Tuesday, July 26, 2016

මහියංගණ පොලිසියෙන් ලොකු පිංකමක් කර ගනී

 21:46 26/07/2016
පසුගිය පෝය දිනට යෙදී තිබු මහියංගන රෝහලේ බාහිරි රෝගි සායනය නොපැවැත්වීම හේතුවෙන් එදින සයනයේ රෝගින් හා අද (26) දින සායනය සදහා පැමිණිම හේතුවෙන් රෝහලේ සායන පැවැත් වෙන භූමිය එකම රෝගින්ගේ හිස්ගොඩක් ව පැවති අතර විශාල පිරිසක්  නිරාආහාරව සායන සදහා පැමිණ සිටීම හේතුවෙන් ක්ලාන්ත තත්වයට පත් විය.  පසුගිය අගහරුවාදා දින සායනයේ රෝගින් හා අද(අගහරුවාදා) දින සායනයේ රෝගින් ප්‍රමාණය 800කට වඩා ඉක්මවා තිබුනි.
ඒ සම්බන්දයෙන් මහියංගන පොලිසිය දැනුවත් වීමත් සමගම මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ හා මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතාගේ මැදිහත් වීමෙන් කඩිනමින් රෝහලේ සායනික රෝගින් සදහා උදැසන තේපැන් සංග්‍රහයක් ලබාදීමට කටයුතු කිරිමෙන්  සායනය සදහා පැමිණ සිටි වයස්ගත රෝගින්, නිරාආහාරව සිටි විශාල පිරිසකට සහනයක් ලැබුනි.  පොලිසියේ කඩිනම්
මැදිහත්වීමෙන්  ලැබු සහනය රෝගින් රැසකකගේ පැසසුමට ලක් විය. එලැබෙන 150 වන පොලිස් දිනට සමගාමීව පොලිසිය ජනතාව අතරට ගොස් වඩාත් සමීපව මහජන සේවාවක් සිදු කිරිම මෙහි අරමුණ බව සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා පැවසීය. මෙම සංග්‍රහය සදහා මහියංගන පොලිසියේ නිළධාරින් හා  නිළධාරිනියන් විශාල පිරිසකගේ දායකත්වය ලැබුනි.




















No comments:

Post a Comment