Monday, July 30, 2012

ආදරය කිරීමට ගොස් රෝහලේ නතරවේ


රංජිත් කරුණාවීර - මහියංගනය      2012-07-30          10:30 ප.ව.

මාපාකඩ ප්‍රදේශයේ 15 හැවිරිදි පාසැල් දැරියකගේ ආදරය පතා ඇය පසු පස නිතර ගිය මහියංගන නගරයේ 26 හැවිරිදි තරුණයෙකු හා පාසැල් දැරියකගේ පවුලේ අය සමග ඇති වු ආරවුලක් හේතුවෙන් 28 සවස සිවු දෙනෙකු තුවාල ලබා මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ති‍ෙබන බව මහියංගන පොලිසිය සදහන් කලා. පාසැල් දැරිය මහියංගන ප්‍ර දේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටී. වයස 20-30 අතර වයසේ පසුවන සිවුදෙනෙකු ඇතිවු ආරවුල නිසා තුවාල ලබා රෝහලට ඇතුලත් කර ඇත.

බාල වයස් කාර දරුවාට අරක්කු පොවා දෙදෙනෙක් පොලිස් කුඩුවට


රංජිත් කරුණාවීර - මහියංගනය      2012-07-30          10:30 ප.ව.

හසලක බලවර්ධන ඔය විහාරස්ථානයක පැවති පිං කමකට සහබාගී වු 12 හැවිරිදි දරුවෙකු හට පිං කම අවසානයේදී මත් පැන් පෙවු දෙදෙනෙකු හසලක පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. 12 හැවිරිදි දරුවා ඊයේ (29) සවස හසලක රෝහලට ඇතුලත් කර ඇති අතර දරුවාට මත් පැන් පෙවු දෙදෙනා හසලක පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කෙරුනා.

මහියංගණ නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලය අවුල් ජාලයක් වෙලා


Sunday, July 29, 2012

කැබ් රථය ලයිට් කණුව පෙරලයි

රංජිත් කරුණාවීර - මහියංගනය      2012-07-29          10:00 ප.ව.

මහියංගණ පදියතලා මාර්ගයේ ගමන් කරමින් තිබු කැබ් රථයක් 49 කණුව ප්‍ර දේශයේදී පාරෙන්  ඉවතට පැන ලයිට් කණුවක හැපී ඇත. මෙම අනතුරෙන් කැබ් රථයට සහ ලයිට් කණුවට හානි සිදු වී ඇති අතර එහි ගමන් ගත් පුද්ගලයන් හට හානි සිදු වී නො මැත.

වයස 14 දැරියක් කෙලෙසයි - 5ක් අත් අඩංගුවට

රංජිත් කරුණාවීර - මහියංගනය      2012-07-29          10:00 ප.ව.

වයස 14 දැරියක් කෙලෙසු 22 හැවිරිදි පුද්ගලයෙකු අද (29) ගිරාදුරුකෝට්ටේ පොලිසිය මගින් අත් අඩංගුවට ගත්තා.  ඊට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් ද පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. 

නිවස බිද රත්‍රන් සොරකම් කල පුද්ගලයන් දෙදෙනෙක් හසලක පොලිසියට කොටු වේ

රංජිත් කරුණාවීර - මහියංගනය      2012-07-29          10:00 ප.ව.

හසලක වේරගංතොට පාලමහන්දියේ වෙළෙදසැලක් සහ බේකරිය අයිතිකරුවකුගේ නිවස බිද හිමිකරු හා තවත් දෙදෙනෙකු කඩුවකින් කපා කොටා තුවාල සිදුකර නිවසේ සේප්පුවේ වු මුදල් සහ ලක්ෂ 25 කට ආසන්න වටිනා කමක් ඇති රත්‍රං සොරකම් කර පලා ගිය  පුද්ගලයන් දෙදෙනෙකු  හසලක පොලිසිය මගින් 27 වන දින අත් අඩංගුවට ගෙන ඇත. සිද්දියට සම්බන්ද තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනිමට නියමිතයි.
බේකරි හිමිකරු විසින් එදින රාත්‍රියේ තමාගේ නිවසට පැමිනි පුද්ගලයන් බවට හදුනා ගැනිමේ පෙරට්ටුවකදී අත් අඩංගුවට පත් පුද්ගලයන් හදුනා ගෙන ඇත.  අත් අඩංගුවට ගත් පුද්ගලයන් වයස 25 ක් හා 28 තරුණයන් වන අතර ගම්පහ  ප්‍ර දේශයේ පදිංච් කරුවන් බව හසලක පොලිසිය පවසනවා.

වාහනයකට මගියෙක් යට කරගෙන යයි


රංජිත් කරුණාවීර - මහියංගනය      2012-07-29          10:00 ප.ව.

මහියංගන බිබිල මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී 27 දින රාත්‍රියේ මහමග ගමන් කරමින් සිටි මගියෙකු වාහනයකට යට කරගෙන ගොස්, මගියා මරණයට පත්වී ඇත.

Tuesday, July 17, 2012

කුකුල් ලොරිය ගුරුලුපොතදී පෙරලෙයි

රංජිත් කරුණාවීර - මහියංගනය      

2012-07-17          11:35 ප.ව.

මහියංගන කන්දකැටිය ප්‍ර දේශයේ සහ මිනිපේ හදගනාව ප්‍ර දේශයේ කුකුල් කොටු හතරකින් මස් සදහා ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් අද(17 දින) උදැසන 5.30ට පමණ හසලක නගරයත් ගුරුලුපොත ප්‍ර දේශය අතර මැදදී පාරෙන් ඉවතට පැන පෙරලී ඇත. වාහනයේ පැමිණි තිදෙනා හට අනතුරක් සිදු වි නොමැත. සුලු සීරීම් තුවාල පමණක් සිදු වී ඇත. ලොරි රථයේ ප්ලාස්ටික් කුඩ තුල කුකුලන්2000ක් පමණ සිට ඇත.  කුකුලන් ගම්පල දක්වා රුගෙන යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.

ළිදට වස දාලා - ජලය පානය කල 06ක් රෝහලේ

රංජිත් කරුණාවීර - මහියංගනය      2012-07-17          10:45 ප.ව.

ළිදේ ගෙම්බො 10ක්ම මැරිලා හිටියා - දැන් දවස් 2 -3 කට කලින් අපේ ගෙදර ඔක්කෝටම නිදිමත හැදුනා. බඩ රිදෙන්ඩ ගත්තා. බඩේ දැවිල්ල හැදුනා යැයි පවසමින්උල්පතගම මහායාය වීවින් හන්දිය පදිංචි හය දෙනෙකු 16 දින හසලක රෝහලට ඇතුලත් වී ඇත. කාන්තාවන් දෙදෙනෙකු සහ පුද්ගලයන් තුන්දෙනෙකු සහ වයස අව්රුදු 2 මාස 6ක පමණ දරුවකු මෙලෙස රෝහල් ගත වී ඇත. අද (17) වන විට ප්‍රතිකාර වලින් පසු ඔහුන් ගේ රෝගී තත්වයන් යහපත් අතට හැරෙමින් පවතින බව ප්‍රධාන වෛද්‍ය මංගල ජයතිලක මහතා ප්‍රකාශ කර සිටියා.
තම අසල්වාසී පුද්ගලයෙකු තමන් සමග නිතර රන්ඩු සරුවල් කරන බවල් ඔහුට විරුද්දව පැමිණිලි 06 ක් හසලක පොලිසියේ දමා ඇති බවත් බලාගනිල්ලා තොපි පොඩ්ඩ තමයි මරන්නේ යැයි පවසමින් තමන් හට තර්ජනය කල බව රෝහල් ගතවී සිටින වයි එම් යසෝමැණීකේ(37) පවසනවා. මෙම අසල්වාසියා බීමත්ව සිටින සෑම දිනකදීම තමන් සමග බහන්බස් වන බවත් ඒ සම්බන්දයෙන් පැමිණිලි 06 ක් හසලක පොලිසියේ දමා ඇති බව සදහන් කලා.
හසලක පොලිසිය මෙම සිද්දිය පිළිබද සොයා බලමින් සිටී. පරික්ෂා කිරීම සදහා ළිදේ ජල සාම්පල් ගෙන පරික්ෂණ සදහා යවා ඇති බව හසලක පොලිසිය පවසනවා.

Thursday, July 12, 2012

ගල්කුඩු නිසා ජීවිතය අනතුරේ - ගම්මු පාරට බසී


රංජිත් කරුණාවීර - මහියංගනය      

2012-07-12         11:35 ප.ව.



මහියංගන පදියතලා පාරේ 47 කණුව සේරාන මධ්‍යම ගල්කොරියෙන් නිකුත් වෙන ගල් කුඩු හේතුවෙන් අවට ගම්මාන වල සාමාන්‍ය ජන ජීවිතය අඩාල වී ඇතැයි පවසමින් අද(12) දින මහියංගන පදියතලා මාර්ගයේ රථවාහන ගමනා ගමනය නවතා ලමින් ගම්වාසීන් විරෝදතාවයක නිරත විය. උදැසන 9 සිට දහවල් 12 පමණ වන තුරු මෙම විරෝදතාවය පැවැත් විනි.

ගල් කුඩු හේතුවෙන් තම කුඩා දරුවන්ගේ සමේ කුෂ්ඨ රෝග සැදී ඇති බවත්, ගම්මුන්ගේ ළිං වල ජලය පානය කිරිමට නොහැකි තත්වයට පත් වී ඇති බවත් ළිං වල ජලය මතු පිට ගල් කුඩු තට්ටු පිටින් පාවෙන බවත්, මෙම හේතුවෙන් ගම්මානයේ මේ වන විට වකුඩු රෝගින් 50 කට වඩා සංඛ්‍යාත්මකව වැඩි වි ඇති බවත්,  සමහර ගල් කොරි සදහා බලපත්‍ර නොමැති බවත්, නීතිය මුදලට යට වී ඇතිබව මෙම විරෝදතාවයට  එක් වු ගම්වාසින් පවසනවා. තවද මෙම ගල් කොරි හිමි කරුවන් සීතල කාමර වල සුරසැප විදින විට ගම්වාසී ජනතාව පයට පෑගෙන දූවිල්ලක් තරම් වත් නොසලකා හැර ඇතැයි ගම්වාසින් පවසනවා.

නිසි පරිදි වතුර යොදා ගම්වාසින් හට පිඩා නොවන පරිදි කලුගල් කර්මාන්තය කරන ලෙස කලුගල් කොරි හිමි කරුවන් ගෙන් ඉල්ලා සිටින බවත් එම නීතී නිසියාකාරව/අකුරට ඉටු කරනවාද යන්න පිළිබද අදාල බලධාරීන් නිසි ලෙස සොයා බලන ලෙසටත්, මුදලට යට නොවී තම රාජකාරිය අකුරට ඉටු කරන ලෙස බලදාරින් ගෙන් ඉල්ලන බව ජනතාව ප්‍රකාශ කර සිටියා.

අලූත් පෙම්වතියට ආදරේ පෙන්වන්න ගිහින් රෝහලේ නවතින්න වෙලා


2012 ජූලි මස 06 09:10:32 | වියලූවේ නිශාන්ත කුමාර
පරණ පෙම්වතියගේ නමින් අතේ කොටා තිබූ පච්චයක් අලූත් පෙම්වතියගේ නමට හැරවීම සඳහා
අත් බෙහෙතක් කළ තරුණයෙකුගේ පච්චය පැසැවීම නිසා රෝහල් ගතවී ප‍්‍රතිකාර ලබා ගන්නට සිදුවූ බව කියවෙන පුවතක් වියලූවේ ගමකින් වාර්තා වේ. සිද්ධිය මෙසේය.


ඔහු වියලූවේ ගම්බද ප‍්‍රදේශයක තරුණ පෙදරේරුවෙකි.
තම ගමේම තරුණියක හා පෙමින් බැඳුණු ඔහු ඇයට පණ මෙන් ආදරය කළේය. කොතෙක් ආදරය කළේද යත් ඇගේ නම සඳහන් කර අතේ පච්චයක්ද කොටා ගත්තේය. එය නිතරම පෙම්වතියට පෙන්වූ ඔහු ඇයට ඇති ආදරයේ් තරම කියාපෑවේ ඇය ඉදිරියේ සිහින ලෝකයක් මවා පාමිනි.
කල් ගතවේද්දී තරුණ පෙම්වතා වෙනත් හදකට තුරුළු වූයේ පැරණි පෙම්වතියද සහමුලින්ම අමතක කර දමමිනි.
පෙම්වතාගේ අතේ පච්චය පිළිබඳ ඉවෙන් මෙන් තතු දැනගත් අලූත් පෙම්වතිය, එය මකා දමන්නැයි පෙම්වතාට නිතර නිතර ඇවිටිලි කළේය. ”මට ආදරේ නම් ඔය පච්චය මකල එතන මගේ නම ගහන්න” ඇය තොඳොල් වෙමින් කියා සිටියාය.
පෙම්වතියගේ ඇවිටිල්ල ඔහුටද හිසරදයක් විය. හෙතෙම පච්චය මකා ගන්නා ආකාරය ගැන මිතුරන්ගෙන්ද විමසුවේය.
”ඔතන හුණුයි සබනුයි අඹරල ගාපං” එක මිතුරෙන් අත් බේතක් කීවේය. පච්චය මත හුණු සහ සබන් අඹරා තට්ටුවක්ම තැවරීය.
දින දෙකක් තුනක් ගත වෙද්දී පච්චය ඇති තැන රතුවිය. තුවාලයෙන් නරක් වු ලේ ගලන්නට විය. දැඩි සේ වේදනා දුන්නේය. බෙහෙවින් බියටපත් තරුණයා ළඟම රෝහලට ගියේ අතට ප‍්‍රතිකාර ගන්නටය. තුවාලයේ බරපතලකම දුටු වෛද්‍යවරු ඔහුට පිටගැස්මට බෙහෙත් විද තුවාලයට වෙදකම් කරන්නට වාට්ටුවකටද ඇතුළු කළහ. දැන් ඔහු පෙම්වතිය වෙනුවෙන් රෝහලේය.

Wednesday, July 11, 2012

දුරකථන සමාගම් පහක බැටරි සොරකම් කර ඊ යම් සදහා විකුණා තිබියදී පොලිස් අත් අඩංගුවට

දුරකථන සමාගම් පහක බැටරි සොරකම් කර ඊ යම් සදහා විකුණා තිබියදී පොලිස් අත්  අඩංගුවට

රංජිත් කරුණාවීර - මහියංගනය      
2012-07-11          11:10 ප.ව.


ජංගම දුරකථන කුලුණු වල විදුලිය විසන්දි වු විට විදුලිය ලබා ගැනීම සදහා බාවිතා කරන බැටරි 91ක් සොරකම් කර ඊ යම් සදහා විකුණා තිබියදී මහියංගන පොලිස් අත්  අඩංගුවට පත් වුනා. එක් බැටරියක වෙළෙදපල සාමාණ්‍ය වටිනාකම 35000 - 40000 අතර බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.(35000 x 91=3185000) ජංගම දුරකථන කුලුණු වල ආරක්ෂක නළා පද්දතිය අක්‍රීය කර සුක්ෂම අයුරින් මෙම බැටරි සොර කම සිදු කර ඇත. රිදිමාලියද්ද, ඌරණිය, බෙලිගල්ල, ආදාඋල්පත යන ප්‍රදේශවල ජංගම දුරකථන කුලුණු වල මෙම බැටරි සොරාගෙන ඇත.
මහියංගන පූජානගරයේ පරණ යකඩ බඩු මිළදී ගන්නා ස්ථානයට මෙම සොරාගත් බැටරි 91 විකුණා තිබියදී පොලිස් අත් අඩංගුවට පත් විය. බැටරි 91 ඊ යම් සදහා විකුණා තිබෙන්නේ රුපි 93000කට වේ. මෙම බැටරි 91 දුරකථන සමාගම් පහකට අයත් ඒවා යැයි මහියංගන පොලිසිය පවසනවා. එක් බැටරියක් කිලෝ 40-45කට වඩා බරින් යුක්ත වේ.

Tuesday, July 10, 2012

බැංකුවෙන් හොරෙන් මුදල් ගත් පාසැල් සිසුවා පොලිසියට කොටු වෙයි

බැංකුවෙන් හොරෙන් මුදල් ගත් පාසැල් සිසුවා පොලිසියට කොටු වෙයි

රංජිත් කරුණාවීර - මහියංගනය      2012-07-10          11:45 ප.ව.


මහියංගණයේ පෞගලික බැංකුවකින් බැංකු කාඩ් පතක් මගින් අවස්ථා හතරකදී මුදලින් රුපි 38000ක් වන්චනික ලෙස ලබා ගත් බාල වයස් කාර පාසැල් සිසුවෙකු මහියංගන පොලිසිය මගින් 09 දින සවස අත් අඩංගුවට ගත්තේ අදාල බැංකුවේ මුදල් ලබාගන්නා යන්ත්‍ර යේ රහස් කැමරා පද්ධතියේ සටහන්ව තිබු වීඩියෝ දර්ශන පරික්ෂා කිරීමෙන් පසුවයි.
මෙම මුදලින් තමාගේ පෙම්වතියට වටිනා ජංගම දුරකථනයක් සහ සුවද විළවුන් බෝතලයක් මිළදි ගෙන ඇති බාල වයස් කාර පාසැල් සිසුවා, අනෙක් මුදල් වලින් ඉස්තරම් වර්ගයේ සිගරට් සහ අරක්කු තම පාසැල් සහ  ගමේ මිතුරන් සමග එක් වී පානය කර තිබේ. වන්චනික ලෙස  ලබාගත් මුදල් නැතිනාස්ති කර ඇති අතර අත් අඩංගුවට පත් වන දිනයේ පංති ගාස්තු ගෙවීම සදහ අවශ්‍ය මුදල් රුපි 300ක්  මව විසින් ඔහුට ලබා දී ඇත්තේ අසල්වාසී නිවසකින් ණයට ලබාගෙවනයි.
බාල වයස් කාර පාසැල් සිසුවා මෙලෙස වංචනික ලෙස මුදල් ලබාගෙන ඇත්තේ තම මාමාගේ බැංකු කාඩ් පත සොරකම් කිරීමෙන් පසු වයි. පාසැල් සිසුවා දම්බරාව ප්‍රදේශයේ පාසැල් සිසුවෙක් වන අතර වයස 16ක් වන අයෙක් වේ.

ඇමැති මර්වින් පාරේ බසයකට නඟී

ඇමැති මර්වින් පාරේ බසයකට නඟී
2012 ජූලි මස 10 22:14:21 | ගුරුළුපොත බන්දුල ගොඩකුඹුර

හසලක ප්‍රදේශයේ පාසලක ජංගම සේවාවකට ගිය ඇමැති මර්වින් සිල්වා මහතාට ආපසු ඒම සඳහා සිය නිල රථය සූදානම් කිරීමට ප්‍රමාද වීම නිසා මහියංගනයේ සිට මහනුවර බලා ධාවනය කළ පෞද්ගලික බසයකින් හසලක නගරයට  පැමිණීමට සිදුවිය.
ඒ බව  දැනගත් ඔහුගේ ආරක්ෂකයන් වහා එම බසය පසුපසින් හසලක නගරයට පැමිණ ඇමැතිවරයා සිය නිල රථයට නංවාගෙන කොළඹ බලා පිටත්ව ගිය බව හසලක පොලිසිය කියයි.

මාතලේ උකුවෙලින් හමු වු ලොව විශාලතම පිඹුරා රංදෙනිගල රක්ෂිතයට මුදා හරී

මාතලේ උකුවෙලින් හමු වු ලොව විශාලතම පිඹුරා රංදෙනිගල රක්ෂිතයට මුදා හරී

රංජිත් කරුණාවීර - මහියංගනය      
2012-07-10          10:55 ප.ව


මාතලේ උකුවෙල කැලෑවකින් හමු වු විශාලතම පිඹුරා ඉන්දියන් රොක් පයිතන් නම් ඝණයට අයත් වේ. මෙම පිඹුරා කිලෝ 87 බර අඩි 21.7 දිග ලෝකයේ වැඩිම බර හා වැඩිම දිග පිඹුරා ලෙස වාර්ථා වේ. වන ජීවී නිළධාරින් විසින් මෙම පිඹුරා රංදෙනිගල රක්ෂිතයට මුදා හැර තිබේ.
මිට පෙර රොක් පයිතන් වර්ගයේ පිඹුරෙකු ලංකාවේදි හමුවී ඇත්තේ කිලෝ 52ක බරකිනි.

18 වංගුව පාර බරවාහන සදහා විවෘත කර දෙන්න යැයි ඉල්ලමින් විශාල ජන ගගක්

18 වංගුව පාර බරවාහන සදහා විවෘත කර දෙන්න යැයි ඉල්ලමින් විශාල ජන ගගක්
පාලමහංදියට එක් වෙති

රංජිත් කරුණාවීර - මහියංගනය      
2012-07-07     8:35 ප.ව.


 
 18 වංගුව පාර බරවාහන සදහා විවෘත කර දෙන්න යැයි ඉල්ලමින් විශාල ජන ගගක් පාලමහංදියට අද(10) දින උදෑසන 6 සිට 10 පමන වන තුරු එක් වියා. විශේෂයෙන් වැලි ප්‍රවාහනයෙන් ජීවිකාව ගෙන යන අයට  දැන් පවතින නිතිය අසාධාරනයක් සිදු වී ඇතැයි ඔහුන් කියා සිටියා. 18 වංගුව මාර්ගයේ දැව ගඩොල් මෙට්ල් වැලි ප්‍රවාහනය සදහා මාර්ග සංර්ධන අධිකාරිය විසින් තහනම් කර ඇත. 18 වංගුව මාර්ගය තිබියදී රංදෙනිගල මාර්ගය හරහා ද්‍රව්‍ය ප්‍රවාහනයේදී ඉන්දන සදහා වැඩියෙන් රුපියල් 2000ක් වැය වෙතැයි ද ඔහුන් කියා සිටියා.
එමෙන්ම මෙම නීතිය අසරණ ජනතාවට පමණක් ක්‍රියාත්මක බවත් දේශපාලන හිතවතුන් සහ මාර්ග සංර්ධන අධිකාරියේ නිළධාරින් ගේ සහ හිතවතුන් හට මෙම නීතිය ක්‍රියාත්මක නොවීම ලැජ්ජා සහගත බවත් අසාධාරණ බවත් ජනතාව කියා සිටියා.
මධ්‍යම පළාත් මහා අමාත්‍ය සරත් ඒකනායක මහතා මෙම ස්ථානයට පැමිණ විරෝධතා කරුවන් සමග සාකච්වා කර මෙම ගැටලුව සදහා ඉදිරියේදි විසදුම් ලබාදීමට පියවර ගන්නා බව ප්‍රකාශ කිරිමත් සමග විරෝධතා කරුවන් විසිර ගියහ.



මහියංගණ ප්‍රදේශය සභාපති පහර දීයෙන් බවුසරයක සහයක රෝහලේ



ආදිවාසීන්ගේ අක්ෂි සෞඛ්‍ය පරික්ෂා කර බලයි

රංජිත් කරුණාවීර - මහියංගනය      
2012-07-10         7:35 ප.ව.

ආදිවාසින්ගේ අක්ෂි රෝග හදුනා ගැනීම සදහා ආදිවාසීනඅක්ෂි සායනයක් 09 දින මහියංගන මුලික රෝහලේ පැවැත්විය. එලබෙන ලෝක ආදිවාසී දින සැමරුමට (අගෝස්තු 08) සමගාමිව ඌව පලාත් සභා සමාජ සේවා දෙපාර්තමේන්තුව මැදිහත් වී මෙම අක්ෂි සායනය සංවිධානය කර තිබුනා. ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් ප්‍රමුඛ ආදිවාසි ජනතාව මෙම අක්ෂි සායනය සදහා සහභාගී වී සිටියා.
මහියංගන මුලික රෝහලේ  අක්ෂි විශේෂඥ වෛද්‍ය චමල් දයාජීව මහතා ආදිවාසීන්ගේ අක්ෂි සෞඛ්‍ය පිළිබද පරික්ෂා කර බලා අදාල වෛද්‍ය උපදෙස් ලබා දීමට පියවර ගත්තා.

Saturday, July 7, 2012

ලොරිය පෙරලුනේ කොහොමද කියා හිතා ගන්නත් බෑ

18 වන්ගුව පාරේ ලොරිය කන්ද උඩටම ගොස්  පහලට පෙරලෙයි
මේ ලොරිය පෙරලුනේ කොහොමද කියා හිතා ගන්නත් බෑ

රංජිත් කරුණාවීර - මහියංගනය      2012-07-07          4:25 ප.ව.

කොළඹ සිට අරනගන්විල බලා ගමන් කරමින් තිබු සන්නිවේදන උපකරණ පටවා ගත් ලොරි රථයක් අද උදෑසන 8ට පමණ මහියංගන - මහනුවර මාර්ගයේ ගුරුලුපොත ප්‍රදේහයේ වංගුවකදී  පාරෙන් පිට පැන අසල වු ගල් තලාවක් මතට නැග නැවත පහලට පෙරලී ඇත. වාහනය පැමිණී මාර්ගයේ මට්ටමින් අඩි 10ක් පමණ ඉහලින් ඇත. මෙම වාහනය පෙරලුන ආකාරය බැලු බැල්මට අවබෝද කර ගත නොහැක.

වාහනයේ පැමිණි තිදෙනාගෙන් දෙදෙනෙකු තුවාල ලබා හසලක රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මහියංගණ රෝහල වෙත මාරු කර යවා ඇත. හසලක පොලිසිය සිද්ධිය පිළිබද පරික්ෂණ කටයුතු සිදු කරයි. ලොරි රථයේ තිරින්ග ක්‍රියාත්මක නොවීම මෙම අනතුරට හේතුව බව ලොරි රථයේ රියදුරු පොලිසියට පවසා ඇත.

Friday, July 6, 2012

පාසල් ගුරුවරිය මරා දැමූ මිනිපේ චූදිතයාට මරණ දඬුවම

පාසල් ගුරුවරියගේ ගෙල සිරකර මරා දැමූ මිනිපේ චූදිතයාට මරණ දඬුවම

කෑගල්ල - එම්. බී. පහළවත්ත
වරකාපොළ මාහේනේ පදිංචිව සිටි ඉමාලි වික්රමසිංහ නමැති පාසල් ගුරුවරිය ගෙල සිරකර මරා දැමූ නඩුවේ චූදිතයාට කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විෙ-සුන්දර මෙනවිය විසින් ඊයේ (05 වැනි දින) කෑගල්ල මහාධිකරණයේදී මරණීය දණ්ඩනය නියම කරන ලදී.

2003
ජනවාරි මස 19 දා හෝ ඊට ආසන්න දිනයක ඉමාලි වික්රමසිංහ මහත්මියගේ ගෙල සිරකර මරණය සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටියේ මොරයාය මිනිපේ හසලක පදිංචි පතිරණ මුදියන්සේලාගේ මැදගෙදර නවරත්න බණ්ඩා නමැති අයෙකි.
මෙම චූදිතයාට විරුද්ධව වයස අවුරුදු හතළිහත් හැටත් අතර කාන්තාවන් නව දෙනකු මරා දැමීම සම්බන්ධයෙන් ගම්පහ කෑගල්ල, මහනුවර, බදුල්ල සහ අනුරාධපුර යන මහාධිකරණවල නඩු පවරා ඇතැයි පොලිස්පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

http://www.divaina.com/2012/07/06/news20.html