Saturday, July 2, 2016

නව වැට්බදු සංසෝදනයකින් ජනතාවට සහන - ජනපති ගිරාදුරුකෝට්ටේදි කියයි.

2016-06-29 ප.ව. 2:48
“මේ දවස්වල මාධ්‍යවල හා සියලු අංශවල පුලුල් සාකච්ඡාවන විවාදයට ලක්වන යම් යම් උද්ගෝෂණ ඇති වෙලා තිබෙන කාරණයක් තමයි වකුගඩු රෝගය වගේම මහබැංකුවත්. මේ ගැන මේදින වල තිබෙන තත්වය තමුන්නාන්සේලා දන්නවා. ඒකයි මම කිව්වේ ඒකත් වකුගඩු රෝගය වගේ කියලා. ඒ නිසා මම තින්දු කලා මහ බැංකුව සදහා නව අධිපතිවරයෙක් පත් කරන්න ඉදිරි පැය කිහිපය තුල. සිටින අධිපරිවරයාගේ කාලය හෙට දවසින් අවසන් වෙනවා. ඒ නිසා අලුත් මහබැංකු අධිපතිවරයෙක් මම පත්කිරිමට කටයුතු කරනාවා“ ගිරාදුරුකෝට්ටේ මහවැලි ක්‍රිඩාංගනයේදී පැවති බදුල්ල දිස්ත්‍රික් වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහනේ පැවති ජන හමුවේදී ඊයේ (29) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන් ප්‍රකාශ කර සිටියේය.
තවද එතුමන් මෙසේද පැවසීය. “ වැට් බද්දත් එක්ක අපු ප්‍රශ්නත් එක්ක ඇතිවෙලා තිබෙන ප්‍රශ්න හා තත්වයන් පොදු මහජනතාවගේ දෛනික ජිවිතයට බලපාලා තියෙනවා. බඩු මිළ, පාරිබෝජනය කරන දේවල් වල මිළ ඉහල ගිහින් තිබෙනවා. ඒ නිසා මම අගමැතිතුමත් එක්ක සාකච්ඡා කලා ඊයේ සවසත් අද උදේත්, අපි ලබන සදුදා දින රැස් වෙලා ආර්ථික විශේෂඥවින් සහ අදාල සෑම කෙනෙක්ම සමගම. මේ වැට් බද්ද පැනවීමත් සමග රටේ සාමාන්‍ය පොදු මහජනතාවට ඇති වෙලා තිබෙන දෛනික ජිවිතයට හා ආර්ථිකයට , ජීවන වියදමට ඇති වෙලා තිබෙන තත්වට සම්බන්දයෙන් සහන සැලසීම සදහා ඒ බදු පිළිබදව සංසෝදනයක් ඇති කිරිමට මම පැහැදිලි තින්දුවක් ගත්ත බවට මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.“
ඒත් එක්කම පසුගිය අයවැයත් එක්ක රාජ්‍ය සේවකයන්ගෙන් දුක් ගැනවිලි විරෝදතා ආවා තමන් විශ්‍රාම යනකොට ගෙනියන්ඩ තියෙන වාහනය නෑ කියලා. පර්මිට් එක නැවැත්තුවා කියපලා. අපි ගියසතියේ ඒ ගැන සාකච්චා කලා. කලින් ඒ ගැන අපි තින්දුවකුත් ගත්තා. අලුත් චක්‍ර ලේඛණයක් නිකුත් කලා රාජ්‍ය නිළධාරින් සම්බන්දයෙනුත්. ඒ අහිමි වු වරප්‍රසාදය නැවත ලබාදීම සදහා ඒ ගැනත් ඒ චක්‍ර ලේඛණය මේ වන විටත් පිටවෙලා ඇති කියලා මම විස්වාස කරනවා. අපි මේ වකුගඩු රෝගය ගැන කථා කරන කොට වල්නාෂක කෘමිනාෂ පොහොර ගැන කථා කරන විට, අපි පසුගිය කාලේ ඔබ දන්නවා ග්ලයිපොසෙට් තහනම් කලා. ඒ ප්‍රධාන ලෙස වකුගඩු රෝගය සදහා බලපා බවට විශේෂඥයන් සොයාගත්ත නිසා. දැන් මම ග්ලයිපොසෙට් තහනම් කලාට පස්සේ, පසුගිය දවස්වල දැනගන්න ලැබුනා ඒ වගේම වෙනස් එකක් නැවත අපේ රටට ගෙනල්ලා කියාලා. මම ඒ ගැන පරික්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. ඒ ගැන වාර්ථාවක් ගන්න කටයුතු කරලා තියෙනවා. වාර්ථාව ලැබුනාට පසු එවැනි ග්ලයිපොසෙට් වලට සමාන හෝ වඩා වැඩි හෝ අඩු අපිට නුසුදුසු දෙයක් නම් ඒ අලුත් රසායනය අපේ රටේ බාවිතය ඉවත් කිරිමට අවශ්‍ය පියවර මම ගන්නවා“ යැයි ජනපතිතුමන් සභාව අමතමින් ප්‍රකාශ කර සිටියේය.
ගිරාදුරුකෝට්ටේදි පැවති බදුල්ල දිස්ත්‍රික් වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහනේදී වකුගඩු රෝගයෙන් දෙමාපියන් අහිමි වු පාසැල් දරුවන්හට ශිෂත්ව ප්‍රධාණයන්, රතුකුරුසය මගින් ගෘහස්ථ ජල පෙරන උපකරණ කට්ටල බෙදා දීම හා පාසැල් වලට ප්‍රති අශ්‍රැතිකරන ජල පෙරන පද්දති ලබාදීම, වකුගඩු රෝග නිවාරනය වෙනුවෙන් දායකත්වය දැක් වු සෞඛ්‍ය අංශයේ නිළධාරින්ට හා වෛද්‍යවරන් හට ඇගයිම ජනධිපතිතුමන් අතින් සිදු කෙරිනි. වකුගඩු රෝගය සම්බන්දයෙන් ප්‍රදර්ශණයක් සංවිධානය කර තිබු අතර එය නැරබීමෙන් අනතුරුව ගිරාදුරුකෝට්ටේ රෝහල නිරික්ෂණයටද ජනාධිපතිතුමන් එක් විය.
මෙම අවස්ථාව සදහා මහාසංඝරත්නය, ගම්වාසින් විශාල පිරිසක් එක් වී සිටි අතර ආදිවාසී නායන ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත්, ඌව පළාත් ආන්ඩුකාර එම් පි ජයසිංහ, නිමල් සිරිපාල ද සිල්වා, ජගත් පුශ්ප කුමාර, ඩිලාන් පෙරේරා, තේනුක විදානගමගේ, අනුර විදානගමගේ, උපාලි සේනාරත්න යන මහත්වරුන් හා ප්‍රා දේශිය දේශපාලන නායකයන් රැසක් හා සෞඛ්‍ය අංශයේ වෛද්‍යවරුන් නිළධාරින් විශාල පිරිසක් මෙම අවස්ථාව සදහා සහබාගි වි සිටියේය.












No comments:

Post a Comment