Thursday, June 28, 2012

කාන්තාවන්ට නිරුවත පෙන්නු තරුණයා පොලිසියට කොටු‍ෙව්

කාන්තාවන්ට නිරුවත පෙන්නු තරුණයා පොලිසියට කොටු‍ෙව්

රංජිත් කරුණාවීර - මහියංගනය      2012-06-28          11:15 ප.ව.

ගිරාදුරුකෝට්ටේ, හෙබරව, හොබරියාව, බෙලගන්වැව යන ප්‍රදේශවල යතුරුපැදියකින් සැරි සරමින් තම නිරුවත කාන්තාවන්හට පෙන්නු වයස 25ක තරුණයෙකු ගිරාදුරුකෝට්ටේ පොලිසිය මගින් 27 දින අත්අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කෙරුනා. මෙම තරුණයා සතියක් පමණ කාලයක් ප්‍රදේශ ගනනාවක සැරි සරමින්  කාන්තාවන්හට නිරුවත පෙන්වා ඇත.

වෑන්රිය කුඹුරට පෙරලී දෙදෙනෙක් රෝහලට


                                                                    
වෑන්රිය කුඹුරට පෙරලී දෙදෙනෙක් රෝහලට
රංජිත් කරුණාවීර - මහියංගනය      2012-06-28          08:30 ප.ව.

මහනුවර සිට මහියංගන දක්වා ගමන් ගත් වෑන් රථයක් හසලක මහියංගන මාර්ගයේ පාලමහන්දියට ආසන්න ප්‍රදේශයකදී පාරෙන් ඉවතට පැන කුඹුරකට පෙරලී ඇත්තේ අද උදෑසන 5ට පමණය. වෑන් රථයේ පැමිණි පුද්ගලයන් පස් දෙනාගෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු ඔහුන් පිටව ගොස් ඇත. ඔහුන්ගේ තත්වය බරපතල නොවේ.

යතුරුපැදි දෙක මුහුනට මුහුණ හැප්පී දෙදෙනාම මරුට

යතුරුපැදි දෙක මුහුනට මුහුණ හැප්පී දෙදෙනාම මරුට
රංජිත් කරුණාවීර - මහියංගනය      2012-06-28          7:37 ‍ප.ව.

මහියංගන ගැමුණුපුර මහවැලි වියානා ඇල බන්ට් එකේ ගමන්ගත්ය තුරුපැදි දෙකක් මුහුණට මුහුණ හැප්පී දෙදෙනාම මරුමුවට පත් වි ඇත. මෙම සිදු විම 26 දින සවස 6.30ට පමණ සිදු වි ඇත. එක් අයෙක් මහියංගන මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එදින රාත්‍රී 8 ට පමණ මිය ගිය අතර අනෙක් තුවාල ලැබු පුද්ගලයා මහනුවර මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු 27 දින උදෑසන මියගොස් ඇත. මියගිය එක් පුද්ගලයෙක් බන්දනාගාර නියාමකවරයෙකු ලෙස සේවය කල පුද්ගලයෙක් වේ.

Tuesday, June 26, 2012

බදුල්ලේ ගමකට ඉල්ලමක්




බදුල්ලේ ගමකට ඉල්ලමක්
2012 ජූනි මස 26 14:19:28 | නයන තෙන්නකෝන්
මහියංගනය බදුල්ල මහ පාර පුළුල් කිරිමේදි  කුඩා  කළුගල් අතර  මුරුක්කන් පාෂාණය සොයා 
ගෝලියද්ද ගැමියෝ සිය ගණන් පාර දෙපසට  පැමිණ සිටිති. ඔප දැමූ මෙම ගල්  සවර්ණාභරණ කාර්මිකයෝ මිලට ගනිතියි ගැමියෝ කියති. මේ පාෂාණය ඔවුනට  අලුත් ආදායම වී ඇත

Friday, June 22, 2012

දඹාන ආදිවාසී වෙද පියස විවෘත කරයි

දඹාන ආදිවාසී වෙද පියස විවෘත කරයි
රංජිත් කරුණාවීර - මහියංගනය     
 2012-06-22          11:30 ප.ව.

දේශිය වෛද්‍ය අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආදිවාසි ජන සංස්කෘතිය සංරක්ෂණය කිරිමේ ව්‍යාපෘතිය යටතේ ජාතික උරුමයන් පිළිබද අමාත්‍යාංශයේ මූල්‍ය අනුග්‍රහයෙන් ඉදිකරන ලද ආදිවාසී වෙද පියස ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ ආරාධනයෙන් දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතාගේ සුරතින් විවෘත කෙරිනි.

ආදිවාසී ජනතාවගේ පාරම්පරික වෙදකම ආරක්ෂා  කිරීම සහ ආදිවාසී ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරිමේ  අරමුණ ඇතිව වනාන්තරය තුල ඇති ඖෂධ ඔවුන් ලවා එකතු කර  එම ද්‍රව්‍ය මිල දී ගැනීම(ආදිවාසීනට ජිවත් වීම සඳහා මුදලක්)  සහ එම ඖෂධ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා යොදා ගැනීමෙන් ආනයනය කරන ඖෂධ ප්‍රමාණය අවම කර ගැනීම මෙමගින් බලාපොරොත්තු වේ.

 ආදිවාසී වෙද පියස විවෘත කිරිමෙන් අනතුරුව ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් විසින් වෙද පියස වෙත පැමිණි රෝගියෙකු සඳහා රෝග තත්ත්වය විමසා ඖෂධ ලබාදීම සිදු කෙරිනි.

රිය අනතුරින් හිමිනමක් අපවත් වෙති හය නමක් රෝහලේ

රිය අනතුරින් හිමිනමක් අපවත් වෙති හය නමක් රෝහලේ

2012 ජූනි මස 22 12:04:23 | . , සුජිව ජයවික්‍රම

මහියංගනයේ සිට ගාල්ල වතුරුවිල දක්වා ගමන් ගත් වෑන් රියක් තෙලුල්ල ප්‍රදේශයේ දී ගසක හැපීමෙන් එහි ගමන් ගත් හිමිනමක් අපවත්වී, තවත් හිමිවරුන් හය දෙනකු තුවාල ලබා ඇතැයි වැල්ලවාය පොලිසිය කියයි.

2008 ක්‍රියාන්විතයේදී ආබාධිත වූ දෙහිඅත්තකණ්‌ඩිය රණවිරුවා දැයෙන් සමුගනී

2008 ක්‍රියාන්විතයේදී ආබාධිත වූ දෙහිඅත්තකණ්‌ඩිය රණවිරුවා දැයෙන් සමුගනී

දෙහිඅත්තකණ්‌ඩිය - රණතුංග
http://www.divaina.com/2012/06/22/news28.html

කිලිනොච්චි අක්‌කරායන්කුලම් ප්‍රදේශයේදී 2008 සැප්තැම්බර් 02 වැනිදා ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සි...ටියදී ත්‍රස්‌තවාදී ප්‍රහාරයකට ලක්‌ව ආබාධිත තත්ත්වයකට පත්ව මොළේ හා සිරුරේ තිබූ බෝම්බ කෑලි නිසා නිතරම දැඩි වේදනාවෙන් සිටි හමුදා විරුවකු දෙහිඅත්තකණ්‌ඩිය නාගස්‌වැව ගම්මානයේදී හදිසියේම මියගිය බව වාර්තාවේ.
සිංහ රෙජිමේන්තුවේ 04 වන බලඇණියේ සේවය කළ රයිµල් සෙබළ (365349) දෙහිඅත්තකණ්‌ඩිය නාගස්‌වැව අංක 53 පදිංචි එක්‌දරු පියකු මෙසේ හදිසියේම මියගියේය. හමුදා රණවිරුවාගේ අවසන් කටයුතු හමුදා උත්තමාචාර මැද පසුගියදා නාගස්‌වැව පොදු සුසාන භූමියේදී සිදු කරන ලදී.
අත්තනායක මුදියන්සේලාගේ ප්‍රියංගනී අත්තනායක බිරිඳ (25), වික්‍රමආරච්චිලාගේ දිල්සර ලක්‍ෂාන් වික්‍රමආරච්චි (06) පුතකු සිටින අතර 1981 ජුනි 17 දින ඉඟිනියාගලදී උපත ලබා 2000 ඔක්‌තෝම්බර් 28 දින මාදුරුඔය හමුදා පුහුණු පාසලෙන් 33 වැනි පුහුණුව සාර්ථකව නිම කර 2001 වර්ෂයේ ජනවාරි 30 වන දින 06 වැනි සිංහ රෙජිමේන්තුවට ඇතුළත්වී ඇත.
රිවිරැස, කිණිහිර 09, අග්නි‚ල 01, වන්නි මානුෂීය මෙහෙයුම වැනි ක්‍රියාන්විත රාජකාරි මැනවින් ඉටුකොට පූර්ණභූමි උතුරු නැගෙනහිර මානුෂීය පදක්‌කම, වන්නි මානුෂීය හා දේශපුත්‍ර ඇතුළු පදක්‌කම් රැසකින් පිදුම් ලබා මෙම රණවිරුවා රාජකාරි නිවාඩු රැගෙන සිටියදී 27 දින දෙහිඅත්තකණ්‌ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියේය.
මෙම රණවිරුවාගේ අවසන් කටයුතු හමුදා උත්තමාචාර මැද කර්නල් මහානාද, කර්නල් සේනාරත්න, මේජර් සේනානායක, මේජර් කේ. පී. එල්. පෙරේරා, සඳුන්පුර හමුදා කඳවුරේ ලුතිනන් එස්‌. කේ. එA. ඉන්ද්‍රසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නාගස්‌වැව විහාරාධිපති ශාස්‌ත්‍රපති සද්ධා මංගල නායක හිමි ආගමික කටයුතු සිදු කළහ.

Thursday, June 21, 2012

Wednesday, June 20, 2012

මිනිපේ සුළි සුළගෙන් නිවාස 5 කට හානි




මිනිපේ සුළි සුළගෙන් නිවාස 5 කට හානි
රංජිත් කරුණාවීර - මහියංගනය      2012-06-20          09:30 ප.ව.

මිනිපේ බුලත්වැල්කදුර ග්‍රාමයේ  19 දින රාත්‍රී අවස්ථා දෙකකදී ඇති වු සුළි සුළගෙන් නිවාස පහකට හානි සිදු වී ඇත. එහි එක් නිවසක් දැඩි ලෙස හානියට පත්ව ඇත. තම දුවරු තිදෙනා ඇගලුම් කම්හල් රැකියාවට ගොස් සාදාගත් නිවස සුළගට විනාශ වුවා යැයි කියමින් මව හඩා වැලපේ. නිවසේ වහල තනාගැනිමට තව කී මාසයක් නම් ඇගලුම් කම්හලේ රැකියාවට යාමට උවමනා දැයි සිතමින් දුවරු තිදෙනා සෝ සුසුම් හෙලයි
තවත් නිවසක  වහලය මතට කොහොඹ ගසක විශාල අත්තක් කඩා වැටී තිබේ. අනෙක් නිවාස වල වහලයේ ඇස්බැස්ටෝස ශිට් සහ ටකරන් සුළං හේතුවෙන් විනාශයට පත් වී තිබේ.

Tuesday, June 19, 2012

ද්වි ලිංගික බල්ලෙක් මහියංගන ප්‍රදේශයෙන් සොයාගැනේ


ද්වි ලිංගික බල්ලෙක් මහියංගන ප්‍රදේශයෙන් සොයාගැනේ
රංජිත් කරුණාවීර - මහියංගනය      2012-06-19          10:15 ප.ව.

To See Video   http://www.youtube.com/watch?v=KZyHNgYqHnk

ඒක සෛලික ජීවියාගේ සිට බහු සෛලික ජීවියා දක්වා ජීවි පරිනාමයේ ද්වි ලිංගික සත්වයන් අප හට දැක ගත හැක. ඔබ උදේ සවස දකින සත්වයන්ගෙන් ගැඩවිලන්, දැල්ලන් ද්වි ලිංගික සතුන් වන අතර, තව බොහෝ ද්වි ලිංගික සතුන් සත්වයන් සත්වලෝකයේ සිටි. ශාක ලෝකයේ බොහෝ ශාක ද්වි ලිංගික වේ.  එහෙත් ඔබේ නිවසේ සිටින සුනඛයා ද්විලිංගික සත්වයෙක් උවහොත්????? එය විරල,  සමහරවිට ඔබ ජීවිතයටම දැක නැති බව විස්වාසය.

මහියංගනය නගරයට ආසන්න ගම්මානයක නිවසේ ඇති කිරීමට ගෙනා සුරතල් බලු පැටියා වර්ධනය වීමත් සමගම  ශරීරයේ තිබු වෙනස් කම් සලකා බලා බලු පැටියා පශු වෛද්‍ය වරයෙකු හට පෙන්නා තිබේ. වෛද්‍ය වරයා  මෙම සුරතලා ද්වි ලිංගික බල්ලෙක් බව පරික්ෂා කිරීමෙන් අනතුරුව පවසා ඇත.  මෙම බල්ලා බාහිර ස්වරූපයෙන් සහ හැසීරීම් රටාව අනුව පෙනෙන්නේ පිරිමි සතෙක්  ආකාරයට වන අතර,  මුත්‍රා කිරීම සිදු කරනුයේ සාමාන්‍ය ගැහැනු බැල්ලියක් මුත්‍රා කරන ආකාරයට වේ. මුත්‍රා කිරීම සදහා පිරිමි අවයව භාවිතා නොකරයි. එයින් පැහැදිලි වන්නේ මෙම සුනඛයා බාහිරින් පිරිමි ස්වරූපය තිබුනද, ශරීර අභ්‍යන්තරය ගැහැනු එකක් බවයි. පශු වෛද්‍ය වරයා ඒ බව සනාත කර ඇත.


2012 ලෝක ආදිවාසී දින සැමරුම මෙවර දඹානේදී - 2013 දි ලෝක ආදිවාසී ජාතික දින සැමරුම ශ්‍රී ලංකාවේදි

2012 ලෝක ආදිවාසී දින සැමරුම මෙවර දඹානේදී -  2013 දි ලෝක ආදිවාසී ජාතික දින සැමරුම ශ්‍රී ලංකාවේදි
රංජිත් කරුණාවීර - මහියංගනය      2012-06-19          12:40 ‍ෙප.ව.

අගෝස්තුමාසයේදී සැමරීමට නියමිත ලෝක ආදිවාසී දිනය වෙනුවෙන්, එම උත්සවයේ කටයුතු පෙර සිටම සොයා බැලීම සදහා 18 දින උදෑසන සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී බී ඒකනායක අමාත්‍ය වරයා දඹාන ආදිවාසී ගම්මානයේ නිළ සංචාරයක නිරත උනා. ආදිවාසී  ජනතාවගේ  ගැටලු පිලිබද මෙහිදීද සාකච්චා කල අතර, ලෝක ආදිවාසී දින සැමරුම 2012 උත්සව කටයුතු සංවිධානය පිළිබදව දීර්ඝ ලෙස සාකච්චා කලා. විවිධ රජ්‍ය ආයතන ප්‍රදානින් විශාල පිරිසක් මේ සදහා සහබාගී වී සිටියා. අතිගරු ජනපති තුමන්ද බොහෝ විට මෙම උත්සව අවස්ථාවට සහබාගී වීමට නියමිතයි. 

2013 දි ලෝක ආදිවාසී ජාතික දින සැමරුම ශ්‍රී ලංකාවේදි පැවැත් විමට දැනටමත් කටයුතුකරමින් සිටින බව අමාත්‍ය වරයා විසින් හෙලි කලා. ලෝකයේ සිටින සියලු ආදිවාසීන් ලංකාවට ගෙන්වා ගැනීමට බලා පොරොත්තු වන බවත්, ඒ බව දැනටමත් යුනෙස්කෝ සංවිධානයට දැනුම් දී ඇති බවත් අමාත්‍ය වරයා විසින් සදහන් කලා.

Monday, June 18, 2012

මහියංගනය ගිරාදුරුකෝට්ටේ පාරේ රිය අනතුරක් - දෙදෙනෙක් රෝහලට


මහියංගනය ගිරාදුරුකෝට්ටේ පාරේ රිය අනතුරක් - දෙදෙනෙක් රෝහලට
රංජිත් කරුණාවීර - මහියංගනය      2012-06-18          11:30 ප.ව.

මහියංගනය ගිරාදුරුකෝට්ටේ පාරේ කෝරුප්ප මන්සන් දියේදී යතුරුපැදියක් සහ ත්‍රීරෝද රථයක් එකට හැප්පි රිය අනතුරක් සවස 7:30 පමන සිදු වුනා - යතුරුපැදි‍යේ එක් අයෙක් සහ ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා රෝහල් ගත කෙරුනා


Sunday, June 17, 2012

නකල්ස් කදුවැටිෙය් මිනිපේ මොරයාය කොස්ගොල්ලා කන්දේ ගින්න නිවයි


නකල්ස් කදුවැටිෙය් මිනිපේ මොරයාය කොස්ගොල්ලා කන්දේ ගින්න නිවයි
2012 ජූනි මස 17 17:37:45 | ගුරුළුපොත බන්දුල ගොඩකුඹුර , ඡායාරූප- ගුවන් හමුදාව
http://www.lankadeepa.lk/index.php/articles/48782

නකල්ස් කඳුයායේ අක්කර 200 ක් පමණ ලැව් ගින්නකින් වැනසි ගිය ඇති බව වන සංරක්ෂණ නිලධාරීන් කියති.
ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් දෙකක් ද ගින්න නිවීමට දායක විය

Saturday, June 16, 2012

මිනිපේ මොරයාය කොස්ගොල්ලා කන්දේ විශාල ගින්නක්


මිනිපේ මොරයාය කොස්ගොල්ලා කන්දේ විශාල ගින්නක්

මහියංගනය රංජිත් කරුණාවීර     2012-06-16          9:20 ප.ව.
මිනිපේ ප්‍රාදේශය ලේකම් බල ප්‍රදේශයේ මොරයා නගරයට ආසන්න ගල්පඩිහෙල නම් ‍ෙඓතිහාසික ගල් පඩිපෙලට දකුණු බෑවුවේ කොස් ගොල්ලා කන්ද  අද සවස සිට විශාල ලෙස ගිනි ගනිමින් පවතී. පවතින වියලි කාලගුණයත්, දැඩි සුළග හේතුවෙන් මේ වන විට (2012-06-16   9:20 ප.ව. ) අක්කර 100කට වඩා ගින්නෙන් විනාශයට පත් වී තිබේ. රංදෙනිගල රන්ටැඹේ වන රක්ශිතයට අයත් මෙම කදු වැටිය ජලාශ සදහා ජලය සපයන ජල පෝශක ප්‍රදේශයට අයත් කලාපයක් ලෙස සැලකේ

වග කිවයුතු නිළධාරින්ගේ අවදානය තවමත් යොමු වී නොමැති කමින් විශාල පරිසර විනාශයක් සිදුවෙමින් පවතී.


Friday, June 15, 2012

වයස 42ක නැටුම් ගුරුවරයා වයස 14ක ශිෂ්‍යාව සමග නැටුම් නැටීමට නිවසක දින 10ක් රදවාගෙන සිට පොලිසියට කොටු වේ - දැරිය රෝහලේ

වයස 42ක නැටුම් ගුරුවරයා වයස 14ක ශිෂ්‍යාව සමග නැටුම් නැටීමට නිවසක දින 10ක් රදවාගෙන සිට පොලිසියට කොටු වේ - දැරිය රෝහලේ

මහියංගනය – රංජිත් කරුණාවීර

හිගුරක්ගොඩ නැටුම් ගුරුවරයෙකු තමාගේ නැටුම් පංතියේ වයස 14ක බාල වයස් කාර ශිෂ්‍යාවක්
මහියංගන පගරගම්මන ප්‍රදේශයේ නිවසක දින 10ක් රදවාගෙන සිටියදී මහියංගන පොලිසිය විසින් 14 දින සවස අත් අඩංගුවට ගැනුනා. අත් අඩංගුවට පත් නැටුම් ගුරුවරයා වයස 42 ක් වන අතර දැරියගේ වයස 14කි. බාල වයස් කාර දැරිය ප්‍රතිකාර සදහා මහියංගන රෝහලට ඇතුලත් කල අතර අඩංගුවට පත් නැටුම් ගුරුවරයා 15 දින මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා.
මහියංගන සහකාර පොලිස්‌ අධිකාරි සරත් කුමාර මහතාගේ අධීක්‍ෂණයෙන් මහියංගන පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ කටයුතු සිදුකරයි.

දඹානේදී ගංජා කිලෝ එකක් පොලිස් අත් අඩංගුවට



දඹානේදී ගංජා කිලෝ එකක් පොලිස් අත් අඩංගුවට
මහියංගනය – රංජිත් කරුණාවීර

දඹාන ප්‍රදේශයේදී විකිනීම සදහා සුදානම් කර තිබු ගංජා කිලෝ එකක් පොලිස් උපාය දුතයෙකු යොදවා ගංජා සහ වයස 47ක සැකකාර පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මහිංයගන පොලිසිය සමත්ව තිබෙනවා. මහියංගන සහකාර පොලිස්‌ අධිකාරි සරත් කුමාර මහතාගේ අධීක්‍ෂණයෙන් මහියංගන පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ කටයුතු සිදුකරයි.

අධික වේගය නිසා ලොරි රථය පාර මැද පෙර ලේ



අධික වේගය නිසා ලොරි රථය පාර මැද පෙර ලේ
මහියංගනය – රංජිත් කරුණාවීර

14 දින උදෑසන 8ට පමණ මහියංගන නගරයේ සිට හසලක නගරය දෙසට ගමන් කරමින් තිබු භාණ්ඩ ප්‍රවාහනයේ යෙදුන කුඩා ප්‍රමානයේ ලොරි රථයක් පල්ලෙවත්ත වංගුවේදී අධික වේගය නිසා පාර මැද පෙරලි තිබුනි. ලොරි රථයේ ගමන් ගත් තිදෙනාගෙන් එක් අයෙක් සුලු තුවාල ලබා සිටියා.

Thursday, June 14, 2012

නිට්‌ටඹුවේ හා කුරුණෑගල සිසුහු සොරබොර වැව ළඟදී ගැටෙති



නිට්‌ටඹුවේ හා කුරුණෑගල සිසුහු සොරබොර වැව ළඟදී ගැටෙති
මහියංගනය - රංජිත් කරුණාවීර

විනෝද චාරිකාවක්‌ සඳහා මහියංගනයට පැමිණි පාසල් දෙකක සිසුන් 12 වැනිදා සවස 6.00 පමණ සොරබොර වැව බැලීමට ගොස්‌ සිටියදී ගැටුමක්‌ ඇතිවී තුවාල ලබා පාසල් සිසුන් 9 දෙනකු මහියංගන මූලික රෝහලට 12 වැනිදා සවස ඇතුළත් කර ඇත.නිට්‌ටඹුව සංඝබෝධි පාසල සහ කුරුණෑගල වයඹ රෝයල් විද්‍යාලයේ සිසුන් මෙලෙස ගැටුම ඇතිකරගෙන තිබේ. මුලින්ම වික්‌ටෝරියා ජලාශය නැරඹීමට ගොස්‌ සිටියදී පාසල් දෙකේ සිසුන් අතර වචන හුවමාරුවක්‌ සිදුවී ඇත. නැවතත් සොරබොර වැව නැරඹීමට පැමිණි මොහොතේ පාසල් දෙකෙහි සිසුන් මුහුණට මුහුණ හමුවූ අවස්‌ථාවේදී මෙම ගැටුම හටගෙන ඇත.සිසුන් දෙපිරිස ගල් සහ පොලුවලින් ගහගෙන ඇත. තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවූ අතර ඊයේ දිනයේදී (13 දා) ප්‍රතිකාර ලබා පිටව යැමට නියමිතයි. සියලු දෙනාගේ හිස සහ මුහුණ ප්‍රදේශ වලට තුවාල සිදුවී තිබිණි. එක්‌ පාසලක සිසුන් පස්‌දෙනකු සහ අනෙක්‌ පාසලේ සිසුන් හතර දෙනකුද තුවාල ලබා ඇත.මහියංගන සහකාර පොලිස්‌ අධිකාරි සරත් කුමාර මහතාගේ අධීක්‍ෂණයෙන් මහියංගන පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ කටයුතු සිදුකරයි. http://www.divaina.com/2012/06/14/news10.html

වයස 2 1/2 ක දැරියකගේ මුහුණ දුම් වැටියකින් පුලුස්සයිසැකකරු ඇල්ලීමට මෙහෙයුමක්‌



වයස 2 1/2 ක දැරියකගේ මුහුණ දුම් වැටියකින් පුලුස්සයිසැකකරු ඇල්ලීමට මෙහෙයුමක්‌
රංජිත් කරුණාවීර - මහියංගන

ගිරාඳුරුකෝට්‌ටේ රත්කිඳ ප්‍රදේශයේ වයස අවුරුදු 2 1/2 ක දැරියකගේ මුහුණ දුම් වැටියකින් පිච්චූ තරුණයකු අත්අඩංගුවට ගැනීමට ගිරාඳුරුකෝට...්‌ටේ පොලිසිය විශේෂ මෙහෙයුමක්‌ සිදුකරන බව පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.පිළිස්‌සුම් තුවාල 8 ක්‌ සහිත කුඩා දැරිය ගිරාඳුරුකෝට්‌ටේ රෝහලට ඇතුළත් කර ඇත. කුඩා දැරිය දුම්වැටියක්‌ ආධාරයෙන් පිළිස්‌සූ කරුණයා වයස 16 ක අයෙක්‌ වන අතර ඔහු ප්‍රදේශයෙන් අතුරුදන්වී ඇතිබව පොලිසිය පවසයි.කුඩා දැරියගේ නැන්දනිය පිළිස්‌සුම් තුවාල දැක ඒ පිළිබඳ ගිරාඳුරුකෝට්‌ටේ පොලිසියට පැමිණිලි කර ඇත. කුඩා දැරියගේ මව, දැරිය සමඟ අසල්වාසී නිවාසයකට නිදාගැනීමට ගොස්‌ සිටි අවස්‌ථාවේදී මෙම සිද්ධියට මුහුණ පා ඇත.මහියංගන සහකාර පොලිස්‌ අධිකාරි ෂෂෂ සරත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ගිරාඳුරුකෝට්‌ටේ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක මොහාන් ද සිල්වා මහතා මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරයි.http://www.divaina.com/2012/06/09/news03.html

මහියංගන නගරයේ අයිස් ක්‍රීම් දන්සලට මහ සෙනගක්



මහියංගන නගරයේ අයිස් ක්‍රීම් දන්සලට මහ සෙනගක්
රංජිත් කරුණාවීර 2012-06-04 08:05 ‍‍ප.ව.

To see Video   http://www.youtube.com/watch?v=s3rzen7swtg

පොසොන් පුන් පෝය අදයි. පොසොන් පෝය නිමිත්තෙන් ‍ෛඑතිහාසික මහියංගන රජමහා විහාරය වැද පුදා ගැනීම සදහා සිය දහස් ගනිනි බැතිමතුන් අද දවස පුරා විහාරය භූමිය... වෙත පැමිනියා. විහාරය වෙත පැමිනෙන පිරිස වෙනුවෙන් මහියංගනයේ විවිධ වු ස්ථාන වල දන්සල් විශාල සංඛාවක් සංවිධානය කර තිබුනාමහියංගන නගර මධ්‍යයේ සංවිදානය කර තිබු අයිස් ක්‍රීම් දන්සලට වෙන කිසිම දන්සලකට සහබාගී නොව් තරම් විශාල ප්‍රමානයක ජනතා සහබාගීත්වයක් දැකගත හැකි විය. මෙම අයිස් ක්‍රීම් දන්සල පස්වන වරටත් මහියංගන නගර මධ්‍යයේ සංවිදානය කර තිබුනේ සෙනෙහස සත්කාරක සමාජය විසිනි. අයිස් ක්‍රීම් දන්සල ඉදිරිපිට මහා මාර්ගය සහ පිරිස් පාලනයට මහියංගන පොලිස්ථානයේ රථවාහන අංශයේ නිළධාරි මහතුන් පැමිණ සිටිනු දැක ගත හැකි විය.

දරුවෙක් වතුරට බිලි

දරුවෙක් වතුරට බිලි

2012 ජූනි මස 04 18:25:37 | අජිත්ලාල් ශාන්තඋදය

කන්දකැටිය ලොග්ගල්ලා ඔයේ දිය නෑමට ගිය ළමයකු දියේ ගිලී පොසොන් පෝය දින මිය ගිය බව කන්දකැටිය පොලිසිය කියයි.

වන්දාමි සාදු මහියංගන ථුප රාජා

වන රොදෙන් දෙදොනකුගේ ඇට කටු හමුවෙයි



වන රොදෙන් දෙදොනකුගේ ඇට කටු හමුවෙයි
රංජිත් කරුණාවීර 2012-06-03 12:30 ‍‍ෙප.ව.

මහියංගන මාපාකඩවැව මැදයාය අලිකදුර ප්‍රදේශයේ වන ලැහැබක තිබි නාදුනන දෙදෙනෙකුගේ ඇටසැකිලි යුගලක් ගම්වාසියෙකුට හමුවී ඇති අතර ඒ පිලිබද 119 වෙත දැනුම් දී තිබෙන්නේ ...01 දින සන්ධ්‍යාවේදිය.එම ස්ථානයේ කාන්තා ඇදුම්ද, කාන්තා පාවහන් යුවලක්ද, ඩෙක් ෂුස් වර්ගයේ සපත්තු යුවලක්ද, බෑගයක්ද, කෘමිනාශක බෝතල් යුගලක්ද තිබි පොලිසිය විසින් සොයා ගනු ලැබුවා. කෘමිනාශක බෝතල් යුගලක් තිබිමෙන් මෙම යුවල වස පානය කිරීමෙන් මිය යන්නට ඇතැයි පොලිසිය සැක පල සිටිනවා.අප්‍රේල් 18 වෙනිදා සිට වයස 23ක් වන ඩී එම් සමන් කුමාර නැමැති අය අතුරුදහන් වී ඇති බවත් ඒ පිළිබද කුරුවිතැන්න දඹගහපිටිය ප්‍රදේශයේ දෙමාපියන් විසින් මහියංගන පොලිසියේ පැමිණිලි කර තිබේ. ඒ අනුව මෙසේ වස පානය කර මිය ගොස් සිටින්නේ ඩී එම් සමන් කුමාර යන අය දැයි පොලිසිය සැක කරනවා. මීගහකිව්ල සම්පත් සෙලියුලර් හි සේවය කල ඩී එම් සමන් කුමාර යන අය අවුරුද්දෙන් පසුව සිට අතුරුදහන්ව ඇති බව සම්පත් සෙලියුලර් හි හිමිකරු පවසනවා. මිය ගිය දෙදෙනා කව්රුන්ද යැයි සොයා මහියංගන පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරමින් සිටි

මහියංගන-මිනිපේ-කන්දකැටිය ප්‍රදේශවල පොලව හෙල්ලී ප්‍රදේශවාසීන් බියට පත්කරයි



මහියංගන-මිනිපේ-කන්දකැටිය ප්‍රදේශවල පොලව හෙල්ලී ප්‍රදේශවාසීන් බියට පත්කරයි
2012-05-20 11:23:00 ප.ව. - රංජිත් කරුණාවීර

අද (20) අලුයම 1: 45ට පමණ පොළව සෙලවුන බමත් නිදා සිටි තමන් බියට පත්ව නින්දෙන් අවදි වු බවත් නිවසේ පුටු ඇදන් බඩු භාණ්ඩ සෙ...ලවිම හේතුවෙන් බියට පත්ව / තිගැස්සී නින්දෙන් අවදි වු බව මිනිපේ ප්‍රදේශයේ අඹගහපැලැස්ස හසලක වරාගෙල්ල සහ මහියංගන ප්‍රදේශයේ බතලයාය මාපාකඩවැව 20කණුව දම්බරාව හා කන්දකැටිය ප්‍රදේශවල ප්‍රදේශවාසින් පවසනවාහසලක වරාගෙල්ල ප්‍රදේශයේ නිවසක වතුර ටැංකියේ සුලු පිපිරීමක් භුමිකම්පාවෙන් සිදු වු බවත් මෙම පිපිරීමෙන් දැන් වතුර කාන්දුවන බව නිවෙස් හිමියා පවසනවා. ප්‍රදේශ රැසක භුමිකම්පාවත් සමග රාත්‍රී සුනඛයන් උඩු බිරූ බව ප්‍රදේශවාසින් පවසනවානුවරඑළිය යලි හෙල්ලේ2012 මැයි මස 20 06:35:02 | රංජිත් රාජපක්ෂ අද අළුයම එකත් දෙකත් අතර නුවරඑළිය, හැටන්ථ උඩුපුස්සැලලාව ආදී ප්‍රදේශවලට සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිවූ බව නුවරඑළිය මහ දිසාපති ඩී ජී කුමාරසිරි මහතා පවමයි.මිනිත්තුවක් පොළොව හෙල්ලෙයි2012 මැයි මස 20 06:52:40 | . , අරුණ ඩයස් අද අළුයම 1.36 සිට විනාඩියක් පමණ වලපනේට සුළු භූකම්පාවක් දැණුනු බවත් ඇඳ, මේස, පුටු, ආදිය සෙලවී ගිය බවත් වැසියෝ කියති. හානි ගැන වාර්තාවී නැත.

නෑ යකා එළවන්න පන්දම කටට ඔබයි‘ආතුරයා රෝහලේ - කට්ටඬියා පැණ යයි

නෑ යකා එළවන්න පන්දම කටට ඔබයි‘ආතුරයා රෝහලේ - කට්ටඬියා පැණ යයි
2012 මැයි මස 20 11:33:26 | නිෂාන්ත කුමාර

ඇඟට වැහී ඇතැයි කියන යකකු පළාව හැරීම සඳහා පත්තු කළ විලක්කුවක් කටේ ඔබා හිසට පහරදීම නිසා වියලුව කන්දකැටිය මාලියද්දේ 45 හැවිරිදි කතක කන්දකැටිය රෝහලට ඇතුළු කරනු ලැබීය.යකා පළවා හැරීමට යාගයක් කරද්දී කට්ටඩියා විලක්කුව ඇගේ කටේ ඔබා ඇත. කට්ටඬියා අත්අඩංගුවට ගෙන නැත.මේ ගමේ වැඩි දෙනා නෑ යකුන් අදහතියි කියති.

http://www.lankadeepa.lk/index.php/articles/43188

නිව්න් දරුවන් හතක් බිහිකල තරුණ මවට කිරිපිටි ආධාර

උසාවියෙන් පැන ගිය සැක කරු අල්ලයි

උසාවියෙන් පැන ගිය සැක කරු අල්ලයි
රංජිත් කරුණාවීර 2012-05-17 8:40:07 ප.ව.

බදුල්ල බන්දනාගාරසේ සිට අද(17) මහියංගන උසාවිය වෙත ගෙන ආ සැකකරුවෙකු නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව බන්දනාගාර නිළධාරින්ගෙන් මිදී පලා ගොස් ඇත. සැකකරු පලා යනු දුටු මාර්ගයේ සේවයේ යෙදී සිටි පොලිස් රථවාහන අංශයේ නිළධාරිවරයෙකු දුවගොස් සැකකරු සමග පොර බදා ඔහුව අල්ලාගෙන ඇත. මෙමෙ සිදුවීම අද දහවල් සිදු වී ඇත

නාදුනන මළසිරුරක් මහියංගන රජමහා විහාරයට පහලින් මහවැලි ගංඉව් රේ



නාදුනන මළසිරුරක් මහියංගන රජමහා විහාරයට පහලින් මහවැලි ගංඉව් රේ
රංජිත් කරුණාවීර - 2012-05-16 7:10:32 ප.ව.

නාදුනන මළසිරුරක් මහියංගන රජමහා විහාරයට පහලින් මහවැලි ගංඉව් රේ තිබි අද (16) උදෑසන ගවයන්ට ආහාර ලබාදීම සදහා ගිය පුද්ගලයෙකු හට හමු වී ඇත. හමු වු මළසිරුරේ පුද්ගලයාගේ වයස 55ක් පමණ වෙතැයි විස්වාස කෙරේ.මෙම මරණය සිදු වුයේ කෙසේද යන්න පිළිබද මහියංගන පොලිසිය පරික්ෂණ කටයුතු සිදු කරමින් සිටි. පුද්ගලය හදුනාගැනිම සදහා පොලිසිය මහජන සහය පතයි.

ශ්‍රීලාංකික මිතුරන් තිෙදනා සමරා දකුණු ෙකාරියාෙව්දි පිංකම්

මගුල් සක්වළ අලකලංචිය

18 වංගුව නව පාරේ දෙවන රිය අනතුර- තිදෙනෙක් රෝහලට



18 වංගුව නව පාරේ දෙවන රිය අනතුර- තිදෙනෙක් රෝහලට

රංජිත් කරුණාවීර –2012-05-14 3:44:43 ප.ව.

මහනුවර මහියංගන - ඒ26 18 වංගුව මාර්ගයේ හසලක ගුරුලුපොත පොදු සුසාන භූමියට පහලින් අද(14) දින දහවල් 12:30ට පමණ අධික වේගයෙන් පැමිනි වෑන් රථයක් වේගය පාලනය ...කරගත නොහැකිව පාරෙන් ඉවතට පැන පෙරලී ඇත. එම මොහොතේ වෑන් රථය තුල 8 දෙනෙකු සිට ඇත. මෙම සිද්දියෙන් 68 වයසැති රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා හසලක රෝහලට ඇතුලත් කර ඇත. වෑන් රථයේ පැමිණි පිරිස කුරුණෑගල විවාහ මංගල්‍යයකට සහබාගී වී තම නිවෙස් බලා බදුල්ල ප්‍රදේශයට යමින් සිටියදී මෙම අනතුරට මුහුන දී ඇත18 වංගුව මාර්ගය පුලුල් කර - සංවර්ධනය කර - කාපට් අතුරා අතිගරු ජනපති තුමන් විසින් ජනාතා අයිතියට පත්කිරීමෙන් පසු දෙවන රිය අනතුර මෙය වේ

කොරියාවේදී මියගිය තිදෙනාගේ සිරුරු අද ශ්‍රී ලංකාවට

කොරියාවේදී මියගිය තිදෙනාගේ සිරුරු අද ශ්‍රී ලංකාවට

ශිරාන් රණසිංහ

http://www.divaina.com/2012/05/11/news08.html...

හදිසි ගිනිගැනීමකින් දකුණු කොරියාවේදී මියගිය තරුණයන් තිදෙනාගේ මෘත දේහ අද (11 වැනිදා) ඔවුන්ගේ ඥතීන් වෙත ලබා දීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා පවසයි.විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මෙම සිදුවීමෙන් අනතුරුව මියගිය තරුණයන්ගේ සිරුරු කඩිනමින් මෙරටට ගෙන ඒමට අවශ්‍ය කටයුතු යොදන ලෙස හා ඔවුන්ට වන්දි ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයාබලන ලෙස දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන්ගෙන් ඉල්ලීම් කොට තිබේ. ඒ අනුව මෘත දේහයන් පිළිබඳ මරණ පරීක්‍ෂණ සිදුකිරීමෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යංශයේ සහයෝගය සහිතව සිරුරු ඉතා ඉක්‌මනින් දිවයිනට ගෙන ඒමට කටයුතු කළ බවද ඒ මහතා පැවැසීය. මියගිය තරුණයන් සේවය කළ ආයතනය ඔවුන්ගේ සිරුරු මෙරටට ගෙන්වාදීමට අනුග්‍රහය දක්‌වනබව අමාත්‍යවරයා වෙත දන්වා තිබේ.මියගිය එම තරුණයන් වෙනුවෙන් කාර්යාංශය රක්‍ෂණ වන්දි ලබාදීමට කටයුතු කරන බව පැවැසූ ඒ මහතා ගින්නට ලක්‌ වූ හෝටලය මගින් යම් වන්දි මුදලක්‌ මියගිය අය වෙනුවෙන් ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවද පැවැසීය.

මහියංගනය අවට තරුණ තරුණියන්ට අලුත් ලෝකයකට දොරගුළු විවර වුණා

මහියංගනය අවට තරුණ තරුණියන්ට අලුත් ලෝකයකට දොරගුළු විවර වුණා18 වංගුව නව මාර්ගය විවෘත කරමින් ජනපති මහින්ද රාජපක්‍ෂ කියයි

උඩුදුම්බර - ඇස්‌. අබ්දුල් අසීස්‌...

මහනුවර මහියංගනය 18 වංගුව නව මාවත සංවර්ධනය කිරීම මෙම පළාත්වල ජනතාව ලබන විශාල ජයග්‍රහණයක්‌ බවත් මහියංගනය තරුණ තරුණියන්ට මේ මාර්ගය ගොඩනැඟීම තුළින් අලුත් ලෝකයකට දොර විවෘත වන බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රුපියල් මිලියන 5200 ක වියදමින් සංවර්ධනය කළ 18 වංගුව නව මාවත ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව උඩුදුම්බර මහා විද්‍යාලයේ පැවැති ජනහමුව අමතමිනි.17 වන වංගුව අසලදී පීත්ත පටිය කපමින් මාර්ගය විවෘත කළ ජනාධිපතිවරයා සිය රථය 18 වංගුව නව මාවතේ තනිවම පදවමින් මෙම නව මාර්ගයේ රථයක්‌ පැදවීමේ අත්දැකීම විඳ ගත්තේය. මෙහිදී හසලක ගුරුළුපොත ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරු දැරියෝ සිංහ කොඩි ළෙලවමින් ජනාධිපතිවරයා පිළිගනු ලැබූහ.නුවර මහියංගන පාර එහෙමත් නැතිනම් දහඅට වංගුව පාර විවෘත කරලා ඒ නවීකරණය කළ පාරේ කිලෝමීටර විස්‌සක්‌ විතර ගිහින් තමයි මම තමුන්නාන්සේලා අමතන්නේ. මේ ස්‌ථානයට එන විට මට මතක්‌ වුණේ වසර සියයක්‌ පුරා අපේ රටේ මිනිස්‌සු මේ පාරේ ආව ගිය හැටියි.ඒ කාලේ දහඅට වංගු මතක්‌ වෙනකොට අපේ රියදුරන්ගේ ඇඟ සීතල වෙනවා. මීටර හත අටකට වඩා පාර පළල නෑ. වාහන දෙකක්‌ මාරු වෙනකොට රිවර්ස්‌ කර කර අඩ තිය තියා තමයි ගමන ගියේ. 1815 ඉංගී්‍රසින් ලංකාව යටත් කරගත්තාට පස්‌සේ තෝමස්‌ හෙන්රි කියන සුද්දා අක්‌කර තුන්සියයක්‌ විතර අරගෙන කෝපි වගාවක්‌ ආරම්භ කළා. සුද්දන්ගේ වුවමනාවට තමයි එදා මේ පාර ආරම්භ කළේ.සුද්දන්ගෙ කාලේ මේ පාර හැදුවත් අපේ ලාංකිකයන්ටත් මේ පාර බොහොම ප්‍රායෝජනවත් වුණා. නැගෙනහිර පළාතේ ඉඳන් නුවරට ලුණු ගෙනාවේත්, මහියංගනේ වැදි ජනතාව දළ¹ හාමුදුරුවන්ට මී පැණි ගෙනිච්ෙච්ත් බෞද්ධයො වන්දනාවේ ගියේත් මේ පාරේ. පසුගිය කාලෙ වෙනකොට දවසට වාහන දාහක්‌ දෙදාහක්‌ මේ පාරෙන් එහා මෙහා ගියා. වෙසක්‌ පෝය දවසේ සම්බුද්ධත්ව ජයන්ති වසර නිමා කරන අද දවසේ ඔබට මතක්‌ කරන්න කාරණයක්‌ තියෙනවා. මේ පාරෙ එක පැත්තක දළ¹ වහන්සේ වැඩ සිටින නගරයයි. අනෙක්‌ කෙළවරේ තියෙන්නේ බුදුහාමුදුරුවො වැඩම කරපු මහියංගනය. බොහොම වැදගත් නගර දෙකක්‌ සම්බන්ධ කර මෙම පාර කෝපි කාලෙ විදිහටම තිබුණා. කොළඹ පාරවල් මංතීරු හය හත වෙනකොට සුපිරි පාරවල් හැදෙනකොට මේ පාරවල් ගැන කවුරුවත් හිතුවේ නෑ. මේ පාරෙන් වැඩිම කොටස අයිති වෙන්නේ උඩුදුම්බරටයි.නගරයේ ඉපදිලා නගරයේ අධ්‍යාපනය ලබලා නගරයට යන්න හිටපු නායකයින් පිරිසක්‌ අපට හිටියේ. ඒ තත්ත්වය අද වෙනස්‌ වෙලා. ඒකයි ගමකින් මිනිහෙක්‌ උඩට ආවම තියෙන ප්‍රයෝජනය. අද අපේ රට මේ තත්ත්වයට ගෙනෙන්න එදා දහඅට වංගුවේ යන තරම්ම අමාරු වුණා. අද නම් බොහොම ලේසියෙන් ආවා. එදා එච්චර ලේසි නැහැ. හැබැයි රට ගෙනියන්නත් එහෙම තමයි. ඒක පාර හදලා පාරේ එනවා වගේ ලේසි නැහැ කියලා තමයි මට දැන් තේරෙන්නේ. හැබැයි අපි ඉදිරියට ආවා මිසක්‌ රිවර්ස්‌ කළේ නෑ. අඩ තිබ්බෙත් නෑ. අපි දේශපාලනයේදීත් ගමේ ඉඳලා ආවා වගේ දහඅට වංගුවම ගන්න ඉගෙන ගෙන තියෙන නිසා තමයි අපට මේ වාගේ යෝධ කාර්යයන් කරන්න ශක්‌තිය ලැබුණේ.මේ පාර ගොඩනැඟීම අනාගතයේ මේ පළාත්වල ජනතාව ලබන විශාල ජයග්‍රහණයක්‌ වෙන බව මම විශ්වාස කරනවා. මේ ගම්වලට මේ ගම්වල තරුණයින්ට මහියංගනේ තරුණයින්ට අලුත් ලෝකයක දොර ඇරෙනවා. ජනතාවට අලුත් ලෝකයක දොර විවෘත කර දෙනවා.මිත්‍රවරුනි,මේ වාගේ පාරවල් හැදුවහම රටේ ජනතාවගේ කාලය විශේෂයෙන් ජීවිත කාලය ඉතුරු වෙනවා. ඒ වගේම අපේ මහියංගන තරුණ තරුණියන්ට අලුත් ලෝකයක්‌ බිහි වුණා කියලයි මම හිතන්නේ. රට සංවර්ධනය වන්නේ වේගයෙන්. කොළඹ ඉඳන් ගාල්ලට පැයකින් යනකොට කොළඹ ඉඳන් අනුරාධපුරයට පැය තුනකින් යනකොට එදා පැය තුන හතරක්‌ තිස්‌සේ ගිය නුවර මහියංගනය ගමන පැය එකහමාරකින් යනකොට මහමඟට ගෙවුණ කාලය ඉතුරු වෙලා ජීවිත කාලය ඉතුරු වෙනවා. අවදානමත් අවම වෙනවා.ඒක හරියට ජනතාවගේ ආයුෂ වැඩි කරනවා වාගේ ආයු වඩ්ඩකෝ, බල වඩ්ඩකෝ, සුඛ වඩ්ඩකෝ, වර්ණ වඩ්ඩකෝ කියලයි බෞද්ධ අපි ප්‍රාර්ථනා කරන්නේ. අපිටත් ඕනෑ ඒකයි. ජනතාවගේ ආයු වර්ණ සැප බල වර්ධනය කරන්නයි අපිට ඕනෑ. යුද්ධය නතර කරලා පාරවල් හදලා රැකීරක්‍ෂා සුලබ කරලා ගොවිතැනට ආධාර දීලා දිවි නැඟුම ආරම්භ කරලා අපි කරන්නේ ඒකයි. මේවායින් තමයි ජනතාවගේ ආයුෂ වර්ණ සැප බල වර්ධනය වෙන්නේ. කොළඹටත් උඩුදුම්බරටත් එක සමානව සලකන කොළඹ දරුවොත් ඔබේ දරුවොත් සමාන අයිතීන් භුක්‌ති විඳිනවා බලන්නයි අපි මේ සියලු දේ කරන්නේ. ඒ පිළිබඳව ඔබටත් අයිතියක්‌ තියෙනවා.අතීතයේ මඟ හැරුණ දේවල් පවා සම්පූර්ණ කරගෙන යන නිසා අපේ සංවර්ධනය වේගවත් එකක්‌. දැන් තියෙන්නේ සංවර්ධන ගමනක්‌ නොවෙයි දියුණුවේ පිම්මක්‌ පනින එකයි. ඒත් අපි ඒක කරන්නේ මේ රටේ ජාතියේ ආගමේ සදාචාරයන් රැකගෙන බව කියන්න ඕනෑ. අපි අපේ ඓතිහාසික උරුමය රැකගෙන වැඩ කරන බවත් කියන්න ඕනෑ. සදාචාරය සිහිපත් වෙනකොට මට මේ මොහොතේ මතක්‌ වෙනවා මේ දහඅට වංගුව පාර හදන්න සුද්දො නියම කළ කාලේ අපේ මේ ප්‍රදේශවල සිංහල නායකයො වැඩ කළ හැටි.සුද්දො නුවර ඉඳන් මහියංගනයට පාර හදන්න තීරණය කරලා ගම්පහ බස්‌නාහිර කෝරළේ, ගම්පහ නැගෙනහිර කෝරළේ, ගම් දෙක කෝරළේ සහ කන්ද පහළ කෝරළේ ගම් ප්‍රධානීන් හතර දෙනා කැඳවලා රැස්‌වීමක්‌ තිබ්බලු. එදා හිටපු සුද්දන්ගෙන් ගමේ දුවලාව රැකගන්න ඕනෑ නිසා තමන් පදිංචි ගම්බිම් මග ඇරලා මේ වාගේ කඳු අතරින් පාර කපන්න සැලසුම් කරලා දුන්නාලු. මේ එදා තිබුණ තත්ත්වය නිසා ගත්ත තීන්දුවක්‌ වුණත් මේ කතාවෙන් කියවෙන්නේ මොන සංවර්ධනය ආවත් අපේ සදාචාරය අපේ උරුමය විනාශ වෙන්න දෙන්න බෑ කියන එකයි.අපිත් එහෙමයි. මොන තරමට රට සංවර්ධනය කළත් රටේ සදාචාරය රටේ උරුමය රැකගෙන තමයි ඒ දේ කරන්නේ.අපේ උරුමය උදුරා ගන්නවත් රට පාවා දෙන්නවත් රට විකුණන්නවත් බෑ. අපේ අනාගත පරපුර සදාචාරයට සංස්‌කෘතික උරුමයට හානි නොවෙන විදිහට තමයි රට සංවර්ධනය කරන්නේ. දළ¹ හාමුදුරුවොත් මහියංගන පුද බිමත් අතර ඉන්නා ජනතාවත් එහෙම හිතන්න ඕනෑ බව මම මේ වෙසක්‌ දිනයේ ප්‍රාර්ථනා කරනවා.ඔබට සුබ වෙසක්‌ මංගල්‍යයක්‌ වේවා·මෙම අවස්‌ථාවට අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නන්දිමිත්‍ර ඒකනායක, නිර්මල කොතලාවල, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ද ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නිත්‍ය අධ්‍යක්‍ෂ රීටා ඔසුල්ලිවාන් (Reeta Osullivan) මහත්මිය. මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කළ කොරියානු සමාගම වන කියන් නැමි සමාගමේ නේවාසික අධ්‍යක්‍ෂ කිම් ඩූ හී (Kim Do Hee), අග්‍රාමාත්‍ය ලේකම් එස්‌. අමරසේකර, වරාය හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්. ඩබ්ලිව්. ආර්. ප්‍රේමසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක්‌ එක්‌ව සිටියහ

http://www.divaina.com/2012/05/07/news22.html

නකල්ස් පැත්තේ ලස්සනම පාර ඇත්තේ



නකල්ස් පැත්තේ ලස්සනම පාර ඇත්තේ
2012 මැයි මස 06 16:46:40 | ගුරුළුපොත බන්දුල ගොඩකුඹුර , ඡායාරූප - සුදත් සිල්වා

නකල්ස් කඳුවැටියට දකුනින් පිහිටි මහනුවර-මහියංගන දහඅට වංගුපාර රුපියල් කෝටි 500 කින් අලූත් වැඩියා කිරීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ ජනප......ති අතින් අද විවෘත විය.දේශගුණය, කඳුපල්ලම්, වගාව හා වනසතුන්ගේ විවිධත්වය අතින් සුන්දර පෙදෙස්වලින් කිලෝමීටර් 41 ක් දුරැති මේ මාර්ගය නැමී එක්වූ නාගයකු සේ නිර්මාණය වී ඇත. මීටර් දෙකතුනකට වඩා පළල් නොවූ පාර දැන් මීටර් 15 ක් පළල්කර ඇත. පාලම් අටක්ද බෝක්කු 350 කට අධික ගණනක්ද මේ පාරේ ඇත. අලූතින් තානායම් කිහිපයක්ද ඉදිකර ඇත.

කපුවාගේ දියණිය කැන්දන් ගිය මනාලයා පොලිසියේ නවතීමනාලිය රෝහලේ

කපුවාගේ දියණිය කැන්දන් ගිය මනාලයා පොලිසියේ නවතීමනාලිය රෝහලේ

2012 මැයි මස 03 21:50:39 | ගුරුළුපොත බන්දුල ගොඩකුඹුර

මනාලියක කැන්දන් ඒමට මිනිපේ මොරයායේ හඳගනාවට යන විට මනාලිය පෙර දින රාත්‍රියේ සිය පෙම්වතා හා පැනගොස් සිටි නිසා මගුල කථාකළ කපුවාගේ 14 හැවිරිදි දියණිය කැන්දන් ගියේය. ඊට පැය කිහිපයකට පසු මනමාලයා අත්අඩංගුවට ගත්තේය. මනාලිය රෝහල් ගත කරනු ලැබීය. බාල වයස්කාර දැරියක කෙළෙසී යැයි මනාලයා ද, ඊට අනුබල දුන්නැයි මනාලයාගේ පියා ද, කපුවා ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

18 වංගු පාර දෙපැයක් ඉතිරි කරයි



18 වංගු පාර දෙපැයක් ඉතිරි කරයි
2012 මැයි මස 04 18:18:36 | සුරංජිත් පෙරේරා , ඡායාරූප : බන්දුල ගොඩකුඹුර

දහඅට වංගු පාරේ මහියංගනයේ සිට මහනුවරට පැය තුනහමාරක් ගතවූ ගමන ඉරිදා සිට පැය එකහමාරකින් හමාර කළ හැකි යැයි මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කො...තලාවල මහතා කියයි.එහි ඕනැම වංගුවකදි දැන් කන්ටේනර් දෙකකට වුවත් මාරුවිය හැකියි. පාර ඉදිකිරීමට වැයවූ මුදල රුපියල් කෝටි 500කි. ගතවූ කාලය වසර තුනකුත් මාස හතරකි. මහින්ද රාජපක්ෂ ජනපති ලබන ඉරිදා (6) මේ පාර විවෘත කරයි.http://www.lankadeepa.lk/index.php/articles/40532

ආදිවාසි අලුත් අව්රුදු උත්සවය 2012


DAMBANA indigenous people`s New Year Celebration camp -- Srilanka - ආදිවාසි අලුත් අව්රුදු උත්සවය 2012

දඹාන ගුරුකුඹුර පෝරුගම් පොජ්ජේ 29 -04-2012 දින මැච්වේ උදේ මැච්ච ඉද තබාලා රෑ මැච්ච මන්දොවෙනකම් උත්සව පොජ්ජ මන්දො කරනවා

දඹාන ගුරුකුඹුර ගම්මානයේ අභිනවයෙන් ඉදිකරමින් පවතින විහාරස්ථාන භූමියේදි
ආදිවාසි අලුත් අව්රුදු උත්සවය සංවිධානය කර තිබුනා. මෙම විහාරයේ දහම් පාසලේ ඉගෙනුම ලබන ආදිවාසී දරු දැරියන් සහ ආදිවාසි ගම්මානයේ පවුල් වල සාමාජික සාමාජිකාවන් සදහා ආදිවාසි අලුත් අව්රුදු උත්සවය ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුනා. කලුතර එකමුතුව සංවිධානය මෙම උත්සවය සදහ අනුග්‍රහය ලබාදී තිබුනා

දුනු ඊතල විදීම, ගල් දුන්නෙන් විදිම, ආදිවාසි තරුණියන්ගේ දිගම කෙන්ඩය, උගුල් ඇටවීම, වී ඇට ඇහිදීම, ලී කැබැල්ලෙන් පොල් ගෑම, වලස් පොරය, ගස් නැගීම, ආදිවාසි දිගම රැවුල තේරීමේ තරගය, කුඩා දරුවන් සදහා කැවුම් කෑමේ තරගය, ආදිවාසි ජන ගායනා, ආදිවාසි දරු නැලවිලි ගි ගායනා යන තරග ඉසවු මෙ‍ම ආදිවාසි බක්මහ උළෙලෙදි සංවිධානය කර තිබුනා

To see Video
http://www.youtube.com/watch?v=ulWNClIzIwA

ශ්‍රී ලංකාවේ වැඩිම උණුසුම ඇති උණුදිය උල්පත මහඔය ටැම්පිටිය කපුරුල්ල ප්‍රදේශයෙන්


http://www.youtube.com/watch?v=ulWNClIzIwA

Hottest hot water spring at Sri lanka ශ්‍රී ලංකාවේ වැඩිම උණුසුම ඇති උණුදිය උල්පත මහඔය ටැම්පිටිය කපුරුල්ල ප්‍රදේශයෙන්

රංජිත් කරුණාවීර - මහියංගන

ශ්‍රී ලංකාවේ වැඩිම උණුසුම ඇති උණ...ුදිය උල්පත මහඔය ටැම්පිටිය කපුරුල්ල ප්‍රදේශයෙන් වාර්ථාවේ එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 64.5 වේ මේ සදහා මහනුවර හන්තාන මුලික අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය දිපාල් සුබසිංහ මහතා ප්‍රමුඛ පිරිස කටයුතු කලේය

වැලේ ගෙඩි මේ වැලට බර නැත -- නමුත් රැකුමට පහසුකම් නැත



වැලේ ගෙඩි මේ වැලට බර නැත -- නමුත් රැකුමට පහසුකම් නැත
2012 අපේ‍්‍රල් මස 30 10:30:45 | හසලක වාර්තාකරු

විල්ගමුවේ විසිනව හැවිරිදි මවක වන රම්‍යා දමයන්ති දෙවැනි වරටත් තුන් නිවුන් දරුවන් බිහි කළාය. ඊට පෙර ඇය දරුවන් සිවුදෙනකු බිහිකළ නමුත් ඒ දරුවෙක් මරුමුවට පත්විය. ඇය මුලින්ම බිහිකළ දියණියගේ වයස අවුරුදු 10 කි. දැන් ඇයට දියණියක ද පිරිමි දරුවෝ හය දෙනෙක් ද වෙති.

කෝණ පොජ්ජෙ උත්සව පොජ්ජ



ආදිවාසි අලුත් අව්රුදු උත්සවය - කෝණ පොජ්ජෙ උත්සව පොජ්ජ
රංජිත් කරුණාවීර - 2012-04-29 4:09 ප.ව.

දඹාන ගුරුකුඹුර පෝරුගම් පොජ්ජේ 29 දින මැච්වේ උදේ මැච්ච ඉද තබාලා රෑ මැච්ච මන්දොවෙනකම් උත්සව පොජ්ජ මන්දො කරනවාදඹාන ගුරුකුඹුර ගම්මානයේ අභිනවයෙන් ඉද...ිකරමින් පවතින විහාරස්ථාන භූමියේදි ආදිවාසි අලුත් අව්රුදු උත්සවය සංවිධානය කර තිබුනා. මෙම විහාරයේ දහම් පාසලේ ඉගෙනුම ලබන ආදිවාසී දරු දැරියන් සහ ආදිවාසි ගම්මානයේ පවුල් වල සාමාජික සාමාජිකාවන් සදහා ආදිවාසි අලුත් අව්රුදු උත්සවය ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුනා. කලුතර එකමුතුව සංවිධානය මෙම උත්සවය සදහ අනුග්‍රහය ලබාදී තිබුනාදුනු ඊතල විදීම, ගල් දුන්නෙන් විදිම, ආදිවාසි තරුණියන්ගේ දිගම කෙන්ඩය, උගුල් ඇටවීම, වී ඇට ඇහිදීම, ලී කැබැල්ලෙන් පොල් ගෑම, වලස් පොරය, ගස් නැගීම, ආදිවාසි දිගම රැවුල තේරීමේ තරගය, කුඩා දරුවන් සදහා කැවුම් කෑමේ තරගය, ආදිවාසි ජන ගායනා, ආදිවාසි දරු නැලවිලි ගි ගායනා යන තරග ඉසවු මෙ‍ම ආදිවාසි බක්මහ උළෙලෙදි සංවිධානය කර තිබුනා

ආදිවාසි අලුත් අව්රුදු උත්සවය - කෝණ පොජ්ජෙ උත්සව පොජ්ජ



ආදිවාසි අලුත් අව්රුදු උත්සවය - කෝණ පොජ්ජෙ උත්සව පොජ්ජ
රංජිත් කරුණාවීර - 2012-04-29 4:09 ප.ව.

දඹාන ගුරුකුඹුර පෝරුගම් පොජ්ජේ 29 දින මැච්වේ උදේ මැච්ච ඉද තබාලා රෑ මැච්ච මන්දොවෙනකම් උත්සව පොජ්ජ මන්දො කරනවාදඹාන ගුරුකුඹුර ගම්මානයේ අභිනවයෙන් ඉද...ිකරමින් පවතින විහාරස්ථාන භූමියේදි ආදිවාසි අලුත් අව්රුදු උත්සවය සංවිධානය කර තිබුනා. මෙම විහාරයේ දහම් පාසලේ ඉගෙනුම ලබන ආදිවාසී දරු දැරියන් සහ ආදිවාසි ගම්මානයේ පවුල් වල සාමාජික සාමාජිකාවන් සදහා ආදිවාසි අලුත් අව්රුදු උත්සවය ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුනා. කලුතර එකමුතුව සංවිධානය මෙම උත්සවය සදහ අනුග්‍රහය ලබාදී තිබුනාදුනු ඊතල විදීම, ගල් දුන්නෙන් විදිම, ආදිවාසි තරුණියන්ගේ දිගම කෙන්ඩය, උගුල් ඇටවීම, වී ඇට ඇහිදීම, ලී කැබැල්ලෙන් පොල් ගෑම, වලස් පොරය, ගස් නැගීම, ආදිවාසි දිගම රැවුල තේරීමේ තරගය, කුඩා දරුවන් සදහා කැවුම් කෑමේ තරගය, ආදිවාසි ජන ගායනා, ආදිවාසි දරු නැලවිලි ගි ගායනා යන තරග ඉසවු මෙ‍ම ආදිවාසි බක්මහ උළෙලෙදි සංවිධානය කර තිබුනා
ආදිවාසි අලුත් අව්රුදු උත්සවය - කෝණ පොජ්ජෙ උත්සව පොජ්ජ රංජිත් කරුණාවීර - 2012-04-29 4:09 ප.ව. දඹාන ගුරුකුඹුර පෝරුගම් පොජ්ජේ 29 දින මැච්වේ උදේ මැච්ච ඉද තබාලා රෑ මැච්ච මන්දොවෙනකම් උත්සව පොජ්ජ මන්දො කරනවා දඹාන ගුරුකුඹුර ගම්මානයේ අභිනවයෙන් ඉද...ිකරමින් පවතින විහාරස්ථාන භූමියේදි ආදිවාසි අලුත් අව්රුදු උත්සවය සංවිධානය කර තිබුනා. මෙම විහාරයේ දහම් පාසලේ ඉගෙනුම ලබන ආදිවාසී දරු දැරියන් සහ ආදිවාසි ගම්මානයේ පවුල් වල සාමාජික සාමාජිකාවන් සදහා ආදිවාසි අලුත් අව්රුදු උත්සවය ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුනා. කලුතර එකමුතුව සංවිධානය මෙම උත්සවය සදහ අනුග්‍රහය ලබාදී තිබුනා දුනු ඊතල විදීම, ගල් දුන්නෙන් විදිම, ආදිවාසි තරුණියන්ගේ දිගම කෙන්ඩය, උගුල් ඇටවීම, වී ඇට ඇහිදීම, ලී කැබැල්ලෙන් පොල් ගෑම, වලස් පොරය, ගස් නැගීම, ආදිවාසි දිගම රැවුල තේරීමේ තරගය, කුඩා දරුවන් සදහා කැවුම් කෑමේ තරගය, ආදිවාසි ජන ගායනා, ආදිවාසි දරු නැලවිලි ගි ගායනා යන තරග ඉසවු මෙ‍ම ආදිවාසි බක්මහ උළෙලෙදි සංවිධානය කර තිබුනා

මහියංගන ඔරුබැඳිවැව සිය රූමත් තරුණ බිරිද මැරූ ස්වාමිපුරුෂයා පොලිස් අත්අඩංගුවට



මහියංගන ඔරුබැඳිවැව සිය රූමත් තරුණ බිරිද මැරූ ස්වාමිපුරුෂයා පොලිස් අත්අඩංගුවට

රංජිත් කරුණාවීර - මහියංගන 2012-04-28 7:05:13 ප.ව.

පසුගිය 25 දින මහියංගණය ඔරුබැඳි වැව ප‍්‍රදේශයේ කුඹුරු යායක තිබී තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයා ගැනු ......ලැබුවා. මහියංගණ පොලීසිය පැවසුවේ වයස අවුරුදු 20 ක තරුණියක් මෙසේ ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති බවයි. ඒ මොහොත වන විට ඇගේ සැමියා ප‍්‍රදේශයෙන් අතුරුදන්ව ඇති බවයි පොලීසිය සඳහන් කලා ප‍්‍රදේශයෙන් අතුරුදන්ව සිටි සැමියා 27 දින රාත්‍රියේදි මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත මෙම මිනිමැරුම සම්බන්දයෙන් ඔහු විසින් සුලු පාපොච්චාරනයක් පොලිසි තුලදි සිදුකල බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරනවා මේ වනවිට මෙම ගාතනය සදහා යොදාගත්පොරව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා අත්අඩංගුවටපත් පුද්ගලයා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි මෙලෙස තම සැමියාගේ පොරෝ පහර කා මියගොස් ඇත්තේ සොරබොර වටවන ප්‍රදේශයේ පදිංචි රූමත් තරුණ 20 හැවිරිදි කාන්තාවකි මහියංගන පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් සිටී

වන්නිලා ඇත්තන් හට පහර දීමට තැත්කල පුද්ගලයෙකු අත්අඩංගුවට



වන්නිලා ඇත්තන් හට පහර දීමට තැත්කල පුද්ගලයෙකු අත්අඩංගුවට
4/28/2012 6:06:44 PM රංජිත් කරුණාවීර -

මහියංගනදඹාන ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් හට පහර දීමට තැත්කල 38 හැවිරිදි ආදිවාසී තරුනයකු 27 ද...ින රාත්‍රියේදි මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත ආදිවාසී නායක නිවස ඉදිරිපිට වු ඉලුක් ගොඩකටද මොහු විසින් ගිනි තබා ඇත මෙම තරුණයා ලග ඇතැයි කියන තුවක්කුව අත්අඩංගුවට ගැනීමට මහියංගන පොලිසිය පරීක්ෂණ සිදු කරමින් සිටීඅත්අඩංගුවටපත් 38 හැවිරිදි ආදිවාසී තරුනයා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව අංශභාග රෝගී කත උපවාසයේ

මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව අංශභාග රෝගී කත උපවාසයේ
උඩුදුම්බර - ඇස්‌. අබ්දුල් අසීස්‌මහනුවර -

මහියංගණ මාර්ගය පුළුල් කිරීමේදී මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකිරීම් සඳහා තම ඉඩමෙන් ලබාගෙන ඇති අක්‌කර භාගයක්‌ පමණ වූ ඉඩමට වන්දි හා නිවසට යැම සඳහා පාරක්‌ සකස්‌කර දෙන ලෙස ඉල්ලා උඩදුම්බර නුවර පාර අංක 13 දරන ලිපිනයේ පදිංචි ඩබ්. එච්. බණ්‌ඩාරමැණිකේ නමැති අංශභාග රෝගී කාන්තාවක ඊයේ (27 දා) සිට මාර්ගය අසල අඛණ...්‌ඩව උපවාසයක්‌ ආරම්භ කොට ඇත. තමන්ට සිදුවී ඇත්තේ අසාධාරණයක්‌ බවත් ඒ ගැන අදාළ නිලධාරින් දැනුවත් කළත් ඊට ප්‍රතිචාර නොමැති බැවින් උපවාසයක්‌ කිරීමට තීරණය කළ බවද ඇය කීවාය. මාර්ග පුළුල් කිරීමේදී එහි අතුරු මාර්ග පිවිසුම් ද සකස්‌ කොට දිය යුතුව ඇති බවත් නමුත් එවැනි අතුරු මාර්ග රාශියක්‌ම තාමත් සකස්‌කොට නැති බවත් ඇය කීවාය.

ගෝනකු මස්‌ කළාට ඉතිහාසයේ ලොකුම දඩ මුදල

ගෝනකු මස්‌ කළාට ඉතිහාසයේ ලොකුම දඩ මුදල

දෙහිඅත්තකණ්‌ඩිය - රණතුංග

මහඔය නුවරගලතැන්න රක්‍ෂිතයේ කිලෝ 83 ක්‌ බරැති ගෝනකු මැරූ තිදෙනකුට දෙහිඅත්තකණ්‌ඩිය මහෙස්‌ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා විසින් ඊයේ (27 දා) රුපියල් දෙලක්‍ෂ දහදාහක දඩ මුදලක්‌ නියම කරන ලදී. මහඔය නුවරගලතැන්න විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන මහඔය පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසු මහඔය සහකාර පොලිස්‌ අධිකාරි ප්‍රියංකර ද ...සිල්වා මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂක සෝමරත්න (24498), උපතිස්‌ස (29219), කුමාර (24916), පො.සැ. සෙනෙවිරත්න (14315), ධර්මසිරි යන මහත්වරු මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළහ. මහඔය නුවරගලතැන්න පදිංචි එච්. එම්. කුසුම්සිරි, කේ. එම්. චJද්‍රපාල, නිශාන්ත කුමාර රාජපක්‍ෂ යන අයට දඩ මුදල් නියම කෙරිණි. ගෝනකු දඩයම් කිරීම සම්බන්ධව වැඩිම දඩ මුදලක්‌ නියම කළ අවස්‌ථාව මෙය වෙයි.තෝල්ක මුදලි එම්. එම්. මැණිකේ මහත්මිය විසින් සැකකරුවන්ගේ නම් කතා කිරීමෙන් පසු උසාවි පොලිස්‌ සැරයන් (28350) සරත් මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.2012-04-28 9.02 AM

විදුලි රැහැණක දැවටී විදුලිසැර වැදීමෙන් වන අලියකු ජීවිතක්ෂයට



විදුලි රැහැණක දැවටී විදුලිසැර වැදීමෙන් වන අලියකු ජීවිතක්ෂයට
2012-04-27 5.30pm

මහියංගණය,දඹාන ගල්කඩ ප්රදේශයේ වෙල්යාය අසළදී නිති විරෝදි ලෙස අදින ලද විදුලි රැහැණක දැවටී විදුලිසැර වැදීමෙන් වන අලියකු ජීවිතක්ෂයට පත්ව තිබේ.ප්රදේශයේ වැසියන් අද (26)පෙරවරුවේ මෙම දසුන දැක ගන්නට එතැනට රැස් වූ අයුරු.

ඔරුබැඳිවැවින් මළ සිරුරක් සොයා ගැනේ



ඔරුබැඳිවැවින් මළ සිරුරක් සොයා ගැනේ
2012-04-27 4.30pm

මහියංගණය ඔරුබැඳි වැව ප‍්‍රදේශයේ කුඹුරු යායක තිබී තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් ඊයේ සවස සොයා ගැනු ලැබ තිබෙනවා. මහියංගණ පොලීසිය පැවසුවේ වයස අවුරුදු 20 ක තරුණියක් මෙසේ ආයුධවලින් පහ...රදී ඝාතනය කර ඇති බවයි. මියගිය තැනැත්තියගේ ස්වාමිපුරුෂයා ප‍්‍රදේශයෙන් මේ වන විට අතුරුදන්ව ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ. අදාළ තරුණිය වයස අවුරුදු 16දී එම පුද්ගලයා සමග විවාහ වී තිබෙනවා. දෙදෙනා අතර ගැටුමක් ඝාතනයට හේතු වී ඇතැයි ගම්වාසින් සහ පොලීසිය සැක කරනවා