Wednesday, June 15, 2016

අපේ පාර හිගන්නගේ තුවාලේ වගේ. හැමදාම හදනව. හැබැයි හදල අනිත් පැත්ත හැරෙද්දි කැඩෙනව - මහියංගන පගරගම්මන පාර ගැන මැසිවිලි

6/15/2016 10:33 PM

රටේ පාරවල් කාපට්වෙලා - අපේ පාර වැස්සට මඩ - අව්වට දුවිලි. මේ පාර හිගන්නගේ තුවාලේ වගේ . හැමදාම හදනව. හැබැයි හදල අනිත් පැත්ත හැරෙද්දි කැඩෙනව “ යැයි  මහියංගන - රෝහන, පගරගම්මන, දඹගොල්ල, මැදඔය යන ගම්මාන හතරක වැසියෝ චෝදනා කරති. මැසිවිලි නගති
එසේ මැසිවිලි නගන ලද ගම් වැසියෙකු මෙසේ කිවේය. “පසුගිය කාලේ මේ පාර අලි ලගින මඩවලවල් වගේ විශාල වලවල් හෑරිලා පාරේ යන්ඩ එන්ඩ බැරිම තැන අපි වලවල් වල කෙසෙල් ගස් ගිටවල විරෝධතාවයක් කරා මේ ගම් කිහිපටක කට්ටිය එකතු වෙලා. ඔන්න ඒකට ප්‍රතිචාර දක්වල මේ පාර විශාල කලුගල් තියෙන ගස්පස් තොගයක් ගෙනත් පාරෙ වලවල් ටික වහලා දැම්මා. එදා අමාරුවෙන් ගිය මිනිස්සුන්ට දැන් අඩිය තියලා යන්න බෑ.  බයිසිකලයකට, මෝටර් සයිකලයකට යන්ඩ බෑ. ඒතරං ගල් කැට පාර පුරා. වාහන යනකොට අහලකවත් ඉන්න බෑ දුවිලි. ගෙවල් දුවිලි වලින් වැහිලා. කැහි ගෑණි දීලා හොටු ගෑනි ගත්ත කථාව වගේ“ යැයි පැවසීය.

විටින් විට රජයේ මුදල් රුපියල් කෝටි ගණනින් වැය කර ඉදිකරන ලද මහියංගන පගරගම්මන ප‍්‍රධාන මාර්ගයේ ස්ථාන රැසක් මේ වන විට කැඞී බිදී ගිලා බැසීමට ලක්වීම හේතුවෙන් ගම්මාන රැසක පවුල් තුන්දහසක් පමණ විවිධ ප‍්‍රවාහණ දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිති. මාර්ගය පිළීසකර කල සෑම අවස්ථාවකදීම නිසි ප‍්‍රමිතියකට අනුව එම කටයුතු සිදු නොකිරීමත් . මාර්ගයට ඔරොත්තු නොදෙන අන්දමේ විශාල ලොරිරථ යොදා ගනිමින් මහා පරිමාණයෙන් පස් ,ගල් හා වැලි ප‍්‍රවාහණය කිරීමත් , ජලය බැස යාමට කණූ පද්ධතියක් නොමැති කමත් මාර්ගය අබලන්වීමට ප‍්‍රධාන හේතුව බව මාර්ගය පරිහරණය කරන පිරිස්  හා ගම්වාසීක් පෙන්වා දෙති.
“පගරගම්මන , රෝහණ, මැදඔය, දඹගල්ල , ලොග්ගල්ලා ඔය ආදී ගම්මානවල ජනතාව බදුල්ලට වගේම මහියංගණයට යාමට භාවිතා කරන්නේ මෙම මාර්ගයයි. මීට දශක හතරකට පමණ පෙර බදුල්ල සිට පැමිණී සියලූම වාහණ ගමන් කලේ මෙම මාර්ගයෙන් . ඒ නිසා මේක බොහොම ප‍්‍රසිද්ධ පාරක්. නමුත් ලොග්ගල්ලා ඔය අන්තර් නිම්න ඇල මාර්ගය මතින් නව මාර්ගයක් ඉදි කිරීමත් සමගම මෙම මාර්ගයට ඇති අවධානය අඩු උනා. මේ මාර්ගය දෙපස ගම්වල මිනිස්සුන්ගේ දැඩි ඉල්ලීම මත වගේම ඇල බන්ට් එකේ ආරක්ෂාව පතා 2006 වසරේදී මෙම මාර්ගය යළීත් කාපට් අතුරා සංවර්ධනය කලා. ඒ සමගම බදුල්ල සිට එන විශෘල වාහණ ප‍්‍රමාණයක් මෙම මාර්ගය ඔස්සේ මහියංගණයට යන්න පටන් ගත්තා. මහියංගණයට යන අනෙක් මාර්ගයට වඩා මෙම මාර්ගය කිලෝමීටර් හත අටක් කෙටියි. ඒ නිසා විශාල පිරිසක් මෙම මාර්ගය භාවිතා කරන්න පටන් ගත්තා . ඒ වගේම මේ මාර්ගයේ ගිහින් කෙළීන්ම මහියංගණ රජමහාවිහාරස්ථානයට යන්න පුලූවන්. 
ලෝක බැංකු ආධාර යටතේ හා ඌව පළාත් මාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ තමයි මෙම මාර්ගයේ ඉදිකිරීම් සිදු උනේ. ඒ සදහා වැය කල මුදල රුපියල් කෝටි ගණනක් . මෙහිදී මුලූමණින්ම මාර්ගය ගල් අතුරා කාපට් කිරීම සිදුඋනා. කොහොම උනත් පාර හදල මාස ගානක් යද්දි ඒක ගිලා බහින්නත් තැන තැන පුපුරා යන්නත් පටන් ගත්ත. 
ඒ සම්බන්ධයෙන් ආව ජනතා විරෝධය නිසා යළීත් 2012 වසරේදී රුපියල් 35 699 506.53 ක් හා 2014 වසරේදී රුපියල් 16926 563.00 ක මුදලක් වැය කර මෙම මාර්ගය යළීත් පිළීසකර කලා . මේ බව මාර්ගය ආරම්භ වන ලොග්ගල්ලා ඔය හංදියේ සවි කල පුවරු දෙකක සටහන්ව තියෙනවා. මේ හැරුණු විට තවත් අවස්ථා ගණනාවකදීම මෙම මාර්ගය සදහා රුපියල් කෝටි ගනනින් වැය කර තිබෙනවා. මේ පාර හදන්න මුදල් නුදුන්නාය කියල රජයට දොස් කියන්න බැහැ. අපිට තේරෙන විදිහට මේ වගේ පාරවල් දෙකක් තුනක් හදන්න තරම් මුදල් මේ පාරට වැය කර තියෙනවා. හැම අවුරුද්දෙම සල්ලි වෙන් කරගෙන පාර හදනවා කියල ගල් ටිකක් තුනී කරනවා. මේ පාර හදපු දවස්වල ලස්සනට තිබුනා. බදුල්ලට වගේම මහියංගනයට යන බස් රථ සේවාවන් ඇතුලූ බොහොමයක් වාහන ගමන් කලෙත් මේ මාර්ගයෙයි. මේ ප‍්‍රදේශයේ ජනතාවගේ ප‍්‍රධාන ආධායම් මාර්ගය වැළි ගොඩ දැමීම හා ගඩොල් කැපීමයි. ඒ නිසා නුවර කොළඹ නුවරඑළීය බදුල්ල ආදි විවිධ ප‍්‍රදේශවල සිට පැමිනෙන ලොරි සිය ගනනක් මෙම මාර්ගයේ දිනපතා ගමන් කරනවා .මේ හේතුව නිසාම මාර්ගය ඉදිකර ටික කලකින්ම මාර්ගය පුපුරා යාමටත් ගිලා බැසීමටත් පටන් ගත්තා. පැති කාණූ බෝක්කු ආදිය නැති නිසා සුලූ වර්ෂාවකදී පවා මාර්ගයේ ගිලා බැසීමට ලක්වුණූ තැන් මඩ වතුරෙන් පිරෙන්න පටන් ගත්තා. කිලෝමීටර් 13 ක් දුර මේ මාර්ගයේ වැඩි කොටසක් මේ වන විට මේ විදිහට අබලන් වෙලා තියෙනවා වැහි කාලෙදි. වැහි කාලෙදි මේ පාරේ පයින් යන මිනිස්සු මේ මඩ වලවල් වල බැහැලා යන්න ඕනි. මේ තත්වය මත වැඩියෙන්ම දුක් විදින්නේ මේ ගම්වල පාසැල් දරුවොයි. පාර කැඞීයාම නිසා මේ වන විට මාර්ගයේ වෙනත් වාහණ එන්නේ නැහැ. මේ මාර්ගය දෙපස වෙළදාම් කල විශාල පිරිසකුත් අනාථ වී සිටිනවා. 
මේ පාර හිගන්නගේ තුවාලේ වගේ . හැමදාම හදනව. හැබැයි හදල අනිත් පැත්ත හැරෙද්දි කැඩෙනව. මේ විනාශ වෙන මුදල් කන්දරාව ගැනවත් හොයන්න කෙනෙක් නැහැ. මේකට හේතුව මාර්ගය ප‍්‍රමිතියකින් තොරව හැදීම කියන එක පුංචි දරුවන්ටත් තේරෙනව.

 
අපි මේ ගැන කීවාම නිලධාරි කියන්නේ මේ මාර්ගයේ ලොරි ගමන් කිරීම මාර්ගය විනාශ වීමට හේතුව කියලයි. අපිට ඒක විශ්වාස කරන්න බැහැ. ලංකාවේ තියෙන වාහණයක මේ වගේ ප‍්‍රධාන පාරක ගියාම ඒක කැඩෙනවා නම් ඉතින් ඒකට වග කිව යුත්තේ මේ ගම්වල අහිංසක ගොවි ජනතාව නෙමෙයි රජයේ මුදල් කාබාසීනියා කරමින් නිතර නිතර මේ පාර හදන්න පටන් ගන්න නිළධාරින් හා ඒවයෙන් කොමිස් ගහන බළධාරින්. මේ සියලූ ගැටලූ වලට විසදුමක් විදිහට මේ පාරේ ඉදිකිරීම් සම්බන්ධයෙන් රජයේ හා ඌව පළාත් මහ ඇමැති තුමාගේ අවධානය යොමු කරන්න කියා අපි ඉල්ලා සිටිනවා“ යැයි මැදඔය ගම්මානයේ වැඩිහිටියෙකු පැවසීය.

Monday, June 13, 2016

වන්දි ගෙවන තුරු මොරාණ ජලාශය හදන්න දෙන්නේ නෑ - ගම්මු පාර හරස්කර කොට දමා ලිපියක් නිළධාරින්ට බාර දෙති.

2016-06-13 පෙ.ව. 11:06

රිදිමාලියද්ද මොරාන ජලාශ ව්‍යාපෘතියේ ජලාශයට යටවන ඉඩම්වල ජිවත්වන පවුල් සදහා වන්දි නිසියාකාරව නිළධාරින් විසින් ලබා නොදෙන බව පවසා ඊට විරෝදය දක්වා ජලාසයේ වැව් බැම්ම ඉදිකිරිම සදහා පස් රැගෙන යන  නෙල්ලිගොල්ල ප‍්‍රදේශයෙන් සහ උනම්පිටිය ප‍්‍රදේශයෙන් මාර්ගය ගල් මුල් යොදා ඊයේ (12) හා අද (13) උදැසනඅවහිර කර තිබුනි.
මොරාණ වාරිමාර්ග ඉන්ජිනේරු කාර්‍යාලය මගින් ඉදිකිරිම් කටයුතු සිදුකරමින් පවතින මොරාණ ජලාස ව්‍යාපෘතියට අත්පත් කරගන්නා ලද ප‍්‍රදේශයේ ඉඩම්වල පදිංචිකරුවන්ගෙන් කොටසකට මේ දක්වා වන්දි ලබානොදීමට විරෝධය දක්වා ජලාසයේ වැවේ බැමේම ඉදිකිරිම සදහා පස් රැගෙන යන  මාර්ගය ප්‍ර දේශවාසින් විසින් මෙලෙස අවහිර කරන ලදී. 2013 වර්ෂයේ මොරාණ ජල ව්‍යාපෘතිය ආරම්භ කරණ ලදී. මෙම ජලාශය ඉදිවන භුමියේ පවුල් 108 ක් පමන පදිංචිව සිටී. ඉහත පවුල් වලින් කොටසකට වන්දි ගෙවීම නිසි ආකාරව සිදු නොවීම හෙතුවෙන් මීට  පෙරද අවස්ථා කීපයකදි විරෝධතා දක්වා විරෝධතා ව්‍යාපාර කිහිපයක් ගම්වාසින් විසින් ක්‍රියාත්මක කරනු ලැබීය.
ජලාශය ඉදිවන භූමියේ පදිංචි පවුල් 108 න් පවුල් 35 ක් ස්ථීර ඔප්පු හිමියන් වන අතර අනෙකුත් පදිංචිකරුවන් වගා කටයුතු ආදිය සිදුකරමින් ස්ථිර ලෙස නිවාස සාදාගෙන ජීවත්වන ස්ථීර පදිංචිකරුවන්වේ.
ගම්වාසීන් හට වන්දි මුදල්  මේ දක්වා හරියාකාරව නොගෙවීම හේතුවෙන් ගම්වාසින් වරින්වර සිදුකරනා විරෝධතා හා බාධා කිරිම්  හමුවේ ඉදිකිරීම් කටයුතු වලට  බාධා ඇතිවේ.  ගම්වාසීන් අවස්ථා කිහිපයකදී විරෝධතා සංවිධානය කර තිබුනි. වරෙක ව්‍යාපෘති කාර්යාලයේ වහලය මත අසාධාරණයට ලක් වු ගම්වාසියෙකු නැගි විරෝධතා දැක්විය. වරෙක විෂය භාර අමාත්‍යවර ගාමිණි විජිත් විජයමුනි සොයිසා මහතාද ව්‍යාපෘතිය නිරික්ෂණය කර ගම්වාසින්ගේ ගැටලු සදහා කඩිනමින් විසදුම් ලබාදෙන ලෙස ව්‍යාපෘති භාර ඉන්ජිනේරුවරයා හට දැනුවත් කලද මේ දක්වා අමාත්‍යවරයාගේ විධානය ක්‍රියාත්මක කිරිමට එම නිළධාරින් අපොහොසත් වීම තුල ගම්වාසීන් නිරන්තරයෙන් ව්‍යාපෘතිය සදහා විරෝධතාවය දක්වන්නට කටයුතු කරමින් සිටි.
නැවත් අද (13) දිනද ගම්වාසින් මාර්ග අවහිර සිදු කර  මොරාන ව්‍යාපෘති කාර්යාලය ඉදිරියේ විරෝධතාවය දැක් වු අතර වන්දි ලබාදී ගම්වාසින් හට සාධාරණය ඉටකරන තුරු ව්‍යාපෘතියේ වැඩ නතර කරන ලෙස දන්වා නිළධාරින් වෙත ලිපියක් ගම්වාසීන් විසින් බාරදී ඇත.  
වසර ගනනාවක් තිස්සේ හේන් ගොවිතැන්, වගා කටයුතු, කජු වැනි ස්ථිර බෝග සිටුවා ආදායම් ඉපයූ ගම්වාසින් හට  වන්දි ලබා නොදි ගම්වාසින් ජිවත් වන වතු පිටි වලින් ජලාශය සදහා පස් කැපීම හේතුවෙන් වගාකටයුතු සිදු කිරිමට නොහැකිව විශාල අසාධාරණයක් සිදුව ඇති බව පවසති. ව්‍යාපෘතිය ආරම්භයේ සිටම එහි නිළධාරින් ගම්වාසින් රැවැට්ටු බව ප්‍රකාශ කරන අතර විෂය භාර ඇමතිතුමන් පැමිණ තමන් හට සාධාරණය ඉටුකරන බව පවසා මේ වන තුරු සාධාරණයක් නොලැබීමෙන් එතුම්නද ගම්මු රැවැට්ටු බව සැකයක් ඇතැයි ගම්වාසින් පවසති.
ශ්‍රිලංකාවේ දිලිදුකම්න් ඉහල ග්‍රාමිය ජනතාවක් වෙසෙන රිදිමාලියද්ද ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ‍ මොරාන ග්‍රාම නිළධාරි වසමේ මේ වන විට වසර 3කට පෙර ආරම්භ කරන ලද මොරාන ජලාශ ව්‍යාපෘතිය මගින් මේ වන විට ගම්මානයේ ගම්වාසින් හට මහත් පීඩා ගෙන දෙන බවත් ව්‍යාපෘතියේ නිළධාරින් හා දේශපාලන නායකයන් පො‍රොන්දු වු ආකාරයෙන් ජලාශය සදහා යටවන ඉඩම් සදහා වන්දි ලබා නොදිම හා ජලාශයට යට වන ඉඩම් සදහා නව ඉඩම් ලබා නොදිම හේතුවෙන් ගම්මානයේ පවුල් 108ක් සදහා බලවත් අසාදාරණයකට ලක්වි ඇති බවට ගම්වාසින් චෝදනා කරති. 
උල්හිටිය ඔය හරස් කරමින් , කෙසෙල්පොත ප්‍ර දේශයේ රොටවැව සදහා ජලය ගෙන යෑම සදහා මෙම මොරාන ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කල අතර ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි 15000කි. එමගින් අක්කර 1800ක් අස්වැද්දීමට අපේක්ෂා කෙරෙනවා. ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 170ක්. 


කොසු මිටෙන් ගසා අව්රුදු දෙකේ දරුවා ඝාතනය කරනු ලැබු පාපතරයන් පොලිසියට කොටුවෙයි

6/13/2016 12:30 AM

අවුරුදු 02ක කුඩා දරුවෙකු කොසු මිටකින් ගසා මරා වලදැමු සිද්දියකට සම්බන්ද සැකකාර මවක් මහියංගන පොලිසිය විසින් ඊයේ (12) දහවල් මහියංගන,15 කණුව, ගඩුගුඩාඔය, රිදිමාලියද්ද ප්‍රදේශයේදී සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය. මෙම සැකකාරියගේ අනියම් සැමියා විසින් මෙම ඝාතනය සිදු කර ඇති අතර ඔහු සමග එක්ව දරුවාගේ සිරුර අනියම් සැමියාගේ  නිවස ආසන්නයේ වලදැමු බව මහියංගන පොලිසිය විසින් සිදු කරනු ලැබු ප්‍රශ්න කිරිම් හමුවේ සැකකාරිය පාපොච්චාරණය කර ඇත.
“ මොකද අනේ මගේ පැටියා හුග දවසකින් මට කථාකරේ නැත්තේ?? එයා නිදි.. ඔයාත් ඉතින් කථාකරන්නේ පැටියා නිදාගත්තාමනේ“.. දින කිපිපයකට පසු “ අදවත් මගේ පැටියාට මට කථාකරන්න බැරිද ?? මහත්තයා මගෙන් ඇවිටිලි කර කර ඇහුවා. හැමදාම බොරු කිය කියා ඉන්න බැරිම තැන මම “ ඔයාගේ පුතා පඩි පෙළෙන් වැටිලා මැරුණා..මම බයට කාටත් නොකියා කැළණි ගගට විසිකරා..කාටවත්කියන්න එපා අනේ“ කියාල බොරුවට කිව්වා. මම කියපු කථාව ඇත්තද? බොරුද? විහිලුවක්ද කියා නොදන්න නිසා මම හොයාගෙන කඩි මුඩියේ රිදිමාලියද්දේ ඉදලා මහත්තයා කොළඹ ආවා. අපි කොළඹ කොටුවේදී හම්බ උනා. දරුවා ගැන මම එයාට කිව්වා.. එයා කිවුවා මිරිහාන පොලිසියට යමු කියලා. එයා මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් කිරිමට ගිය බවත් දැනුම් දුන්නා. ඊට පස්සෙ මම කිවුවා අපි මහියංගනයට යමු කියලා. පස්සේ අපි සවස කොළඹ බිබිල බස් එකෙන් ගෙදරට ආවා. ඒ ගෙදර ඇවිල්ලා ඉන්න කොට පොලිසියෙන් ඇවිල්ලා මාව මහියංගනය පොලිසියට එක්කර ගෙන ආවා. ඒ ඇවිල්ලා මගෙන් ප්‍රශන් කලා. ඉන් පසු මගේ දරුවාට සිදු වු සත්‍ය දෙය මම පොලිසියේ නිලධාරින්ට දැනුම් දුන්නා.....
වයස අවුරුදු 02ක් වු එස්.එම් මිනුල් දේවිතිස් යන දරුවා පසුගි 2016.05.08 දින ගොඩගම දී ඝාතනය කර සැගවිම සම්බන්දයෙන් දරුවගේ මව ලද තොරතුරක් මත මහියංගන පොලිසිය මගින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබුවා. සැක කාරිය වයස 26ක විහාහක කාන්තාවකි. සැකකාරිය නවගමුව ප්‍ර දේශයේ ඇගලුම් ආයතනයක සේවයේ යෙදී සිටි කාන්තාවකි. සැමියා සමග අමනාප වී තම වයස අවුරුදු දෙකේ දරුවා සමග ඇගලුම් ආයතනයක සේවය සදහා සැකකාරිය කොළඹ ප්‍රදේශය වෙත පැමිණ ඇත.

“ මම  රැකියාවක් ලෙස නවගමුව ප්‍රදේශයේ ඇගලුම් ආයතනයක සේවය කලා.  2015 දෙසැමිබර් මාසයේ සිට 2016 මාර්තු 16 වන දින දක්වා සේවය කලා. ඒ ආයතනයෙන් පඩි හරියට ගෙව්වේ නැති හින්දා මම ඒ ආයතනයෙන් අස්  වුණා.  ඓහෙම අස්වෙලා මම වෙනත් කොහෙවත් වැඩකට යන්නේ නැතිව මම මගේ වයස අවුරුදු දෙකක් පුතා එක්ක ගොඩගම හංදිය අසල කුලියට ගත්ත තනි කාමරයක නැවතිලා හිටියා. බෝඩිම තට්ටු දෙකේ එකක්. අපි හිටියේ උඩතට්ටුවේ කාමරයක. මගේ පුතා එක්ක මම තනියම ඒ කාමරයේ හිටියේ. කලින් වැඩකරද්දි ඉතුරුකරපු සල්ලි ටිකක් තමයි අපි දෙන්නාට ජිවත් වේන්න තිබ්බේ. මේ ඉන්න අතර කාලයේදි මම මීගොඩ ප්‍රදේශයේ පදිංචි කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වුවා.
දවසක් (2016.05.07 )  රෑ 11.00 විතර එයා මගේ බෝඩිමට ආවා. ඒ ඇවිත් අපි දෙන්නා එකට නිදාගෙන ඉදලා පහුවදා(2016.05.08) උදේ 7.00 විතර නැගිට්ටා.  එයා කිව්වා මට ටී ෂර්ට් එකේ කොලර් එක ඉරිලා ඒක හදලා දෙන්න කියලා. දරුවයි එයායි බෝඩිමේ ඉද්දි මම ගොඩගම හංදියට ගිහින් ටීෂර්ට් එකේ  කොළරය මහන්න බැලූවා. මහන තැන් ඔක්කෝම  වහලා තිබ්බේ ඒ වෙලාවේ. ඒ නිසා මම නැවත බෝඩිමට ආවා.
ඒ එනකොටත් පුතායි එයායි බිම නිදාගෙන සිටියේ. මම ඇවිත් තේ හදලා පුතාටයි එයාටයි කතා කලා. ඒ වෙලාවේ  වෙලාව උදේ 08’00 විතර ඇති. තේ බීලා ඉවර වෙලා මගේ පුතා කාමරය ඇතුලේ සෙල්ලම් කරමින් සිටියා. ඒ සෙල්ලමි කරමින් ඉන්නකොට පුතාගේ අතේ තිබු සෙල්ලමි ප්ලේන් එක වයින් කරලා ඉස්සරහාට යැවුවා. ඉස්සරහාට ගිය සෙල්ලම් ප්ලේන් එක එයා අතට අරගෙන පුතාගේ අතට ගෙනල්ලා දුන්නා. එතකොට පුතාගේ අතේ නියපොතු වලින් එයාගේ අත සීරුනා. “ මූට තියෙන්නේ තාත්තාගේ පුරුද්දයි.මූණමයි“  කියලා අතින් පහරවල් පහ හයක් හයියෙන් ගැහුවා. ඒ වෙලාවේ මම දරුවා ලගට ගිහිල්ලා දරුවාට ගහන්න එපා කියලා දරුවා අල්ලා ගත්තා. එයා මාව තල්ලූ කරලා දාලා කාමරයේ ඇද යට තිබුණු කොසු මිටක් අරගෙන මගේ පුතාගේ පිට ප්‍රදේශයට සහ බඩ පැත්තට හයියෙන් පහරවල් කිහිපයක් ගැහුවා. ඒ එක්කම මගේ පුතා බිම ඇදගෙන වැටුනා. ඊට පස්සේ මම පුතාව උස්සලා අරගෙන ඇදෙන් තියලා පුතාගේ කටට කට තියලා හුස්ම ගැනිමට උත්සහ කෙරෙවුවා. ඊට අමතරව බඩ  ප්‍රදේශයද තද කරලා හුස්ම ලබා ගැනිමට උත්සහ කලා. වැඩක් උනේ නැහැ. මම ඊට පස්සේ දැක්කා පුතාට ගහපු පහරවල් නිසා පුතාගේ බඩ ප්‍රදේශයේ සහ මූණ ප්‍රදේශයේ තැලිම් තුවාල තියෙනවා දැක්කා. ඒ එක්කම ටිකක් ‍වෙලාවක් යනකොට පුතාගේ කටින් රතුපාට ලේ වාගයක් එන්න ගත්තා. ඒ වෙලාවේ මම හයියෙන් කෑගැහුවා. ඒ කෑ ගහනකොට එයා මට තර්ජනය කරලා කිවුවා “තෝ කෑගහන්න එපා. කෑ ගැහුවොත් උබත් මෙතනම මරණවා“ කියලා. ඒ වෙලාවේ මට මරණ භය නිසා සද්ද නැතුව හිටියා. ඊට පස්සේ මම දරුවාත් අරගෙන යනවා කියලා යන්න ලෑස්ති වුණා. ඒවෙලාවේ වේලාව 9.30.ත් 10.00 විතර වගේ.  ඒ වෙලාවේ එයා  ගෙදරින් යන්න ගියා.
මම මගේ දරුවා අරගෙන රෝහලකටවත් ගියේ නැත්තේ මට ගහයි මරයි කියන බය හින්දා. මම දරුවා තියාගෙන බෝඩිමේ ඉන්න කොට 11.30 ත් 12.00ත් අතර කාලයේදි ඒයා ආපහු බෝඩිමට ආවා. ඒ ඇවිල්ලා  “මේක කාටවත් කියන්න එපා. කිවුවොත් උබත් උබේ පවුලේ අයත් සේරම එක්ක මම හිරේට යනවා. ගිහිල්ලා අවුරුදු පහකින් හරි එලියට ඇවිත් උඹලා සේරම මරණවා“ කියලා ආපහු තර්ජනය කරා. අපි දෙන්නාම  බෝඩිමේ රෑ වෙනකම් දරුවා තියාගෙන හිටියා.  අපි දෙන්නා එකතුවෙලා මගේ පුතා පැනල් රෙදි කෑල්ලක ඔතාගෙන වඩාගෙන පයින් ටික දුරක් ගිහිල්ලා ගොඩගම හංදියේදි ත්‍රිවිල් එකක නැගලා විමුක්තිලාගේ ගෙවල් පැත්තට ගියා. ඒ ගිහින් ත්‍රිවිල් එක ආපහු එවුවා.
ඒයාලාගේ ගෙවල් අසල පාලූ නිවසක් ලගට ගියා.  ඒ ගෙදර බැම්මක් අයිනෙන් ටික දුරක් යන කොට ඒ අසලම පොල් ගස් දෙකක් තියෙනවා. එයා උදැල්ලකුත් අරගෙන ඇවිත්  පොල් ගස් දෙක අතරින් බැම්ම අයිනේ අඩි තුනක් විතර වලක් කැපුවා.  ඒයා ඒ වල කපලා මගේ අතේ හිටිය දරුවා ඇරගෙන දරුවා වලට දාලා පස් දාලා වහලා දැම්මා. දරුවා ඔතාගෙන ගිය පැනල් රෙදි කෑල්ල මම නැවත ගෙදර ගෙනාවා. ඒ රෙදි කෑල්ල දැනට කොට්ටාව බෝඩිමේ තියෙනවා. අපි 8.00ත් 09.00ට විතර ආපහු බෝඩිමට ආවා.

එදා රෑ  අපි දෙන්නා බෝඩිමේ ඉදලා පහුවදා  මගේ රෙදි ටිකත් අරගෙන මම පිටත් වූණා. ඒ එක්කම එයා ගෙදර යනවා කියලා යන්න ගියා. “උඹ ගෙදර යන්න එපා“ කියලා මට කොට්ටාව පැත්තේ බෝඩිමක් හොයලා දුන්නා. මම ඒ බෝඩිමේ  නැවතිලා ඒ ලග අදුම් මහන තැනක ඇදුම් මහන්ඩ ගියා. මම  බෝඩිමේ  ඉන්නවාද නැද්ද කියලා බලන්නත් එයා දවස් දෙකකට තුනකට සැරයක් ඇවිත් සොයලා බලනවා. ඒ බෝඩිමේදි අපි දෙන්නා එකට හිටියේ නෑ. මාගේ පුතා පහරදි මරා දැමිම එක මම මගේ පුරුෂයාටවත් මගේ ගෙදර අයටවත් වෙනත් ඥාතියෙකුටවත් කිවුවෙ නෑ.
මගේ විවාහක පුරුෂයා මට දුරකතනයෙන් කතා කරලා පුතා කෝ කියලා නිතර නිතර අහන්න ගත්තා. ඒ වෙලාවට මම පුතා නිදි කියලා බොරුවට  කියනවා. ඔය අතරදි 2016.06.08 වන දින මහත්තයාට මම මිස් කෝල් එකක් ගැහුවා. ඒ වෙලාවේ මහත්තයා මට කෝල් එකක් ගත්තා. ඒ වෙලාවේ මම “ අපේ පුතා දැනට ජිවතුන් අතර නෑහැ“ කියලා කිවුවා. මහත්තයා මගෙන් විස්තර කරලා ඇහුවා. ඊට පස්සේ මම කිවුවා දරුවා පඩි පෙලින් වැටිලා මිය ගියා කියලා. ඒ මිය  ගියාට පස්සේ මට ඇති වුණු බය නිසා මම දරුවා අරගෙන ගිහින් කැළණි ගගට විසිකරා කියලා බොරුවට කිවුවා. ඉන් පස්සේ තමයි මාව හොයාගෙන මහත්තයා කොළඹට ආවේ“ යැයි සැකකාරිය පාපොච්චාරණය කර ඇත.
අත් අඩංගුවට ගත් සැකකාරියගේ අනියම් ඇසුර සම්බන්දයෙන් විවාහක සැමියා වෙත තොරතුරු ලැබීමෙන් පසු වරක් ඔහු විසින් අනියම් පුරුෂයා හට බැන වැදීම හේතුවෙන් එහි පලිය ඔහුගේ දරුවාගෙන් ගන්නට මෙම මිනිමැරුම සිදු කලේද යන්න පිළිබද පොලිසිය සැක ඵල කර සිටින අතර පොලිස් පරික්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.
වයස 29ක් වු සැකකාරියගේ අනියම් සැමියා අතුරුගිරිය පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත. දරුවගේ මිනිමැරුම සම්බන්දයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු හා අධිකරණ කටයුතු සිදු කිරිම සදහා සැකකාරිය අතුරුගිරිය පොලිසිය වෙත මහියංගන පොලිසිය විසින් බාරදීමට නියමිතව තිබේ.
බදුල්ල දිශාභාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතාගේ  හා  බදුල්ල  කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති මහතාගේ උපදෙස් මත මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා හා මහියංගන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිස්ස කුමාර  මහතාගේ අධික්ෂණයෙන් අපරාධ අංශයේ  උ.පො.ප. එම්.එචි.ජි. අශෝක මහතා  හා පො.කො 68726 ජයරත්න  යන නිලධාරින් මෙම දරුවාගේ ඝාතනය සම්බන්දයෙන් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක කරනු ලැබිය.


ඡායාරූපය - මවගේ ජංගම දුරකථනයේ තිබු ඝාතනය කල දරුවගේ ඡායාරූපයක්

Thursday, June 9, 2016





මහියංගන මහනුවර මාර්ගය මහවැලි පාලම අසලින් ගම්මු වහයි


2016-06-09 ප.ව. 2:35
මහියංගන මහනුවර මාර්ගය මහියංගන මහවැලි පාලම අසලින් අද (09) උදැසන පැය 01ක් පමණ ගමනාගමනය අඩාල විය. මහියංගන 89 ගම්උදාව භුමිය පිටවු වගාව නම් කොටසෙහි වසර 40කට වඩා ජීවත් වු තම ඉඩම් වලින් අයි වන ලෙස ලංකා පිගන් සංස්ථාව මගින් අස්කිරිමේ නියෝග තමන් හට එවා ඇතැයි විරෝදතාවයේ යෙදි සිටි පිරිස පැවසුහ. විරෝධතාවයට ගම්වාසින් 150ක් පමන දෙනා සහබාගි විය.
වගාව ගම්මානයේ පවුල් 98කට වඩා පිරිසක් ජිවත් වන අතර ඔවුන් අද (09) උදෑසනම මෙම ගැටලුව සම්බන්දයෙන් මහියංගන ප්‍රා දේශිය ලේකම් වරයා හමු වීම සදහා පැමිනි අතර ප්‍රා දේශිය ලේකම් වරයා නොමැති වීම හේතුවෙන් මහියංගන නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලය වෙත ගොස් ගැටලුව සදහා විසදුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. 1987 ගැසට් පත්‍රයක් මගින් ලංකා පිගන් සංස්ථාව වෙත මෙම ඉඩම් කොටස ලබාදී ඇති හෙයින් එය අවලංගු කරන තුරු තමන් හට කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බව නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් නුවන් සී හේම කුමාර මහතා ගම්වාසින් හට දන්වා ඇත.
ඉන් අනතුරුව ගම්වාසින් 150ක් පමණ දෙනා මහියංගන මහනුවර මාර්ගය මහියංගන මහවැලි පාලම අසලින් හරස් කර ගමනාගමනය අවහිර වන සේ පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත විය.
ලංකා පිගන් සංස්ථාව වෙත මහියංගන වගාව ගම්මානයේ ඉඩම් අක්කර 95ක් ගැසට් පත්‍රය ලබාදීමේදි පදිංචිව සිටි ගම්වාසින් සදහා වෙනත් ස්ථානයක ඉඩම් ලබා නොදුන් බවත් වසර 40කට වැඩිකාලයක් තිස්සේ තමන් වගව ගම්මානයේ පදිංචි බවත් ගම්වාසින් පැවසුහ. තමන්ගේ පලමු දෙවන තෙවන පරම් පරාවත් බුක්ති විදින මෙම ඉඩම් සදහා බලපත්‍රයක් හෝ ඔප්පුවක් ලබා දීමට වගකිවයත්තන් මැදිහත් නොවන බව විරෝධතාවයේ යේදි සිටි පිරිස පැවසුහ. විශාල මුදල් වියදම්කර මේ වන විට ස්ථිර ගොඩනැගිලි සාදාගෙන සිටින තමන් හට වෙනත් ස්ථානයකට යන්නේ කෙසේද යන්න ගැටලුවක් බව පැවසුහ. තවද මේ වන විට ගම්වාසින් කිහිප දෙනෙකු හට ලංකා පිගන් සංස්ථාව මගින් පදිංචි භුමියෙන් ඉවත් වන සේ දන්වා අස් කිරීමේ නියෝග එවා ඇතැයිද, ඉදිරියේදි ගම්වාසින් සියල්ලටම මේ ආකාරයෙන් ඉවත් වන්නට සිදු වේයැයි ගම්වාසින් පවසති. මෙම ගැටලුව හේතුවෙන් තමන් හට කිසිදු පානිය ජල ව්‍යාපෘතියක්, ගමනාගමනය සදහා විධිමත් මාර්ග පද්ධතියක් ගම්මානය සදහා වසර 30-40ක් තිස්සේ නොලැබු බව පැවසුහ.
මහියංගන මහනුවර මාර්ගය මහියංගන මහවැලි පාලම අසලින් රථවාහන ගමනාගමනය නැවතී විශාල දිගු වාහන පොලිමක් ඇති වීය.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා හා මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා මැදිහත්ව විරෝධතාවයේ යෙදී සිටි ගම්වාසින් සමග මෙම ගැටලුව සම්බන්දයෙන් සාකච්චා කලේය. එහිදී ලබන සදුදා (13) දින උදැසන 10.00ට වැඩ බලන මහියංගන ප්‍රාෙද්ශිය ලේකම් පී.බී.පී. අබේවර්ධන මහතා සමග සාකච්චාවක් ලබාදීමට සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා පොරොන්දු විය. සාකච්චාව සදහා එතුමන්ද සහබාගි වන බව ගම්වසීන් හට ප්‍රකාශකිරිමත් සමග විරෝධතා කරුවන් විසිර ගියහ. එදිනට විසදුමන් නොලැබුනහොත් දැඩි ක්‍රියාමාර්ගයකට පිවිසෙන බව ගම්වාසීන් පැවසුහ.




Wednesday, June 8, 2016

හෙදිදරව්වෙන් හෙලිකල මහවැලි ගලේ වැලි ජාවාරම බලන්න කොළඹින් එයි - වැරද්ද පිළිගන්න ජාවාරම් කරුවන් කැමති නෑ.

 2016-06-08 ප.ව. 9:05

මහියංගනයේ මහවැලි ගගේ නිති විරෝධි ආකාරයෙන් දේශපාලන බලය හා නිළධාරින්ගේ සහයෙන් සිදුකරනා වැලි ජාවාරමක් පිළිබදව පසුගිය සතියේ මාධ්‍ය මගින් අණාවරණය කිරිමත් සමග  කොළඹ භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ හා බදුල්ල කාර්යාලයේ නිළධාරින් කිහිප දෙනෙකු 08 දින දහවල් එම වැලි තොට පරික්ෂා කිරිම සදහා පැමිණියේය.
ඒ පැමිනෙන විටත් වැලි තොටෙහි සේවයේ නියුතු ඔත්තු කරුවෙකු මාර්ගයේ රැදි සිටිමින් පොලිසිය- මාධ්‍ය- නිළධාරින් තොටුපල පරික්ෂා කිරිමට පැමිනේද යන්න විපරමින් සිටිනු අප කැමරා කාචයේ සටහන් කර ගැනිමට හැකි විය. ඔහු එම තොටුපලෙහි ගොඩදමන වැලි ප්‍රමාණය සටහන් තබන්නෙකු ලෙස සේවය කරන්නෙකි.
නිළධාරින් පැමිණ මහියංගන ප්‍ර දේශයේ රජයේ ලංකා පිගන් සංස්ථාවට අයත් ගඩොල් - උලු කම්හලට අයත් ඉඩමේ මහවැලි ගං තොටුපල පරික්ෂා කරනු ලැබුවා. එහි වැලි කැනිම සදහා බලපත්‍ර දෙකක් ලබා දි ඇති අතර එකක් නිවැරදි ආකාරයෙන් පවත්වාගෙන යන අතර අප පෙන්වාදුන්නේ එහි වැරදි ආකාරයෙන් පවත්වාගෙන යන තොටුපලයි.
එම තොටුපලෙහි මහවැලි ගග මැදය මාර්ගයක් කපා, වැලි ට්‍රැක්ටර් වතුරට බස්සවා නිති විරෝධි ආකාරයෙන් වැලි කැනිම සිදු කරන ආකාරය පෙන්වා දෙන ලදී. තොටුපල හිමි කරුවන් ඔහුන් වැරදි සිදු කල බවක් පිළිගැනිමට කැමති ඌයේ නැත. මාධ්‍යෙයන් පෙන්වන්නේ වැරදි යැයි නිළධාරින්ට පැවසීය. නිළධාරින් වෙත කරුණු දැක්වීම සදහා වැලි තොටුපල සම්බද්දන නොමැති පිරිසද ජාවාරම් කරුවන් විසින් යොදාගෙන තිබුනි. වැලි පටවාගෙන යෑම සදහා පැමිණි ට්‍රැක්ටර් රථයක රියදුරෙක්ද ඒ සදහා සහබාගි කර ගෙන තිබුනි. වැලි තොට බදු ගිවිසම මත කරගෙන යන්නවුවන්  වරෙක නිළධාරින් සමග කථා කිරිමේදි ඩෝසර් ගගට දැමු බව පිලිගත්තේය.

එක් පිරිසකට පමණක් එක් නිතියකුත් වෙනත් පිරිසකට එක් නිතියක් ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රම වේදයක, නිතිය පසෙක තබා බල පුළුවන් කාර කමෙන් පරිසරට විනාශ කරනා මෙවැනි ජාවාරම් කරුවන් හට හරිහැටි දඩුවම් නොලැබිමෙන් මෙවැනි වැරදි යලි යලි සිදු කිරිමෙන් අනාගත දරුවන් වෙනුවෙන් පරිසරයක් තවත් නම් ඉතිරි වේද??  

31 දින රුපවාහිනි නාලිකා තුලින් ප්‍රවෘත්තිය විකාශනය විමත් සමග මහියංගනය පොලිසිය මැදිහත් වී තොටුපලේ නිතිවිරෝධි ආකාරයෙන් වැලි ගොද දැමු ට්‍රැක්ටර් අධිකරණයට ඉදිරිපත් කර නිතියෙන් දඩුවම් ලබාදුන් පසුත් පසු දින පෙර පිරිදිම (2016-06-03) කිසිදු බියක් හිරිකිතයකින් තොරව වැලි කැණිම්  මෙම ජාවාරම් කරුවන් විසින් සිදු කරන ලදී. එහිදිත් පොලිසිය මැදිහත් වි ට්‍රැක්ටර් අල්ලා අධිකරණය හමුවට ඉදිරිපත් කර දඩ නියම කරන ලදී. 






Sunday, June 5, 2016

අධිෂ්ඨාන පුජාවට සතර දෙසින් ජන ගඟක් මහියංගන පුද බිමට - මහියංගනයේ අපරාධ අඩුවෙන්නනම් පොලිසියට පගරගම්මන ගැන බලාගන්න කියා කියයි

 9:02 PM 6/5/2016
මිසදුටු බලවේග පරදා බුදු සසුනේ චිර පැවැත්ම වෙනුවෙන් රටට හා ජනතාවට සෙත්පතා මහා කප්රුක් පුජාවක් හා අධිෂ්ඨාන පුජාවක්
මහියංගනය සාමග්‍රී සංඝ සභාව හා 969 මියුගුණ තරුණ බෞද්ධ සංගම මගින් අද (05) සන්ධ්‍යාෙව්දි සංවිධානය කර තිබු අතර ඒ සදහා 3000කට අධික පිරිසක් සහභාගි වුහ.
කප්රුක් පුජාව බුද්ධගයා අනුරුව අසලින් ආරම්භ වී මහියංගන රජමහා විහාරස්ථානය දක්වා පාගමනින් ගමන් කල අතර ඒ සදහා විශාල පිරිසක් සහභාගි වුහ.
වෙසක් පොහෝදින මුස්ලිම් තරුණයන් පිරිසක් බෞද්ධ කොඩි හා වෙසක් කූඩු ගිනිබත් කිරිම සම්න්ධයෙන් නිතිය ක්‍රියාත්මක කල ආකාරයත්, නගරයේ පෝස්ටර් ඇල වු
සිංහල බෞද්ධයන් හට නිතිය ක්‍රියාත්මක කල ආකාරයත් සාදාරණ නොවු බවට ආගමික වතාවත් අවසානයේ අනුශාසනා පැවැත් වු හිමිවරු කිහිපනමක් වදාළහ.
ඒ සම්බන්ධයෙන් ලිපියක්, පොලිස්පතිතුමන් හට යොමු කර ඇති බවත් මුස්ලිම් තරුණයන් විසන් වෙසක් කූඩු හා බෞද්ධ කොඩි ගිනි තැබිමෙන් අසාධාරණයට ලක් වුයේ සිංහල බෞද්ධයන් බවත් ,
ඒ නිසා සිංහල බෞද්ධ තරුණයන් හට සාධාරණක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිතුමන්ගෙන් ඉල්ලු බව වදාලහ. තවද මේ වන විට රටේ බුද්ධශාසනය අනතුරකට පත්ව ඇති බවත් ජාතිවාදය යැයි ලේබල් ගසා රට, ජාතිය, බුද්ධ ශාසනය අනතුරට පත් කිරිම වහාම නවත්වන ලෙස පාලන අධිකාරියෙන් ඉල්ලු බවත් වදාලහ.
“ අපේ දරුවො වගේ හදන හරක් දහස් ගනන් නැති වෙලා තියෙනවා දැන්.. ඒ හැම හරකෙක්ම මරන්නේ පගර ගම්මන ගමේ. එහේ මස් කඩ නෑ. ඒත් ගෙවල් වල හරක් මරනවා. ඒවා වහගන්ඩ පොලිසියට බෑ. වහන්ඩ උවමනාවකුත් නෑ. පහුගිය දවස්වල සිද්ධියත් එක්ක පොලිස් දෙපාර්ථමේනතුවේ ඔක්කොම පගර ගම්මන ආරක්ෂාවට හිටියේ. අද බලන කොට මහියංගන නගරයේ කඩ වලට හරක් මස් නෑ. මොකද නැත්තෙ දන්නවාද? හරකෙක් මරාගන්ඩ විදියක් නෑ .
පොලිසිය අර මිනිස්සු වැසිකිලි ගියත් බලාගෙන ඉන්නේ. අන්න අපේ පුන්‍ය භූමියේ සත්තු මැරෙන එක නතර උනා. අපරාධ නතර උනා. මහියංගනයේ අපරාධ නවත්වන්න පොලිසියට වගකීමෙන් කියනවා පගර ගම්මන ගැන හොදට බලාගන්න කියලා. අපි ඔක්කොම අසරණයි. නිතිය අපිට විතරයි“ අනුශාසනාවක් පැවැත් වු හිමිනක් වදාල සේක.
බස්රථ, ත්‍රිවිල්, වැලි ට්‍රැක්ටර් යතුරුපැදි මගින් මීගහකිව්ල, කන්දකැටිය, රිදිමාලියද්ද, ගිරාදුරුකොට්ටේ, හසලක, මිනිපේ ආදි දුර බැහැර ප්‍ර දේශවලින් මෙම පුජාව සදහා විශාල පිරසක් සහබාගි වුහ.






















Friday, June 3, 2016

මහවැලි ගලේ වැලි ජාවාරම නැවත් ජයටම - පොලිසියෙන් අල්ලලා උසාවි දාලත් ආපහු ජයටම වැඩ

6/3/2016 2:41 PM
මහියංගනයේ මහවැලි ගගේ නිති විරෝධි ආකාරයෙන් දේශපාලන බලය හා නිළධාරින්ගේ සහයෙන් සිදුකරනා වැලි ජාවාරමක් පිළිබදව පසුගියදා මාධ්‍ය මගින් අණාවරණය කිරිමත් සමග පොලිසියේ ඉහල නිළධාරින්ගේ අවධනය ඒ වෙත යොමු විය.
මහියංගන ප්‍ර දේශයේ රජයේ ලංකා පිගන් සංස්ථාවට අයත් ගඩොල් - උලු කම්හලට අයත් ඉඩමේ මහවැලි ගං තොටුපල බදු ගිවිසුමක් මගින් පවත්වාගෙන යන පුද්ගලයා නිති විරෝධි ආකාරයෙන් වැලි බලපත්‍ර කොන්දේසි උල්ලන්ගනය කරමින් ඩෝසර් යොදවා වැලි කැණිම හා මහවැලි ගග මැදට පාරක් කපා ට්‍රැක්ටර් ගෙන ගොස් වැලි පැටවීම ආදි භුවිද්‍යා හා පතල් කාර්යාංශයේ වැලි කැණිම් කොන්දේසි උල්ලන්ගනය කරමින් ‍සිදු කරනා ජාවාරම සම්බන්දයෙන් රටට අනාවරණය කිරිම මගින් 01දින මහියංගන පොලිසිය මගින් වැටලිමක් සිදුකර ඔහුන් අත් අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර නිතිය ක්‍රියාත්මක කරනු ලැබුවා
බදු කරුට නිතිය ක්‍රියාත්මක කර තිබියදිත් අද (03) නැවතත් කිසිදු හිරිකිතයකින් තොරව පෙර ආකාරයෙන් ට්‍රැක්ටර් ගගට බස්සවා භුවිද්‍යා හා පතල් කාර්යාංශයේ වැලි කැණිම් කොන්දේසි උල්ලන්ගනය කරමින් වැලි ගොඩදැමිම සිදු කරගෙන යන ලදී.
ඒ පිළිබද ප්‍ර දේශවාසීන් විසින් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතාහට දැනුම්දිමත් සමග ඔහුන් ගේ තොටුපොල වටලා ජාවාරම් කරුවන් අත් අඩංගුවට ගන්නා ලදී. බදු කරු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත නැවත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව රජයේ ලංකා පිගන් සංස්ථාවට අයත් ඉඩමේ පවත්වාගෙන යන මෙම වැලි තොටුපල අවම ලංසුව ඉදිරිපත් කල පුද්ගලයා හට හිතවත් කම් මත දිමට කටයුතු කල අතර, බදු කොන්දේසි උල්ලන්ගනය කරමින් නැවත නැවත පවත්වාගෙන යන මෙම වැලි තොටුපල බදු ගිවිසුම අවලංගු කර නැවත් වෙන්දේසි කිරිමට හෝ ඊලග වැඩිම ලංසුව ඉදිරිපත් කල පුද්ගලයා හට ලබාදිමට හැකියාව පවතී.