Monday, December 30, 2013

මහවැලි ගගේ තිබී නාදුනන බිලිදු මළසිරුරක් හමුවෙයි


මහවැලි ගගේ තිබී නාදුනන බිලිදු මළසිරුරක් හමුවෙයි


12/30/2013 11:15 PM

මහියංගන   හද්දත්තාව, තලන්ගමුව, 9 ඇල ප්‍රදේශයේ මහවැලි ගගේ කොටයක සිරවී තිබී   කුඩා බිළිදියකගේ (ගැහැණු) මළසිරුරක් (අද) 30 දින උදැසන 06.30ට පමණ මහවැලි ගගේ මුහුණ සේදිමට ගිය පුද්ගලයෙක් විසින් දැක ඒ පිළිබද මහියංගන පොලිසියට දැනුම් දී ඇත.

(අද) 30 දිනඋදැසන වන විටත් බිළිදු මලසිරුරේ අයිතිකරුවන් සොයාගෙන නොමැති අතර ඒ සම්බන්දයෙන් මහියංගන පොලිස් අධිකාරි ඇතුලත්මුදලි මහතා හා මහියංගන පොලිස්ථානාය් ස්ථානාධිපති සිසිර වික්‍රමසිංහ මහතා සමග එක්ව අපරාධ අංශයේ ස්ථානාධිපති චතුරංග මහතා ප්‍රමුඛ මහියංගන පොලිසියේ නිළධාරින් පරික්ෂණකටයුතු සිදු කරමින් සිටී.

බිළිදියගේ මළසිරුර දින ගනනක් ජලයේ තිබිම හේතුවෙන් අධිකලෙස ඉදිමී ඇති අතර උපන් ගමන් හෝ මාසයක් පමණ වයස ඇති දරුවකුගේ වන්නට ඇතැයි සැක කෙරේ.









Wednesday, December 25, 2013

නොමිලේ රජයෙන් ලබාදෙන උප්පැන්නෙ ගන්න ගියාම සිරිමාංශයම උරාබොයි - ජනතා පැමිණිලි ගලා එයි.


12/25/2013 11:45:21 AM

මහියංගන පුජා නගර කොටසේ අලුත ඉපදෙන දරුවන්ගේ නම ලියාපදිංචිකර රජයෙන් නොමිලේ ලබාදෙන උප්පැන්න සහතිකය නිකුත් කිරිමේදි මුදල් අය කිරිම හේතුවෙන් ජනතාව මහත් අපහසු තාවයට පත් වන බවට චෝදනා කරති. මේ වන විට මුදල් අය කිරිම ඉහල ගොස් ඇති බවට පැමිණිලි රාශියක්ද ලැබී ඇති බවට තොරතුරු අණාවරනය කර ගැනීමට හැකි වී ඇත.

දරුවකු ඉපිදී දින 14ක් ඇතුලත දරුවාගේ නම ලියාපදිංචි කර රජයෙන් නොමිලේ ලබාදෙන උප්පැන්න සහතිකය නිකුත් කිරිම සදහා මහියංගන මුලික රෝහල හා පුජා නගර කොටසේ විවාහ මරණ උප්පැන්න රෙජිස්ටාර් ලෙස සේවය කරන තැනැත්තිය එක් උප්පැන්නයක් වෙනුවෙන් මුදල් අය කරන බවත් වෙහෙර විහාරස්ථාන  සදහා ආධාර පත්‍රද සේවාව ලබාගැනීම සදහා පැමිනෙන ජනතාවට අනිවාර්යෙන්ම නිකුත් කර මුදල් එකතු කිරිම හේතුවෙන්  කලක සිට ජනතාවට දැඩි අපහසු තාවයට පත්වන බව චෝදනා කරති. මේ වන විට ටිකට් පත් නිකුත් කිරිමට අමතරව උප්පැන්නයක් නිකුත් කිරිමේදී වෙනම රුපියල් 400ක මුදලක් අය කිරිමට පටන් ගැනීමෙන් අසරණ දුප්පත් ජනතාව විශාල පීඩාවට පත්ව ඇතැයි ඔහුන් පවසති. මේ සම්බන්දයෙන් මහියංගන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත දිනෙන් දින ලැබෙන පැමිණිලි සංඛාව ඉහල ගොස් ඇති බවට ආරංචිමාර්ග වල සදහන් වේ. මේ සම්බන්දයෙන් බදුල්ල ඉහල නිළධාරින් දැනුවත්ව සිටියදී ඒ සම්බන්දයෙන් ක්‍රියාකිරිමෙන් වැලකි සිටිම හේතුවෙන් අසරණ දුප්පත් ජනතාව පීඩාවට පත්වීම වැඩිවී ඇති බවට ජනතාව සිය කනස්සල්ල ප්‍රකාශ කර සිටී.  

තවද මෙම තැනැත්තියගෙන් මුදල් සම්බන්දයෙන් ප්‍රශ්න කරන ඕනෑම පුද්ගලයෙකුගේ උප්පැන්න මරණ සහතික ලබා ගැනීමට බොහෝ කාලයක් බලා සිටිමට සුදුවීම කණගාටුවට කරුණක් බවට පත් වී ඇත. සුහදශිලී මහජන සේවය වෙනුවට මුදල් උපයන ආදායම් මාර්ග බවට උප්පැන්න ලියාපදිංචිය පත්කරගෙන සිටිම විමතියට කරුණිකි. මහජන මුදලින් වැටුප් ලබන   ඉහල වගකිවයුතු නිළධාරින් ඇස් කන් පියාගෙන මුනිවත රැකිම විමතියට කරුණක් නොවන්නේ කුමක් නිසා දැයි ජනතාව ප්‍රශ්න කරති.

වෙළෙද සැලේ ආහාර පරික්ෂාවට ගිය මහජන සෞඛ පරික්ෂකට තර්ජනය කර සේවයට බාදාකල කඩ හිමියාට රුපි 10000ක දඩ


12/25/2013 11:43:15 AM

මහියංගන මාපාකඩ වැව 17 කණුව ප්‍රදේශයේ වෙළෙද සැලක අලෙවි කරමින් තිබු ආහාර පරික්ෂාව සදහා ගිය මහියංගන මහජන සෞඛ වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මහජන සෞඛ පරික්ෂක වරයෙකු හට ව්‍යාපාරික හිමියා විසින් එම ස්ථානයේ බලහත්කාරයෙන් රදවා තබාගෙන  බැන තර්ජනය කිමට විරුද්දව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුවේ තින්දුවට අනුව ව්‍යාපාරික හිමියාට රුපියල් 10000ක දඩයක් හා වසර පහකට අත්හිටවු මාස 6ක සිරදඩුවමක් නියම කර ඇත.

2008 අගෝස්තු මාසයේ මාපාකඩ වැව 17 කණුව ප්‍රදේශයේ මහියංගන අප්සරා හෝටලයේදී හෝටලයේ අයිති කරු රංජිත් සංජය කුමාර විසින් හෝටලය පරික්ෂා කිරිමට ගිය මහජන සෞඛ පරික්ෂක ප්‍රදිප් විජය සෝම මහතාව බලහත්කාරයෙන් රදවා තබාගෙන  බැන තර්ජනය කර රාජකාරියට බාදා කිරිම හා පරිබෝජනයට නුසුදුදු හෝටලයේ ශිතකරණයේ තිබු පරාටා කිලේ5.5ක් හා කල් ඉකුත් වු බිස්කට් පැකට් 45ක් බලහත් කාරයෙන් ඉවත් කිරිමට විරුද්දව අංක 61129 නඩු අංකය යටතේ 2008 සැප්තැම්බර් මාසයේ මහියංගන මහජන සෞඛ වෛද්‍ය නිළධාරි කාර්යාලයේ නිළධාරින් විසින් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

වසර 5කට අධික දීර්ඝ කාලයක් තිස්සේ විභාගයට ගැනුන මෙම නඩුව 2013-12-19 වන දින මහියංගන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනෙවියි විසින් නඩු තීන්දුව ලබාදුන් අතර විත්ති කරුට රුපියල් 10000ක දඩයක් හා වසර පහකට අත්හිටවු මාස 6ක සිරදඩුවමක් නියම කෙරිනි.

පැමිණිල්ල වෙනුවෙන් නඩුව මෙහෙය වීම ගිරාදුරුකෝට්ටේ පරිපාලණ මහජන සෞඛ පරික්ෂක ජේ.ඒ. සමරජිව මහතා විසින් සිදු කරන ලදී.

Monday, December 23, 2013

SLBC ත්‍රිවිල් ස්ටාර් ගායන තරගාවලියේ ප්‍රථම ස්ථානය මහියංගනයට

SLBC ත්‍රිවිල් ස්ටාර් ගායන තරගාවලියේ ප්‍රථම ස්ථානය මහියංගනයට
2013-12-23 ප.ව. 11:48
ජාතික ගුවන් විදුලිය මගින් සංවිධානය කර තිබු SLBC ත්‍රිවිල් ස්ටාර් ගායන තරගාවලියේ ප්‍රථම ස්ථානය  දිනාගැනීමට මහියංගනයේ නිර්මානි කෞෂල්‍යා කුමාරි දිනා ගැනිමට සමත් වු අතර ජයග්‍රාහකයන් හට ත්‍යාග පිරි නැමිම නෙලුම් පොකුණ රග හලේ දි ආරක්ෂක ලේකම් භෝඨාබය රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ (22)පිරිනැමිනි.

අබිරහස් උමගක්


Thursday, December 12, 2013

මහියංගන ප්‍රාදේශිය සභාවේ අය වැය සම්මතයි - රට පුර අය වැය පරාජය වෙන්නේ අපේ පක්ෂයේ ප්‍රධානින් ප්‍රාදේශිය සභා පනත වෙනස් කරලා මන්ත්‍රිවරුන් හෑල්ලුවට ලක් කල නිසයි. ශ්‍රිලංකා නිදහස් පක්ෂය විනාශ කරන්ඩ හදපු පනතක් මේක ආන්ඩු පක්ෂ මන්ත්‍රි කියයි

 
මහියංගන ප්‍රාදේශිය සභාවේ අය වැය සම්මතයි - රට පුර අය වැය පරාජය වෙන්නේ අපේ පක්ෂයේ ප්‍රධානින් ප්‍රාදේශිය සභා පනත වෙනස් කරලා මන්ත්‍රිවරුන් හෑල්ලුවට ලක් කල නිසයි. ශ්‍රිලංකා නිදහස් පක්ෂය විනාශ කරන්ඩ හදපු පනතක් මේක ආන්ඩු පක්ෂ මන්ත්‍රි කියයි

 

මහියංගන ප්‍රාදේශිය සභාවේ 2014 අය වැය සභාපති ඩබ්ලිව් එම් සුනිල් මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (12) ඉදිරිපත් කිරිම සිදු කල අතර එය වැඩි ඡන්ද 04කින් සම්මත විය.

මහියංගන ප්‍රාදේශිය සභාවේ ආන්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් 07ක් සිටින අතර විපක්ෂ මන්ත්‍රි කන්ඩායමේ සාමාජිකයන් ගනන 04කි. අය වැය ඉදිරිපත් කර සභා සම්මත කිරිම සදහා අවස්ථාව උදා වු මොහොතේ ප්‍රාෙද්ශිය සභාවේ සභාපති ඇතුලු ආන්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් 07 ඊට පක්ෂව අත් ඉස්සු අතර විපක්ෂ මන්ත්‍රි වරුන් 04 දෙනාම ඊට විරුද්ද බව ප්‍රකාශ කර සිටි අතර අත් ඉස්සීමෙන් වැල කී සිටියා.
ආන්ඩු පක්ෂ මහියංගන ප්‍රාදේශිය සභාවේ උප සභාපති ප්‍රේම සුනිල් මහතා නැගී සිට ප්‍රකාශ කරනු ලැබුවේ මහියංගන ප්‍රාදේශිය සභාවේ 2014 අය වැය කෙසේ හේ ඔහුන් සම්මත කරන බවත් රට පුර අය වැය පරාජය වෙන්නේ අපේ පක්ෂයේ ප්‍රධානින් ප්‍රාදේශිය සභා පනත වෙනස් කරලා මන්ත්‍රිවරුන් හෑල්ලුවට ලක් කල නිසයි.  උප සභාපති තුමා තවදුරටත් කියා සිටියේ අපේ පක්ෂයේ මහලේකම් තුමාගේ ගමේ අයවැයත් පැරදියි. ඒකට එයාලා වග කියන්න ඕන..... ප්‍රා දේශිය සභා පනත වෙනස් කරලා ප්‍රාෙද්ශීය මන්ත්‍රිවරු හැල්ලුවට ලක්කල ප්‍රාෙද්ශීය මන්ත්‍රිවරු බිමට දාන මට්ටමටම ගෙනාවා මේ පනත වෙන්ස් කරලා. ඊට පස්සේ තමයි ලන්කාව පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලය තියෙන් ප්‍රාෙද්ශිය සභා වල අය වැය පරදින්ඩ ගත්තේ. ඒ කට අපේ පක්ෂයේ ලොකු ලොකු මන්ත්‍රිවරු වග කියන්ඩ ඕන. අපේ අය වැය අපි කෙසේ හෝ ජයග්‍රහනය කරවනවා. හැබැයි අපිට කණගාටු අපේ පක්ෂයේ මහලේකම් තුමාගේ ආසනයෙත් අය වැය පරාදයි. ඒ කට වග කියන්ඩ ඕන ඒ ඇත්තො. ප්‍රාෙද්ශිය සභා මන්ත්‍රිවරුන්ගේ ගෞරවය ඒ අය හැල්ලු කලා. ඒකෙ ප්‍රතිපල අද එයාලා බුක්ති විදිනවා. මම මේ ප්‍රාෙද්ශිය සභාවේ උප සභාපති මම මේ පනත වෙනස් කරපු එකට තදින් විරුද්දයි. මේ පනත තියෙන කම් අපි මේකට විරුද්දයි. ඒ හින්දා මේක වෙනස් වෙන්ඩ ඕන. අලුත් පනතට අපි විරුද්දයි. මේක අපෙන් අහලා අදපු එකක් නෙවෙයි. සුලු සුලු පක්ෂ එකතු කරගෙන  මේ ශ්‍රිලංකා පක්ෂය විනාශ කරන්ඩ හදපු පනතක්. ශ්‍රිලංකා පක්ෂය විනාශ විනාශ වෙන තැනට දැන් කට යුතු වෙනවා. අපේ ප්‍රාදේශිය සභා බොහොමයක අය වැය පැරදිලා තියෙනවා.  ඒ නිසා අපේ බලධාරියේ දැනවත් කල්පනා කරලා ඔය සුලු පක්ෂ ගහන පදේට නටන්ඩ ගියොත් අපේ පක්ෂය විනශ වෙනවා.  ලබන පාර අපේ අය වැය 100ක් විතර පරාජය වෙනවා. පක්ෂයේ මහලේකම් විනය පරික්ෂණ කරනවාලු අපේ අය ගෙනල්ලා. විනය පරික්ෂණ කර කර අපේ අය එලියට දානකොට ශ්‍රිලංකා පක්ෂයේ දේශපාලනය කරන්ඩ කව්ද ඉතුරුවෙන්නේ ?? ඒ නිසා අපේ පක්ෂයේ ඉහල ඇත්තො ඒ ගැන දැනුවත් වෙන්ඩ ඕන. ඒ නිසා මේ ක්‍රමය වහාම වෙනස් කරලා අපි පරණ ක්‍රමයට යන්ඩ ඕන කියලා මම කියනවා.






අලි ගම වනසති


Tuesday, December 10, 2013

news



හැමදාම රෑට ගමේ නිවාස 2-3ක් අලි කඩනවා


හැමදාම රෑට ගමේ නිවාස 2-3ක් අලි කඩනවා - මෙහෙම ගියොත් වස බොන්නයි වෙන්නේ
2013-12-10 ප.ව. 8:41
ගිරාදුරුකෝට්ටේ ගින්නෝරුව ගම්මානයේ නිවාස 2ක් ඊයේ රෑ වන අලි පහර දී අලාභ හානි සිදු කර ඇත. පසු ගිය දින 3 ඇතුලත ගම්මානයේ නිවාස 6ක් වන අලි ප්‍රහාරයට ලක්වීමෙන් හානියට පත් වී ඇති අතර මේ වන විට ගම්මානයේ වැසියන් රාත්‍රිය උදාවත්ම මහත් බීතියට පත් වී ඇත්තේ අද දින තමන්ගේ නිවස වන අලි ප්‍රහාරයට ලක්වන ඇතැයි කල්පනා කිරිම හේතුවෙනි.
ගිරාදුරුකෝට්ටේ - ගින්නෝරුව, විරානගම, හෙබරව,අලුයටවෙල,දිව්ල පැලැස්ස,රොටලවෙල, බෝගන්පිටිය, ඇල්හේන්පිටිය, තෙල්දෙනියාය යන ගම්මානයට මේ දිනවල උග්‍ර වන අලි කර දර සිදුවන ගම්මාන බව ගම්වාසින් පවසනවා.
ගම්මානය ආසන්නයේ විදුලි වැටක් තිබුනද අලි ගම්මානයේ සිටින බවත් විදුලි වැටේ දෝශ හේතුවෙන් අලි ගම්වදින බව ගම්වාසින් පවසනවා. වස්ගමුව ජාතික උද්‍යානයට ගම්මානය ආසන්න වීම හේතුවෙන් මහවැලි ගග හරහා මෙම වන අලි ගම් වදින බව ගම්වාසීන් පවසනවා.
ගම්වාසින් දහදුක් විද කොළඹ කොන්ක්‍රිට් අනා උපයන මුදලින් හදා ගන්නා නිවාස වලට රාත්‍රියකට වන අලි ගම් වැදී විනාශ කිරිමෙන් වස පානය කර ජිවිතය විනාශ කර ගන්නට සිති ඇතැයි සමහර ගම්වාසීන් පවසනවා.
විෂය භාර අමාත්‍යවරය ඌව පලාතේ අයෙක් උවත් ඌව පලාතේ ගම්මාන රැසකට සිදුවන වන අලි ප්‍රහාර හා හානි උග්‍ර වී ඇති බවට ගම්වාසින් සිය ශෝකය ප්‍රකාශ කර සිටි.
නිවැරදිව මහියංගනය හා සී කලාපය අවට ගම්මාන හා වැව් ආශිතව පදිංචියට පැමිණ ඇති වන අලි මාදුරු ඔය රක්ශිතයට හෝ වස්ගමුව ජාතික උද්‍යානයට පන්නා රක්ශිතය වටේ ඇති අක්‍රිය විදුලි වැට සක්‍රිය කර මීට විසදුම් ලබා දෙන ලෙස ගම්වාසීන් ඉල්ලා සිටී.











Monday, December 9, 2013

අතුරුදහන් හිමිනමෙග් සිරුර ෙසායාගනී


වැලි පටවා යටින් ෙත්ක්ක කදන් ප්‍රවාහන ජාවාරම මාට්ටු


වැලි ප්‍රවාහනය මුවාවෙන් නුවරට ප්‍රවාහනය කරන්නට සුදානම් වු තේක්ක කදන් 46ක් ලොරිය සමග කොටු මහියංගන පොලිස් නිළධාරින් සමත්ව ඇත
12/9/2013 10:38 PM
විශාල ප්‍රමාණයේ වැලි ලොරියක තට්ටුවේ අඩි 8.5ක තේක්ක කදන් 46ක් පටවා ඊට උඩින් වැලි අතුරා වැලි ප්‍රවාහ...නය කරන මුවාවෙන් බලපත්‍ර නොමැතිව ප්‍රවාහනයට සුදානම් කර තිබු ටිපර් රථයක් අත් අඩන්ගුවට ගැනීමට සහකාර පොලිස් අධිකාරි ඩි ජේ ඇතුලත්මුදලි මහතාගේ අධික්ෂණයෙන් මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රම සිංහ මහතාගේ උපදෙස් මත ඇකිරියන් කුඹුර පොලිස් මුර පොලෙහි නිළධාරින් සමත්ව ඇත.
රිදිමාලියද්ද පෙතියාගොඩ ප්‍රදේශයේ සිට මෙම බලපත්‍ර නොමැති තේක්ක දැව කදන් මහනුවර බලා රැගෙන යාමට සුදානම් කර තිබියදී පොලිස් අත් අඩංගුවය පත් වු අතර ලොරි රථයේ රියදුරු හි රියදුරු සහයක පොලිස් අත් අඩංගුවට පත් වු අතර ඔහුන් හා අත් අඩංගුවට ගත් දැව, ලොරි රථය මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. මෙම පුද්ගලයන් මහියංගන හා බිබිල ප්‍රදේශයේ පදිංචි කරුවන් වේ.
මෙම දැව තොගයේ වටිනාකම තක්සේරු කිරිම සදහා අදාල අංශ වෙත යොමු කර ඇත.
See More





සොරබොර නිවාස 4කට අලි ප්‍රහාර

 
සොරබොර නිවාස 4කට අලි ප්‍රහාර
12/8/2013 10:53 PM
මහියංගන සොරබොර ජනපදයේ කුඹුක්ගොල්ල ගම්මානයේ ඊයේ රෑ (07 දින) ගම්මානයට කඩාවැදුන තනි වන අලියෙක් නිවාස 4කට පහර දී අලාභහානි සිදු කර ඇත. ඇදක් මත නිදා සිටි යුවලක් අනුනවයෙන් ජීවිත හානියක් සිදු වීමට පෙ...ර බේරි ඇත.
නිවාස 4හිම ජනෙල් වලට පහර දී වීදුරු හා ජනෙල් පලු කඩා දමා ඇත.
මේ බව වන ජිවි නිළධාරින්හට ගම්වාසීන් දුරකථනයෙන් දන්වා ඇති අතර ඊයේ රාත්‍රියේම වන අලි පැන්නීමට වන ජිවි නිළධාරින් පැමිණ ඇත.
සොරබොර වැව ආසන්නයේ ලදු කැලෑවක නිරන්තරයෙන් අලි රංචුවක් සිටින බවත් රාත්‍රිය වන විය එම වන අලි ගම් වැදීම බෝග හා දේපල හානි සිදු කරන බව ගම්වාසින පවසනවා.
මිට වසර 2ට පෙර සොරබොර ජනපදයේ දින තුනක් ඇතුල නිවාස 18ක් අලි පහර දී විනශ කල අතර නැවතත් එම දරුණු අලි ගම්මානයට පැමින ඇති බවත් එවැනි විනාශයක් හෝ ජිවිත හානියක් නැවතත් සිදුවන්නට පෙර සොරබොර ජනපදයේ වන අලි පන්නා දමන ලෙස ගම්වාසීන් බළධාරින්ගෙන් ඉල්ලා සිටී.
See More
   







 

Tuesday, December 3, 2013

වර්ශාවට නිවයේ බිත්තිය නිදා සිටි ඇදට පෙරලි කුඩා දරුවෙක් ඇතුලු 3ක් රෝහලේ


2013-12-02 ප.ව. 11:19
රිදිමාලියද්ද ගම කුඹුර වසමේ යාය එකේ තුන නිවසේ ඇද මතට නිවයේ බිත්තිය රාත්‍රි නිදා සිටියදි පෙරලීම හේතුවෙන් 01 දින තුවාල ලබා රිදිමාලියද්ද ග්‍රාමිය රෝහලට ඇතුලත් කර ඇත. රාත්‍රිය පුරා ඇදහැලුන වර්ශාව හේතුවෙන් කටු මැටි වරිච්චි බිත්තිය මෙසේ ඇද මතට පෙරලිමෙන් මෙම අනතුර සිදු වී ඇත. නිවෙස් හිමිකරු බිරිද හා වයස අවුරුදු 2ක් පමණ වන කුඩා දරුවාගේ ඇග මතට වරිච්චි බිත්තිය පෙරලී ඇත.
අනතුරට මුහුන පෑ තිදෙනා රිදිමාලියද්ද ග්‍රාමිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබන අතර ඒ තිදෙනාගේ තත්වය මේ වන විට යහපත් බවට පත්වෙමින් තිබෙන බවට රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

ආදිවාසී බාලවයස්කාරයෙක් බාලවයස්කාර කුඩා දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර පොලිස් අත් අඩංගුවට පත්වෙයි.


2013-12-02 ප.ව. 11:17
මහියංගන දඹාන ආදිවාසී ගම්මානයේ වයස අව්රුදු 15 බාල වයස්කාර තරුණයෙකු වයස අවුරුදු 7ක කුඩා පිරිමි දරුවෙකු හට බරපතල ලිංගික අපයෝජනයන් අවස්ථා කිහිපයකදී සිදු කල බවට කුඩා දරුවා විසින් ප්‍රකාශ කිරිමෙන් පසු ලැබුනු පැමිණිල්ලකට අනුව මහියංගන පොලිසිය මගින් ආදිවාසී සැක කර තරුණයා 01 දින ...අත් අඩංගුවට ගෙන ඇත.
අපයෝජනයට ලක්වු කුඩා පිරිමි දරුවා වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර ඇති අතර අඩංගුවට ගෙන ඇති සැකකාර ආදිවාසී තරුණයා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත ඇති අතර සිද්ධිය සම්බන්දයෙන් සහකාර පොලිස් අධිකාරි ඩි ජේ ඇතුලත්මුදලි මහතාගේ අධික්ෂණයෙන් මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රම සිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිළධාරින් පරික්ෂණ කටයුතු සිදු කරමින් සිටි

Monday, December 2, 2013

බිබිලෙන් සොරාගත් රන් බුදු පිළිමය හසලකින් සොයා ගැනේ පිළිමයේ අතක කොටසකුත් කපලා

 බිබිල පොලිස්‌ බලප්‍රදේශයට අයත් බිබිල ඓතිහාසික කොටසර රජමහා විහාරයේ තිබී සොරාගත් රන් ආලේපිත බුදු පිළිමය නියෝජ්‍ය පොලිස්‌පති රොෂාන් ප්‍රනාන්දු ඇතුළු විශේෂ පොලිස්‌ ක...ණ්‌ඩායමක්‌ විසින් පෙරේදා (30 දා) හසලක හෙට්‌ටිපොල උඩවල ප්‍රදේශයේ වස්‌ගම දක්වා දිවෙන මිනිපේ යෝද ඇළේ අඩි 7 ක්‌ ගැඹුරක සගවා තිබියදී සොයා ගන්නා ලදී.

මෙම බුදු පිළිමය අඩි 2 අඟල් 1 උස කිලෝ 106 බරකින් යුක්‌ත වන අතර මෙම බුදු පිළිමයේ දකුණු අතේ කොටසක්‌ සොරුන් කපා ඇත. එම කොටස්‌ ද කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සොයා ගත් පිළිමයේ අතක කොටසක් කපා එහි මිළ හා රත්‍රං වල වටිනාකම තක්සේරු කිරිම සදහා සොරුන් විසින් කොළඹ ප්‍ර දේශය වෙත රැගෙන ගොස් ඇත.

මෙම බුදු පිළිමය පසුගිය ඔක්‌තෝබර් 11 වැනිදා සොරාගත් අතර සොරාගත් පිරිසේ දස දෙනකු හඳුනාගෙන ඇත. එයින් හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යොදවා ඇති බව පොලිසිය පවසයි.

මෙම වැටලීමට මොනරාගල-බදුල්ල දිස්‌ත්‍රික්‌ භාර නියෝජ්‍ය පොලිස්‌පති රොෂාන් ප්‍රනාන්දු, සහකාර පොලිස්‌ අධිකාරි උදිත ලියනගේ, බිබිල, මැදගම, ගෝනගංආර, මඩොල්සිම පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් ඇතුළු විශේෂ පොලිස්‌ නිලධාරි කණ්‌ඩායමක්‌ සහභාගි වූහ. බිබිලෙන් මෙම බුදු පිළිමය පසුගිය ඔක්‌තෝබර් 11 වැනිදා සොරාගත් අතර සොරාගත් පිරිසේ දස දෙනකු හඳුනාගෙන ඇත. එයින් හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යොදවා ඇති බව පොලිසිය පවසයි.

මෙම වැටලීමට මොනරාගල-බදුල්ල දිස්‌ත්‍රික්‌ භාර නියෝජ්‍ය පොලිස්‌පති රොෂාන් ප්‍රනාන්දු, සහකාර පොලිස්‌ අධිකාරි උදිත ලියනගේ, බිබිල, මැදගම, ගෝනගංආර, මඩොල්සිම පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් ඇතුළු විශේෂ පොලිස්‌ නිලධාරි කණ්‌ඩායමක්‌ සහභාගි වූහ.