගනිමින් මහා පරිමාණයෙන්  පස් ,ගල් හා වැලි ප‍්‍රවාහණය කිරීමත් , ජලය බැස යාමට කණූ පද්ධතියක් නැති කමත් මාර්ගය අබලන්වීමට ප‍්‍රධාන හේතුව බව මාර්ගය පරිහරණය කරන පිරිස් පෙන්වා දෙති
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මාර්ගය දෙපස පිහිටි ගම්මානවල ජනතාව මෙසේ කීය
මහියංගණය හා රිදීමාලියද්ද ප‍්‍රාදේශිය ලේකම් කොට්ටාශ දෙකට අයත් පගරගම්මන , රෝහණ, මැදඔය, දඹගල්ල , ලොග්ගල්ලා ඔය ආදී ගම්මානවල ජනතාව බදුල්ලට වගේම මහියංගණයට යාමට භාවිතා කරන්නේ මෙම මාර්ගයයි. මීට දශක හතරකට පමණ පෙර බදුල්ල සිට පැමිණී සියලූම වාහණ ගමන් කලේ මෙම මාර්ගයෙන් . ඒ නිසා මේක බොහොම ප‍්‍රසිද්ධ පාරක්. නමුත් ලොග්ගල්ලා ඔය අන්තර් නිම්න ඇල මාර්ගය මතින් නව මාර්ගයක් ඉදි කිරීමත් සමගම මෙම මාර්ගයට ඇති අවධානය අඩු උනා.
මේ මාර්ගය දෙපස ගම්වල මිනිස්සුන්ගේ දැඩි ඉල්ලීම මත  වගේම ඇල බන්ට් එකේ ආරක්ෂාව පතා 2006 වසරේදී මෙම මාර්ගය යළීත් කාපට් අතුරා සංවර්ධනය කලා. ඒ සමගම බදුල්ල සිට එන විශෘල වාහණ ප‍්‍රමාණයක් මෙම මාර්ගය ඔස්සේ මහියංගණයට යන්න පටන් ගත්තා.
මහියංගණයට යන අනෙක් මාර්ගයට  වඩා මෙම මාර්ගය කිලෝමීටර් හත අටක් කෙටියි. ඒ නිසා විශාල පිරිසක් මෙම මාර්ගය භාවිතා කරන්න පටන් ගත්තා . ඒ වගේම මේ මාර්ගයේ ගිහින් කෙළීන්ම මහියංගණ රජමහාවිහාරස්ථානයට යන්න පුලූවන්.
ලෝක බැංකු ආධාර යටතේ හා ඌව පළාත් මාර්ග දෙපාර්තමේන්තුවේ  අධීක්ෂණය යටතේ තමයි මෙම මාර්ගයේ  ඉදිකිරීම් සිදු උනේ. ඒ සදහා වැය කල මුදල රුපියල් කෝටි ගණනක් . මෙහිදී මුලූමණින්ම මාර්ගය ගල් අතුරා කාපට් කිරීම සිදුඋනා. කොහොම උනත් පාර හදල මාස ගානක් යද්දි ඒක ගිලා බහින්නත් තැන තැන පුපුරා යන්නත් පටන් ගත්ත.
ඒ සම්බන්ධයෙන් ආව ජනතා විරෝධය නිසා යළීත් 2012 වසරේදී රුපියල් 35 699 506.53 ක් හා 2014 වසරේදී රුපියල් 16926 563.00 ක මුදලක් වැය කර මෙම මාර්ගය යළීත් පිළීසකර කලා . මේ බව මාර්ගය ආරම්භ වන ලොග්ගල්ලා ඔය හංදියේ සවි කල පුවරු දෙකක සටහන්ව තියෙනවා. මේ හැරුණු විට තවත් අවස්ථා ගණනාවකදීම මෙම මාර්ගය සදහා රුපියල් කෝටි ගනනින් වැය කර තිබෙනවා.
මේ පාර හදන්න මුදල් නුදුන්නාය කියල රජයට දොස් කියන්න බැහැ. අපිට තේරෙන විදිහට මේ වගේ පාරවල් දෙකක් හදන්න තරම් මුදල් මේ පාරට වැය කර තියෙනවා. හැම අවුරුද්දෙම සල්ලි වෙන් කරගෙන පාර හදනවා කියල ගල් ටිකක් තුනී කරනවා. මේ පාර හදපු දවස්වල ලස්සනට තිබුනා. බදුල්ලට වගේම මහියංගනයට යන බස් රථ සේවාවන් ඇතුලූ බොහොමයක් වාහන ගමන් කලෙත් මේ මාර්ගයෙයි.
මේ ප‍්‍රදේශයේ ජනතාවගේ ප‍්‍රධාන ආධායම් මාර්ගය වැළි ගොඩ දැමීම හා ගඩොල් කැපීමයි. ඒ නිසා නුවර කොළඹ නුවරඑළීය බදුල්ල ආදි විවිධ ප‍්‍රදේශවල සිට පැමිනෙන ලොරි සිය ගනනක් මෙම මාර්ගයේ දිනපතා ගමන් කරනවා.මේ හේතුව නිසාම මාර්ගය ඉදිකර ටික කලකින්ම මාර්ගය පුපුරා යාමටත් ගිලා බැසීමටත් පටන් ගත්තා. පැති කාණූ බෝක්කු ආදිය නැති නිසා සුලූ වර්ෂාවකදී පවා මාර්ගයේ ගිලා බැසීමට ලක්වුණූ තැන් මඩ වතුරෙන් පිරෙන්න පටන් ගත්තා. කිලෝමීටර් 13 ක් දුර මේ මාර්ගයේ වැඩි කොටසක් මේ වන විට මේ විදිහට අබලන් වෙලා තියෙනවා. දැන් ඉතින් මේ පාරේ පයින් යන මිනිස්සු මේ මඩ වලවල් වල බැහැලා යන්න  ඕනි. මේ තත්වය මත වැඩියෙන්ම දුක් විදින්නේ මේ ගම්වල පාසැල් දරුවොයි. පාර කැඞීයාම නිසා මේ වන විට මාර්ගයේ වෙනත් වාහණ එන්නේ නැහැ. බස් රථ සේවාවත් අඩාල වෙලා. දැන් මේ ගම්වල මිනිස්සු බස් එකකට නගින්න නම් ලොග්ගල්ලඔය වැව හංදියට හැතැම්ම දෙකක් විතර පයින් යන්න  ඕනි. මාර්ගය කැඞී යාම නිසා මේ මාර්ගය දෙපස වෙළදාම් කල විශාල පිරිසකුත් අනාථ වී සිටිනවා.
මේ පාර හිගන්නගේ තුවාලේ වගේ . හැමදාම හදනව. හැබැයි හදල අනිත් පැත්ත හැරෙද්දි කැඩෙනව. මේ විනාශ වෙන මුදල් කන්දරාව ගැනවත් හොයන්න කෙනෙක් නැහැ. මේකට හේතුව මාර්ගය ප‍්‍රමිතියකින් තොරව හැදීම කියන එක පුංචි දරුවන්ටත් තේරෙනව.
අපි මේ ගැන කීවාම නිලධාරි කියන්නේ මේ මාර්ගයේ ලොරි ගමන් කිරීම මාර්ගය විනාශ වීමට හේතුව කියලයි. අපිට ඒක විශ්වාස කරන්න බැහැ. ලංකාවේ තියෙන වාහණයක මේ වගේ ප‍්‍රධාන පාරක ගියාම ඒක කැඩෙනවා නම් ඉතින් ඒකට වග කිව යුත්තේ මේ ගම්වල අහිංසක ගොවි ජනතාව නෙමෙයි රජයේ මුදල් කාබාසීනියා කරමින් නිතර නිතර මේ පාර හදන්න පටන් ගැනීම නිසා පාර නිතර නිතර වහන්නත් වෙනව. ඒ නිසා මේ සියලූ ගැටලූ වලට විසදුමක් විදිහට මේ පාරේ ඉදිකිරීම්  සම්බන්ධයෙන් නව රජයේ හා ඌව පළාත් මහ ඇමැති තුමාගේ අවධානය යොමු කරන්න කියා අපි ඉල්ලා සිටිනවා.