Saturday, May 30, 2015

බිරිඳ ඝාතනයකර සැමියාත් වස බොයි

5:08 PM 5/30/2015
තියුණු ආයුධවලින් පහරදී තම බිරිඳ ඝාතනය කළ සැමියෙකු වස පානය කර දිවි නසාගැනීමට උත්සාහ කළ පුවතක් මහියංගණය - පින්නගොල්ල ප්‍රදේශයෙන් අද (30) වාර්තාවුණා.
නිවස අසල පිහිටි හේනකදී මෙය සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිගයාම නිසා මෙය සිදුව ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. වස පානය කිරීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන සැමියා මේ වනවිට බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එලබෙන දන්සැල් සමය වෙනුවෙන් තොග බඩු කඩ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ පරික්ෂාවට - මියො කාපු හා කුණු වු ආහාර සොයාගැනේ - ව්‍යාපාරිකයන් 06 කට නඩු


2015-05-30 ප.ව. 2:24
එලබෙන දන්සැල් සමය වෙනුවෙන් මහියංගන නගරයේ තොග බඩු කඩ හා සිල්ලර බඩු කඩ සියල්ල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ පරික්ෂාවට අද (30) දිනයේ ලක් කෙරනා. විශේෂයෙන් දන්සැල් සදහා යොදා ලන්නා අමුද්‍රව්‍ය තත්වයෙන් බාල / නරක් වු හා විකිණිමට නුසුදුසු ඒවා කූඨ වෙළෙදුන් විසින් දන්සැල් සදහා ලබාදිම වැලැක්විම මෙහි අරමුණ වු අතර මහජනතාවලේ සෞඛ්‍ය ගැන විශේෂ සැලකිල්ලක දැක්විම මෙහි ප්‍රධාන අරමුණ වි තිබේ.
මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ වෛද්‍ය පි කේ ධර්මප්‍රිය මහතාගේ උපදෙස් පරිදි ආර් එම් ටි පි විජේසෝම, ඊ ඩි ඩි ඒ එදිරිසිංහ, ඒ එම් එස් අබේසේකර යන මහජන සෞඛ්‍ය මහතුන් විසින් මෙම පරික්ෂාවන් සිදු කරන ලදි
පුස්සහිත කඩල කිලෝ 120ක්, මියන් හානික සකස් කරනලද ආහාර පැකට්, පණු කැදලි හා ගුල්ලන් සහිත උදු ඇට කිලෝ 32 , මහජන සනිපාරක්ෂාවෙන් තොරව නිපද වු බුන්දි සැදිමේ ස්ථානයක් ඇතුලු පුද්ගලයන් (ව්‍යාපාරිකයන් ) 06ක් සදහා නඩු පැවරිම සිදු කරන ලදි







නව එක්සත් ජාතික පක්ෂ මහියංගන ප්‍රධාන ආසන සංවිධායක මහියංගන ජනතාව හරසරින් පිළිගැනේ


2:55 PM 5/30/2015

නව පත්විම් ලැබු එක්සත් ජාතික පක්ෂ මහියංගන ආසන ප්‍රධාන සංවිධායක උපාලි සේනාරත්න මතා පිළිගැනිමේ උත්සවයක් මහියංගන නගරයේදි අද (30) උදැසන 10.00ට සංවිධානය කර තිබු අතර ඒ සදහා විශාල පිරිසක් සහබාගි වි සිටියේය.
ඌව පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්රි උපාලි සේනාරත්න මහතා මිට පෙර එක්සත් ජාතික පක්ෂ මහියංගන ආසන සම සංවිධායක ලෙස කටයුතු කලේය. රිදිමාලියද්ද ප්‍රාෙද්ශිය සභාවේ දෙවරක් ප්‍රාෙද්ශිය සභා සභාපති ලෙස ඒ මහතා කටයුතු කල අතර පසුව ඌව පළාත් සභාවේ එක්සත්ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙකු ලෙස තේරි පත්විය.
හසලක නගරයේද හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර සිදු කිරිමෙන් අනතුරුව මහියංගන ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල භුමියේ පිහිටි සි පි ජේ සෙනෙවිරත්න මහතාගේ පිළිරුවටද පුෂ්පෝපහාර දක්වා මහියංගන නගරට පිවිසි අතර එහිදි මහියංගන නගරයේ සමාධි පිළිරුව අභියසට පැමිණ ආගමික වතාවත් වල නිරත විමෙන් පසු මහියංගන නගරයේ ජනහමුවක්ද පැවැත් විය. මෙම අවස්ථාව සදහා විශාල ජනතාවක් සහබාගි වි සිටියේය.











Friday, May 29, 2015

එක්සත් ජාතික පක්ෂ මහියංගන ආසන ප්‍රධාන සංවිධායක ලෙස උපාලි සේනාරත්න මතා පත්විම ලබයි

2015-05-29 පෙ.ව. 11:38


එක්සත් ජාතික පක්ෂ නව මහියංගන ආසන ප්‍රධාන සංවිධායක ලෙස එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් සභා මන්ත්‍රි උපාලි සේනාරත්න මහතා ඊයේ (28) දින සිරිකොත මන්දිරයේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබිය. එම අවස්තාව සදහා කබිර් හෂිම් මහතාද එක් වි සිටියේය.
ඌව පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි උපාලි සේනාරත්න මහතා මිට පෙර එක්සත් ජාතික පක්ෂ මහියංගන ආසන සම  සංවිධායක ලෙස කටයුතු කලේය.
නව පත්විම් ලැබු එක්සත් ජාතික පක්ෂ මහියංගන ආසන ප්‍රධාන සංවිධායක උපාලි සේනාරත්න මතා පිළිගැනිමේ උත්සවයක් මහියංගන නගරයේදි හෙට (30) උදැසන 9.00ට සංවිධානය කර ඇත.


Tuesday, May 26, 2015

වැසිදාට අලි නෑවිය හැකි තරමේ වලවල් - ලොග්ගල්ඔය මාර්ගය හොදටම අබලන් - කුඩා වාහන දැන් යන්නේම නෑ ඒ පාරේ


2015-05-26 ප.ව. 1:06
මහියංගන ලොග්ගල් ඔය, පගරගම්මන මාර්ගය මේ වන විට ස්ථාන රැසක අලි නෑවිය හැකි මට්ටමේ වලවල් සෑදිම හේතුවෙන් ගමනාගමනය ඉතා දුෂ්කර වි ඇති බව ගම්වාසින් චෝදනා කරති.
මහියංගන සිට බදුල්ල දක්වා යා හැකි ඉතා කෙටි මාර්ගයක් වන මෙය බදුල්ල රෝහල වෙත ඉතා අසාධ්‍ය රෝගින් ගිලන්රථ මගින් කඩිනමින් ගෙනයා හැකි මාර්ගයක් ලෙස කාව්රුත් බාවිතයට ගත්තාවු මාර්ගයක් උවද අද වන විට එම පහසු කම ජනතාවට හා රෝගිනට අහිමි වි ඇත.
ඌව පළාත්සභාවට අයත් මාර්ගයක් වන මෙය අවස්ථා ගනනාවකදි විශාල මුදලක් වැය කර ප්‍රතිසංසකරනණ කලද, ප්‍රතිසංස්කරණය කිරිමට ගතවු කාලයට වඩා වැඩි වේගයකින් මාර්ගය අබලන් තත්වයට පත්වන බව ගම්මුන් චෝදනා කරති. ප්‍රතිසංස්කරන කටයුතු නිසි ප්‍රමිතියෙන් තොරව සිදු කිරිම ඊට හේතුව වි තිබේ.
වරෙක බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදි ද මෙම මාර්ගය සම්බන්දයෙන් හිටපු ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වු අතර මාර්ගය නිසි ප්‍රමිතියෙන් යුතුව සාදා දෙන ලෙස එහිදි නිළධාරින් හට නියෝගද කෙරිනි.
මෙම මාර්ගයේ පාසැල් කිහිපයක්ම පවතින අතර වැසි සමයේ මාර්ගයේ විශාල වලවල් වල ජලය පිරිම හේතුවෙන් පාසැල් වෙත යන කුඩා දරුවන් විශාල ගැටලු රැසකට මුහුන දෙන බව ගම්මානයේ වැසියන් පවසති. වැසි සමයට මාර්ගයේ විශාල වලවල් වල ජලය පිරිනු විට අලි පවා නෑවිය හැකි මට්ටමේ වලවල් පවතින පවත්, ඒ හේතුවෙන් කුඩා ප්‍රමානයේ වාහන ගමනා ගමනය අඩාල වි ඇති බවත් ගම්මුන් වැඩිදුරටත් පවසති.
වැලි ලොරි රැසක් මෙම මාර්ගයේ ගමන් කිරිම හේතුවෙන් මෙම මාර්ගය කඩිනමින් අබලන් වන බව වගකිවයුතු නිළධාරින් පවසන අතර මෙම ගැටලුවට විසදුමක් ලෙස නිසි ප්‍රමිතියෙන් යුතු බරවාහන ගමන් කල හැකි වන ආකාරයේ මාර්ග ප්‍රතිසංස් කරණය කර දෙන ලෙස ගම්වාසින් ඉල්ලා සිටි. තවද ජනතා මුදල් නාස්ති නොකර තාවකාලික පැලැස්තර නොයොදා ප්‍රමිතියෙන්යතු මාර්ගයක් ඉදි කර දෙන ලෙස ගම්වාසින් වගකිවයුතු රජයේ නිළධාරින්ගෙන් හා බළධාරින්ගෙන් ඉල්ලා සිටි.





මිනිස් අතකට සමාන වැල් අලයක් මහියංගනයෙන් - තවත් අලයක් මිනිස් පෙම් යුවලකට සමානලු

2015-05-26 ප.ව. 2:06
මිනිස් අතකට බොහෝසෙයින්ම සමාන වැල් අලයක් මහියංගන විල්ලුව වැව ප්‍ර දේශ‍යේ නිවසක වැල් අල හාරමින් සිටි පිරිසකට පසුගිය දා හමු වි ඇති අතර එහි ඇගිලි හා නිය පොතුද මිනිස් අතකට බොහෝසෙයින් සමාන ආකාරයෙන් පිහිටා තිබිම සුවිශේෂි වේ.
මහියංගන, පුජානගරය, විල්ලු පිටිය, අංක 101, ඩි.එම් පියන්ත මහතාගේ නිවසේ මෙම සුවිශේෂ ආකාරයෙන් මිනිස් අතකට සමාන වැල් අලය පසුගිය දා හමු වි ඇත. නිවසේ පිටුපස සිටවා තිබු වැල් අලය නිසි කල උදාවිමත් සමග ආහාර සදහා ලබා ගැනිමට හාරා ඇත. මිනිස් අතට සමාන වැල් අලය හා ඒ අසලම වෙනත් වැල් අලයක් හාරා ඇති අතර එයද මිනිස් යුවලකගේ සමාන හැඩරුවින් ඇති බව ඩි.එම් පියන්ත මහතා ප්‍රකාශ කර සිටි. පෙමින් වෙලිසිටින කාන්තා හා පිරිමි කෙනෙකුගේ හැඩය එම වැල් අලයටද ඇති බන එම මහතා වැඩිදුරටත් පැවසු අතර ඒවා දැක බලා ගැනිම සදහා ගම්මානයේ විශාල පිරිසක් ඩි.එම් පියන්ත මහතාගේ නිවසට පැමිණි බව ප්‍රකාශ කර සිටියේය.




Saturday, May 23, 2015

එදා LTTE පටන් ගත්තෙත් උතුරේ උසාවි පොලිසිවලට ගල් ගහල තමයි....මහින්ද රාජපක්ෂ මහතා මහියංගනයේදි කියයි. ඇත්දළ ලකුණින් ඉදිරියේදි ඡන්දය ඉල්ලනවාද යැයිද මාධ්‍ය විමසයි.

“ අද උතුරේ උසාවි වලට පොලිස්ථාන වලට ගල් ගහනවා. එදා එල්. ටි. ටි. ඊ. එක පටන් ගත්තෙත් එහෙම තමා. මේක බයානක තත්වයක් හා මුල පිරිමක්. ඉතිහාසය ගත්තාම ඔහොම තමයි එල්.ටි. ටි. ඊ. එක ආරම්භ උනේ. ඒක නිසා පොලිසිය ක්‍රියාත්මක වෙන්ඩ ඕන. උතුරේ නිතිය එක ක්‍රමයටත් දකුනේ නිතිය එක ක්‍රමයටත් ක්‍රියාත්මක කරන්ඩ බෑ. රටේ එක නිතියක් පවතින්ඩ ඕන. සාමය තියෙන්ඩ ඕන. මේ තත්වය ඉක්මනින් වෙනස් කිරිමක් කරන්ඩ ඕන. බොහොම පැහැදිලියි ඉතාමත්ව සංවිධානත්මකයි කියලා“ යැයි ප්‍රකාශයක් ලබා දෙමින් මහියංගන නගර මධ්‍ය යේ වු සමාධි බුදුරුව පරිශ්‍රය වෙත පැමිණ ආගමික වතාවත් වල නිරත විමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේය.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතාගේ සංවිධානයෙන් මෙම ආගමික වතාවත් සංවිධානය කර තිබුනේය.
විල්පත්තු වන සංහාරය පිළිබද මාධ්‍ය වේදින් ප්‍රශ්න කර සිටි අතර එහිදි “ මම මිට ඉස්සරත් මේ ගැන කථා කරලා තියෙනවා. මහලොකුවට ඔය ආන්ඩුවේ ඉන්නවා... හැමදාම කැලෑවේ ඉන්න කට්ටිය. අභය භුමියටම වෙලා ජිවත් වෙන කට්ටියත් ඉන්නවා... සතියකට පස් වතාවක් යන අයත් ඉන්නවා. ඉතින් ඒ අය මේවා ගැන ක්‍රියාත්මක වෙන්ඩ ඕන යැයි ප්‍රකාශ කර සිටියේය.
මෙහිදි මාධ්‍යෙව්දින් “ඇත් දළ ලකුනෙන් ඉදිරියේදි ඔබතුම ඡන්ද ව්‍යාපාරටය එනවාද? “ යන්න විමසු විට එයට කිසිවක් නොකියා සිනාසි පිටව යන්නට වු අතර රැස්ව සිටි පිරිස එහිදි “එතුමා මොන ලකුණින් ඉල්ලුවත් දිනනවා “ යැයි ඔල් ඔරසන් දුන්නේය.. රැස්ව සිටි පිරිස “මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජයවේවා.... ජයවේවා....“ යැයි කැගැසිය.



හිටපු ජනාධිපතිතමන් අද රෑ මහියංගනයේ

2015-05-20 ප.ව. 11:02
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (20) දින සන්ද්‍යාෙව් (8.00ට පමණ) මහියංගනයට පැමිණි අතර සොරබොර ප්‍ර දේශයේ හෝටලයක නවාතැන් ගෙන ඇත.
හෙට උදැසන 8.30ට මහියංගන නගර මධ්‍ය යේ සමාධිබුදු රුව අභියසදි ආගමික වතාවත් වල නිරත විමෙන් අනතුරුව දෙහිඅත්ත කන්ඩිය ප්‍ර දේශය බලා පිටත් විමට නියමිතව තිබේ.

යුද ජයග්‍රහනයේ 06 වර්ෂ පුර්ණය ගිරාදුරුකෝට්ටේදි


වසර 30 ක කුරිරු යුද්දය නිම කර ලැබු යුද ජයග්‍රහනයේ 06 වර්ෂ පුර්ණය ගිරාදුරුකෝට්ටේ නගරයේ අද දින (2015-05-18) සවස සමරනු ලැබිය


Sunday, May 17, 2015

උඩදුම්බර රිය අනතුරෙන් පොලිසියේ 2ක් මරුට - 3ක් රෝහල

5/17/2015 11:02 AM
මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගයේ හුන්නස්ගිරිය, ලේනාපිටිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් ගමන්ගත් වෑන් රථයේ ටිපර් රථයක් ගැටි අද අළුයම 03ට පමණ සිදුවු මෙම අනතුරෙන් මහනුවර ගලහා පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු ජිවිතක්‍ෂයට පත්වු අතර තවත් තිදෙනෙක් තුවාල ලබා පේරාදෙනිය මහරෝහලේ ප්‍රතිකාර ලබනවා.
...
උඩදුම්බර මඩුගල්ල ප්‍ර දේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී ආපසු එමින් සිටිය දී එම පොලිස් නිලධාරීන් අනතුරට ලක්ව ඇත.
අනතුර සිදු වන විට වැන් රථයේ පස්දෙනෙකු ගමන් කර ඇත. ලොරි රථයේ රියදුරා උඩදුම්බර පොලිසිය විසින් අත් අඩගුවට ගෙන ඇති අතර තෙල්දෙනිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
මිය ගිය පොලිස් නිළධාරින් වන්නේ, උප පොලිස් පරික්ෂක ජගත් ඥාණසිංහ (53) නුවර පාර, ගලහ යන ලිපිනයේ පදිංචි අයෙකි. අනෙක් මිය ගිය පොලිස් නිළ ධාරියා වන්නේ පොලිස් කොස්තාපල් ජයවනර්ධන (33) අවිවාහක අයෙකි. 114/4, හුරිකඩුව නැගෙන හිර, මැණික්හින්න යන ලිපිනයේ පදිංචි අයෙකි.
උඩදුම්බර පොලිසියේ රථවාහන අංශව මගින් රිය අනතුර සම්බන්දයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ. 





Friday, May 15, 2015

ගුරුවරයෙක් දරුවෙකුගේ අත කඩයි

2015-05-16 ප.ව. 10:56

මහියංගණ, ඔරුබැදි ඔය ප්‍ර දේශයේ පාසලක ගුරුවරයෙක් පාසැල් දරුවෙකුගේ අත වැල මිට ලගින් කඩා ඇති බවට මහියංගන පොලිසිය වෙත අද (15) දහවල් දහවල් පැමිණිල්ලක් කිරිම සදහා දරුවාගේ දෙමාපියන් පැමිණ සිටියේය. දරුවා වයස අවුරුදු 12ක පමණ වියේ පසු වන්නෙකි.
දරුවාගේ යම්කිසි වැරුද්දක් සම්බන්දයෙන් ගුරුවරයා විසින් දෙඩුවම් කර ඇති අතර එහිදි දරුවාගේ වැලමිට ආසන්නයෙන් අස්ථි බිදි ඇත. දරුවා සිංහල වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර ඇති අතර මහියංගන පොලිසියේදි සිද්ධිය පාසැල් පාර්ශවය හා දෙමාපියන් පොලිසිය ඉදිරියේදි සාමදාන වි ඇත. ඒ අනුව පොලිසියේ පැමිනිල්ලක් සටහන් කර නොමැත.

දැරියගේ බඩේ අමාරුවට හේතුව දැරිය ගැබිනියක් බව වෛද්‍යවරු කියයි

2015-05-16 ප.ව. 10:21

බඩේ අමාරුව හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සදහා වයස අවුරුදු 15ක දැරියක් රෝහල් ගත කිරිමෙන් පසු එයට හේතුව ඇය ගැබිනියක් බවට වෛද්‍ය පරික්ෂණ වලින් අනාවරණය වු සිද්දියක් ඊයේ (14) දහවල් කන්දකැටිය ප්‍ර දේශයෙන් වාර්ථාවේ.
දැරියගේ බාප්පා විසින් දැරිය බලහත්කාරයෙන් ජනවාරි මාසයේදි බරපතල ලෙස අපයෝජනය සිදු කර ඇත. අධික බඩේ අමාරුවක් හේතුවෙන් දැරියගේ දෙමාපියන් විසින් දැරිය ඊයේ (14) දහවල් මීගහකිව්ල රෝහල වෙත ඇතුලත් කිරිම...ෙන් අනතුරුව වෛද්‍ය පරික්ෂාවෙන් පසුව වෛද්‍යවරුන් විසින් දැරිය ගැබිනියක් බව හෙලි කර තිබේ. දැරියගේ වයස මේ වන විට අවුරුදු 15 මාස 03කි.
සිද්දිය සම්බන්දයෙන් කන්දකැටිය පොලිසිය පරක්ෂණ සිදු කරන අතර දැරිය අපයෝජනය සිදු කල ඇගේ බාප්පා මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

වටරැක පරණ පැමිණිල්ලක් අලුත් කරයි

2015 මැයි මස 14 14:25:33 | තරිඳු ජයවර්ධන

ඇමැති රිෂාඩ් බදුර්දීන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පරිසරයට හානි කරතියි සෙවීමට 2013 සැප්තැම්බර 13 වැනි දා විල්පත්තුවට ගිය ගිහි පැවිදි පිරිසකගේ කිවුම් කෙරම් ඇතුළත් වීඩියෝ පටයක් තමන් ළඟ ඇතැයි මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියෝ පොලිස්පතිට කියති.
...
අරක්කු බෝතල 20ක් ද රැගෙන වාහන හයකින් කැලෑවට ගිය මේ පිරිස ගිය මේ පිරිසට ඉත්තෑ මස් හා මුව මස් බයිට් ලෙස දී ඇතැයි ද, ඔවුන් නීතිය හමුවට පමුණුවන්නැයි ද වටරැක හිමියෝ ඉල්ලති.

Wednesday, May 13, 2015

පොලිසියේ 103ට ඇස් ලෙඩ

 දෙමළ ඉගෙන ගන්න ආ පොලිසියේ 103ට ඇස් ලෙඩ හැදි ප්‍රතිකාර සදහා රෝහලට එවයි - රෝගි නිළධාරින්ට නිවාඩු නොදිම රෝගය පැතිරිමට හේතුවලු නිළධාරින් චෝදනා කරති
5/13/2015 1:57 PM
මහියංගන මාපාකඩවැව පොලිස් පුහුණු මධ්‍යස්ථානයේ දෙමළ භාෂා අධ්‍යන පාඨමාලාව හැදැරිම සදහා පැමිණ පොලිස් නිළධාරින් 103කට ඇස් ලෙඩ රෝගය වැලදිමෙන් ප්‍රතිකාර ලබා ගැනිම සදහා මහියංගන මුලික රෝහලේ බාහිර රෝගි අංශය වෙත අද උදැසන ඇතුලත් කෙරින.
පාඨමාලාව සදහා පැමිණි නිළධාරින් දෙදෙනෙකුට මෙම රෝගි තත්වය මුලින් වැලදි ඇති අතර ඔහුනට නිවාඩු ලබා නොදි මධ්‍යස්ථානය තුල රදවා තබා ගැනිම තුලින් සිඝ්‍ර ‍යෙන් මෙම රෝගි තත්වය ව්‍යාප්තවු බවත් නේවාසිකාගර තුලඅඩු ඉඩ කඩ ප්‍රමාණයක විශාල පිරිසක් රදාවා තැබිම හේතුවෙන් මෙම රෝගය විශාල ලෙස ව්‍යාප්ත වන්නට හේතු වු බව අධ්‍යාපන කටයුතු සදහා පැමිණි නිළධාරින් චෝදනා කරති. ඉතිරි නිළධාරින් හටද මෙම රෝගය පැතිර යනු ඇතැයි අධ්‍යන කටයුතුවල නිරත පොලිස් නිළධාරින්ගේ දැඩි බයක් පවති.
ප්‍රථම දිනේදි රෝගින් 24ක්ද, පසු දින රෝගින් 18ක්ද, අද (13) දින රෝගින් 61ක් ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ප්‍රතිකාර සදහා යොමු කර ඇත. මහියංගන මුලික රෝහලේ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර සදහා යොමු කල නිළධාරින් සදහා පසුව වෛද්‍ය වරු මගින් දින 07 නිවාඩු අනුමත කර ඇති ඇත.
මහියංගන ප්‍රාෙද්ශිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ වෛද්‍ය වරු හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරු මැදිහත් විමෙන් මාපාකඩවැව පොලිස් පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යන කටයුතු නිලැලි සිටින පොලිස් නිළධාරින් සදහා රෝගය පැතිරිම අවම කිරම හා වලක්වා ගන්නා ක්‍රම හා පුද්ගල සනිපාරක්ෂාව පිළිබද දැනුවත් කිරිම් මේ වන විට කිපයක් ම මේ වන විට සිදු කර ඇති බවත් ඔහුන්ගේ දැඩි අධික්ෂණය පුහුණු මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව  මහියංගන ප්‍රාෙද්ශිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ වෛද්‍ය පි කේ ධර්මප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියේය.
ආසියානු පදනමේ අනුග්‍රහය ඇතිව පොලිස් නිළධාරින් සදහා ක්‍රියාත්මක දෙමළ බාෂා පාඨමාලාව මස 5ක අධ්‍යන කාලයක් තුළ ක්‍රියාත්මකව පවති. මේ වන විට  පොලිස් නිළධාරින් 385ක් පුහුණුව ලබති.