Saturday, July 2, 2016

33වන වරටත් මිහිදු පෙරහැර වීථි සංචාර කරනු ලැබීය - රථවාහන සැලසුමක් නොමැතිව පෙරහැරට බාධා

 මහියංගන සොරබොර ශ්‍රි අශෝකාරාමය මගින් වාර්ශිකව පවත්වනු ලබන සොරබොර මිහිදු මහා පෙරහැර 33වන වරටත් මෙවර පොසොන් පොහෝදා අති උත්කර්ශවත් ලෙස වීථි සංචාරය කරනු ලැබීය.
සියම් මහා නිකායේ මල්වතුපාර්ශවයේ බින්තැන්න පළාතේ උප ප්‍රධාන සංඝනායක වටවන ශ්‍රි සදගල් විහාරය හා සොරබොර ශ්‍රි අශෝකාරාමාධිපති වේරගොඩ ආනන්ධාභිදාන නායක නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් මහියංගන වෙළෙද ප්‍රජාව හා දායක සභාව එක්ව මෙම මිහිදු පෙරහැර සංවිධානය කරනු ලැබීය.

උඩරට පහතරට නර්ථනාංග රැසකකින් යුක්ත අලංකාර සොරබොර පොහොන් පෙරහැරේ විහාරස්ථානයේ පෙරහැර කරඩුව වැඩම්මවාලු අතර අනුබුදු මිහිදු මාහිමි ගමන සිහිපත් කරමින් මිහින්තලා සංදර්ශන රථය, භක්ති ගී, අලි ඇතුන්ගෙන සමන් විත මෙම පෙරහැර මහියංගන පුජානගරයේ මකර තොරණ ලගින් ආරම්භවී, කිලෝමීටර් 05ක් දුර වීථි සංචාරය කර සොරබොර ශ්‍රි අශෝකාරාමයට ගෙවිදීම සිදු කෙරිණි.

පොසොන් පෝදින ඓතිහාසික මහියංලන රජමහා විහාරස්ථානය වන්දනාව සදහා දහස් සංඛ්‍යාත වන්නනා කරුවන් මහියංගන පුජා භුමිය වෙත පැමිණ සිටි අතර ඔහුන් පෙරහැර නැරබීම සදහා වීථි දෙපස රාක් වී සැදි පැහැදි සිටි අතර පුජා භූමිය වෙත ඇදී ආ රථවාහන ප්‍රමාණය විශාල වීම හේතුවෙන් මාර්ග දැඩි තදබදයක් ඇතවී පෙරහැර පැයක් පමණ මාර්ගයේ නවතා තිබීමට සිදු වු බවත් පසුව පොලිසිය මාර්ග අවහිරතාවය ඉවත් කිරිමෙන් පසු පෙරහැර වීථි සංචාරය කිරිමට හැකි වු බව පෙරහැර සංවිධායක මණ්ඩලය පැවසීය. වෙනත් වර්ශවල පෙරහැර ගමන් කරන මාර්ගය රථවාහන සදහා සිමා පනවන අතර මෙවර එවැනි සංවිධානක් පොලිසිය අනුගමනය නොකිරිම හේතුවෙන් පෙරහැර සංවිධායක කමිටුව හා පෙරහැර සදහා සහබාගි වුවන් විශාල වශයෙන් අපහසුතාවයට ලක් වු බව පෙරහැර සංවිධායක මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.



No comments:

Post a Comment