Sunday, October 27, 2013

Video මහියංගන නගරයේ සුපිරි වෙළෙදසැලක ක්‍රිම්වර්ග සොරකම් කල යෞවනිය සිසිටීවී කැමරාව නිසා මාට්ටු Swarnavahini News 2013-10-11

Video මහියංගන නගරයේ සුපිරි වෙළෙදසැලක ක්‍රිම්වර්ග සොරකම් කල යෞවනිය සිසිටීවී කැමරාව නිසා මාට්ටු Swarnavahini News 2013-10-11


Video - අන්තිම පාරටත් මම මේ කියන්නේ ඇමතිතුමාට ඔය කියාගෙන යන කථාව වහාම නතර කරන්න ආදිවාසි නායකයා කියයි.

Video - අන්තිම පාරටත් මම මේ කියන්නේ ඇමතිතුමාට ඔය කියාගෙන යන කථාව වහාම නතර කරන්න ආදිවාසි නායකයා කියයි.

https://www.facebook.com/photo.php?v=405196282943192

අන්තිම පාරටත් මම මේ කියන්නේ ඇමතිතුමාට ඔය කියාගෙන යන කථාව වහාම නතර කරන්න ආදිවාසි නායකයා කියයි.

අන්තිම පාරටත් මම මේ කියන්නේ ඇමතිතුමාට ඔය දෙනවා කියන වාහනය එක්ක මාව ගාවලා  කියාගෙන යන කථාව වහාම නතර කරන්න ආදිවාසි නායකයා කියයි.

මාම කැච්චක් හොදමයි.....  හුග දවසකින් මාධ්‍ය සමග කථා බහක් කරන්න අවස්ථාවක් ලැබුනෙ.  පසුගිය කාලෙ ආදිවසින් ගැන , මම ගැන පත්තරවල ටිවිවල රේඩියෝවල ගොඩාක් කථාබහට ලක් වුණා. විවිධ දේවල් කථා කරලා තිබුණා. මම ඒවාට උත්තර දෙන්න ගියේ නෑ. නිහඩවෙලා බලා ඉන්නකොට හැම දාම මොකක් හරි යනවා.  මේ ගොඩක් ඒවාගෙන් අපේ පරම්පරාව හෑල්ලුවට ලක්කරන ඒවා තමයි වැඩිපුරම යන්නෙ. මට ආරංචි උනා මීට සති කිහපයකට කලින් පත්තරේක ගියා කියලා .... සංස්කෘතික කටයුතු ඇමතිතුමා කියනවා කියලා මම වාහනයක් ඉල්ලලා මහා කරදරයක් කරනවා කියලා. ඉස්සර හිටපු නායකයෝ නම් මෙහෙම කරදර කරේ නෑ. ගමන් බිමන් ගියේ පයින්. දැන් ඉන්න නායකයෝ ගමන් බිමන් යන්න වාහන ඉල්ලලා පොරේ කියලා ඇමතිතුමා පත්තරේට කිවුවා කියලා පත්තරේ ගිහින් තියෙනවාලු... ඒ ගැන මට නම් කියන්න තියෙන්නේ මම නම් වාහනයක් මෙච්චර කාලෙකට ඉල්ලලා නැ කියලා. මම 2010 වර්ෂයේදී අති ගරු ජනාධිපතිතුමන් සමග පැවති සාකච්ඡාවක දී මම කිවුවා...ආදිවාසී ගම්මාන 58ක් ලංකාවේ තියෙනවා මට ඒවා ගැන හොයලා බලන්න ඕන. ආදිවාසීන්ගේ නායකයා විදියට මම ඒ අයගේ දුකේදී කරදරේදී සැපේදී හොයලා බලන්න ඕන කිව්වා. ඒ වගේ වෙලාවට ඒ ගම්මානවලට යන්න ඕන වහනයක පහසුකම් දෙන්න පුලුවන්නම් හොදයි කියලා මම කියපු වෙලාවේදී ජනාධිපතිතුමා  ඒ වෙලාවේ ම වාහනයක් දෙන්න කියලා ඇමතිතුමාට කිව්වා. මම ඒ වෙලාවෙත් ජනාධිපතිතුමාට කිව්වේ මට වාහනයක් ලබා දුන්නත් ඒවා නඩත්තු කරන්න පහසුකම් නැති නිසා මහියංගන ප්‍රදේශයේ රජයේ කාර්යාල තියෙනවා...ඒවා තමයි පොලිසිය, ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලය, වනජිවි කාර්යාල, නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලය වගේ ... එම කාර්යාලවල තියෙන වාහන මගේ ගමන් අවශ්‍යතාවලව නිදහස් කරලා දෙන්න කියලා මම එහිදී ඉල්ලුවා විතරයි. ඒ විදියටම අද වෙනකොටත් මහියංගන ප්‍රාෙද්ශිය ලේකම්  කාර්යාලයේ තියෙන වාහන දෙකෙන් එකක් මගේ ගමන් වලට ලබා දෙනවා. ඒ තියෙන වාහන දෙකෙන් එකක් කැඩිලා තියෙන්නේ. මගේ වරිගයේ ජනතාවගේ ප්‍රශ්න / ගැටලු වලදී මම ප්‍රාෙද්ශිය ලේකම්  කාර්යායේ තියෙන වාහනය ඉල්ලගෙන තමයි හොයල බලන්න යන්නෙ. ලේකම් කාර්යාලයේ තියෙන වාහන දෙකෙන් එකක් ත්‍රිකුණාමලය වාකරේ වැනි දුර පළාත් වලට ඉල්ලගෙන ගියාම සමහර විට දවස් දෙකේ තුනේ එන්න වෙන්නේ නෑ. මම ලේකම් කාර්යාලයේ වාහනය දවස් දෙක තුනක් ‍පාවිච්චියට ගත්තාම කාර්යාලයේ වාහනය මගින් කලයුතු වැඩ කටයුතු ගොඩ ගැහෙනවා. එතකොට ප්‍රා දේශීය ලේකම් තුමන්ලාටත් මන් නිසා කරදර ගොඩකට මුහුණපාන්න සිද්ද වෙනවා. මහියංගනය කියන්නේ ලොකු ප්‍රදේශයක් නෙ. වැඩ ගොඩ ගැහුනම නිළධාරින්ටමයි කරදරේ.
සංස්කෘතික කටයුතු ඇමතිතුමා පසුගිය කාලේ කියලා තියෙනවා මම වාහනයක් ඉල්ලා කරදර කරනවා. මීට පෙර හිටපු නායකයො වාහන ඉල්ලුවේ නැ කියලා. මම අද ඇමතිතුමාට කියනවා මම පිලිගන්නවා මගේ පියා තිසාහාමි ගමන් බිමන් වලට වාහන ඉල්ලුවේ නැ කියලා. මට වගේ ඒ කාලේ මගේ පියාට රට වටේ යන්න උනේ නෑ. මම ලංකාවේ ආදිවාසීන්ගේ නායකයා බවට පත් වෙලා මේ වෙනකොට වසර 15ක් වෙනවා. මේ වසර 15දී අපේ ආදිවාසි පරම් පරාවේ ජනතාවගේ වැඩ කටයුතු වලට වඩා රජයේ නිළධාරින්ගේ හා ඇමතිතුමන්ලාගේ ආරාධනාවලට තමයි ගමන් බිමන් යන්න සිද්ද උනේ. ඔය ඇමතිතුමා කියන විදියට ඒ අයගේ ඔය වගේ එක එක ආරාධනාවලට කථා කරන කොට මට කොළඹට පියාඹලා යන්න අත්තටු නෑ. එහෙනම් නායකතුමා හෙට උදේ කොළඹට ඇවිත් ඉන්න කියන කොට ඇමතිතුමා කියන විදියට මම ඒවට වාහනයක් නැතුව පයින් යන්න ඕන. එහෙම මම පයින් යන්න දින පහක් හයක් යයි.
සංස්කෘතික කටයුතු ඇමතිතුමා කියනවා ලෝකෙ මෙච්චර කාලෙකට ආදිවාසී නායකයෙක් තමන්ගේ ගමන් බිමන් වලට වාහන ඉල්ලලා නෑ කියලා. ඒකත් මම පිලිගන්නවා...මම විස්වාස කරනවා. හැබැයි එහෙනම් එම නිළධාරින්ගේ වැඩවලට ඇමතිවරුන්ගේ වැඩවලට මට ආරාධනා නොකර ඉන්න ඕන.  ඒ කාලෙ රට හැම තැනම කැලෑ තිබ්බෙ. ලග ගම්මානවලට විවිධ අවශ්‍යතාවලට පයින් ගමන් බිමන් ගියේ අඩි පාරවල් දිගේ. අද වෙන කොට පාරවල් හදලා තියෙනවා. වාහන ගෙන්වලා තියෙනවා. ඔය කියන ආරාධනාවලට යන්න ඔය කියන විදියට යන්නනම් මට ආන්ඩුවේ රස්සාවක් එක්ක පඩියක් හම්බවෙන්ඩ ඕන. මට කොහෙන්ද වාහන වලට ගෙවන්න සල්ලි? මට වෙන ආදායමක් නැත්නම්, පහසුකමක් නැත්නම්, මම ඔයවගේ ඒවාට වාහනයක් නැතුව පයින් යන්නෙ කොහොමද? ඔය ප්‍රශ්නයක් වුණ දෙනවා කිව්ව වාහනය ගැන කථා කරනකොට සංස්කෘතික කටයුතු ඇමතිතුමා හැමදාම කියන්නේ මම ඒක ඉල්ලුවා කියලා. මට වාහනයක්  උවමනා නෑ. වාහනයක් ඉල්ලලා තියෙනවා නම් තියෙන්නේ ආදිවාසි කෞතුකාගාරයේ වැඩ කටයුතු වලට. එතැන වැඩවලට හැම මාසෙ ම කොළඹ යන්න ඕන වෙනවා. ඒ පහසුකම ලබාගන්න තමයි වාහනයක් එහාට ඉල්ලලා තියෙන්නේ. මට වාහනේක උවමනාවක් නෑ. හැබැයි සංස්කෘතික කටයුතු ඇමතිතුමා කියන්නේ නායකතුමා වාහනයක් ඉල්ලලා කරදර කරනවා කියලා. අනිත් එක මේ වාහනය දෙනවා කියලා පොරොන්දු උනේත් ඇමතිතුමා ම තමයි. මට බොරුකියන්ඩ උවමනාවක් නෑ අනිත් මිනිස්සු වගේ. එදා සංස්කෘතික කටයුතු ඇමතිතුමා මේ පොරොන්දුව අපිට දෙන කොට රජයේ නිළධාරින් විශාල පිරිසක් අපි ඉදිරිපිට හිටියා. ඒ වගේ අපිට පොරොන්දු වෙලා පසුගිය ලෝක ආදිවාසී දින සැමරුමේ පෙර දින දක්වා ම ඒ පොරොන්දුව එසේම තිබ්බා. එදා 09 දින උදේ වෙනකොට න්‍යාය පත්‍රයේ තිබ්බ හත්වන අංගය ඉවත් කරන්ඩ කියලා නිළධාරින්ට ඇමතිතුමා කියලා තිබුනා. ඒ න්‍යාය පත්‍රයේ හත්වන අංගය ලෙස තිබ්බෙ ආදිවාසී නායක තුමාට රථයක් ලබාදීම කියලා.  න්‍යාය පත්‍රයෙන් එම අංගය ඉවත් කරලා තමයි එදා උත්සවය පැවැත් උනේ. මම එදාත් ඒ ගැන ප්‍රශ්න කරේ නෑ. උත්සවය ඉවර වෙලාත් ඉවර මම ඒ ගැන ප්‍රශ්න කරේ නෑ. සතුටින් උත්සවයේ වැඩ කටයුතු නිමා කරා. උත්සවය අවසන් කරලා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමිය මගෙන් ප්‍රශ්න කලා උත්සවය ගැන නායකතුමා මොනවාද හිතන්නේ කියලා. මම ඒ වෙලාවෙත් කිව්වේ උත්සවය හොදට ම කෙරුනා කියලා. ඊට දවස් දෙකකට පස්සේ මේ ප්‍රශ්නය ඇවිස්සුවෙත් ඇමතිතුමා ම තමයි. උත්සවයේදී ආදිවාසින් සදහා ලක්ෂ 4ක විට දුන්නා කියලා කියලා තිබුනා. බුලත් කොළ 40000ක් තිබුනා, පුවක් ගෙඩි 40000ක් තිබුනා, දුන්කොල 500ක් තිබුනා, හුනු පැකට් 500ක් තිබ්බාලු.  බුලත් කොළ 40000ක් තිබුනා කිව්වාට ඒ වාගෙන් බාගයක් නරක් වෙලා තිබුනෙ. ඒ ගැන මම මොනවත් ම කියන්න ගියේ නෑ ඒ දවස්වල. පස්සෙ ඇමතිතුමා ම ආදිවාසින්ගේ බුලත් වලට රුපියල් ලක්ෂ 4ක් වියදම් කරා කියලා කිව්වා. ඒක ඇහුවාම මම උඩ ගියා... එදා ආරාධිත අමුත්තන්ගේ කෑමවලටවත් එච්චර වියදමක් ගියේ නෑ. ආරාධිත අමුත්තන්ගේ කෑමවලට වියදම් වෙලා තියෙන්නේ රුපියල් 80000ක් විතර. උත්සවයට සතියකට පස්සෙ මාව හම්බ වෙන්ඩ පිරිසක් ආවා. එයාලා කෑගල්ල හා පොල්ගහවෙල ප්‍රදේශවල අය. පත්තරයක් පෙන්නලා මගෙන් ඇහුවා බුලත්වලට ලක්ෂ 4ක් ගියා කියලා ඇමතිතුමා කියනවා කියලා මේ පත්තරේ තියෙනවා ඒක ඇත්තද කියලා. මම කිව්වා මම ඒ සදහා ගිය වියදම දන්නේ නැ කියලා හැබැයි අපේ අය විට නම් කෑවා කියලා. එතකොට තමයි එයාලා මට කිව්වේ අපි තමයි මේ බුලත් කොල බුලත් කොටුවලටම ගිහින් එකතු කරලා එව්වේ කියලා. ඒ සදහා වියදමක් ගියේ නෑ කියලත් කිව්වා. මට ඒ කිව්ව කථා විශ්වාස කරන්ඩ පුලුවන් ඒ එවලා තිබුන බුලත් කොළ තට්ටුවල මැද්දෙන් බුලත් කොල නරක් වෙලා තිබුනා. ඒ වගේ බුලත් කොළ නරක් වෙන්නේ සති එකක් දෙකක් එක උඩ එක අතුරලා තට්ටු පිට තට්ටු තිබුනාම තමයි එහෙම නරක් වෙන්නේ. ඔන්න ඔහොම තමයි වෙලා තිබුනේ. මම බුලත්වලට ලක්ෂ 4ක් ගියාද රුපියල් 50000ක් ගියාද කියලා දන්නේ නෑ. අමාත්‍යාංශයෙන් මුදල් දුන්නාද නැත්නම් ඔය කියන පිරිස බුලත් එකතු කරලා අමාත්‍යාංශයට දුන්නාද කියලා මම දන්නේ නෑ. හැබැයි මම කියන්නේ මිනිහෙකුට කන්ඩ දීලා රට හැම තැනම කියවා කියවා යන්නේ නෑ. අපේ පරම්පරාවේ අයවත් එහෙම කරන්නේ නෑ. අහවල් අහවල් දේවල් අපි කන්ඩ දුන්නා කියලා පස්සේ කියන්නේ නෑ. මෙකද ඒක කාලා  ඉවරයිනේ. කාලා ඉවර උන දෙයක් ගැන පස්සෙ කථා කරලා වැඩක් නෑ. ඒක ඉවරයි. මේ වගේ වැඩවලින් අපේ පරම්පරාව හැල්ලුවට ලක්කරන එකම තමයි ඔය හැමෝම කරන්නේ. මම මේ සංස්කෘතික කටයුතු ඇමතිතුමාට කියන්නේ අපිට මේ දෙනවා කිව්ව වාහනය ගැන රට පුරා කිය කියා ඇවිදින කථාව වහාම නතර කර ගන්න කියලා. හැමදාම මේක අවුස්සලා අවුස්සලා අපේ පරම්පරාව හැල්ලු කරන්ඩ එපා කියලා තමයි මම ඇමතිතුමාට කියන්නේ. ඔය කියන කථා ඔතනින් ම නතර කරගන්ඩ.... ඇමතිතුමා කිව්ව බොරුව රටේ හැම කෙනෙක්ම දන්නවානේ. එදා ඒ පොරොන්දුව දෙනකොට එතන හිටපු  කට්ටිය දැන් මට කියනවා මේ මනුස්සයා මොනතරන් බොරුකාරයෙක්ද කියලා. ඇමතිතුමාගේ නම්බුව ආරක්ෂා කරගත්තොත් ඒක ඇමතිතුමාට ම තමයි. මම මේ කියන්නේ ඇමතිතුමාට මමත් මගේ පරම්පරාවත් හැල්ලුවට ලක්කරලා කරන කථා මෙතනින්ම නතර කරන්ඩ කියලා. එහෙම කරාම ඇමතිතුමාටත් හොදයි ...අපිටත් හොදයි. මට පුලුවන්නම් දෙපයින් ඔය කියන ගමන් යනවා... නැත්නම් ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේ වාහනය තිබ්බොත් ඒකෙන් යනවා. අද වෙනකොට ඒකත් කැඩිලා බදුල්ලට අරන් ගිහින් හදන්ඩ දාලා. එහෙම හදලා ගෙනාපු දවසක ඒකෙන් ගමන් බිමන් යනවා. මම නැවතත් කියන්නේ මගේ ගමන් බිමන් වලට වාහනයක් ඉල්ලුවේ නෑ කියලා. ආදිවාසී ජන උරුම කේන්ද්‍රෙය් වැඩ කටයුතු සදහානම් වාහනයක් ඉල්ලලා තියෙනවා. එහෙම ඉල්ලපු ඉල්ලිම් ලිපි දිනත් එක්ක  අද වෙනකොටත් අපි ලග තියෙනවා. කාට හරි උවමනා නම් ඒ ලියුම් බලන්ඩ අපිට ඒවා දෙන්ඩ පුලුවන්.
පසුගියදා හේනානිගල පැවති  ලෝක ආදිවාසී දින සැමරුමේදී ජනාධිපතිතුමා ඉදිරිපිටදීම කැලෑවට යන්න අවසර දිලා ආදිවාසින් පස්දෙනෙකුට හැදුනුම් පත් පහක් දුන්නා. එදා ඒ දුන්න හැදුනුම් පත් පහම  විතරයි මේ වෙනකොට දීලා තියෙන්නේ. එදායින් පස්සේ මේ වෙනකම් වෙන එකක්වත් තාම දීලා නෑ. දැන් ඒ ගැන කථාවක්වත් නෑ.  අනික තමයි ඒ හැදුනුම්පත දුන්නා කියලා කිසිම වටිනා කමක් නෑ. උදේ හයට කැලේට ගිහින් සවස හයට නිවසට එන්ඩ  ඕන කියලා පමනක් අවසර දිලා තියෙනවා නම් ඒ දිලා තියෙන හැදුනුම්පතේ තියෙන වටිනා කම මොකක්ද? එහෙම කැලේට ගිහින් දඩයම් කරන්න නම් අවසර තියෙන්නේ  වනජිවි එකේ මහත්තුරුන් දඩයම් කරලා තැන්තැන් වල තියලා තියෙන දේවල් නම් අපිට සුරුස් ගාලා කැලේට ගිහින් අර ගෙන එන්න පුලුවන් වෙයි. හැබැයි කැලැවේ දඩයම් යනවා කියන්නේ මේ කැලේට රිංගපු ගමන් දඩයම් හම්බවෙනවා කියන එක නෙවෙයි. කැලේට ගිහින් දඩයමක් ලැබෙනතුරු දින දෙක තුනක් කැලේට වෙලා ඉදලා දඩයමක් ලැබුනාම ඒක අරගෙන ගෙදර එන එක තමයි දඩයමේ යනවා කියන්නේ. එහෙම නැතුව මේ උදේට කැලේට රිංගලා හවස හයට ගෙදර එන කථාවක් නෙවෙයි. අපිට කැලැවෙ යන්න බැරිවෙන්න දාලා තියෙන නිති එදත් එහෙමයි අදත් එහෙමයි. වෙනසක් වෙලා නෑ. හැබැයි රජයෙන් හැම වෙලේ ම කියන්නේ ආදිවාසී පරම්පරාව ආරක්ෂා කර ගන්ඩ ඕන. අපේ ඉතිහාසය ඒක තමයි ඒ නිසා අපි ඒක ආරක්ෂා කරගන්න වැඩ කරන්න ඕන කියලා නිතරම කියනවා. හැබැයි එහෙම කියලා අපිට කැලේට යන්න බැරිවෙන්ඩ හේනක් වගා කරගන්න බැරිවෙන්න නිති දානවා.  අපිට තියෙන ගැටලුව තමයි අපිට කැලැව තහනම් කරලා අපේ පරම්පරාව ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. අපේ පරම්පරාවේ දරුවෙක් කැලේට එක්කගෙන ගිහින් මේක මේ ඖෂදය, මේ ගහ මෙන්න මේ වගේ වටිනා කමක් තියෙන ශාකයක්, අර ඉන්නේ මුවා ගෝනා අලියා ඒ සතුන් මෙන්න මෙහෙම තමයි සද්ද කරන්නේ හැසිරෙන්නේ, මෙන්න මෙවගේ සුවදින් තමයි ඒ සතුන්ගේ ගමන බිමන හැසිරිම් හදුනා ගන්නේ කියලා අද වෙනකොට අපිට උගන්වන්න බැරිවෙලා තියෙනවා. අපේ දරුවන්ට ඒව අද පාසැල්වලදී තමයි උගන්වන්න වෙලා තියෙන්නේ. ඒ අයට කැලේට ගිහින් ප්‍රායෝගික අත්දැකිම් ගන්න අත්දැකිම් විදගන්න අවස්තාව නෑ. මෙහෙම යන කොට අපේ පරම්පරාවේ වැඩිහිටි අය මිය ගිය ගමන්ම අපේ පරම් පරාව ඉවරයි. මට තේරෙන විදියට  අපේ ආදිවාසි ජනතාව හැමෝටම කරදරයක් ඒක නිසා තමයි මේ වගේ වැඩ කරන්නේ. මේ වගේ විවිධ කථා කියන්නේ . දැන් මේ වේ ගෙන යන දේවල් දැක්කම ඇහෙන කථා ඇහුවාම මට නම් එහෙම තමා හිතෙන්නේ. අපේ පරම්පරාව විනාශ කරන්න තමයි මේ හැම දෙයක්ම කරන්නේ. අපේ පරම්පරාව ආරක්ෂා කරනවානම් අපේ පරම්පරාවේ වටිනාකමක් තියෙනවානම් අපිට මේ විදියට සලකන්නේ ඇයි කියලා මම ප්‍රශ්න කරනවා. අපි බෙහෙත් ටිකක් ගන්න ගියාම, පොලිසියට අවශ්‍යතාවයකට ගියාම, ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයට ගියාම ඒ අය දුවලා ඇවිත් මොකටද ආවේ කියලා අහලා ඉක්මනින්ම වැඩේ කරලා දෙනවා. අපේ පරම්පරාවේ අයට හැමෝම උදව් කරනවා. හැබැයි
ඒ මොනවා උනත් අපේ පරම්පරාව ආරක්ෂා කරන්න ඉන්න ඇමතිවරු වග කිවයුතු නිළධාරින් ඒ රාජකාරිය ඉටු කරන්නේ නෑ කියන්නේ අපේ පරම්පරාවේ ඉදිරිය බොහොම පොඩි එකක් වෙයි කියලයි මම හිතන්නේ. මේ පරම්පරාව ආරක්ෂාවෙනව නම් අපිට පහසුකම් තියෙන්න ඕන හා ලැබෙන්න ඕන. ලෝකය දියුනු වෙනවා. මිනිස්සු දියුනු වෙනවා. ගම රට දියුනුවෙනවා. එහෙම දියුනු වෙනකොට කැලැවෙල ජිවත් වෙන මිනිස්සුත් ඒ දියුනුව දැක ගන්න ඕන. හැබැයි ඒ දියුණුව දකින්න ඕන කියලා මහා සමාජය වගේ මේ තැන විශාන කරගෙන ඒ තැනට යන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ තැන ආරක්ෂා කරගෙන ඒ දියුණුව දකින්න  දියුණු උනාම කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් අපේ පරම්පරාවේ අය බෝල ගහනවා.  ඒකටත් සංස්කෘතික කටයුතු ඇමතිතුමා කියලා තියෙනවා ආදිවාසින් බෝල ගහන්ඩ පටන් ගත්තම ආදිවාසී සංස්කෘතිය විනාශ වෙනවා කියලා. මම ඇමතිතුමට අද කියනවා බෝල ගැහුවම නෙවෙයි සංස්කෘතිය විනාශ වෙන්නෙ, අපේ ආදිවාසී සංස්කෘතිය විනාශ කරලා දැන් අවුරුදු 50-60ක් විතර වෙනවා. තව මේ ඉතුරුවෙලා තියෙන එකත් විනාශ කරන්ඩ තමයි මේ කතා කරන්නේ කියලා. අපේ ආදිවාසින් බෝල ගැහුවා කියලා ආදිවාසී සංස්කෘතිය විනාශවෙන්නේ නෑ කියලා මම හිතනවා. මොකද අනිත් අය බෝල ගහනවා වගේ අපේ අය බෝල ගහන්නේ නෑ. අපිට උරුම අපේ පරම්පරාවේ ගරුත්වය ආරක්ෂාවන අන්දමට තමයි ඒ ක්‍රිඩා කටයුතු කරන්නේ.  මිනිස්සු මොනවා කිව්වත් අපේ ලමයි පාසැල් ගිහින් විවිධ දේවල් ඉගෙන ගන්නවා. අපේ පරම්පරාවෙ ළමයි නැටුම් ඉගෙන ගන්නවා. සිංදු කියනවා, දුවනවා, පනිනවා, බෝල ගහනවා, මේ හැම දේම අපේ ළමයි පාසැල් වලින් තමයි පුරුදු වෙන්නේ. ඒ පුරුදු  උන දේවල් ඒයාලා ලොකුවෙලා කරා කියලා ප්‍රශ්නයක් වෙයි කියලා මම නම් හිතන්නේ නෑ. අපේ පරම්පරාව ආරක්ෂා කරගෙන අලුත් පරම්පරාව මොනවා කරත් ගැටලුවක් නෑ. කව්රු හරි ඒක වැරදි කියලා කියනවා නම් අපේ පාසලට නිතියක් ගේන්ඩ ඕන ආදිවාසී දරුවන්ට ඒවගේ දේවල් උගන්වන්න එපා කියලා. අකුරු පමණක් ලියන්න උගන්නන්න කියලා නිතියක් දානන් ඕන. පාසැලේදී ඉගෙන ගන්න දේවල් අලුත් පරම්පරාවේ අය කරනවා. මට ඒවා තහනම් කරන්න බෑ. මට තියෙන්නේ ඒ අයට මග පෙන්වන එක. මෙහෙම ගියොත් මෙහෙම වෙනවා කියලා උපදෙස් දෙන එක. අපේ පරම්පරාවේ අයට පාසැල් නොයා හේන් වගා කරලා දඩයම් කරලා ජීවත් වෙන්න කියලා මට බල කරන්න බෑ. එහෙම කියන්න තිබුනා දඩයම් කරන්න කැලයක් තිබුනානම්. කැලැවත් දැන් අපිට නෑනෙ. එහෙම එකේ මම කොහොමද  ඒ අය වලක් වන්නේ. අඩුම ගානේ කැලේට යන්න පහසුකමවත් අපිට තියෙනවා නම්. ඒ මෙනවත් නැතිව ආදිවාසී පරම්පරාව විනාශවෙනවා. ඒක ආරක්ෂා කර ගන්න ඕන කියලා බොරුවට කෑ ගහනවා. හොදයි මට කියන්න අපේ පරම්පරාව ආරක්ෂා කරගන්න මොනවාද කරලා තියෙන්නේ ?? ඒ මොනවත් නැතුව කැලැවත් තහනම් කරලා හේන්වගාවත් තහනම් කරලා පාසැල් යන එකත් තහනම් කරලා මොනවාද අපේ පරම්පරාවේ අයට කරන්න කියන්නේ. ඉතින් මේ වගේ දේවල් කට තිබ්බ පලියට කථා කරන්නේ නැතුව මොළේ කල්පනා කරලා හොදහැටි හිතලා කථා කරනවා නම් හොදයි කියලා මම කිවන්නේ.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් පසුගිය හේනානිගල තිබුන ලෝක ආදිවාසී දින සැමරුමේ 09 වන  දින දක්වාම අපිත් එක්ක හොද සම්බන්දතාවයක් හා  සහයෝගිතාවයෙන් කටයුතු කරා. එයාලා අපිට කථා කරා. අපි එයාලාය කථා කරා. දැන්නම මට එයාලාට කථා කරන්නත් ලැජ්ජයි. වැරදි තැන කරපු කෙනාට වඩා මට තමයි ලැජ්ජහව. එදා 09 දා දක්වාම අපේ ආදිවාසී ජන උරුම කෝන්ද්‍රයට  සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් මුදල් ලබා දුන්නා. ඒත් දැන් මාස කිහිපයක්ම ඒ කියන්නේ හේනානිගල ලෝක ආදිවාසී දින එනම් 09 දවසින් පස්සෙ ඒ මුදල් තාම දිලා නෑ. මම දන්නේ නෑ එම මුදල් දෙන එක නතර කරලාද නැත්නම් පරක්කු වෙකරලා දෙන්න ඉන්නවාද කියලා. ඉස්සර නම් හොද සම්බන්දයක් අපි අතර තිබ්බා. දැන්නම් එහෙම සම්බන්ද කම් තියෙනවා කියලා මට තේරෙන්නේ නෑ. මේ අන්තිම පාරටත් මම මේ කියන්නේ ඇමතිතුමාට ඔය දෙනවා කියන වාහනය එක්ක මාව ගාවලා  කියාගෙන යන කථාව වහාම නතර කරන්න කියලා මම කියනවා.

මහියංගන නගරයේ පොදු ස්ථානවල ගැවසී රස්තියාදු ගසන පාසැල් දරුවන්ට පොලිසියෙන් රතු එළියක්


Video - මහජන බැංකුවේ අධ්‍යක්ෂක යැයි පවසා ගම්මාන වල ජනතාව රවටා මුදල් එකතු කල පුද්ගලයා වැලිමඩදී කොටුවෙයි - ඔහු මහියංගන මැද ඔය ප්‍ර දේශයේ සිදු කල වංචා පිළිබද හෙලි දරව්ව

Video - මහජන බැංකුවේ අධ්‍යක්ෂක යැයි පවසා ගම්මාන වල ජනතාව රවටා මුදල් එකතු කල පුද්ගලයා වැලිමඩදී කොටුවෙයි - ඔහු මහියංගන මැද ඔය ප්‍ර දේශයේ සිදු කල වංචා පිළිබද හෙලි දරව්ව

මහියංගනය හා වැලිමඩ අවට ගම්මාන රැසක මහජන බැංකුවේ ගිණුමට දිණුම් ඇදි ඇතැයි කියමින් මුදල් වංචාකල පුද්ගලයා වැලිමඩදී කොටුවෙයි


Thursday, October 17, 2013

ශ්‍රී FM සල්ලි වැස්සේ රුපියල් 3000ක් වගේම සල්ලි වැසිසේ තෙමෙන්නට අවස්ථාව හිමි කරගත් දඹාන හන්දියේදී වාසනාවන්තයෙක් වු වාසනාවන්තයා


ශ්‍රී FM සල්ලි වැස්සේ රුපියල් 4000ක් දිනාගත් දඹාන ආදිවාසී ගම්මානයේ වාසනාවන්තයා


ශ්‍රී FM සල්ලි වැස්සේ රුපියල් 3000ක් වගේම සල්ලි වැසිසේ තෙමෙන්නට අවස්ථාව හිමි කරගත් මහියංගනයේ වාසනාවන්තිය


ශ්‍රී FM සල්ලි වැස්සේ රුපියල් 7000ක් දිනාගත් මහියංගනයේ වාසනාවන්තයා


මහියංගන නගරයේ සුපිරි වෙළෙදසැලක ක්‍රිම්වර්ග සොරකම් කල යෞවනිය සිසිටීවී කැමරාව නිසා මාට්ටු

මහියංගන නගරයේ සුපිරි වෙළෙදසැලක ක්‍රිම්වර්ග සොරකම් කල යෞවනිය සිසිටීවී කැමරාව නිසා මාට්ටු Swarnavahini News 2013-10-11

https://www.facebook.com/photo.php?v=400550720074415

Tuesday, October 15, 2013

ශ්‍රි සල්ලි වැස්සේ තෙමෙන්න ඔබ සුදානම්ද??


නළ ජලය නැතුව මුළු මහියංගන ප්‍රදේශයම මහත් අසීරුවක

2013-10-15 8:20 ප.ව.
මහියංගන ප්‍රදේශයම අද දිනය පුරාම නළ ජලය නොලැබී මෙන් මුළු මහියංගන ප්‍රදේශයම මහත් අසීරුවකට පත් පත් වු අතර පාසල රෝහල හා නගරයේ වෙළෙද සැල් වල දෛනික කටයුතු මුලු මනින්ම අඩාල විය.
ජල සම්පාදන මන්ඩලයේ මහියංගන බෙදා හැරීමේ මධ්‍යස්ථානයේ ජලය පොම්ප කරන ජල පොම්පයක් අක්‍රිය වීම මීට හේතු වු අතර දහවල් වනතුරුත් නිළධාරින් එය අලුත් වැඩියා කරමින් සිටි අතර මහවැලි ගගේ ජල මට්ටම මදක් ඉහල යෑම හේතුවෙන් අලුත් වැඩියා කිරිම් වලට බාදා ඇති විය.
ඡායා රූපයෙන් දැක් වෙන්නේ මහියංගන ජාතික පාසලේ ජලය නොමැති වීම හේතුවෙන් ජලය සොයා දහවල් කාලයේ ජලය සොයා පාසැල් දරුවන් ජල සම්පාදනය වෙත ගිය ආකාරයයි.

කොළඹට වැලි ප්‍රවාහන මුවාවෙන් තේක්ක රැගෙන යන ලොරිය මාට්ටු

2013-10-15 7:52 ප.ව.
මහියංගන සිට කොළඹට වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් තේක්ක දැව පටවා උඩින් වැලි අතුරා කලක සිට දැව ප්‍රවාහනය කල ටිපර් රථයක් අද (15දින) දහවල් මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
රිදිමාලියද්ද ගැමුණුපුර ප්‍රදේශයෙන් මෙම ටිපර් රථය සදහා තේක්ක කදන් විශාල ප්‍රමාණයක් පටවා ඊට උඩින් වැලි අතුරා කොළඹ සදහා ප්‍රවාහනය කිරීම සදහා සුදානම් කර ඇත. පුද්ගල තොරතුරක් අනුව සහකාර පොලිස් අධිකාරි ඩි.ජේ. ඇතුලත්මුදලි මහතාගේ නියෝගයෙන් මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රමසිංහ මහතාගේ අධික්ෂණයෙන් මහියංගන නගරයේ රැක සිට මෙම ටිපර් රථය අත්අඩංගුවට ගන්නට මහියංගන පොලිස් නිළධාරින් සමත් වී ඇත.
තේක්ක කදන් 42ක් ටිපර් රථයට පටවා තිබු අතර එහි වෙළෙද පල වටිනාකම මේවන විට තක්සේරු කිරිම සදහා නිළධාරින් කටයුතු කරමින් සිටින අතර ටිපර් රථයේ රියදුරු සහ සහයක පොලිස් අත් අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට පත් පුද්ගලයන් හා ටිපර් රථය හසලක ප්‍රදේශයේ වේ. කලක සිට මේ ආකාරයෙන් වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් තේක්ක දැව පටවා කොළඹට ප්‍රවාහනය කල බව අත් අඩංගුවට ගත් පුද්ගලයන් ප්‍රශ්න කිරිම් හමුවේ පවසා ඇත. අත් අඩංගුවට ගත් පුද්ගලයන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
සහකාර පොලිස් අධිකාරි ඩි.ජේ. ඇතුලත්මුදලි මහතාගේ නියෝගයෙන් මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රමසිංහ මහතාගේ අධික්ෂණයෙන් පො.සැ. 64274 බස්නායක පො.කො. 18130 නිශාන්ත පො.කො. 71814 රාජපක්ෂ පො.කො.37247 හේරත් යන පොලිස් නිළධාරින් මෙම ටිපර් රථය අත් අඩංගුවට ගැනීම සදහා කටයුතු කර ඇත.

මරණ පරික්ෂණය සදහා මෘත දේහය බදුල්ල රෝහලට

2013-10-15 7:45 ප.ව.
නාගදීප වැවේ දියේ ගිලි මිය ගිය දරුවාගේ මෘත දේහය මරණ පරික්ෂණය සදහා මහියංගන මුලික රෝහල වෙත ඊයේ රාත්‍රි ගෙන එනු ලැබු අතර පසුව අද (15 දින) දහවල් 11ට පමණ බදුල්ල රෝහල වෙත එය රැගෙන යනු ලැබුවා.

නාගදීප වැවේ දියේ ගිලි අතුරුදහන් දරුවාගේ සිරුර හමුවෙයි

10/15/2013 6:50 AM
රිදිමාලියද්ද නාගදීප වැවේ බීමත්ව ඔරුපැදීමට ගිය මාපාකඩවැව තාක්ෂණ විද්‍යාලයේ (ටෙක්) සිසුන් 7 දෙනෙක්ගෙන් එක් අයෙක් පසුගිය ඉරිදා (13) දියේ ගිලි අතරුදහන්වු අතර ඔහුව සොයා ඉරිදා හා ඊයේ සවස 5 වන තුරුත් ගම්වාසීන් හා නාවික හමුදාවේ කිමිදුම් අංශය එක්ව උත්සාහ ගත්තද එය අසාර්ථක විය.
මේ ආකාරයෙන් මියගොස් ඇත්තේ ටී. එම්. ප්‍රියන්ත සිසිර කුමාර වයස 17ක් වු ඇටබෙගෙදර, පිටියෙගෙදර, රිදිමාලියද්ද පදිංචි පුද්ගලයෙකි. ඔහු පවුලේ දරුවන් තිදෙනෙක් සිටිනා පවුලක වැඩිමල් දරුවා වේ
රාත්‍රිය උදා වීමත් සමග සෙවිමේ කටයුතු පසු දිනට කල් දමනු ලැබුවා. රාත්‍රි 8.30ට පමණ වැවේ මළ සිරුර පාවෙමින් තිබියදී ගම්වාසීන් හා පොලිස් නිළධාරින් විසින් සොයා ගනු ලැබුවා. මරණ පරික්ෂණය සදහා මළ සිරුර රාත්‍රියේදි මහියංගන මුලික රෝහල වෙත ගෙන එනු ලැබුවා.
මිය ගිය සිසුවා ටෙක් යන බව පවසමින් නිවසින් පැමිණ මෙම අවාසනාවන්ත සිද්දියට මුහුන පා ඇත. යහලුවන් සමග ඉරිදා දින උදේ වැවට පැමිණ වැව් තාවුල්ලේ මදුවිත පානය කර ඇති අතර මාළු බැදගෙන කා, අවසානයේ නවතා තිබු ඔරු දෙකක් හබල් නොමැතිව පැදගෙන වැව මැදට පැදගෙන ගොස් ඇති අතර එහිදි එක් ඔරුවක් පෙරලී මෙම අනතුර සිදු වී ඇත. මිය ගිය දරුවාගේ පවුලේ අය සහ පොලිස් නිළධාරින් අතර අවස්ථා කිහිපයකදී උණුසුම් තත්වයන් අවස්ථා කිහිපයකදී ඇති වුයේ පොලිසිය විසින් ඔහුන් හට කුඩම්මාගේ සැලකිලි / සාදාරණයන් ඉටු නොකල බව පවසමිනි

අනේ අපිට බොන්ඩ වතුර නෑ


නාගදීප වැවේ - දියේ ගිලි අතුරුදහන්

2013-10-13 9:47 ප.ව.
රිදිමාලියද්ද නාගදීප වැවේ බීමත්ව ඔරුපැදීමට ගිය පුද්ගලයන් කිහිප දෙනෙක්ගෙන් එක් අයෙක් දියේ ගිලි අතරුදහන්ව ඇති අතර ඔහුව සොයා අද සවස්වන තුරුත් ගම්වාසීන් මහත් වෙහෙසක් යෙදවිය.

පුරාවිද්‍යාෙව් හෙලුව පෙන්වන සුගලා පුවතේ නිමක් නැති අවසානය


සුගලාදේවියගේ මමිය වැනසු ගල් කොරිකාරයින් ඉස්කෝලෙත් කම්බස් කල හැටි

සුගලාදේවියගේ මමිය වැනසු ගල් කොරිකාරයින් ඉස්කෝලෙත් කම්බස් කල හැටි

'සුගලා පුවතේ' නිමක්‌ නැති අවසානය


Video - සංස්කරණය නොකල දර්ශන - සුගලා දේවිය සොයා බොදුබල සේනාව සිරිපුර රෑස්සගලට ගිය මොහොත

Video - සංස්කරණය නොකල දර්ශන - සුගලා දේවිය සොයා බොදුබල සේනාව සිරිපුර රෑස්සගලට ගිය මොහොත  

https://www.facebook.com/photo.php?v=398331686962985&set=vb.160815704047919&type=2&theater

Video - සංස්කරණය නොකල දර්ශන - සුගලා දේවිය සොයා බොදුබල සේනාව සිරිපුර රෑස්සගලට ගිය මොහොත


Video - සංස්කරණය නොකල දර්ශන - සුගලා දේවිය සොයා බොදුබල සේනාව සිරිපුර රෑස්සගලට ගිය මොහොත 

බොදුබලසේනාව සුගලා දේවිය සොයා යයි Ada Derana 2013-10-11

බොදුබලසේනාව සුගලා දේවිය සොයා යයි Ada Derana 2013-10-11

https://www.facebook.com/photo.php?v=397829913679829&set=vb.160815704047919&type=2&theater

බොදු බල සේනාව සුගලා දේවිය සොයයි


ස්වර්ණවාහිනී ප්‍රවෘත්තිය බලන්න - සුගලා දේවිය සොයා බොදුබල සේනාව සිරිපුර රෑස්සගලට ගිය මොහොත

බොදු බල සේනා පොළොන්නරුව දිඹුලාගල පලුදෙනියට

අපේ වර්තමානයයි, අනාගතයයි දැනටමත් විනාශ කරලා ඉවරයි. මනුස්ස වේශයෙන් ඉන්නා තිරිසන් සතුනේ පිංසිද්ධ වෙයි අතීතයවත් ඉතුරුකරපල්ලා..
බලන්න වීඩියෝ එක

සීනි ඇමතිට ඇගේ තරමට මොලේ නෑලු


සීනි ඇමතිට ඇගේ තරමට මොලේ නෑලු 
බලන්න වීඩියෝ එක

හෙළ ඉතිහාසයේ ජීවමාන සාක්ෂියක් අමු අමුවේ මරා දමයි


උපුටා ගැනීම http://www.33000.lk/2013/10/blog-post_8.html


●▬ හෙළ ඉතිහාසයේ ජීවමාන සාක්ෂියක් අමු අමුවේ මරා දමයි ▬●

පොළොන්නරුව රාජධානියේ පරාක්‍රමබාහු රජ සමයේ විසූ සුගලා දේවියගේ දේහය තැන්පත් කර තිබූ විශාල ගල් පර්වතය පුපුරුවා හැර දේහයේ තිබූ ස්වර්ණාභරණ පැහැරගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

මහවැලි “සී” කලාපයේ මීවත්පුර ගම්මානයේ විශාල ගල් පර්වතයක් මත සුගලාදේවියගේ දේහය ගල් ගුහාවක තැන්පත් කොට තිබූ බව පැවසෙන අතර, එය ගඩොල් බිත්තියකින් ආවරණය කර තිබූ බවට තොරතුරු හෙළිවී තිබේ.

මීවත්පුර ප්‍රදේශයේ ගල්කොරියක් පවත්වාගෙන යන මුවාවෙන් මේ දේහය සොයාගෙන ඇති අතර, අඩි 8ක් පමණ දිගින් යුත් ගල් පෙට්ටියක සුගලාදේවියගේ දේහය තිබූ අතර, එය වනාන්තර පෙදෙසකට ගෙන ගොස් පුළුස්සා දමා ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත.

මීට අමතරව මෙම ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථානයේ ඇති අනගිබවනීය වටිනාකම පිළිබඳ කතිකාවතක් ගොඩනැගෙමින් පවතී.එවැනි එක් හෙළිදරව්වවක් 33000.lk බෙබ් අඩවියෙන් මෙසේ උපුටා දක්වන්නෙමු.

ගල පුපුරවා හැරීමේදී ගඩොල් බිත්තියකින් ආවරණය කර තිබූ අඩි 8 ක් පමණ දිගින් යුත් ගල් පෙට්ටියක් හමුවූ බවත්, එය විවෘත කිරීමේදී කාන්තා මළසිරුරක් තිබු අතර එය දිරාපත් නොවූ බව පෙනෙන්නට තිබු බවත් පොලීසියට තොරතුරු ලැබී ඇත.

එය රහසක් වශයෙන් තබාගත් ගල් කොරියේ හිමිකරුවා එය වනාන්තර පෙදෙසකට ගෙන ගොස් පුළුස්සා දමා එහි වූ රන් ආභරන විකුණා ඉඩකඩම්, වාහන, කඩපේළි මිලට ගෙන ඇති බවටද ආරංචි පවතී. ඇතමෙක් පවසන්නේ එම මමිය "සුගලා දේවිය" ගේ බවයි. එය සත්‍යයක් නම් එය දකුණු ආසියාවේ පැරැණිම මමිය වේ.

සුගලා දේවිය යනු ක්‍රි.ව. 12වන සියවසේ දක්කිණ දේශයේ සහ රුහුනේ රජ කල මාණභරණ රජ ගේ මවයි. රණකාමී වීර කතක් වූ ඇය විසින් දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ ආරක්‍ෂාකොට පුතුවූ මාණාභරණ රජ වෙත භාරදී ඇත.

මාණභරණ රජගේ මරණින් පසු රජරට රජකල පළමුවන පරාක්‍රමබාහු රජ රුහුණ ආක්‍රමණය කර සුගලා දේවිය ජීවග්‍රහයෙන් අල්වා දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ තම භාරට ගෙන ඇත. පසුව සුගලා දේවිය පොළොන්නරුවට රැගෙනගොස් සිරකාරියක ලෙස එහි ජීවත් විමට සැලැස්සු අතර මරණින් පසු දේහය ගෞරව සහිතව පොළොන්නරුව මීවත්පුර ගම්මානයේ විශාල ගල් පර්වතයක් මත තිබූ ගල් ගුහාවක තැන්පත් කල බව ජනප්‍රවාදයේ සඳහන්ය.

ඇත්තටම එම මමිය පිලිස්සුවා නම් එය පරම්පරා ගාණක ශාපයට ලක්වන්නා වූ අපරාධයකි. "තැම්රොක් මැටල්" නම් මෙම ගල් කොරිය පිහිටියේ රූස්සමලේ කන්ද පුරාවිද්‍යා රක්ෂිතයක නිසා එක් අතකින් සැබැවින්ම එහි අපරාධකරුවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. මක් නිසාද යත් පුරාවිද්‍යාත්මක සාක්ෂි පිරි මෙම භූමියේ ගල් කොරියක් පාත්වාගන යාම සඳහා සඳහා අවසර ලබාදී තිබෙන්නේ ඔවුන්ය.

අක්කර එකහමාරක ප්‍රදේශයකට බලපත්‍රයක් ලබාගෙන ඇති මෙහි හිමිකරු මේ වනවිට අක්කර 10 ක පමණ ප්‍රදේශයක පිහිටි ගල් පර්වතය විනාශයට පත්කර ඇත.

මෙම ගල් පර්වතයේ ගල් කැඩීම සිදුකරනු ලබන්නේ විදුලි බලයෙන් ක්‍රියා කරන යන්ත්‍රයක් මඟිනි. එක් වරකට වෙඩි 100 ක් පමණ යොදා පර්වතය පුපුරුවා හරිනු ලබයි.

මමිය හමුවූවා යැයි කියනා ගල් කොරිය පවතින ස්ථානයද පුරාවිද්‍යාත්මක වටිනාකම්වලින් හෙබි ස්ථානයකි. මෙහි පැරැණි පොකුණක් හා පැරැණි ස්තූපයක් තිබී ඇති අතර මේ වන විට ඒ කිසිවක් හඳුනාගත නොහැකිය. ඉතිරිව ඇත්තේ අඩි සිය ගණනක් යටට හෑරුණු ගල් වළක් පමණි.

මෙහි රූස්සමලේ ගල්ලෙන නමින් හඳුන්වන ස්ථානයේ ඇති ගල්ලෙන පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත ශිලා ලිපිවලින් යුක්තය. ඒ අසල ඇති ඉපැරැණි ස්තූප නටබුන්, පාදම් ගල් ආදිය එහි ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි සේම, පුරාවෘත්තවල එන පරිදිත් ප්‍රදේශවාසීන් පවසන පරිදිත් මෙම ලෙන තුළ සිට නුවරගල සුගලා දේවි රජමහා විහාරය දක්වා දිවෙන උමඟක්ද වේ.

මෙම උමඟ දිවෙන්නේ ඉහත කී "තැම්රොක්" මැටල් ගල් කොරිය පිහිටි භූමිය හරහාය. එය සත්යයක් නම් අද වන විට ඒ උමඟ විනාශ වී හමාරය. ඒ වෙනුවට ගල් වළක් පමණක් ඉතිරිව ඇත.

ගල් කොරිවල සිදුවන පුද පූජා ‍දොළ පිදේනි නිධන් ගැනීමේ පරමාර්ථයෙන් සිදුකරන නමුත් ඒ පිළිබඳව විමසීමේදී ඒවායේ හිමිකරුවන් පවසන්නේ "මේ සියලු පුද පූජා කරන්නේ සෙත් ශාන්ති කරන්නේ ගලට ඇස්වහ කටවහ එනවට" යනුවෙනි.

මෙම බලපත්‍ර ලබා දුන්නේ කුමන පුරාවිද්‍යා නිලධාරියාද? දිගින් දිගටම පලුදෙණිය ගමේ තැනින් තැන සිදුවන ගල් කොරි බලපත්‍ර දීම කවර බලපෑම් මත සිදුවන්නක්ද? දේශපාලන බලතල මෙන්ම අල්ලස් දීමෙන් ලබාගන්නා බලපත්‍ර විසින්ම වනසනු ලබන උරුමය පිළිබඳ වගකියන්නේ කවරෙක්ද? යන්න සොයා බැලිය යුතුය.

ගල් පෙට්ටිය හමුවීමට පෙර තිබූ ගඩොල් බිත්ති වල වූ ගඩොල් ගොඩගසා තිබෙන ආකාරය පොලීසිය විසින් පරීක්ෂා කරන අයුරු හා ගල් කොරිය පිහිටි ස්ථානයේ ජායාරූප කිහිපයක් ඉහතින් දක්වා තිබේ.

රටපුරා ක්‍රියාත්මක පුරාවිද්‍යා මංකොල්ල කෑම් සම්බන්ධව ජාතික උරුමයන් අමාත්‍යංශය හා පුරා විද්‍යාදෙපාර්තමෙන්තුව සිටිනුයේ දැඩි නිද්‍රාවකය.හෙට අනිද්දාට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද බෝර දමා කුඩු කලත් ඔවුන්ට ගානක් නැත.නමුත් නූපන් පරපුර වෙනුවෙන් මේ සාහසික අපරාධ වැළක්වීමට පෙරට ආයුතු කාළයක් බව සැමට සිහිපත් කරන්නෙමු.

මිනිපේ සභාපති රෝහලේ


වැටලීම් වලින් ලක්ෂ 7ක දඩ ආදායමක්


මව නැති අක්කා නංගිට නිවසක්


Saturday, October 5, 2013

මිනිපේ ප්‍රාදේශිය සභාපතිට අනුරාධ ජයරත්නගේ අධාරකරුවන්ගේ ප්‍රහාරයකට ලක් වී රෝහලේ

12:19 AM 10/5/2013

04 දින සවස හසලක නගරයේදී වාහනය සදහා ඉන්ධන පිරවීමට පැමිණි මිනිපේ ප්‍රාදේශිය සභාපති වසන්ත ජයසුන්දර මහතාට අනුරාධ ජයරත්නගේ අධාරකරුවන් පිරිසක්
විසින් පහර දීම හේතුවෙන් ප්‍රාදේශිය සභාපතිවරයා හසලක ග්‍රාමීය රෝහල වෙත ඇතුලත් කර ඇති අතර  පහර දීම සදහා පැමිණි සුකේපබෝගී වාහන කිහිපයකින් එකක් හා
එහි සිටි පුද්ගලයන් කිහිපදෙනෙකු හසලක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හසලක මහඅස්වැද්දුම ප්‍රදේශයේ  ප්‍රදේශයේ අනුරාධ ජයරත්න වෙනුවෙන් කටයුතු කල පුද්ගලයෙක් ද පහර දීමට පැමිණි පිරිස අතර සිට ඇති අතර සිද්දියෙන් කෝපයට පත් නගරවාසීන් ඔහුට
පහර දි ඇති අතර එම පුද්ගලයා හසලක ග්‍රාමීය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු මහියංගන මුලික රෝහල වෙත මාරුකර යවා ඇත

සිද්දිය සම්බන්දයෙන් හසලක පොලිසිය පරික්ෂණ කටයුතු සිදු කරමින් සිටී.

Wednesday, October 2, 2013

නගරයේ දැරියගේ දක්ෂතාවය සම කරන්නට දුප්පත්ම ගමේ කෙලි පොඩිත්තියකට හැකිවෙයි

11:22 PM 10/2/2013
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඌව පළාතෙන් ම  පළමු ස්ථානය ලකුණු 192ක් ලබාගෙන ශිෂ්‍යාවන් දෙදෙනෙක් ප්‍රථම ස්ථානයට පත් වී  ඇති අතර
ලංකාවේ දුප්පත්කමින් දෙවන ස්ථානය හිමිව සිටි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය වන රිදීමාලියද්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලයේ
සුපිපි කාවින්ද්‍යා දුනුසිංහ ශිෂ්‍යාව හා බදුල්ල විහාරමහාදේවී විද්‍යාලයේ සයුරි වරංගනා විද්‍යාරත්න  ශිෂ්‍යයාව සමත් වි ඇත.

රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලයේ සුපිපි කාවින්ද්‍යා දුනුසිංහ ශිෂ්‍යාව අනාගතයේදී ගුරුවරියක්  වි රටට දැයට සේවය කිරිම තමාගේ ආශාව බව ප්‍රකාශ කරයි

මම පාසලේ ඉංග්‍රිසි ඉගෙන ගත්තෙ සන්ධ්‍ය කුමාර් ගුරුතුමියගෙන්, දෙමල ඉගෙන ගත්තෙ පත්මලතා ගුරුතුමියගෙන්. මගේ පංති භාර ගුරුතුමී එච් එම් සීලානි හේරත්. මම කැමතිම විශය ඉංග්‍රිසි.

මම පාසලේ ක්‍රිඩා කටයුතුවලට සහබාගිවෙලා ක්‍රිඩා කලා. උසපැනීම දුර පැනීම වැනි ක්‍රිඩා මම කලා. දහම්පාසැල් තරග වලට ඉදිරිපත් වී සමස්ථ ලංකා ජයග්‍රහන ලබාගත්තා.
යාළුවෝ එක්ක ගෙදරදීත් පාසැල් විවේක කාලයේදීත් සෙල්ලම් කලා.   රූපවාහිනියෙත් තෝරා දුන් වැඩ සටහන් බැලුවා.
විභාගය වෙනුවෙන් වැඩි මහන්සියක් උනේ නෑ. එදා දීපු වැඩ එදාම නිම කලා.  පංති භාර සීලානි  ගුරු මෑණියන් මගේ ජයග්‍රහණයට විශාල වශයෙන් කැප වීම් කලා.
පහළ පංතිවලදී උගන්වපු ගුරු මව්පියවරුන් දැක්වු සහයෝගය ගැන මටනම් අමතක නොකරම බෑ. අපේ පාසලේ  විදුහල්පතිතුමාත් පංතිභාර ගුරුතුමි ඇතුලු ගුරුවරු සියල්ල නිතරම අපව දිරිමත් කලා.

කිර්ති එරංග දුනුසිංහ මගේ තාත්තා. වැඩ කරන්නේ රිටිගහඅරාව පාසලේ. අම්මා  රේණුකා උදයන්ති. රැකියාවක් කරන්නේ නෑ.
අම්මයි තාත්තයි හැම වේලේම මාව දිරි ගැන් වුවා.

විදුහල්පති  ‍එන් ඒ යු එස් ජයසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ රිදීමාලියද්ද වැනි දුෂ්කර ප්‍රදේශයකින් මෙවැනි උසස් ප්‍රතිඵලයක් ලබා දී නගරයේ දරුවන් හා සම තැන ගන්නට
ගමේ දරුවන්ටත් දැන් හැකි වි තිබෙන බවත් ඒ  ගැන  ආඩම්බර වෙන බවත් පාසලට ගෙනා කීර්ථිය වෙනුවෙන් සුපිපි කාවින්ද්‍යා දුනුසිංහ ශිෂ්‍යාවට ස්තුතිය ඵල කර සිටියා .

රිදිමාලියද්ද වැනි දුෂ්කර ප්‍රදේශවල පාසල් වල ගුරුවරුන්ගේ අඩුව තමයි තියෙන්නේ. ගම්වල දරුවන් දක්ෂයි.
පාසැල් වල ගුරුහිගය තමයි මේ පලාත් වල තියෙන්නේ. ගුරුවරු ආවත් වැඩි කල් ඉන්නෙ නෑ. මගේ දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලින් සමත් උනා කියා
බදුල්ල බණ්ඩාරවෙල වැනි නගරයේ පාසැල් වලට දාන්ඩ අපේ බලාපොරොත්තුවක් නෑ. දරුවා යන්ඩ කැමතිත් නැ. අපේ බලා පොරොත්තුව දරුවා දිගටම
රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලලේ ඉගෙනුම ලබනවා දකින්නයි කියා සුපිපිගේ පියා පැවසුවා.