Sunday, July 24, 2016

අනවසරෙන් වැලි ගොඩදැමු පිරිසක් බදුල්ල දුෂණ මර්ධන ඒකකයෙන් අල්ලයි

2016-07-24 පෙ.ව. 10:21
රිදිමාලියද්ද මොරන ප්‍ර දේශයේ අනවසරයෙන් වැලි කැණිම් සිදු කල පිරිසක් 23 දින බදුල්ල කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකට මගින් වටලා අත් අඩංගුවට ගනු ලැබුවා.
රිදිමාලියද්ද, මොරාන ප්‍රදේශයේ උල්හිටියඔයේ බලපත්‍ර නොමැතිව වැලි කැනීම, පැටවීම, ප්‍රවාහනය යන චෝදනා යටතේ මොහුන් අත් අඩංගුවට ගනු ලැබු අතර වැලි ට්‍රැක්ටැර් 06ක්, ටිපර් රථයක් මෙලෙස අත් අඩංගුවට පත් විය.
කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකට මගින් අත් අඩංගුවට ගත් පුද්ගලයන් හා රථවාහන මහියංගන පොලිසිය වෙත භාරදුන් අතර මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.





No comments:

Post a Comment