Tuesday, October 27, 2015

රංටැඹේ ජලාශයේ දොරවල් 2ක් දැන් විවෘත කරනවා - මහවැලි ගග පහල මහවැලි ගග පරිහරණය කරන ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස මහවැලි නිළධාරින් දැනුම් දේ


10/27/2015 7:48 PM


අද(27)  දිනය පුරා මහවැලි ජලාශවලට ඉහල ප්‍ර දේශ සදහා වැඩි වර් ශාපතනයක් ලැබිම හේතුවෙන් රංටැඹේ ජලාශයේ දොරවල් 2ක් මිටර් 2 බැගින් (රාත්‍රි 8.00 පමණ වන විට) දැන් විවෘත කරනවා යැයි මහවැලි නිළධාරින් දැනුම් දෙන අතර මහවැලි ගග පහළ මහවැලි ගග පරිහරණය කරන ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස වැඩිදුරටත් මහවැලි නිළධාරින් දැනුම් දේ.

Monday, October 26, 2015

වන අලි ප්‍රහාරයෙන් ආදිවාසියෙක් ජිවිතක්ෂයට



2015-10-26 ප.ව. 3:19
දඹාන ගුරුකුඹුර ගම්මානයේ  අද (26) පාන්දර 4.00ට පමණ වන අලි ප්‍රහාරයට ලක්වී ආදිවාසි පුද්ගලයෙකු  රෝහල් ගත කිරිමෙන් අනතුරුව මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ මහියංගන, දඹාන, කොට බකිනිය ගම්මානයේ ඌනෑපාන වරිගයේ ඉන්දික  නම් වසය අවුරුදු 34ක් වන ආදිවාසි එක් දරු පියෙකි. බිරිද රැකියාවක් සදහා විදෙස් ගතවි සිටි.

දඹාන ගුරුකුඹුර ගම්මානයේ වනජිවි කාර්යාලයට ආසන්නයේදි (300-400 මිටර්) මෙම වන අලියාගේ ප්‍රහාරයට ලක්වි ඇති අතර ඒ ආසන්නයේ වු විදුලි වැට කඩාගෙන වන අලියා ගම් වැදි ඇත.

විදුලි වැටේ විදුලිය නොමැති කමින් නිරන්තරයෙන් අලි ගම් වදින බවත් මාස 2ක් තිස්සේ එක්තරා දරුණු වන අලියෙකු ගම් වැදි නිරන්තර ගම්මානයේ නිවාස හා දේපල හා වගා භුමි විනාශ කරන බවත් මේ ඉතා කෙටි කාලය තුල ආදිවාසි ගම්මානයේ නිවාස 15ක් පමණ කඩා දමා විනාශ කර ඇති බව ආදිවාසි නායක විශ්ව කීර්ති  වනස්පති  වන්නිලා ඇත්තෝ ප්‍රකාශ කර සිටි. තවද මෙතෙක් කල් නොසිටි දරුණු මෙම අලියා කොහෙන් හෝ ගෙනවිත් දමාන්නට ඇති ඇති බව ආදිවාසින් ප්‍රකාෂ කර සිටි. අක්‍රිය විදුලි වැට හේතුවෙන් වන අලි නිරන්තරයෙන් ගම් වදින බවත් ආදිවාසි ගම්මානයේ තවත් මෙවන් ජිවිත හානි හා දේපල හානි සිදු කිරිමට පෙර කඩිනමින් මේ සදහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටි.



Saturday, October 24, 2015

කෙසෙල්පොත, රබකැන්පුර විහාරාධිපති බින්තැන්න පත්තුවෙ ප්‍රධාන අධිකරන සංඝනායක දූරයෙන් පිදුම් ලබයි

8:16 PM 10/24/2015
කෙසෙල්පොත,රබකැන්පුර විහාරාධිපති තැන්පත් කනුගොල්ල රතනජොති ස්වාමින්වහන්සේ බින්තැන්න පත්තුවෙ ප්‍රධාන අධිකරන සංඝනායක දූරයෙන් පිදුම් ලැබීම වෙනුවෙන් පැවති පිලිගැනීමෙ උත්සවය අද දින (24) සවස එම විහාරස්ථානයේදී පැවැත්වින.




අවුරුදු11ක් දුවපු සීටිබි බස් ගමන් වාරයට ඇමති බලේ පෙන්නා පෞගලික බසයක් දමයි-ඒ මදිවට ඩිපෝවට මැරයොටිකක් කඩාවැදි සේවකයන්ට තර්ජනට කරලා - එයට විරෝදය පා සේවකයෝ පාරට බසි.

අවුරුදු11ක් දුවපු සීටිබි බස් ගමන් වාරයට ඇමති බලේ පෙන්නා පෞගලික බසයක් දමයි-ඒ මදිවට ඩිපෝවට මැරයොටිකක් කඩාවැදි සේවකයන්ට තර්ජනට කරලා - එයට විරෝදය පා සේවකයෝ පාරට බසි.
10/19/2015 3:34 PM
වසර 11ක් ධාවනය කල මහියංගන බිබිල සීටිබි බස් ගමන් වාරයට ඇමති බලේ පෙන්නා පෞගලික බසයක් යෙදිමට පුද්ගලයෙකු කටයුතු කර ඇති අතර එයට ලංගම සේවකයන් විරෝධය පෑමත් සමග ඊයේ (22) වාහන කිහිපයකින් පැමිණ මැර පිරිසක් මහියංගන ඩිපෝ කාර් යාලයට බලහත් කාරයෙන් ඇතුලුවී සේවකයන් හට තර් ජනය කර ඇත.
අද (23) උදැසන 9.00-9.15 ලංගම බස්රථය ධාවන කරනා කාලසටහනට එම පෞගලික බසර රථය ලංගම බස්රථ නැවතුමට බලහත් කාරයෙන් ඇතුල් කරිමත් සමග ඊට විරෝධය පා ලංගම ඩිපෝවේ නිළධාරින් හා කාර් ය මණ්ඩලය සියල්ල ලංගම බස් නැවතුමට පැමිණ විරෝධව පෑ අතර විරෝධයත් සමග පෞගලික බස්රථය බස් රථ නැවතුමෙන් ඉවත් කර ගැනින.
බිබිල මහියංගන මාර් ගයේ බස් රථ ධාවනය වන්නේ පෞගලික හා ලංගම බස් රථ ඒකා බද්ද කාල සටහනකට අනුවය.
හිටපු ප්‍රවාහණ අමාත්‍යවරයෙක් වුද මොණරාගල ප්‍ර දේශයේ දේශපාලන නායකයෙකුගේ ආරක්ෂක අංශයේ සේවය කරනා පුද්ගලයෙකුට අයත් බස් රථයක් මෙලෙස බලහත් කාරයෙන් වසර 11ක් ගමන් ගත් ලංගම බස් රථ කාලසටහනට ඇතුත් කර ඇත.
මහියංගන ඩිපෝකාර්යයාලයට පැමිණ මැරවරයෝ පිරිසක් කඩාවැදි සේවකයන්ට තර්ජනට කිරිම සම්බන්දයෙන් සේවකයන් සිය බලවත් අප්‍රසාදය ප්‍රකාශ කරන අතර එයට විරෝදය පා සේවකයෝ සියල්ල අද උදැසන (23) ලංගම බස්නැවතුමට පැමිණ විරෝධය දැක්විය.
ඒ අනුව මහියංගන ඩිපෝකාර්යයාල නිළධාරින් හා සේවකයන් මේ සම්බන්දයෙන් මහියංගන පොලිසියේ පැමිණිලි සිදු කර අතර පෞගලික බස් රථහිමියාද පොලිසියේ පැමිණිලි සිදු කර ඇත.
පොලිසිය හට මේ සම්බන්දයෙන් ක්‍රියා කල නොහැකි බැවින් 26 වන සදුදා බදුල්ල මාර් ගස්ථ මගි ප්‍රවහන අධිකාරියේ කාර් යාලය වෙත පැමිනෙන ලෙස පාර් ශව දෙකටම දැන්වීය.
මාස ගනන් පඩි නොලබමින්, තම පවුලට දරුවන්ට කණ්ඩ අදින්න දීමට නොහැකිව, පාසැල් අවශ්‍යතා සපුරා දිමට නොහැකිව කල් ගෙවනා ලංගම සේවකයන්හට මේ ආකාරයෙන් ධාවන කාල සටහන් පෞගලික බස්රථ සදහා දේශපාලන බළය පෙන්නා කොල්ල කෑමට දීමෙන් ලංගම කවදානම් ගොඩ ගැනිමට හැකි වේදැයි සේවකයන් ප්‍රශ්න කරන අතර රජයේ වගකිවයුතු නිළධාරින් මේ සදහා මැදිහත් වන ලෙස ඉල්ලා සිටි.

News 3 >>Hiru CIA 2015-10-21 උප්පැන්නෙට අල්ලස් ගන්නා මහියංගනයේ රෙජිස්ටාර් නෝනා

News 3 >>Hiru CIA 2015-10-21 උප්පැන්නෙට අල්ලස් ගන්නා මහියංගනයේ රෙජිස්ටාර් නෝනා
https://www.youtube.com/watch?v=gKPtVYKy4SE

Wednesday, October 21, 2015

පුත්‍රයාත්-රෙජිස්ට්‍රාර්-කරන-500ක්-ඉල්ලන-නෝනා-හිරු-cia

පුත්‍රයාත්-රෙජිස්ට්‍රාර්-කරන-500ක්-ඉල්ලන-නෝනා-හිරු-cia

උපතක් හෝ මරණයක් ලියාපදිංචි කිරීමේදී නිකුත් කරනා මුල් සහතිකය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන්නේ නොමිලේ සිදුකරනා සේවාවක් ලෙසයි. එවැනි මුල් ලියාපදිංචියක් සඳහා මුදල් අය කිරීම සපුරා තහනම්.

යම් හෙයකින් රෙජිස්ට්‍රාර්වරයෙකු එවැනි සහතිකයක් නිකුත් කිරීම සදහා මුදල් ලබා ගන්නේ නම් එය සැලකෙන්නේ අල්ලස් ලබා ගැනීමක් ලෙසයි. 
අද සී.අයි.ඒ. වෙන්වන්නේ එවැනි මුල් ලියාපදිංචි සහතික සදහා රුපියල් 500 බැගින් අල්ලස් ලබා ගන්නා මහාපරිමාණ වංචාවක් හෙළි කිරීම සඳහායි.

මහියංගන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ උපත් හා මරණ රෙජිස්ට්‍රාර්වරියගේ නිවස පිහිටා ඇත්තේ මහියංගනය පූජා නගරය ආසන්නයේ.
දිනපතා අලුයම හතරේ පමණ සිට ජනතාව  රෙජිස්ට්‍රාර්වරියගේ නිවස අසළ පෙළ ගැසී සිටින්නේ උදෑසන 10 ට ඇය සිය රාජකාරී ආරම්භ කරනා තුරුයි.
 
අලුත උපන් තම කිරිකැටියන් දෑත දරා මව්පියන් අසීරුවෙන් රැදී සිටින්නේ උප්පැන්න සහතිකය ලබාගෙන තම ගම්බිම් කරා යෑම සඳහායි.
 
උදෑසන 10 ට රෙජිස්ට්‍රාර්වරියගේ නිවසට ප්‍රවේශ වුවද තවත් පැය භාගයකට ආසන්න කාලයක් ඔවුන්ට එහි ගත කිරීමට සිදුවන බව අපකළ නිරීක්ෂණයේදී දක්නට ලැබුණා.
  
දිනපතා පැමිණෙන මුල් උප්පැන්න ලියාපදිංචි අයදුම් පත්‍රය මෙම ස්ථානයේදී සම්පූර්ණ කරනා රෙජිස්ට්‍රාර්වරිය අත්සන් කිරීමට බව පවසා නිවස තුළට පුද්ගලයන් රැගෙන යන අයුරු අප කැමරා කාචයේ සටහන් වුණා.

ඇය ගිය පසු රෙජිස්ට්‍රාර් ලෙස පෙනී සිටින්නේ ඇයගේ පුත්‍රයායි.
 
නිවස තුළදී උප්පැන්න සහතිකය නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර්වරිය රුපියල් 500 ක අල්ලසක් ඉල්ලා සිටිනවා.

මහියංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වාර්තා අනුව දළ  වශයෙන් මසකට මේ ප්‍රදේශයේ උපත් 350 ක් පමණත් මරණ 40 ක් පමණත් වාර්තාවනවා.
 
ඒ අනුව 
උප්පැන්න සහතික නිකුත් කිරීම මගින් රෙජිස්ට්‍රාර්වරිය මසකට උපයා ගන්නා අල්ලස් මුදල රුපියල් 175000 ක්.
මරණ සහතික නිකුත් කිරීම හරහා උපයා ගන්නා අල්ලස් මුදල 20000 ක්.

ඒ අනුව  මාසිකව රුපියල් 195000කට ආසන්න මුදලක් මැය නීති විරෝධීව උපයා ගන්නවා. 

හිරු සී.අයි.ඒ. කණ්ඩායම මෙම රෙජිස්ට්‍රාර්වරියගේ අල්ලස් ලබා ගැනීම පිළිබදව තවත් තොරතුරු රැසක් හෙළි කරගෙන අවසන්.
To see the Video >>>
http://www.hirunews.lk/sinhala/118822/%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BB%E0%B7%99%E0%B6%A2%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-500%E0%B6%9A%E0%B7%8A-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1-%E0%B6%B1%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F-%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94-cia

Tuesday, October 20, 2015

තමා විසින්ම ලිංගය කපා ගත් වටරැක විජිත චීවරධාරියා කොටි බේරා ගන්න වැලිකඩ කානුවක් උඩ

තමා විසින්ම ලිංගය කපා ගත් වටරැක විජිත චීවරධාරියා කොටි බේරා ගන්න වැලිකඩ කානුවක් උඩ

තමා විසින්ම ලිංගය කපා ගත් වටරැක විජිත චීවරධාරියා කොටි බේරා ගන්න වැලිකඩ කානුවක් උඩ පසුගිය වකවානුවේ තමා විසින්ම “සුන්නත්” කර ගත් චීවරයක් පොරවාගෙන සිටින වටරැක විජිත නමින් පෙනී සිටින චීවරධාරියා අද වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට තිබු කොටි නිදහස් කර ගැනීමේ උද්ඝෝෂණයට සහභාගී වී සිටි අයුරුයි මේ.


http://www.medaperadiga.com/%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%BA-%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F-%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B6%A7%E0%B6%BB%E0%B7%90%E0%B6%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%92/?m=ydi


ලේකම්ව මහියංගනය වෙත යවන්න ඌව පරණගම වැසියන් වීදි බසිති


2015-10-19 12:45:00
මහියංගනය වෙත වහාම ක්‍රියාත්මකවන පරිදී ස්ථාන මාරු කරන ලද නමුත් තවමත් තම පැරණි කාර්යාලයේම සේවයේ නියුතුව සිටින ඌව පරණගම ප්‍රාදේශීය ලේකම්වරයා වහාම මහියංගනය වෙත යවන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීන් විසින් විරෝධතාවක් පවත්වා තිබේ.
ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පාගමනින් පැමිණි ප්‍රදේශවාසීන් කාර්යාලය වෙත ඇතුළු වීම වැලක්වීමට පොලිස් කැරලි මර්ධන ඒකකය කැඳවා තිබූ අතර ප්‍රදේශයේ ආරක්ෂාව ද තර කර තිබිණ. පැයක පමණ කාලයක් මාර්ගය හරස් කරමින් උද්ගොෂණයේ යෙදුන පිරිස කියා සිටියේ ස්ථාන මාරුව අනුව මහියංගනය වෙත නොයා තවමත් ඌව පරණගම රැඳී සිටින ප්‍රාදේශීය ලේකම්වරයා වහාම මහියංගනය වෙත යොමු කරන ලෙස ය.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කල විමසීමකදී ඌව පරණගම ප්‍රාදේශීය ලේකම්වරයා පවසා සිටියේ බලපෑම්වලට යටත් නොවී රාජකාරී කටයුතු කල බැවින් තමන්ට මෙසේ ස්ථාන මාරුවක් ලැබී ඇති බව ය

Sunday, October 18, 2015


පළමු ආදිවාසී නාවික හමුදා භටයා

පළමු ආදිවාසී නාවික හමුදා භටයා
2015-10-18 19:39:22

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිය 223 වැනි ආධුනික නැවියන් බඳවා ගැනීමේදී ආදිවාසී තරුණයෙකු  පළමුවරට නාවික හමුදාවට බඳවා ගනු ලැබීය. ඔහු ආධුනික නැවි එච්.එම්. ප්‍රසංක ප්‍රදීප් ජයවර්ධනයි. ඊයේ (17දා) 223 වැනි ආධුනික නැවියන් විසිරයාමේ පෙළපාළිය ගාල්ල බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ  ආයතනයේදී  දකුණු නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් ජේ.ජේ. රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  මහියංගණයේ දඹාන පදිංචි ආධුනික නැවි ප්‍රසංක ප්‍රදීප්ගේ මී මුත්තා 


Saturday, October 17, 2015

දෙහිඅත්තකණ්ඩිය පොලොන්නරුව මාර්ගයේ අද (17) සිදු වු රිය අනතුර

 දෙහිඅත්තකණ්ඩිය පොලොන්නරුව මාර්ගයේ අද (17) සිදු වු රිය අනතුර



වන ජිවි නිළධාරින් ගම රැක සිටියදී නිවාස 4ක් වන අලි කඩති - ගම්මු පාරට බැස පාර හරස්කර විරෝධයක


10/17/2015 3:35 PM
මිනිපේ ගොවිජනපදයේ මේ දිනවල වන අලි කරදර උග්‍ර වී ඇති අතර එක් රාත්‍රියකට ගම්මානවල නිවාස කිහිපයක් වන අලි බිද අස්වනු කා දැමිමෙන් ගම්වාසින් දැඩි දුෂ්කර තාවයකට පත්ව ඇති බවත් වනජිවි නිළධාරින් පොරොන්දු පරිදි ගම්මානයට ආරක්ෂාව සලසන බවත්, රාත්‍රි නිළධාරින් ගම්මානය රැකවල් ලා සිටියදි වන අලියෙකු ගම් වැදී නිවාස 4ක් ඊයේ (16) රාත්‍රි කඩා දමා ඇති බව පවසමින් මහියංගන, රංදෙනිගල ප්‍රධාන මාර්ලගය හරස් කරමින් අද (17) උදැසන 10.00 සිට දහවල් 12.30 පමණ වනතුරු මාර්ගය හරස් කරමින් විරෝධතාවයක නිරත විය. මේ වන විට ගම්මානයේ නිවාස 10කට ආසන්නා ප්‍රමාණයක් වන අලි විසින් කඩා දමා අස්වනු කාදමා ඇත.
වනජිවි නිළධාරින් ගම්වාසින් හට ඊයේ (16) උදේ පොරොන්දු වි ඇත්තේ ගම්මානයට ආරක්ෂාව සලසා දෙන බවයි. ඒ මොහොත සදහා හසලක පොලිසියේ නිළධාරින්ද එක්වී සිටි අතර ඒ මොහොත සදහා විශාල පිරිසක් එක් වී සිටි අතර විරෝධතාවය පැවැත්වීමට සංවිධානය කර තිබුනේ ඊයේ (16) උදැසන වේ. එහෙත් පොලිසියේ හා වනජිවි නිළධාරින්ගේ ඉල්ලිම මත එය ගම්වාසින් විසින් අත්හිටුවන ලදි.
පැය 2.30 අධික කාලයක් මාර් ගය හරස් කරමින් ගම්වාසින් 300ක් පමණ විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් මාර් ගයේ ගමනාගමනය සම්පුර් ණයෙන්ම අඩාල වු අතර මාර් ගයේ දිගු වාහන පොලිම් දක්නට ලැබින.
මිනිපේ ජනපදයේ වසර 10ක පමණ සිට වන අලි කරදර උග්‍රෙවමින් පවතින අතර රංදෙනිගල වන රක්ෂිතයේ සිට රාත්‍රි වන අලි ගම් වැදිමට පුරුදුව ඇත. රංදෙනිගල සිට හසලක දක්වා විදුලි වැටක් වසර ගනනකට පෙර සිට ඉදිකරනු ලැබුවද වන අලි ඒ විදුලි වැට කඩා දමමින් ගම්වදිනුයේ විදුලි වැටෙහි ඇති දෝශ හේතුවෙන් බව ගම්වාසින් චෝදනා කරති.
මෙසේ වන අලි නිරන්තරයෙන් ගම්වදින ගම්මාන වන්නේ දුනුමඩලාකැටිය, ගලේයාය, බුලුගහමුල්ලේයාය, එගොඩහයාය, මකුලුමුල්ලේයාය, ඔරුවලයාය,33 ඇල, 29 ඇල, 31 ඇල, 3කණුව යන ගම්මාන වේ.
විදුලි වැට නිවැරදි ආකාරයෙන් අඩුපාඩු සකසා සක්‍රිය කර දි මිනිපේ ගොවිජනපදයේ ගොවි දු පුතුන්ගේ ජිවිත සුරක්ෂිත කර දෙන ලෙස ගොවිජනපදවාසින් බළධාරින්ගෙන් හා නිළධාරින්ගෙන් ඉතා බැගැපත්ව ඉල්ලා සිටි.
පොලිසිය අවස්ථා කිහිපයකදී විවිධ විසදුම් ලබා දෙමින් මාර් ගය විවෘත කිරිමට උත්සාහ ගත්තද ගම්වාසින් ඒ කිසිවකට එකග නොවිය.
ගම්මානයේ පක්ෂ නියෝජිතයෙකු විසින් එක්සත්ජාතික පක්ෂ උඩදුම්බර අවසාන සංවිධායක චානක අයිලප්පෙරුම මහතා දුරකතනයෙන් සම්බන්දකර අද (17) සවස සාකච්ඡාවක් සදහා පැමිනෙන දන්වා සිටි අතර ඒ සදහා ගම්වාසි වැඩි එකගතාවයක් නොදැක් වු අතර 
අවසානයේ වනජිවි නිළධාරින් පැමින සතියක් ඇතුලත මෙම විනාශකාරි වන අලියා වෙනත් ප්‍ර දේශයකට රැගෙන යන බවට දුන් පොරොන්දුවෙන් පසු විරෝධතාවය අවසන් විය. වනජිවි අඩවි සහකාර මංජුල ප්‍රදිප් මහතා ගම්වාසින් වෙත එම පොරොන්දුව ලබා දෙන ලදී



මුදල් ඩබල් කරන ජාවාරම බදුල්ලේදි කොටුවෙයි

 Oct 16, 2015 13 0
ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු බදුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරු සතුව තිබී ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු 71ක් සහ ව්‍යාජ අමෙරිකානු ඩොලර් 100 නෝට්ටු 20ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේය.අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදි රාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
(බදුල්ල විමුක්ති සංජය පෙරේරා)

Tuesday, October 13, 2015

මැරූ හරක් 3ක් කාර් එකේ ඩිකියේ


 මැරූ හරක් 3ක් කාර් එකේ ඩිකියේ
2015-10-13 ප.ව. 9.35
මහියංගන පගරගම්මන සිට අකුරණ දක්වා කාර් එකක පිටුපස කොටසේ (ඩිකියේ) ගාතනය කරන ලද ගවයන් තිදෙනෙකුගේ (03ක්) මස් ප්‍රවාහනක කරමින් තිබු කාර් එක මහියංගන පොලිසිය විසින් අද (13) උදැසන අත් අඩංගුවට ගන්නට සමත්ව ඇත.
බලපත්‍ර නොමැතිව ගවයන් මැරිම, බලපත්‍ර නොමැතිව ගවමස් ප්‍රවාහනය යටතේ අත් අඩංගුවට ගත් පුද්ගලයා හා කාර් එක සහ කිලෝ 250ක් පමණ වු මස් මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පොලිසිය විසින් පියවර ගන්නා ලදී.
කලක සිට මේ ආකාරයෙන් ගවමස් ජාවාරම සිදු කර ඇති බවයි තොරතුරු ලැබී තියෙන්නේ.

මහියංගන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක වීරකෝමහතාගේ උපදෙස් පරිදි දුෂණ මර්ධන හා නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සුදේශ් චතුරංග මහතා පො.සැ. 49333 එදිරිසිංහ, පො.කො. 61685 සුමිත්, පො.කො. 38588 සම්පත්, 75337 සදලාල්, පො.ස. 1652 තිලක් ප්‍රමුඛ නිළධාරින් විසින් මෙම වැටලිම සිදු කර ඇත. සොරා ගන්නා ලද ගවයන් මේ ආකාරයෙන් ගාතනය කර ඇත්ද යන්න පිළිබද පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.





කාර් එක පල්ලමේ - තිදෙනෙක් රෝහලේ

 2015-10-13 ප.ව. 3.48
බදුල්ල මහියංගණ මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් එම මාර්ගයේ මීගස්පට්ටිය මංසන්ධීය අසල පිහිටි පාලම අසලදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී මාර්ගය අයිනේ තිබු දුරකතන ඇමැතුම් කණුවක්ද කඩාගෙන එ් අසල වූ අඩි 25 ක පමණ ප්‍ර‍පාතයකට පෙරළී ගොස් ඇත.
ඊයේ (12) රාත්‍රි 8.00 ට පමණ සිදුවු අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් තල්දෙන ප්‍රරදේශයේ තරුණයින් තිදෙනෙකු තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුලත් කල අතර බරපතල තත්වයේ පසු වූ ඉන් දෙදෙනෙකු බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරුකර යවා ඇත.
මෝටර් රථයටද අනතුරින් බරපතල හාණි සිදුව ඇත.


Monday, October 12, 2015

රෝදය ගැලවී සීටීබී බසය මිනිපේ යෝධ ඇලේ - 10ක් රෝහලේ

 රෝදය ගැලවී සීටීබී බසය මිනිපේ යෝධ ඇලේ - 10ක් රෝහලේ
2015-10-12 ප.ව. 8.49
හසලක සිට වස්ගමුව දක්වා ගමන්ගත් සීටීබී බස් රථයක ඉදිරිපස රෝදය ගැලවී රියදුරුට බසය පාලනය කරගත නොහැකිව බස් රථය මිනිපේ යෝධ ඇලට අද(12) දහවල් පෙරලි ඇත.
මෙසේ පෙරලුන බස් රථය උඩදුම්බර (හසලක) ඩිපෝවට අයත් බස් රථයක් වන අතර බසය පෙරලෙන විය බස් රථයේ මගින් 50 දෙනෙක් සිට ඇත. ඉන් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. ඒ සියල්ලට සුලු තුවාල ලැබුවන් වන අතර බස් රථයේ රියදුරු හා කොන්දොස්තර මහතාද ඒ තුවාල ලැබුවන් අතර වේ.




හිසට වහලක් නැති රෝගින්

හිසට වහලක් නැති රෝගින්
2015-10-12 පෙ.ව. 11.04
දිස්ත්‍රික් 5ක් සදහා තම සේවාව ලබාදෙන මහියංගන මුලික රෝහලේ, ප්‍රතිකාර ලබා ගැනිමට එන රෝගින් වැස්සෙන් හා අව්වෙන් පිඩාවට පත් වන්නට සිදුව අතිබව ප්‍රතිකාර ලබාගැනිමට එන රෝගින් චෝදනා කරති. ඇතුලත් කර ගන්නා ගොඩනැගිල්ලේ සිට වාට්ටු සදහා ගමන් ගන්නා මාර් ගයේ වහලක් නොතිබීම ඊට හේතුව වේ.
රෝහල වෙත ඇතුලත් කරගන්නා රෝගින් ඇතුලත් කර ගැනිමේ බාහිර රෝගි ප්‍රතිකාර අංශ ගොඩනැගිල්ලේ සිට වාට්ටු සදහා ගෙන යෑමට තිබු මාර් ගය තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරිම හේතුවෙන් ‍මේ වන විට කඩා ඉවත් කර ඇති අතර, ඊට විසදුමක් ලෙස ඉදිකල වාට්ටු සදහා පිවිසුම් තාවකාලික මාර් ගයේ වැඩ මාස කිහිපයක් තිස්සේ නැවති ඇති අතර එහි වහලයක් නොමැති කමින් වර් ෂාව ඇති විට රෝගින් මහත් අපහසුතාවයට පත්වේ.
විශේෂයෙන් අසාධ්‍ය රෝගින්, මහලු රෝගින් වැස්සෙන් නොතෙමි වාට්ටු සදහා රැගෙන යෑමට නොහැකිව රෝහල් කණිෂ්ඨ කාර් යය මණ්ඩලයද දැඩි අපහසු තාවයකට පත්ව ඇති බව රෝහල වෙත පිවිසෙන සියලු දෙනා හට අව බෝදකර ගත හැකි වේ.
වගකිවයුතු බළධාරින්ගේ විශේෂ අවධානය යොමු වී ඉදිරි දැඩි වර් ෂා සමය ආරම්භ විමට පෙර වාට්ටු සදහා පිවිසිමට තනා ඇති තාවකාලික පිවිසුමට වහලයක් සාදා දී අසරණ රෝගින්ට හා රෝහල් කාර් ය මණ්ඩලයට පිහිටක් වන ලෙස ප්‍ර දේශ වාසින් ඉල්ලා සිටි.


දරුවෙකුගේ හිස මත පතිතවී විශාල අනතුරක් විමය පෙර

දරුවෙකුගේ හිස මත පතිතවී විශාල අනතුරක් විමය පෙර
2015-10-12 පෙ.ව. 11.04
මහියංගන ජාතික පාසැලේ ප්‍රධාන පිවිසුම් දොරටුව අභියස ඇති විශාල රුක්ෂය මේ වන විට දිරාපත්ව කිසියම් මොහොතක කඩාවැටී විශාල අනතුරක් සිදුවිමට හැකියාව ඇති බවට පැසැලේ දරුවන්ගේ දෙමාපියන් පවසනවා.
වසර ගනනාවක් තිස්සේ මෙම විශාල රුක්ෂය මැරි දිරාපත්වෙමින් පවතින අතර පාසැල් කාලයේ නිරන්තරයෙන් දරුවන් මෙම ස්ථානයේ ගැවසිම හේතුවෙන් දරුවන්ගේ හිස මත පතිත වී විශාල අනතුරක් සිදු වීමට පෙර වගකිවයුතු රජයේ නිළධාරින් හා ආයතන මැදිහත් වී දිරාපත්ව ඇති රුක්ෂය කප ඉවත් කර දෙන ලෙස දරුවන්ගේ දෙමාපියන් ඉල්ලා සිටි.

Sunday, October 11, 2015

සොරොව්ව උඩට නැග පෙට්‍රල් දමා ගිනිතියාගන්න හැදු පුද්ගලයා බේරාගැනේ

2015-10-11 පෙ.ව. 11.40
Video
අසත්‍ය චෝදනාවක් මත ගිරාදුරුකෝට්ටේ පොලිසිය විසින් තමා අත්අඩංගුවට ගත්බව පවසමින් පුද්ගලයෙකු 09 දින උදැසන ගිරාදුරුකෝට්ටේ උල්හිටිය ජලාශයේ සොරොව්වේ වහලය මත නැගි විරෝධතාවයක නිරත විය.
උල්හිටිය, ධිවර ගම්මානයේ පදිංචි දෙදරු පියෙක් වන මෙම පුද්ගලයා නිති විරෝධි මත්පැන් පෙරිම සහ ලග තබාගැනිමේ චෝදනා මත ගිරාදුරුකෝට්ටේ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 08 වන දින වේ. එහිදි එදින පස්වරුවේ ඔහුට ඇප ලබා දුන් බව පොලිසිය ප්‍රකාශ කලේය.
මෙම පුද්ගලලයා උල්හිටිය ජලාශයේ සොරොව්වේ වහලය මත පෙට්ට්‍රල් බෝතලයක් අතැතිව වහලය මතට නැගි ගිරාදුරුකෝට්ටේ පොලිසිටය විරුද්ධව විරෝධතාවයේ  නිරත වු අතර විශාල ගම්වාසින් පිරිසක් ද එම ස්ථානයට එක් රොක්වි සිටියේය.
එම ස්ථානයට පැමිණි ගිරාදුරුකෝට්ටේ පොලිස් නිළධාරින් පුද්ගලයා බිමට බැස්සීමට ගත් උත්සාහය අසාර් ථක වු අතර  අවසානයේ  මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා එම ස්ථානයට පැමිණ විරෝදතාවයේ නිරත වු පුද්ගලයා අතර සාකච්චාවක් සිදු කල අතර පොලිසියෙන් අසාධාරණයක් සිදු වු යේ නම් තමාට දැන්වීමට අවස්ථාව තිබු බවත් සහකාර පොලිස් අධිකාරිවරයා තරුණයාය හට ප්‍රකාශ කලේය.
ඒ කිසිවක් සවන් නොදුන් විරෝධතාවයේ නිරතව සිටි පුද්ගලයා තම අතතිබු පෙට්ට්‍රල් බෝතලයේ වු පෙට්ට්‍රල් තම ශරිරය පුරා වතකර ගෙන ගිනිතැබිමට උත්සාහ කල අතර ඒ අවස්ථාවේ ගම්වාසින් හා පොලිස් නිළධාරින් අතර උණුසුම් තත්වටක් හටගත් අතර වහාම ක්‍රියාත්මක වු ගම්වාසියෙක් වහලය මතට නැගි තරුණයා අල්ලාගෙන වහලෙන් බිමට බැස්සිමට කටයුතු කලේය. ඉන් අනතුරුව ඔහුව රෝහල් ගත කිරිමට පොලිසිය ක්‍රියා කලේය.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනිමේ නිත්‍යානුකුල භාවය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පරික්ෂණයක් ක්‍රියාක්මක වන බවත් විරෝධතාවයේ යෙදි සිටි තරුණයාට විරුද්ධව එලැබෙන 14දින මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිමට ක්‍රියාකර ඇති බව පොලිස් ආරංච් මාර් ග සදහන් කලේය.






Friday, October 9, 2015

අසිරිමත් මියුගුණ මහා සෑ වන්දනාව..

මේ මහා භද්‍රකල්පයේ පහළ වී වදලා සතර බුදුරජාණන් වහන්සේලා සිහිකොට සිදුකරනා අසිරිමත් මියුගුණ මහා සෑ වන්දනාව..
මේ මස 17 වන දින සවස 5 සිට රාත්‍රී 9 දක්වා..මහියංගන මහා සෑ මළුවේදී..

09 හැවිරිදි දැරිය දුෂණය කල පුද්ගලයාට විරුද්දව ගම්වාසින්ගේ විරෝධය

09 හැවිරිදි දැරිය දුෂණය කල පුද්ගලයාට විරුද්දව ගම්වාසින්ගේ විරෝධය
2015-10-09 ප.ව. 10:48
ගිරාදුරුකෝට්ටේ බෙලගන්වැව ගම්මානයේදි ඊයේ සවස වයස අවුරුදු 9 හැවිරිදි පාසැල් දැරිය දුෂණය කල පුද්ගලයෙකුට විරුද්දව ගම්වාසින්ගේ බෙලගන්වැව හන්දියේදි අද (09) උදැසන විරෝධය දැක්වු අතර ඊයේ සවස සිට ප්‍ර දේශයෙන් අතුරුදහන්වසිටි කොත්තු වසන්ත නම් අපරාද කරු ගිරාදුරුකෝට්ටේ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
නිවසේ කිසිවකු නොසිටි මොහොත නිවසට පැන බලහත්කාරයෙන් දැරිය දුෂණය කර ඇති අතර, මිත්තනිය පන්සැල්ගොස් නිවසට පැමිනිවිට මිත්තනියද පෙරලාගෙන සැකකරු ඵලාගොස් ඇත.  පාසැල් දැරිය ඒ වන විට සිහිමුර්ජාවෙන් සිට ඇති අතර සැකකරු විසින් ගෙල ප්‍ර දේශයද මිරිකා ඇතිබවයට සලකුණු තිබිම හේතුවෙන් ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරිමෙන් අනතුරුව බදුල්ල මහරෝහල වෙත මාරු කර යවා ඇත.

සිද්ධිය සම්බන්දයෙන් ගිරාදුරුකෝට්ටේ පොලිස්ථානාධිපති මොහාන්ද සිල්වා මහතා ප්‍රමුඛ නිළධාරින් විසින් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.

Sunday, October 4, 2015

තවත් දැරියක් අනූ නමයෙන් බේරෙයි

2015-10-04 20:19:39
වයස අවුරුදු 11 ක බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමට තැත්කළබව කියන හිමිනමක් පදියතලාව මොරදෙණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ, සැකකාර හිමි නම දඹදිව සංචාරයක් සඳහා මුදල් එක්රැස්කිරීම සඳහා ප්‍රදේශයේ නිවාසවෙත ගොස් ඇති බවයි.
එළෙස ගිය අවස්ථාවක දී සැකකාර හිමිනම නිවසක සිටි 11 හැවිරිදි දැරිය අපයෝජනය කිරිමට උත්සාහ දරා තිබෙනවා.
කෙසේ වෙතත් එම අවස්ථාවේ දී වහා ක්‍රියාත්මක වූ දැරිය නිවසේ කාමරයක් තුළට ගොස් දොරගුළු ලා ඇති බවයි පොලීසිය පැවසුවේ.
මද වේලාවකින් පසුව දැරිය කාමරයෙන් පිටතට පැමිණ අසල්වැසි ඥාතියෙකුට සිද්ධිය සම්බන්ධයෙන් දැණුවත් කර තිබෙනවා.
ඒ අනුව ඥාතියා සහ ප්‍රදේශවාසීන් එක්ව සැකකාර හිමි නම අල්ලා පොලීසිය භාරදෙනු ලැබුවා.
අනතුරුව සැකකාර හිමිනම අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ළමා හිංසනය පිළිබඳ පාසල් මට්ටමින් දරුවන් දැණුවත් කිරීමේ වැඩසටහනේ ප්‍රතිඵයක් නිසා දරුවා මෙම සිදුවීමෙන් බේරී ඇති බව අදාල දැරිය පොලීසියට පවසා තිබෙනවා.
- See more at: http://nethfm.com/article/84375#sthash.jXotDR3l.dpuf

Saturday, October 3, 2015

CarWash වැඩ සටහන ඉතා සාර් ථකයි

2015-10-03 ප.ව. 7.03
මහියංගන ජාතික පාසැල් ආදිශීෂ්‍ය සංගමයට ආධාර පිණිස අද (03) උදැසන සිට විද්‍යාලිය ක්‍රිඩා පිටිය ඉදිරිපිට සංවිධානය කර තිබු CarWash වැඩ සටහන ඉතා සාර් ථකව අද දවස පුරා ක්‍රියාත්මක් වු අතර විවිධ මාලිදියේ වාහන රාශියක් සේවාව ලබාගනිමින් විද්‍යාලිය ආදිශීෂ්‍ය සංගමයට ආධාර කරනු ලැබිය.
මෙම අවස්ථාව සදහා වත්මන් ආදිශීෂ්‍ය සංගමයේ නායකයන් හා ක්‍රියාකාරි සාමාජිකයන් විශාල පිරිසක් උදැසන සිට සිය ශ්‍රමය ලබාදෙමින් මහත් උනන්දුවෙන් මෙම කාර් යය සාර් ථක කර ගැනිමට සහයෝගය ලබාදෙමින් එක් වී සිටියේය.