Friday, July 22, 2016

විල්ගමුවේ රිය අනතුරෙන් මිය ගිය පුද්ගල දේහය පාරට ගෙන ගම්මු පාරේ විරෝදයක

2016-07-22 ප.ව. 9:42
විල්ගමුවේ පසුගිය 20 දින රිය අනතුරෙන් මිය ගිය ත්‍රිරෝද රථයේ රියදුරුගේ දේහය භූමදානය අද (22) දින සිදු කරනු ලැබු අතර දේහය භූමදානය සදහා රැගෙන යාමේදී  එය විල්ගමුව දක්වා වු ප්‍රධාන මාර්ගය මැද තබා (නිපෝන් පාලම ආසන්නයේ ) ගම්වාසින් විරෝදතාවයේ නිරත විය. ටයර් පුලුස්සා මාර්ගය අවහිර කලේය.  පොලිසිය වැලි ජාවාරම් කරුවන්හට නිතිය නිසිලෙස ක්‍රියාත්මක නොකරන බවට චෝදන කල ගම්වාසින් නිපෝන් පාලම අසල පොලිස් මාර්ග බාදකය යලි ක්‍රියාත්මක කරන ලෙසද ඉල්ලා සිටියේය.
ගම්වාසින් විශාල පිරිසක් මෙම අවස්ථාවේ බීමතින් සිටි අතර මධ්‍ය වේදින් හටද බාධා සිදු කලේය.තර්ජනය කලේය.



No comments:

Post a Comment