Saturday, July 2, 2016

ගහක කොළක වටිනාකම නොදන්නා පාසැලක් - පාලන අධිකාරියක්

11:58 PM 6/22/2016
මහියංගන ජාතික පාසලේ පැවති විශාල වෘක්ෂ රැසක් මේ වන විට කපා බිම හෙලා දරුවන් සදහා පාසැලේ සෙවනකට සිටිම වෘක්ෂයක් නොමැති මට්ටමකය පත්ව ඇති මොහොතක විද්‍යාලයේ ආදි සිසුවන් මැදිහත් වී මුදල් වියදම් කර, ශ්‍රමය කැප කර සිටුවා තිබු වටිනා අලංකාර පැළ කිහිපයකට ගිණිතැබීමක් අවස්ථා කිහිපයකදී මේ වන විට සිදුව තිබේ.
මෙම සිදු වීම ප්‍රථම වර සිදු වන විට ඒ සම්බන්දයෙන් විද්‍යාලයේ විදුහල් පතිතුමන් හා නියෝජ්‍ය විදුහල් පතිතුමන් දැනුවත්ත කර එම වටිනා පැළ ජලය යොදා ආරක්ෂා කරන ලෙසත් දැනුවත් කර තිබු පසු බිමක නැවත් එම පැළ සිටවු ස්ථාන යලිත් දෙවන වරටත් ඊයේ (22) දින දහවල් ගිනිතබා සිටවු පැළ වලට හානි වී තිබුනි. ඒ සම්බන්දයෙන් නැවතත් නියෝජ්‍ය විදුහල් පතිතුමන් දැනුවත්ත කිරිමෙන් අනතුරුව පාසැලේ පිරිසිදු කිරිම
සදහා සිටිනා කාර්යය මන්ඩලයේ කිහිප දෙනෙකු පැමිණ එම පැළය ආසන්නයේ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරනු ලැබුවා. ප්‍රථම අවස්ථාවේ පාසැල් පිරිසිදු කිරිම සදහා සිටින කාර්යය මණ්ඩලය විසින්ම එම ස්තානයේ ගිනි තබා තිබුනි.
ක්‍රිඩාපිටියේ තාප්පය අසල පේලියට අලංකාර මල් හටගන්නා රොබරෝසියා පැල 08ක් ආදි ශිෂ්‍යයන් විසින් සිට වු අතර මේ වන විට එහි ඇත්තේ පැළ 05කි. එම පැළද වරින් වර ගිනිතබා විනාශ කිරිමට එහි කාර්යය මණ්ඩලය කටයුතු කරති. ඒ පිලිබද දැනුවත් පාලන අධිකාරිය මුනිවත රකිති.
ලෝක පරිසර දිනය සමරා සති කිහිපයක් යන්නට මත්තෙන් පරිසරය ගැන නොසලකා ගහකොල සතා සිව්පාවා විනාශවනතුරු දෑස් වසා සිටිමට හැකිද??? පරිසරයේ හා ගහකොළ වටිනාකම පිළිබද දරුවන් ගේ දෑස් පැදිමට සිටිනා ගුරුවරුන්හට පාසැල් පාලන අධිකාරියට දැස් වසා සිටිය හැකිනම් එය අප ප්‍රදේශයට රටට සිදු වන්නේ මහත් විනාශයකි.
මහජන මුදලින් වැටුප් ලබා සේවය කරනා පාසැල් කාර්යය මණ්ඩලය හා පාලන අධිකාරිය සිටින්නේ පාසැලේ දේපල, ගහකොළ ආරක්ෂා කිරිමට නොව වැටුප් ලබාගැනිමට පමණක්ද???????????????????







No comments:

Post a Comment