Sunday, September 13, 2015

මහියංගන ඇසළ මහා පෙරහැර විස්තරය


2015-09-13 පෙ.ව. 10.18

ඓතිහාසික මහියංගන රජමහාවිහාරයේ සහ මහියංගන මහා සමන් දේවාලයේ වාර් ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යය සදහා කප් සිටුවිම අද (13) රාත්‍රි 10.21ට යෙදෙන සුභ මොහොතින් සිදු කෙරේ

ඇතුල් පෙරහැර අද (13) සිට 17 දක්වා ද

කුඹල් පෙරහැර 18 දින සිට 22 දින දක්වාද

රංදෝලි පෙරහැර 23 දින සිට 27 දින දක්වා සිදු කෙරේ. අවසන් රංදෝලි මහා පෙරහැර 27 දින රාත්‍රි 9.06ට යෙදෙන සුභ මොහොතින් විදි සංචාරය කිරිමට නියමිතව තිබේ.

ඓතිහාසික වැදි පෙරහැර - 27 දින අවසන් රංදෝලි මහා පෙරහැර සමන් දේවාලයට ගෙවිදීමෙන් අනතුරුව එදින අලුයම යාමයේදි (28 පාන්දර - 4.00ට පමන) දඹාන ආදිවාසි නායක වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

දිය කැපිම - දිය කැපිම 28 දින පාන්දර 5.29ට යෙදෙන සුභ මොහොතින් මහවැලි ගංතීරයේදි සිදු කිරිමට නියමිතය

ආදිවාසි දොඩම් පෙරහැර - පුරාණ සිංහාසන මණ්ඩපය අසලදී දොඩම් බෙදා දීමෙන් අනතුරුව, 28 දින 9.13ට යෙදෙන සුභ මොහොතින් ආරම්භ කෙරෙන දහවල් පරහැරට එක්වී රජමහා විහාරීය පෙරහැර පෙරටු කරගනිමින් ගමන් කිරිමට නියමිතව තිබේ.


No comments:

Post a Comment