Saturday, August 29, 2015

දංගෙඩියට ගෙනියන මහිංයගණයේ අපේ රණ විරුවා බේරගන්න ......

දංගෙඩියට ගෙනියන මහිංයගණයේ අපේ රණ විරුවා බේරගන්න ......

මහනුවර ටොරින්ටන් එකෙ උඩ ඉදල තම අයියව (රණවිරුවා) බේරගන්න අත්සන් ලක්ෂයක් එකතු කරනා‍ මේ රණවිරුවගේ සහෝදරයාට ඔබත් අත්සන්න ලබාදි මහියංගණ ආදාඋල්ලත රණවිරුවා බේරාගන්න ඔබත් දායක වන්න .....News @ Mahiyangana

මේ රණවිරුවා ගැන තොරතුරු බිදක් ඔබට පහතින් සටහන් කරමි

දංගෙඩියට ගෙනියන මහිංයගණයේ අපේ රණ විරුවා
11:08 PM 7/17/2015

අන්තර්ජාලය තුළ මේ වනවිට ඡන්ද උණුසුමටත් වඩා උණුසුම් පුවතක් බවට පත්ව ඇත්තේ යාපනය, මිරුසුවිල් ප්‍රදේශයේදී වූ අට පුද්ගල මිනිස් ඝාතනයට චෝදනා පිට සුනිල් රත්නායක නම් වූ යුද හමුදා වර්ණ සැරයන්වරයාට අධිකරණය ඉදිරියේ මරණ දඬුවම් හිමිවීමේ සිද්ධියය.

මෙය රටේම අවධානයකට පාත්‍ර වන්නේ වසර දහතුනක් තිස්සේ විභාග වුණු නඩු විභාගයේ අවසන් නිගමනය ලෙස මරණ දඬුවම හිමිවීමත් සමගය. අහිංසක සිවිල් වැසියන් දහස් ගණනක් මරණයට පත්කර රාජ්‍ය දේ‍පොළ විනාශ කළ කොටි සන්නද්ධ අංශයේ ප්‍රබලයන් පවා නිදහස් කිරීමට සාකච්ඡා යෙදෙද්දී සුනිල් රත්නායකට අත්වූ ඉරණම කාගේත් කතාබහට ලක්වූයේය. බන්ධනාගාරගතව සිටින කොටි සන්නද්ධ අංශ නායකයින් මුදාගැනීම සම්බන්ධව රජය හා දෙමළ සන්ධානය සාකච්ඡා අරඹා තිබුණු වකවානුවක මේ නඩුව ඉක්මනින් අවසන් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට උපදෙස් ලබා දී තිබුණේය.

ඒ සමග කියවෙන්නට වූයේ මහසෝන් බළකායේ විශිෂ්ට සේවාවක් කළ රණවිරුවකුට මෙකී ඉරණම අත් වූ බවය. මහසොහොන් බළකාය හෙවත් යුද හමුදා විශේෂ බළකායේ දිගුදුර විහිදුම් බළකායට අයත් රණවිරුවකුට අධිකරණය හමුවේ මරණ දණ්ඩනය නියම වූ බව විවිධ මත සමාජගත වන්නට වූයේය.

යුද හමුදා විශේෂ බළකායේ මහසොහොන් බළකාය කොටි ත්‍රස්තවාදී නායකයින්ට පවා භීතිය ගෙනදුන් විශිෂ්ටයන්ගේත් විශිෂ්ටයන් සිටින ඒකකයක් වූයේය. මෙම විශේෂ ඒකකය කොටින්ට කෙතරම් භීතියක් ගෙන දුන්නාද යන්න පසක් වන්නේ 2002 වසරේදී කොටි සංවිධානය සටන් විරාම ගිවිසුමක් ප්‍රකාශයට පත් කරද්දී එහි එක් කොන්දේසියක් වූයේත් මහසොහොන් බළකාය විසුරුවා හැරීමේ කොන්දේසියයි.

මෙකී මහසොහොන් බළකායේ සෙබළකු ‍පෝරකයට යැවීමට පියවර ගෙන ඇතැයි යන චෝදනාව මධ්‍යයේ මේ වනවිට රජයට එරෙහිව දැවැන්ත අන්තර්ජාල මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින්නේය.

මේ නිසාම මේ සිද්ධියට මුහුණ දුන් රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක නම් වර්ණ සැරයන්වරයා සැබැවින්ම ඉටුකළ කාර්යය භාරය සෙවීමට අපි සිතුවෙමු.

සුනිල් රත්නායක යුද හමුදාවට බැඳුණේ් 1995 දීය. යුද හමුදා ආධුනික සෙබළකු ලෙස ඔහු යුද හමුදාවට එක්වූයේ මහියංගණයේ ආදාඋල්පත හද්දා පිටිසර ගමක සිටය. කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව ඊළාම් යුද සටන් දරුණුවට යන වකවානුවක හෙතෙම රටට සේවය කරන්නට යුද හමුදාවට එක්වන්නේය.

ගජබා රෙජිමේන්තුව ඔහුගේ මව් රෙජිමේන්තුව වන්නේය. සතුරා අබිමුව දිවි පරදුවට තබා පෙරමුණට යන්නට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ ඔහු ඇතුළත් වන්නේ යුද හමුදාවේ විශේෂිත බළ සේනාවක් වූ ගුවන් සංක්‍රමණික බළ සේනාවටය. (Air mobile Brigade) ඕනෑම අභියෝගාත්මක අවස්ථාවක ලංකාවේ ඕනෑම තැනකට දියෙන්, ගොඩින් හා මුහුදෙන් ගොස් ප්‍රහාරයකට මුහුණදීමට හැකි සුවිශේෂ පුහුණුවක් ලත් බළසේනාව ලෙස ගුවන් සංක්‍රමණික බළසේනාව හඳුන්වයි. එම බළසේනාවට කර්නල් ජගත් අල්විස් (දැනට මේජර් ජෙනරාල්) අණ දුන්නේය. එම බළසේනාවට අයත් ලුතිනන් කර්නල් ශාන්ත දිසානායක (දැනට බ්‍රිගේඩියර්) අණදුන් හයවන ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සුනිල් සිටියේය. හයවන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන්නා වූයේ මේජර් ජයශාන්ත ගමගේ (දැනට බ්‍රිගේඩියර්)ය. කුඩා කණ්ඩායම් වශයෙන් ක්‍රියාත්මක වන විශේෂ ක්‍රියාන්විත ඛණ්ඩයට අයත් (ඵධන) විමර්ශන කණ්ඩායම ලෙස සටන් පෙරමුණේ සිටියේ කෝප්‍රල් සුනිල් ඇතුළු පිරිසකි. ලුතිනන් කාවින්ද දිසානායකගේ චාලි කණ්ඩායමේ හතළිහක පමණ භට පිරිසක් අතරින් විශිෂ්ටයින් තෝරා එස්. ඕ. පී. රෙකී කණ්ඩායම තෝරාගෙන තිබිණි.

ජයසිකුරු, රිවිරැස යන ප්‍රධාන මෙහෙයුම්වලට එක්වී කිළිනොච්චිය හා යාපනය මුදා ගන්නා ක්‍රියාන්විතවලදීත් මන්නාරම මුදාගත් රණගොස මෙහෙයුමේදීත් සටන් පෙරමුණේ එඩි පෑ රණවිරුවන් අතර මෙකී කණ්ඩායමත් පෙරමුණේම සිටියේය.

1998 - 1999 වකවානුවල මන්නාරමේ ත්‍රස්ත ක්‍රියා මැඬ පවත්වන්නට හොර රහසේ සතුරු බල ප්‍රදේශයට ගොස් සතුරු කඳවුරුවල ඔත්තු බලාවිත් ප්‍රහාර දියත් කරන්නට මෙම එස්.ඕ.පී.රෙකී කණ්ඩායමෙනුත් සුවිශේෂ කාර්යය භාරයක් ඉටු වූයේය.

දෙවන ලුතිනන් සේනක මුණසිංහ සමග විසිහතර දෙනකුගෙන් සමන්විත එස්. ඕ. පී. කණ්ඩායම 2000 වනවිට සිටියේ යාපනයේය. මිරුසුවිල් සිද්ධියේ චෝදනාවට ලක් වූ දෙවන ලුතිනන් මුණසිංහ (දැනට කපිතාන්) කෝප්‍රල් ජී. මුණසිංහ (දැනට බළලත් නිලධාරි 01), ලාන්ස් කෝප්‍රල්වරුන් වන සුනිල් රත්නායක (වර්ණ සැරයන්) ටී. එම්. ජයරත්න (වර්ණ සැරයන්), සෙබළ පුෂ්ප සමන් කුමාර (සැරයන්) යන හයදෙනාත් එස්. ඕ. පී. කණ්ඩායමේ සිටි දක්ෂ ඉලක්ක සපුරාලූ නිර්භීත භටයෝ වූහ.

මෙම කණ්ඩායමේ සියලුදෙනා සටන් පෙරමුණේ තුන් හතර වතාව තුවාල ලබා ඒවා සුව වන්නටත් පෙර සටන් පෙරමුණට පැමිණි අය වූහ. සුනිල් රත්නායක ජයසිකුරු මෙහෙයුම අතරේ තුවාල ලබන්නේ මාන්කුලම්වල මෙහෙයුමකදීය. සතුරු මෝටාර් ප්‍රහාරයක් මුහුණට වැදී කටේ දත් සමග කොටසක් කැඩී යන්නේය. තවත් වරක කකුල හා පිට ප්‍රදේශයට මෝටාර් හා වෙඩි උණ්ඩ වැදෙන්නේ සටන් පෙරමුණේදීය. කිලෝමීටර් ගණන් සතුරු වළල්ල ඇතුළට රිංගා ත්‍රස්තවාදීන්ගේ බංකර් හා කඳවුරු ගැන තොරතුරු සොයාගෙන විත් විස්මිත ප්‍රහාර එල්ල කිරීම මෙම කණ්ඩායමට පැවරුණ රාජකාරි විය.

විශේෂ බළකායේ මහසොහොන් බළකාය ඉලක්ක සපුරාගන්නේ සතුරු බලකොටුවේ කිලෝමීටර් විස්ස තිහ ඇතුළට රිංගා ලබාගන්නා ඉලක්කවලිනි. මෙකී එස්. ඕ. පී. රෙකී කණ්ඩායම්වලට පැවරුණේ කිලෝමීටර් හත, අට ඇතුළට රිංගා තොරතුරු සෙවීම හා පහරදීමය.

සුනිල් ඇතුළු කණ්ඩායම මාදුරුඔය විශේෂ බළකා කඳවුරෙහි 1998 දී මාස තුනක විශේෂ පුහුණුවක් ලැබෙන්නේ සතුරු භූමියේ විමර්ශන මුර සඳහාය. 1997 දී ඇමෙරිකානු විශේෂ බළකා සෙබළුන් ලංකාවේ දුන් සුවිශේෂ පුහුණුවකටද සුනිල් ඇතුළු හයවන ගජබා රෙජිමේන්තුවේ දාහතර දෙනකුට පුහුණුවක් ලැබිණි.

මෙම පුහුණුවීම්වලින් පසුව ඔවුන් ජයසිකුරු ක්‍රියාන්විතය හා උතුරේ මෙහෙයුම් සඳහා අනුයුක්ත කෙරෙන්නේය. 2000 දී අලිමංකඩ හමුදා කඳවුරු අත්පත් කර ගනිමින් කොටි ඇරඹූ නොනවතින රැල්ල මෙහෙයුමෙන් යාපනය අර්ධද්ධීපයත් අල්ලා ගැනීමට යද්දී අපේ විරෝදාර භට පිරිස් දිවි හිමියෙන් සටන් කළ සරසාලෙන් කොටින්ගේ ඉදිරි ගමන නවත්වන්නට සමත් වූහ.

අලිමංකඩ දරුණු පරාජයත් සමග හමුදාව මුහමා‍ලේ ආරක්ෂක වළල්ල යොදාගෙන යාපනය රැකගත් අතර ඉන්පසුව මුහුණ දුන්නේ ඉතාම අවදානම් අසීරු තත්ත්වයකටය. කොටි ත්‍රස්තයෝ සිවිල් වැසියන් සේ පැමිණ ඔත්තු බලාගෙන ගොස් හමුදා ආරක්ෂක වළල්‍ලේ බංකර් හා කාලතුවක්කු අවි ස්ථානගත කළ තැන්වලට නිරන්තර ප්‍රහාර එල්ල කරන්නට වූහ. මේ නිසා ඇතැම් වෙලාවට සෙබළුන්ට දවසටම කෑම ගන්න ලැබෙන්නේ උදේට පමණි. උදේට වැසිකිළියට යන්නට පිටතට යන සෙබළා පණපිටින් නොඑන අවස්ථා එමටය. ඒ තරමට කොටින්ගේ මෝටාර් හා වෙඩි උණ්ඩ ආරක්ෂක වළල්ල වෙත පතිත වූයේය.

මෙවන් වික්ෂිප්ත මොහොතක සටන් කළ ලුතිනන් මුණසිංහ සමග වූ එස්. ඕ. පී. කණ්ඩායමේ විසිහතර දෙනාගෙන් හතරදෙනකු හැර සියලු දෙනා සටන් පෙරමුණේ තුවාල ලදහ.සිවිල් වැසියන් සේ වෙස් වළාගෙන විත් කොටි ත්‍රස්තයන් එල්ල කළ ප්‍රහාර හමුවේ එම කණ්ඩායමේ සෙබළු පහක් එකම තැන දිවි පිදූහ. සුළු තුවාල ලද සෙබළුන් තුවාල සුවවන්නටත් පෙර යළිත් කණ්ඩායමට එක්වන්නේ සතුරා පරදන බළවේගයක් වන්නටය.

නොකා නොබි දිවි පරදුවට තබා රට ත්‍රස්තවාදයෙන් ගලවාගන්නට මෙකී සෙබළු සුවිශාල කැපවීමක් කළහ. යාපනය, චාවකච්ච්ෙරි නගරය කොටින්ගෙන් මුදාගන්නට ගුවන් සංක්‍රමණික බළසේනාවට ලද ඉලක්කය සපුරන්නට ඔත්තු බැලීමට යන්නේ කෝප්‍රල් සුනිල් රත්නායක ඇතුළු ඉතිරිව සිටි හතර දෙනකුගේ කණ්ඩායමකි. සතුරා රැඳී සිටි චාවකච්ච්ෙරි නගරයේ රහසිගත තැන්වලින් රිංගා දිවා රෑ නොබලා තොරතුරු ලබාගත් මෙකී කණ්ඩායම ලබාදුන් තොරතුරුවලින් පසු සෙසු කණ්ඩායම්ද සමගිනි. චාවකච්ච්ෙරි නගරය කොටින්ගෙන් මුදාගන්නට දිවි පරදුවට තබා කළ කැපවීම අගයනුවස් රණශූර පදක්කම (RSP) කෝප්‍රල් සුනිල් රත්නායකට පිරිනැමෙන්නේය.

ඉන්පසුව ඉදිරි ක්‍රියාන්විත කරමින් සිටි භට පිරිස් මුහමාම‍ලේ ප්‍රදේශයේ ක්‍රියාන්විත සඳහා ස්ථානගත කෙරිණි. මෙම ප්‍රදේශයේ සිවිල් මිනිසුන් තම නිවෙස් පවා අතැර ගොස් තිබුණේ නිරන්තරයෙන් කොටින්ගේ කාලතුවක්කු හා මෝටාර් පතිත වීමත් සමගය. දෙපාර්ශ්වයේ වෙඩි හුවමාරුවලින් බේරීමට කොටින්ගේ බල ප්‍රදේශවලට රිංගාගත් සිවිල් වැසියන්ට පවා හමුදාව සිටි ප්‍රදේශ වෙත ඒම තහනම් විය. ඒ කොටි ත්‍රස්තයන් සිවිල් වැසියන් සේ පැමිණ ඔත්තු බලාගොස් හමුදා භට පිරිස් සිටින තැන් හා කාලතුවක්කු, මෝටාර් අවි ස්ථානගත කළ තැන්වලට දිගින් දිගටම පහර දෙන්නට වූ නිසාය. රත්නායක ඇතුළු කණ්ඩායමේ බොහෝ දෙනකුගේ ඇඟේ සතුරු මෝටාර් උණ්ඩවලට තුවාල වූ මෝටාර් කැබලි අනන්තවත් වැදී තුවාල වී තිබුණේය. මිරුසුවිල් ෆාම් වත්ත ප්‍රදේශයේ ස්ථානගත වූ භට පිරිස් සිටියේ කොටින්ගේ ආරක්ෂක වළල්ලට කිලෝමීටර් එකහමාරක් පමණ දුරිනි. ඒ අතර අතහැර දැමූ පාළු ගෙවල් හැර වෙන කිසිවකුත් නොවීය. නිතර කාලතුවක්කු, මෝටාර් උණ්ඩ පතිතවන්නට වූයෙන් සෙබළු නිදි වර්ජිතව කාලය ගත කළහ.

මිරුසුවිල් අධි ආරක්ෂිත කලාපය තුළට සිවිල් වැසියන්ට පැමිණීම තහනම් වන්නේ ඔවුන් මෙන්ම සිවිල් වැසියන් මෙන් පැමිණෙන කොටි ඔත්තුකරුවන් කඳවුරුවල ඔත්තු බලාගොස් එල්ල කරන ප්‍රහාර නිසාය. දර අහුලා ගැනීමට හා තම වතුවල එළවළු, පලතුරු කඩාගන්නට මානුෂීය හේතූන් මත මුලින් අවසර ලබාදී තිබුණද සිවිල් වැසියන්ට සීමා පැනවෙන්නේ නිරන්තරයෙන් මේ ප්‍රදේශයේ මෝටාර් උණ්ඩ වැටෙන්නට වීමත් සමගය.

රටම කතාවන ආන්දෝලනාත්මක සිදුවීම වූ මිරුසුවිල්හි අටදෙනා ඝාතනය වන සිදුවීම වාර්තා වන්නේ මේ අතරේය. 2000 දෙසැම්බර් 20 දා මිරුසුවිල් ප්‍රදේශයට පැමිණි නවදෙනාගෙන් අටදෙනකු ඝාතනයට ලක්වීමක් ගැන හමුදාවට චෝදනා නගන්නේ එම පිරිසේ සිට බේරුණු බව අධිකරණය හමුවේ සාක්ෂි දෙන මහේෂ්වරන්, නමැත්තාය. තමා ඇතුළු නවදෙනකු අධි ආරක්ෂිත කලාපය තුළ දර එකතු කරමින් සිටින අතරතුර යුදහමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි කණ්ඩායමක් විසින් තමන් ඇතුළු නවදෙනාට පහර දී රෙදි පටිවලින් දෑස් බැඳ වෙනත් තැනකට රැගෙන ගිය බව මහේෂ්වරන් කියන්නේය. ඉන්පසුව තමාව වැටකින් ඔසවා අනෙක් පසට විසිකරද්දී දෑස් බැඳ දමා තිබූ රෙදි කැබැල්ල එම වැටේ පැටලී වටපිටාව දැකගත් බව ඔහු කියන්නේය. ඉන්පසුව වැසිකිළි වළක් අසලට තමා ගෙනයද්දී එම වැසිකිළිවල අසල විශාල මන්නා පිහියක් අතින් ගත් පුද්ගලයකු සිටගෙන සිටින ආකාරයත්, වළ තුළ කිසිවකු දඟලන ශබ්දයක් ඇසීමත් නිසා බියට පත්වී තමා එතැනින් පැන ගිය බවත් මහේෂ්වරන් සාක්ෂි දෙන්නේය.

අඳුරේ තමා ලුහුබැඳ ආ කණ්ඩායම්වලින් මිදී පලායන මහේෂ්වරන් තම පවු‍ලේ අය හමුවට ගොස් ඊ. පී. ඩී. පී. නියෝජිතයින් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් සමග දින හතරකට පසුව මෙකී සිදුවීම වූ ප්‍රදේශයට පැමිණෙන්නේය. එම ස්ථානය තුළ එළුවකු හම ගැසූ බවට සාක්ෂි ලැබෙන අතර වළ තුළ කිසිදු මළ සිරුරක් නොවිණි.

ඊ. පී. ඩී. පී. සංවිධානයේ බලපෑම මත එවකට සිටි හමුදාපතිවරයා යුද හමුදා ‍පොලිසියට මේ සම්බන්ධ විමර්ශන භාර දෙන්නේය. යුදහමුදා ‍පොලිසියේ මේජර් සිඩ්නි සොයිසා ඇතුළු පිරිසක් විසින් ඇරඹූ හමුදා විමර්ශනයකට අනුව සුනිල් රත්නායක ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගන්නේ මේ අනුවය. ඉන්පසුව මේජර් සිඩ්නි සොයිසා ඇතුළු පිරිස මහේෂ්වරන් සමග අතුරුදන් වූ අට දෙනාගේ මළසිරුරු මිහිදන් කර තිබියදී සොයා ගත්තේය. ඒ අතර පස් හැවිරිදි ළමයකුගේ සිරුරක්ද වූයේය. වැසිකිළි වළවල්වල තිබි සොයාගත් බව කියන මෙම පිරිසට අයත් පාපැදි වගයක්ද මේජර් සොයිසා අධිකරණයට ඉදිරිපත් කරන්නේය. මේ අනුව වසර දහතුනක් තිස්සේ දිග් ගැසෙන නඩුව නිසා සුනිල් රත්නායක ඇතුළු පස්දෙනා අවුරුදු දෙකකුත් මාස එකොළහක් තිස්සේ හිරබත් කන්නේ යුදහමුදා ‍පොලිසියේ නිලධාරීන් මෙම පිරිසගෙන් බලෙන් ලබාගත් බව කියන කට උත්තරද පදනම් කරගෙනය.

2000 දෙසැම්බර් 24 හා යුද හමුදා ‍පොලිසියේ මේජර් සිඩ්නි සොයිසා මහේෂ්වරන් සමග තමන් සිටි තැනට පැමිණි අවස්ථාවේ මහේෂ්වරන් තමා ඇතුළු පිරිස දුටු බවත්, මේජර් සොයිසා පැවසූ අයුරින් තමන් කිසිවිටෙකත් මිනී වළක් හෝ බයිසිකල් තිබූ තැනක් නොපෙන්වූ බව පළමු විත්තිකරු අධිකරණය හමුවේ කියා සිටියේය.

එවකට පැවැති වාතාවරණය මත ඊ. පී. ඩී. පී. සංවිධානයෙන් එල්ල වූ බලපෑම මත කවුරුන් හෝ ඉදිරිපත් කළ යුතුව තිබූ බැවින් යුද හමුදා ‍පොලිසියේ නිලධාරීන් තමන් පැටල වූ බව මොවුහු අධිකරණය හමුවේ පෙන්වා දුන්හ. එවකට ඊ. පී. ඩී. පී. සංවිධානය උතුරේ බලවත් වීමත් උදයන් ඇතුළු පුවත්පත් ලබාදුන් ප්‍රචාරයත් නිසා කවුරුන් හෝ අත්අඩංගුවට ගත යුතුව තිබුණේය.

අවසානයේ මහේෂ්වරන්ගේ සාක්ෂියේ වූයේ තමා අත්අඩංගුවට ගැනුණු මොහොතේ සුනිල් රත්නායක එතැන සිටීම ගැන පමණි.

තම කණ්ඩායම මේජර් සොයිසා විසින් මහේෂ්වරන්ට පෙන්වූ මොහොතේ ප්‍රදේශයේ ග්‍රාම සේවකවරයා සමග සිටි ඊ. පී. ඩී. පී. සාමාජිකයන් හමුදා සෙබළුන්ගේ ඡායාරූප ගෙන තිබිණි. නැවත අධිකරණය වෙත ගෙනයද්දීත් දෙමළ මාධ්‍ය මගින් ඡායාරූප ගෙන තිබිණි. මහේෂ්වරන් හඳුනා ගැනීමේ පෙරට්ටුවේ සුනිල් හඳුනාගත්තේ මේ සියලු ඡායාරූප ගත කිරීම්වලින් දින ගණනකට පසුවය.

මෙකී පරස්පරතා මධ්‍යයේ වසර 13ක් තිස්සේ කතා කෙරුණු සෑම නඩු වාරයකටම නීතිඥවරුන්ට රුපියල් විසිපන්දහස බැගින් ගෙවන ලද්දේ පස්දෙනා තම වැටුපෙන් පන්දහස බැගින් එකතු කරමිනි. මසකට නඩුවාර හතර පහ කතා කෙරෙද්දී තම කණකර පවා උකස් කරන්නට මොවුනට සිදුවන්නේය. මිනීමැරුම් කිසිසේත් අනුමත කළ නොහැකි මුත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ක්‍රියා කළා නම් ඔවුනට සාධාරණය ඉටුවිය යුතුව තිබිණි.

යුද බිමේ අනේක දුක් කම්කටොළු බාධක මැද රට වෙනුවෙන් තම ඇස්, ඉස්, මස්, ‍ලේ දහදිය හැළුෑ මෙකී විරුවන් අතරින් සුනිල් රත්නායක ‍පෝරකයට නියම වී හමාරය. අනෙක් සිව්දෙනා නිදොස් කර නිදහස් වූහ. අද සුනිල්ගේ තුන් හැවිරිදි තරුෂි ඉරෝෂනා දියණිය සිය පියා සොයද්දී කාංචනා කුමාරි වන සුනිල්ගේ බිරියට දීමට උත්තර නැත. ඇය කඳුළු වගුරුවමින් දැන් සටන් කරන්නේ ජනාධිපති සමාවකින් හෝ තම සැමියා නිදහස් කරගන්නටය. ඔවුහු ලබන සතියේ අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමටද කටයුතු කරමින් සිටිති.

ශ්‍රී ලාංකේය දේශයට සාමය උදාකරලීමේ අදිටනින් යුද්ධයට කැපවී ‍ලේ, මස් දන් දෙමින් වෙඩි උණ්ඩවලට මුහුණදුන් රණශූර පදක්කමින් පුද ලද සුනිල් රත්නායකට යුක්තියේ දෙවොල (Temple of Justice) ඉදිරියේ යුක්තිය ඉටුකිරීම හෝ ජනාධිපතිවරයාගේ විශේෂ සමාවක්

Wednesday, August 26, 2015


සහතික මිලට වී දෙන්න ගොවින් විඳින දුක


5:21 PM 8/25/2015
රජයේ සහතික මිලට වී අලෙවි කිරීම සදහා විල්ගමුවේ ගොවින් දින ගණනාවක් මහපාරේ පෝලිමේ සිටිනවා. මේ වනවිට මහියංගනය ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 2 ක පමණ දුරක් වාහන පෝලිම දැක ගැනීමට හැකි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ගොවීන් පවසන්නේ වී අලෙවි මණ්ඩලය විසින් එක් කළමනාකරුවෙකු පමණක් යොමුකර හදුන්ගමුව හා නාගොල්ල යන ගබඩා දෙකකට අනියුක්ත කර ඇති බවයි.
තව නිලධාරින් දෙදෙනෙක් හෝ කඩිනමින් යොමුකර වී මිලදී ගැනීම කඩිනම් කළ හැකි බවත් මිනිපේ වම ඉවුර කළුගඟ ඒකාබද්ද ගොවි සංවිධානයේ සභාපති ටී ජී රංජිත් ප්‍රේමකුමාර මහතා පවසනවා.
වී රැගෙන එනු ලබන වාහනයකට දිනකට රු 3000 ක කුලියක් ගෙවිය යුතු අතර දින ගණන් ගතවෙද්දී සහතික මිලට වී අලෙවි කලද ගොවීන්ට පාඩු සිදුවන බව ඔවුන් පෙන්වා දෙයි.





රැහේ උරුමය රැකගෙන මී පැණියෙන් බුදුන් පුදන මහ පින් ඇත්තෝ.

දළදා සමිඳුන් වෙනුවෙන් වාර්ෂිකව සිදුකරන මී පැණි පූජාව ආදී වාසී නායක තුමා සහ පිරිස සමඟින් අද දිනයේ සිදු කෙරිණි.
‍මෙම අවස්ථාව සඳහා ශ්‍රී දළදා මාළිගා‍වේ ගරු දියවඩන නිළමේ තුමා‍ගේ සහභාගීත්වයද ලැබිණි.එමෙන්ම මී පැණි පුජා‍වෙන් අනතුරුව දියවඩන නිළමේ තුමන් විසින් අාදි වාසී නායක තුමා ප්‍රමුඛ පිරිසට තෑගි බෙ‍ා්ග ලබා‍දෙන ලදී.
ආදිවාසී පරපුර දන්ත ධාතූන්වහන්සේ තැන්පත් කළ දා සිටම අද දක්‌වාම දළදා පෙරහැර මංගල්යයේ පළමු රන්දෝලි පෙරහැර පැවැත්වෙන දා අලුයම දළදා වහන්සේට මී පැණි පූජාව පවත්වති.
වසර පුරාම බිඳෙන් බිඳ ලබු කට්‌ටේලා රැස්‌කළ මී පැණි කෙණ්‌ඩියක රුවා ගෙන ගෙන එයි. ආදිවාසීන්ගේ ඩහදිය මහන්සියෙන් රැස්‌ කර ගන්නා අග්‍රඵලය නොයිඳුල් මී පැණි කොටස ශබ්ද නගා ගාථා කියමින් පූජා කරයි.
එමෙන්ම ‍ආදී වාසි පිරි‍සහෙි මෙම පුණ්‍ය කර්මයට සුවි‍‍‍ෂේශී වටිනාකමක් හිමිවෙන අතර බුද්ධ දේශනාවේදී දක්‌වා ඇති දානමය අනුහස්‌ අතරේ මිහිරිතම ආහාර පාන පූජා කිරීමෙන් සෙසු ආත්මවලදී මිහිරි කටහඬක්‌ උරුම වෙයි. දීප්තිමත් ශරීර වර්ණයක්‌ සහ නිරෝගී සමක්‌ ලැබෙයි. අන් අයගේ ප්‍රරසාදය සහ ප්‍රසන්න බවින් යුත් ජීවිතයක්‌ හිමිවෙයි. දීර්ඝ ආයුෂ ලැබෙයි. සැපය, බලය ප්‍රඥව හිමිවෙයි.
මුතුන් මිත්තන්ගේ පටන් ආදිවාසීහු බුදුන්ට මිහිරි මී පැණියෙන් දන් පිළිගන්වති. පූජා කරති. සෙසු ආත්මවලදී ඔවුහු එහි ආනිශංස ලබ‍ාගැනීමටද බලා‍පොරොත්තු වෙති



Monday, August 24, 2015


මහියංගනය - මාපාකඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක්. සෞදි විඳි 'දහදුක'

 සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් විවිධ වධහිංසාවන්ට ලක්වු  කාන්තාවක් පසුගිය 18 වනදා පැමිණියා. ඇය නමින් ගමගේ දෝන් හීන්මැණිකේ වන මහියංගනය - මාපාකඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක්.

දරු දෙදෙනා ජීවත් කරවීම සඳහා පසුගිය වසරේ ජුනි මස කොළඹ පුද්ගලික විදේශ රැකියා ආයතනයක්  ඔස්සේ  විදේශගතව ඇති අතර, සේවය කළ නිවසේ හාම්පුතා ඇතුළු අනෙකුත් නිවැසියන්ගෙන් විවිධ කරදර සිදුවු බවයි දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ. මෙම කාන්තාව මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

හිරු ප්‍රවෘත්ති අංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසීමක් කළා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය සඳහන් කළේ අදාළ කාන්තාව විදේශ රැකියාවක් සඳහා යොමු කළ දේශීය සහ විදේශීය රැකියා නියෝජිතයන් දෙදෙනා මේ වනවිටත් අසාදු ලේඛනගත කර ඇති බවයි.

https://www.youtube.com/watch?v=C9EPV67Z7tU




ඌව මහ ඇමති ධූරය නැවතත් ශෂීන්ද්‍රට ?

ඌව පළාත් සභාවේ වත්මන් මහඇමති හරීන් ප‍්‍රනාන්දු මහමැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට පිවිසීම නිසා මහඇමති ධූරය නැවත වරක් තමන්ට ලැබිය යුතු බව හිටපු මහඇමති ශෂේන්ද්‍ර රාජපක්‍ෂ පවසනවා.

හරීන් ප‍්‍රනාන්දු මහතාට අමතරව ඌව පළාත් සභාවේ තවත් මහජන නියෝජිතයින් 06 දෙනෙකු ද මෙවර මහමැතිවරණය ජයගෙන පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටිනවා. ඒ, රවින්ද්‍ර සමරවීර, චමින්ද විජේසිරි, අරවින්ද කුමාර්, වඩිවේල් සුරේෂ්, චාමර සම්පත් සහ පද්ම උදය ශාන්ත යන අය වේ. 

චාමර සම්පත් සහ පද්ම උදය ශාන්ත යන මහත්වරුන් එක්සත් ජනතා නිදහස් සන්‍ධානය නියෝජනය කරනවා. වඩිවේල් සුරේෂ් මහතා ද එක්සත් ජනතා නිදහස් සන්‍ධානයෙන් ඌව පළාත් සභාවට තේරීපත්ව පසුව එක්සත් ජාතික පක්‍ෂයට එක්වු අයෙක්. 

මේ අනුව ඇතිවන පුරප්පාඩු සඳහා අලූතින් පත්වන මන්ත‍්‍රීවරුන්ගෙන් තුන්දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්‍ධාන ලැයිස්තුවෙන් තෝරා ගැනෙනු ඇති. නැවත එක්සත් ජාතික පක්‍ෂයේ මහඇමතිවරයෙකු නොව මහඇමති ලෙස තමන් පත් කිරීමට ඔවුන් සහය වනු ඇති බවටයි ශෂේන්ද්‍ර රාජපක්‍ෂ මහතා විශ්වාසය පළ කරන්නේ. එවිට ඌව පළාත් සභාවේ වත්මන් බලතුලනය වෙනස් වන බවද ඔහු කියා සිටියා. 

ශිෂ්‍යත්ව විභාගයට පෙර දින විදුලිය බලය නොමැති වීමෙන් තමන්ට අසාධාරණයක් සිදුවූ බව විභාගයට පෙනී සිටි ගිරාඳුරුකෝට්ටේ මහවැලි කොට්ටාසයට අයත් පාසල් දහසයක දරුවන්ගේ දෙමව්පියන් හා ගුරුවරුන් පවසති.

ශිෂ්‍යත්ව විභාගයට පෙර දින එනම් විසි දෙවන දින රාත්‍රියේ පටන් පසු දින එනම් විභාගය පැවැත්වුනු දිනයේ (23දා) පෙරවරු අට පමණ වනතෙක් විදුලිය බලය නොමැති වීමෙන් තමන්ට අසාධාරණයක් සිදුවූ බව විභාගයට පෙනී සිටි ගිරාඳුරුකෝට්ටේ මහවැලි කොට්ටාසයට අයත් පාසල් දහසයක දරුවන්ගේ දෙමව්පියන් හා ගුරුවරුන් පවසති. පස්වන ශ්‍රේණියේ විභාගය පිළිබඳව දැන දැනත් විසි දෙවනදා පෙරවරු අටේ සිට පස්වරු පහ දක්වා නඩත්තු කටයුතු වෙනුවෙන් විදුලිය විසන්ධි කර තිබූ අතර එදින රාත්‍රී දහයට පමණ විදුලිබලය විසන්ධි වූ බව ඔවුන් පවසති.
මෙලෙස විදුලිය විසන්ධිවීම අවසන් මොහොතේදීත් කිසියම් විෂය කරුණක් බලා ගැනීමට තිබූ අවස්ථාවක් අහිමිකිරීමක් බවද, ළමුන් පාන්දරින්ම අවදිව පොත් පත් බලන්නට ගත්විට විදුලිය නොමැති බව දැන කනගාටුවට පත්වූ බව දෙමව්පියන් පවසති.එපමණක් නොව තම දරුවන්ගේ නිළ ඇඳුම් මැදගැනීමට නොහැකිවීමෙන් පොඩිවුනු ඇඳුම් අන්දවන්නටද ඔවුනට සිදුවිය. දරුවන්ට අවශ්‍ය ආහාර පාන සකසා ගැනීමට හැකියාවක්ද නොවුනු අතර දරුවන්ට කඩෙන් ආහාර අරන් දීමටද සිදුවී ඇත. මේ අතර විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් විදුලියනොමැති කමින් දැඩි අසීරුවට ලක්වූ අතර විභාග කාර්ය මණ්ඩලවල ගුරු භවතුන්ද පොඩිවී තිබූ ඇඳුම් ඇඳ සිටිනු දක්නට ලැබිණි.
කෙසේ වෙතත් විදුලි විසන්ධිවූ අවස්ථාවේ පටන් විදුලි බල මණ්ඩලයට දුරකථනයෙන් දැනුම් දුන්නද ඔවුන් ඊට යහපත් ප්‍රතිචාර දැක්වීමට නොහැකිවීම කණගාටුවටකරුණක් බව දෙමව්පියන් මෙන්ම ගුරුවරුන්ද පවසති.

Saturday, August 22, 2015

කාර් එක හැප්පි 5ක් රෝහලේ


2015-08-22 පෙ.ව. 10.03
බදුල්ල මහියංගණ මාර්ගයේ මීගහකිවුල 16 කණූව ආසන්නයේදී ඊයේ (21) උදෑසන 10.00 ට පමණ මෝටර් රථයක් හා පොද්ගලික බස් රථයක් එකිනෙක මුහුණලා ගැටීමෙන් මෝටර් රථයේ ගමන් ගත් දරුවන් තිදෙනෙකු ඇතුලූ අඹු සැමි යුවලක් බරපතල තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුලත් කල අතර අසාධ්‍යය තත්වෙයේ පසුවූ ඔවුන් පස්දෙනාම අනතුරුව බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි
අනතුරින් තුවාල ලබා ඇත්තේ බදුල්ල ප‍්‍රදේශයේ පදිංචි නෙතුල් (2 1/2 ) නෙතලි (4 1/2 ) සෙනාලි (08) ප‍්‍රසන්ති (30) මධුසංක (35) නැමැති එකම පවුලක පියා මව හා දරුවන් තිදෙනෙකි.
අනතුරින් මෝටර් රථයටද බරපතල හාණි සිදුව ඇත.
බස් රථයේ රියදුරා සිද්ධීය සම්්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන ඇති අතර කන්දකැටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි


Wednesday, August 19, 2015

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා තරඟ කරපරාද වූ අපේක්ෂකයන්ගේ මනාප

2015-08-19 16:38:55
   
බදුල්ල දිස්ත්‍රික්කය සඳහා තරඟ කර ආසන දිනා ගත් පක්ෂවල පරාජයට පත් වූ අපේක්ෂකයන්ගේ මනාප පහතින් දැක් වේ.

 එක්සත් ජාතික පක්ෂය

සෙනරත් ජයසූරිය 45031
උපාලි සේනාරත්න 41664
උපාලි සමරවීර  39342
ර.මු රත්නායක 29353
ජයන්ත කන්නංගර 28238
අබ්දුල් ලතීෆ් 21538


එක්සත් ජනතා නිදහස් සන්ධානය

ලක්ෂ්මන් සෙනෙවිරත්න 42354
රෝහණ පුෂ්පකුමාර 34718
එස් ඒ ආර් මද්දුමබණ්ඩාර 30048
උදිත සංජය ලොකුබණ්ඩාර 25622
චාමික බුද්ධදාස 24279
එස් දයාබරන් 4313
කේ විශ්වනාදන් 3035
අසන් අලි මහම්මුදු ඉල්ලියාස් 2517

Tuesday, August 18, 2015

පා ර ්ලිමේන්තුවට තේරුණ තේනුක මහියංගන ජනතාව හරසරින් පිළිගැනේ



8/18/2015 5:57 PM

2015 පාර ්ලිමේන්තු මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර් ලිමේන්තුව සදහා තේරිපත්වු  තේනුක විදානගමගේ මහතා අද (18) සවස මහියංගන ජනතාව විසින් හරසරින් පිළිගන්නා ලදී.

මනාප 43517ක් ලබාගනිමින් තේනුක විදානගමගේ මහතා 2015 පාර ්ලිමේන්තු මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තෙවන ස්තානය දිනා පාර් ලිමේන්තුව සදහා සුදුසුකම් ලබා ඇත.

පක්ෂයට හා තමන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කල මහියංගන ජනතාවට හා බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කල සියලුම ජනතාවට සිය හෘදයාංගම ස්තූතිය ජනතාව අමතමින් ප්‍රකාශ කර සිටියේය.

සිය වැඩිමහල් සහෝදරයා සමග එක්ව මෙතෙක් මහියංගන නගරයේ හා බදුල්ල දිස්ත්‍රික්ක යේ සිදුකරගෙන ගිය සංවර්ධනය එලෙසම ඉදිරියටම සිදු කරනා බවට ජනතාව ඉදිරියේ පොරොන්දුවක් ද ලබාදුන්නේය







බදුල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂක මනාප ප්‍රථිඵලය

බදුල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂක මනාප ප්‍රථිඵලය
2015-08-18 ප.ව. 2.49

2015 පාර ්ලිමේන්තු මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කය සදහා එක්සත් ජාතික පක්ෂය ආසන 5ක් දිනා ඇති අතර මණාප ගණනය කිරිමේන අනතුරුව ඒ සදහා සුදුසුකම් ලැබුවන් වන්නේ 

(1) ප්‍රථම ස්ථානය හරින් ප්‍රණාන්දු මහතා  මනාප  200806ක්ද ,  
(2) දෙවන ස්ථානය රවින්ද්‍ර සමර විර මනාප 58507ක්ද 
(03) තෙවන ස්ථානය චමින්ද විජේසිරි මනාප 58291ක්ද  
(04) සිව්වන ස්ථානය අරවින්ද කුමාර මනාප 53741ක්ද
(5) පස්වන ස්ථානය වඩුවෙල් සුරේෂ් මනාප 52378ක්ද ලබාගනිමින් සුදුසුකම් ලබා ඇති අතර තේරි පත් නොවු අය වන්නේ 
(06) සෙනරත් ජයසුරිය මනාප 45031ක්ද 
(07) උපාලි සේනාරත්න මනාප 41606 ලබාගෙන ඇත.

2015 පාර ්ලිමේන්තු මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආසන‍ 3ක් දිනා ඇති අතර මණාප ගණනය කිරිමේන අනතුරුව ඒ සදහා සුදුසුකම් ලැබුවන් වන්නේ 
(1) ප්‍රථම ස්ථානය නිමල් සිරිපාල ද සිල්වා මනාප 134406ක්ද ,
(02) දෙනව ස්ථානය චාමර සම්පත් දසනායක මනාප 64418ක්ද  
(3) තෙවන ස්තානය තේනුක අමිත් විදානගමගේ මනාප 43517ක් ලබාගනිමින් පාර් ලිමේන්තුව සදහා සුදුසුකම් ලබා ඇත. 
තේරි පත් නොවු අය වන්නේ 
(4) හතරවන ස්ථානය ල ක්ෂ්මන් සෙනෙවිරත්න මනාප  42357ක්ද
 (05) පස් වන ස්ථානය රෝහන පුෂ්ප කුමාර මනාප 34718ක්ද ලබාගෙන ඇත

බදුල්ලෙන් හරීන්, නිමල් සිරිපාල ඉදිරියෙන්

Tuesday, 18 August 2015 10:25
 බදුල්ලෙන් හරීන්, නිමල් සිරිපාල ඉදිරියෙන් මේ වනවිට බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වී ඇත.

එක්සත් ජාතික පක්ෂයෙන් හරීන් ප්‍රනාන්දු මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතා මනාපවලින් ඉදිරියෙන් සිටින බව ආරංචි මාර්ග පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කය - අවසන් ප්‍රතිඵල


බදුල්ල දිස්ත්‍රික්කය - අවසන් ප්‍රතිඵල


බදුල්ල දිස්ත්‍රික්කය - වියළුව මැතිවරණ කොට්ඨාසය


බදුල්ල දිස්ත්‍රික්කය - මහියංගනය මැතිවරණ කොට්ඨාසය


Monday, August 17, 2015

ඡන්දය ප්‍රකාශ කිරිම අවසානයි - සාමකාමියි- මහියංගනයේ 79 %ක් ඡන්දය දාලා


2015-08-17 ප.ව. 5.35
8 වන පාර ්ලිමේනතුව වෙනුවෙන් 2015 මහමැතිවරණයේදි මහියංගන ඡන්ද බල ප්‍රදේශය තුල අද (17) උදැසන 7.00 සිට සවස 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරිම 79 % ක් වන අතර පසුගිය ජනාධිපතිවරණයේද ඡන්දය ප්‍රකාශ කිරිම 79%කි. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේදි හා 2015 මහ මැතිවරණයේදි මහියංගන ඡන්ද බල ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය කිසිදු වෙනසක් සිදු වි නොමැත. එමෙන්ම කිසිදු ප්‍රචන්ඩ ක්‍රියාවක් සාමය කඩවිමක් හා මැතිවරණ නිති කඩකිරිම් වාර් ථා නොවන බව මහියංගන පොලිසිය සදහන් කරති.
මෙවර වියලුව ආසනයේ ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය ඉහල ගොස් ඇති අතර එය 81%කි. පසුගිය ජනාධිපතිවරණයේදි එය 73%කි.

මහියංගනයේ 3.00 වන විට 54 %ක් ඡන්දය දාලා

2015-08-17 ප.ව. 3.23
8 වන පාර ්ලිමේනතුව වෙනුවෙන් 2015 මහමැතිවරණයේදි මහියංගන ඡන්ද බල ප්‍රදේශය තුල අද (17) උදැසන 7.00 සිට සවස 3.00 වන විට ඡන්දය ප්‍රකාශ කිරිම 54 % කි. කිසිදු සාමය කඩවිමක් හා මැතිවරණ නිති කඩකිරිම් වාර් ථා නොවන බව මහියංගන පොලිසිය සදහන් කරති.

පැය පහට බදුල්ලේ 45%යි


2015 අගෝස්තු මස 17 12:18:52 |
අද පස්වරු 12 වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ සියයට 45ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි බදුල්ල දිසාපති නිමල් අබේසිරි මහතාගේ කාර්යාලය ආරංචි කියයි.

දඹානේ ආදිවාසින් හා මහියංගනයේ ඇමතිවරු හිටපු මන්ත්‍රිවරු ඡන්දය දෙති



8/17/2015 11:47 AM

2015 මහමැතිවරණය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මහියගන ඡන්ද බල ප්‍රදේශය තුල 2015 මහමැතිවරණය   වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 76ක් තුලදි  ඡන්දය ප්‍රකාශ කිරීමේකටයුතු සිදු වන ආකාරය දැඩි උනන්දුවකින් සිදුවන ආකරය දැකිය හැකි වු අතර දඹාන ආදිවාසින් හා මැති ඇමතිවරුද හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රි වරු ඒ අතර වේ. මහියංගණ ඡන්ද බල ප්‍ර දේශය තුල ඡන්ද ප්‍රකාශ කිරිම සදහා 95715 දෙනෙකු සුදුසුකම් ලබා සිටි.
ආදිවාසි නායක විශ්ව කිර් ති වනස්පති ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් ඡන්දය ප්‍රකාශ කරණු ලැබුවේ අද (17) උදැසන 10.00 පමණ දඹාන කණිෂ්ඨ විද්‍යාලයේදි තම බිරිද හා පරපුරේ  පිරිස සමග එක් රොක්ව ගොසින් ඡන්දය ප්‍රකාශ කර සිටියේය.

මහියංගන ජාතික පාසලේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේදි හිටපු සිනි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා හා හිටපුබදුල්ල දිස්ත්‍රික් පාර්ලලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා හා ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතා ඡන්දය භාවිතා කරන කරන ලදි.
මහියංගන ඡන්ද බල ප්‍රදේශය උදැසන 7.00 සිට 10.00 වන විට ඡන්දය ප්‍රකාශ කිරිම 26 % කි




Sunday, August 16, 2015

සති පොළේ බුලත්විට විකිණු 11හැවිරිදි දියනියක් දුෂණය කරයි


10:23 PM 8/16/2015

මහියංගන සතිපොලේ බුළත්විට විකිණු 11 හැවිරිදි කුඩා දියණියක් ඊයේ ( 15)  දහවල් පුද්ගලයෙකු විසින් දුෂණය කර ඇති බව මහියංගන පොලිසිය වෙත පැමිණිලි කර ඇතිර
මේ වන විට එම පුද්ගලයා සොයා පොලිසිය පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

මහියංගන, දෙහිගොල්ල ප්‍ර දේශයේ පදිංචි මෙම කුඩා දියණිය මව සමග බුලත්විට වෙළෙදාම සදහා පැමිණ ඇති අතර ඇයගේ මව මහියංගන තැපැල් කාර්යාලය අසල බුලත්විට වෙළෙදාමේ යෙදි සිටින විට දියණය සතිපොළතුල වෙළෙදාමේ නිරතව සිට ඇත.

රතුපාට ත්‍රි ‍ෙරථයකින් පැමිණි නාදුන පුද්ගලයෙකු විසින් දැරිය රවටාගෙන ගොස් මහියංගන නව තානායම මාර්ගයේ මහවැලි ගං ඉවුරකට රැගෙන ගොස් දුෂණය කර ඵලා ගොස් ඇත. දැරිය මේ වන විට බදුල්ල රෝහලේ

 නේවාසික ප්‍රතිකාර ලබන අතර මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතා ප්‍රමුඛ නිළධාරින් සිද්ධිය සම්බන්දයෙන් රාජකාරි කටයුතු සහ පොලිස් පරික්ෂණ සිදු කෙරේ.

රිදිමාලියද්දේ මොරාන ජලාශ ව්‍යාපෘතියෙන් ගම්මුන්ට පිඩා, ඒ මදිවට නිළධාරන් ගම්මුන්ට විරුද්දව පොලිසියති.

රිදිමාලියද්දේ මොරාන ජලාශ ව්‍යාපෘතියෙන් ගම්මුන්ට පිඩා, ඒ මදිවට නිළධාරන් ගම්මුන්ට විරුද්දව පොලිසියති. පොරොන්දු වු පරිදි වන්දි දීලා නෑ, ගම්වාසින්ගේ වගා භූමිවලින් පස් කපන්ඩ පටන් ගෙන ගම්වාසින්ඩ වගා කරන්ඩ භුමියක් නොමැතිව අන්ත අසිරුතාවයකට පත් වෙලා. බඩ ඉරිගු කරලක් වගාකරගන්ඩ ක්‍රමයක් නොමැතිව ගම්මු අසරණ වෙයි.

2015-08-16 පෙ.ව. 9.59

ශ්‍රිලංකාවේ දිලිදුකම්න් ඉහල ග්‍රාමිය ජනතාවක් වෙසෙන රිදිමාලියද්ද ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ‍  මොරාන ග්‍රාම නිළධාරි වසමේ මේ වන විට වසර 3කට පෙර ආරම්භ කරන ලද මොරාන ජලාශ ව්‍යාපෘතිය මගින් මේ වන විට ගම්මානයේ ගම්වාසින් හට මහත් පීඩා ගෙන දෙන බවත් ව්‍යාපෘතියේ නිළධාරින් හා දේශපාලන නායකයන් පො‍රොන්දු වු ආකාරයෙන්  ජලාශය සදහා යටවන ඉඩම් සදහා වන්දි ලබා නොදිම හා ජලාශයට යට වන ඉඩම් සදහා නව ඉඩම් ලබා නොදිම හේතුවෙන් ගම්මානයේ පවුල් 106ක් සදහා බලවත් අසාදාරණයකට ලක්වි ඇති බවට ගම්වාසින් චෝදනා කරති.  
පොරොන්දු වු ආකාරයෙන් වන්දි හා ඉඩම් ලබාදිමට නිළධාරින් අපොහොසත් විම මෙම ගැටලුවට මුල් වි ඇති අතර සති තුනක පමණ කාලයක සිට මෙම ව්‍යාපෘතිය ජනතා ගැටලු හේතුවෙන් දැනට නවතා දමා ඇත.
උල්හිටිය ඔය හරස් කරමින් , කෙසෙල්පොත ප්‍ර දේශයේ රොටවැව සදහා ජලය ගෙන යෑම සදහා මෙම මොරාන ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කල අතර ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි 15000කි. එමගින් අක්කර 1800ක් අස්වැද්දීමට අපේක්ෂා කෙරෙනවා. ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 170ක්. 
මොරාන, පෙතියාගොඩ, මහලුණුක යන ග්‍රාම සේවා වසම් තුනක හා යල මහ කන්න දෙකම වගාවන් සදහා ජලය සැපයු ඇල්හේන ව්‍යාපාය, නෙලුව ව්‍යාපාරය, දෙමෝදර ව්‍යාපාරයේ (ව්‍යාපාර තුනක) කුඹුරු යට කරමින් ජල ව්‍යාපාර තුනක පවුල් 106ක් මෙම ජලාශය හේතුවෙන් ඉඩම් අහිමි වන අතර ඒ සදහා වන්දි හා ඉඩම් ලබාදිමට නියමිතව තිබේ. ව්‍යාපෘතිය ආරම්භකර වසර 3කට අධික කාලයක් ඉක්ම ගියද පොරොන්දු වු ආකාරයෙන් වන්දි හා ඉඩම් ලබාදිමට නිළධාරින් අපොහොසත් විම මෙම ගැටලුවට මුල් වි ඇති අතර සති තුනක පමණ කාලයක සිට මෙම ව්‍යාපෘතිය ජනතා ගැටලු හේතුවෙන් නවතා දමා ඇත.

වාරිමාර්ග නිළධාරින් විසින් ගම්වාසින්ට විරුද්දව මහියංගන පොලිසියේ  පැමිණිල්ලක් සිදු කර ඇති අතර ඔහුන් පවසන්නේ නිළධාරින්ගේ රාජකාරිවලට ගම්වාසින් බාදා කරන බවකි. ඒ අනුව ගම්මානයේ ගම්වාසින් පැමිණිල්ල විභාග කිරිම සදහා පොලිසිය විසින් කැදවා තිබු අතර  14 දින මහියංගන පොලිසියට ගම්වාසින් 42ක් බසයක් (බසයේ කුලිය රුපියල්  6000කි - අසරණ ගම්වාසින් එම මුදල බස්හිමියාට ණයට ගනිමින්)  මගින් මහියංගන පොලිසියට පැමිණියේය.
 ජලයෙන් යට වන ඉඩම් සදහා නව ඉඩම් ලබා නොදි ගම්වාසින් එම භුමිවල ජිවත් ව සිටියදි මේ වන විට වැවේ බැම්මා සැකසිම සදහා ගම්වාසින්ගේ වගා භුමිවලින් විශාල ලෙස පස් කැපිම සිදු කිරිම හේතුවෙන් මෙතෙක් කල් ජිවත් වීම සදහා සිදු කල වගාවන් ( බඩ ඉරිගු හා හේන් වගාවන්  ගම්මිරිස් කජු ) සිදු කරගැනිමට නොහැකිව ගම්වාසින් විශාල ලෙ ආර් ථික වශයෙන් ආදායම් නොලබන තත්වයකට පත්ව අති අතර තම පවුල් හා දරුවන් ජිවත් කරවිමට මහත් සේ දුක් විදිමට සිදු ව ඇතැයි ගම්වාසින් චෝදනා කරති.
 එසේම ව්‍යාපෘතිය පටන් ගැනිමට පෙර නිළධාරින් හා දේශපාලන නායකයන් ගම්වාසින්ට පවසා ඇත්තේ ගම්වාසින්ට ප්‍රමුඛස්ථානයක් ලබා දෙමින් රැකියා අවස්ථා ලබා දෙන බවත් ගම්වාසින්ගේ වාහන මෙම ව්‍යාපෘතිය සදහා ( ලොරි හා ට්‍රැක්ටර්) ලබාගන්නා බවත් වන අතර මේ වන විට සියලු වාහන හා කම් කරුවන් පිටස්තරයෙන් ගෙන්වන ඒවා විමෙන් ගම්වාසින් හට එමගින් ද බලවත් අසාදාරණයක් වි ඇති බවයි.
දේශපාලන නායකයන්, වාරිමාර්ග නිළධාරින්ගේ සිට දිස්ත්‍රික් ලේකම් තුමන් දක්වා රජයේ නිළධාරින් ගම්වාසින්ව සැම විටම රැවැට්ටු බවටද ගම්වාසින් චෝදනා කරති.
 එමෙන්ම මුලින් සැළසුම් කල පරිදි විශාල ජල ධාරිතාවයක් රදවා ගත හැකි වන ලෙස වේල්ලේ දිග කිලෝමිටර් 1.5ක් පමණ දිගු එකක් වන අතර ඒ සදහා විශාල මුදලක් රජයේ මුදල් වැය කර මිනුම් කටයුතු සිදු කර පසුව මිටර් 800ක් තරමට වේල්ලේ දිග අඩු කර කුඩා ප්‍රමාණයේ වැවක් තනන බව ගම්වාසින් පවසති.












තෙල් බව්සරය ත්‍රීවිල් එකක් උඩ පෙරලි සිව් දෙනෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට



8:49 AM 8/16/2015
මහියංගන විහාරය වන්දනා කොට තම ත්‍රීවිල් රථයෙන් ආපසු නිවෙසට යමින් සිටි එකම පවුලේ සිව්දෙනෙකු බදුල්ල මහියංගණ මාර්ගයේ අඹගහ ඔය ප‍්‍රදේශයේදී තම ත්‍රීවිල් රථය නතර කර ආහාර ගනිමින් සිටියදී මාර්ගයේ පැමිණී ඉන්ධන බවුසරයක් එම තී‍්‍රරෝද රථය මතට පෙරළී යාමෙන් එම සිව් දෙනාම බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලීසිය පවසයි
ඊයේ (15) පස්වරු 1.00 ට පමණ වූ මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ ඌවපරණගම ප‍්‍රදේශයේ මව පියා ඇතුලු දරු දෙදෙනෙකි
අනතුර හේතුවෙන් පෙරළී ගිය බවුසරයේ තිබූ ඞීසල් සම්පූර්ණයෙන්ම බදුල්ල මහියංගන මාර්ගයේ දිගේ ගලාගෙන යමින් පැවැති අතර අතර ප‍්‍රදේශවාසීහු විශාල ප‍්‍රමාණයේ භාජණ වලට ඉන්ධන පුරවනු අයුරුද දක්නට ලැබිණි.
බදුල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි