Wednesday, May 27, 2020

ලෝකෙටම තියෙන්නේ එකයි - දැන් ඒකත් ?? අහිමිවිය හැකි මහියංගනයේ උරුමය හා ජාතික සම්පත - සොරබොර වැව





ලෝකෙටම තියෙන්නේ එකයි - දැන් ඒකත් ?? අහිමිවිය හැකි මහියංගනයේ උරුමය හා ජාතික සම්පත - සොරබොර වැව
Clik >>>> 

https://youtu.be/HZh75skvDgE

Saturday, May 23, 2020

හසලක අභිමානය.... ගාමිණී කුලරත්න වීර පුතුණි.... ඔබට අපගේ උපහාරය.... 🙏🙏🙏

 2020 May 19 at 5:33 PM
හසලක අභිමානය....
ගාමිණී කුලරත්න වීර පුතුණි....
ඔබට අපගේ උපහාරය.... 🙏🙏🙏







ගිරාඳුරුකෝට්ටේ හරහා හමා ගිය දැඩි සුළඟක් හේතුවෙන් 2020-05-18 දින අලුයම 3.45ට පමණ ගම්මාන රැසක ගස් ඉදිරී බිමවැටී මාර්ග වලටද හානි සිදුවී ඇත.

ගිරාඳුරුකෝට්ටේ හරහා හමා ගිය දැඩි සුළඟක් හේතුවෙන් 2020-05-18 දින අලුයම 3.45ට පමණ ගම්මාන රැසක ගස් ඉදිරී බිමවැටී මාර්ග වලටද හානි සිදුවී ඇත. මහජනතාවට කිසිදු හානියක් සිදුවී නොමැත. තවද ගල්පෝරුයාය ගම්මානයට පිවිසෙන මාර්ගයේ ගසක් කඩා වැටීමෙන් විදුලි රැහැන් වලට හා කණු වලට බරපතල හානි සිදුවී ඇත.
ගල්පෝරුයාය වෙළන්ගස්පිටිය ගම මැද පාර එම්.ජී.සේනාරත්න මහතාගේ නිවස මතට අඩි 45ක් පමණ උස කොළොන් ගසක් කඩා වැටීමෙන් නිවසට බරපතල ලෙස අලාභ හානි සිදුවී ඇත.
අලුයම 3.30 සිට 4.30 දක්වා තදින්ම මෙම සුළඟ හමා ගිය බව පවසන සේනාරත්න මහතා.සිහින් කෙඳිරිලි හඬක් ඇසීමෙන් තමන් ඇතුලු පවුලේ සියලු දෙනා අවදිවූ බවත්, ටික වේලාවක් යන විට එය මහා ශබ්ධයක් වබට පරිවර්තනයවී දැඩි සුළඟක් බවට පත්වූ බවත් පවසයි. ඉතා තදින් හමා ගිය සුළඟට බියෙන් නිවසින් පිටතට පැමිණි විගස තම නිවසට ගස කඩා වැටුනු බව සේනාරත්න මහතා පැවසීය.
චාමින්ද ගමගේ - ගිරාඳුරුකෝට්ටේ







අ‍යිස් මත්ද්‍රව්‍ය මහියංගණයත් ආක්‍රමණය කරයි


“අ‍යිස්“ මත්ද්‍රව්‍ය මහියංගණයත් ආක්‍රමණය කරයි - ඔබේ දරුවන් පිළිබද දැඩි අවධානයෙන් සිටින්න 2:25 AM 5/17/2020
ලෝකයේ දැනට තිබෙන භයානකම මත් ද්‍ර්ව්‍ය ලෙස සැලකෙන “අ‍යිස්“ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් පළමු වතාවට මහියන්ගනයෙන් අත්අඩංගුවට ගන්නට මහියංගණ පොලිසියේ අපරාධ අංශයේ පො. සැ. 66024 ජයසේකර මහතා ඇතුලු නිළධාරින් කණ්ඩායමක් සමත්ව ඇත .
අත් අඩංගුවට ගන්නාලද පුද්ගලයා සන්තකයේ තිබී “හෙරොයින් “ මත්කුඩුද සොයාගත් බව මහියංගණ පොලිසිය පවසනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ මීලග ඉලක්ක ඔබගේ දරුවා විමට හැක. දරුවන් පිළිබද දැඩි අවධානයෙන් සිටිම තුලින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් ඔබගේ දරුවා ආරක්ෂා කර ගැනිමට හැකි වනු ඇත.


වැවේ මල් පිරිලා පරවෙලා යනවා- මහියංගණ වෙහෙර හිමියනේ අපට බඩගිනි දැනෙනවා


පාලමහංදිය තැපැල් කාර්යලය අසල නවතා තිබියදී,පැහැරගෙන මහියංගනය දෙසට ගිහින්..තොරතුරක් වේ නම් දැනුම් දෙන්න 2020 May 12

පාලමහංදිය තැපැල් කාර්යලය අසල නවතා තිබියදී,පැහැරගෙන මහියංගනය දෙසට ගිහින්..තොරතුරක් වේ නම් දැනුම් දෙන්න

මෙම යතුරුපැදිය 2020.05.11 දින පාලමහංදිය තැපැල් කාර්යලය අසල නවතා තිබියදී,පැහැරගෙන මහියංගනය දෙසට ගොස් ඇත. තොරතුරක් දන්නා,අයකු වේනම් පහත දුරකතන අංකයට දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. 0776551812

අත්ත මුත්තා කාලේ ඉඳන් අවුරුද්දට උණ වෙඩි හදාපු පරම්පරාවේ අවසාන පුරුක නොවෙමු අපි..උණ වෙඩිල්ල (Una Wedilla) ආරක්ෂාකාරීව හදාගන්නේ මෙහෙමයි...

අත්ත මුත්තා කාලේ ඉඳන් අවුරුද්දට උණ වෙඩි හදාපු පරම්පරාවේ අවසාන පුරුක නොවෙමු අපි..උණ වෙඩිල්ල (Una Wedilla) ආරක්ෂාකාරීව හදාගන්නේ මෙහෙමයි...අලුත් අවුරුද්දට රතිඤ්ඤා ඕනම නෑ අලි එලවන්න හදාගත්තොත් නරකම නෑ - How to Make Bamboo Cannon
දරුවන් අත්හදා බලන්නේනම් වැඩිහිටියන්ගේ අධීක්ෂණය අනිවාර්යයි

මහවැලි ගගේ බින්න බැස්ස වන අලි රංචුව වේරගංතොට සිදු කරන විනාශය.. 2020 May 8 at 1:03 PM