Friday, May 23, 2014

හසලක පෙරපාසැල් දරුවන් 5ක් අපයෝජනය කල පාස්ටර්ට ගැණුන්ගෙන් ගුටි මුරයක් - පාස්ටර් ජුනි 06 දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරයි

හසලක පෙරපාසැල් දරුවන් 5ක් අපයෝජනය කල පාස්ටර්ට ගැණුන්ගෙන් ගුටි මුරයක් - පාස්ටර් ජුනි 06 දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරයි
2014-05-21 ප.ව. 6:44
හසලක රෝහල පාරේ පවත්වාගෙන ගිය පෙර පාසැලක කුඩා දරුවන් පස් දෙනෙකු එය පවත්වාගෙන ගිය පාස්ටර් වරයා විසින් විවිධ අවස්ථාවන් හා අවස්ථා කිහිපයකදී අපයෝජනය කිරිම සම්බන්දයෙන් දරුවන්ගෙන් ලද තොරතුරු අනුව ඒ සම්බන්දයෙන් දෙමාපියන් විසින් හසලක පොලිසිය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව එම පාස්ටර්වරයා අත් අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් ගිතානි විජේසිංහ මෙනෙවිය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ජුනි 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබුවා.
හසලක රෝහල පාරේ පවත්වාගෙන ගිය ඇදහිලි වන්ත එකමුතු නම් වන මෙම පෙර පාසැල පවත්වාගෙන ගොස් ඇත්තේ පාස්ටර්වරයෙක් (පුජක) හා ඔහුගේ බිරිද විසින් වන අතර එම පාසලේ අධ්‍යාපනය ලැබු කුඩා දරුවන් හට විවිධ අවස්ථාවන් හිදී අපයෝජනයන් සිදු කර ඇති අතර ඔහුගේ බිරිද විසින් එම අවස්ථාවන විඩියෝගත කන බවට දරුවන විසින් දෙමාපියන් හට දැන්විමෙන් පසු දරුවන්ගේ දෙමාපියන් හසලක නගරයේ නගර වාසින් අවට වෙහෙර විහාරස්ථාන වල හිමිවරු විසින් ඉහත පෙර පාසැල වටලනු ලැබුවා. එහිදී කොපාවිෂ්ඨ වු දෙමාපියන් පාස්ටර්වරයාගේ නිවසේ ජනේල කිහිපයක විදුරුවලට ගල් ගසා කඩා දමනු ලැබුවා. හසලක නගරයේම වෙළෙද ව්‍යාපාරික ස්ථාන වසා දමා කලු කොඩි දමා විරෝධතාවය ප්‍රකාශ කර සිටියා.
දෙමාපියන් හසලක පොලිසිය වෙත සිදු කරන ලද පැමිණිල්ලට අනුව දෙමාපියන් හා පොලිසිය එම පෙර පාසැල නිරික්ෂණය කිරිම සදහා අද(23) උදැසන එහි ගොස් සිටියා.කුඩා දරුවන් මෙවැනි අපයෝජන වලට ලක්කරන මෙවැනි පිරිසට නිතියෙන් නිසි දඩුවම් ලබාදෙන ලෙසත් ප්‍ර දේශයෙන්ම පන්නා දමන ලෙසත් පැමිණ සිටි පිරිස ඉල්ලා සිටියා. මෙම අවස්ථාව සදහා 300-400 පමණ පිරිසක් එක්ව සිටියා. මෙම පුජක වරයා සම්බන්දයෙන් මිට පෙරද මෙවැනි චෝදන හේතුවෙන් පල්ලේවත්ත ප්‍රදේශයෙන් පන්නා දැමු අයෙක් බව ප්‍රදේශ වාසින් පවසනවා.
හසලක පොලිසියේ ස්ථානාධිපති රුවන් කුමාරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.











Thursday, May 22, 2014

ඩිසල් ගහන්ඩ ගොස් තරුණයා ජිවිතය නැති කර ගනී

2014-05-21 ප.ව. 8:34
මහියංගන සමුපකාර ඉන්දන පිරවුම් හලේදි ඩිසල් පිරවීමට පැමිණි වහාහන දෙකක් පිටුපසට ගැනිමේදී ඊට මැදිවී වයස 22ක තරුණයෙක් ඊයේ (21) උදැසන ජිවිතක්ෂයට පත් වී ඇත.
ඉන්දන පිරවුම් හලේ තෙල් ලබා ගැනිමට පැමිණි ලොරි රථයක් හා බස් රථයක් පසු පසට ගැනීමේදී, බස් රථයේ පැමිණි තරුණයෙක් බස් රථය පසුපසට ගැනිම සදහා මග පෙන්වා දීමට ඉදිරිපත් වි ඇති අතර බසය පිටු පසට ග...ැනිමේදි ඒ අසල නවතා තිබු ටිපර් රථයක් ද පසුපසට ගැනිම හේතුවෙන් වාහන දෙක එකිනෙක ගැටි ඇති අතර ඊට මැදිවි අවාසනාවන්ත ලෙස එම තරුණයා මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස 22 ක් වන ජයසිංහ පට බැදිගේ කසුන් මනෝජ් ප්‍රියංකර, 114/3, දික් ඇන්දයාය, ඌව තිස්සපුර, රිදිමාලියද්ද යන ලිපිනයේ පදිංචි තරුණයෙකි.
අනතුරට පත් තරුණයා මහියංගන මුලික රෝහලට රැගෙන ගිය අතර ඒ වන විටත් තරුණයා මියගොස් සිට ඇත. සිද්දිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි ඩි.ජේ. ඇතුලත්මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිසියේ ස්ථානාධිපති එස්.බී. වික්‍රමසිංහ මහතාගේ අධික්ෂණයෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති කුමාර මහාතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශයේ නිළධාරින් විසින් සිදු කරමින් සිටි. සිද්දියට සම්බන්ද බස්රථය හා ලොරි රථය සහ එහි රියදුරන් දෙදෙනා මහිංයගන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අති අතර මහියංගන මහේෂ්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

Wednesday, May 21, 2014

වැස්සට පෙර ආ සුලි සුළගින් නිවාස රැසකට හානි

 වැස්සට පෙර ආ සුලි සුළගින් නිවාස රැසකට හානි
2014-05-21 ප.ව. 6:44


ගිරාදුරුකෝට්ටේ බෙලගන්වැව ප්‍රදේශයේ ඊයේ (20) සවස 4.30ට පමණ ඇති වු සුළි සුළගින් නිවාස 12ක් හානි සිදු වී ඇත

 විල් ගමුව ප්‍රදේශයේ නිවාස 25කට හානි සිදු වි ඇති බව ආපදා කළමණාකරණ නිළධාරින් පවසනවා
















පොලිස් අණ නොතකා ධාවනය කල ලොරි රථයට පොලිසියෙන් වෙඩි තබයි.

2014-05-22 ප.ව. 2:00

පොලිස් අණ නොතකා ධාවනය කල ලොරි රථයට පොලිසියෙන් වෙඩි තබයි. සතොස අත්‍යාවශ්‍ය සේවා යැයි සදහන් නාම පුවරුවක්ද සොයාගනි.

පොලිස් අණ නොතකා ධාවනය කල ලොරි රථයට ගිරාදුරුකෝට්ටේ පොලිසිය විසින් ගිරාදුරුකෝට්ටේ, හෙඹරව, ගින්නෝරුව, 11 ...කණුව ප්‍රදේශයේදි අද (21) අලුයම 2ට පමණ වෙඩි තබා ඇත.
වෙඩි වැදුන ලොරි රථයේ ටයර්වල හුළං ගොස් පාරේ අයිනක නතර වී ඇති අතර ලොරි රථයේ සිටි පුද්ගලයන් පොලිසියෙන් හබා එනු දැක පලාගොස් ඇත.
ලොරි රථය පරික්ෂා කල පොලිස් නිළධාරින් එහි තිබි එකිනෙකට වෙනස් වාහන අංක තහඩු 4ක් සොයා ගෙන ඇති අතර රාජ්‍ය ලාංඡනය සහිත සතොස අත්‍යාවශ්‍ය සේවා යැයි සදහන් නාම පුවරුවක්ද ලොරි රථයේ තිබි සොයාගෙන ඇත.
ලොරි රථය පිටුපස පරික්ෂා කිරිමේදී පිටතට සැක නොසිතන පරිදි ටෙන්ට් රෙදිවලින් ආවරණය කර තිබි ඇති අතර ඒ තුල අත් පා ගැට ගැසු ගවයන් 27ක් ඉති අමානුෂික අන්දමින් සතුන් එකිනෙකා උඩ පටවා සිටියදි සොයා ගෙන ඇත. සි කළාපයේ සිට දිවයානේ ප්‍රධාන නගර වෙත මේ ආකාරයෙන් සැක නොසිතන පරිදි මස් පිනිස ගවයන් ප්‍රවාහනය කරන ජාවාරමක් මේ ආකාරයෙන් අනාවරනය කර ගන්නනට ගිරාදුරුකෝට්ටේ පොලිස් නිළධාරින්ට හැකි වි ඇත. අවට ගම්වාසින්ගේ සහය ඇතිව සියලු ගවයන් නිරුවද්‍රිතව බේරා ගන්නට පොලියට හැකි වී ඇති අතර එක් ගවයෙකුගේ උකුල් ඇටය ප්‍ර දේශයට මුනිස්සමක් ඇතුලු වි තුවාල ලබා ඇත. තුවාල ලැබු ගවයා සදහා ප්‍රතිකාර කිරිම සදහා පශු වෛද්‍යවරයා කැදවා ඇත. සිද්දිය වු ස්ථානය අවට ගම්වාසින් ගවයන් සදහා ආහාර පාන ලබාදිමට ඉදිරිපත් විම කාගේත් පැසසුමට ලක් විය.
මහියංගන සහකාර පොලිස් අධිකාරි ඩි.ජේ. ඇතුලත්මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් ගිරාදුරුකෝට්ටේ පොලිස්ථානාධිපති මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රමුඛ පොලිස් නිළධාරින් සිද්දිය සම්බන්දයෙන් පරික්ෂන සිදු කරන අතර පැන ගිය පුද්ගලයන් අත් අඩංගුවට ගැනිම සදහා පරික්ෂණ පැවැත්වේ. ගිරාදුරුකෝට්ටේ පොලිස්ථානයේ පො.සැ. 56257 කරුණාරත්න, 44147 කිත්සිරි, පො.කො. 54699 සේනාරත්න, 66439 මාරසිංහ,14647 ගුණවර්ධන, 14512 සම්පත්, 37117 අබේසිංහ, 68937 මංගල යන පොලිස් නිළධාරින් මෙම මෙහෙයුම සදහා සහබාගී වි ඇත.
See More

 





Video-Hiru Shakya Sinha Mangalya 2014 - Mahiyangana Raja Maha Viharaya

Hiru Shakya Sinha Mangalya 2014 - Mahiyangana Raja Maha Viharaya       

https://www.youtube.com/watch?v=PBcy5FW3ywA

Tuesday, May 20, 2014

බදින තුවක්කුව පත්තුවී විෙද්ශික කාන්තාව ෙරා්හෙල්


Hiru TV News 17_05_2014 - හිරු සාඛ්‍ය සිංහ මංගල්‍ය මහියංගන රජමහා විහාරයේදී

Hiru TV News 17_05_2014 - හිරු සාඛ්‍ය සිංහ මංගල්‍ය මහියංගන රජමහා විහාරයේදී

https://www.facebook.com/photo.php?v=498053493657470&set=vb.160815704047919&type=2&theater

Hiru TV News 16_05_2014 - හිරු සාඛ්‍ය සිංහ මංගල්‍ය මහියංගන රජමහා විහාරයේදී

Hiru TV News 16_05_2014 - හිරු සාඛ්‍ය සිංහ මංගල්‍ය මහියංගන රජමහා විහාරයේදී

https://www.facebook.com/photo.php?v=498044743658345&set=vb.160815704047919&type=2&theater

Hiru TV News 15_05_2014 - හිරු සාඛ්‍ය සිංහ මංගල්‍ය මහියංගන රජමහා විහාරයේදී

Hiru TV News 15_05_2014 - හිරු සාඛ්‍ය සිංහ මංගල්‍ය මහියංගන රජමහා විහාරයේදී


https://www.facebook.com/photo.php?v=498042740325212&set=vb.160815704047919&type=2&theater

Hiru News - වෙසක් පුන් පොහෝ දිනය නිමිති කර ගනිමින් හිරු සාඛ්‍ය සිංහ මංගල්‍ය මහියංගන රජමහා විහාරයේදී

Hiru News - වෙසක් පුන් පොහෝ දිනය නිමිති කර ගනිමින් හිරු සාඛ්‍ය සිංහ මංගල්‍ය මහියංගන රජමහා විහාරයේදී — at Hiru News - වෙසක් පුන් පොහෝ දිනය නිමිති කර ගනිමින් හිරු සාඛ්‍ය සිංහ මංගල්‍ය මහියංගන රජමහා විහාරයේදී.

https://www.facebook.com/photo.php?v=496231827172970

Hiru News - වෙසක් පුන් පොහෝ දිනය නිමිති කර ගනිමින් හිරු සාඛ්‍ය සිංහ මංගල්‍ය මහියංගන රජමහා විහාරයේදී 2014-05-14

Hiru News - වෙසක් පුන් පොහෝ දිනය නිමිති කර ගනිමින් හිරු සාඛ්‍ය සිංහ මංගල්‍ය මහියංගන රජමහා විහාරයේදී 2014-05-14

https://www.facebook.com/photo.php?v=496230940506392&set=vb.160815704047919&type=2&theater

අත්අඩංගුවට ගැනුණු ප‍්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරකින් මියයි

 අත්අඩංගුවට ගැනුණු ප‍්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරකින් මියයි
කුරුණෑගල කොස්තාපල් ඝාතකයාගේ කැරට්ටුව

කුරුණෑගල ප‍්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මහාපරිමාණ කොල්ලකෑම් සහ අපරාධ රැුසකට සම්බන්ධ බව විමර්ශනවලදී තහවුරු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් 17දින පස...්වරුවේ අත්අඩංගුවට ගැනුණු ප‍්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරකින් ෙපෙර්දා(18) උදෑසන මියගියා. ඒ, උඩුදුම්බර කළුගල ප‍්‍රදේශයේ සඟවා තිබූ අවි ආයුධ තොගයක් පෙන්වීමට ගිය අවස්ථාවේදීයි.

මේ අතර සඟවා තිබූ ගිනිඅවි පෙන්වීමට ගිය අවස්ථාවේදී ඇති වූ ගැටුමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු තුවාල ලබා උඩුදුම්බර රෝහලට ඇතුළත් කෙරුණා.





Thursday, May 15, 2014

සාධාරණයක්‌ ඉටු නොවුණොත් ප්‍රශ්නය

පොලිස්‌ අත්අඩංගුවේ දී මිය ගිය මීගහකිවුලේ සඳුන් අවසන් ගමන් යයි සාධාරණයක්‌ ඉටු නොවුණොත් ප්‍රශ්නය
ජනපති ළඟට අරගෙන යනවා
අවමඟුල් උළෙලේදී ඌව පළාත් සභා මන්ත්‍රී මිහිමල් කියයි

කන්දකැටිය - ජී. චතුරංග...

*කන්දකැටිය පොලිසියේ මිලේච්ඡ ප්‍රහාරයෙන් මිය ගිය සඳුන් මාලිංග සොයුරාට නිවන් සුව

*ම්ලේච්ඡ පොලිස්‌ ප්‍රහාරයෙන් මිය ගිය අපේ සොයුරාට නිවන් සුව පතමු ජනාධිපතිතුමනි සක්‌ දෙවිඳුන් නැත ම්ලේච්ඡ ලොවට ඔබගේ නෙත් යොමන්න.

මගේ සුදු පුතාට අත් වූ ඉරණම තවත් සුදු පුතෙකුට අත් නොවේවා සුදුපැහැති ඉටි කොලවල කළු පැහැ අකුරින් ලියූ එවැනි වදන් රැසකින් සමන්විත බැනර් කීපයක්‌ම මීගහකිවුල නගරයේත් මීගහකිවුල අකුරුකඩුව කොස්‌මෝ පාර්ම්හි පිහිටි පවුලේ සුසාන භූමිය අසල වූ වැටවල්වලත් එල්ලා තිබිණි. (මීගහකිවුල නගරයේ එල්ලූ එම බැනර් පැය කීපයකට පසු කිසියම් පිරිසක්‌ ඉවත් කර තිබිණි) ප්‍රදේශයේ තරුණ පිරිස එක්‌ව මෙම වැකි ලියන ලද බැනර් ප්‍රදර්ශනය කර තිබුණේ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු හදිසියේ මිය ගිය තම මිතුරාගේ අවමංගල උළෙල වෙනුවෙනි.

ඔවුන් එසේ කළේ තම සිත තුළින් බුර බුරා නැගි කෝපය පිටකරන්නට ඒ වැකි සමත් නොවූවත් නීතිය හමුවේ මේ පිරිසට කරන්නටද අන් යමක්‌ නොවූ හෙයිනි.

පාසල් ගමනින් පසු කරන්නට රැකියාවක්‌ නොමැති නිසා දෙමාපියන්ගේ කටයුතුවලට සහාය වෙමින් ත්‍රිරෝද රථයක රැකියාවක්‌ කළ මාලිංග ප්‍රදේශයේ තරුණ පිරිස අතර සිටි නිහඬ චරිතයකි.

මීගහකිවුල ශ්‍රී සුභද්‍රාරාමාධිපති පූජ්‍ය බුදුරාවේ සීලවංශ හිමියන් පවසන පරිදි පන්සල සමග ඉතා සමීප ඇසුරක්‌ පවත්වාගෙන යමින් සිටි හෙතෙම මෙවර වෙසක්‌ උළෙල වෙනුවෙන් පන්සලේ තොරණක්‌ හදන්නටද කතිකා කරගෙන සිටියේ විහාරාධිපති හිමියන්ගෙන් ඊට ආශිර්වාදයද ලබා ගනිමිනි.

කෙසේ වෙතත් ඉකුත් හත්වන දින ඔහු ඔහුගේ සොහොයුරා ඇතුළු පස්‌දෙනකු සමග කන්දකැටිය පොලිසිය මගින් අත්අඩංගුවට පත් වන්නේ මීගහකිවුල බෝගහපතන ප්‍රදේශයේ රක්‍ෂිතයක නිධානයක්‌ හෑරීමේ සිද්ධියක සැකකරුවන් ලෙසය. අනතුරුව උසාවි නියෝගයක්‌ මත රක්‍ෂිත බන්ධනාගාරගත වන මාලිංග යළිත් පසුගිය 10 වැනිදා නිවසට පැමිණෙන්නේ සිව්දෙනකුගේ කර මතිනි.

දින දෙකක්‌ නිවසේ තබා තිබූ මාලිංගගේ දේහයේ අවමංගල කටයුතු පසුගියදා (12දා) මාලිංගගේ පවුලේ සුසාන භූමියේ දීම පැවැති අතර එම අවස්‌ථාවට සහභාගි වීම සඳහා ප්‍රදේශයේ දේශපාලකයන් ඇතුළු දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ ඔහුගේ නිවස වෙත පැමිණ සිටියහ.

මීගහකිවුල ශ්‍රී සුභද්‍රාරාමාධිපති පූජ්‍ය බුදුරාවේ සීලවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අවමංගල උත්සවයේ ආගමික කටයුතු පැවැති අතර අවමංගල සභාව අමතා කතා කළ උන්වහන්සේ මාලිංග පිළිබඳ හැඳින්වීමක්‌ කරමින් මෙසේ අදහස්‌ දැක්‌වූහ.

මේ පවුල වගේම මිය ගිය දරුව පන්සල සමග ඉතා සමීපව කටයුතු කරන අසරණ පවුලක්‌. මෙයා පන්සල කෙරේ තියෙන්නේ දැඩි භක්‌තියක්‌. මේ දරුවා ඇතුළු ගමේ දරුවො පසුගිය වසරේ පන්සලට ඇවිත් වෙසක්‌ එකට පටාචාරා කතා වස්‌තුව නිර්මාණය කරන්නට දායක වුණා.

දින කීපයකට උඩදී පන්සලට ඇවිත් කීව මෙවරත් තොරණක්‌ හදනව කියල. නමුත් ජීවිතේ තියන අස්‌ථීර බව අපට කියා දෙමින් ඔහු යන්න ගියා.

අවමංගල සභාව ඇමැතූ ඌව පළාත් සභා මන්ත්‍රී (එජනිස) මිහිමල් මුණසිංහ මහතා මෙසේ කීය.

පොලිසියට බලය ලැබෙන්නේ එය අවශ්‍ය විට පාවිච්චි කරන්නයි. එසේ බලය නිසි පරිදි යොදවන රත්තරන් පොලිස්‌ නිලධාරීන් මේ රටේ ඉන්නවා. ඒ අය නිසා බැබළෙන පොලිස්‌ සේවය පොලිස්‌ නිල ඇඳුම් ඇඳගත් බලු රංචුවක්‌ විනාශ කළා. ප්‍රතිඵලය වුණේ කිසිදු වරදක්‌ නොකළ මේ දරුවා මේ අහිංසක අම්මගෙන් උදුරා ගැනීමයි.

නමුත් අද ඊට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක වන අවස්‌ථාවේ අපි කලබල විය යුතු නැහැ. අපි සිදුවන දේ බලා හිඳිමු. නමුත් යම් අසාධාරණයක්‌ වනවා නම් අපි ඊට එරෙහිව නැගී සිටින බවත් මෙම ගැටලුව විසඳා නොදුන්නොත් මෙය ජනාධිපති දක්‌වාත් රාජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයා දක්‌වාත් අපි ගෙන යන බව මා මෙම අවමංගල සභාවේදී ඔබට පොරොන්දු වෙනවා.

අවමංගල සභාව අමතා ඌව පළාත් සභා මන්ත්‍රී නිලමේ වික්‍රමරත්න මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් ජයවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක්‌ කතා කළහ.

පවුලේ ඥාතීහු ඇතුළු දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ හඩා වැලපෙද්දී කිසිවෙකුත් නොසිතූ විටෙක අකල් මරණයකට ගොදුරු වූ සඳුන් මාලිංග තරුණයාගේ දේහය මීගහකිවුල අකුරුකඩුව පවුලේ පොදු සුසාන භූමියේ මිහිදන් කෙරුනේ අප ඉදිරියේ තවත් ප්‍රශ්න රැසක්‌ ඉතිරි කරමිනි.

පත්තුකල මල්වෙඩිල්ල කඩේ වහල උඩට වැටි 7ක් රෝහල් යවයි

පත්තුකල මල්වෙඩිල්ල කඩේ වහල උඩට වැටි 7ක් රෝහල් යවයි
2014-05-15 පෙ.ව. 12:24
වෙසක් පෝය නිමිති කරගනිමින් ඊයේ (14) සවස ඓතිහාසික මහියංගන රජමහා විහාරයේ සිදු කරන ලද මල්වෙඩි සංදර්ශනයේ පත්තු කරන ලද මල් වෙඩිල්ලක් සමන් දේවාලය අසල මාර්ගයේ වු තාවකාලික ඉදිකල වෙළෙදසැලක් මතට කඩා වැටි පුපුරා යාම හේතුවෙන් එහි සිටි පුද්ගලයන් 7ක් රෝහල් ගත කරන්නට සිදුවිය. වෙළෙදසැලේ සිටි පුද්ගලයන් දෙදෙනෙකුට තුවල සිදු වී ඇති අතර අනෙක් අය කම්පනයට පත් වීම හා තාවකාලික ශ්‍රවණ ආබාද හට ගෙන ඇත.
අනතුරත් සමග මල්වෙඩි සංදර්ශනය විල්ලුව වැව මධ්‍යෙයේ වු බිම් කොටසට ගෙන යෑමට සිදු විය.

සොරබොර වැවේ දිය නෑමට ගොස් තරුණයෙකු මියයි

සොරබොර වැවේ දිය නෑමට ගොස් තරුණයෙකු මියයි
2014-05-15 පෙ.ව. 12:13
වෙසක් පොහෝ දිනය වු ඊයේ (14) සවස ඓතිහාසික සොරබොර වැවේ දියනෑමට ගොස් පදියතලාව ප්‍ර දේශයේ තරුණයෙකු මියගොස් ඇති අතර මළ සිරුර සවස් කාලයේදි සොයාගෙන ඇත. මහියංගන පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරමින සිටි.

සිල් සමාදන් විමට පැමිණි කාන්තාවක් හැප්පී මියයයි.

සිල් සමාදන් විමට පැමිණි කාන්තාවක් හැප්පී මියයයි.
2014-05-15 පෙ.ව. 12:15
වෙසක් පෝයට සිල් සමාදන්වීම සදහා ඓතිහාසික මහියංගන රජමහා විහාරයට පැමිණි උපාසිකාවක් මකර තොරණ අභියසදී 13 දින සවස 7.10ට පමණ ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක හැපි රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගෝස් ඇත. මෙසේ මියගොස් ඇති කාන්තාවගේ වයස 80ක් පමණ වේ. අනතුර සිදුවී 14 උදැසන වනතුරුත් මිය ගිය කාන්තාව හදුනාගැනීමට නොහැකි වු අතර ඊයේ දහවල් ඇය පවුලේ ඥාතින් ඇසම්බන්දයෙන් තොරතුරක් නොවිම හේතුවෙන් සිදු කල සොයා බැලිම් අනුව හදුනාගැනිම සිදු කර ඇත.

Sunday, May 11, 2014

15 හැවිරිදි දැරිය දුෂණය කල පොලිස් නිළධාරි වරයා අත් අඩංගුවට


15 හැවිරිදි දැරිය දුෂණය කල පොලිස් නිළධාරි වරයා අත් අඩංගුවට
2014-05-11 පෙ.ව. 7:28

15 හැවිරිදි මුල්ලිම් දැරියකගේ අත්තම්මා විසින් මහියංගන පොලිසිය වෙත  ගොනු කරන ලද පැමිනිල්ලකට අනුව 15 හැවිරිදි මුල්ලිම් දැරියක් දුෂණය කල මොණරාගල පොලිස්ථානයේ සේවයේ නියුතුව සිටි වයස 28ක විවාහක පොලිස් නිළධාරි වරයෙක් මහියංගන පොලිසිය විසින් 10 දින සවස අත් අඩංගුවට ගෙන ඇත.
රිදිමාලියද්ද දියකොබල ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය 2014-02-15 දින උදැසන ගුරුමඩ විදුහලේ පැවති ක්‍රිඩා උත්සවය නැරබීම සදහා අත්තම්මා හා නැගනිය සමග ගොස් ඇති අතර එහිදී දැරියට ඇතිවු හිසේ කැක්කුමක් හේතුවෙන් නැවතත් නිවසට පැමිණසිටි අවස්ථාවේදි නිවස පිටුපසින් පැමිණි සැකකරු ගිනිපෙට්ටියක් ඉල්ලා ඇත. සැක කරු වෙත ගිනිපෙට්ටිය ලබාදෙන අවස්ථාවේ බලහත්කාරයෙන් දැරියගේ අතින් අල්ලා යාබද ලදු කැලයට ඇදගෙන ගොස් දැරිය දුෂණය කර ඇත.

දැරියගේ පියා ඔහුන් අතහැර ගොස් සිටිම හේතුවෙන් ඇයගේ නැගණිය සමග රිදිමාලියද්ද දියකොබල ප්‍රදේශයේ අත්තම්මාගේ නිවසේ සිට ඇති අතර මව කොළඹ නිවසක දරුවන් ජිවත් කිරිම සදහා මෙහෙකාර රැකියාවක නිරතව සිටි. දැරියගේ අත්තම්මා විසින් 2014-02-10 මහියංගන පොලිසිය වෙත පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. අත් අඩංගුවට පත් සැකකාර පොලිස් නිළධාරිවරයා මහියංගන මහේස්ත්‍රා ත්අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර දැරිය වෛද්‍ය පරික්ෂණ සදහා රෝහල් ගත කර ඇත.
මහියංගන සහකාර පොලිස් අධිකාරි ජයන්ත ඇතුලත්මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රමසිංහ මහතාගේ   ප්‍රධානත්වයෙන් පරික්ෂණ කටයුතු සිදු කරනු ලැබේ.

Saturday, May 10, 2014

කන්දකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු පහර කා මියයයි

 කන්දකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු පහර කා මියයයි

2014-05-10 ප.ව. 9:16
කන්දකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු බදුල්ල බන්ධනාගරයේදි මියයයි - පොලිසිය සිදුකල පහරදීම හේතුවෙන් පුද්ගලයා මිය ගිය බවට තින්දු වෙයි

බදුල්ල රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය අද(10) දින සිදු කල අතර එහිදි තිරණය කෙරු...නේ පහර දීමක් හේතුවෙන් මෙම මරණය සිදුවු බවයි.

ඒ අනුව මෙම සිද්දියට සම්බන්ද කන්දකැටිය පොලිසියේ නිළධාරින් අධිකරණයට ඉදිරිපත් කර බන්දනාගාර ගත කරන ලෙසත්, බන්දනාගාර ගත කර සිටින අනෙක් අත් අඩංගුවට ගත් පුද්ගලයන් හතර දෙනා වෛද්‍ය පරික්ෂණ සදහා රෝහල් ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් මහේෂිකා ප්‍රියදර්ෂනි සිල්වා මෙනෙවිය විසින් නියෝග කර ඇත.
කන්දකැටිය පොලිසිය විසින් පසුගිය 07 දින රාත්‍රිෙය්දි අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පස්සර සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 14ක් දක්වා බදුල්ල බන්දනාගාර ගත කර සිටියදී රෝගී වී ඊයේ (09) උදැසන රෝගී වි බදුල්ල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් ඇත.
කන්දකැටිය පොලිසිය වෙත 119 අංකයට ලද තොරතුරක් මත මීගහකිවුල, මොරහෙල, බෝගහපතන ප්‍රදේශයේ නිධානයක් හැරු බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස්දෙනාගෙන් මෙසේ එක් අයෙක් මිය ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ පෙරුමහේවා සදුන් මාලිංග (18) නම් පුද්ගලයෙක් වන අතර කොස්මෝ පාර්ම්, අකුරුකඩුව, මීගහකිවුල යන ලිපිනයේ පදිංචි අයෙකි.
පවුලේ ඥාතින් පවසන්නේ පොලීසිය මගින් අත් අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකල පහරදීමකින් මොහු මිය ගිය බවය.
මහියංගන සහකාර පොලිස් අධිකාරි ජයන්ත ඇතුලත් මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධ පරික්ණ පැවැත්විනි.
See More