Thursday, November 17, 2016

සොරබොර වැවේ වැව් තාවුල්ල රැුකගැනිම ස`දහා පැළ සිටුවිමේ ව්‍යාපාරයක්

11/17/2016 10:31 PM
මහියංගණ ඓතිහාසික සොරබොර වැවේ වැව් තාවුල්ල රැුකගැනිම ස`දහා පැළ සිටුවිමේ ව්‍යාපාරයක් මහියංගණ පොලිසියේ ප‍්‍රජා පොලිස් ඒකකය සහ දෙහිගොල්ල ග‍්‍රාමනිලධාරි වසමේ සිවිල් ආරක්ෂක කමිටුව විසින් ප‍්‍රජා දායකත්වය මත ආරම්භ කර ඇත.
බුලතා යෝධයා නැමැති අය විසින් ඉදිකරනු ලැබ ඇති ඓතිහාසික සොරබොර වැවේ වැව් තාවුල්ල මේ වෙන විටත් විවිධ පාරිසරික හානිවලට ගොදුරුවි විනාශවෙමින් යන බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.
මෙම තත්වය නවතා ඓතිහාසික උරුමය රැුකගැනිමේ අරමුණින් වන රෝපණ මාසය හා ප‍්‍රජා පොලිස් සතියට සමගාමිව පොලිස් කොස්තාපල් ඩබ්.ඒ. චමින්ද නිරෝෂන (54197 * ග‍්‍රාමනිලධාරිණි ඩි. එම්. අනුලා දිසානායක සහ ආර්ථික සංවර්ධන නිලධාරි උදේනි හේරත් යන අය විසින් සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයින් සහ ගම්වාසින් සම`ග එක්ව ඉකුත් 14 වෙනි දින වැව් තාවුල්ලේ කුඹුක් සහ මී යන පැළ වර්ග රෝපණය කිරිමේ මහා ශ‍්‍රමදානයක් පවත්වන ලදි.

තේක්ක දැව තොගයක් ට‍්‍රැක්ටරයකින් ප‍්‍රවාහනය කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට

11/17/2016 10:29 PM
බලපත‍්‍රයක් නොමැතිව ඉරූ තේක්ක දැව තොගයක් ට‍්‍රැක්ටරයකින් ප‍්‍රවාහනය කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්කර රක්ෂිත බණ්ධනාගාර ගතව සිටි  සැකකරුවන් හයදෙනෙකු රුපියල් ලක්ෂ විසිහතරක ශරිර ඇප මත මුදාහැරිමට මහියංගණ මහේස්ත‍්‍රාත් තිෂාණි තේනබන්දු මහත්මිය ඉකුත් 17 වෙනි දින නියම කළාය.
හසලක පොලිසියේ බුද්ධි තොරතුරු අංශයට ලද තොරතුරක් මත ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්. එම්.රත්නායක මහතාගේ උපදෙස් පරිදි ඉකුත් 15 වෙනි දින රාත‍්‍රි 12.30 ට පමණ උල්පතගම 11 ඇල ප‍්‍රදේශයේ රැුකවල්ලා සිටි පොලිස් හදිසි වැටලිම් අංශයේ  නිලධාරින් හට බලපත‍්‍ර රහිතව කපා  ඉරූ තේක්ක දැව ක`දන් 224 ක් 8 ඇල ගම දක්වා ට‍්‍රැක්ටරයකින් ප‍්‍රවාහනය කරමින් සිටියදි සැකකරුවන් 06 දෙනෙකු සම`ග අත් අඩංගුවට ගැනිමට හැකිවි තිබුණි.
සැකකරුවන් හා දැව තොගයත් ට‍්‍රැක්ටරයත් අත්අඩංගුවට ගැනිමෙන් පසු 16 වෙනි දින අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඔවුන් 06 දෙනා ඉකුත් 17 වෙනි දින දක්වා රක්ෂිත බණ්ධනාගාර ගතකරන ලදි.
බණ්ධනාගාරගතව සිටි සැකකරුවන් ඉකුත් 17 වෙනි දින නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසුව අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වනසේ හය දෙනා රුපියල් ලක්ෂ 24 ක ශරිර ඇප මත මුදා හැරුණි. ඉරූ දැව තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරුකර නැති බව පොලිසිය සදහන් කරයි.

දඹානේ ගල්කඩ ගමේ නිවාස 03ක් වන අලි පෙරලති

2016-11-14 ප.ව. 2:30

මහියංගන, දඹාන, ගල්කඩ ගම්මානයේ නිවාස 03කට ඊයේ (17) රාත්‍රි වන අලි පහරදීමෙන් හානි සිදුව ඇත. එක් නියසක් බරපතල ලෙස හානියට පත්ව ඇත.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ගල්කඩ පිවිසුමේ සිට මෙම වන අලි ගම් වදින අතර උද්‍යානය වටා ඇති විදුලි වැටේ ඇති දෝශ හේතුවෙන් මහියංගන අම්පාර ප්‍රධාන මාර්ගය හරහා විදුලි වැට බිදිමින් වන අලි ගම්වදින බව ගම්මු චෝදනා කරති. විදුලි වැට පැවතියද එදි විදුලි බලයේ ප්‍රභලතාවයේ ගැටලුද තවත් සමහර විටෙක එහි විදුලිය විසන්දි වී තිබීම හේතුවෙන් නිරන්තරයෙන් මෙම ගැටලුවට දීර්ඝ කාලයක සිට මෙම ගම්වාසීන් මුහුණ පාන බව ගම්මු වැඩිදුරටත් චෝදනා කරති.

මේ දින වල පවතින වර්ෂාව හේතුවෙන් දරු මල්ලන් සමග වන අලි විනාශ කල නිවාස වල වාසය කිරිම මහත් ගැටලු කාරි තත්වයකට පත්ව ඇති බවත්, වන අලි හිරි හැර නිසාම මේ වන තුරු ගොවිතැන් කටයුතු ආරම්භ කිරිමට නොහැකිව සිටින බව ගම්වාසීන් පවසති.
දුක් මහන් සියෙන් වියහිටදම් කර සිදු කරනා ගොවිතැන් සියල්ල එක් රැයකින් වන අලින්ගේ ආහාර බවට පත් වීමෙන් ගම්වාසින් සියල්ල මහත් පීඩාකාරි තත්වයකට පත්ව සිටින බව ඔහුන් පවසති.

වගකිවයුත්තන්ගේ කඩිනම් මැදිහත් වීමෙන් මෙම වන අලි ගැටලුව සදහා විසදුම් ලබාදෙන ලෙසද, මාදුරුඔය වන රක්ෂිතයේ ගල්කඩ පිවිසුමේ විදුලි වැටේ දෝෂ කඩිනමින් සකසා තමන්ගේ ජන ජීවිතයට සහනයක් ලබාදෙන ලෙස දඹාන ගල්කඩ ගම්වාසීන් ඉල්ලති.






මීගහකිව්ල මෙහෙව් ගමක්


අලි රංවුව වස්ගමුවට පලවා හැරේ


ගංජා සමග පුද්ගලයෝ දෙදෙනෙක් දැලේ - ආදිවාසියෙකුත් ඒ අතර


ගංජා ජාවාරම් කරුවන්ට බරපතල වැඩ සහිත සිරදඩුවම්


Wednesday, November 16, 2016

ගංජා ඇද්ද අයියා මලෝ 21 දක්වා මහඋලු සිපිරිගෙට

2016-11-16 ප.ව. 10:54

බලපත‍්‍රයක් නොමැතිව කේරල ගංජා නැමැති මත්ද්‍රව්‍ය මිලි ග‍්‍රෑම් එක්ලක්ෂ තිස්දහසක් පමණ ප‍්‍රමාණයක් ප‍්‍රවාහනය කිරිමේ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබු අයිය මලෝ දෙදෙනෙකු මෙම මස 21 වෙනි දින දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කිරිමට මහියංගණ මහේස්ත‍්‍රාත් තිෂාණි තේනබන්දු මහත්මිය නියෝග කළාය.
මෙම කේරල ගංජා ජාවරම පිළිබ`දව පොලිස් බුද්ධි තොරතුරුවලින් අනාවරණය කරගැනිමෙන් පසු කොළොංගොඩ හසලක මාර්ගයේ ඉකුත් 13 වෙනි දින සවස් කාලයේ 28 ඇළ ප‍්‍රදේශයේ රැකවල්ලා සිටි හසලක පොලිසියේ හදිසි වැටලිම් ඒකකයේ නිලධාරින් විසින් යතුරු පැදියක් නතර කොට යතුරු පැදියේ පැමිණි පුද්ගලයින් දෙදෙනා පරික්ෂා කිරිෙමේදි ඔවුන් දෙදෙනා සන්තකයේ තිබි කේරල වර්ගයට අයත් ගංජා තොගයක් තිබෙන බව තොරතුරු අනාවරණය කරගැනිමට හැකිවි තිබේ.
එම යතුරුපැදිය හා සැකකරුවන් අත්අඩංගුවට ගැනිමෙන් පසු කරන ලද පරික්ෂණයේදි යතුරු පැදියේ ගමන්කර ඇත්තේ අයියමලෝ දෙදෙනෙකු බවත්  ඔවුන් කොළොංගොඩ 31 ඇළ ප‍්‍රදේශයේ පදිංචි කරුවන් බවත් අයියා හමුදා සේවයෙන් පලා ආ අයෙකු බවත් පොලිසියට අනාවරණය වි තිබේ.

හසලක පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර් එම් රත්නායක මහතාගේ උපදෙස් මත හදිසි වැටලිම් ඒකකයේ සැරයන් සරත්  ( 28347  ජයවිර (47163 යන නිලධාරින් ඇතු`ථ කණ්ඩායමක් විසින් මෙම වැටලිම කර තිබුණි.

සිව්වසකට මත්තෙන් මහවැලි ගංකෝමලියේ නුඹ කිව් ඒ අනාගතේ.... 2012-05-20......


විල්ගමුව කේදවාචකය


Monday, November 14, 2016

අභිනව පදවිප්‍රාප්ත හසලක මිනිපේ කොට්ඨාශයේ ප්‍රධාන සංඝනායක ස්වාමින් වහන්සේ පාදාභිවන්දනයෙන් පිළිගැනීම

21:15 14/11/2016
මල්වතු විහාර පාර්ශවයේ හසලක මිනිපේ කොට්ඨාශයේ අභිනව ප‍්‍රධාන සංඝ නායක ධුරයෙන් පි`දුම් ලැබු හසලක උඩුදහගම ශ‍්‍රී පුෂ්පාරාමාධිපති ධර්ම කිර්ති ශ‍්‍රී දේවානන්ද පුජ්‍ය ගැරඩිඇල්ලේ චන්ද ජෝතියාභිධාන නාහිමියන් පිළිගැනිම හා අක්තපත‍්‍ර පිරිනැමිමේ උළෙල හා අපවත්වි වදාළ පුෂ්පාරාමාධිපතිව වැඩසිටි උඩදුම්බර ප‍්‍රධාන සංඝ නායක කලගන්වත්තේ දේවානන්ද නා හිමිපාණන්ගේ වර්ෂ පුර්ණ පිං අනුමොදන් කිරිමේ පිංකම ඉකුත් 11 වෙනි දින හසලක ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදි සිදු කෙරිණි.
අභිනව නාහිමියන් වෙත නව පදවියේ අක්තපත‍්‍රය පිරිනැමිම මිනිපේ ප‍්‍රාදේශිය ලේකම් එස්. එම්. සන්ධ්‍ය ගුණරත්න මහත්මිය අතින් සිදුකලේය.
මෙම අවස්ථාවට ප‍්‍රදේශයේ විහාරථාන භික්ෂුන් වහන්සේ සම`ග ගම්වාසිහු විශාල පිරිසක් එක්වුහ.








පවුල් ආරව්ලෙන් මවක් හා දෙමස් ගැබිණියක් ඝාතනය කෙරේ.


2016-11-14 ප.ව. 3:42
විල්ගමුව යාය 11, බත්ගම්පල ප්‍රදේශයේ ඊයේ (14) සවස තියුණු ආයුදයකින් පහරදී මවක හා දියණියක ඝාතනය කර සැමියාටද තුවාල සිදුකිරිමේ සිද්ධියක් සම්බන්දයෙන් 25 වියැති විල්ගමුව , හදුන්ගමුව ප්‍ර දේශයේ පදිංචි සැකකරුවෙකු පොලිස් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද නාවුල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ. නාවුල වැඩ බලන මහේත්‍රාත් ශාමලී විජේනායක මහත්මිය විසින් සිද්ධිය වු ස්ථානයේ මහේත්‍රාත් පරික්ෂණය අද දහවල් සිදු කරන ලදී.

මෙසේ ඝාතනයට ලක්වු මව යු ජි ප්‍රේමාවති නම් වයස 41ක් වන අතර දියණිය බී ජී ප්‍රේමලතා පුෂ්පාන්ජලී නම් වයස 22කි. දියණිය දෙමස් ගැබිණියකි. මියගිය දියණිගේ දෑත් තියුණු ආයුධයකින් වෙන්වන සේ කපා දමා තිබු අතර මහියංගන මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදැසන මියගියේය. වෙනු වු දැත් පොහොර මල්ලක දමා රෝහල වෙත ගෙනවිත් තිබුනි.

මියගිය දියණිය මිට මාස 9කට ඉහතදී හමුදා සෙබලෙකු කසාද බැද ඇති අතර ඔහු මාස 06ක් නිවසට නොපැමිණිම හේතුවෙන් සිවිල් ආරක්ෂක බලකායේ අයෙකු සමග මියගිය දියණිය විවාහ වී ඇත. එසේ විවාහ වීමට ඇයගේ නමද වෙනස් කරගත් බව ගම්වාසීන් පවසති. පසුගියදා හමුදා සෙබලා නිවසට පැමිණි මොහොතේ ඇය වෙනතු අයෙකු සමග දීග කමින් සිටිනු දැක ඇති අතර ඒ වන විටත් ඇය දෙමස් ගැබිනියක්ද විය. දරුවා සමග ඇය බාරගැනීමට එහිදි හමුදා සෙබලා කැමති වී ඇති අතර ඉන්පසු ඇය සිවිල් ආරක්ෂකයා හට නිවසට නොපැමිනෙන ලෙස දන්වා ඇත. මියගිය දියණියගේ මවද හමුදාවේ බෑනාහට අකැමැත්තක් තිබී නැත. නිවසට නොපැමිනෙන ලෙස දැන්වීමෙන් පසු මෙම ආරච්ල ඇති වී ඇත. සිවිල් ආරක්ෂකයා හමුදාභටයා හට ප්‍රථමයෙන් තියුණු ආයුයෙන් කොටා ඇති අතර දෙවනුව දියනියටද තියුණු ආයුධයෙන් කොටා එය බේරිමට පැමිණි දියණියගේ මවට කොට ඇත. මව විල්ගමුව රෝහල් ගත කිරිමෙන් අනතුරුවද, දියණිය මහියංගන රෝහලට ඇතුලත් කිරිමෙන් පසු දැඩි සත්කාර ඒකකයේදී අද (14) උදැසන මියගොස් ඇත.

මෙම ඝාතනය සිදු කර ඇත්තේ මියගිය දියනියගේ අනියම් සැමියා වන බව පොලිසිය සදහන් කල අතර ඔහු 25 වියැති විල්ගමුව , හදුන්ගමුව ප්‍ර දේශයේ පදිංචි සිවිල් ආරක්ෂක දෙපාර්ථමේන්තුවේ ලග්ගල පල්ලේ ගම මහවැලි කලාපයට අනුයුක්තව සේවය කල කැලුම් දේශප්‍රිය දිසානායක නැමැති සැකකරුවෙකි.
මෙම ඝාතනය සම්බන්දයෙන් විල්ගමුව පොලිස්ථානාධිපති පාලිත ඉලංගසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිළධාරින් විසින් පරික්ෂණ සිදු කරති.

ගංජා කිලෝවක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට - ආදිවාසියෙකුත් ඒ සමග අත් අඩංගුවට.


14/11/2016 18:11
මහියංගන දඹාන ප්‍රදේශයේ සිදු කල විශේෂ වැටලීමකදී ඊයේ සවස (13) බලපත්‍ර නොමැතිව ලග තබාගත් ගංජා කිලෝවක් සමග පුද්ගලයන් දෙදෙනෙකු  මහියංගන පොලිසි නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. අත් අඩංගුවට පත් වු පුද්ගලයන් දෙදෙනා අතරට දඹාන ආදිවාසි ගම්මානයේ ආදිවාසී තරුණයෙකුද ඇතුලත්ය.

ගංජා ග්රෑම් 800ක් ලග තබාගත් දඹාන ආදීවාසී ගම්මානයේ 25 වියැති ගම්වාසී තරුණයෙකුද, ගංජා ග්රෑම් 250ක් ලග තබාගත් 23 වියැති ආදිවාසී තරුණයෙකුද මෙලෙස අත් අඩංගුවට පත් වු අතර ඔහුන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
මෙම ගංජා ප්‍ර දේශය වෙත රැගෙන ආ පුද්ගලයන් සම්බන්දයෙන් අත් අඩංගුවට ගනු ලැබු සැක කරුවන්ගෙන් ලද තොරතුරු අනුව වැඩිදුර මෙහෙයුම් සිදු කිරිමට නියමිතව තිබේ.

මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බී ජි ජි සුදේශ් චතුරංග මහතා හා  පො.සැ. 2236 විමලසිරි, 20016 නන්දසේන, පො.කො. 54192 උපාලි, 37419 අත්තනායක, 38588 සම්පත්, 68726 ජයරත්න, 75690 තෙන්නකෝන්, 88742 ප්‍රේමරත්න, කාන්තා පො. කො. 1784 නිරෝෂනී, 2315 නිලුකා යන පොලිස් නිළධාරින් විසින් මෙම විශේෂ වැටලීම හි විමර්ශනයන්ද සිදු කෙරේ..


රතිකිද වැව් බන්ට් එකේදී පුද්ගලයෙකු හප්පා මෝටර් රථයක් පලා ගිහින් - අනතුරින් පුද්ගයා මියගිහින්

2016-11-14 ප.ව. 1:29
ගිරාදුරුකෝට්ටේ බැරියල් හන්දියේ සිට රත්කිද දෙසට ගමන්ගත් මෝටර්රථයක් ඊයේ (13) රාත්‍රි 12.30ට පමණ උල්හිටිය මාලු තොටුපල ඉදිරිපිටදී මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු හප්පා ඵලාගොස් ඇති අතර අනතුරින් තුවාල ලැබු පුද්ගලයා මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ ගිරාදුරුකෝට්ටේ, පහලරත්කිද, අංක 142/2 යන නිවසේ පදිංචිව සිටි කම්පැල්ලේ කන්කානම්ලාගේ චමින්ද යව වයස 34ක පුද්ගලයෙකි.
රිය අනතුර සිදු කරනු ලැබු මෝටර්රථය ප්‍ර දේශයෙන් පලාගොස් ඇති අතර රථය සොයා පොලිස් පරික්ෂණ සිදු කෙරේ.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත ගිරාදුරුකෝට්ටේ පොලිස්ථානාධිපති මොහාන් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ගිරාදුරුකෝට්ටේ පොලිස්ථානයේ රථවාහන නිළධාරින් පරික්ෂණ පවත්වති.

ඉල් පුර පසළොස්වක පෝය අදයි

අද (14) ඉල්පුර පසළොස්‌වක පොහොය දිනයයි. කඨින මහා පිංකම් පවත්වන කඨින චීවර මාසයේ අවසන් දිනය අදයි. බුදුදහමේ සඳහන් මහා පිංකම් හෙවත් අටමහා කුසල් අතර පළමු පිංකම කඨින චීවර පූජාවයි.

ලංකාවේ බොහෝ විහාරස්‌ථානවල බොදු බැතිමතුන්ට කඨින චීවර පූජාවේ ආනිසංස ඇතුළත් කඨිනානිසංස ධර්ම දේශනාව පවත්වන්නේ ඉල්පුර පොහෝදාය.

ඉල්පුර පොහෝ දින සිදුවූ වැදගත් සිදුවීම් අතර බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දූත සේවයේ ආරම්භය සුවිශේෂ වේ.

බුදුරජාණන් වහන්සේ ප්‍රථම වස්‌ කාලය ගත කළේ බරණැස ඉසිපතනාරාමයේය. දම්සක්‌ පැවතුම් සූත්‍රය අසා පස්‌වග තවුසන් පළමුව බුදුසසුනේ පැවිදි වූ අතර අනතුරුව යසකුල පුත්‍රයා බුදුරදුන්ගෙන් බණ අසා පැවිදි විය. යසකුල පුත්‍රයාගේ පැවිදිවීම පිළිබඳ ආරංචිය අසා ඔහුගේ යහළුවන් වූ විමල, සුබාහු, පුණ්‌ණජී, ගවම්පති යන සතර දෙනා ඇතුළුව පනස්‌ සතර දෙනෙකු බුදුරදුන් හමුවට පැමිණ පැවිදිව අරහත් ඵලයට පත්වූහ. මෙලෙස බුදුරජාණන් වහන්සේගේ පළමු වස්‌ කාලය ඇතුළත පැවිදි වූ පිරිස හැට එක්‌ නමක්‌ වූහ.

අග්‍ර මහා ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිනිවීම සිදුවූයේද ඉල්පුර පසළොස්‌වක පෝදාය.

Thursday, November 10, 2016

රජයේ ඇමති කෙනෙක් කැඩුණු වැවේ මාලු බාන්න සුදානම්


රක්ෂිතයේ වැලි ගොඩදමා ලක්ෂ දෙකක් දඩ කයි

2016-11-10 පෙ.ව. 11:12
රිදිමාලියද්ද, ගොඩපෝරුයාය බටුලන්ද රජයේ වනයේ කුඩාඔයේ වැලි එක්රැස්කර පටවමින් සිටි පුද්ගලයන් 04 දෙනෙකු හා ටිපර් රථයක් පසුගිය 06 දින මහියංගන අඩවි වන කාර්යාලයේ අඩවි වන නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන මහියංගන මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් පනස් දහස බැගින් රුපියල් ලක්ෂ දෙකක් දඩ ගෙවන ලෙස මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය නියම කරනු ලැබීය. අත් අඩංගුවට ගනු ලැබු වැලි රාජසංතක කරනු ලැබීය.
මහියංගන අඩවි වන කාර්යාලයේ අඩවි වන නිළධාරි එන් ටී පී කරුණාරත්න මහතාගේ උපදෙස් මත බීට්ටු වන නිළධාරි අසේල කුලරත්න මහතාගේ මෙහෙය වීමෙන් වන වගා කම්කරු චන්න රණවීර මෙම වැටලීම සිදු කරන ලදී.

ත්‍රිරෝධරථය සි.ටි.බි. බසයේ හැප්පී ත්‍රිදෙනෙක් රෝහලේ

 2016-11-10 පෙ.ව. 10:39

මහියංගන බදුල්ල මාර්ගයේ දම්බරාව පාසල ඉදිරිපිට අද (10) උදැසන බදුල්ල දෙසට ගමන් කරමින් තිබු සී.ටි.බී. බස්රථයක පිටුපසින් පැමිණි ත්‍රිරෝධරථයක් ගැටී පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබීය.
ත්‍රිරෝධ රථයේ රියදුරු හට විශාල වශයෙන් තුවාල ලබා ඇත. මෙසේ අනතුරට පත්ව ඇත්තේ බදුල්ල ඩිපෝවට අයත් බස් රථයක් වන අතර ත්‍රිරෝධරථය මහියංගන පගරගම්මන මුස්ලිම් ගම්මානයේ පවුලක් ගමන් ගත් ත්‍රිරෝධ රථයකි.
අනතුර සම්බන්දයෙන් මහියංගන පොලිස්ථානයේ රථවාහන ස්ථානාධිපති උ.පො.ප. වික්‍රමරත්න මහතගේ යටතේ රථවාහාහන පොලිස් නිළධාරින් පරික්ෂණ පවත්වති.





මහියංගනයේදී ගංජා කිලෝ 02ක් ඌව දිශා දුෂණ මර්ධන ඒකකයෙන් කොටු කර ගනී

2016-11-10 පෙ.ව. 11:00
මහියංගන, පදියතලා මාර්ගයේ 49කණුව ප්‍රදේශයේදී ඊයේ (09) දින රාත්‍රි ගංජා කිලෝ දෙකක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට ඌව දිශා දුෂණ මර්ධන ඒකකයේ නිළධාරන් සමත් ව ඇත.
අත් අඩංගුවට ගත් ගංජා හා පුද්ගලයා අද (10) දිනයේදී මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුනි.

ඌවේ ඉරිදා උදේ උපකාරක පන්ති නවතියි


2016 නොවැම්බර් මස 10 12:31:56 |
එළැඹෙන වසරේ සිට ඌව පළාතේ ඉරිදා උදයවරුවේ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් ඌව ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා ගෙන ආ යෝජනාව අද (10) සභාවේදී සම්මත විය.
ඒ අනුව ඉරිදා පෙරවරු 6 සිට පස්වරු 1 දක්වා කාලයේ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරන බවත් පාසල් සිසුන් දහම් අධ්‍යාපනය කෙරෙහි යොමු කිරීම එහි අරමුණ බවත් කියති.

බදුල්ලෙන්ම ජයක් රිදිමාලියද්ද ග්‍රාම නිළධාරි කාර්යාලයට

 07:06 09/11/2016
රාජ්‍ය පරිපාල හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන ග්‍රාම නිළධාරි කාර්යාල කළමණාකරන තරගයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තෙවන ස්ථානය 
රිදිමාලියද්ද ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශයේ ආදාඋල්පත ග්‍රාම නිළධාරි කාර්යාලයට හිමි විය. ඒ සදහා වු සම්මාවය හා සහතික පත්‍රය ඌව පළාත් ආන්ඩුකාර වර එම් පී ජයසිංහ මහතා හා බදුල්ල දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් මහතා විසින් ග්‍රාමනිළධාරී අබේවික්‍රම තෙන්නකෝන් Abeywickarama Thennakoon මහතා වෙත පසුගියදා ප්‍රධානය කරන ලදී.


ඌවේ ඉරිදා උදේ උපකාරක පන්ති නවතියි

2016 නොවැම්බර් මස 10 12:31:56 |
එළැඹෙන වසරේ සිට ඌව පළාතේ ඉරිදා උදයවරුවේ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් ඌව ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා ගෙන ආ යෝජනාව අද (10) සභාවේදී සම්මත විය.
ඒ අනුව ඉරිදා පෙරවරු 6 සිට පස්වරු 1 දක්වා කාලයේ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරන බවත් පාසල් සිසුන් දහම් අධ්‍යාපනය කෙරෙහි යොමු කිරීම එහි අරමුණ බවත් කියති.

Monday, November 7, 2016

රෝහලේ ගැටුලුවට ඇමතිගෙන් කඩිනම් විසදුම්


පැහසර - වාර්ෂික සිතුවම් ප්‍රදර්ශණය

 19:54 07/11/2016
මහියංගන ජාතික පාසලේ වාර්ෂික චිතු පුදර්ශණය"පැහසර" අද (07) මහියංගන ජාතික පාසලේ පුධාන ශාලාවෙිදි පැවත් වින.
එයට විද්‍යාලයේ දරුවන් රුසක් දක්ෂතා පෙන්වමින් සිතුවම් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කොට තිබුනි. ජයග්‍රාහකයන් හට ත්‍යාග ප්‍රධානය විදුහල් පතිතුමන්ගේ සුරතින් සිදු කෙරිනි
ඡායාරූප -  Upali Rajapaksha සහ Gayan Bandara