Wednesday, October 2, 2013

නගරයේ දැරියගේ දක්ෂතාවය සම කරන්නට දුප්පත්ම ගමේ කෙලි පොඩිත්තියකට හැකිවෙයි

11:22 PM 10/2/2013
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඌව පළාතෙන් ම  පළමු ස්ථානය ලකුණු 192ක් ලබාගෙන ශිෂ්‍යාවන් දෙදෙනෙක් ප්‍රථම ස්ථානයට පත් වී  ඇති අතර
ලංකාවේ දුප්පත්කමින් දෙවන ස්ථානය හිමිව සිටි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය වන රිදීමාලියද්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලයේ
සුපිපි කාවින්ද්‍යා දුනුසිංහ ශිෂ්‍යාව හා බදුල්ල විහාරමහාදේවී විද්‍යාලයේ සයුරි වරංගනා විද්‍යාරත්න  ශිෂ්‍යයාව සමත් වි ඇත.

රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලයේ සුපිපි කාවින්ද්‍යා දුනුසිංහ ශිෂ්‍යාව අනාගතයේදී ගුරුවරියක්  වි රටට දැයට සේවය කිරිම තමාගේ ආශාව බව ප්‍රකාශ කරයි

මම පාසලේ ඉංග්‍රිසි ඉගෙන ගත්තෙ සන්ධ්‍ය කුමාර් ගුරුතුමියගෙන්, දෙමල ඉගෙන ගත්තෙ පත්මලතා ගුරුතුමියගෙන්. මගේ පංති භාර ගුරුතුමී එච් එම් සීලානි හේරත්. මම කැමතිම විශය ඉංග්‍රිසි.

මම පාසලේ ක්‍රිඩා කටයුතුවලට සහබාගිවෙලා ක්‍රිඩා කලා. උසපැනීම දුර පැනීම වැනි ක්‍රිඩා මම කලා. දහම්පාසැල් තරග වලට ඉදිරිපත් වී සමස්ථ ලංකා ජයග්‍රහන ලබාගත්තා.
යාළුවෝ එක්ක ගෙදරදීත් පාසැල් විවේක කාලයේදීත් සෙල්ලම් කලා.   රූපවාහිනියෙත් තෝරා දුන් වැඩ සටහන් බැලුවා.
විභාගය වෙනුවෙන් වැඩි මහන්සියක් උනේ නෑ. එදා දීපු වැඩ එදාම නිම කලා.  පංති භාර සීලානි  ගුරු මෑණියන් මගේ ජයග්‍රහණයට විශාල වශයෙන් කැප වීම් කලා.
පහළ පංතිවලදී උගන්වපු ගුරු මව්පියවරුන් දැක්වු සහයෝගය ගැන මටනම් අමතක නොකරම බෑ. අපේ පාසලේ  විදුහල්පතිතුමාත් පංතිභාර ගුරුතුමි ඇතුලු ගුරුවරු සියල්ල නිතරම අපව දිරිමත් කලා.

කිර්ති එරංග දුනුසිංහ මගේ තාත්තා. වැඩ කරන්නේ රිටිගහඅරාව පාසලේ. අම්මා  රේණුකා උදයන්ති. රැකියාවක් කරන්නේ නෑ.
අම්මයි තාත්තයි හැම වේලේම මාව දිරි ගැන් වුවා.

විදුහල්පති  ‍එන් ඒ යු එස් ජයසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ රිදීමාලියද්ද වැනි දුෂ්කර ප්‍රදේශයකින් මෙවැනි උසස් ප්‍රතිඵලයක් ලබා දී නගරයේ දරුවන් හා සම තැන ගන්නට
ගමේ දරුවන්ටත් දැන් හැකි වි තිබෙන බවත් ඒ  ගැන  ආඩම්බර වෙන බවත් පාසලට ගෙනා කීර්ථිය වෙනුවෙන් සුපිපි කාවින්ද්‍යා දුනුසිංහ ශිෂ්‍යාවට ස්තුතිය ඵල කර සිටියා .

රිදිමාලියද්ද වැනි දුෂ්කර ප්‍රදේශවල පාසල් වල ගුරුවරුන්ගේ අඩුව තමයි තියෙන්නේ. ගම්වල දරුවන් දක්ෂයි.
පාසැල් වල ගුරුහිගය තමයි මේ පලාත් වල තියෙන්නේ. ගුරුවරු ආවත් වැඩි කල් ඉන්නෙ නෑ. මගේ දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලින් සමත් උනා කියා
බදුල්ල බණ්ඩාරවෙල වැනි නගරයේ පාසැල් වලට දාන්ඩ අපේ බලාපොරොත්තුවක් නෑ. දරුවා යන්ඩ කැමතිත් නැ. අපේ බලා පොරොත්තුව දරුවා දිගටම
රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලලේ ඉගෙනුම ලබනවා දකින්නයි කියා සුපිපිගේ පියා පැවසුවා.

No comments:

Post a Comment