Monday, October 27, 2014

ට්‍රැක්ටරක් පෙරලි අයක් මරුට - 06ක් රෝහලේ

බදුල්ල කන්දකැටිය ගල උඩ මර්ගයේ 20 කණුව හෙබරගොඩ හන්දිය අසලදී අද උදැසන 7.00ට පමණ ට්‍රැක්ටරයක් පෙරලියාමෙන් එහි ට්‍රේලරයේ ගම්නත් පුද්ගලයෙකු එම ස්ථානයේදිම මියගොස් පුද්ගලයන් 06ක් තුවාල ලබා ඇත.
ට්‍රැක්ටරයක ට්‍රේලරයේ නැගි ප්‍ර දේශයේ පවත්වාගෙන ගිය ගල් ඇබරුම් මධ්‍යස්ථානයක් වෙත පුද්ගලයන් වැඩට යමින් සිටියදි ට්‍රැක්ටරයේ එන්ජිම් කොටසින් ‍ට්‍රේලරය වෙන් වි  රෙලි යාමෙන් මෙම අනතුර සිදු වි ඇත.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ රිකිල්ලගස්කඩ ප්‍ර දේශයේ පදිංචි 48 හැවිරිදි දෙදරු පියෙකි.
ට්‍රැක්ටරයේ රියදුරා කන්දකැටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.











වැස්ස නුවර මහියංගන මාර්ගය වසයි. බසයක්ද නායයෑමට මැදිවි පෙරලෙයි. පුද්ගලයෙක් පස් වලට යට වෙයි.


වැස්ස නුවර මහියංගන මාර්ගය වසයි. බසයක්ද නායයෑමට මැදිවි පෙරලෙයි. පුද්ගලයෙක් පස් වලට යට වෙයි.
 
මධ්‍යම කදුකරයට ඊයේ (26) රාත්‍රි 7.00ට පමණ ඇද හැලුන අධික වර්ශාවත් සමග මහියංගන මහනුවර මාර්ගයේ හුන්නස්ගිරිය, ගලේකැලේ ප්‍ර දේශයේ පස්කන්දක් නාය යැම හේතුවෙන් මාර්ගයේ ගමන්ගත් රථවාහන කිහිපයක් හා පුද්ගලයන් 150ක් පමණ කොටුවි අතර මන්වු අතර මාර්ගයේ ගමන් ගත් බස් රථයක් නායයෑමට මැදිවි මාර්ගයෙන් ඉවතට විසිවි ප්‍රපාතයට පෙරලි ඇත. ඒ වන විට බස්රථයේ රියදුරුපමණක් සිට ඇති අතර රියදුරු අනතුරෙන් තුවල ලබා ඇත. මෙම පස් කදු නායයැම හේතුවෙන් රථවාහන 11ක් කොටුවී ඇති අතර ඒවා අද උදැසන ඩෝසර් මගින් මාර්ගයේ පස් ඉවත් කර මුදාගෙන ඇත.ි

පස් කන්ද නායයන මොහොතේදි වාහනයෙන් බැස එය නැරබිමට ගිය පුද්ගලයෙක්ද ඒ ස්ථානයට ආසන්නයෙන් තවත් පස් කන්දන් නායයැම හේතුයෙන් පස්කන්දට යට වි තුවාල ලබා ප්‍රතිකාර සදහා උඩදුම්බර ප්‍රාෙද්ශීය රෝහලට ඇතුලත් කිරිමේන පසු මහනුවර රෝහල වෙත මාරු කර යවා ඇත.  

මාර්ගය දෙපැතුතකින් නායයැම හේතුවෙන් ඊට කොටු වු පිරිස උඩදුම්බර පොලිසිය මැදිහත් වි බේරාගෙන ආරක්ෂිත ස්ථාන කර යොමුකිරිමට කටයුතු කර ඇත.

මේ වන විට මාර්ග සංවර්ධණ අධිකාරියේ පලාත් අධ්‍යක්ෂක තුමන් මැදිහත් වි නායගිය ස්ථානයේ පස් ඉවත් කිරිමට කටයුතු යොදා තිබුනි.  ඒ සදහා මාර්ග සංවර්ධණ අධිකාරියේ කම්කරුවන් හා ඩෝසර් කිහියක්ද යොදා ගැනිමට කටයුතු කර තිබුනි. යුද හමුදාවද ඒ සදහා සහය ලබා දේ. මහියංගන මහනුවර මාර්ගය නායගිය පස් ඉවත් කරනතුරු තාවකාලිකව වසා ඇත. ඒ හේතුවෙන් මාර්ගය භාවිතා කරන රථවාහන රියදුන්හට විකල්ප මාර්ග බාවිතා කරන ලෙස උඩදුම්බර  හා හසලක පොලිස්ථානාධිපතිවරු දැනුම් දෙයි.










 

 

Saturday, October 25, 2014

වැඩමුරය නිමවි ඇගලුම් කතුන්ට ගෙදර යන්න බැරිවෙයි

වැඩමුරය නිමවි ඇගලුම් කතුන්ට ගෙදර යන්න බැරිවෙයි

මහියංගනය පදියතලාව මාර්ගයේ 48 කණුව ප්‍රදේශයේ දී මහියංගන මැලිබන් ඇගළුම් කම්හලේ සේවකයින් ප්‍රවාහානය කළ බසයක්  ඊයේ (24) සන්ධ්‍යාවේදි පෙරළීමෙන් සේවිකාවන් 12 දෙනකු තුවාල ලබා මහියංගන රෝහලට ඇතුලත් කර ඇත.  බස්රථයේ රියදුරු බිමතින් සිටි බවට මහියංගණ පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.  

Tuesday, October 21, 2014

රෝහලේ ඩොක්ටර් තමන්ගේ ෆාමසියෙන් ඖෂධ අධික මිළය විකුණා මාට්ටු - වැරදි රැසක් හෙලිවෙයි

රෝහලේ ඩොක්ටර් තමන්ගේ ෆාමසියෙන් ඖෂධ අධික මිළට විකුණා මාට්ටු - වැරදි රැසක් හෙලිවෙයි

හසලක ග්‍රාමිය රෝහලේ සේවයේ යෙදි සිටින වෛද්‍යවරයෙකු විසින් පවත්වාගෙන ගිය නිති විරෝධි හා බලපත්‍ර නොමැති ප්‍රමිතියෙන් තොර රසායනාගාරයක් හා ඖෂධ අළෙවි සැලක් ඖෂධ අධිකාරිය මගින් ඊයේ (21)  දහවල් වටලන ලදි.

හසලක රෝහල සදහා ප්‍රතිකාර ලබාගැනිම සදහා පැමිණෙන රෝගින් සදහා අනවශ්‍ය ආකාරයෙන් අයතා ලෙස රසායනාගාර පරික්ෂණ හා ඖෂධ තම මධ්‍යස්ථානයෙන් ලබා ගිනිමට නිරන්තරයෙන් මෙම වෛද්‍යවරයා විසින් යොමු කර ඇති අතර ඒ සම්බන්දයෙන් නිරන්තර පැමිණිලි ගලා ඒමට පටන් ගැනිම හේතුවෙන් මේසම්බන්දයෙන් මධ්‍යම පළාත් සෞඛ සේවා අධ්‍යක්ෂිකා ශාන්ති සමර සිංහ මහත්මියගේ විශේෂ අවධානය යොමුවි ඇත.
රසායනාගාරයේ හා ඖෂධ අළෙවි සැලේ සේවයේ යෙදි සිටියේ කිසිම පුහුණුවක් නොලත් සේවිකාවක් වන අතර වෛද්‍යවරයා නොමැතිව බෙහෙත් ලබාදිම හා වෛද්‍යවරයා විසින් රෝගින් සදහා රෝහලේදි පිටති ලබාගැනිමට ලබා දෙන බෙහෙත් තුන්ඩු සදහා ඖෂධ ලබාදිම සිදු කර ඇත.

මෙම රසායනාගාරය හා ඖෂධ අළෙවි සැලේ හිමිකාර වෛද්‍යවරයා විසින් රෝහලේ පහසුවෙන් හා නොමිළේ රජය මගින් රෝගින් හට ලබාදිමට නියමිත ඖෂධ තම ෆාමසියෙන් ලබා ගන්නා ලෙස තුන්ඩු නිකුත්  කර ඇති අතර ඒවාද විශාල මිළ ගණන් යටතේ අළෙවිකර ඇත. ඒ සදහා රෝහලෙන් ලබාදෙන තුන්ඩුවල ඖෂධ නාමය සදහන් නොකර තම ෆාමසියේ වු ඖෂධ සදහා වු කේත ක්‍රම සදහන් ඉලක්කම් බාවිතා කර ඇති අතර එම කේත හදුනාත හැක්කේ එම වෛද්‍යවරයාගේ ඖෂධ සැලේ සේවිකාවට පමණක් විම හේතුවෙන් රෝගින් විශාල පිඩාවට පත්ව සිට ඇති අතර ලැබුනු විශාල පැමිණිලි සැල කිල්ලට ගනිමින් මෙම වැටලිම ආහාර හා ඖෂධ අධිකාරියේ ආහාර හා ඖෂධ පරික්ෂක ආර්. පි. ඩබ්ලිව්ග රාජපක්ෂ මහතා හා ඊ. පි. එදිරිසිංහ මහතා විසින් සුදු කරනු ලැබිය. හසලක පොලිසියේ පොලිස් නිළධාරින් හා මිනිපේ ප්‍රාදේශිය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ නිළධාරින් මහජන සෞඛ පරික්සක මහතුන් මෙම වැටලිම සදහා සහබාගි වි සිටියේය.

ආහාර හා ඖෂධ අධිකාරිය නිළධාරි මහතුන් හා හසලක පොලිස් නිළධාරින් එක්ව වෛද්‍යවරයා හා සේවිකාව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු සිදු කරන ලදි.





Monday, October 20, 2014

කොස්ගහ ලොකු අනතුරක් බේරයි

කොස්ගහ ලොකු අනතුරක් බේරයි
2014 ඔක්තෝබර් මස 20 12:26:58 

බදුල්ල - මහියංගන ලංගම බසයක් තල්දෙන 11 කණුව අසළදී අඩි 20 ක පල්ලමටකට වැටී මගීහු තිදෙනෙක් තුවාල ලැබූහ. මගීහු 35 දෙනෙක් බසයේ ගමන් කළහ. දර කරත්තයකට ඉඩ දීමට යද්දී පල්ලමට පෙරළුණු බසය කොස්ගසක රැඳී නැවතීම නිසා බරපතල අනතුරක් වැළකී ගොස් ඇත.


හිටපු ඇමති යලිත් එම පුටුවටම

හිටපු ඇමති යලිත් එම පුටුවටම 

නව ඌව පලාත් සභාවේ කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන, මිරිදිය ධිවර කර්මාන්ත, සංචාරක හා ප්‍රවාහන කටයුතු අමාත්‍යවරයා වශයෙන් අනුර විදානගමගේ මහතා අද (20) වැඩ බාරගත්තේය.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඣජායනා මධ්‍යෙය් ඒ මහතා සිය ප්‍රථම රාජකාරි ලිපියට අත්සන් කල අතර එම මොහොත සදහා සිය සොයුරු බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා ප්‍රමුඛ විශාල පිරිසක් සහබාගි වි සිටියා.

Sunday, October 19, 2014

ජිවිත අනතුරක් වි නිමාවිමට ගිය පෙම් පල හිලව්ව පොලිසිය මැදිහත් විමෙන් බේරේ

ජිවිත අනතුරක් වි නිමාවිමට ගිය පෙම් පල හිලව්ව පොලිසිය මැදිහත් විමෙන් බේරේ
2014-10-19 ප.ව. 2:43

පාසැල් සිසුවියකට ජිවිත අනතුරක් කිරිම සදහා  මහියංගන සති අන්ත පංතියක් පැවැත්වෙන ස්ථානයක රැකවල් ලා සිටි 20 හැවිදිරි තරුණයෙකු මහිංගන පොලිසියට ලැබුන තොරතුරක් අනුව අද (19) දහවල් අත් අඩංගුවට ගත් අතර එම පුද්ගලයාගේ ඉන වටේ පිහි 3ක් සගවා තිබි පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බදුලුසිරිගම, බදුල්ල ප්‍රදේහයේ තරුණයෙක් වන අතර මහියංගන හද්දත්තාව ප්‍රදේශයේ වයස 16ක පාසැල් සිදුවියක් සමග තම ඥාති ගුරුවරියකගේ නිවසේදි දැන හැදිනගත් පාසැල් සිසුවිය සමග මාස කිහිපයකට පෙර පෙම් සබතාවයක් ආරම්භ කර ඇති අතර මාස තුනකට පසු එම සිසුවිය විසින් පෙම් සබදකම නතර කර දමා ඇත. එයින් කෝප වු තරුණයා පාසැල් සිසුවියට හා සිසුවියගේ දෙමාපියන්ට හා පවුලේ ඥාතින් හට නිරන්තරයෙන් දුරකථනයෙන් තර්ජනය කර ඇත. එම හේතුව නිසා පාසැල් සිසුවිය අමතර පංති යැවිම පවා දෙමාපියන් විසින් නවතා දමා ඇත.
මාස කිහිපයකට පසු එම පාසැල් සිසුවිය සති අන්ත පන්ති සදහා සහභාගි වු ප්‍රථම දිනයේදිම ඒ බව මෙම තරුණයාට ආරන්චි වි ඇති අතර ඇයගේ සති අන්ත අමතර පංතිය පැවැත් වෙන ස්ථානයේ පංතිය නිමවෙනතුරු රැකවල් ලා සිට ඇත. එසේ යෑමට පෙර සිසුවියගේ ඥාතින් හට දුරකථන මාර්ගයෙන් එස් එම් එස් පනිවිඩ මාර්ගයෙන් දැනුම් දි ඇත්තේ මුලු පව්ලම අද අඩවන බවය.
මේ සම්බන්දයෙන් දැරියගේ දෙමාපියන් විසින් මහියංගන පොලිසිය දැනුවත් කිරිමෙන් පසුව පොලිසිය ක්‍රියාත්මක වි පංතිය අසල රැකවල් ලා සිටි තරුණයා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ සිරුර පරික්ෂා කිරිමේදි ඉණ වටා පිහි 3ක් සගවා තිබි සොයා ගෙන ඇත. මහියංගන පොලිසිය හා පවුලේ ඥාතින් වහා ක්‍රියාත්මක විම හේතුවෙන් සිදුවන්නට ගිය පාසැල් සිසුවියගේ ජිවිත හානියක් වලක්වා ගන්නට හැකි වි ඇත.


මහියංගන පොලිසියේ වැඩබලන ස්තානාධිපති උප පොලිස් පරික්ෂක චන්දන විරසිරි මහාතා ප්‍රමුඛ පොලිස් නිළධාරින්   මේ සම්බන්දයෙන් පරික්ෂණ සිදු කරන අතර අත් අඩංගුවට පත් තරුණයා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Friday, October 17, 2014

ඌවේ ඇමැති මණ්‌ඩලය පත්වේ

ඌවේ ඇමැති මණ්‌ඩලය පත්වේ

ඌව පළාත් සභාවේ නව ඇමැති මණ්‌ඩලය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ ඊයේ (16දා) දිවුරුම් දුන්නේය. ජනාධිපති කාර්යාලයේදී දිවුරුම්දීම සිදු කෙරිණි.

ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා මුදල් හා ක්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන ඉඩම්, සංස්‌කෘතික සමාජ සුබ සාධන ග්‍රාමීය යටිතල පහසුකම් ඉදිකිරීම් ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

අනුර රවින්ද්‍ර විදානගමගේ මහතා පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන, මිරිදිය ධීවර කර්මාන්ත ප්‍රවාහන හා සංචාරක කටයුතු ඇමැති ලෙසත් ආර්. එම්. කුමාරසිරි රත්නායක මහතා පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය පරිවාස ළමාරක්‍ෂක හා වනිතා කටයුතු ඇමැති ලෙසත් සෙන්දිල් තොන්ඩමන් මහතා පළාත් මාර්ග සංවර්ධන, නිවාස ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ලෙසත් ආතර් චාමර සම්පත් දසනායකදොන් මහතා පළාත් ක්‍රීඩා යෞවන කටයුතු විදුලිබල බලශක්‌ති පේෂකර්ම හා කුඩා කර්මාන්ත, සමූපකාර ඇමැතිවරයා ලෙසත් දිවුරුම් දුන්හ.

දිවුරුම්දීමේ අවස්‌ථාවට ඌව පළාත් ආණ්‌ඩුකාර සී. නන්ද මැතිව් ඇමැතිවරුන් වන බැසිල් රාජපක්‍ෂ, මෛත්‍රීපාල සිරිසේන, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුණි සොයිසා යන මහත්වරුද එක්‌ වුහ.
 

Wednesday, October 15, 2014

හැඩැති කාන්තා අතක් වැනි වැල් අලයක්

 හැඩැති කාන්තා අතක් වැනි වැල් අලයක්

2014-10-16 පෙ.ව. 9:57 

කාන්තාවන්ගේ අත් හා ඇගිලි වල ස්වරූපය හා හැඩය සම්බන්දයෙන් බොහෝවිට අද සමාජයේ වර්ණනා හා කථාබහට ලක්වෙන අවස්ථාවන් වැඩි වනවා විනා අඩුවක් නම් නොමැති තරම්.
එහෙත් කාන්තාවකගේ අතක ස්වරූපයටම සමාන සිහින් අලංකාර ඇගිලි වලටම සමාන වැල් අලයක් නම් මිට පෙර කිසිවෙකු දැක ඇත්දැයි කිව නොහැක.
කාන්තාවකගේ අතකට සමාන වුද අතේ ඇගිලි වලටද සමාන වුද  ඇගිලි හයකින් සමන්විත වැල් අලයක් මිනිපේ, වේරගංතොට, ගගේයාය අංක 14, ඒ ජි විජේරත්න මහතාගේ ගෙවත්තේ තිබි හමු වි ඇත.
නිවස පිටුපස වැල් අලයක් හාරමින් සිටියදී එහි අමුතු ස්වරූපයක් දිස්විම හේතුවෙන්  ඒ ජි විජේරත්න මහතා හා දරුවන් එම වැල් අලය ප්‍රවේසමෙන් හාරා ගෙඩ ගෙන ඇති අතර එය කාන්තා අතකට  හා එහි වු ඇගිලි වලටම සමාන විම හේතුවෙන් පුදුමයට පත් වි ඇත. මෙම කාන්තා අතට සමාන වැල් අලය දැක බලා ගැනිමට ප්‍ර දේශය අවට ගම්වාසින් බොහෝ පිරිසක් පැමිනෙමින් සිටි. 

බිජ හා ආහාර ස්වෛරීභාවය සුරකින්න ආදිවාසි නායකයත් එක්වෙයි.

පැරණි බිජ වර්ග 10ක් ආදිවාසි නායකතුමන් විසින් ප්‍රධානය කර - බිජ හා ආහාර ස්වෛරීභාවය සුරකින්න ආදිවාසි නායකයත් එක්වෙයි.

අපේ ආශාව හා තන්හාව වැඩි හින්දා අපට තිබුන වටිනා බිජ වර්ග කැලේට විසිකරලා රටින් ගෙන්වන ආදායම් වැඩි ඒවා වෙනුවෙන් අපේ මිනිස්සු දත නියවගෙන බලාගෙන ඉන්ඩ දැන් පුරුදු කරලා තියෙන්නේ යැයි දඹාන ආදිවාසි නායක විශ්ව කිර්ති වනස්පති වන්නිලා ඇත්තන් මහියංගන නගරයේ පැවති     බිජ අයිතින් සුරැකිමේ ජාතික ව්‍යාපාරය මගින් සංවිධානය කර තිබු වැඩසටහනකට සහබාගි වෙමින් පවසා සිටියා.

තවද ආදාවාසි නායක තුමන් මෙසේද පැවසිය. මට අද ගොඩාක් සතුටු දවසක්. මේ ප්‍ර දේශයට හොද දවසක් ඒ වගේම හොද වැඩසටහනකට සහබාගි වෙන්ඩ මට අද අවස්ථාව ලැබුනා. අව වෙනකොට මේ රටේ තිබ්බ වටිනා බෝග විනාශ වේගෙන හා විනාශ කරමින් යන කාලයක් මේක. මේකට හේතු ගොඩාක් තියෙනවා. අපේ ආශාව හා තන්හාව වැඩි හින්දා අපට තිබුන වටිනා බිජ වර්ග කැලේට විසිකරලා රටින් ගෙන්වන ආදායම් වැඩි ඒවා වෙනුවෙන් අපේ මිනිස්සු දත නියවගෙන බලාගෙන ඉන්ඩ දැන් පුරුදු කරලා තියෙන්නේ.
මේ ලෝකෙට ඉපදෙන හැම කෙනෙකුටම ඒ පුද්ගලයාට ජිවත් වෙන්න භුමිය හා ආදායම් මාරගයක් ස්වාභාව ධර්මය විසින්ම ලබාදෙනවා. ඒ ආදායම් අද වෙනකොට මිනිස්සුන්ට ජිවත් වෙන්න මදි වෙලා තියෙනවා. ලෝකය දියුණු වෙනන දියුණුවෙන්න මිනිස්සුන්ට උවමනාවන් හා ආශාවන් වැඩි වෙනවා. ඒවා ලබාගන්න ලැබෙන ආදායම් මාර්ග මදි වෙනවා. ඒ විදියට ආදායම් මාර්ග වැඩි කරගන්න බලහත් කාරයෙන් මහපොළවෙන් ආදායම් ලබාගන්නා වැඩ පිළිවෙලවල් සැලසුම කරලා ක්‍රියාත්මක කරනවා. ඒ විදියට ආදායම් වැඩි කරන වැඩ පිළිවෙල ක්‍රියාවට නන්වන විට මේ මහපොළවට වස විෂ , බෙහෙත් පොහොර දාන්න වෙනවා.
ඉස්සර කාලේ මේ මොනවත් තිබුනේ නෑ. අද වෙනකොට ඒවායේ විපාක හින්දා අපේ රටේ මිනිස්සු කොච්චර ප්‍රමාණයක් ලෙඩ දුක් හැදිලා ඉන්නවාද. කව්ද ඒවා ගැන හොයලා බලන්නේ. ඒ අපි අපිම කර ගත්ත වැරදි තමා.  අද වෙනකොටත් අපි පරක්කු වැඩයි. එත් ඒ ගැන අවබෝද කරගෙන ඉදිරි පරම්පරාවල දරුවන්ට හර වැදගත් වෙන්න අපි සැවෙම එකතු වෙලා යමක් කල යුතු වෙනවා. කඩිනමින් මේ වගේ පිරිස් එකතු වෙලා මිනිසුන් දැනුවත් කිරිම කරලා දැයේ ජනතාව අවදි කලයුතු කාලය එලැබිලා තියෙන්නේ. මම අද කොට මේ වගේ පිරිසක් එකතුවෙලා අපේ රාටේ අපේ බිජ අයිතින් හා ඒවා සුරක්ෂිත කිරිම සදහා හඩක් නැගිමට කටයුතු කරගෙන යන එක ගැන මම බොහොම සතුටු වෙනවා. ඒ අයට මම ආශිර්වාද කරනවා මේ රටට යහපතක් වෙන දෙයක් කරන්න ශක්තිය  ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා යැයි ආදිවාසි නායක තුමන් ප්‍රකාශ කර සිටියේය.‍
 ලෝක ආහාර දිනය යෙදෙන ඔක්තොබර් 16ට සමගාමිව බිජ අයිතින් සුරැකිමේ ජාතික ව්‍යාපාරය ලංකාව වටා ගොස් ජනතව දැනුවත් කිරිම හා පැරණි බිජ එක්රැස් කිරිම හා ඒවා ජනතාවට හදුන්වා දිමේ වැඩ සටහනක් පසුගිය ඔක්තොබර් 11 වන දින කිලිනෙච්චි මුරකන්ඩි කෝවිලෙන් ආරම්භ වු අතර එබ බිජ තවලම රටේ නගර 25ක් ආවරණය වන පරිදි රට පුර ගමන් මගේ එක් නවාතැනක් ලෙස මහියංගන නගරයට පෙරේදා (13) සවස පැමිණි අතර එම අවස්ථාව සදහා දඹාන ආදිවාසි නායක විශ්ව කිර්ති වනස්පති වන්නිලා ඇත්තන්ද එක් වි පැරණි දේශිය බිජ වර්ග 10ක් රට පුරා ගමන් ගන්නා බිජ තවලමට ලබාදිම හා බිජ හුවමාරුක්ද සිදු කර වැඩසටහන සදහා ආදිවාසින්ගේ සහයද ලබා දිමට කැමති බව හා එහි වටිනාකම සම්බන්දයෙන් අදහස් ප්‍රකාශ කර සිටියේය.
ආදිවාසි වත් පිලිවෙක් අනුව කිරි කොරහා ශාන්ති කර්මය මහියංගණ නගර මධ්‍යෙය් සිදු කර වැඩ සටහන සදහා ආශිර්වාදය පුදකර සිටියේය.

සෑම නගරයකම ජනතාව දැනුවත් කිරිම සදහා විදි නාට්‍ය හා අත් පත්‍රිකා බෙදා දිම හා මහියංගන නගරය හරහා පා ගමනක්ද සංවිධානය කර තිබුන අතර බිජ,ජලය,ඉඩම් හා ආහාර සදහා ඇති අයිතින් පිළිබද ගැඹුරු සාකච්ඡාවක් සමාජය තුල මතු කර ගැනිමට කටයුතු කර ගනිමින් සිටි



Monday, October 13, 2014

විදුහල්පතිනියට සුදුසුකම් නෑලු - දෙමාපියන්ගේ විරෝධය.

 විදුහල්පතිනියට සුදුසුකම් නෑලු - දෙමාපියන්ගේ විරෝධය.
10/14/2014 2:14 PM
මහියංගන අධ්‍යාපන කළාපයේ මාපාකඩවැව බ/බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති තනතුර සදහා පත්කර ඇති නව විදුහල් පතිතුමිය එම තනතුර සදහා කිසිසේත් ම සුදසු නොවන බව පවසමින් හා දේශපාලන බලපෑම් හමුවේ අධ්‍යාපන නිළධාරින් ඇය එම තනතුර සදහා පත්කර ඇතැයි පවසමින් පාසලේ දරුවන්ගේ දෙමාපියන් හා පාසැල් සංවර්ධන කමිටුවේ සාමාජිකයන් අද (13) උදැසන පාසැල ඉදිරිපිට විශාල විරෝධතාවයක නිරත විය. ඒ සදහා පාසලේ දෙමාපියන් 500කට අධික පිරිසක් එක්වි සිටියේය.
දාහෙ කෑලි අපිට එපා, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමනි විදුහල්පති පුටුවට සුදුසුකම් අති කෙනෙක් වහා පත් කරනු, සේනානිගම ඉස්කෝලේ වහලා අපේ ඉස්කෝලෙට ආවේ මේකත් වහන්නද? යැයි සදහන් පුවරු සහිත විශාල දෙමා පියන් පිරිසක් මෙම විරෝධතාවයට සහබාගි වි සිටියේය
මහියංගන බදුල්ල මාර්ගය හරස් කර විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා මාර්ගය හරස් කිරිමට දෙමාපියන් උත්සාහ කලද මහියංගන පොලිස් නිළධාරින් මැදිහක්  ඒ සදහා අවස්ථාව ලබා නොදුන් අතර එහිදි දෙපාර්ශවය අතර උණුසුම් අවස්ථාවන් කිහිප වාරයක් උදගත වු අතර අධ්‍යාපන උසස් නිළධාරිවරයෙකු පැමිණ මෙම ගැටලුව සදහා විසදුම් ලබාදෙන තුරු මෙම විරෝධතාවය නතර නොකරන බව පවසා සිටි දෙමාපියන්ගේ ඉල්ලම අවසාන වර ක්‍රියාත්මක කිරිමට මහියංගන පොලිස් නිළධාරින්ට සිදු විය.
මහියංගන අධ්‍යාපන කලාප අධ්‍යක්ෂක සුනිල් විජේරත්න මහතාගෙන් මේ සම්බන්දයෙන් විමසු විට එම ගැටලුව සදහා මසක් ඇතුලත විසදුම් ලබාදිමට පොරොන්දු වු බව ප්‍රකාශ කර සිටි අතර වැඩි දුර තොරතුරු ලබාදිමට නොහැකි බවත් මාධ්‍ය සදහා ප්‍රකාශ ලබාදිමට අවසර ලබා ගැනිමකින් තොරව සිදු කල නොහැකි බව ප්‍රකාශ කර සිටියේය.
කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂක කුමාරරත්න මහාතා  හා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ඩබ්ලිව් එල් කුලතිලක මහතා අවසානයේ දෙමාපියන්ගේ ඉල්ලිම මත මහියංගන පොලිස් නිළධාරින් විසින් ගෙන්වනු ලැබු අතර දෙමාපායන් ඔහුන් සමග උණුසුම් වචන හුවමාරුවක් විමෙන් පසු මසක් ඇතුලත මේ සම්බන්දයෙන් විධිමක් ක්‍රියාමාර්ගයක් ලබාදෙන බවට ලිකිත පොරොන්දුවක් දෙමාපියන් හට ලබා දිමෙන් පසු දෙමාපියන් විසිර ගියහ. එහිදි දෙමාපියන් තරයේ කියාසිටියේ මාසයක් ඇතුලත විසදුම් ලබා නොදුන හොත් විශාල විරෝධතාවයකට තමන් යොමු වන බවත් ඒ සදහා දෙමාපියන් හට අවස්ථාව නොතබා පාසලේ අනාගතය හා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කරන ලෙසයි.





Friday, October 10, 2014

ඌව පළාත් සභාවේ වැඩ බලන මහ ඇමැති අනුර විධානගමගේ

 ඌව පළාත් සභාවේ වැඩ බලන මහ ඇමැති අනුර විධානගමගේශෂීන්ද්‍ර රට යයි : අනුර වැඩ බලයි   2014 ඔක්තෝබර් මස 10 13:46:07 

ඌව පළාත් සභාවේ වැඩ බලන මහ ඇමැති ලෙස අනුර විධානගමගේ මහතා පත් කරනු ලැබ සිටියි. මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එතෙර සංචාරයක් සඳහා පිටත්ව යෑම ඊට හේතුවයි. විදාන ගමගේ මහතා ඌව පළාත් ආණ්ඩුකාර සී නන්ද මැතිව් මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.







Thursday, October 9, 2014

බලපත්‍ර කොන්දේසි උල්ලන්ගනය කර වැලි ගොඩ දැමු වැලි ට්‍රැක්ටර් 13ක් අත් අඩංගුවට


බලපත්‍ර කොන්දේසි උල්ලන්ගනය කර වැලි ගොඩ දැමු වැලි ට්‍රැක්ටර් 13ක් අත් අඩංගුවට - ඒ අතර කසිප්පුත් තිබි අත්අඩංගුවට
2014-10-10 ප.ව. 6:16
මිනිපේ ප්‍රදේශයේ බලපත්‍ර කොන්දේසි උල්ලන්ගනය කර මහවැලි ගගට වැලි ට්‍රැක්ටර් දමා වැලි ගොඩ දැමු වැලි ට්‍රැක්ටර්... 13ක් හසලක පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබිමෙන් පසු මහියංගන මහේස්ත්‍රාත් ගිතානි විජේසිංහ මෙනෙවිය විසින් එක් අයෙකුට රුපියල් දස දහස බැගින් දඩ නියම කල අතර අත් අඩංගුවට පත් කසිප්පු හා ගෝඩා වෙනුවෙන් වැලි තොටුපලක හිමි කරුවෙකුට රුපියල් දහඅට දහසක් දඩ නියම කර වැලි ට්‍රැක්ටර් නිදහස් කර ඇත.
හසලක පොලිසිය විසින් මෙම වැටලිම ඊයේ (08) සවස සිදු කර ඇත.
මහවැලි ගග ආශ්‍රිතව නිරන්තරයෙන් නිති විරෝදි ආකාරයෙන් බලපත්‍ර කොන්දේසි උල්ලන්ඝනය කර මහවැලි ගගට වැලි ට්‍රැක්ටර් දමා වැලි ගොඩ දමන වැලි තොටවල් හිමි කරුවන් සම්බන්දයෙන් පොලිසිය නිතිය ක්‍රියාත්මක කිරිමේ තවත් එක් පියවරක් ලෙස හසලක පොලිසියේ ස්ථානාධිපති රුවන් කුමාරසේකර මහතා ඇතුලු පොලිස් නිළධාරින් විසින් මෙම අත් අඩංගුවට ගැනිම් සිදු කර ඇති අතර ඉදිරියේදිද මෙවැනිම වැටලිම් රාශියක් සිදු කරිමට කටයුතු කරන බවට ස්ථානාධිපති තුමන් පවසා සිටියා

Saturday, October 4, 2014

ඇන්කර් කිරි යලිත් විෂවෙයි


ඇන්කර් කිරි යලිත් විෂවෙයි
2014-10-04


 ගීරාඳුරුකෝට්ටේ ඇන්කර් කිරිපිටි බිව් ලමුන් තිදෙනෙක් ආහාර විෂ වීමකට ලක් වී ඇති බැවින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල විසින් ෆොන්ටෙරා සමාගම විසින් නිපදවන කාණ්ඩ අංක 3 ක ඇන්කර් කිරිපිටි අලෙවිය තාවකාලිකව තහනම් කර තිබේ.පසුගිය 30 වෙනිදා නිකුත් කළ ඒ පිලිබඳ දැක්වෙන නියෝගය පහත දැක්වේ.