Thursday, March 31, 2016

වැලි ලොරියට පුද්ගලයෙකු යටවී මියයයි.


9:07 AM 3/31/2016
වැලි පැට වු ලොරි රථයක් මාර්ගයේ ඉදිරියෙන් පැමිනි වාහනයකට මාර්ගයේ ඉඩ ලබාදෙමින් ගමන් කිරිමට යාමේදි මහියංගන රංදෙනිගල මාර්ගයේ වේරගංතොට ප්‍ර දේශයේ දී ඊයේ (30) උදැසන පුද්ගලයෙකු යට වු අතර ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වයස 80ක වයසැති පුද්ගලයෙකි. වැලි ලොරියේ රියදුරු හසලක පොලිසිය විසින් අත් අඩංගුවට ගත් අතර මෙම රිය අනතුර සම්බන්දයෙන් හසලක පොලිස් නිළධාරින් පරික්ෂණ සිදු කරති.

Tuesday, March 29, 2016

බලපත්‍ර කොන්දේසි උල්ලන්ගනය කර වැලි ගොඩදැමු 4කට 120000ක දඩයක්


විදුලි බලමන්ඩලයේ මානව සම්පත දුර්වලයි - මිනිපේ නව ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලය විවෘත කරමින් ඇමති වජිර අබේ වර්ධන මහතා කියයි

දැන් ලයිට් ගියාම යහපාලනයෙන් ඉල්ල ගන්නඩ කියනවා - එදා රංදෙනිගල රංටැඹේ හැදුවාට පස්සේ දාපු ට්‍රාන්ස්‍ ෆෝමර් හරියට නඩත්තු කරාලා නෑ. විදුලි බලමන්ඩලයේ මානව සම්පත දුර්වලයි - මිනිපේ නව ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලය විවෘත කරමින් ඇමති වජිර අබේ වර්ධන මහතා කියයි
2016-03-29 පෙ.ව. 1:09
“දැන් ලයිට් ගියාම යහපාලනයෙන් ඉල්ල ගන්නඩ කියනවා - එදා රංදෙනිගල රංටැඹේ ඉගිනිමිටිය මාදුරුඔය හැදුවාට පස්සේ දාපු ට්‍රාන්ස්‍ ෆෝමර් අදට හරියට නඩත්තු කරාලා නෑ. ඒවා දැන් අපිට නඩත්තු කරන්ඩ වෙලා තිබෙනවා. ඊලගට කියනවා නොරච්චෝලේ නිසයි කියලා. නොරච්චෝලේ නිසා ලයිට් නැති වෙන්නේ නෑ. නොරච්චෝලේ ලෝකෙ තියෙන නවතම තාක්ෂණය තියෙන වැදගත් යන්ත්‍රයක්. ඒ යන්ත්‍රය මෙහෙයවන්ඩ ඉන්න කන්ඩායම ඒ කියන්නේ මානව සම්පත දුර්වලයි. ඒකට කව්රුවත් පලි නෑ“යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා, රුපියල් ලක්ෂ 390ක වියදමෙන් ඉදිකල මිනිපේ නව ප්‍රා දේශිය ලේකම් කාර්යාලය 28 වන දින උදැසන විවෘත කරමින් උත්සව සභාව අමතමින් ප්‍රකාශ කර සිටියේය.
තවද අමාත්‍ය වරයා මෙසේද පැවසීය. “බිදුලි බල අංශයේ ඉන්න මානව සම්පත ඉතාම දුර්වල තත්වයක තියෙන්නේ. අපි මේක ගැන හිතලා මිට අව්රුදු 25කට කලින් විදුලි බලමණ්ඩලයට ප්‍රතිකර්මයක් ලෙස ගේනවා ලංකා විදුලි බලමණ්ඩල පුද්ගලික සමාගම. ඒ කාලේ ඒක ගේන කොට ඒකට විරුද්දව කට්ටිය ස්ට්‍රයික් කරන්ඩ පටන් ගත්තා. කොච්චර අමාරුවෙන්ද විදුලි බලමණ්ඩල සමාගම ගෙනාවේ. අනාගතයේ අපිට සිද්දවෙයි ලෝකයේ අනෙක් රටවල් වල වගේ විදුලිය පලාත් 7-8කට, ට්‍රාන්ෆෝමර් 7-8 කට කඩලා තියන්න. ඒකට විදුලි බල මණ්ඩලය විරුද්ද වෙයි. නමුත් අපිට ඒකට මුහුන දෙන්න වෙයි. විකල්ප නෑ. දැන් මොකද වෙලා තියෙන්නේ ඔක්කොම තියෙන්නේ එක ට්‍රිප් (ට්‍රිප් ස්විච්) එකකට. ගෙදරට ලයිට් ඉල්ලුවාම අර්ත් එක, ට්‍රිප් ස්විච් එක තියෙවාද කියලා බලනවා. එහෙම නැත්නම් දෙන්නේ නෑ විදුලිය.ඔය ක්‍රමේටත තමයි ගමේ ට්‍රාන්ෆෝමරයටත් අර්ත් එකක්, ට්‍රිප් ස්විච් එකක් තියෙනාවා. ඒක වෙලාවට නඩත්තු නොකරාම හෙන ගහනකොට පිච්චිලා යනවා. ගෙදර එක හරි වෙලාවට නඩත්තු නොකරාම අකුණක් ගහපු ගමන් ගෙදර මිනිහා මැරිලා යනවා. ඒකයි වෙන්නේ. එතකොට ලංකා විදුලි බල මණ්ඩලයෙත් ප්‍රශ්නය ඒකයි. මානව සම්පත දුර්වලයි. ඒකට අපිට මුහුණ දෙන්ඩ තියෙනවා. ඒකට කව්රු හරි කියනවානම් ලයිට් ගියාම ඕක තමයි යහපාලනේ කියලා ...ඒක නෙවේ“ යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා උත්සව සභාව අමතමින් ප්‍රකාශ කර සිටියේය.
මධ්‍යප පළාත් සභා මන්ත්‍රි හා උඩදුම්බර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක චානක අයිලප්පෙරුම මහතා හා මහනුවර මහ දිසාපති හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මිනිපේ ප්‍රාෙද්ශිය ලේකම් සමන්ති නාගස්තැන්න මහත්මියගේ සංවිධානයෙන් මෙම නව ප්‍රාෙද්ශිය ලේකම් ගොඩනැගිල්ල විවෘත කිරිම සිදු කරන ලදී. මහල් දෙකකින් සමන්විත නව කාර්යාලය සියලු පහසුකම් වලින් සමන්විත අංග සම්පුර්ණ ශ්‍රවණාගාරයකින්ද සමන් විත වේ.
මෙහිදී මිනිපේ ඉඩම් ලාභින් සදහා ඉඩම් බලපත්‍ර ප්‍රධානයක්ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.. මෙම අවස්ථාව සදහා ප්‍රා දේශිය දේශපාලන නායකයන් ගම්වාසින් රාජ්‍ය ආයතන රැසක නිළධාරින් සහබාගි වී සිටියේය.











Sunday, March 27, 2016

සමන්තගේ කතාවෙන් පසු ඌවේ මොනවද වුනේ - සැකෙවින් විස්තරය මෙන්න


ඌව පළාත් සභාවේ මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පාළාත් සභාවේ නියෝග උල්ලංගණය කරමින් පාළාතට රුපියල් ලක්ෂ 133ක පාඩුවක් සිදු කර ඇති බවට ජවිපෙ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පසුගියදා ප්‍රසිද්ධියේ සිදු කළ ප්‍රකාශයෙන් ආරූඩ වූ මහ ඇමතිවරයා මිරිස් ඇඹරීම, පොල් ගැසීම, දෙවියන්ට කන්නලවු කිරීම ආදිය සිදු කරමින් සමන්ත විද්‍යාරත්නට එරෙහිව දෙස්දෙවොල් තියන්නට විය. එයට පිළිතුරු දෙමින් සමන්ත විද්‍යාරත්න පවසා තිබුනේ "මහ ඇමතිවරයාට දේවාලගානේ ගොස් මිරිස් අඹර අඹර ඉන්න කියන්න. මේ මුදල් වංචාවට එරෙහිව මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා" යනුවෙනි. ඒ අප කවුරුත් දන්නා එළියේ සිදු වූ කතාවය.
සමන්ත විද්‍යාරත්න මහතාගේ හෙළිදරව්වෙන් පසු ඊටත් වඩා සිදුවීම් ගණනාවක් පළාත් සභාව ඇතුළේ සිදුවී තිබේ.
ඇතුළේ කතාව මෙසේය. පසුගිය 10වනදා පළාත් සභාව රැස්වී ඇත. මෙහිදී ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පවත්වාගෙන යන ස්ථාවර ගිණුම් 6ක මුදල් එම ගිණුම් කල් ඉකුත්වීමටත් පෙර මුදල් ඇමතිවරයාගේ (මහ ඇමති) වුවමනාව පරිදි ලබා ගැනීමට කර තිබූ සූදානම ගැන සාකච්ඡා කර තිබේ. එම සාකච්ඡාවට මුලපුරා ඇත්තේද ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න විසින්මය. එම ගිණුම් 6ම ඉවත්කර ගත්තෙනම් පළාතට රුපියල් ලක්ෂ 173 පාඩුවක් සිදුවන බව එහිදී සමන්ත විද්‍යාරත්න විසින් පෙන්වා දී තිබේ. ඉන් පසුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක්ව ගිණුම් දෙකක පමණක් මුදල් ලබාගැනීමට සූදානම් වී ඇත. එම ගිණුම් දෙක ඉවත්කරගත්තෙනම් රුපියල් ලක්ෂ 133ක පාඩුවක් සිදුවන බවත් එයද සිදුකිරීමට අනුමත නොකරන ලෙසත් පවසනමින් සමන්ත විද්‍යාරත්න සිය විරෝධය දැඩිසේ ප්‍රකාශ කර තිබේ.
පසුව, හදිසි වැදගත් කමකින් යුත් යෝජනාවක් සභාවේ සාකච්ඡාවට ගැනීම සඳහා සභා රීති අත්හිටුවමින් මන්ත්‍රීවරයෙකුට ලබා ගැනීමට හැකි අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සමන්ත විද්‍යාරත්න මහතා විසින්ම මේ සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කර ඇත. (එහි පිටපතක් පහතින් දැක්වේ)
මෙම යෝජනාව ගෙන ඒමට පෙර සභාවේ න්‍යායපත්‍රයට ඇතුළත් කර තිබූ මහ ඇමතිවරයාගේ මූල්‍ය වංචා සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් නිසා එදින (2016.03.10) මහ ඇමතිවරයා සභාවට නොපැමිණ සභාව මග හැර තිබේ. එමෙන්ම විද්‍යාරත්න මන්ත්‍රීවරයා සභා රීති අත්හිටුවමින් ගෙන ආ යෝජනාව සභාවේ සාකච්ඡාවට ගැනීම වැලැක්වීම සඳහා කූඨ ලෙස කටයුතු කර ඇති සන්ධාන-එජාප මන්ත්‍රීවරු සභාවේ ඝන පූර්ණය සම්පූර්ණ නොකිරීමට කටයුතු කර ඇත. සභාපති ඒ.එම්. බුද්ධදාස මහතා, ඝණපූර්ණය නොමැතිව සභාව පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් සභාව කල් තැබීමට සූදානම් වනවිට සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ "මහ ඇමතිවරයා පළාතට ලක්ෂ 133ක් පාඩු සිදු කරන්න හදනවා... මේක පළාතට සිදුවන හානියක්... කල් තියන්නෙ නැතුව මන්ත්‍රීවරුන්ව දැනුවත් කරලා නැවත සභාව කැඳවන්න..." යනුවෙනි. එයට එකඟ වූ සභාපතිවරයා තේ විවේකය සඳහා සභාව නතර කර තේ විවේකයෙන් පසුව නැවත සභාව කැඳවා තිබේ.
තේ විවේකය අතර තුර මන්ත්‍රීවරුන් කිහිපදෙනා වශයෙන් මුණගැසී මේ සිදුවීමට යන මහා අපරාධය, මූල්‍ය වංචාව පිලිබඳව මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුකරවා නැවත සභාව කැඳවන විට ඝණපූර්ණය සහිතව සභාව කැඳවා ගැනීමට සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා කටයුතු කර ඇත.
විද්‍යාරත්න මහතා එහිදී සිය යෝජනාව ඉදිරිපත් කළ අතර එක්සත් ජාතික පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු ඊට අදාළව කරුණු නොකියා මුණිවත රැකීමට කටයුතු කර තිබෙන අතර සන්ධාන මන්ත්‍රී පාළාත් අමාත්‍ය සාලිය සුමේද පමණක් කරුණු ඉදිරිපත් කර තිබේ. ඔහු පවසා ඇත්තේ " සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමා කියන කාරණය ඇත්තනම් ඒක බරපතලයි. ඒක නිසා මෙම ගිණුම් ඉවත් කරගැනීමට මහ ඇමතිවරයා දරණ උත්සාහය නතර කරන එක හොඳයි..." යනුවෙනි.
ඒ අනුව සමන්ත විද්‍යාරත්නගේ යෝජනාව ඒකත් ඡන්දනෙන් සම්මත වී තිබේ. ඒ අනුව සභාපති ඒ.එම් බුද්ධදාස සභාවේ ප්‍රධාන ලේකම්වරයාට (ගාමිණී රාජකරුණා) මේ බව ලිඛිතව දන්වා ඇත. එම අවස්ථාවේ සභා ලේකම්ගේ වැඩ ආවරණය කරමින් සිටි වැඩබලන ලේකම් රාජදාස මහතා ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ලිඛිතව දන්වා ඇත්තේ එම ගිණුම් ඉවත් කිරීම තාවකාලිකව නතර කරණ ලෙස ය.
කෙසේ නමුත් පසුවදා (2016.03.11) මහ ඇමතිවරයා පැමිණ නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැනවැදී වැඩබලන ලේකම්වරයා මගින් එම මුදල් ලබා ගැනීම සඳහා නැවත ලිපියක් යොමු කර තිබේ‍.
පසුගිය 24වනදා නැවත සභාව රැස්වී ඇති අතර එහිදී මන්ත්‍රීවරුන් සාකච්ඡා කර ඇත්තේ සභාවේ ඒකමතිකව සම්මත වූ යෝජනාවක කරුණු උල්ලංඝනය කරමින් මහ ඇමතිවරයා කටයුතු කිරීමෙන් සභාවට ලක්ෂ 133ක පාඩුවක් සිදුව ඇති බවත් ඊටත් අමතරව පළාත් සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය මගින් හිමි බලතල හෑල්ලු කිරීමට මහ ඇමතිවරයා කටයුතු කර ඇති බැවින් පළාත් සභාව පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පත්ව ඇති බව ය.
ඒ අනුව මෙම කාරණය සම්බන්ධයෙන්, සභාවේ රීතිවලට අනුව මන්ත්‍රීවරු සභාවේ වැඩබලන ලේකම්වරයාගෙන් පැය දෙකකට අධික කාලයක් ප්‍රශ්න කර ඇත. වැඩබලන ලේකම්වරයා බොහෝ ප්‍රශ්න හමුවේ නිරුත්තර වී තිබේ. තමන් අතින් බරපතල වරදක් සිදුවී ඇති බව අවසානයේ ඔහු පිළිගෙන තමාට සමාව ලබා දෙනලෙස ඉල්ලා ඇත. මෙහිදී විශේෂයෙන් වැඩබලන ලේකම්වරයා පවසා ඇත්තේ තමන් මෙසේ සභාවේ නීති රීති උල්ලංඝනය කරමින් කටයුතු කළේ ප්‍රධාන ලේකම්වරයාගේ උපදෙස් පරිදි බව ය. ප්‍රධාන ලේකම්වරයාගෙන් ප්‍රශ්න කිරීම ලබන මස 07වනදා සිදුකිරීමට තීරණය කර මෙම කාරණය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර ගැන තීරණයක් ගැනීම සඳහා පක්ෂ නායක රැස්වීමක කැඳවා ඇත.
පක්ෂ නායක රැස්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රා.මූ. රත්නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහ ඇමති චාමර සම්පත් දසනායක, ලංකා වතු කම්කරු කොන්ග්‍රස් මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන්, පළාත් සභාවේ සභාපති ඒ.එම්. බුද්ධදාස එක්වී ඇති අතර සාභාවේ එහිදී නීති රීති උල්ලංඝනය කරමින් සිදු කළ විනය විරෝධී කටයුත්ත සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
පක්ෂ නායක රැස්වීමේදී සභාවේ නීතිඅංශය කැඳවා අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග ගැන පක්ෂ නායකයින් වෙත උපදෙස් ලබා දෙන ලෙස ඔවුන්ට පක්ෂනායකයින් විසින් උපදෙස් දී තිබේ. ඒ සඳහා මේ මස 31වනදා දක්වා කාලය ලබා දෙන ලෙස නීති අංශය පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා ඇත. එම නීති උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටද පක්ෂ නායකයින් තීරණය කර ඇත.
පක්ෂ නායක රැස්වීමේදී මහ ඇමතිවරයා පවසා ඇත්තේ මෙම සියළු නීතිවිරෝධී ක්‍රියාවක් තමන් කළ ඒවා නොවන බවත් මේ සියළුම නීතිවිරෝධී කටයුතු සිදු කර ඇත්තේ සභාවේ නිලධාරීන් බවත් ය.
එහිදී සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා පවසා ඇත්තේ මහ ඇමතිවරයා සිය දේශපාලන බලය පාවිච්චිකරමින් නිලධාරීන් බියගන්වා අදාළ නීතිවිරෝධී කටයුතු සඳහා නිලධාරීන්ව පොළඹවා දැන් එම නිලධාරීන්ව පවා දී තමන්ගේ ජාමේ බේරාගැනීමට කටයුතු කරන බැවින් ඒ සියල්ල අදාළ තැන්වලදී හෙළි දරව්කිරීමට තමන් කටයුතු කරන බව ය.

Saturday, March 26, 2016

අපිත් පරීක්‍ෂණයක්‌ කරනවා - වන්නිලැත්තන්ගේ මාධ්‍ය ප්‍රකාශක දිවයිනට කෝල් කරයි

නෝමන් පලිහවඩන
රතුගල ඇත්තන් ඇතුළු පුද්ගලයන්ට පොලිසිය පහර දීමේ සිද්ධිය පිළිබඳව ආදිවාසී ජන උරුම කේන්ද්‍රය වෙනම පරීක්‍ෂණයක්‌ පවත්වන බව ආදිවාසී නායක වන්නිලැත්තන්ගේ මාධ්‍ය ප්‍රකාශක විමලේ ඇත්තෝ ජංගම දුරකථනයෙන් 'දිවයිනට' ඊයේ (25 දා) ප්‍රකාශ කළහ. ජන උරුම කේන්ද්‍රයේ හීන්බණ්‌ඩලාගේ ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පරීක්‍ෂණ ආරම්භ කරන බවද විමලේ ඇත්තෝ කීහ.
මෙම සිද්ධියේ සුලමුල සෙවීමේ සිද්ධිය හටගත් ගම්මානයේ වැසියන්ගෙන් කරුණු විමසීම මෙම පරීක්‍ෂණයට අයත් වන බව විමලේ ඇත්තෝ කීය.

‘හොරු ඔක්කොම දේවාලවල : ඒ නිසා දෙවියො නෑ‘

2016 මාර්තු මස 25 14:29:07 | .
‘ඌව පළාත් සභාවේ විශාල මූල්‍ය අක්‍රමිකතා වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමක් වෙලා නෑ. ඒවා වළක්වා ගන්න අපි බලපෑම් කළා. නමුත් පළාත් සභා මහ ඇමැතිවරයා මුහුණ දෙන්නේ නීත්‍යනුකූලව හෝ පළාත් සභාවේ නීතිරීති අනුව නෙමෙයි. ඔහු දැන් කරන්නේ දේවාලවල මිරිස් අඹරන එකයි‘ යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අද ජවිපෙ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක මුදල් විෂය බාර ඇමැති ලෙස අත්තනෝමතිකව කටයුතු කරමින් ගිණුම් දෙකක් ඉවත් කරගැනීමට කටයුතු කර තිබෙනවා. මේවා ඉවත් කරගැනීමෙන් පළාත් සභාවට රුපියල් ලක්ෂ 103 ක මූල්‍යමය පාඩුවක් වන බවට බැංකුව පළාත් සභාවට ලිඛිතව දැනුම් දී තිබියදී තමයි මේ ගිණුම් ඉවත් කරගෙන තියෙන්නේ. මේ වන විට මහ ඇමැතිවරයාට එරෙහිව චෝදනා ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා අපි කියනවා ඔහු මහ ඇමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි. අපි වැරදිනම් අපිට විරුද්ධව නීතිමය පියවර ගන්න තිබුණා. දැන් ඔක්කොම හොරු ටික දේවාල ගානේ යන්න පටන් අරගෙන. මේ හොරු ඔක්කොම දේවාලවලට යන නිසා දැන් දේවාලවල දෙවියනුත් නෑ. පසුගිය කාලයේ අපේ රටේ ජනතාවට වගේම මේ දේවාලවලටත් දෙවියන්ටත් ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නැහැ. ඒ නිසා දේවාල ගානේ ගිහින් මිරිස් අඹරලා ඵලක් නැහැ. මම මහ ඇමැතිවරයාට අභියෝග කරනවා ඕනෑම රූපවාහිනී ආයතනයක ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා. සියලු චෝදනා ලිඛිත සාක්කි ඇතිව ඔප්පු කරන්න මම සූදානම්‘ යැයිද විද්‍යාරත්න මහතා කීවේය.

Thursday, March 24, 2016

පොල් ගහමුද? මිරිස් අඹරමුද?

http://mawbima.lk/80-108124-news-detail.html

පොල් ගහමුද? මිරිස් අඹරමුද?

උෟව පළාත් මහ ඇමැති සම්පත් දසනායක සීනිගම දෙවොල් දේවාලයට ගොස් මිරිස් ඇඹරුවේය. ඒ උෟව පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රි සමන්ත විද්‍යාරත්නට එරෙහිවය. මහ ඇමැතිවරයා මෙලෙස මන්ත්‍රිවරයා සමඟ වෛර බැඳගෙන ඇත්තේ උෟව පළාත් සභාවේ 'මුදල්' පෞද්ගලික බැංකුවක ගිණුමකට බැර කිරීමෙන් රජයේ මුදල් අවභාවිත කළා යැයි මන්ත්‍රි විද්‍යාරත්න කළ චෝදනාව හේතුවෙනි. මහ ඇමැති දසනායක ප්‍රකාශ කර ඇත්තේ ඔහුට කළ බොරු චෝදනාවෙන් ගැලවීමට අධිකරණයේ පිහිට නොපැතුවේ 'තීන්දුව' ප්‍රමාද වන නිසා බවය. දෙවොල් දෙවියන්ගේ තීන්දුව අප්‍රමාදව ලැබේවි යන්න මහ ඇමැතිගේ විශ්වාසයයි.
Mawbima, 2016-03-24 02:00:00
Read 80 Times
උෟව පළාත් මහ ඇමැති සම්පත් දසනායක සීනිගම දෙවොල් දේවාලයට ගොස් මිරිස් ඇඹරුවේය. ඒ උෟව පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රි සමන්ත විද්‍යාරත්නට එරෙහිවය. මහ ඇමැතිවරයා මෙලෙස මන්ත්‍රිවරයා සමඟ වෛර බැඳගෙන ඇත්තේ උෟව පළාත් සභාවේ 'මුදල්' පෞද්ගලික බැංකුවක ගිණුමකට බැර කිරීමෙන් රජයේ මුදල් අවභාවිත කළා යැයි මන්ත්‍රි විද්‍යාරත්න කළ චෝදනාව හේතුවෙනි. මහ ඇමැති දසනායක ප්‍රකාශ කර ඇත්තේ ඔහුට කළ බොරු චෝදනාවෙන් ගැලවීමට අධිකරණයේ පිහිට නොපැතුවේ 'තීන්දුව' ප්‍රමාද වන නිසා බවය. දෙවොල් දෙවියන්ගේ තීන්දුව අප්‍රමාදව ලැබේවි යන්න මහ ඇමැතිගේ විශ්වාසයයි.

අතිශය ග්‍රාම්‍ය කටයුත්තක් වන සිය සතුරාගේ විනාශය පතා ගම්මිරිස් ඇඹරීම ශිෂ්ට සමාජයේ පිළිකුලට ලක්වන්නකි. දේවාලවලට මිනිසුන් යන්නේ මානසික සහනය හා ශක්තිය ලබාගැනීම සඳහාය. පොල් ගසන්නේද ඒ වෙනුවෙනි. බොහෝ දේවාලවල පොල් ගැසීමට වෙනම ස්ථානයක් වෙන්කර ඇත. මිරිස් ඇඹරීමට ඇතැම් දේවාලවල ස්ථානයක් පිළියෙල කර ඇත්තේ අනුන්ගේ 'විනාශය' ප්‍රාර්ථනා කරන්නන් උදෙසාය. සිය සතුරාගේ විනාශය පතා ගම්මිරිස් ඇඹරීමට ප්‍රසිද්ධ දේවාල හා කෝවිල් කිහිපයක් මෙරට තිබේ. හික්කඩුව 'සීනිගම දෙවොල් දෙවොල' ඉන් එක් ස්ථානයකි.

උෟව පළාත් මහ ඇමැතිවරයා බදුල්ලේ සිට මහජන මුදල් වැයකරමින් හික්කඩුවට පැමිණියේ සීනිගම දෙවොල් දේවාලේ මිරිස් ඇඹරීමෙන් සතුරාගේ විනාශය නියත බව ඔහුට විශ්වාස නිසාය. මහ ඇමැතිවරයා මිරිස් අඹරා, පොල් ගසා දේව කන්නලව්වක්ද කර පෙරළා ගියද විපක්ෂයේ 'මහින්දවාදී' කණ්ඩායම සීනිගමින් ඇරැඹූ පොල් ගැසීමේ ව්‍යාපාරය තවමත් අවසන් කර නැත. මෛත්‍රි-රනිල් ආණ්ඩුවට හා එෆ්.සී.අයි.ඩී.යට එරෙහිව දේවාල, කෝවිල් සොය සොයා ගොස් ඔවුහු පොල් ගසති.

ඉකුත් සතියේ රාජපක්ෂවාදීහු පිරිසක් හා එජාප පාක්ෂිකයෝ පිරිසක් එකම දිනයේ හලාවත මුන්නේශ්වරම් හින්දු කෝවිලට ගොස් 'පොල්' ගැසූහ. මහින්දවාදීන් පොල් ගැසුවේ මෛත්‍රි-රනිල් ආණ්ඩුව භංගවේවා කියාය. ආණ්ඩුව ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලා එජාප පාක්ෂිකයෝ පොල් ගැසූහ. මේ දෙපාර්ශ්වයම මුග්ධයෝ වෙති. ආණ්ඩු රැකීම හෝ කැඩීම කළ හැක්කේ දෙවියන්ට නොව ජනතාවටය. පවරා දුන් බලය ආපසු ගැනීමේ 'බලය' ඇත්තේද ජනතාවටය. ඒ 'කතිරය' පාවිච්චි කිරීමෙනි. අනෙක, ආණ්ඩුව රැක දෙන්නැයි කියා පොල් ගැසිය හැකි වුවද ආණ්ඩුව භංග කිරීමට නම් කළ යුත්තේ උෟව මහ ඇමැතිවරයා කළා සේ ගම්මිරිස් ඇඹරීමය. එහෙත් හිටපු මැති-ඇමැතිවරුන් ගම්මිරිස් ඇඹරීමට නොයන්නේ ඔවුන් මෝඩයන් ලෙස සලකාවි යැයි බියවීම නිසාය. ඒ නිසා ඔවුන් සතුරන් විනාශ කිරීමට යොදා ගන්නා ගම්මිරිස් ඇඹරීමට ආදේශකයක් බවට පොල් ගැසීම යොදාගෙන ඇත.

පූජාවට්ටියේ තබාගෙන යන පොල් ගෙඩිය, සුදුවතින් සැරැසුණු මේ ඊනියා ආණ්ඩු විරෝධීන් වෙර යොදා ගලේ ගසන්නේ සතුරාට ශාප කරමිනි. කෑලි කෑලි කැඩී යන පොල් ගෙඩිය සතුරාගේ හිස යැයි සිතන ඔවුහු ඉන් කුරිරු සතුටක් ලබති.
විපක්ෂයේ 'මහින්දවාදීන්' අතර සිටින ප්‍රමුඛයකු වන මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මෑතකදී ප්‍රකාශ කර තිබුණේ නිවෙස්වල ළිප් ගල, මිරිස් ගල වැනි ස්ථානවල පවා දෙවියන් වැඩසිටින බවය.

මධ්‍ය පාන්තික නිවෙස්වල ළිප්ගල් නැති නිසා ගෑස් ළිප, විදුලි ළිප, බ්ලෙන්ඩරය උඩ වුවද දෙවියන් වැඩ සිටිනවා ඇත. මන්ත්‍රි ගුණවර්ධන ජනතාවට උපදෙස් දී ඇත්තේ කෙම්මුර දවස් 7ක් පේවී හිඳිමින් 'යහපාලනය' භංග වේවා කියා පොල් ගසන ලෙසය. ඔහුට මේ උපදෙස් දෙන්නට ඇත්තේ ශක්‍රයාගේ පුතා වයිමා විය යුතුය. රුපියල් 2,500කින් මාසයක් ජීවත්වන පවුල් මන්ත්‍රිවරයාගේ ඉල්ලීමට අනුව දිනපතා වුවද පොල් ගැසීමට ඉඩ ඇත. හිටපු ආර්ථික විද්‍යා ගුරුවරයකුද පොල් ගැසීමට යන්නේ නම් සෙස්සන් ගැන කවර කතාද?

පොල් ගැසීම, ගම්මිරිස් ඇඹරීම, ශාප කිරීම, හදිහූනියම් කිරීම, බුදු දහම මෙරට ස්ථාපිත වීමට පෙර සිටම තිබූ අභිචාරාත්මක ක්‍රියාකාරකම්ය. ථෙරවාදී බෞද්ධාගමිකයන් බහුතරයක් සිටින සමාජයක වුවද එවැනි ක්‍රියා තවමත් නොනැසී පවතී. ඉකුත් ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාගේ රූපය මැටියෙන් අඹා එයට කටු ගසා හූනියම් කළ බවට දූසමාන ආරංචි පැතිර ගියේය. පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන නාමයෝජනා භාරදුන් අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂට අතට අත නොදුන්නේ ජනාධිපතිවරයාගේ අතේ මැතිරූ තෙල් වර්ගයක් ගල්වාගෙන සිටි නිසා බවද කියැවිණි. ජනාධිපතිවරණයට දින නියම කළේද ජේ‍යාතිෂ උපදෙස් මත බව ජනප්‍රිය කතාවකි. 'පරාජය' සාධාරණීයකරණය කරමින් පොල් ගසා ශාප කරන්නේ 'යථාර්ථය' පිළි ගැනීමට ඇති අකමැත්ත නිසාය. තමන්ට කරගත නොහැකි පළි ගැනීම දෙවියන් හරහා හෝ කරගැනීමටය.

ප්‍රශ්නවලට 'විසඳුම්' නොලැබෙන විට හිතේ සහනයට ජනතාව දෙවියන් යකුන්, ප්‍රේතයන් වැනි අදෘශ්‍යමාන බලවේග සරණ ගියද ජනතාවගේ ප්‍රශ්නවලට භෞතික විසඳුම් සෙවීමට බලය ඉල්ලා ගත් මහජන නියෝජිතයන් මෙලෙස හැසිරෙන්නේ මෝඩකමටය. නැතිනම් තක්කඩිකමටය. නොඑසේ නම් මේ දෙකම නිසාය.
ශිෂ්ට සමාජය, ගෝත්‍රික යුගයේ මෙන් සතුරන්ගෙන් වෛරී ලෙස පළිගන්නේ නැත. සාධාරණය පතා යෑමට සුදුසු ආයතන ශිෂ්ට සමාජය සකස් කරගෙන ඇත.
නීතියෙන් යුක්තිය ඉටු කරගැනීමට ඕනෑම අයකුට නිදහස තිබේ. අධිකරණයෙන් යුක්තිය ඉටු නොවන්නේ නම් දේශීය මෙන්ම විදේශීය වශයෙන් ක්‍රියාත්මක වන තවත් ආයතන ඇත. එසේ තිබියදී සාධාරණය යුක්තිය ඉටුකර ගැනීමට ගෝත්‍රිකයන් මෙන් 'දේවාල' ගානේ ගොස් මිරිස් අඹරන, පොල් ගසන ඊනියා මහජන නියෝජිතයන් සිටින රටක් මෝහාන්ධකාරයට මිස සත්‍ය ලෝකය කරා රැගෙන යා නොහැකිය. මුග්ධයන් පසුපස යමින් අවිද්‍යාව වැලඳ ගන්නවා වෙනුවට විද්‍යාව කරා යෑමට ජනතාව සබුද්ධික විය යුත්තේ එනිසාය.


ප්‍රාථමික අංශය නැවත ලබාදෙන ලෙස ඉල්ලා දෙමාපියන් විරෝධතවෙයක - ආදිවාසි නායකයත් සහයට - මාර්ග අවහිරවී ගමන නවති

2016-03-24 ප.ව. 11:36
මහියංගන අධ්‍යාපන කලාපයේ බ/ඔරුබැදිවැව ද්විතික පාසලේ ඉවත් කර තිබු ප්‍රාථමිකය නැවත ලබා දෙන ලෙස ඉල්ලා එම විදුහල ඉදිරිපිය මව්පියන් හා ළමුන් එක්ව අද(24) පෙරවරු 7.30ට පමණ මහියංගන අම්පාර මාර්ගය හරස් කරමින් පාසැල ඉදිරිපිටදී ඔරුබැදිවැව ප්‍ර දේශයේදි විරෝධතාවයක නිරත විය. පැය 3ක පමණ කාලයක් මාර්ගයේ ගමනාගමනය අඩාල විය.
මවිපියන් චෝදනා කරන්නේ, දෙමාපායන්ගේ ඉල්ලීම් සැලකිලට ගනිමින් ඌව පළාත් මහ ඇමති වරයා ලිඛිතව නැවත් පාසලේ ප්‍රාථමික අංශය ආරම්භ කිරිමට අවසරය ලබාදී තිබියදී, පසුව මහ ඇමති වරයා විසින්ම ප්‍ර දේශයේ වෙනත් පාසැලක පැවති උත්සවයකදී වාචිකව (එපා යැයි) සිදු කල ප්‍රකාශයක්හේතුවෙන් මහියංගන අධ්‍යාපන කලාපයේ නිළධාරින් ප්‍රාථමිකය ආරම්භකිරිම ප්‍රමාද කරනා බවට දෙමාපියන් චෝදනා කරති.
මෙම විරෝධතාවයට ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ද සහය ඵල කිරිම සදහා පැමිණ සිටි අතර මාධ්‍ය වෙනුවෙන් අදහස්ද ඵල කර සිටියේ දෙමාපියන්ගේ ඉල්ලිම සාධාරන බවත් බළධාරින්ගේ අවධානය යොමුකර පාසැලේ ප්‍රාථමිකය නැවත ආරම්භ කර දෙන ලෙසයි.
විරෝධතාකරුන් මාර්ගය අවහිර කිරිම හේතුවෙන් මහියංගන පොලිස් නිළධාරින් උද්ගෝෂණ කරුවන් උත්සාහ දැරිමෙන් උණුසුම් තත්වයක් ඇති විය. මහියංගන සහකාර පොලිස් අධිකාරි උදිත් ලියනගේ මහතා අධ්‍යාපන බළධාරියෙකුහට දුරකථනයෙන් අමතා විරෝධතා කරුවන් හට ප්‍රකශ කරනු ලැබුවේ ලබන බදාදා දිනයේදි ගුරුවරු හා දෙමාපියන් එක්ව ඌව පළාත් මහා ඇමති වරයා සමග සාකච්ඡාවක් ලබාදිය හැකි බවත් එයට එකගවී දෙමාපියන් විරෝධතාවය අවසන් කලේය.









මහියංගනයේ පොළභූමිය-වෙළෙදසැල්-සුපිරි වෙළෙදසැල් මහජන සෞඛ්‍යවරුන්ගේ පරික්ෂාවට - වරදකරුවන් 32ක් උසාවියට, 286000ක් දඩ.


2016-03-20 පෙ.ව. 10:18
මහියංගන නගරයේ වෙළෙදසැල් සුපිරි වෙළෙදසැල් හා පොළභූමිය මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ගේ අධික්ෂණයට මේ සතිය පුරාවට (14දින සිට 19දක්වා) ලක් කල අතර එහිදි
• කැරපොත්තන් කැදලිපිටින් සිටි තුනපහ කුඩු විකිනිම
• මීයන්ගේ රස බොජුන් බවට පත් වු ආහාර පාන විකිනිම
• ගුල්ලො ගැසු පාන්පිටි විකිණිම
• සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවලට පටහැනි ලෙස ආහාර පාන ගබඩා කිරිම
• සෙනසුරාදා ඊයේ (19) දින සති පොලේ පොල්තෙල් යැයි පවස ෆාම් ඔයිල් විකුණු වෙළෙන්දකු හා ආහාරයට නුසුදුසු කරවල විකුණු වෙළෙන්දකු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කරනු ලැබීය.
• සුපිරි වෙළෙදසැලේ නිෂ්පාදිත සමාගම,කල් ඉකුත්වන දින වකවානු නොමැති ආහාර ද්‍රව්‍ය හා කල් ඉකුත් වු පොල්තෙල් හා මළ අපද්‍රව්‍ය තැවරුන බිත්තර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ බාරයට ගත් අතර එම ව්‍යාපාරිකයන් මහියංගන අධිකරනය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
මෙම සතිය තුල මහියංගන අධිකරනය හමුවට ඉදිරිපත් කල ව්‍යාපාරිකයන් ගණන 32ක් වන අතර අධිකරණය විසින් ඔහුන් හට රුපියල් 286000 දඩයක් නියම කර ඇත. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ බාරයට ගත් ආහාර ද්‍රව්‍යාවල වටිනාකම රුපි 250000කි.
මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිධළාරි කාර්යාලයේ වෛද්‍ය චමිල ලොකුගීගන මහතාගේ උපදෙස්මත මහජන සෞඛ්‍ය පරික්ෂක සී බී රත්නායක, අමිල අබේසේකර, සිලන්ක එදිරිසිංහ ඇතුලු මහජන සෞඛ්‍ය පරික්ෂක කන්ඩායමක් විසින් මෙම පරික්ෂා කර බැලිම් සිදු කරන ලදී.








Thursday, March 17, 2016

රෝහලට ජලය නොලැබීමෙන් සැත්කම් දරු ප්‍රසුති වලට බාධා

2016-03-17 ප.ව. 11:01

මහියංගන මුලික රෝහල වෙත අද සවස 4සිට ජලය නොලැබීමෙන් රෝහලේ සිදු කිරිමට තිබු සැත්කම් හා දරු ප්‍රසුතිකාගාරයේ කටයුතු සියල්ලටම බාධා සිදුව ඇති බව මහියංගන මුලික රෝහලේ අධ්‍යක්ෂක වරයාගෙන් සිදු කල විමසීමකදී හෙලි කර සිටියේය.
මහියංගන ජලසම්පාදන යේ වරතු පොම්පකරනා මෝටර් 2ක අකර්මණය්‍ය වීම මෙයට හේතුවී ඇති බව ජල සම්පාදනයේ නිළධාරියෙකු හෙලි කල බව රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටියේය. රාත්‍රි 10 වන තුරුත් එය යථාතත්වයට පත් කර ගැනිමට අපොහොසත්වු බවයි තොරතුරු අනාවරණය වන්නේ.
හෙට (18) දිනයේදී මහියංගන නගරයට හා අවට ගම්මාන වලට ජලය නොලැබීමට ඉඩකඩ ඇති හෙයින් ජලය අරපරිස්සමින් පරිහරනය කිරිමට ඔබ වගබලා ගන්න

“අද හයිඩ්පිටියේදී පැවැත්වෙන මේ විරෝධතා ව්‍යාපාර වල එකම අරමුණ අපිව අත් අඩංගුවට ගන්න එපා කියලා කියන එක“ කිරිඇල්ල ඇමතිතුම මහියංගනයේදී කියයි.


3/17/2016 4:34 PM

“අද හයිඩ්පිටියේදී පැවැත්වෙන මේ විරෝධතා ව්‍යාපාර වල එකම අරමුණ අපිව අත් අඩංගුවට ගන්න එපා. ආන්ඩුව බයකරලා අපිව අත් අඩංගුවට ගන්න එපා කියන අදහස තමයි අද මේ විරෝධතා ව්‍යාපාර හරහා දෙන්න හදන්නේ. මමනම් හිතන්නේ ඒකනම් කරන්ඩ පුලුවන් වෙයි කියලා“ යැයි පාර්ලිමේන්තුවේ සභානායක,උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරි ඇල්ල අමාත්‍යාවරයා මහියංගන, මැදයාය ගම්මානයේ මහා මර්ග සදහා කාපට් අතරන නිෂ්පාදන පෙරමුසු අංගනය ප්‍රතිසංස්කරණය කිරිමෙන් අනතුරුව අද දින (17) දහවල් යලි විවෘත කරමින් උත්සව සභාව අමතමින් ප්‍රකාශ කර සිටියේය.

තවදුරටත් සභාව ඇමතු අමාත්‍ය තුමන් “ඇත්තවශයෙන්ම මේ විරෝධතා ව්‍යාපාර සංවිධානය කරන්නේ නැතුව සහයෝගන දෙන්න තමයි එයාලාට තියෙන වගකීම. ජනාධිපතිවරණය දින්නා. පාර්ලිමේන්තු මැතිවරණය දින්නා. අයවැය හා ඉදිරිපත් කල පනතත් තුනෙන් දෙකේ බලයෙන් පාර්ලිමේන්තුවේ සම්මත උනා. ඉතින් එවැනි අවස්ථාවක විරෝධතා ව්‍යාපාර තියන එක විහිලුවක්. මොකද ආන්ඩුව ඇවිත් අව්රුද්දක්වත් යන්න කිලින්. අවුරුදු 3-4ක් ගියානම් හිතන්නවත් පුලුවන්. මට පේන විදියට මේ විරෝධතා ව්‍යාපාර වල එකම අරමුණ විරෝධතා ව්‍යාපාර වල එකම අරමුණ අපිව අත් අඩංගුවට ගන්න එපා. ආන්ඩුව බයකරලා අපිව අත් අඩංගුවට ගන්න එපා කියන අදහස තමයි අද මේ විරෝධතා ව්‍යාපාර හරහා දෙන්න හදන්නේ. අධිකරණය ස්වාදීනයි. 19වන ව්‍යස්ථා සංශෝධනය යටතේ අධිකරණය. ඒ වගේම පොලිසිය.  රාජ්‍ය සේවය දැන් ස්වාධින ආයතන හැටියට පවත්වාගෙන යනවා. ආයෝජකයන් අපේ රටට එන්නනම් මේ රටේ යහපාලනයක් තියෙන්න ඕන. ඒ වගේම සියලු ජාතින්ට එක හා සලකන රජයක් තිබුනොත් පමණයි ඉදිරිකාලයේදි ආයෝජකයන් පැමිණ මේ රටේ ආයෝජනය කරන්න කැමති වෙන්නේ. මේ ජාතික වගකීම තේරුම් අරගෙන අපි සියලු දෙනා කටයුතු කරන්න ඕන.“ යැයි අමාත්‍යවරයා උත්සව සභාව අමතමින් ප්‍රකාශ කර සිටියේය.
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මහියංගන, මැදයාය ගම්මානයේ පිහිටි මෙම පෙර මුසු නිෂ්පාදන අංගනය නිෂ්පාදන කටයුතු මීට වසර 15කට පෙර නවතා දමා තිබු අතර නැවත මාසයක් වැනි ඉතා කෙටි කාලයකින් සංවරධනය කරමින් ලක්ෂ 40ක් පමණ වැයකර අද (17) දින යලි විවෘත  කලේය.
මාර්ග සංවර්ධන අධිකාරියේ , මගනැගුම උසස් නිළධාරින මෙම අවස්ථාව සදහා සහභාගි වී සිටියෙය්




UNP ආසන සංවිධායක දින 07ක් ඇතුලට

2016-03-17 ප.ව. 5:26

මහියංගන තිස්සපුර ප්‍රාථමික විද්‍යාලයේ මුර කරමින් සිටි මුරකරු හට 15 දින සවස පහරදුන්නේයැයි චෝදනා ලැබ සිටි ඌව පළාත් සභා මන්ත්‍රි හා මහියංගන එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක උපාලි සේනාරත්න මහත අද උදැසන මහියංගන පොලිසිය වෙත බාරවීමෙන් අනතුරුව මහියංගන මහේස්ත්‍රාත් අධිකරනය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ගීතානී තේනබදු මහත්මිය විසින් ලබන 24 දින දක්වා (දින 07ක්) රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබිය.
මහියංගන තිස්සපුර ප්‍රාථමික විද්‍යාලයේ මුර කරමින් සිටියදී මහියංගන එක්සත්ජාතික පක්ෂ ආසන සංවිධායක වරයා හා පිරිසක් පැමිණ තමන් හට පහරදුන්නේ යැයි පවසමින් පාසලේ මුරකරු 15 දින රාත්‍රි මහියංගන මුලික රෝහලේ 08 වාට්ටුව සදහා ඇතුලත්ව ඇති බව මහියංගන පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගතව ඇත්තේ අංක 3/15, ඌව තිස්සපුර, මහියංලන යන ලිපිනයේ පදිංචි, රාජපක්ෂ මුදියන්සේලාගේ ජයතිලක නම් වන අයෙකි.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ඇතුලු පොලිස් නිළධාරින් මෙම පැමිණිල්ල සම්බන්දයෙන් පරික්ෂණ පවත්වති.

Wednesday, March 16, 2016

UNP ආසන සංවිධායක පහරදී පාසැල් මුරකරු රෝහලේ


2016-03-16 ප.ව. 2:37:45
මහියංගන තිස්සපුර ප්‍රාථමික විද්‍යාලයේ මුර කරමින් සිටියදී මහියංගන එක්සත්ජාතික පක්ෂ ආසන සංවිධායක වරයා හා පිරිසක් පැමිණ තමන් හට පහරදුන්නේ යැයි පවසමින් පාසලේ මුරකරු 15 දින(ඊයේ) රාත්‍රි මහියංගන මුලික රෝහලේ 08 වාට්ටුව සදහා ඇතුලත්ව ඇති බව මහියංගන පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගතව ඇත්තේ අංක 3/15, ඌව තිස්සපුර, මහියංලන යන ලිපිනයේ පදිංචි, රාජපක්ෂ මුදියන්සේලාගේ ජයතිලක නම වන අයෙකි. 
“ මම සේවයට පැමිණ පොතේ අත්සන් කර පාසැලේ බුදු මැදුරට මල් පහන් පුජාකිරිමට සුදානම් වු මොහොතේ තමයි එක්සත් ජාතික පක්ෂ මහියංගන ආසන සංවිධායක උපාලි සේනාරත්න හා ඔහුගේ පිරිවර පැමිණ මට ගැහුවේග. ගහන්ඩ හේතුව මොකක්ද කියලා මම දන්නේ නෑ. ගියමාසේ 19 දින ප්‍රාථමික පාසල පළාත් මහා ඇමතිතුමන් අතින් විවෘත කරා. පාසලේ ඉඩමේ කොටසක් උපාලි මන්ත්‍රිතුමා අල්ලාගෙන ඉන්නවා. පාසැල් සංවර්ධන සමිතියේ අය ගමේ ප්‍රජාවේ අය එකතුවෙලා පාසැලට අයිති ඉඩමේ පාසලට අයිති කොටසට අපි වැට ගැහුවා. මමත් පාසැල් සංවර්ධන සමිතියේ සාමාජිකයෙකු ලෙස ඉන්න නිසා ඒකට පදිගන්න මට ගැහුවාද කියලා මම දන්නේ නෑ. යැයි රෝහල් ගතව නේවාසික ප්‍රතිකාර ලබන තිස්සපුර ප්‍රාථමික විද්‍යාලයේ මුරකරු ආර් එම් ජයතිලක පැවසීය.
තවද ඔහු මෙසේද පැවසීය.“ පාසැල් සංවර්ධන කමිටුව විරුද්ද වෙලා ඉදිදිද්දී, විදුහල් පතිවරයා විරුද්ද වෙලා ඉදිදිදී එයාගේ තාත්තාගේ දේහට ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රිඩා පිටියේ දි පිච්වුවා, පාසැල විවෘත කිරිමටත් ඉස්සෙල්ලා. පුංචි ළමයි වතුර බොන ලිදට විශබීජ යන්න පුලුවන් කියලා අපි විරුද්දවෙලා එපා කියද්දීත් එයා බලහත් කාරයෙන් පියාගේ දේහය ක්‍රිඩා භුමියේ පිච්චුවා. තොපි පුලුවන්නම් ඕන දෙයක් කරපියව් මම තාත්තාගේ මිනිය පිට්ටනියේම පුච්චනවා කියලා අපිට ෆෝන් එකෙන් බැනලා මිනිය පාසැල් පිට්ටනියේ පිච්චුවා. ඉතින් ඕවාට පලිගන්න මට ගැහුවාද කියලා මම දන්නේ නෑ “ යැයි චෝදනා කලේය.
ඌව පළාත් සභා මන්ත්‍රි හා මහියංගන එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක උපාලි සේනාරත්න මහතො වෙත දුර කථනයෙන් කථා කර මෙම චෝදනා සම්බන්දයෙන් ප්‍රශණ කල අවස්ථාවේ “ මම ඔය කියන චෝදනා සම්පුර්ණයෙන්ම ඉවත දමනවා. මම හා මගේ කිසිදු පිරිසක් ඔය කියන පුද්ගලයාට ගහන්න ගියේ නෑ. හැබැයි ඔය කියන පුද්ගලයා ඊට දින කිහිපයකට කලින් මගේ පාක්ෂියෙකුට වැවේ මාලු අල්ලන්න ගිහින් සිටින විට බැන තර්ජනය කරලා තිබුනා. ඒ සම්බන්දයෙන් පාසලේ මුරකරුට මම දුරකථනයෙන් කථා කරලා ප්‍රශ්න කරා. එටිට වඩා දෙයක් මම කරේ නෑ. ඔය කියන පහර දීමක් මම කලේ නෑ“ යැයි චෝදනා සියල්ල ඉවත දමන බව මන්ත්‍රිවරයා පැවසීය.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ඇතුලු පොලිස් නිළධාරින් පරික්ෂණ පවත්වති. මේ වන තුරු පහරදීම සම්බන්දයෙන් පොලිසිය කිසිවකු අත් අඩංගුවය ගෙන නොමැත.





වැටුනොත් නම් වලේ අලියේක් ඕනලු ගොඩ ගන්නට බොලේ

3/16/2016 12:11 AM
මහියංගන ලංගම බස් නැවතුමේ මාර්ග පද්දතිය මේදිනවල විශාල ලෙස අබලන්ව ඇති අතර දැවැන්ත ආවාට මාර්ගයේ ඇතිවීම තුලින් බස් රථ ධාවනටයේදි හා මගි ජනතාව සහ ව්‍යාපාරික ස්ථාන විශාල වශයෙන් පිඩාවට පත්ව ඇත. 
වගකිවයුත්තන්ගේ දෙනෙත් හැර පිළියම් කඩිනමින් ලබා දෙන ලෙස නගරවාසීන් ගම්වාසින් ඉල්ලා සිටී.