Saturday, March 1, 2014

නිවසකට පැමිණි කබල් ඈයා වනජිවි නිළධාරින් කැළයට නිදසහස් කෙරේ

නිවසකට පැමිණි කබල් ඈයා වනජිවි නිළධාරින් කැළයට නිදසහස් කෙරේ
2014-02-28 ප.ව. 9:15
සිග්‍රෙයන් වදවීමේ තර්ජනයට මුහුන පාසිටින හා රතු දත්ත පොතටද නම ඇතුලත්ව ඇති ඉතාමත් දුර්ලභ සත්වයෙක් වන කබල් ඈයෙකු මහියංගන ප්‍ර දේශයේ නිවසක් අසලට පැමිණ ඇති අතර එම මොහොතේ බල්ලන් වටවී සපා කෑමට තැත් කිරිම හේතුවෙන් නිවෙස් හිමියා මෙම සත්වයා සුරක්ෂිතව අල්ලා වනජිවි නිළධාරින් හට බාර දීමට කටයුතු කර ඇත. 28 දින වනජිවි නිළධාරින් මෙම කබල් ඈයා මාදුරුඔය රක්ෂිතයට මුදාහැරිමට කටයුතු කරනු ලැබුවා.
මහියංගන, 49 කණුව, උණපදුරේ නිවස, 9/32, ඩි එම් විජේසුරිය මහතාගේ නිවස අසලටම මෙම කබල් ඈයා පැමිණ අතර රාත්‍රිෙය් බල්ලන් රැලක් එක්ව බුරනු ඇසි විපරම් කර බැලිමේදි මෙම සත්වයා දැක ඇති අතර ජිවිතයට හැබැහින දැක නැති මෙම සත්වයා බලු රෑනෙන් මුදවාගෙන සුරක්ෂිතව නිවස රැගෙන ගොස් ඇත. පසුව මේ පිළිබද වන ජිවි දෙපාර්ථමේන්තුවේ ගිරාදුරුකෝට්ටේ අලි පාලන ඒකකයේ නිළධාරින් හට දුරකථනයෙන් දැනුම් දීමෙන් අනතුරුව ගිරාදුරුකෝට්ටේ අලි පාලන ඒකකයේ ටී එම් සෙනෙවිරත්න හා රියදුරු එම් සෙනෙවිරත්න යන නිළධාරින් ඩි එම් විජේසුරිය මහතාගේ නිවසට පැමිණ කබල් ඈයා බාරගෙන මාදුරුඔය රක්ෂිතයට මුදාහැරිමට කටයුතු කරනු ලැබුවා.
අද වන විට පරිසරයේ ඉතාම කලාතුරකින් දැකිය හැකි මෙම සත්ව විශේෂය උග්‍ර වදවිමේ තර්ජනයට මුහුන පා ඇති සත්ව කොට්ඨාශයක් වේ. එමෙන්ම ඉතාමත් ලැජ්ජා ශිලි මෙම සතුන් තම ආරක්ෂාව පතා ගුලි විම නිරන්තරයෙන් දැකිය හැකි අතර එය සතුරන්ගෙන් ආරක්ෂාවිම සදහා යොදා ගනි. වේ හුබස් කඩා දිව ඒතුල දමාගෙන සිට වේයන් එක්කාසු කරගෙන කෑමට මෙම සත්වයා දැඩි ප්‍රියතාවයක් දක්වන බව පැරනන්ගේ අදහසයි. මෙම සත්වය සම්බන්දයෙන් ජනප්‍රවාදයේ ඉත්තෑවාගේ ගුලට කබල් ඈයා රින්ගුවා වැනි කියමන්ද නිර්මානය වි ඇත.
විජේසුරිය මහතාගේ ක්‍රියා කලාපයෙන් වදවී ගෙන යන මෙවැනි දුර්ලභ සත්වයෙකු ආරක්ෂා කර ගන්නට කටයුතු කිරිම පැසසිය යුත්තක් වන අතර ලංකා වාසි සියලු දෙනාම අප රටේ අනාගත පරපුර වෙනුවෙන් මෙවැනි දුර්ලභ සත්වයන් ආරක්ෂා කර ගන්නට කටයුතු කරනු ඇතැයි විශ්වාස කෙරේ.




No comments:

Post a Comment