Saturday, July 2, 2016

නිවුන් දරුවන් කුසේ දරාගෙන දන්සැලට ගිය අම්මා..ලෝකය නොදුටු දරු දෙදෙනාත් එක්ක සුසුම් අතරින් ජීවිතය හැර ගිය අවාසනාවන්ත ගමන..

පොසොන් පෝයට දන්සල් වලට ගිහින් කෑම වෙලක් කන්න කව්ද අකමැති...??ඔය විදිහට පහුගිය 19 වෙනි ඉරිදා පවත්වපු දන්සලකට සිය සැමියා සමග යතුරු පැදියකින් ගියපු ගර්භනී කාන්තාවක් අවාසනාවන්ත ලෙස ලොවෙන් සමුගත්තා......
ඒ විතරක් නෙවෙයි ඇයගෙ කුසේ හිටපු අහිංසක නිවුන් දරුවනුත් මේ අනතුරින් ලෝකෙ එලිය දකින්නටත් පෙර අවසන් හුස්ම හෙලුව......
මේ සිද්දිය වුනේ දෙහිඅත්තකණ්ඩිය,දොළකන්ද කියන තැනදි.ගැබ්බර අම්මා එක්ක සැමියා ගියපු යතුරුපැදිය පිටුපසින් අධික වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථයක් යතුරුපැදිය හප්පා පලා ගිහින් තිබුණා..
මේ විදිහට අනතුරෙන් බරපතල තුවාල ලබල රෝහල්ගත කරපු ගැබිනි මව සමඟ නිවුන් දරු දෙදෙනා බේරා ගැනීමට දෙහිඅත්තකණ්ඩිය වෛද්‍යවරුන්,හෙදියන්,කාර්ය මණ්ඩලය විශාල උත්සාහයක් දැරුවත් එය ව්‍යර්ථ වුණා...
හත්මස් ගැබිනියක් වූ මේ අම්මගෙ ස්වාමිපුරුෂයත් අන්තිමේදී බරපතල තුවාල ලබල රෝහල්ගත කළා...ඒ අතර පලාගිය ත්‍රීරෝද රථ රියදුරාව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් පසුව අත්අඩංගුවට ගත්තා..
කෙසේ වෙතත් අපරික්ෂාරී රිය පැදවීම නිසා මෙලොවට ජනිත වීමට තිබූ පුංචි මල් කැකුළු දෙකක් හා ආදරණීය මවක් අකාලයේ මෙලොවින් සමු ගත්තා....
උපත ලබන මතු භවයක දී වත් මෙවන් අකල් මරණයක් නොවේවා කියා අපි සැවොම ප්‍රාර්ථනා කරමු.....
මෙවන් විපතක් මිහිතලය මත යලි කිසි දිනක නොවේවා....!!!


No comments:

Post a Comment