Tuesday, September 30, 2014

ඌව මහඇමති යළි දිවුරුම් දෙයි අමාත්‍ය මණ්ඩලය පත් කිරීම කල් යයි

2014-09-30
ශෂින්ද්‍ර ඌව මහඇමති ලෙස යළි දිවුරුම් දෙයි - අමාත්‍ය මණ්ඩලය පත් කිරීම කල් යයි

ඌව නව ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ උදෑසන 09.14ට පමණ මෙම දිවුරුම් දීම සිදුවු බවයි. ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ දෙවැනි වරටයි. ඉකුත් 20 වැනිදා පැවති ඌව පළාත් සභා මැතිවරණයට මොණරාගල දිස්ත‍්‍රික්කයෙන් තරගකළ ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා මනාප ඡන්ද 96,619ක් ලබාගෙන එම දිස්ත‍්‍රික්කයේ වැඩිම මනාප ලාභියා බවට පත්වුණා. මෙම දිවුරුම් දීමේ අවස්ථාවට අග‍්‍රාමාත්‍ය දි.මු ජයරත්න, කථානායක චමල් රාජපක්‍ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.








Monday, September 29, 2014

ඌව මහ ඇමැති හා ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීම හෙට

2014-09-29 ප.ව. 10:29

ඌව පළාත් නව මහ ඇමැති ඇතුළු ඇමැති මණ්‌ඩලය හෙට (30 දා) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතය.

ඌව පළාත් නව මහ ඇමැතිවරයා වශයෙන් හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා දිවුරුම් දෙනු ඇත.

හිටපු ඇමැතිවරුන්ගෙන් තිදෙනකුට මෙවරත් ඇමැති ධුර හිsමිවනු ඇති අතර අනෙක්‌ ඇමැති ධුරය ලබාදෙන්නේ කාහටද යන්න මෙතෙක්‌ තීරණය කර නැත. මේ සම්බන්ධව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (29 දා) දිවයිනට පැමිණීමෙන් පසු තීරණයක්‌ ගනු ඇතැයි දැනගන්නට තිබේ.

ඌව පළාත් නව මැති ඇමැතිවරු දිවුරුම් දීමේ උත්සවය හෙට පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතය.

වීඩියෝ >> ඇතින්න හා අලි රංචුව මාරුවන තුරු රැකවල්ලා සිටි සද්දන්තයා.-

SUNDAY, 28 SEPTEMBER 2014 - 10:57 

වීඩියෝ >> ඇතින්න හා අලි රංචුව මාරුවන තුරු රැකවල්ලා සිටි සද්දන්තයා.-

වන අලි ගම්වැදීමෙන් සිදුවන අලි - මිනිස් ගැටුම නිරන්තරයෙන් සාකච්ඡාවට බඳුන් වුවත්, ඊට මෙතෙක් විසදුම් ලැබී නැහැ.
බොහෝ විට සිදුවන්නේ එක් ප්‍රදේශයකින් පළවා හරින අලි තවත් ප්‍රදේශයකට ගොස් ජීවිත හා දේපළ විනාශ කිරීමයි.
එවැනි සිදුවීමක් අදත් මහියංගනයෙන් වාර්තා වුණා.
මේ දර්ශන පෙළ   ඊයේ(27) පෙරවරුවේ ලබාගෙන තිබුණේ මහියංගනයේ දම්බරාව ප්‍රදේශයේදී. මෙම සද්දන්තයා, ඇතින්නක් හා තවත් අලි රංචුවක් මේ ස්ථානයෙන් මාරුවන තුරු රැකවල්ලා සිටියා.

https://www.youtube.com/watch?v=O0I8d5_SPZU#t=15

අලි පහරදීමෙන් තිදෙනෙක් රෝහලේ - කාන්තාවක් දැඩි සත්කාර ඒකකයේ

2014-09-27 ප.ව. 5:29

ගම්වැදුනු අලි රංචුවේ පහරදීමෙන් තිදෙනෙක් රෝහලේ - කාන්තාවක් දැඩි සත්කාර ඒකකයේ


මහියංගන දම්බරාව ප්‍රදේශයේ අද (27) උදැසන වන අලි 4කගේ රංවුවක් හා මහියංගන නගරයට ආසන්නයෙන් ගලාබසින මහවැලි ගගේ වන අලි 3කගේ රංවුවක් පැමිණ සිටුනු දැක ගන්නට හැකි වු අතර ඒ සම්බන්දයෙන් මහියංගන පොලිසිය මගින් ගිරාදුරුකෝට්ටේ හා මාපාකඩවැව අලි පාලන මධ්‍යස්ථානයේ නිළධාරින් දැනුවත් කිරිමෙන් පසු දම්බරාව ප්‍රදේශයේ වන අලි එලවිමේ මෙහෙයුමක් ආරම්භකර වන අලි පන්නා දැමිමට කටයුතු කරනු ලැබිය.

දම්බරාව ප්‍රදේශයට පැමිණ සිටි වන අලි 4න් තිදෙනෙකු පගරගම්මන ගම්මානය දෙසට පැන්නු අතර එක් වන අලියෙකු පමණක් දම්බරාව ගම්මානයේ ඉතිරිවිය. නැවතත් එම වන අලියා පැන්නීමේ මෙහෙයුම ක්‍රියාත් මක කල අතර එහිදි දම්බරාව ප්‍ර දේශයේ නිවසක වහලයකට වන අලියා පහර දීම හේතුවෙන් වහලය කැඩි දේපල අලාභහානිද සිදු විය. එම වන අලියා ගම්මානය දිගේ දිව යාමේදි මාපාකඩවැව 20 කණුව ප්‍ර දේශයේදි පුද්ගලයෙකුට පහර දී ඇති අතර වයස අවුරුදු 51 වන බි.ඩි. පොඩිසිංඤෙ නම් පුද්ගලයෙකුට පහර දි ඇති අතර ඔහු මේ වන විට මහියංගන මුලික රෝහලට ඇතුලත් කර වාට්ටු අංක 08 නේවාසික ප්‍රතිකාර ලබා ගනිමින් සිටි.

මහවැලි ගගේ සිටි වන අලි 3කගේ රංවුව ගග දිගේ පහලට ගමන් කිරිමේදි ගග දෙපස සිටි දෙදෙනෙකුට පහර දී තුවාල සිදු කර ඇත. මහියංගන වගාව ගම්මානයේ ජි.ජි. විමලාවති (වයස 56) නම් කාන්තාව වන අලි පහර කෑම ලක් වු අතර ඇය මහියංගන මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබමින් සිටි. සිද්දිය ඇසින් දුටු කාන්තාක්ද දැඩි කම්පනයට පත් වී ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ඇත.
මහියංගන සොරබොර ගගේයාය ගම්මානයේ වයස 32ක් වන අමිල සංජිවද මහවැලි ගග ආසන්නයේදි වන අලි ප්‍රහාරයට ලක් වි මහියංගන මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටි.

ඊයේ (26) දිනයේද උදැසන මහියංගන නගරය ආසන්නයට වන අලියෙකු පැමිනි අතර මහා මර්ගයේ ගමන් කරන විට ත්‍රි රෝද රථයකට මුහුනට මහුන හමුවි ඔහුන්ගේ ජිවිත හානියක් සිදු නොවි බේරුනේ පුරුවෙ පිනකටය.

දීර්ඝ කාලයක සිය මහියංගන අවට ගම්මාන රැසකට වන අලින්ගෙන් සිදුවන පිඩා ඉහල යමින් තිබෙන අතර දැන් දැන් නිරන්තරයෙන් ගම්වදින්නට පුරුදුව ඇත. වන අලි පැන්නිමට විදිමත් ක්‍රියාමාර්ග අනුගමනය නොකිරිම හා පන්නන අලි නැවතත් වෙනත් ගම්මානයකට ගමන් කිරිම හේතුවෙන් මෙම වන අලි පිඩා අවම කර ගැනිමට නොහැකිව ඇත. වගකිවයුතු පාර්ශවයන් නිරන්තරයෙන් කටින් පමණක් විසදුම් ලබාදෙන බවට පොරොන්දු ලබාදුන්නද මේ වන විටත් ඒවා පුස්සක් වී ඇත. වහාම කඩිනමින් මේ සදහා විසදුම් ලබාදී වන අලි උගුලෙන් මහියංගන ජනතාව බේරාගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටි.






Sunday, September 28, 2014

ත්‍රිවිල් එක හා පිරිස බේරුනේ පෙර කල පිනකට



අලි ප්‍රහාරයට ලක් නොවි පාරේ ගිය ත්‍රිවිල් එක හා පිරිස බේරුනේ පෙර කල පිනකට

දැන් දැන් වන අලි නිතරම මහියංගන නගරයට එනවා. දැක්කද මේ අලියා ඊයේ උදේ (25) ජනාධිපති මන්දිරය ඉදිරිපිට පාරේ යන අපුරුව.. පාරේ ගිය ත්‍රිවිල් එක හා පිරිස බේරුනේ පෙර කල පිනකට.
මේ ලක්ෂ්මන් සෙනෙවිරත්න ඇමති තුමාගේ කාර්යාලය ඉදිරිපිටදී ලබා ගන්නා ලද දර්ශන

video >>

රෑ කඩේ හොරකමක් - සිසිටිවි එක බලද්දි අපුරු හොරෙක් මාට්ටු වෙයි.


අදකාලේ රටේ හැමතැනය විවිධ වු වර්ගයේ සොරක්ම සිදුවෙයි. ඒවායෙන් බොහෝමටක් දැන් දැන් අනාවරණය කරගන්නට පොලිසියට උපකාරිවන්නේ සිසිටිවි කැමරා දර්ශන. වෙළෙදසැලක සිදු වු හොරකමක් සම්බන්දයෙන් සිසිටිවි කැමරා දර්ශන විපරම් කිරිමේදි අපුරු සොරෙකු සොයා ගන්නට මහියංගන ප්‍ර දේශයේදි සමත්ව තිබෙනවා.

මහියංගනය නගරයේ වෙළදසැලක් 24 දින උදැසන විවෘත කර බලන විට වෙළෙද සැල ඇතුලත යම්කිසි කොල්ලයක් සිදු වු ස්වරූපය දිස් වු අතර ලාච්චුද විවෘත කර එහි වු මුදල් සොරාගෙන තිබුනි. වෙළෙද සැලේ දොරෙහි ඉබි යතුරු නොකඩා මෙම සොරකම සිදු කලේ කෙසේද යන්න පිළිබද වෙළෙදසැලේ හිමි කරුට ගැටලුවක් විය. පසුව සිසිටිවි කැමරා දර්ශන නැරබිමෙන් පසු සිදුව ඇත්තේ කුමක්දැයි සියලු දෙනාටම වැටහි ඇත.

දර්ශන අනුව සොරා පහසුවෙන්ම හදුනා ගත් අතර ඒ කිහිවෙකු නොව නගරයේ නිතර ගැවසෙන රිළවෙකු ඒ තුළට රිංගා එහි වු රසකැවිලි අනුබව කර පරිසිදු පානිය ජල බෝතලයක්ද කඩා පානය කර යෝගට් කොප්පයකද රස බලා අනතුරුව මුදල් සේප්පුවද විවෘත කර එහි වු මුදල්ද සිසිකඩ විසි කර ඇත. ඒ සියල්ල නිහඩව සිසිටිවි කැමරාව විසින් පටිගත කර තිබිම හේතුවෙන් මෙම සොරකමේ සුලමුල අනාවරණය කරගන්නට හැකි විය. පාන්දර කඩය තුලට රිංගා හිමි කරුවන් පැමිණිමට පෙර පැය 1 ½ ක් පමණ ඒ තුල රැදි සිටිමින් මෙම සොරකම රිළවා විසින් සිදු කර ඇති අතර වෙළෙද සේවකයන් වෙළදසැල විවෘති කිරිමේදි එහි කිසිවෙකු සිට නොමැති අතර රාත්‍රි සොරුන් පැමිණ ඇති බවක් දිස්වි ඇත.
මහියංගනය නගරයේ රසකැවිලි වෙළදසැලක් මෙසේ රිළවාගේ ආක්‍රමණයට ලක් වි තිබුනි.






ඌව මන්ත්‍රී ලැයිස්‌තුව රජයේ මුද්‍රණාලයට - බදුල්ල දිස්‌ත්‍රික්‌කයට මන්ත්‍රීවරුන් 18 ක්‌

2014 September 25

ඌව මන්ත්‍රී ලැයිස්‌තුව රජයේ මුද්‍රණාලයට - බදුල්ල දිස්‌ත්‍රික්‌කයට මන්ත්‍රීවරුන් 18 ක්‌ 

ඌව පළාත් සභා මැතිවරණයෙන් ජයගත් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ගැසට්‌ නිවේදනයක්‌ මගින් ප්‍රකාශයට පත්කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්‌ විසින් ඊයේ (24 දා) රජයේ මුද්‍රණාලයට යවා තිබේ.

ජයගත් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛන දෙක අදාළ දිස්‌ත්‍රික්‌ සහකාර මැතිවරණ කොමසාරිස්‌වරුන් විසින් කොළඹට එවා තිබිණි. 

ගැසට්‌ නිවේදනය නිකුත් කිරීමෙන් පසුව තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට දිවුරුම් දීමට හැකි බව මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක්‌ පැවසීය.

මොනරාගල දිස්‌ත්‍රික්‌කයට මන්ත්‍රීවරුන් 14 ක්‌ හා බදුල්ල දිස්‌ත්‍රික්‌කයට මන්ත්‍රීවරුන් 18 ක්‌ තේරී පත්වූහ.

UNP හා සංධාන ආධාරකරුවන් ගැටි මහියංගනය උණුසුම් වෙයි

2014 September 22 
UNP හා සංධාන ආධාරකරුවන් ගැටි මහියංගනය උණුසුම් වෙයි

එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් හා සංධාන ආධාරකරුවන් කිහිපදෙනෙකු ඊයේ (22 ) සවස රිදිමාලියද්ද ආදාඋල්පත ප්‍රදේශයේදි ගැටිමක් සිදු වි ඇති අතර ඒ සම්බන්දයෙන් එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් මහියංගන පොලිසිය වෙත පැමිණිලි කිරිමට පැමිණ ඇති අතර එසේ පැමිණි වෑන් රථයේ තිබි (පහර දිම සදහා යකඩ ) පොලු රාශියක් ගෙනවිත් තිබේ යැයි පවසමින් සංධාන ආධාරකරුවන් පොලිසිය ඉදිරිපිටදි (පාරේ) ඹහුනය ප්‍රහාරයක් එල්ලකර ඇත. එසේ පහර කෑමට ලක් වු එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් තිදෙනෙකු මහියංගන මුලික රෝහලේ හා ඌරනිය රෝහලේ නේවාසික ප්‍රතිකර ලබමින් සිටිති.

සිද්දිය සම්බන්දයෙන් උණුසුම් වාතාවරණයක් ඊයේ සවස මහියංගනය පොලිසිය ඉදිරිපිට ඇති වු අතර එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් අතර පැමිණ වෑන් රථයේ එක්සත් ජාතික පක්ෂ පක්ෂයෙන් මෙවර ඌව පළාත් සභාව සදහා තරග කල උපාලි සේනාරත්න මහතාද සිට ඇත. ඔහු එත්සත් ජාතික පක්ෂයේ මනාප වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් හත්වන ස්ථානයේ සිටිති.
සංධාන ආධාරකරුවන් විසින් රිදිමාලියද්ද නාගදිප ප්‍ර දේශයේ පුද්ගලයෙකුගේ නිවසකට හා ත්‍රිරෝද රථයකට පහර දි දැඩි අලාභහානි සිදු කර ඇත.
තමාට හා තමාගේ ආධාර කරුවන් හට සාමකාමි ආකාරයෙන් සිටිමට අවස්ථාවක් නොදෙන බවට එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට එරෙහිව අනුර විදානගමගේ මහතා මහියංගන පොලිසිය වෙත පැමිණිලි කර ඇත. එම අවස්ථාව සදහා තේනුක විදානගමගේ මහතා ඇතුලු විශාල සංධාන ආධාරකරුවන් පිරිසක් මහියංගන පොලිසිය ඉදිරිපිටට පැමිණ සිටියේය.
ගැටුම හේතුවෙන් හා තවත් මෙන් ගැටුම් ඇති විම වැලැක් විම සදහා මේ වන විට මහියංගන නගරය විශේෂ කාර්ය බළකාය (S.T.F) යටතේ දැඩි ආරක්ෂාව සලසා ඇති අතර සිද්ධිය සම්බන්දයෙන් මහියංගන පොලිස් නිළධාරින් පරික්ෂණ සිදු කෙරේ.

එක්සත් ජාතික පක්ෂයේ උපාලි සේනාරත්න මහතාගේ නිවසට හා ජනතාවිමුක්ති පෙරමුනේ අපේක්ෂක සුදත් බලගල්ල මහතාගේ නිවසට මේවන විට විශේෂ කාර්ය බළකාය (S.T.F) යටතේ දැඩි ආරක්ෂාව සලසා ඇත





වැලි ට්‍රැක්ටරේ පෙරලි පුද්ගලයෙක් මරුට

වැලි ට්‍රැක්ටරේ පෙරලි පුද්ගලයෙක් මරුට

වැලි ප්‍රවාහනය කරමින් තිබු ට්‍රැක්ටරයක් පෙරලි මිනිපේ මොරයාය ප්‍ර දේශයේ වයස 31ක තරුණ පුද්ගලයෙක් අද (22) දහවල් මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ සංජය දෙනරත් බංඩාර වයස 31ක් වන තරුණ අවිවාහක පුද්ගගයෙක් වන අතර 34/37, ගගේවත්ත, මොරයාය, මිනිපේ යන ලිපිනයෙ පදිංචි අයෙකි.

වැලි පටවා ප්‍රවාහනය කරමින් සිටියදි ට්‍රැක්ටරය පාරෙන් ඉවතට පැන කදුරකට පෙරලිමෙන් එයට යට වි ඇති අතර ඔහු කඩිනමින් ප්‍රදේශවාසින් විසින් මිනිපේ මොරයාය ග්‍රාමිය රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඒ වන වටත් ඔහු මියගොස් සිට ඇත.
සිද්දිය සම්බන්දයෙන් හසලක පොලිසිය පරික්ෂණ කටයුතු සිදු කෙරේ.


හසලක වැවේ මළ සිරුරක්

හසලක වැවේ මළ සිරුරක්

හසලක වැවේ මළ සිරුරක් ඊයේ (21) හමු වු අතර මළ සිරුර සතුන් විසින් කා දමා තිබු අතර මහියංගන මහේස්ත්‍රාත් තුමිය පැමිණ එම ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කරන ලදි


ඌවේ හිටපු මන්ත‍්‍රීවරුන් 16 කට වරම් අහිමිවෙයි.

ඌවේ හිටපු මන්ත‍්‍රීවරුන් 16 කට වරම් අහිමිවෙයි.

ඌව පළාත් සභා මැතිවරණයට මෙවර ඉදිරිපත් වූ පසුගිය පළාත් සභාව නියෝජනය කළ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් 16 දෙනෙකුට මෙවර යළි පළාත් සභා වරම් අහිමිවුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පසුගිය පළාත් සභාව නියෝජනය කළ ආර්.ඒ.ආර්. බන්දුසේන, මානෙල් රත්නායක, ජේ.එම්. ගුණතිලක, අජිත් දේශප‍්‍රිය, සුමිත් සමයදාස, නිමල් රත්නායක, අජිත් ලියනගේ, දයාරත්න බණ්ඩාර, අනිල් වැලිවිට සහ කේ.එම්. සිරිසේන හිටපු මන්ත‍්‍රීවරුන්ට මෙවර පළාත් සභාව නියෝජනය කිරීමට අවස්ථාව අහිමි වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයෙන් ඌව පළාත් සභාව නියෝජනය කළ ආර්. කුලතුංගට ද මෙවර සිය මන්ත‍්‍රී ධුරය අහිමිවුණා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ බණ්ඩාරවෙල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ රවී ගුණවර්ධන පළාත් සභා මැතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වුණා. එහෙත් ඔහුටද මෙවර පළාත් සභාවට තේරීපත්වීමට හැකියාව ලැබුණේ නැහැ. එමෙන්ම මැතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට එක්සත් ජාතික පක්ෂයට එක්වූ මිහිමල් මුණසිංහ ද මෙවර මැතිවරණ ප‍්‍රතිඵලවලට අනුව පළාත් සභාවට තේරී පත්වීමට වරම් අහිමි වුණා.

ජාතික නිදහස් පෙරමුණේ සිට සන්ධානයට එක්වූ ඩබ්ලිව්.ඒ. උදය කුමාර නාමයෝජනා නොලැබීම හේතුවෙන් මොණරාගල දිස්ත‍්‍රික්කය සඳහා ස්වාධීනව තරඟ කළ අතර ඔහුටද මෙවර පළාත් සභාව නියෝජනය කිරීමට අවස්ථාව හිමිවූයේ නැහැ. මේ අතර ගියවර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ සුජීව ජයසිංහ මෙවර පළාත් සභාවට ඉදිරිපත් නොවීමද විශේෂත්වයක්.

හාදවෙලා යමන් පනේ....

හාදවෙලා යමන් පනේ....


නිමල් ඩිලාන් ඇමැතිවරු ආසන වලින් පරදිති

නිමල් ඩිලාන් ඇමැතිවරු ආසන වලින් පරදිති
2014 සැප්තැම්බර් මස 21 10:56:29 

බදුල්ල දිස්ත්‍රික්කයේ කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු නියෝජනය කරන ආසන දෙකක බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට අහිමි විය. වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ බදුල්ල ආසනය ඡන්ද 6098 කින් ද හා විදේශ සේවා ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ හාලි ඇළ ආසනය ඡන්ද 2796 කින් ද එක්සත් ජාතික පක්ෂයට හිමි විය.


අනුර විදානගමගේ මනාප 59,316ක් ලබා ගනිමින් එම පක්ෂයේ පළමු ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

2014 September 21 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුර විදානගමගේ මනාප 59,316ක් ලබා ගනිමින් එම පක්ෂයේ පළමු ස්ථානය හිමිකරගෙන තිබෙනවා. 

එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප‍්‍රනාන්දු මහතා මනාප 173993ක් ලබාගනිමින් එම පක්ෂයේ ප‍්‍රථම ස්ථානය ලබාගෙන සිටිනවා.



මොණරාගල මනාප ලැයිස්තුවේ පළමු තැන ශෂීන්ද්‍රට

2014 September 21 · Edited
මොණරාගල මනාප ලැයිස්තුවේ පළමු තැන ශෂීන්ද්‍රට

ඌව පළාත් සභා මැතිවරණයේ මොණරාගල දිස්ති‍්‍රක්කයේ මනාප ප‍්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. එ් අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත් සභා මහ ඇමැති අපේක්ෂක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මනාප 96,619ක් ලබා ගනිමින් එහි පෙරමුණේ පසුවනවා.

දෙවන ස්ථානයට තේරීපත්ව ඇත්තේ කුමාරසිරි රත්නායක මහතායි. ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 59,285ක්.

උදාර සොයිසා මහතා මනාප 48,512ක් ලබා ගනිමින් මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

සාලිය සුමේධ මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 21,206 ක්. සෙනරත් අත්තනායක මහතා මනාප 19,448 ක් ලබාගෙන තිබෙනවා.

විමලදාස ගලගමආරච්චි මහතා ලබාගෙත් මනාප සංඛ්‍යාව 17,625ක්. හරීන් ධර්මදාස මහතා මනාප 15,843ක් ලබාගෙන තිබෙනවා. පද්ම උදේශාන්ත ගුණසේකර මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 12,412ක්.

මේ අතර එක්සත් ජාතික පක්ෂ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ ආනන්ද කුමාරසිරි මහතායි. ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 24,421ක්.

එච්.එම්.ධර්මසිරි මහතා මනාප 18,400ක් ලබාගනිමින් දෙවන ස්ථානය දිනාගෙන තිබෙනවා.

තිස්ස කුට්ට්ආරච්චි මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 18,265ක්.

ජයතිස්ස බණ්ඩාර මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 16437ක් ලබාගෙන තිබෙනවා.

මොනරාගල දිස්ත්‍රික්කයෙන් පළාත් සභාව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් ලබාගත් මනාප ඡන්ද ලැයිස්තුව පහත පරිදි වේ.



මනාප වලින් හරීන් බදුල්ලෙන් එකට

මනාප වලින් හරීන් බදුල්ලෙන් එකට

ඌව පළාත් සභා මැතිවරණයේ බදුල්ල දිස්ති‍්‍රක්කයේ මනාප ප‍්‍රතිඵලද මේ වන විට නිකුත් වෙමින් තිබෙනවා. එ් අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුර විදානගමගේ මනාප 59,316ක් ලබා ගනිමින් එම පක්ෂයේ පළමු ස්ථානය හිමිකරගෙන තිබෙනවා. චාමර සම්පත් මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 34,337ක්. සෙන්දිල් තොණ්ඩමන් මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 31,858ක්. වසන්ත කුමාර මහතා මනාප 28,187 යි.

එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප‍්‍රනාන්දු මහතා මනාප 173993ක් ලබාගනිමින් එම පක්ෂයේ ප‍්‍රථම ස්ථානය ලබාගෙන සිටිනවා. මනාප 30457ක් ලබාගත් වේලායුදම් රුද්‍රදීපන් දෙවන ස්ථානයට පත්ව සිටිනවා. තෙවන ස්ථානයේ පසුවන ජයන්ත කන්නංගර මහතා ලබාගෙන ඇති මනාප ඡුන්ද සංඛ්‍යාව 28290කි.

ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න මහතා මනාප 14161ක් ලබාගෙන තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් පළාත් සභාව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් ලබාගත් මනාප ඡන්ද ලැයිස්තුව පහත පරිදි වේ.


රජය ඌව රැක ගනී : ඡන්දත් අඩු කර ගනී

රජය ඌව රැක ගනී : ඡන්දත් අඩු කර ගනී
2014 සැප්තැම්බර් මස 21 09:08:26 | .

ඌව පළාත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349906 ලබාගෙන මන්ත්‍රී ධුර 19ක් ද (බෝනස් මන්ත්‍රී ධුර දෙකද ඇතුළුව), එක්සත් ජාතික පක්ෂය ඡන්ද 274773ක් ලබාගෙන මන්ත්‍රී ධුර 13ක් ද, ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රි ධුර දෙකක් දිනා ගත්තේය.


ඌව පළාත් සභා මැතිවරණය 2014 මොනරාගල දිස්ත්‍රික්කය සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ඌව පළාත් සභා මැතිවරණය 2014 මොනරාගල දිස්ත්‍රික්කය සමස්ත ඡන්ද ප්‍රතිඵලය

මොනරාගල දිස්ත්‍රික්කය සමස්ත ඡන්ද ප්‍රතිඵලය

පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සන්ධානය 140850 8
එක්සත් ජාතික පක්ෂය 77065 5
ජනතා විමුක්ති පෙරමුණ 14960 1

ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතය
වලංගු ඡන්ද සංඛ්‍යාව 241430 94.94%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 1287 1 5.06%
ප්‍රකාෂිත ඡන්ද සංඛයාව 254301
ලියාපචිංචි ඡන්ද සංඛ්‍යාව 332764


ඌව පළාත් සභා මැතිවරණය 2014 බදුල්ල දිස්ත්‍රික්කය - තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2014 September 21 · 
 

ඌව පළාත් සභා මැතිවරණය 2014 බදුල්ල දිස්ත්‍රික්කය - තැපැල් ඡන්ද ප්‍රතිඵලය

බදුල්ල දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය

පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතය
එක්සත් ජනතා නිදහස් සන්ධානය 8810 46.52%
එක්සත් ජාතික පක්ෂය 7274 38.41%
ජනතා විමුක්ති පෙරමුණ 517 2.73

ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතය
වලංගු ඡන්ද සංඛ්‍යාව 18939 97.23%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 539 2.77%
ප්‍රකාෂිත ඡන්ද සංඛයාව 19478


බදුල්ල 50%යි : මොණරාගල 45%යි

2014 සැප්තැම්බර් මස 20 13:38:37 
දහවල් එක පමණ වන විට බදුල්ලේ සියයට 50ක් පමණ ද, මොණරාගල සියයට 45ක් පමණ ද ඡන්දය පාවිච්චි කර ඇතැයි මැතිවරණ ආරංචි කියයි.

ජවිපේ කාර්යාලයකට ගිනි තබයි

 2014 September 20
http://www.lankadeepa.lk/index.php/top_story/263956

2014 සැප්තැම්බර් මස 20 10:44:35 | නයනජිව බණ්ඩාර

ජනතා විමුක්ති පෙරමුණේ මහ ඇමැති අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතාගේ රිදිමාලියද්ද සිය නිවස ඉදිරිපිට තිබූ පක්ෂ කාර්යාලටය මැදියම් රැයේ පහරදි අද (20) අලුයම ගිනි තබා ඇතැයි මහියංගන පොලිසිය පැමිණිලි කර ඇත
කැබ් රථවලින් ආ දෙපිරිසක් මෙම ක්‍රියාව කර ඇතැයි පොලිසිය කළ පැමිණිල්ලේ සදහන් වේ.



ඌව ඡන්දෙ වගතුග






ඌවට පොලිසියෙන් 12000ක්

ඌවට පොලිසියෙන් 12000ක්
ඌව පළාත් සභා මැතිවරණය නිමිත්තෙන් බදාදා (17) සිට පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ 12000ක් යොදවා මොණරාගල හා බදුල්ලේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මොණරාගල දිස්ත්‍රික්කයේ ජංගම සංචාර සහ මාර්ග බාධක සඳහා විශේෂ කාර්ය බළකාය යෙදවීමට ද නියමිතය.
බදාදා (17) රාත්‍රී 12න් පසු මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට නොහැකි බවත්, මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් රථ පෙළපාළි, පාපැදි පෙළපාළි හෝ වෙනයම් ආකාරයක පෙළපාළි ගමන් කරන සහ කටවුට් සහ පෝස්ටර ප්‍රදර්ශනය කරන්නන් අත්අඩංගුවට ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.

මහියංගන U.N.P. ජනහමුවට ජන ගගක්

 2014-09-15 ප.ව. 11:52

ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් පැවති මහියංගන එක්සත් ජාතික පක්ෂ අවසන් ජනහමුව සදහා විශාල ජන ගංගාවක් සහබාගි වි සිටි අතර අද (15) එම ජන හමුව මහියංගන බුද්ධගයා අනුරුව අදලදී පැවැත් විනි. එම ජන හමුව සදහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රම සිංහ මහතා, තිස්ස අත්තනායක මහතා, සජිත් ප්‍රේමදාස මහතා, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයාගමගේ මහතා රන්ජන් රාමනායක මහතා, ඌව පළාත් සභා මහ ඇමති අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා, පළාත් සභා අපේක්ෂක මහතුන් හා එක්සත් ජාතික පක්ෂ දේශපාලන නායකයන් විශාල පිරිසක් මෙම අවස්ථාව සදහා සහබාගි වි සිටියේය.
එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයාගමගේ මහතාගේ 54 වන උපන්දිනය රනිල් වික්‍රම සිංහ මහතා ඇතුලු විශාල පිරිසක් සමග ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් පැවති මහියංගන එක්සත් ජාතික පක්ෂ ජනහමුවේදි විශාල ජනතාවක් ඉදිරියේ සැමරුහ.
එක්සත් ජාතික පක්ෂ නායක ගරු රනිල් වික්‍රම සිංහ මහතා වේදිකාවට කුඩා දරුවන් රැසක් ගෙන්වා කේක් කැවීය. එසේම ජන හමුව සදහා පැමිණ සිටි ජනතාවටද කේක් වලින් සංග්‍රහ කිරිමට කටයුතු කිරිම කාගේත් ආදරය හා ගෞරවය දිනා ගන්නට සමත් විය.




කානිවල් එකේ ගුටිබැට - කිහිපදෙනෙක් රෝහලේ

2014-09-07 ප.ව. 09:21
මහියංගන රජමහා විහාරිය වාර්ශික ඇසල පෙරහැර මංගල්‍යට සමගාමිව මහියංගන නගරයේ පොදු ක්‍රිඩාංගන භුමියේ පෙරේදා (05) සංවිධානය කර තිබු විනෝස සැණකෙලිය හා සංගිත ප්‍රසංගයේ සිදු වු ගුටිබැට හෝමාරුවක් හේතුවෙන් පුද්ගපයන් කිහිප දෙනෙක් තුවාල ලබා මහියංගන මුලික රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනිම සදහා ඇතුලත් කරන ඇත.

ජනතා හඩ දිනන සටන මහියංගන රැළියට ජන ගංගාවක්

2014 September 6
ජනතා හඩ දිනන සටන මහියංගන රැළි යට ජන ගංගාවක් - 
2014-09-06 ප.ව. 9:51ඌව පළාත් සභා මැතිවරණයට අදාලව ජනතා හඩ දිනන සටන මැයින් අද දින (06) සවස මහියංගන නගරයේ පැවත් ජනහමුව සදහා විශාල පිරිසක් සහබාගි වි සිටි අතර සමන්ත විද්‍යාරත්න, අනුර කුමාර දිසානායක වැනි ප්‍රධාන කථිකයන් අදහස් දැක් වු අතර මහියංගන ආසනයෙන් තරගවදින ජනතා විමුක්ති පෙරමුනේ අපේක්ෂක සුදත් බලගල්ල හා අලහකෝන් බංඩාර යන මහතුන් අදහද් දක්වා සිටියා. මහියංගන ආසනය තුල ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන ජන රැළිය ලෙස මෙය සංවිධානය කර තිබුනි.
විවිධ බාධාකිරිම් හා අභියෝග හමුවේ අති සාර්ථකව මෙම ජනහමුව සංවිධානය කල බව කල බව කථිකවන් විසින් ප්‍රකාශ කල අතර ජනහමුව පැවැත්වෙන වේලාවේ නගරය දෙසට/සදහා සවිකර තිබු ශබ්ද විකාශන යන්ත්‍රවල රැහැන් (වයර්) කපා දමා තිබුනි.



Swarnavahini News >>පාසැල් ක්‍රිඩාපිටියේ කානිවෙල් - විනෝද සැණකෙලි

2014 September 2 · 
 Swarnavahini News >>පාසැල් ක්‍රිඩාපිටියේ කානිවෙල් - විනෝද සැණකෙලි දෙමාපියන්ගේ විරෝධය

https://www.facebook.com/video.php?v=552973774832108&set=vb.160815704047919&type=2&theater