Friday, September 30, 2016

පරිසර නියෝජ්‍ය ඇමතිගේ විශේෂ අවධානය වැලි ජාවාරම් හේතුවෙන් අවදානමට පත් වු වේරගංතොට මහවැලි පාලමට

 2016-09-30 පෙ.ව. 6:54
මහවැලි ගගේ සිදුවන වැලි ජාවාරම් හේතුවෙන් මහියංගන වේරගංතොට මහවැලි පාලමට මතුව ඇති අවදානම් තත්වය සම්බන්දයෙන් පසුගිය සතිය පුරා මාධ්‍ය මගින් සිදු කල අනවරණයෙන් පසු පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ නිරික්ෂණයට ඊයේ (29) දහවල් ලක් විය. එහිදි හසලක ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේ තාක්ෂණ නිළධාරි වරයාද එම නිරික්ෂණ සදහා සහබාගි වු විය. තාක්ෂණ නිළධාරි වරයා විසින් සිදු ව ඇති හානිය අමාත්‍යවරයා හට පෙන්වා දුන්නේය. “අපි මහියංගන වේරගංතොට පාලම නිරික්ෂණයට පැමිණියා. මේ දේ පසුගිය කාලය පුරා සිදු වු විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් සිද්ධ වෙන්න ඇති කියලා විෂ්වාස කරනයවා. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන විධායක නිළදාරිතුමන්ට හැකි ඉක්මනින් මේ සම්බන්දයෙන් වාර්ථාවක් ලබා දෙන ලෙස නියෝග කරනු ලැබුවා. එතුමාගේ වාර්ථාව අනුව මේ පාලමට අවදානමක් නොවන්න ඉදිරියේදි කටයුතු සම්පාදනය කරනවා. මේ පාලම විශාල වියදමක් සිදු කර ඉදිකල පැරණි පාලමක්. ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරිය , භුවිද්‍යා කර්යාංශය එක්ව සාකච්චා කර, මෙහි ආරක්ෂාව වෙනුවෙන් එම ආයතන සමග වැලි සදහා බලපත්‍ර නිකුත් කරන ආකාරය පිළිබද අපි සාකච්චා කරනවා. එම හමුව අපි සදුදා දින පවත්වනවා. මාධ්‍ය වේදින් හා මාධ්‍ය ආයතන අද පරිසරය පිළිබද අපව දැනුවත් කරන්න කටයුතු කරලා තියෙනවා. මාධ්‍ය වගකිමෙන් එහා ගිය සමාජ මෙහෙවරක් ලෙස මාධ්‍ය ආයතන කටයුතු කරනවා. අපි ඒ සියලු දෙනාට ස්තුති වන්ත වෙනුවා“ යැය අනුරාධ ජයරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.






Thursday, September 29, 2016

Wednesday, September 28, 2016

වැලි ජාවාරම් කරුවන් මාධ්‍යට ප්‍රකාශ ලබාදුන් පුද්ගලයෙකුගේ ගඩොල් වැඩපලට ගිනි තබයි

2016-09-28 ප.ව. 12:00
මහවැලි ගගේ සිදුවන වැලි ජාවාරම් හේතුවෙන් මහියංගන වේරගංතොට පාලමට මතුව ඇති අවදානම් තත්වය සම්බන්දයෙන් මාධ්‍ය වෙනුවෙන් අදහස් දැක්වු ගම්වාසියෙකුගේ ගඩොල් වැඩ පලේ දේපල හා භුමියට කිසියම් පිරිසක් ඊයේ (27 ) රාත්‍රි යේ ගිනි තබා ඇත. පොල් අතු පැල, ගඩොල් පිලිස්සීම සදහා ගෙනවිත් තිබු දර, දහයියා සහ ඉටිරෙදි, ඉඩමේ සම්පුර්ණ භූමියම ගිනිබත් වී විශාල හානියක් සිදුව ඇත. මේ සම්බන්දයෙන් ගම්වාසියා 119 වෙත දැනුම් දිමක්ද සිදු කල බවත් පෙරේදා මාධ්‍ය වේදින් හට හසලක පොලිසිය තුලදී තර්ජනය කල ජාවාරම් කරුවන් විසින් මෙම ගිනිතැබීම සිදු කරන්නට ඇති බවට සැක කරප බව ප්‍රකාශ කර සිටි. මාධ්‍ය වෙනුවෙන් ප්‍රකාශ ලබාදුන් අනෙක් පුද්ගපයන්ද මේ වන විට ගම හැරගොස් ඇත්තේ වැලි ජාවාරම් කරුවන්ගේ තර්ජන හේතුවෙනි.

ගල් ප්‍රහාරයකින් ආදිවාසියෙකු මරුට


 2016-09-28 ප.ව. 3:26
දඹාන ගුරුකුඹුර ගම්මානයේ පවුල් ආරව්ලක් හේතුවෙන් සිදු වු බහින බස් විමකින් පසු එල්ල කල ගල් ප්‍රහාරයක් හේතුවෙන් ආදිවාසියෙකු මියගොස් ඇත. 
මෙසේ මියගොස් ඇත්තේ අංක 44, ගුරුකුඹුර, දඹාන යන ලිපිනයේ පදිංචිව සිටි උනෑපාන වරිගයේ තිසාහාමි නැමැති වයස 78ක් වු අයෙකි.
මියගිය තැනැත්තාගේ දියනියගේ අනියම් සැමියා විසින් එල්ල කල ගල් ප්‍රහාරයක් හේතුවෙන් මෙම ආදිවාසි පුද්ගලයා මියගොස් ඇත. මෙම ආරවුල සිදුව ඇත්තේ 20 දින රාත්‍රියේය. ගල් ප්‍රහාරයෙන් තුවාල ලැබු අය ප්‍රතිකාර සදහා දඹාන රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මහියංගනයටද පසුව බදුල්ල මහරෝහලට ඇතුලත් කර ඇත. නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (27) රාත්‍රියෙදි මියගොස් ඇත.
ගල් ප්‍රහාරය සිදු කල දියණියගේ අනියම් සැමියා මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස් නිළධාරින් පරික්ෂණ පවත්වති.



කුරුවිතැන්න ශ්‍රි බෝධිරුක්ඛාරාම විහාරාධිපති උඩයායේ සරණංකර හිමියන් අපවත් වේ.

9/28/2016 10:59 PM
මහියංගන රිදිමාලියද්ද ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශයේ  කුරුවිතැන්න ශ්‍රි බෝධිරුක්ඛාරාම විහාරය, පින්නගොල්ල පුරාණ විහාරය, මහගම පුරාණ විහාරය, කුඩාලුණුක ශ්‍රි සංඝබෝධි විහාරය යන සිව් මහා විහාරාධිපති අති ගරු උඩයායේ  සරණංකර හිමිපානන් වහන්සේ  27 වැනිදා අපවත් වී අදාල සේක

උන් වහන්සේගේ ආදාහන පුජ්‍ය උත්සවය ඔක්තෝබර් 01 වැනිදා සවස 2.00ට කුරුවිතැන්න මහා විද්‍යාලිය ක්‍රිඩාංගනයේදී සිදු කිරිමට නියමිතයි.

හසලක වැලි පවර්

හසලක වැලි පවර්

Tuesday, September 27, 2016

හසලක වැලි පවර්

රන්දෙණිගල රක්ෂිතයේ ගින්නක්

2016 සැප්තැම්බර් මස 27 19:52:59

මහියංගණ මාර්ගයේ 17 වැනි වංගුව අසල ගුරුලුපොත පිටදුන්න මාර්ගයේ ඉහළ කඳු ප්‍රදේශයේ රන්දෙණිගල වනජීවී රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇතැයි හසලක වනජීවී කාර්යාලය කියයි.
වනජීවී නිලධාරීහු මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට කටයුතු යොදමින් සිටිති.
බදාදා උදෑසන වන තෙක් ගින්න පැවැතියහොත් ගුවන් හමුදාවේ සහාය හා හමුදාවේ සහාය ලබා දෙන බව දැනුම් දුන් බවද ඔවුහු කියති.



Monday, September 26, 2016

“හදවතේ ජනපති මහින්ද රාජපක්ෂ“

“පාර්ලිමේන්තු මන්ත්‍රී Lohan E. Ratwatte මැතිතුමාගේ සංවිධානයෙන් පැවති "අරගලයට පණ පොවන නම ගමන" ජන රැලිය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හසලක පාලමහන්දිෙය්දී පැවැත්විය. මෙම ජන හමුව ඵකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරැන් රැසකගේ සහභාගිත්වයෙන් පැවතුනි. 












Friday, September 23, 2016

ආදිවාසී නායකතුමාට ශල්‍යකර්මයක්

2016-09-23 ප.ව. 1:19
දඹාන ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා අත්තන් ගේ ශල්‍යකර්මයක් සිදු කාරිම සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත. නායක තුමන්ගේ ජීවිත කාලය පුරාවට රෝහලක් වෙත ප්‍රතිකාර සදහා ඇතුලත් වුයේ මේ දෙවන වරට බවයි වන්නිලා ඇත්තන් පවසති.

අපස්තතිති පුන්ජය (appendicitis) නම් වු රෝගී තත්වයක් හේතුවෙන් කුඩා ගැටිත්තක් නායකතුමන්ගේ උදරයේ මතුවී ඇති බවත් එය ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරිම සදහා මහියංගන මුලික රෝහල වෙත පසුගිය 21 දින ඇතුලත් වු බවත් එය මේ වන විටත් ශල්‍යකර්මයක් මගින් සාර්ථකව ඉවත් කල බවත් මහියංගන රෝහලේ අධ්‍යක්ෂක සෙනරත් බන්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේය. 

“මම මේ රෝහල් ගත උනේ මගේ ජිවිතයේ දෙවෙනි වරට. ප්‍රථමයෙන් උණරෝගයක් හැදිලා දඹාන රෝහලට ඇතුලත් උනා. වැඩි හොදට කියලා දොස්තර මහත්තුරු මාව මහියංගන රෝහලට එව්වා. ඒ දවසේවල මම වාට්ටුවේ ඉන්නවා දැකලා ගොඩාක් අය මාව බලන්න එන්න ගත්තා. වෛද්‍යවරුන්ටත් කාර්යය මණ්ඩලයටත් ඒ කෙන් ලොකු කරදරයක් වෙන්න පටන් ගත්තා ප්‍රතිකාර සදහා. ඉන් පස්සේ කාටත් වැඩිය ඇස නොගැටෙන තැනක් වන රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාව දැම්මා. කොහොම හරි ඕක කව්රු හරි දැකලා නායක තුමන්ට හොදටම අමාරුයි දැන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රති කාර ගන්නේ කියලා ප්‍රචාරයක් ගියා. ඊට පස්සේ ඒක ටිවි පත්තර වල ගියා. කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පවා කලබල වෙලා හෝගාල විස්තර අහන්ඩගත්තා ඒ දවස්වල. ඒකෙන් ලොකු ජරමරයක් උනේ. මේ පාරනම් මගේ බඩේ යටින් පොඩි ගෙඩියක් හැදුනේ. ඒක ශල්‍යකර්මයකින් ලේසියෙන් අයින් කරන්න පුලුවන් කියාල වාට්ටුවේ නතර වෙන්න කියලා දොස්තර මහත්තුරු කිව්වා. 21 උදේ වාට්ටුවේ නතර උනේ. එදා හැන්දෑවෙම ඔපරේෂන් එක කරා. දැන් මට හොදයි. ඉක්මනින්ම ගෙදර යන්නත් පුලුවන් වෙයි කියලා මම හිතනවා යැයි. මහියංගන රොහලේ දොස්තර මහත්තුරු ඇතුලු කාර්යය මණ්ඩලය මට ගොඩක් උදව් කරා“ යැයි ආදි වාසි නායක වන්නිලා ඇත්තන් ප්‍රකාශ කර සිටියේය.




Thursday, September 22, 2016

2016-09-21 Hiru News - මහියංගන මහවැලි පාලමේ අවදානම - Mahaweli Palama Awadanama


රෑට. රෑට මහියංගනයේ කඩ කැඩු හොර ගෙඩියෙක් පොලිසියට කොටු

18:11 22/09/2016 පසු ගියදා මහියගනය නගරයේ රට‍බීම හලවල් 2ක් මංකොල්ල කෑම ඇතුලු තවත් මංකොල්ලකෑම් හා අපරාද රැසක් සිදුකරමින් පොලිසියෙන් කට්ටි පන්මින් සිටි මංකොල්ල කරුවා පොලිස් අත් අඩංගුවට පක් විය. මොහුන් වැල්ලවායේ පදිංචි කරුවන් වන අතර හමුදාවේ සේවයේ නියුතුව සිටි අය වෙති. නිති විරෝධි ගිණි අවියක් මිළදී ගැනිම සදහා උත්සාහ දැරිමේදී වැල්ලවාය පොලිස්ය විසින් මෙහුන් කොටුවී ඇති අතර දීර්ඝ කාලයක සිට මෙම හොරකමේ නිරත වුවන් බට=වට වැඩි දුර ප්‍රශ්න කිරිම් හමුවේ අණවරණය කරගෙන ඇත . මෙම කල්ලියේ තවත් කිහිප දෙනෙකු සිටින අතර ඔහුන් අත් අඩංගුවට ගැනීම සදහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

සත් බදු කුටි ඉදිරිපිට බෝ පැළ 07ක් මතුවෙයි


Sunday, September 18, 2016

හසලක කෙන්ගොල්ලේඇල කන්දේ විශාල ගින්නක් - අක්කර 10කට වඩා දැවී අවසන්

 18/09/2016 20:42
හසලක,  දබේපිටිය, කෙන්ගොල්ලේඇල කන්දේ විශාල ගින්නක් අද (18) සවස සිට පැතිරෙමින් පවතින අතර එට අද සවස 4.00ට පමණ ආරම්භ වුවකි. පවතින වියලි කාලගුණය හා සුළං හේතුවෙන් විශාල වශයෙන් පැතිර යමින් පවතින අතර රාත්‍රි 8.000 වන විටත් අක්කර 10කට අධික ප්‍රමාණයක් ගින්නෙන් දැවී ඇති අතර මෙම වන භූමිය රක්ෂිතයක්ද වේ.

ගින්න විශාල වශයෙන් පැතිර ගියහොත් ගම්මානයේ භුමිවෙතද පැතිරි වගා භුමිද හානිවිය හැකි බවට ගම්වාසීන් චෝදනා කරති.
වගකිවයුත්තන් මැදිහත් වී ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.


Saturday, September 17, 2016

ආදිවාසී දොඩම් පෙරහැර -

ආදිවාසී දොඩම් පෙරහැර -
17/09/2016 20:27
 පාන්දර ආදිවාසී පෙරහැර අවසන් කර, උදැසන මහවැලි  ගංතීරයේදී දිය කැපීමෙන් අනතුරුව දහවල් පෙරහැර ආරම්භ කෙරේ.

සමන් දේවාලයේ බස්නායක  ගයාන් හිංකෙන්ද මහතා විසින් සාම්ප්‍රධායික ලෙස ආදිවාසීන් සදහා දොඩම් පෙරහැරේ ගමන් කිරිම සදහා දොඩම් බෙදා දීමෙන් අනතුරුව ආදිවාසීන් හු කියමින් දොඩම් උඩ දමමින් දහවල් පෙරහැර සදහා එක් වෙති. දොඩම් උඩ දමමින් හු කියමින් පෙරහැරේ ගමන් කරන ආදිවාසීන් නැවතත් සමන් දේවාලය අභියසට පැමිණ දොඩම් පොළවේ ගසා දොඩම් ඉස්ම (යුෂ) හිසේ ගල්වා ගනිමින් නිරෝගි සුව ප්‍රාර්ථනා කරති.