Saturday, July 23, 2016

මහියංගන සිද්ධාර්ථ ප්‍රාථමිකයට මුල්වරට ජාතික මට්ටමේ ජයග්‍රහනයක්

2016-07-23 ප.ව. 9:50

ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශය විසින් දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරිම සදහා දීපව්‍යාප්තව පැවැත් වු පාසැල් තරගාවලියේ “කිරෙන් සපිරි දැයක්“ තේමාව යටතේ ප්‍රාථමික අංශයේ 1-2 ශ්‍රේණිය චිත්‍ර නිර්මාණ තරගයේ දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය දිනාගැනීමට මහියංගන සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයේ  කේ. එච්. එම්. හසිනි සිනෙත්යා කරුණාතිලක ශිෂ්‍යාව පසුගිය දා සමත් වෙමින් මහියංගනය ප්‍ර දේශයටත්, සිද්ධාර්ථ ප්‍රථමික විද්‍යාලයට ප්‍රථම වරට ජාතික මට්ටමේ ජයග්‍රහනයක් ගෙන එමින් කිර්තියක් අත් කර දෙන්නට සමත් විය. සිනෙත්යා දැරිය , සිද්ධාර්ථ ප්‍රථමික විද්‍යාලයේ 2 ශ්‍රේණිය B  පංතියේ  ඩි.එම් නන්දනී එස් මැණිකේ ගුරුමෑණියන් යටතේ අධ්‍යාපනය ලබයි.

එම ජයග්‍රහනය සදහා වු සහතික හා කුසලාන පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ සුරතින් ලබාගන්නට ඇය වාසනාවන්ත විය.


සිනෙත්යා දැරියට අපගේ උණුසුම් සුභපැතුම්!!

No comments:

Post a Comment