Thursday, December 31, 2015


මහියංගන රෝහලේ හෙදියන්ගේ උග්‍ර හිගයක් - දැනටමත් ශල්‍යාගාරයක් වහලා - දැඩිසත්කාර ඒකකයේ ඇදන් 3ක්ම ඉවත් කරලා - රෝහල් තෙමහල් ගොඩනැගිල්ලේ වැඩ නතර වී මාස ගනනාවක් - සෞඛ්‍ය ගැටලු රැසක් මතුවිමේ අවදානමක.


2015-12-31   පෙ.ව. 1:32

මහියංගන මුලික රෝහලේ හෙදියන්ගේ උග්‍ර   හිගයක් හේතුවෙන් එක් ශල්‍යාගරය මාස 6කට අධික කාලයක් තිස්සේ වසා දමන්නට රෝහල් පාලන අධිකාරිය කටයුතු කිරිම හා දැඩි සත්කාර ඒකකයේ තිබු ඇදන් 7න් 3ක්ම හෙදියන් නොමැති කමින් ඉවත් කිරිම හේතුවෙන් මහියංගන මුලික රෝහලෙන් ප්‍රතිකාර ලබන දිස්ත්‍රික් 5ක රෝගින් දැඩි අපහසුතාවයකට පත්ව සිටි. හෙදියන්ගේ හිගය හේතුවෙන් රෝහලේ දෛනික ප්‍රතිකාර කටයුතු රෝගීන් වෙනුවෙන් නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකිව ඇත.
මහියංගන මුලික රෝහල ඒ ශ්‍රේණියේ මුලික රෝහලක් වන අතර ඉදිරියේදී දිස්ත්‍රික් රෝහලක් කිරිමේ අවශ්‍යතාවය ඇති රෝහලක් වන අතර දැනට රෝහලේ උග්‍ර හෙදියන්ගේ හිගයක් හේතුවෙන් එහි ශල්‍යාගරයක් වසා දමන්නට සිදුව තිබෙනවා. මේ හේතුව නිසා ශල්‍යාකර්ම සදහා රෝහලට ඇතුලත් වන රෝගින්ගේ පොරොත්තු නාම ලේඛනය දික් ගැස්සී ප්‍රදේශයේ රෝගීන් විශාල පිරිසක් පීඩාවට පත්ව ඇත.
දැඩි සත්කාර ඒකක සේවාවය හා ශල්‍යාගාර සහ අත්‍යවශ්‍ය සේවාවන් අත්‍යවශ්‍ය මට්ටම දක්වා දියුණු කිරිම සදහා මහියංගන මුලික රෝහල වෙත  නව හෙදිවන් 40කට වැඩි ප්‍රමාණයක් ලැබිය යුතු බවයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග වලින්  පැවසෙන්නේ. පුහුණුව නිමකර නව පත්වීම් ලබන හෙදියන් විශාල ප්‍රමාණයක් ප්‍ර දේශයේ වෙනත් රෝහල් වෙත යොමු කන්නට බලධාරින් පියවර ගත්තද මහියංගන මුලික රෝහල වෙත අවධානය යොමු නොකිරිම මෙම ගැටලුවට මුල් වි ඇත.
රෝහලේ ඉදිකිරිම ආරම්භකල තෙමහල් ගොඩ නැගිග්ලේද කටයුතුද කොන්ත්‍රාත් කරු විසන්  අතර මග නවතා දමා මාස කිහිපයක් ගතවී ඇති අතර ගොඩනැගිල්ල සෑදිම සදහා රෝහල් භූමයේ හැරූ විශාල වලට වතුර පිරිම හේතුවෙන් ඉදිරියේදී සෞඛ්‍ය ගැටලු රාශියක් ඇති විය හැකි බවයි වෛද්‍යවරුන්ගේ මතය වි ඇත.  ඒ හේතුවෙන් කඩිනමින් මෙම ගොඩනැගිල්ලේද වැඩ අවසන් කර දෙන ලෙස ප්‍රදේශවාසින් ඉල්ලා සිටි.



Sunday, December 27, 2015

ෆොටෝ ගන්න මෙහෙ එන්න එපා - ආදිවාසී නායක ඇත්තෝ කියති

 2015-12-27 11:52:55
මේ දිනවල ලැබී ඇති දීර්ඝ නිවාඩුවත් සමග ආදිවාසීන් නැරඹීම සදහා මහියංගනය, දඹානට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙමින් සිටිනවා.
ඉකුත් දින 3 තුළ පමණක් ලක්ෂ දෙකක පමණ වු දේශීය සංචාරකයන් පිරිසක් පැමිණි බව දඹාන ආදිවාසී මාධය කේන්ද්‍රය පවසනවා.
එහෙත් මෙසේ පැමිණි සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් තමා ප්‍රමුඛ ආදිවාසීන් සමග ජායාරූප ගැනීමට පමණක් මෙම සංචාරය යොදාගැනීම ගැන තමා බලවත් සේ කණගාටුවට පත් කරවන්නක් බවයි ආදිවාසී නායක ඌරුවරි...ගේ වන්නියලැඇතතෝ පවසන්නේ.
ඒ අනුව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැඇතතෝ පෙන්වා දෙන්නේ "දඹානට එන ගමන අර්ථවත් කරගන්න නම් ඡායාරූප ගැනීමට පමණක් එය සීමා නොකළ යුතුයි. ආදිවාසින්ගෙන් ඉතිහාසය, සංස්කෘතිය හා සරල ජීවිතයේ හර පද්ධතිය ඇතුලු බොහෝ දේ පිළිබදව දැනුවත් විය හැකියි.
ඒ සදහා ආදිවාසී ජන උරුම කේන්ද්‍රය මනා අවස්ථාවක් කරගත හැකියි. නමුත් සමහරු එය බලන්නේ දුවන ගමන්. එහෙම නෙමෙයි සන්සුන්ව විපරමින් යුතුව එය නැරඹිය හැකියි. දඹානට එන ගමන සමහරු හිතන්නෙ එය හුදෙක් විනෝද චාරිකාවක් කියලයි. එහෙම හිතන්න එපා. ඒ වගේම දඹාන විනෝදයට යොදාගන්නත් එපා. එහෙම හිතලා පරිසරය විනාශ කරන්න එපා. දේශීය සංචාරකයන් දමා යන හිස් මත්පැන් බෝතල, ප්ලාස්ටික් බෝතල, කෑම ඔතන කොල අපේ පරිසරයට විශාල ප්‍රශ්නයක්." යනුවෙන්ද පැවසුවා.



Sunday, December 20, 2015

වාහන 4ක් ගැටි 33කට තුවාලයි

 5:30 PM - 12/20/2015
පදියතාලාව, සේරංකඩ, පළතුරුවැල්ල ප්‍ර දේශයේ අද (20) දහවල් බස් රථ දෙකක් ගැටි ඇති අතර අනතුරු සිදු වු ස්ථානයේ නවතා තිබු ලොරි රථයක තවත් බස් රථයක් ගැටි ඇති අතර මෙම අනතුර හේතුවෙන් 33 දෙනෙකු තුවාල ලබා ඇත. ඒ අනුව වාහන හතරක් මෙම ස්ථානයේ අනතුරට පත් ව ඇත.
තුවාල ලැබුවන් මහියංගන හා පදියතලාව රෝහගට ඇතුලත් කර ඇත. මහියංගන රෝහල වෙත ප්‍රතිකාර සදහා සවස 5.30 වන විට ඇතුලත් කර ඇති සංඛ්‍යාව 29ක් වු අතර එම සංඛ්‍යාව ඉහල යා හැකි බව රෝහල් ආරංචිමාර්ග සදහන් කරති.
අනතුරට පත් එක් බස් රථයක් වන්දනා චාරිකාවක් යමින් සිටි පිරිසක් රැගත් බස් රථයකි.
සිද්ධිය සම්බන්දයෙන් පදිය තලාව පොලිසියේ රථවාහන අංශය පරික්ෂණ කටයුතු සිදු කරති.











Friday, December 18, 2015

රිදිමාලියද්දේ මොරාන ජලාශ ව්‍යාපෘතියෙන් ගම්මුන්ට පිඩා - නිසි ආකාරයෙන් වන්දි නොදෙන බව පවසමින් ගම්වාසියෙක් ව්‍යාපෘති කාර් යාලයේ වහලට නගිති


රිදිමාලියද්දේ මොරාන ජලාශ ව්‍යාපෘතියෙන් ගම්මුන්ට පිඩා - නිසි ආකාරයෙන් වන්දි නොදෙන බව පවසමින් ගම්වාසියෙක් ව්‍යාපෘති කාර් යාලයේ වහලට නගිති 
2015-12-19 ‍ෙප.ව. 10.59  https://www.facebook.com/NewsatMahiyangana 

රිදිමාලියද්ද මොරාන ජලාශ ව්‍යාපෘතියේ වන්දි නිසි ආකාරයෙන ලබා නොදෙන බවත් එහිදි විවිධ අක්‍රමිකතා සිදුව ඇති බව පවසමින් ගම්වැසියෙක් ඊයේ (18) දහවල් ව්‍යාපෘතිකාර් යාලයේ වහල මත නැගි උපවාසයක් ආරම්භ කරනු ලැබුයේ වස බෝතලයක්ද අතැතිවයි.
වසබෝතලයක් අතැතිව මොරාන ජලාශ ව්‍යාපෘති කාර් යාලයේ වහලය මත  නගින ලද්දේ සමින්ද විජේරත්න නම් වයස 36ක් වයසැති තැනැත්තෙකි. ඔහු බුබුලේ යාය, මොරාන, යල්වෙල පදිංචි අයෙකි.
 මෙම ජලාශයේ වේල් සෑදිමේදි ඔහුන්ගේ නිවාසය කඩා ඉවත් කර ඇති අතර මේ වන තුරු ඔහුන් සදහා පොරොන්දු වු පරිදි වන්දි නොගෙවිම හා නිළධාරින්ගේ විවිධ අකටයුතු හා අකාර් යක්ෂම කටයුතු හේතුවෙන් මෙම තිරණය ගෙන මෙම උපවාසය ආරම්භ කල බව ඔහු පවසති. ජලාශය හේතුවෙන් නිවාස අහිමි වුවන් සදහා නිවාස සාදාගන්නා තුරු රජයෙන් ගෙවිමට පොරොන්දු වු නිවාස කුලි (කුලි නිවාස සදහා)  හා වන්දි ලබා දෙනතුරු  හා ව්‍යාපෘති අධ්‍යක්ෂක පැමිණ විසදුම් ලබා දෙනතුරු වහලෙන් නොබසින බවත් විසදුම් නොලැබුනහොත් වස පානය සිදු කරනා බව ඔුහු වහලය මත සිට ප්‍රකාශ කර සිටියේය.
ව්‍යාපෘති කාර්ය යාලයේ දැන්වීම් පුවරුවේ වන්දි ගෙවිම සදහා යෝජනාවී ඇති ගම්වාසින් 108කගේ නාම ලේඛනයක් හා මුදල් ප්‍රමාණය ප්‍රදර් ශනය කර ඇති අතර එයින් 35ක් සදහා පමණක් මේ වන විට වන්දි ගෙවිම සිදු කරන අතර ඒ තුලත් විවිධ වු නිළධාරින්ගේ අකටයුතු හා දෝෂ ඇති බව ගම්වාසින් චෝදනා කරති.

මෙම ගැටලුව විසදීම සදහා මහියංගන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිස්ස කුමාර  මහතා මැදිහත් වීමෙන් මොරාන ජලාශ ව්‍යාපෘති අධ්‍යක්ෂක කැදවීම සිදු කල අතර ව්‍යාපෘති අධ්‍යක්ෂක එ. වී . සී මෙන්ඩිස්   පැමිණ ගම්වාසින් හට ලිඛිත පොරොන්දුවක් ලබාදීමෙන් පසු උපවාසය අවසන් විය.

ශ්‍රිලංකාවේ දිලිදුකම්න් ඉහල ග්‍රාමිය ජනතාවක් වෙසෙන රිදිමාලියද්ද ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ‍  මොරාන ග්‍රාම නිළධාරි වසමේ මේ වන විට වසර 3කට පෙර ආරම්භ කරන ලද මොරාන ජලාශ ව්‍යාපෘතිය මගින් මේ වන විට ගම්මානයේ ගම්වාසින් හට මහත් පීඩා ගෙන දෙන බවත් ව්‍යාපෘතියේ නිළධාරින් හා දේශපාලන නායකයන් පො‍රොන්දු වු ආකාරයෙන්  ජලාශය සදහා යටවන ඉඩම් සදහා වන්දි ලබා නොදිම හා ජලාශයට යට වන ඉඩම් සදහා නව ඉඩම් ලබා නොදිම හේතුවෙන් ගම්මානයේ පවුල් 108ක් සදහා බලවත් අසාදාරණයකට ලක්වි ඇති බවට ගම්වාසින් චෝදනා කරති.  ගම්මානයේ පවුල් 35ක් සදහා වන්දි මේ වන විට ලබාදිමට නිළධාරින් කටයුතු කර ඇති අතර එසේ ලබාදෙන මුදල් හා චෙක්පත් සම්බන්දයෙන් විවිධ ගැටලු හා දෝශ ඇති බවට ගම්වාසින් චෝදනා කරති. එසේ සිදු කිරිමෙන් අනෙකුත් වන්දි ලාබාන්ට බලවත් අසාදාරනයක් සිදුකර ඇති බව ගම්වාසින් චෝදනා කරති.
 පොරොන්දු වු ආකාරයෙන් වන්දි හා ඉඩම් ලබාදිමට නිළධාරින් අපොහොසත් විම මෙම ගැටලුවට මුල් වි ඇත.
උල්හිටිය ඔය හරස් කරමින් , කෙසෙල්පොත ප්‍ර දේශයේ රොටවැව සදහා ජලය ගෙන යෑම සදහා මෙම මොරාන ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කල අතර ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි 15000කි. එමගින් අක්කර 1800ක් අස්වැද්දීමට අපේක්ෂා කෙරෙනවා. ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 170ක්. 
මොරාන, පෙතියාගොඩ, මහලුණුක යන ග්‍රාම සේවා වසම් තුනක හා යල මහ කන්න දෙකම වගාවන් සදහා ජලය සැපයු ඇල්හේන ව්‍යාපාය, නෙලුව ව්‍යාපාරය, දෙමෝදර ව්‍යාපාරයේ (ව්‍යාපාර තුනක) කුඹුරු යට කරමින් ජල ව්‍යාපාර තුනක පවුල් 108ක් මෙම ජලාශය හේතුවෙන් ඉඩම් අහිමි වන අතර ඒ සදහා වන්දි හා ඉඩම් ලබාදිමට නියමිතව තිබේ. ව්‍යාපෘතිය ආරම්භකර වසර 3කට අධික කාලයක් ඉක්ම ගියද පොරොන්දු වු ආකාරයෙන් වන්දි හා ඉඩම් ලබාදිමට නිළධාරින් අපොහොසත් විම මෙම ගැටලුවට මුල් වි ඇත.
ජලයෙන් යට වන ඉඩම් සදහා නව ඉඩම් ලබා නොදි ගම්වාසින් එම භුමිවල ජිවත් ව සිටියදි මේ වන විට වැවේ බැම්මා සැකසිම සදහා ගම්වාසින්ගේ වගා භුමිවලින් විශාල ලෙස පස් කැපිම සිදු කිරිම හේතුවෙන් මෙතෙක් කල් ජිවත් වීම සදහා සිදු කල වගාවන් ( බඩ ඉරිගු හා හේන් වගාවන්  ගම්මිරිස් කජු ) සිදු කරගැනිමට නොහැකිව ගම්වාසින් විශාල ලෙ ආර් ථික වශයෙන් ආදායම් නොලබන තත්වයකට පත්ව අති අතර තම පවුල් හා දරුවන් ජිවත් කරවිමට මහත් සේ දුක් විදිමට සිදු ව ඇතැයි ගම්වාසින් චෝදනා කරති.
එසේම ව්‍යාපෘතිය පටන් ගැනිමට පෙර නිළධාරින් හා දේශපාලන නායකයන් ගම්වාසින්ට පවසා ඇත්තේ ගම්වාසින්ට ප්‍රමුඛස්ථානයක් ලබා දෙමින් රැකියා අවස්ථා ලබා දෙන බවත් ගම්වාසින්ගේ වාහන මෙම ව්‍යාපෘතිය සදහා ( ලොරි හා ට්‍රැක්ටර්) ලබාගන්නා බවත් වන අතර මේ වන විට සියලු වාහන හා කම් කරුවන් පිටස්තරයෙන් ගෙන්වන ඒවා විමෙන් ගම්වාසින් හට එමගින් ද බලවත් අසාදාරණයක් වි ඇති බවයි. 
දේශපාලන නායකයන්, වාරිමාර්ග නිළධාරින්ගේ සිට දිස්ත්‍රික් ලේකම් තුමන් දක්වා රජයේ නිළධාරින් ගම්වාසින්ව සැම විටම රැවැට්ටු බවටද ගම්වාසින් චෝදනා කරති.








ඵලදායිතාවයෙන් ජාතික මට්ටමේ ජයග්‍රහනයක් මහියංගනයට - මහියංගනයේ දුෂිතම රාජ්‍ය ආයතනය වසර තුනකින් රටේම සම්මානයට පාත්‍රවු කාර්යාලයක් බවට සීග්‍ර පරිවර්ථනයකට

6:30 PM 12/18/2015

2014 ඵලදායිතා තරඟාවලියේ ජාතික මට්ටමේ තෙවන ස්ථානය දිනාගෙන මහියගංගනයට කිර්ථියක් හා අභිමානයක් ගෙන එන්නට මහියංගණ නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලය පසුගිය දා සමත් උනා. 

ඒ  2015..12.15 දින B.M.I.C.H. හිදී පැවැත්වුන සම්මාන උළෙලේදිය. පැවති තරගාවලියේ රාජ්‍ය අංශයේ ක්ෂුද්‍ර පරිමාන අංශයේ ජාතික මට්ටමින් තෙවන ස්ථානට දිනාගෙන තිබේ.
  
මහියංගන ප්‍ර දේශයේ පවතින රාජ්‍ය ආයතන වලින් දූෂිතම හා අකාර්යක්ෂම රාජ්‍ය ආයතනය ලෙස කාලයක් තිස්සේ නම් දරා සිටි මහියංගණ නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලය වසර තුනක් වැනි කෙටි කාලයක් තුල '' බිම්කඩක උරුමයට අත්වැලක්  '' යන තේමාව යටතේ සිග්‍ර පරිවර්ථනයකට ලක් කරන්නට වර්ථමාන නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්වරයාට හැකි වින. 

නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් නුවන් සී හේමකුමාර මහතාගේ අප්‍රතිහත ධෛර්යෙන් හා මග පෙන්වීමෙන් ද ඒ මහතාගේ මගපෙන්වීම තුල කාර්යාලයේ නිළධාරින්ගේ මහත් කැප කිරිම් යටතේ මෙම ජයග්‍රහනය ලබාගන්නට හැකි වී තිබේ.

එම උත්සවයේ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් හා කාර්යාලයේ වත්මන් තත්වය දැක්වෙක මෙම ඡායාරූප වලින් දැක්වේ.   මෙම ජයග්‍රහනය මහියංගනයට ගෙන ඒමට කටයුතු කල නිළධාරින් හා කාර්යාල නිළධාරින් සැමට මහියංගන ජනතාවගේ හද පිරි සුභාෂිංශණය !!!!!!!!!!!!!!!!!





















Thursday, December 17, 2015

ඌව අයවැය වැඩි ඡන්ද 25කින් සම්මත වෙය

2015 දෙසැම්බර් මස 17
2016 වසර සඳහා ඌව පළාත් සභාවේ අයවැය අද (16) වැඩි ඡන්ද 25 කින් සම්මත විය.
එක්සත් ජාතික පක්ෂ හා සන්ධාන මන්ත්‍රීවරු 26 දෙනෙක් අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයෙක් පමණක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
තවත් මන්ත්‍රීවරුන් තිදෙනකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි අතර ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු හා ජවිපෙ මන්ත්‍රීවරයෙක් විය.
ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා පසුගිය 14 වැනිදා අයවැය පළාත් සභාවට ඉදිරිපත් කළ අතර දින 3ක් පුරා පැවැති විවාදය අවසන ඡන්ද විමසීම ඊයේ (16) පස්වරුවේ සිදුවිය.

Monday, December 14, 2015

ඌව පළාත් සභාවේ විපක්ෂනායකධුරය ජවිපෙට?


2015-12-14 ප.ව. 11:55
ඌව පළාත් සභාවේ විපක්ෂනායකධුරය  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාට   දෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ  ලේකම් ටිල්වින් සිල්වා මහතා  තමාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි ඌව පළාත් සභාවේ සභාපති ඒ. එම්. බුද්ධදාස මහතා  අද (14දා) පළාත් සභාව ආරම්භයේදී ප්‍රකාශ කළේය.

ඌව පළාත් සභාවේ හිටපු විපක්ෂනායක පළාත් සභාමන්ත්‍රී  උපාලි සමරවීර මහතා  ඉකුත් 3 වනදා සිට ඇමතිවරයෙක් බවට පත්විමත් සමග ඌව පළාත් සභාව දෙමුහුන් ඇමති මණ්ඩලයක් ඇති පළාත් සභාවක් බවට පත්වී ඇති බවත් ටිල්වින් සිල්වා මහතා සිය ලිපියෙන් දන්වා තිබෙන බවද සභාපතිවරයා පවැසීය. ඒ පිළිබඳව තිරණයක් ගැනිම කල් තබන බවද ඔහු සඳහන් කළේය

රංදෙනිගල ජලාශයේ වාන් දොරටු 3ම ස්වයංක්‍රීයව මිටර් 2.5 බැගින් විවෘත වෙයි. - විශාල ජල ප්‍රමාණයක් මහවැලි ගගට මුදා හරි

2015-12-14 ප.ව. 11:08
රංදෙනිගල ජලාශයේ වාන් දොරටු 3ම ස්වයංක්‍රීයව මිටර් 2.5 බැගින් අද(14) රාත්‍රි 9.30 පමණ විවෘත වෙයි. මහවැලි ජලාශවලට පහලින් මහවැලි ගග පරිහරණය කරනා පිරිසට ආරක්ෂාකාරි වන මෙන් රංදෙනිගල ජලාශ බාර කාර්ය බාර ඉංජිනේරුවරයා දැනුම් දෙයි. 
විශාල ජල ප්‍රමාණයක් මහවැලි ගගට මුදා හරිනා බැවින් මහවැලි ගග දෙපස ජිවත් වන හා මහවැලි ගග පරිහරනය කරනා ජනතාව ආරක්ෂාකාරි වන මෙන් දැණුම් දෙයි

යතුරුපැදි අනතුරෙන් තරුණයන් තිදෙනෙක් ජිවිතක්ෂයට - යතරුපැදිය එම ස්ථානයේම ගිනිගෙන අලු බවට පත් වෙයි


12/14/2015 10:46 PM
මහියංගන ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ 3 කණුව ප්‍ර දේශයේදී ඊයේ (13) රාත්‍රි 7.00 පමණ සිදු වු යතුරුපැදි අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් තරුණයන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත් වී ඇත.
මාර්ගයේ ගමන්ගත් මහින්ද්‍රා ට්‍රක් රථයක යතුරු පැදිය ගැටී මෙම අනතුර සිදු වී ඇති අතර ට්‍රක් රථය යතුරුපැදියේ ගැටි මාර්ගයෙන් ඉවතට පැන නතර වී තිබු අතර යතුරුපැදිය එම ස්ථානයේම ගින්නෙන් දැවී අලු වී ඇත.
යතරු පැදියේ ගමන් ගත් තරුනයන් තිදෙනාගෙන් දෙදෙනෙකුම එම ස්ථානයේදිම මිය ගිය අතර තුවාල ලැබු එක් තරුණයෙකු ප්‍රතිකාර සදහා මහියංගන රෝහලටද පසුව පේරාදෙනිය රෝහලට මාර කර යුවුවද ඔහුගේ ජිවීතය බේරාගැනිමට වෛද්‍ය වරුන් සමත් වී නොමැත.

සිද්දිය සම්බන්දයෙන් මහියංගන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පරික්ෂණ කටයුතු සිදු කරති