Friday, July 22, 2016

පාසැල් ජාතික ජයග්‍රහණයක් ආදාඋල්පොත ජාතික පාසැලට


2016-07-22 ප.ව. 8:33

2016 සමස්තලංකා පාසැල් චිත්‍ර තරගාවලියේ ජේෂ්ඨ අංශයේ ප්‍රථමස්ථානය රිදිමාලියද්ද ආදාඋල්පොත ජාතික පාසලේ දරුවෙකු ලබාගෙන ඇති අතර එම ජයග්‍රහනය භූමි දර්ශණ කාණ්ඩයේ තරගාවලියෙන් ලබා මහියංගන ප්‍රදේශයට ජාතික ජයග්‍රහනයක් ලබාගනිමින් කිර්තියක් අත් කර දෙන්නට පසුගියදා සමත් විය. 12 වසර කලා අංශයේ මිලාන් ඉසන්ක සිසුවා මෙම ජයග්‍රහනය ලබා ඇත.
එසේම එම තරගාවලියේ ප්‍රකාශන අංශයේ ජාතික තරගාවලියේ තෙවන (03) ස්ථානයද ආදාඋල්පොත ජාතික පාසලේම 12 වසර කලා අංශයේ සමිතා දුලංජනී දැරිය විසින් ලබාගැනීම විශේෂත්වයක් වේ.
ආදාඋල්පොත ජාතික පාසැලේ ඩි.එම්. කරුණාතිලක විදුහල්පතිතුමාගේ මගපෙන්වීම තුලින් විද්‍යාලිය චිත්‍ර විෂය භාර එස්.ඒ.ජි. සුරියආරච්චි හා අයි.පී.ඩබ්ලිව් ගුණසේකර යන ආචාර්යතුමියන්ගේ ගුරුහරුකම් මැද මෙම ජයග්‍රහණ ලබාගෙන මහියංගන ප්‍ර දේශයට ජාතික ජයග්‍රහනයන් දෙකක් ලබා ගනිමින් කිර්තියක් අත් කර දෙන්නට ආදාඋල්පොත ජාතික පාසලේ දරුවන් දෙදෙනාට අපගේ උණුසුම් සුබ පැතුම්!!!


No comments:

Post a Comment