Friday, July 22, 2016

ජලාශයට යටවන අපේ දේපලවලට නිසි වන්දියක් නෑ - ගම්මු රැසක් උපවාසයේ

2016-07-22 ප.ව. 9:21

මොරගහකන්ද කලුගග ජලාශය සදහා තම ගම්බිම් දේපල ලබාදුන් ලග්ගල පාරම්පරික ජනතාව දින කීපයක සිටම ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයක් මෙන්ම විරෝධතාවයක් ආරම්භ කර ඇත ,

ඒ මහවැලි අ ධිකාරිය තමන්ට නිසි වන්දි ලබානොදීම හා නැවත පදිංචි කරවන ස්ථාන වල පහසුකම් නොමැති බව පවසමින් .මේ ප්‍රවුත්තිය වාර්තා කරන්න ප්‍රදේශීය මාධ්‍යවේදීන් ගියා ,වීඩියෝ කරලා ලංකාවේ රුපවාහිනී සියල්ලටම යැව්වා ,එත් මෙය ප්‍රවුත්තියක් නොවුනි ,ජනතාව ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට බනිති ,ඔවුන් කියන්නේ ජලාශය ට දේපල ජිවිත අනාගතය අතීතය දන්දුන්නු මිනිස්සු දුකේ අරගල කරද්දී මොරගහකන්ද කලුගග ජලාශය සියල්ල සුදානම් බව පවසා ප්ර්වුති විකාශය වන බවය .හැබැයි ප්‍රාදේශීය මට්ටමේ ඉන්න මාධ්‍ය වේදීන් මර්ධනය කිරීම ජනතා ප්‍රශ්න යට ගැසීම සදහා බාවිතා කරන මේ ක්‍රමය තොරතුරු දැනගැනීමේ පනතේ තිබේදැයි අපටද ඇත්තේ ප්‍රශ්නයකි .මාධ්‍ය නිදහස ගැන අපි බලාපොරොත්තු දල්වාගෙන නව ආණ්ඩුව දෙස බැලුවෙමු ,එහෙත් ඒ අය එළිපිට කරපු වා මේ අය ජනතාවට කොලේ වහලා එකම ඊට වඩා වැඩියෙන් කරනවා ,
අපි කාට කියන්නද ?.මේවා අපි කියපු ගමන් කියන්නේ අපි මාධ්‍යවේදී න් මරන්නේ නෑ ,උස්සන්නේ නෑ සුදු වෑන් එන්නේ නෑ කියල .එත්ව්ර්තිය ප්‍රාදේශීය වාර්තා කරණයේ නියැලී සිටින මාධ්‍යවේදීන් ට ලගදීම සිදුවන්නේ ජනතාවගෙන් ගුටිකා මරෙන්නටය ,එහෙම නැතිනම් දරුවන් සමග බඩගින්නේ මැරෙන්නට ය ,








No comments:

Post a Comment