Saturday, July 2, 2016

අවුරුදු 09 දැරිය අපයෝජනය කර ඇලට දමා ඝාතනය කල බීඩි සෝමේ අධිකරණයට ඉදිරිපත් කෙරේ - 30 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කෙරේ.

2016-06-20 ප.ව. 5:09
මහියංගන, රිදිමාලියද්ද මොරාන ගම්මානයේ වයස අව්රුදු 09ක පාසැල් දැරියක් අපයෝගනය කල සිද්ධියට සම්බන්දයෙන් අත් අඩංගුවය ගනු ලැබු 33 හැවිරිදි සැකකරු අද (20) දින සවස 4.00ට පමණ මහියංගන පොලිස් නිළධාරින් විසින් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය විසින් සැකකරු මේ මස 30 දින (2016-06-30) දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබීය. සැකකරු වසර 15කට පෙර ස්ත්‍රි දුෂණයක් සම්බන්දයෙන් අධිකරණයට හමුුවට ඉදිරිපත් කර වසරක සිරදඩුවම් ලැබු අයෙකි. ගම්මානයේ ඔහු “ බීඩි සෝමේ “ නමින් නම් පට බැදි අයෙකුද වේ.
මෙසේ රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබු සැකකරු රිදිමාලියද්ද මොරාන, යල්වෙල, දික්වෙල පදිංචි වයස 33ක් වන එච් එම් සෝමචන්ද්‍ර නැමැති අයෙකි. ඔහු විවාහක දෙකරු පියෙක් වන අතර ඝාතනය කරනු ලැබු පාසැල් දැරියගේ ඥාති වරයෙකි.
සැකකරු මහියංගන අධිකරණය හමුවට ඉදිරිපත් කරන මොහොතේ එය දැක බලා ගැනිමට විශාල පිරිසක් අධිකරණය භුමිය රැස්ව සිටියේය.




No comments:

Post a Comment