Monday, December 29, 2014

මහියංගනේ සරත් පොන්සේකාගේ පක්ෂ කාර්යාලයට වෙඩි තබා කුඩේ කුඩු කරයි - වාහන කිහිපයක් කුඩු කරයි - කුඩා දරුවන් දෙදෙනෙක් සමග 5ක් රෝහලේ - ආබාදිත සෙබලාගේ බොරු කකුලත් පන්නගෙන ගිහින් - රෝගින් බලන්න සරත් පොන්සේකා මහතා එයි ‍

12/29/2014 8:21 PM

මහියංගන නිදහන්ගල ප්‍රදේශයේ ජනාධිපතිනරණය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් සහය ඵල කිරිම සදහා 28 දින උදැසන ආරම්භ කරන ලද නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ නිත්‍යානුකූල පක්ෂ කාර්යාලය ප්‍රදේශයේ දේශපාලන නායකයන්ගේ දෙදෙනෙකුගේ ආධාර කරුවන් පිරිසක් ඊයේ (28) රාත්‍රි 10ට පමණ අහසට වෙඩි තබා දෙවනුව පුද්ගලයන්ට හා කාර්යාලයට පහර දි කුඩු පට්ටම් කල බවත්  කාර් එකක් හා වෑන් රථයක්, යතුරුපැදියක් හා පාපැදියක් පොලු මුගුරුවලින් පහර දි විනාශ කොට දැමු බව තුවාල කරුවන් ප්‍රකාශ කර සිටි.
එහි රැදි කාර්යාලයේ සිටි කුඩා දරුවන් දෙදෙනෙකු හා පුද්ගලයන් තිදෙනෙකු පහර කා,  තුවල ලබා  මහියංගන මුලික රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇති අතර තුවාල කරුවන්ගේ තත්වය හා සුව දුක් පරික්ෂා කරිම සදහා නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ නායක සරත් පොන්සේකා මහතා අද ( 29) දහවල් මහියංගන මුලික රෝහල වෙත පැමිනියේය.
මෙසේ තුවල ලබා ඇත්තේ යුද්දයේද් බෝම්බ ප්‍රහාරයකට ලක් වි ආබාධිත තත්වයේ පසුවන (කකුලක් අහිමි)  විශ්‍රාමික කර්නල් එම් චන්ද්‍රෙස්න මහතා වන අතර මැර පිරස ඔහුට අමාණුශික අන්දමින් පහර දි තමාගේ දරුවා වන අභිලාෂ් මාමුනගේ (15) හට පොලු මුගුරුවලින් පහර දුන්  බවත් තමා ගේ බොරු කකුලද මැරයන් විසින් පැහැර ගෙන යනු ලැබු බව චන්ද්‍රෙස්න මහතා ප්‍රකාශ කර සිටි. අනෙකුත් තුවාල කරුවන් වන් නේ පසුගිය පළාත් සභා මැති වරණයේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුනේ අපේක්ෂක රෝහන ප්‍රසන්න විජේසේකර (40)  හා සංදිප ගොවිදුනාත (13)  කුඩා දරුවා සහ ආරියදාස මංචනායක (56) යන අය වේ.
ප්‍රහාරයට සම්බන්ද පිරිසෙන් පුද්ගලයන් 4ක් මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර  ඔහුන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරපත් කිරිමෙන් අනතුරුව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් තුමිය විසින් සැකරුවන් 2014-01-06 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත. මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති එස් බි වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නිළධාරින් සිද්ධිය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කෙරේ








Sunday, December 28, 2014

මහවැලි ගග පිටාර ගලා මහියංගන හා මිනිපේ 5000කට අධික ප්‍රමාණයක් අවතැන් වෙයි - 1978 පසු පැමිණි විශාලතම ජල ගැල්ම

මහවැලි ගග පිටාර ගලා මහියංගන හා මිනිපේ 5000කට අධික ප්‍රමාණයක් අවතැන් වෙයි - 1978 පසු පැමිණි විශාලතම ජල ගැල්ම

මධ්‍යම කදුකරයට දින ගනනක් තිස්සේ ඇදහැලෙන අධික වර්ශාව හේතුවෙන් පසුගිය 26 දින රංදෙනිගල හා රංටැඹේ ජලාශවල ජල මට්ටම පාලනය කිරිම හා එහි ආරක්ෂාව වෙනුවෙන් වාන්දොරටු දෙකක් මිටර 12ක් බැගින් (අඩි 40ක් ) උසට විවෘත කිරිමට සිදු විය.
එම හේතුවෙන් මහවැලි ගග පිටාරගලා මහියංගන හා මිනිපේ ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශවල මහවැලි ගග දෙපස ජිවත්වන පිරිසකගේ නිවාස විශාල ප්‍රමාණයක්      ජලයෙන් යටවු අතර පවුල් විශාල ප්‍රමාණයක් අවතැන් වීය.
දැනුම් දිමකින් තොරව රාත්‍රි කාලයේ මහවැලි ගගේ ජල මට්ටම ඉහල යෑම හේතුවෙන් විශාල පිරිසක් දැඩි පිඩාවට පත් වු අතර බොහෝ පිරිස් ඇදි වත සමගින් නිවාසවලින් ඉවත් වි ඇත. දරුවන්ගේ පොත පත නිවෙස් උපකරණ විදුලි උපකරණ හා ගෙවල් විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවිම හේතුවෙන් බොහෝ පිරිසක් පිඩාවට හා කනස්සල්ලට පත්විය. 1978 වර්ශයේ ජල ගැලිමෙන් පසු මෙතරම් ප්‍රමාණයක ජල ගැල්මක් මෙවර සිදු වු බව ගම්වාසින් පවසති
මහියංගන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පවුල් 634ක් (පුද්ගලයන් 2359ක්) අවතැන් වු අතර ඔහුන් තාවකාලික සහන කදවුරු වන  මහියංගන රජමහා විහාරයේ පවුල් 29ක්(පුද්ගල 949ක්) සොරබොර ශ්‍රි අශෝකාරාමයේ පවුල් 228 (පුද්ගලයන් 845), හද්දත්තාව මහා විද්‍යාලයේ  පවුල් 79 (පුද්ගලයන් 280), මාපාකඩවැව ශ්‍රි සුදර්ශනාරාමයේ පවුල් 74 (පුද්ගලයන් 245), ඇකිරියන්කුඹුර විද්‍යාලයේ පවුල් 12ක් (පුද්ගලයන් 40), තාවකාලිකව ලැගුම් ගෙන සිටියහ.
මහියංගන ප්‍රා දේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතාගේ මැදිහත් විමෙන් අවතැන් වුවන් සදහා පිසු ආහාර පිරිසිදු පානිය ජලය හා මහියංගන ප්‍රා දේශිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින් හා වෛද්‍යවරු මැදිහත් විමෙන් සෞඛ්‍ය පහසුකම් හා  ඖෂද ලබාදිමට කටයුතු සලසා දි තිබුනි

මිනිපේ ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශයේ අවතැන් වු වන් 3000කට අධික ප්‍රමාණයක් වන අතර ඔහුන් මිනිපේ රඹුක්වැල්ල කණිෂ්ඨ විද්‍යාලය, මොරයාය මධ්‍යමහා විද්‍යාලය, පල්ලේවත්ත කණිෂ්ඨ විද්‍යාලය, හසලක 07 ඇල වැල් ගාල ප්‍රජාශාලාව, උල්පතලම මහා විද්‍යාලය, උඩවෙල මධ්‍යමහා විද්‍යාලය හා කොලොන්ගොඩ මධ්‍යමහා විද්‍යාලවල  තාවකාලිකව නවාතැන් ගෙන සිටියහ.

Saturday, December 27, 2014

රංදෙනිගල වාන් දොරටු විවෘත කිරිමෙන් පසු පහළ පාලම හෝදාගෙන යයි - ගමනාගමනය අනහිටි

 රංදෙනිගල වාන් දොරටු විවෘත කිරිමෙන් පසු පහළ පාලම හෝදාගෙන යයි - ගමනාගමනය අනහිටි
2014-12-27 ප.ව. 4:24

මධ්‍යම කදුකරයට දින ගනනක් තිස්සේ ඇදහැලෙන වර්ශාව හේතුවෙන් ඊයේ උදැසන  (26) රංදෙනිගල ජලාශයේ සිග්‍රෙයන් ජල මට්ටම ඉහල යෑම හේතුවෙන් ජලාශයේ ජල මට්ටම  පාලනය කිරිම සදහා වාන් දොරටු දෙකක් මිටර් 12ක උසට විවෘත කිරිම හේතුවෙන් ජලාශයට පහලින් වු මාර්ගයේ වු පාලම ඊයේ උදැසන (26) හෝදාගෙන ගොස් ඇත.
වාන් දොරටු දෙකක් මිටර් 12ක (අඩි 40) උසට විවෘත කිරිම හේතුවෙන් තප්පරයට ඝණ මිටර් 3000ක ජල කදක් පිටකිරිමෙන් ඇතිවු පිඩනය  හා ජල කද හේතුවෙන් මෙම පාලම හෝදාගෙන ගොස් ඇත.
රංදෙනිගල හා රංටැඹේ කාර්යභාර ඉන්ජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා ප්‍රකාශ කර සිටියේ මිනිපේ රංදෙනිගල මාර්ගය භාවිතා කරමින් ගමන් ගත් හගුරන්කෙත, අධිකාරගම, පදියපැලැල්ල, වලපනේ, කලුකැලේ යන ගම්මාන සදහා ගමන් ගත් බස් හා වාහන සදහා වෙනත් විකල්ප මාර්ගයක් බාවිතා කරන ලෙස දන්වා සිටි අතර දැඩි අධික්ෂණයක් යටතේ විධිමත් ජල කළමණාකරණයක් සිදු කරිම හේතුවෙන් ජලාශ ආරක්ෂා කර ගැනිමට හැකි වු බවයි.

2014-12-25 වන දින පාලම තිබු මොහොතේ ලබාගත් ඡායාරූප මේ සමග ඇත





Friday, December 26, 2014

මහවැලි ගග පිටාර ගලා මහියංගන හා මිනිපේ 2000කට අධික ප්‍රමාණයක් අවතැන් වෙයි.

මහවැලි ගග පිටාර ගලා මහියංගන හා මිනිපේ 3000කට අධික ප්‍රමාණයක් අවතැන් වෙයි.


12/26/2014 4:56 PM

රංදෙනිගල හා රංටැඹේ ජලාශවල වාන්දොරටු විවෘත කිරිම හේතුවෙන් මහවැලි ගග පිටාර ගැලිමෙන් මහියංගන හා මිනිපේ ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශවල මහවැලි ගග දෙපස ජිවත්වන 3000කට  අධික ප්‍රමාණයක්   මේ වන විට අවතැන් වී ඇත. අවතැන් වු පිරිස මහියංගන රජමහා විහාරස්ථානය හා සොරබොර විහාරස්ථානය මාපාකඩවැව යන විහාරස්ථාන වල රදවා සිටි. සොරබොර විහාරස්ථානයට පමණක් 700 ආසන්න පිරිසක් පැමිණ ඇත. ඔහුන් සදහා මහියංගන ප්‍රා දේශිය ලේකම් සුනිල් අබේකෝන් මහතාගේ මැදිහත් විමෙන් අවශ්‍ය සහන සේවාවන් , ආහාර, පිරිසිදු පානිය ජලය හා වෛද්‍ය පහසුකම් ලබාදිමට කටයුතු කර ඇත.

මිනිපේ ප්‍රා දේශිය ලේක්ම් කොට්ඨාශයේ අපවතැන් පිරිස එච් බි රඹුක්වැල්ල කනිෂ්ඨ විද්‍යාලය හා මිනිලේ සංඝබෝධි විද්‍යාලයේ තාවකාලික ලෙස රදවා සිටි.
මහියංගන ප්‍රා දේශිය ලේකම් බළප්‍ර දේශයේ අවතැනු වුවන් සදහා පහසුකම් සැපයිම් හා සේවාවන් විධිමත් ආකාරයෙන් සිදු වන බවත් මිනිපේ ප්‍රා දේශිය ලේකම් බල ප්‍ර දේශයේ අවතැන් වුවන් සදහා කිසිදු සහන සේවාවන් ලබාදිමට  දහවල් වන විටත් අදාල නිළධාරින් නොපැමිනි බව අවතැන් වු ජනතාව චෝදනා කරති.





මහවැලි ගග පිටාර ගලා මහියංගනයේ පවුල් 300කට අධික ප්‍රමාණයක් අවතැන් වෙයි. - බදුල්ල මහියංගන මාර්ගය වහන්න වෙයි

12/26/2014 12:44 PM

මධ්‍යම කදුකරයට දින ගනනක් තිස්සේ ඇදහැලෙන වර්ශාව හේතුවෙන් රංදෙනිගල හා රංටැඹේ ජලාශවල වාන්දොරටු විවෘත කිරිමට සිදු වි ඇත.
මහවැලි ගග පිටාර ගැලිම හේතුවෙන් මහියංගන හා මිනිපේ ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශවල මහවැලි ගග දෙපස ජිවත්වන පිරිසකගේ නිවාස 300කට අධික ප්‍රමාණයක්      ජලයෙන් යටවි ඇති අතර පවුල් විශාල ප්‍රමාණ මේ වන විට අවතැන් වී ඇත. අවතැන් වු පිරිස මහියංගන රජමහා විහාරස්ථානය හා සොරබොර විහාරස්ථානය මාපාකඩවැව යන විහාරස්ථාන වල රදවා සිටි.
මහියංගන නගරයට ආසන්නයේ රිදිකොටලිය පාලම ආසන්නයෙන් ජල මට්ටම අඩි 5ක් දක්වා ඉහල යෑම හේතුවෙන් බදුල්ල මහියංගන මාර්ගය මහියංගන පොලිස් නිළධාරින් විසින් වසා දමන්නට කටයුතු කරන ලදි.
දැනුම් දිමකින් තොරව රාත්‍රි කාලයේ මහවැලි ගගේ ජල මට්ටම ඉහල යෑම හේතුවෙන් විශාල පිරිසක් දැඩි පිඩාවට පත් ව ඇති අතර බොහෝ පිරිස් ඇදි වත සමගින් නිවාසවලින් ඉවත් වි ඇත. දරුවන්ගේ පොත පත නිවෙස් උපකරණ විදුලි උපකරණ හා දේවල විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවිමහේතුවෙන් බොහෝ පිරිසක් පිඩාවට හා කනස්සල්ලට පත්ව ඇත. 1978 වර්ශයේ ජල ගැලිමෙන් පසු මෙතරම් ප්‍රමාණයක ජල ගැල්මක් මෙවර සිදු වු බව ගම්වාසින් පවසති

මහියංගන ප්‍රා දේශීය ලේකම් සුනිල් විජේකෝන් මහතා ප්‍රකාශ කර සිටියේ අවතැන් පිරිස් පවුල් 300ක් පමණ ප්‍ර දේශයේ වෙහෙර විහාරස්ථාන කර යොමු කර ඇති බවත් ඔහුන් සදහා කඩිනමින් සහනසේවාවන් සපයන බවයි.
ජලාශයන් හි වාන් දොරට විවෘත කිරිම හේතුවෙන් මහවැලි ගගේ විශාල ජල ප්‍රමාණයක් ගමන් කරන අතර මහවැලි ගග පහල මහවැලි ගග පරිහරණකරන ජනතාවට මහවැලි ගග පරිහනයේදි සැලකිලිමත් වන ලෙඩ මහවැලි අධිකාරියේ නිළධාරින් දැනුම් දේ.










Thursday, December 25, 2014

වැස්සෙන් මහියංගන ජාතික පාසලටත් හානි

2014-12-25 ප.ව. 10:20
පවතින අයහපත් කාලගුණය හෝතුවෙන් දැඩි වර්ෂාවට මහියංගන ජාතික පාසලේ රැස්විම් ශාලාවේ කෙටසක් මේ වන විට කඩා වැටි ඇත

Merry Christmas !!!!!!!!!


රංදෙනිගල රංටැඹේ ජලාශ වාන්දොරටු විවෘත කරයි

2014-12-19 ප.ව. 3:36
මධ්‍යම කදුකරයට දින ගනනක් තිස්සේ ඇදහැලෙන වර්ශාව හේතුවෙන් රංදෙනිගල හා රංටැඹේ ජලාශවල වාන්දොරටු විවෘත කිරිමට සිදු වි ඇත. රංදෙනිගල ජලාශයේ මිටර් 06 බැගින් වාන් දොරටු දෙකක් අද දවසේ විවිධ අවස්ථාවන් හිදි ජලාශයේ ජල මට්ටම සැලකිල්ලට ගනිමින් විවෘත කිරිමට සිදු වි ඇත. රංදෙනිගල ජලාශයේ මේ වන විට උපරිම ජලධාරිතාවයට ආසන්න මට්ටම දක්වා ලගා වි ඇති අතර අද දහවල් වන විට එහි ජල මට්ටම මිටර් 230.99 දක්වා පැමිණ තිබුනි.
රංටැඹේ ජලාශයේද අද දිනයේ වරින් වර අවස්ථාන් ගනනකදි ජලාශයේ වාන් දොරටු හා මඩසොරොව් විවෘත කිරිම සිදු කල අතර එය සිදු කර ඇත් තේ ජලාශවල ජල මට්ටම සැල කිල්ලට ගනිමිනි. රංටැඹේ ජලාශයේද අද(25) දහවල් වාන් දොරටු 02ක් හා මඩසොරොව් 02 ක් විවෘත කර තිබුනි. අද දහවල් වන විට එහි ජල මට්ටම මිටර් 151.31 දක්වා පැමිණ තිබුනි.







මහවැලි ගග පිටාර ගලා මහියංගනයේ පවුප් 15ක් පමණ අවතැන් වෙයි.

2014-12-19 ප.ව. 3:36
මධ්‍යම කදුකරයට දින ගනනක් තිස්සේ ඇදහැලෙන වර්ශාව හේතුවෙන් රංදෙනිගල හා රංටැඹේ ජලාශවල වාන්දොරටු විවෘත කිරිමට සිදු වි ඇත.ජලාශයන් හි වාන් දොරට විවෘත කිරිම හේතුවෙන් මහවැලි ගගේ විශාල ජල ප්‍රමාණයක් ගමන් කරන අතර මහවැලි ගග පහල මහවැලි ගග පරිහරණකරන ජනතාවට මහවැලි ගග පරිහනයේදි සැලකිලිමත් වන ලෙඩ මහවැලි අධිකාරියේ නිළධාරින් දැනුම් දේ. මහවැලි ගග පිටාර ගැලිම හේතුවෙන් මහියංගන, රිදිකොටලිය, ප්‍රදේශයේ නිවාස 15ක් පමණ ජලයෙන් යටවි ඇති අතර පවුල් 15ක් පමණ මේ වන විට අවතැන් වී ඇත.





මහියංගනයට උදැසන මාලු වැස්සක්

 අද (2014-12-25) උදැසන මහියංගන රෝහල ආසන්නයට ඇද හැලුන වර්ශාවත් සමග මත්ස්‍ය වර්ශාවක් ලැබුන බව ප්‍ර දේශවාසින් පවසනවා.

Saturday, December 20, 2014

පස්කඳු වැටීමෙන් බදුල්ල - මහියංගන ගමනා ගමනයට බාධා නිවස දෙකක් නාය යයි


2014 දෙසැම්බර් 20

බදුල්ල මහියංගනය මාර්ගයේ  2  සහ   6 කනුව අතර ස්ථාන කිහිපයක පස් කඳු හා ගල් කඩා වැටෙමින් පවතින බව බදුල්ල පොලිසිය පවසයි
දුන්හිඳ වංගුව ආසන්නයේ පෙරදින රාත‍්‍රියේ පස් කන්දක් නායයාම නිසා එම මාර්ගයේ ගමනා ගමනය  පැය 5 ක පමණ කාලයක් ඇණ හිටියේය. එම මාර්ගයේ එක් මංතිරුවක පමණක් වාහනය ධාවනය කෙරේ. බදුල්ල, උඩුවර 5 කණුව ප‍්‍රදේශයේ නිවාස 02 ක් නාය ගොස් ඇති අතර ඉන් එක් නිවසක් මේ වන විට මුළුමනින්ම විනාශ වී ඇත. එම අවස්ථාවේ නිවැසියන් නිවෙස් වලින් එළියට පැන දිවි බේරාගෙන තිබේ.