Tuesday, February 26, 2013

වැලි ප්‍රවාහන තහනමට විරෝධය

හෙට්ටිපොල සිට නාවුල මාතලේ දක්වා කිලෝමීයර් 30 දුර වැලි ප්‍රවාහනයට මහවැලි සීකලාපයේ ලොරිරථ සදහා තහනම් කිරීමට විරෝධය පාමින් 26 වන දින විල්ගමුව නිපොන් පාලම අසල විරෝධතාවයක් පැවැත් වු අතර එය පැය 3ක් පමන කාලයක් පැවැත් ව...ු අතර ඒ සහහා මහවැලි සී කලාපයේ වැලි ව්‍යාපාරිකයන් දේශපාලන නායකයන් හා ලොරි රථ හිමිකරුවන් හා ප්‍රවාහකයන් 3000ක් පමණ පිරිසක් ඒ සදහා සහබාගී වී සිටියා.
විරෝධතා කරුවන් ටයර් හා මාතලේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු දේශපාලන නායකයකුගේ අනුරුවකට ගිනිතබා සිය විරෝධය ප්‍රකාශ කල අතර මහියංගන ප්‍රාදේශිය සභා සභාපති ඩබ්ලිව් ඒ සුනිල් මහතා පැමිණ විරෝධතා කරුවන් අමතා ප්‍රකාශකලේ සතියක් තුල මෙම ගැටලුව සදහා විසදුම් ලබාදීමට ඌව පලාත්සභා අමාත්‍ය අනුර විදානගමගේ අමාත්‍යවරයා කටයුතු කිරීමට පොරොන්දු වී ඇති බව දැන් වීමෙන් පසු විරෝධතා කරුවන් විසිර ගියහ.

ජීව අත්බෝම්බයක් සමග ගංජා අත්අඩංගුවට

ජීව අත්බෝම්බයක් සමග ගංජා ග්රෑම් 890ක් ප්‍රවාහනය කරමින් සිටි අවිවාහක වයස 30ක පුද්ගලයෙකු මහියංගන පොලිසිය මගින් 25 දිය සවස අත්අඩංගුවට ගෙන ඇත.
මහියංගන පොලිසියේ නිළධාරින් සැකකරු අත්අඩංගුයට ගැනීමට යැමේදී සැකකර...ු දුවගොස් අසල්වාසී නිවසක මුලුතැන්ගෙට රිංගා පිහියකින් දෑත් කපාගෙන ඇති අතර අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව සැකකරු ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ඇත.
පසුව සිදුකල පරික්ෂාකිරීමේදී සැකකරු ගමන්ගත් යතුරුපැදියේ අසුන යට ලේන්සුවකින් ගැටගසනලද එස් එෆ් ජි වර්ගයේ ජීව අත්බෝම්බයක් හමු වී ඇති අතර අත් අඩංගුවට පත් සැකකරු හා ජීව අත්බෝම්බය සහ යතුරුපැදිය හා ගංජා මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සහකාර පොලිස් අධිකාරී බී එන් ආර් සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස් බී වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීමෙන් පොලිස්පරික්ෂක නිලන්ත, උප පොලිස් පරික්ෂක සුජිත් සිල්වා හා පො. කො. 51404 සුගත්, පො. කො.71814 රාජපක්ෂ, පො. කො. 78730 ප්‍රසංග යන නිළධාරින් මෙම සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කරයි.

පාසලේ ගුරුවරු සියල්ල ලෙඩ නිවාඩු

2013-02-26 ප.ව. 12:45
පාසලේ ගුරුවරු සියල්ල ලෙඩ නිවාඩු දමා සේවයට වාර්ථාකිරීමෙන් වැලකී සිටිමට කටයුතු කර ඇති බවට මහියංගනයේ පාසලකින් වාර්ථාවේ. ඊට පසුගිය දා පාසලේ සිදු වු සිදියක් මුල්වු බව ඔහුන් පවසනවා.
මහියංගන ඔරුබැදිවැව ද්විතික පාසලේ ගුරුවරු සියල්ල 26 දින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්ථාකිරීමෙන් වැලකී සිටියහ. පාසලේ ගුරුවරු 62ක් සිටින පාසලකි.
පැසැල් සිසුවෙකු හට පාසැල් ගුරු ව...ිවේකාගාරයක් තුලදී දහවල් රදවාගනිමින් ගුරුවරුන් දෙදෙනෙකු එක්ව අමානුශික ලෙස පහර දීමෙන් එම පාසැල් දරුවා 21 දින සවස මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබු අතර ඒ සම්බන්දයෙන් ක්‍රියාත්මක වු මහියංගන පොලිසිය ගුරුවරුන් දෙදෙනා 22 දින අත්අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
ප්‍රදේශවාසින් ඊට විරෝදය පැමට 22 දින දහවල් පාසල ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුනු අතර එහිදී විදුහල්පති තුමන් හා ගුරුවරු සමග දෙමාපියන් උණුසුම්කාරීතත්වයක් උද්ගත වු අතර සිද්දිය සමතයකට පත් කිරීම සදහා මහියංගන පොලිස් නිළධාරින් කටයුතු කලා. පැය 3ක් පමන නේවාසිකාගාරය තුළ දරුවකු රදවා පහර දෙනතුරු පාසලේ අනෙක් ගුරුවරු කුමක් කලේදැයි දෙමාපියන් ආවේගශිලිව ප්‍රශ්න කරනු ලැබුවා. දරුවන් හට නොසැහෙන්ඩ අතින් හා පයින් පහර දිමට ගුරුවරුන්ට අයිතියක් නැතිබව දෙමාපියන් අවධාරනය කරනු ලැබුවා.
ඉහත සිද්දියේදි ගුරු වෘර්තිය දෙමාපියන් විසින් හැල්ලුවට ලක්කල බවත්, ගුරුවරුන්හට අබියෝග කලබවත් පාසලේ ඉගැන්වීම් කටයුතු සිදු කිරිමට ආරක්ෂාව නොමැති බවත් පවසමින් ඊට විරෝධද ප්‍රකාශ කිරීම සදහා ගුරුවරු සියල්ල 26 දින සේවයට පැමිණිමෙන් වැලකී සිටියේය.
පාසලේ විදුහල්පති ගාමිණි අමරසිංහ මහතා සහ කලාප අධ්‍යාපන කාර්යාලයේ නිළධාරින් එක්වී පාසලේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමට කටයුතු සලස්සවා තිබු අතර සුපුරුදු ලෙස පාසැල් දරුවන් පාසැල් පැමිණ සිටියා. ගුරුවරු සියල්ල සේවයට පැමිණිමෙන් වැලකී සිටියා.

Monday, February 25, 2013

විල්ගමුවෙන් පැමිණිලි දෝරේ ගලයි

013 පෙබරවාරි මස 25 15:28:23 | කාංචන කුමාර ආරියදාස

විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත වීරසේකර මහතාට එරෙහිව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී උදිත් අනුරාධ මහතා අද පැමිණිල්ලක් විභාග කිරීමට විල්ගමු පොලීසියෙන් ගිය විට පොලීසිය මරණීය තර්ජන එල්ල කළැයි සභාපති ලග්ගල පොලීසියට පැමිණිලි කර ඇත.

විල්ගමුවේ රැස්වීම්වලට නොයන ලෙස සභාපති තමාට තර්ජනය කළ බව අනුරාධ කියයි.

දෙදෙනාම සන්ධානයේ... සාමාජිකයෝ ය.

පොලීසිය කියනුයේ එම පැමිණිල්ල විභාග කිරීමට ගිය විට සභාපති පොලීසියට බැණ තර්ජනය කළ බවයි.

තමා මරා දමණ බවට විල්ගමු පොලීසියේ පරීක්ෂකවරයකු තර්ජනය කළ බව ද ඔහු කියයි.

මහියංගනයට යළි බුදුන් වැඩියා වගෙයි



2013 පෙබරවාරි මස 24 17:16:01 | . , බන්දුල ගොඩකුඹුර

  බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමනින් පූජනීය වූ මහියංගන චෛත්‍ය රාජයා බෞද්ධ කොඩියේ වර්ණයෙන් ආලෝකවත් විය.

බුදුන්වහන්සේගේ කේෂ ධාතු හා ග්‍රීවා ධාතුව නිධන් කර... ඇති මෙම සෑය ඉදිරිපිට දී මාතර බෝසත් පාරමී සංවිධානය පිංකම් රැසක්ම දහස් ගණනක් වූ බැතිමතුන්ගේ සභාගිත්වයෙන් පැවැත්වීය.

උරුලෑවත්තේ ධම්මරක්ඛිත මහියංගන රජමහා විහාරාධිපති නාහිමියන්ගේ සහභාගීත්වයෙන් කහගොල්ලේ සෝමවංස සහ වෙහෙරගල සද්ධාලෝක නාහිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් බෝසත් පාරමී සංවිධානය පෙහෙවස් සමාදන් වීම්, අබතෙල් ආලෝක පූජාව, තෙසැත්තෑ ඥාන පූජාව, ලේ දන්දීම, තිස්සපුර ද්විතියීක විද්‍යාලයට පාසල් උපකරණ හා පොත් ප්‍රධානය, පවුල් 200කට වියළි සලාක පරිත්‍යාග කිරීම හා නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීම ඇතුළු පින්කම් රැසක් සංවිධානය කළේය.

Saturday, February 23, 2013

අනතුරින් මියගිය පුද්ගලයා හදුනා ගැනේ

2013-02-23 ප.ව. 4:19

 මහියංගන ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ බතලයාය මංසන්දිට ආසන්නයේ සිදු වු අනතුරට ලක් වු පුද්ගලයා මේවන විට හදුනාගෙන ඇති අතර දරුවන් 4ක් සිටින ආදිවාසී සම්බවයක් ඇති බිරිද අතහැරගොස් සිටින වයස 60ක සිහි මද ගතියෙන් සිටි පුද්ගලයෙකු බවට මේ වන විට හදුනාගෙන ඇති අතර පලාගිය වාහනය මෙතෙක් හදුනාගෙන නොමැත.

සිහි මද ගතියෙන් සිටි පුද්ගලයක් වීම හේතුවෙන් පාරේ ගමන් කරමින් සිටියදි අනතුර සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ගිරාදුරුකෝට්ටේ පොලිස් ස්ථානාධිපති මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශයේ නිළධාරීන් මෙම අනතුර සම්බන්දයෙන් තවදුරටත් පරික්ෂණ සිදුකරයි.

පුද්ගලයෙකු යටකරගෙන වාහනය පලා ගිහින්


2013-02-23 පෙ.ව. 10:13

 

මාර්ගයේ ගමන්ගත් වාහනයකින් පාරේ ගමන් ගත් පුද්ගලයකු යට කර පලාගොස් ඇති අතර වාහනයට යටවු පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් සිටියදී 23 උදැසන හමු වී ඇත.

මහියංගන ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ බතලයාය මංසන්දිට ආසන්නයේ මෙම අනතුර සිදු වී ඇති අතර පලාගිය වාහනය හා මියගිය පුද්ගලයා 23 දින උදැසන වන තෙක්ම හදුනාගෙන නොමැත.

ගිරාදුරුකෝට්ටේ පොලිස් ස්ථානාධිපති මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශයේ නිළධාරීන් මෙම අනතුර සම්බන්දයෙන් පරික්ෂණ සිදුකරයි.

Friday, February 22, 2013

දරුවාට පහරදුන් ගුරුවරු දෙදෙනා අධිකරණයට - දෙමාපියන් පාසල ඉදිරිපිට විරෝදයක

2013-02-23 පෙ.ව. 8:27

 පැසැල් සිසුවෙකු හට පාසැල් ගුරු විවේකාගාරයක් තුලදී දහවල් 12.30 සිට සවස 3.30 පමන වන තුරු රදවාගනිමින් ගුරුවරුන් දෙදෙනෙකු එක්ව අමානුශික ලෙස පහර දීමෙන...් එම පාසැල් දරුවා 21 දින සවස මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත. ඒ සම්බන්දයෙන් ක්රි යාත්මක වු මහියංගන පොලිස් ස්ථානාධිපති එස් බී වික්ර.මසිංහ මහතා ප්රබමුඛ නිළධාරින් සිද්දිය සම්බන්ද ගුරුවරුන් දෙදෙනා 22 දින අත්අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්රානත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
පහර කැමට ලක්වු මහියංගන ඔරුබැදිවැව ද්විතික පාසලේ 13 වසරෙහි ඉගෙනුම ලබන සම්පත් ප්රකසාද් වීරකෝන් නැමැති සිසුවා තමවත් මහියංගන මුලික රෝහලේ නේවාසිකව ප්රපතිකාර ලබනවා.
සිද්දිය සම්බන්දයෙන් ප්රනදේශවාසින් කම්පනයකට පත්ව සිටින අතර ඊට විරෝදය පැමට 22 දින දහවල් පාසල ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුනා. එහිදී විදුහල්පති තුමන් හා ගුරුවරු සමග දෙමාපියන් උණුසුම්කාරීතත්වයක් උද්ගත වු අතර සිද්දිය සමතයකට පත් කිරීම සදහා මහියංගන පොලිස් ස්ථානාධිපති එස් බී වික්රරමසිංහ මහතා ප්රයමුඛ නිළධාරින් කටයුතු කලා. පැය 3ක් පමන නේවාසිකාගාරය තුළ දරුවකු රදවා පහර දෙනතුරු පාසලේ අනෙක් ගුරුවරු කුමක් කලේදැයි දෙමාපියන් ආවේගශිලිව ප්ර ශ්න කරනු ලැබුවා. පහර දී ඇති එක් ගුරුවරයෙක් බොක්සිං ගුරුවරයකු නිසාවෙන් තම දරුවාහට නොසැහෙන්ඩ අතින් හා පයින් පහර දි ඇති බවය දෙමාපියං චෝදනා කල අතර ඒ සදහා දරුවා ඇද සිටි කමිසයේ පා පහරවල් කදිම සාක්ෂි ඇතිබව පැවසුවා.
පාසැල් ශිෂ්යොයකු නේවාසිකාගාරය දෙසින් කැගසන හඩ ඇසී එක් සිසුවෙක් ජනේලයෙන් එබී බලා ඇති අතර වෙනත් ගුරුවරු දෙදෙනෙක් පැමිණ ඔහුට ගුටියක් ගසා පන්නා දැමු බව එම දරුවා ප්රසකාශකරනවා.
දරුවන් හට දඩුවම් කිරිමට ක්රසමවත් ක්ර මයන් තිබියදී ගුරු විවේකාගාර තුලට රැගෙන ගොස් පැයගනන දරුවන් රදවා තබාගෙන බොක්සිං ගැසීමට ගුරුවරුන් හට කිහිම අයිතියක් නැති බව පාසලේ දෙමාපියන් පවසනවා. වගකිවයුතු නිළධාරින් මාදිහත් වී මේ සම්බන්දයෙන් සොයාබලන ලෙස ඉල්ලා සිටී.

විද්යාදලයේ විදුහල්පතිතුමන්ගේ පියාගේ අවමංගල්යන සදහා 20 වන දින බසයකින් ගොස් නැවත පැමිනෙමින් සිටියදී ගුරුවරයකු සමග බසය තුලදී සිදු වු වචන හුවමරුවක් හේතුවෙන් 21 දින දහවල් එම දරුවාහට පාසලේ කාමරයක් තුලට ගෙන්වා ගුරුවරුන් දෙදෙනෙකු විසින් පහර දී ඇත. මෙම සිදු වීම සිදුවන විට පාසලේ විදුහල්පතිවරයා පාසලේ සිට නොමැත.
මහියංගන පොලිසියේ ස්ථානාධිපති එස් බී වික්රිමසිංහ මහතා ප්රලමුඛ නිළධාරින් සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ සිදු කරන අතර වැඩි දුර පරික්ෂණ ක්රි්යාත්මකයි.

අපරික්ෂාකාරී වැලිලොරි රියදුරන් නිසා මාර්ග අනතුරු ඉහලට

අපරික්ෂාකාරී වැලිලොරි රියදුරන් නිසා මාර්ග අනතුරු ඉහල යන බව මිනිපේ පාලංහන්දිය ජනතාව පවසනවා. මෙම හේතුව නිසා 21 දින පෙර පාසල් කුඩා දරුවකු රිය අනතුරකට ලක්වුනා.
මහියංගන මහනුවර ප්රාධාන මාර්ගයේ වේරගංතොට පාලංහන්දිය ගගේයාට අතුරු මාර්ගයට හැරෙන මුහුන...තේ දින ගනනි වැලි පැටවු රෝද 10 විශාල ලොරි නතර කර තිබිම හේතුවෙන් අතුරුමාර්ගයේ සිට ප්රටධාන මාර්ගයට පිවිසීමේදි ප්රකධාන මාර්ගයේ ගමන් ගන්නා රථවාහන නොපෙනීම හේතුවෙන් විශාල අනතුරක් සිදු වීමේ ඉඩකඩ බොහෝ වැඩි වී ඇත. මේ සම්බන්දයෙන් අවස්ථා කිහිපයකදී හසලක පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් දැනුවත් කර තිබුනද ක්රිහයාමාර්ගයක් මෙතෙක් අනුගමනය කර නොමැත. මෙම ජායා රූප වලින් දැක්වෙන්නේ දින 3ක් තිස්සේ ප්ර ධාන මාර්ගයත් අතුරුමාර්ගය සම්බන්දවන ස්ථානයේ විශාල වැලි පැටවු ටිපර් රථයක් මාර්ග නීති අමු අමුවේ උල්ලන්ගනය වන අන්දවෙන් නවතා ගොස් දමා ඇති අයුරුයි. මෙම ස්ථානයේ පුරුද්දක් ලෙස රියදුරන් දිනගනන් වැලි පැටවු ලොරි රථ නතර කර දමා යන බවට ගම්වාසීන් චෝදනා කරති. හසලක පොලිසියටද මේ සම්බන්දයෙන් දන්වා ඇතිබව ගම්වාසීන් වැඩිදුරටත් පවසනවා.
මෙම ස්ථානයේ 21 දින පෙරපාසැල් නිමවී දරුවා නිවසට රුගෙන යන මවක් අතුරු මාර්ගයේ සිට ප්රාධාන මාර්ගයට පිවිසීමේදී ප්රවධාන මාර්ගයේ පැමිනි යතුරුපැදියක වැදි අනතුරට ලක්වුවා. ඉන් අනතුරුව පෙර පාසැල් දරුවා තුවාල ලබා රෝහල් ගත කිරිමට සිදු විය. මෙම අතුරු මාර්ගය පාසලක්, පාලමහන්දිය පවුල් සෞඛ නිළධාරී කාර්යාලය, වැලි තොටුපලවල් විශාල සංඛාවක් හා ගඩොල් ව්යාසපාරික ස්ථාන විශාල සංඛාවක් සේම පොදු සුසාන භුමියට යන මාර්ගය මෙන්ම ගම්මානයේ පවුල් 1500ක් පමන දිනපතා පරිහරනය කරනා පොදු මාර්ගයක් වේ.
තවත් අනතුරක් සිදු වීමට පෙර, හසලක පොලිසියේ නිළධාරීන් මේසම්බන්දයෙන් ක්රිනයා නොකරන නිසා වගකිවයුතු ඉහල නිළධාරීන්ගේ අවධානයට ලක්වනු ඇතැයි ගම්වාසින් අපේක්ෂාවෙන් යුතුව බලා සිටිනවා.

ගුරුවරු දෙදෙනෙකුගෙන් ශිෂ්යපයෙකුට ගුටි පුජාවක් - ශිෂ්යා රෝහලට


ගුරුවරු දෙදෙනෙකුගෙන් ශිෂ්යපයෙකුට ගුටි පුජාවක් - ශිෂ්යා රෝහලට



 පැසැල් ශිෂ්යෙයකුහට පාසැල් ගුරු විවේකාගාරයක් තුලදී ගුරුවරුන් දෙදෙනෙකු එක්ව අමානුශික ලෙස පහර දීමෙන් පසු 21 දහවල් එම ශිෂ්යා් මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.
මහියංගන ඔරුබැදිවැව... ද්විතික පාසලේ 13 වසරෙහි ඉගෙනුම ලබන සම්පත් ප්රහසාද් වීරකෝන් නැමැති ශිෂ්යාස මෙසේ පහර කැමට ලක්ව ඇත. 21 දින දහවල් පාසල තුලදී ගුරුවරු දෙදෙනෙක් පාසලේ කාමරයට කැදවා තමන් හට පහර දුන් බව පහර කෑමට ලක් වු පැසැල් ශිෂ්යාා ප්රමකාශ කර සිටි.
විද්යා ලයේ විදුහල්පතිතුමන්ගේ පියාගේ අවමංගල්යට සදහා 20 වන දින බසයකින් ගොස් නැවත පැමිනෙමින් සිටියදී ගුරුවරයකු සමග බසය තුලදී සිදු වු වචන හුවමරුවක් හේතුවෙන් 21 දින දහවල් එම දරුවාහට පාසලේ කාමරයක් තුලට ගෙන්වා ගුරුවරුන් දෙදෙනෙකු විසින් පහර දී ඇත.
පහර කෑමට ලක් වු පැසැල් ශිෂ්යා ගේ සුව දුක් බැලීම සදහා පාසලේ විදුහල්පතිතුමන් හා පාසැල් දරුවන් 40ක් පමණ මහියංගන මුලික රෝහල වෙත 21 සවස පැමිණ සිටියා. මෙම සිදු වීම සිදුවන විට පාසලේ විදුහල්පතිවරයා පාසලේ සිට නොමැත.
මහියංගන පොලිසියේ ස්ථානාධිපති එස් බී වික්රරමසිංහ මහතා ප්රදමුඛ නිළධාරින් සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ සිදු කරන අතර සිසුවා පහර කැමට ලක්වු මොහොතේ ඇද සිටි පාසැල් කමිසය පා පහර වල සලකුණු ඇතැයිද කමිසයේ බොත්තම්ද ගැල වී ඇති අතර එම කමිසය පරික්ෂණ කටයුතු සදහා පොලිස් බාරයට ගෙන ඇත.
වැඩි දුර පරික්ෂණ ක්රිතයාත්මකයි.

හඳුන්ගමුවේ අදත් උද්ඝෝෂණ - හිටපු විදුහල්පතිම ඉල්ලති



2013 පෙබරවාරි මස 21 11:30:14 | කාංචන කුමාර ආරියදාස

විල්ගමුව හඳුන්ගමුව නවෝද්‍යා විදුහලේ දේශපාලන හබයෙන් පසු අද එහි වැඩ බාර ගැනීමට ආ නව විදුහල්පතිට එරෙහිව සිසුහු ද, මව්පියෝ ද උද්ඝෝෂණයක් ඇරඹූහ.

අවි ගත් පොලිස් බටයන්ගේ ආරක්ෂාව මැද නව විදුහල්පති වැඩ බාර ගනිද්දී සිසුහු ද, මව්පියෝ ද කාර්යාලය වට කරගෙන සිටියහ.

හිටපු විදුහල්පතිම අවශ්‍ය බවට කෑගැසූහ.

... දේශපාලන ඇඟිලි ගැසීම් නිසා වැඩ කළ නොහැකි යැයි හිටපු විදුහල්පති වසන්ත ඒකනායක මහතා විදුහල්පති පදවියෙන් ඉල්ලා අස්විය.

ඔහු අද පල්ලේගම විදුහලේ ගුරුවරයකු වශයෙන් වැඩ බාර ගත්තේය.

අනේ අපිට හැන්දැවට බස් නෑ


චුඩාමානික්ය විකුණගන්න බැරි‍වෙයි


වන අලි කරදර දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක් දෙන්න


මහියංගනයට අලි සරදම් කරති


Wednesday, February 20, 2013

චුඩාමානික්‍ය විකුණගන්න බැරිවෙයි

චෙත්‍යයයක චුඩාමානික්‍ය රුපියල් ලක්ෂ 1.5 කට ත්‍රීරෝද රථයකින් විකිණිමට ගෙන යැමේදී හසලක මිල්ලගස්හන්දියේදී පොලිසිය විසින් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් පුද්ගලයා හසලක ප්‍රදේශයේ පදිංච් 45 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මෙම සිද්දියට සම්බන්ද තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මෙම චුඩාමානික්‍ය මේවන තුරු කිනම් ප්‍රදේශයක කිනම් චෙත්‍යයයකින් සොරකම් කල එකක්ද යන්න හදුනාගෙන නොමැති අතර එය හදුනාගැනීම සදහා හසලක පොලිසිය මහජන සහය පතයි.

චුඩාමානික්‍යයේ උස සෙන්ටිමීටර්10 උස අතර  වට ප්‍රමාණය සෙන්ටිමීටර් 15 කි. එහි බර ග්රෑම්  295කි. එහි හැඩය කුඩා කොසෙල්මුවයක හැඩයක් ගනී.

අත්අඩංගුවට ගත්  පුද්ගලයා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර තෙල්දෙනිය සහකාර පොලිස් අධිකාරී තෙන්නකෝන් මහතාගේ උපදෙස්  පරිදි හසලක පොලිසියේ ස්ථානාධිපති රුවන් කුමාරසේකර මහතාගේ අධික්ෂණයෙන් පොලිස් පරික්ෂක සේනාරත්න මහතාගේ මගපෙන්වීමෙන් පො.සැ. 23332 රාජපක්ෂ, පො.සැ. 34874 නවරත්න පො.කො. 35131 රත්නායක වන නිළධාරින් මෙම සිද්දිය පිළිබද පරික්ෂණ පවත්වයි.

වන අලි කරදර දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක් දෙන්න


මහියංගනයට අලි සරදම් කරති


Tuesday, February 19, 2013

අලිහිංදා අලුත් අව්රුද්දට මහියංගනේ ගොවියන්ට හුලං බොන්ඩ වෙන හැඩක්

මේ දිනවල වන අලි ගොවිබිම් වලට වැදී සිදුකරන හානි උග්‍රවී ඇති බවත් රාත්‍රියට වන ජිවී නිළධාරින්ගේ බොහෝ දුරකථන ක්‍රියා විරහිත බවත් වන අලි ගම්වදින විට දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් හදුන්වා දී ගොවිජනතාවට සිදුවන පිඩා අවම කරදෙන ලෙස අතිගරු ජනපති තුමන්ගෙන් හා විෂය භාර අමාත්‍යවරයාගෙන් මහියංගන ගොවිජනතාව ඉල්ලා සිටී.

 

මහියංගන අවට ගම්මාන රැසකට තවමත් වන අලින්ගෙන් සිදුවන කරදර මෙන්ම හානි අඩුවක් වී නොමැති බවත් මේදින වල ගොවිබිම් සියල්ල අස්වනු නෙලීමට ආසන්නව පවතින බවත් වන අලි රංචු පිටින් ගොවිබිම්වලට වැදීම හේතුවෙන් වගා බිම් සම්පුර්ණයෙන්ම විනාශයට පත් කිරීම හේතුවෙන් එලබෙන සිංහල අලුත් අව්රුද්දට අලුත් සහලේ බතක් කන්නට තමන්ට හා පවුලේ සාමාජිකයනට නොහැකි වනු ඇතැයි මහියංගන අවට ගොවිජනතාව මැසිවිලි නගති. මෙම හේතුවෙන් තමන් හා තම පවුල් දිලිදු කමේ අඩියටම වැටී ඇතැයිද එලබෙන සිංහල අලුත් අව්රුද්දට තම දරුවනට අදින්නට වස්ත්‍රයක්වත් අරන් දිමට නොහැකි වනු ඇතැයි ගොවිජනතාව පවසනවා.

 

මීට වසරකට පමණ සිට මහියංගනයට සිදුවන වන අලි හානි අවම කර ගැනීම සදහා මාපාකඩවැව ප්‍රදේශයේ අලිපාලන උප කාර්යාලයක් ආරම්බ කලද අද අක්වා එහි කාර්ය මණ්ඩලය සිටියද පුදුමයට කරුන වන්නේ ඒ ආසන්නයටම මේ දිනවල වන අලි රංචු පිටින් පැමිණ ගොවිබිම්වලට හානි සිදු කරත් ඒ පිළිබද නිළධාරින් තැකීමක් සිදු නොකරන බවත් දුරකථන ඇමතුම් දුන්නද ඔහුන් පැමිනෙන්නේ නැති බවට ගම්වාසින් චෝදනා කරනවා. අලිවෙඩි ලබාගැනීමට ගියත් රත්‍රං බෙදනවා වාගේ බොහොම අමාරුවෙන් අලිවෙඩි දෙක තුනක් ලබාදෙන බවත් ගම්වාසින් පවසනවා. වනජීවී නිළධාරින් ගම්මානවල අලි පැන්නීමට පැමි‍ණෙන්නේ නැතිනම් ගම්වාසීන්ට අලිවෙඩි නිසි ආකාරයෙන් ලබාදෙන්නේ නම් එම රාජකාරිට ගම්වාසීන් සිදු කර ගත හැකි බව ගම්වාසීන් වැඩිදුරටත් පවසනවා.

 

රාත්‍රියට වන ජිවී නිළධාරින් ගේ දුරකථන බොහෝ ඒවා ක්‍රියා විරහිත බවත් දහවලට පමනක් වැඩකරන බවත් දහවලට වන අලි ගම් නොවදින බවත් රාත්‍රියට වන අලි ගම්වදින විට දැනුම් දීමට නිළධාරින් ගේ දුරකථන ක්‍රියා නොකරන නිසා වන අලි ගම්වදින විට දැනුම් දීමට 119 වැනි විශේෂ දුරකථන අංකයක් හදුන්වා දී ගොවිජනතාවට සිදුවන පිඩා අවම කරදෙන ලෙස අතිගරු ජනපති තුමන්ගෙන් හා විෂය භාර අමාත්‍යවරයාගෙන් මහියංගන ගොවිජනතාව ඉල්ලා සිටී.

 

මහියංගන මාපාකඩවැව 20 කණුව ප්‍රදේශයේ වෙහෙරගල යාය, අලුත්කොළනිය, තිස්සපුර යාය 4 , යාය 5  යන ප්‍රදේශයන්ට මේ දිනවල උග්‍ර වන අලි හානි සිදුවන බවත් ගම්වාන මැදින් ගමන් කරමින් වැසිකිලි වලවල්, ලයිට් කණු, ළිං වලටද හානිකර ඇති අතර ගෙවතුවල පොල් ගස් විශාල ප්‍රමාණයක් පෙරලා දමා ඇත.

 

මෙම කරදර කාරී වන අලි රංචුව  මහියංගන ‍සොරබොර වැව, මාපාකඩවැව, දම්බරාව වැව  වැනි වැව් වල කැලෑ කුට්ටිවල රැදී සිටිමින් දිවාකාලය ගත කරන බවත් රාත්‍රියට ගම්වැදී සාමාන්‍ය ජන ජිවිතය අවුල් ජාලයක් බවට පත් කරන බවත් ගොවියන් ගිනිමැලගසා විදුලි බුබුලු ගොවිබිම්වලට යොදා රාත්‍රිය නිදිවරා කුඹුරු ආරක්ෂා කරගැනීමට සිදුව ඇතැයි ගොවිජනතාව පවසනවා.

 

Monday, February 18, 2013

ලොව මිල අධිකම සුවඳ විළවුන් සෑදීම සඳහා යොදා ගන්නා වල්ලා පට්ට කිලෝ 28ක් බිබිලෙන් අල්ලයි







වල්ලපට්ට කිලෝ 28ක් බිබිලෙන් අල්ලයි

2013 පෙබරවාරි මස 18 15:28:55 | . , නයනජීව බණ්ඩාර
ලොව මිල අධිකම සුවඳ විළවුන් සෑදීම සඳහා යොදා ගන්නා වල්ලා පට්ට ශාඛයේ කිලෝ 28ක් බිබිලේ කැලෑවකින් කපා එතෙර යැවීමට සැරසුණු පුද්ගලයෙක් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ වැවෙන වල්ලාපට්ට ගසේ කඳ මෙම විළවුම් සෑදීමට යොදා ගනී.




දිවියෙක් ඇගට පැන ගොවියා රෝහලේ


පාර්ලිමේන්තු දිවියට වසර 25යි


බැංකු කොල්ලය වරදී - කළමණාකරුගෙ පුතාත් සැකපිට

2013 පෙබරවාරි මස 17 16:36:07 | . , කාංචන කුමාර ආරියදාස, දිල්රුක්ෂි ග්‍රේරු, මහින්ද විජේසුරිය
 


හඳුන්ගමුව ග්‍රාමීය බැංකුව කොල්ලකෑමට ආ බව කියන දුම්රිය උප ස්ථානධිපතිවරයකු සහ බැංකු කළමණාකරුගේ පුතකු බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව විල්ගමුව පොලීසිය කියයි.

මොවුන් මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් බැංකුවක් කොල්ලකන බවට 119 පොලිස් හදිසි ඇමැතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව සෙනසුරාදා අලුයම දෙකට පමණ විල්ගමු පොලීසිය එහි යද්දී සැකකරුවන් පලා යෑමට උත්සාහ දරද්දී, පොලීසිය දෙදෙනකු අල්ලා ගත් බවත් තවත් කිහිපදෙනකු පැන ගිය බවත් කියති.

බදින තුවක්කුව පත්තුවී අයෙක් මරුට

හසලක දුන්ගොල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයකු බදින තුවක්කුවක් පත්තුවීමෙන් වෙඩි වැදී මිය 16 දින රාත්‍රියේදී මියගොස් ඇතැයි හසලක පොලිසිය පවසනවා. මියගිය පුද්ගලයා ඔහුගේ හේන සදහා යමින් සිටියදී මෙම සිද්දියට මුන පා ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ යහන්ගල මුදියන්සේලාගේ විජය බංඩා නැමැත්තෙකි. සිද්දිය පිලිබද පරීක්ෂණ හසලක පොලිසිය විසින් සිදු කරයි.

 

ගෝනමස් සමග පුද්ගලකු අත්අඩංගුවට

හසලක උඩත්තව ප්‍රදේශයේදී වේලන ලද ගෝනමස් කිලෝ 2.5ක් සමග 36 හැවිරිදි උඩත්තව ප්‍රදේශවාසියකු 17 වන දින හසලක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. වේලන ලද ගෝනමස් කිලෝ 2.5ක් අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසේ තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කෙරුනි.

Saturday, February 16, 2013

දේශපාලන දිවියට වසර 25යි - ශිෂ්ය්ත්ව සමත් 75කට ශබ්දකෝශ බෙදාදෙයි

දේශපාලන දිවියට වසර 25යි - ශිෂ්ය්ත්ව සමත් 75කට ශබ්දකෝශ බෙදාදෙයි

මිනිපේ ප්රවදේශයේ ඉපිද මේවන විට ජතික දේශපාලන මට්ටම දක්වා පිවිස සිටින තිස්ස අත්තනාය මහතා සිය පාර්ලිමේන්තු දිවියට වසර 25ක් පිරීම 15වන දිනට යෙදීම නිමිත්තෙන් (ඊයේ 15) හසලක උඩුදහ ශ්රීප පුෂ්පාරාම විහාරයේදී ආගමික වතාවත් වල යෙදී විශේෂ බෝදිපුවක් පවත්වා තිස්ස අත්තනාය මහතා ආශිර්වාද ලබාගත් අතර මිනිපේ ප්ර දේශයේ ශිෂ්ය්ත්ව සමත් දරු දැරියන් 75කට මලලසේකර ඉංග්රීතසි ශබ්දකෝශ බෙදා දීම එහිදී සිදු කෙරින.

දේශපාලන දිවියට වසර 25යි - ශිෂ්ය්ත්ව සමත් 75කට ශබ්දකෝශ බෙදාදෙයි


මිනිපේ ප්‍රදේශයේ ඉපිද මේවන විට ජතික දේශපාලන මට්ටම දක්වා පිවිස සිටින තිස්ස අත්තනාය මහතා සිය පාර්ලිමේන්තු දිවියට වසර 25ක් පිරීම 15වන දිනට යෙදීම නිමිත්තෙන් (ඊයේ 15) හසලක උඩුදහ ශ්‍රී පුෂ්පාරාම විහාරයේදී  ආගමික වතාවත් වල යෙදී විශේෂ බෝදිපුවක් පවත්වා  තිස්ස අත්තනාය මහතා ආශිර්වාද ලබාගත් අතර  මිනිපේ ප්‍රදේශයේ ශිෂ්‍යත්ව සමත් දරු දැරියන් 75කට මලලසේකර ඉංග්‍රීසි ශබ්දකෝශ බෙදා දීම එහිදී සිදු කෙරින.

දේශපාලන බිල්ලා - විද්‍යාලයේ අධ්‍යාපනය ගිල්ලා


පාරක හැටි


Friday, February 15, 2013

වාරි ජලාශ 16 ක්‌ සහ මහවැලි ජලාශ 5 ක්‌ උතුරයි


තුෂාරී කළුබෝවිල, ගයාන් චින්තක - ලාහුගල විශේෂ, කේ. එම්. පී. බණ්‌ඩාර - මඩුල්ල

වාරි ජලාශ 16 ක්‌ සහ මහවැලි ජලාශ 5 ක්‌ ඊයේ (14 වැනිදා) වන විට පිරී උතුරා යමින් තිබිණි. තවදුරටත් තද වැසි ඇති වුවහොත් ජලාශ සියල්ල උතුරා රජරට ඇතුළු ප්‍රදේශ ගණනාවක්‌ ජලයෙන් යටවිය හැකි බවට වාරි මාර්ග බලධාරීහු අනතුරු අඟවති.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ සියල්ලම ඊයේ (14 වැනිදා) වන විට 94% ක්‌ පිරී ගොස්‌ තිබූ අතර එයින් ජලාශ 16 ක්‌ ඊයේ වාන් දමන්නට පටන්ගෙන තිබිණි.

ඒ අනුව අනුරාධපුරයේ නාච්චදූව, පදවිය, රාජාංගනය, වාහල්කඩ ජලාශද බදුල්ලේ නාගදීප ජලාශයද මඩකලපුව රූගම් හා උන්මිච්චි ජලාශද හම්බන්තොට ලුණුගම්වෙහෙර, මව්ආර, වෙහෙරගල ජලාශද මාතලේ දේවහූව, නාලන්ද ජලාශද ත්‍රිකුණාමලයේ කන්තලේ ජලාශයද පොළොන්නරුවේ මින්නේරිය, පරාක්‍රම සමුද්‍රය, කවුඩුල්ල යන ජලාශද මෙසේ වාන් දැමීමට පටන්ගෙන තිබේ.

වෙහෙරගල ජලාශය පිටාර ගැලීමෙන් මැණික්‌ ගඟේ ජල මට්‌ටමද ඉහළ ගොස්‌ තිබේ.

මහවැලි ජලාශ 5 කද ජල මට්‌ටම ඊයේ වන විට ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පැවැති අතර ඒ අනුව රන්දෙණිගල, උඩවලව, කණ්‌ඩලම, කලා වැව, රත්කිඳ, උල්හිටිය යන ජලාශ පිරී ගොස්‌ තිබේ.

මේ අතර අක්‌කරපත්තුව අධ්‍යාපන කලාපයට අයත් තිරක්‌කෝවිල් ප්‍රදේශයට අයත් පාසල් තුනක්‌ ගංවතුර හේතුවෙන් ඊයේ (14) සිට වසා දමා තිබේ. මෙසේ වසා දමා ඇත්තේ තම්මලි විල් මහා විදුහල, මෙතෝදිස්‌ මිෂනාරි විද්‍යාලය සහ කනතරත්නම් විද්‍යාලයයි.

ඊයේ පැවැති ධාරාණිපතා වර්ෂාව හේතුවෙන් තිරක්‌කොවිල් ප්‍රදේශයේ නිවාස 153 ක්‌ පමණ ජලයෙන් යටවීම නිසා 400 ක්‌ පමණ පිරිස දුෂ්කරතාවයට පත්ව සිටිති.

වව්නියාවේ පවුල් 70 ක්‌ ජල ගැලීම් හේතුවෙන් අවතැන්ව සහන කඳවුරුවල නවාතැන් ගෙන සිටිති.

මොරවැව ප්‍රදේශයට ඊයේ වැඩිම වර්ෂාපතනයක්‌ ලැබී ඇති අතර එය මිලි මීටර් 140 කි.

මේ අතර තවදුරටත් ඌව, නැගෙනහිර, උතුර, උතුරුමැද පළාත්වලට සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයට තද වැසි, තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Wednesday, February 13, 2013

දේශපාලනේ රිංගා පාසලක් වැසේ - මවුපියෝ දින පහක් පාසල ළඟ


2013 පෙබරවාරි මස 13 17:51:25 | කාංචන කුමාර ආරියදාස

විල්ගමුව අධ්‍යාපන කලාපයේ හඳුන්ගමුව නවෝද්‍යා පාසලට දින පහක් තිස්සේ දරුවන් නොඑවන මවුපියෝ එහි විදුහල්පති වසන්ත ඒකනායක මහතා ඉල්ලා අදත් උද්ඝෝෂණයක් කළහ.
පාසල ඉදිරිපිටට වී දෙමාපියෝ දින පහ තුළදීම පාසලේ ගුරු හිඟයට විසඳුම් හා දරුවන්ට පෙළ පොත් ඉල්ලා සිටිමින් රැඳී සිටිති. දරුවන් පාසල් එවීම නවතා දැමූ බවත්, විසඳුම් ලැබෙන තුරු පාසල අසල රැඳී සිටින බවත් දෙමාපියෝ කියති.
දේශපාලන අතපෙවීම නිසා පාසලට රජයෙන් ලැබිය යුතු වරප‍්‍රසාද රැසක් අහිමි කැර ඇතැයි දෙමාපියෝ කියති. විදුහල්පතිවරයා පාසලේ විදුහල්පති තනතුරින් ඉල්ලා අස්වී ගොස් ඇති බවත්, නැවත එම විදුහල්පතිවරයා ද පාසලට ලබාදෙන ලෙස ද දෙමාපියෝ ඉල්ලා සිටිති.
විල්ගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ කාර්යාලයෙන් විමසීමට ගිය ද අධ්‍යක්‍ෂකවරයා නියෝජ්‍ය ඇමැතිවරයකු පැමිණෙන බව පවසා පිටව ගොස් ඇති බව එහි නිලධාරියෙක් පැවසීය.
මෙම පාසලේ විදුහල්පති වසන්ත ඒකනායක මහතා ස්වාධීන කණ්ඩායමකින් විල්ගමුව ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙකි. ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා සහ විදුහල්පතිවරයා අතර ඇති ප‍්‍රශ්න මත විදුහලට ලැබෙන පහසුකම් කප්පාදු කැර ඇතැයි දෙමාපියෝ කියති.

සිසුහු පාසල් නොයති - විදුහල්පතිම ඉල්ලති

2013 පෙබරවාරි මස 13 08:58:08 | කාංචන කුමාර ආරියදාස

විල්ගමුව හඳුන්ගමුව විදුහලේ විදුහල්පති ඉල්ලා අස්වීමෙන් පසු දින පහක් තිස්සේ පාසල වැසී ඇතැයි දෙමව්පියෝ කියති. විදුහල්පතිම ඉල්ලා සිසුන් පාසලට නොයෑම ඊට හේතුවයි. දේශාපලඥයකු විසින් විදුහල්පති මාරු කළැයි මව්පියෝ කියති.

අලි වැටට විදුලිය නෑ


Tuesday, February 12, 2013

කලා විෂයෙන් බදුල්ල දිස්ත්රිමක්කයෙන්ම දෙවන ස්ථානය

කලා විෂයෙන් බදුල්ල දිස්ත්රිමක්කයෙන්ම දෙවන ස්ථානය ලබාගෙන ඇති මහියංගන සොරබොර ජනපදයේ හද්දත්තාව ද්වීතික පාසලේ ඉරේෂා කුමාරි ක්රීවඩා උත්සවය දැක බලා ගැනීම සහ ඇගේ දක්ෂතා ඇගයිම වෙනුවෙන් තිළිණ ප්රාධානය කිරීම වෙනුවෙන් පාසලට පැමිණෙන ලෙස කල ආරාධනය පිළගෙන පාසලට පැමිණි මොහොත

කලා විෂයෙන් බදුල්ල දිස්ත්රිවක්කයෙන්ම දෙවන ස්ථානය ලබාගෙන ඇති ඉරේෂා කුමාරි වෙත කොට්ඨාශ අධ්යාිපන අධ්යසක්ෂක තුමන් හා විදුහල්පති ගාමිණිමාරසිංහ මහතා ඇගේ දක්ෂතා වෙනුවෙන් තිලිණයක් ප්රයධානය කල මොහොත


පසුගියදා සොරබොර හන්දිය අසල (ශාන්ත ඉංජිනියර් ඉදිරිපිට)මහියංගන ගිරාදුරුකෝට්ටේ ප්ර ධාන මාර්ගයේ තිබු අලි වලක බඩු පැටවු ලොරියක් එරී තිබුන මොහොත හා ඒ හේතුවෙන් සිදු වු මාර්ග අවහිරය


සොරබොර වැවට යන පාරේ හැටි


රෝහලේ රෝගීන් අතර බිරිදත් ලොකු දුවත් හිටියේ නෑ


Sunday, February 10, 2013

සවුදියේදී පදියතලාවේ තුංගසිරි මරලා නෑ - අව්රුද්දකට හිරේදාලා - කස පහර 100ක් දෙන්නත් නියව වෙයි


පදියතලාවේ යකැදුරු රියැදුරාට කස පහර 100ක් - සෞදි උසාවියකින් වසරක සිරදඬුවමකුත්


2013 පෙබරවාරි මස 09 12:03:51 | තිළිණි ද සිල්වා

සෞදි අරාබියේ උම්මුල් හාමමන් පෙදෙසේදී අරාබි කතුන් ඇතුළු පිරිසකට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළ ශ්‍රි ලාංකිකයකුට සෞදි උසාවියකින් කසපහර 100ක් ද වසරක සිරදඬුවමක් ද නියම කර ඇත.

පදියතලාවේ පී.ටී. තුංගසිරිට එම දඬුවම් නියම විය.

රියැදුරකු ලෙස එහි ගිය ඔහු සෞදි නිතියට පටහැනිව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළැයි නඩු පැවැරූ බව සෞදි රජයෙන් රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇත. දඬුවමින් පසුව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරිමට ද නියම විය.

මහියන්ගන ආඳාඋල්පත මළගෙදර ගොස් ආපසු ගිය වෑන්රිය ඇළේ - තිදෙනකු මරුට, තිදෙනකු අතුරුදහන්


2013 පෙබරවාරි මස 09 20:16:26 | . , ප්‍රසන්න පද්මසිරි

ලුණගල බිබිල යල්කුඹුර 32 කණුව මහා පාලමෙන් ණයාකඳුර ඇළට වෑන් රථයක් පෙරැලීමෙන් තිදෙනකු මියගොස් නව දෙනෙක් තුවාල ලදහ. තිදෙනෙක් අතුරුදහන් වූහ. මියගිය අය අතර කුඩා දරුවන් තිදෙනකු සිටින බව පොලිසිය කියයි. මහියන්ගන ආඳාඋල්පත මළගෙදර ගොස් ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදුවිය.

Saturday, February 9, 2013

Staging her dream into reality



Irangika Range

D M Sajini Dulanjali is a seven year old talented little dancer, vocalist and actress hailing from a rural village called Miugunagama in Mahiyangana. She has showed her inborn talents for singing and dancing from her childhood.


Dancing at a school show

She has a natural talent for creating new versions of existing Kandyan dancing styles as well as low country and western dancing and an ability to sing from a very young age.

She does not rest on her laurels and works hard to improve her talents and skills.

Sajini, a student of Mahiyangana National School has become a popular dancer in her school, Mahiyangana area and the entire Uva Province. However, due to many difficulties such as finding a professional dancing trainer in the Mahiyangana area, she has been unable to receive a professional training. So, the determined young girl has learned to sing and dance on her own.

Today she has succeeded in creating an amazing impact on the young and old alike through her dancing technique, whereby music and bodily expressions are transformed into vital actions which always attract the audience.

She had given many solo recitals at village and provincial levels and has received many accolades. She has become a big hit with the audience receiving standing ovations from audience for her super performances.

She has become famous for her creative performances and is frequently invited to perform at festivals, musical shows and concerts organized by nurseries, schools, village and provincial level events in Mahiyanganaya and the Uva Province.

Sajini has become an expert in the up country, low country, western and traditional dancing items in Sri Lanka.

Apart from the inborn talent, Sajini's outstanding dancing ability also attributes to her diligence and perseverance as she practices singing and dancing every day. To further equip herself with real stage experience, she took part in numerous performances before and got encouraging results.


Sajini being honored for her excellence
performance by Sri Lanka's veteran
actress and Queen of the Sinhala Cinema Parliamentarian Malini Fonseka at the annual concert of Sirisagabo Per-School at the Mahiyangana Raja Maha Viharaya recently.

To pursue her lifelong dream of becoming a well-known dancer, vocalist and actress, she has devoted herself solely to practices.

Her slick dance moves and strong will to succeed will surely help fulfill her dream of becoming a well-known performer nationally and internationally.

Sajini has taken part in many singing competitions at provincial and national levels and has won first place on many occasions. She has also been awarded many scholarships for her excellence in performance on many occasions.

She continues to strive for opportunities to become an actress. In 2010, she was selected to play the child character in a film named Sihina Maliga.

She has been selected to play the lead role in a children film named Doni Amaya produced by Keerthi Bandara which will be screened this year.

She is destined to gain fame as a dancer, her father Saliya Dissanayake who is an hotelier said. Her Mother Geeetha Sanjeewani who is the tower of strength behind her excellent performance said that she is very happy with her daughter's achievements.

Little Sajini who is the great pride for the Uva Province is looking forward to reaching greater heights and becoming a shining star in her home country. If there is anyone who wants to help this young high spirited girl reach her dreams you can contact her through: Nuga Sevana, Miugunagama, Mahiyanganaya.

Friday, February 8, 2013

සිංහ කොඩියෙන් ඇත් දළ පනී - බිබිලේ කැලෑවකු ඇත් පැටවකුගෙන් මේ දළ දෙක ගන්නට ඇති


2013 පෙබරවාරි මස 08 10:19:09 | . , ආර්. කෝගුලන්

අඩියක් පමණ දිග (සෙ.මී. 32) ඇත් දළ දෙකක් ජාතික කොඩියක ඔතා රැගෙන ගිය තිදෙනකු වැලිමඩ නුගතලාවේ දී අත්අඩංගුවට ගත් වැලිමඩ පොලිසිය කියනුයේ, බිබිලේ කැලෑවකු ඇත් පැටවකුගෙන් මේ දළ දෙක ගන්නට ඇති බවයි.
ඇත් පැටවා මළ පසු දළ දෙක ගත්තා ද, නොඑසේ නම් පැටවා මරා ගත්තා දැයි පොලිසිය සොයයි. ඔවුන් රුපියල් තිස් දාහකට මිලට ගන්නට ඇතැයි කියති.

උසස් පෙළ උසස්ම ජයග්ර්හන දෙක මෙවර මහියංගණයට

උසස් පෙළ හොද ප්‍රතිඵල එන විට දැරිය ඇගලුම් කම්හලේ රැකියාවට ගිහින්


කලා විෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන්ම දෙවන ස්ථානය ලබාගෙන ඇත්තේ මහියංගන සොරබොර ජනපදයේ හද්දත්තාව ද්වීතික පාසලේ ඉගෙනුම ලැබු  එස් එම් පී ජි ඉරේෂා කුමාරි ශිෂ්‍යාව වන අතර පවුලේ දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඇය මේවන විට මහියංගන නගරයේ ඇගලුම් ආයතනයක රැකියාව කරමින් සිටී. එමෙන්ම ඇය උසස් පෙළ විභාගයේ අවසන් විෂය සදහා රාත්‍රියේ පාඩම් කරමින් සිටින මොහොතක පාඩම් කරමින් සිටි මේසට මතට අසල්වාසියකු විසින් අලි පැන්නීම සදහා යොදාගන්නා රතිඤ්ඤා පත්තු කර දමා බියගන්වා ඇයගේ අධ්‍යාපනයට බාදා ගෙනදී ඇත. මෙවැනි දැඩි දුෂ්කරතා හා කරදර මධ්‍යෙ‍යේ ඇය මෙම ජයග්‍රහනය හද්දත්තාව ද්වීතික පාසලට හා මහියංගන අධ්‍යාපන කලාපයට ගෙන දී ඇතැයි හද්දත්තාව ද්වීතික පාසලේ විදුහල්පති එච් එම් ගාමිණි මාරසිංහ මහතා ප්‍රකාශකර සිටියා. මෙම දැරියගේ ඉදිරි අධ්‍යාපනය වෙනුවෙන් අත හිත දෙන්නට කිසියම් කෙනෙකු හට හැකිනම් එය ඇයට ලබා දෙන විශාල පිටු වහලක් බව විදුහල්පති එච් එම් ගාමිණි මාරසිංහ මහතා පවසනවා.

Thursday, February 7, 2013

උසස් පෙළ උසස්ම ජයග්රයහන දෙක මෙවර මහියංගණයට



මෙවර උසස් පෙළ විභාගයේ බදුල්ල දිස්ත්රිහක්කයේ කලා අංශයේ උසස්ම ප්රිතිපල මහියංගනය ප්රරදේශයට ලබාදීමට ශිෂ්යාතවන් දෙදෙනෙක් සමත්ව සිටී. 2012 වර්ශයේ පැවති අපොස උසස් පෙළ විභාගයේ කලා විෂයෙන් බදුල්ල දිස්ත්රි ක්කායේ ප්රීථම ස්ථානය මහියංගන බ/ ඔරුබැදිවැව නව ද්වීතික විද්යා ලයේ ශිෂ්යා වක් හිමිකරගෙන ඇති අතර කලා විෂයෙන් බදුල්ල දිස්ත්රි/ක්කායේ දෙවන ස්ථානයද මහියංගන සොරබොර ජනපදයේ හද්දත්තාව ද්වීතික විද්යානල‍යේ ඉගෙනුම ලැබු ශිෂ්යා වක් විසින් හිමි කර ගනිමින් බදුල්ල හා බන්ඩාරවෙල ප්රඉමුඛ පාසැල් රැසක්ම අභිබවා මහියංගනයට ජයග්රිහනයක් හා කිර්තියක් ගෙන එන්නට සමත්ව තිබේ.

කලා විෂයෙන් බදුල්ල දිස්ත්රියක්කයෙන්ම ප්රනථම ස්ථානය ලබාගෙන ඇත්තේ මහියංගන බ/ ඔරුබැදිවැව නව ද්වීතික විද්යා‍ලයේ ඉගෙනුම ලැබු ටී එම් සාගරිකා චිත්රානනි ජයසේකර ශිෂ්යා ව වන ඇය සේරාන අරාවත්ත ප්රිදේශයේ පදිංචිව සිටී. ඔරුබැදිවැව නව ද්වීතික පාසලේ විදුහල්පති ගාමිණි අමරසිංහ මහතා සහ විදුහලේ ගුරු මණ්ඩලයේ කැපවීමත් තම දක්ෂතා ඔප මට්ටම් කර ගැනීම සදහා ඉවහල් වු බව ජයග්රලහනය ලබාගත් ශිෂ්යාමව ප්රටකාශකර සිටී.

කලා විෂයෙන් බදුල්ල දිස්ත්රි‍ක්කයෙන්ම දෙවන ස්ථානය ලබාගෙන ඇත්තේ මහියංගන සොරබොර ජනපදයේ හද්දත්තාව ද්වීතික පාසලේ ඉගෙනුම ලැබු එස් එම් පී ජි ඉරේෂා කුමාරි ශිෂ්යා ව වන අතර පවුලේ දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඇය මේවන විට ඇගලුම් ආයතනයක රැකියාව කරමින් සිටී. එමෙන්ම ඇය උසස් පෙළ විභාගයේ අවසන් විෂය සදහා රාත්රි යේ පාඩම් කරමින් සිටින මොහොතක පාඩම් කරමින් සිටි මේසට මතට අසල්වාසියකු විසින් අලි පැන්නීම සදහා යොදාගන්නා රතිඤ්ඤා පත්තු කර දමා බියගන්වා ඇයගේ අධ්යා්පනයට බාදා ගෙනදී ඇත. මෙවැනි දැඩි දුෂ්කරතා හා කරදර මධ්‍ෙයකයේ ඇය මෙම ජයග්ර්හනය හද්දත්තාව ද්වීතික පාසලට හා මහියංගන අධ්යාතපන කලාපයට ගෙන දී ඇතැයි හද්දත්තාව ද්වීතික පාසලේ විදුහල්පති එච් එම් ගාමිණි මාරසිංහ මහතා ප්රාකාශකර සිටියා. මෙම දැරියගේ ඉදිරි අධ්යාාපනය වෙනුවෙන් අත හිත දෙන්නට කිසියම් කෙනෙකු හට හැකිනම් එය ඇයට ලබා දෙන විශාල පිටු වහලක් බව විදුහල්පති එච් එම් ගාමිණි මාරසිංහ මහතා පවසනවා.

පුහුණුව ලැබු සෙබලියෝ විසිර යති


හොරට මැණික් ගරලා 5ක් කොටු වෙයි



හසලක කොලොන්ගොඩ වේවරේ ප්රකදේශයේ බලපත්රඇ නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු 04 දින උදැන හසලක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් පුද්ගලයන් වේවරේ ප්රකදේශයේ පදිංචි කරුවන්ම බව හසලක පොලිසි පවසනවා. අත්අඩංගුවට පත් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අලිවැටේ හරක්


බඩල්කුඹුර ප්‍රා.ලේකම් රිමාන්ඩ්



2013 පෙබරවාරි මස 01 14:23:22 | . , නයනජීව බණ්ඩාර

රජයේ ඉඩමක් පවරාදීමට 21 හැවිරිදි කතකගෙන් ලිංගික අල්ලසක් ගැනීමට තැත් කරද්දී සැකපිට අත්අඩංගුවට ගත් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් ජයන්ත රත්නායක ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මොනරාගල මහේස්ත්‍රාත් නන්දනී අබේගුණසේකර මහත්මිය අද නියෝග කළාය. ඊළඟ නඩු දිනයේ ඔහු කොළඹ උසාවියට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කැරිණි.

රජයේ ඉඩමක්‌ ලියා දෙන්නම් කියා බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් ලිංගික අල්ලස්‌ ගන්න ගිහින් දැලේ


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා, හපුතලේ - බුවනෙක, මඩුල්ල - කේ. එම්. පී. බණ්‌ඩාර, සියඹලාණ්‌ඩුව - මාපා තිලකසිරි සහ මොණරාගල - නයන ඉහලගෙදර 2013-02-01

ව්‍යාපාරික කාන්තාවකගෙන් ලිංගික අල්ලසක්‌ ලබාගැනීමට තැත් කිරීමේ සිද්ධියකට බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් ජයන්ත චන්ද්‍රජීව රත්නායක නමැත්තා අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් ඊයේ (31 වැනිදා) දහවල් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙහි පැමිණිලිකාරිය වන්නේ බඩල්කුඹුර, බුත්තල පාරේ පදිංචිකාරියකි. පැමිණිලිකාරියගේ නමට රජයේ ඉඩමක්‌ ලබාදීමට අල්ලස්‌ වශයෙන් ඇය සමග අඹුසැමියන් වශයෙන් හැසිරීමට සැකකාර ප්‍රාදේශීය ලේකම්වරයා යෝජනා කර ඇත. ඒ අනුව සැකකාර ලේකම්වරයා කාන්තාව සමග නිල රථයෙන් බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ හෝටලයක්‌ වෙත ගිය අවස්‌ථාවේ ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස්‌ කොමිසම පවසයි.

සැකකාර ප්‍රාදේශීය ලේකම්වරයා මොණරාගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාගේ උපදෙස්‌ මත එහි අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‌ෂ්මි ජයවික්‍රම මහත්මියගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් මෙම සැකකාර ප්‍රාදේශීය ලේකම්වරයා කොටුකරගෙන ඇත.

දඹානේ නායකයා


දඹානේ වෛද්යණ සායනයක්


දඹාන ආදිවාසී නායක තුමන්ගේ සෞඛ පිලිබද සොයා බැලීමක් පසුගිය 25 දින සිදු කල අතර දඹාන ආදිවාසී ගම්මානයේ ආදිවාසී ජනතාව සදහා නොමිලේ වෛද්යග සායනයක් හා නොමිලේ ඖෂද ලබාදීම හා නොමිලේ අක්ෂි පරික්ෂණයක් දඹාන ප්රායථමික විදුහලේදී සිදු කෙරුනා.

මෙම වෛද්යම සායනයේදී දඹාන ආදිවාසී නායක වනනිලා ඇත්තන් රුධිර පරික්ෂණ හා ඊ සී ජි පරික්ෂණයකටද ලක්කල අතර අක්ෂි පරික්ෂණයක් සිදු කර ඔහුගේ සෞඛ තත්වයද පිලිබද සොයා බැලු අතර ආදිවාසී ගම්මානයේ ආදිවාසී ජනතාවගේ සෞඛ පිළිබද සොයා ඒ සදහා ප්රාතිකාර ලබා දීම සිදු කෙරින.

සම්පත් බැංකුව මහියංගන පුර වරය සදහ පැමිණ දසවසරක් සපිරිම නිමිති කර ගෙන වැඩ සටහන් රාශියක් සංවිධානය කර තිබු අතර ජනවාරි 12 දින ලේ දන්දීමේ කදවුරක් මහියංගන සම්පත් බැංකුව පරිශ්රනය තුලදී සංවිධානය කර තිබු අතර 25 දින දඹාන ආදිවාසී ගම්මානයේ වෛද්ය් සායනයක් සංවිධානය කර තිබු අතර ජනවාරි 26 දින දුරුතු පොහෝ දින මහියංගන රජ මහා විහාරයේ දී රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥාණසාර හිමිපානන්ගේ ප්ර ධානත්වයෙන් බුද්ධානුස්සති භාවනාව විශේෂ ආගමික වැඩ සටහන් සංවිධානය කර තිබුනා. 27 දින මහියංගන රජ මහා විහාරයේ මුල්තැන් බුද්ධ පුජාව හා සපිරිකර සහිත සංඝගත දක්ෂිණාව සමගින් සම්පත් බැංකුව මහියංගන පුර වරය සදහ පැමිණ දසවසරක් සපිරිම නිමිති කර ගෙන සංවිධානය කර තිබු වැඩ සටහන් මාලාව අවසන් උනා. මහියංගන සම්පත් බැංකු කළමණාකාර සුජීව ප්රකනාන්දු මහතාගේ හා නිළධාරි මණ්ඩලයේ සංවිධානයෙන් මෙම වැඩසටහන් මාලාව සංවිධානය කර තිබුනා.

මහියංගනයට ආභරණයක් බදු වු ආදිවාසී නායක තුමන් හා ආදිවාසී ජනතාවගේ සුවදුක් සොයා බැලීම තමන්ගේ වගකිමක් ලෙස සලකා මෙම වෛද්යා සායනය සංවිධානය කල බවත් ඉදිරි සැම වසරකම මෙවැනි වෛද්යෙ සායන සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බව මහියංගන සම්පත් බැංකු කළමණාකාර සුජීව ප්රයනාන්දු මහතා වැඩි දුරටත් ප්ර්කාශ කර සිටියා.

රන්දෙණිගල මාළු මහවැලි ගඟට පනිති ධීවරයන්ට පාඩුපිට පාඩු!



රාගල - එස්‌. එම්. ආරච්චිගේ

පසුගියදා වලපනේ හා අවට ප්‍රදේශවලට පතිතවූ මහවැසි සමග රන්දෙනිගල ජලාශයේ විශාල ප්‍රමාණයේ මත්ස්‍යයන් වාන් දොරටු හැරීමත් සමග මහවැලි ගඟට පැන ගිය බවත් එය රන්දෙනිගල ජලාශයේ මසුන් අල්ලන අයට විශාල පාඩුවක්‌ බවත් ප්‍රදේශයේ ධීවර ප්‍රජාව පවසති.

මේ පිළිබඳව අදහස්‌ දක්‌වන රන්දෙණිගල ජලාශයේ ධීවර සමිතියේ ලේකම් කීර්ති ගුණවර්ධන මහතා - මෙම තත්ත්වය මග හැරවීම පිණිස රන්දෙණිගල වේල්ලේ දොරටුවලට අඟල් පහේ යකඩ දැල් සවි කළ යුතු බවත් එවිට වාන් දමන අවස්‌ථාවල මාළුන් පැන යැම වැළැක්‌විය හැකි බවත්, පසුගිය වැසි දිනවල වාන් දැමීමේදී මාළු ටොන් පහක්‌ පමණ ජලාශයෙන් ඉවතට පැන ගොස්‌ ඇති බවත්, මාළුන් වාන් දමන අවස්‌ථාවේ නිදහසේ පැනගිය බවත් සඳහන් කරයි.

මෙසේ විශාල ප්‍රමාණයේ මත්ස්‍යයන් පැනයැම රන්දෙණිගල ධීවරයන්ට විශාල පාඩුවක්‌ බවත් එම තත්ත්වය යටතේ එක්‌ ධීවරයකුට දිනකට මත්ස්‍යයන් කිලෝ දහයක්‌ පමණ අසුවන අතර, කිලෝ තිහක්‌ අල්ලා ගැනීමට හැකිනම් එය ඉතා හොඳ අස්‌වැන්නක්‌ බවත් සඳහන් කරන ගුණවර්ධන මහතා මත්ස්‍යයන් වාන් දැමීම තුළ පැනයැමෙන් ධීවරයන්ට රුපියල් අසූපන් ලක්‌ෂයක පමණ පාඩුවක්‌ සිදුවූ බවත් සඳහන් කරයි.

උල්හිටිය වැවේ වතුර කොළ පාට වෙලා


වැවේ වතුර කොළපාට වෙයි


සැරයන් වරයා වෙඩි තබාගෙන දිවියෙන් සමු අරන්


සුන්දර විල්ලුව වැව මහියංගන රජමහා විහාරයට පුජා කෙරේ


මහියංගන විල්ලුව වැව


ගුරුවරු 43කට පඩි ගෙවා නෑ


හසලක 4 ඇල ප්රලදේශයට 25 දින කහ වැසි

හසලක 4 ඇල ප්රලදේශයට 25 දින කහ වැසි ඇදහැලුන බව ගම්වාසීන් පවසනවා