Monday, October 31, 2016

මියුගුණ පුරවරයට පෑයු පුංචි සුරගන ඔබේ මනාපයෙන් ජයටැඹ කරා ගෙනියමු - Derana Little Star Season 8 - 30 October 2016 Ranali Thisara-Mahiyangana

20:36 31/10/2016
Derana Little Star Season 8 තරගාවලියේ අවසන් වටයේ අවස්න් තරගකරුවන් හතර දෙනා අතරට තේරි පත්ව සිටින මියුගුණ පුරවරයෙන් බිහි වු පුංචි දක්ෂ නර්ථන ශිල්පිනියට ඔබේ මනාපය SMS මගින් ඵල කර මියුගුණ පුරවරයට කිර්තියක් එක්කරන්නට අවස්ථාව දැන් ඔබට උදාවී ඇත.
බ / මහියංගන සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයේ 4වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රනාලි තිසාර පුංචි දියණිය විශාල තරග කරුවන් ප්‍රමාණයක් සමග තරග කර අවසන් තරග කරුවන් හතර දෙනා අතරට තේරි පත්ව ඇත. ඔක්තෝබර් 02 දින සිට දෙසැම්බර් 17 දින දක්වා ඇයගේ ජයග්‍රහනය වෙනුවෙන් ඔබේ SMS මනාපය ලබාදිය හැක. ඒ සදහා DLS(හිස්තැනක්) 14 යොදා 9900ට ඕනෑම දුරකථන ජාලයකින් SMS කල හැක.
මේ ඔබ නරබන්නේ 30 October 2016 දින තරගාවලියේ ඇය පෑ දක්ෂ නර්ථනයයි.

වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ‘සිරස ලපක්‍ෂපති’ ජයකොඩිය ඔසවයි..

සිරස රූපවාහිනියේ සතිපතා පැවැත්වෙන ‘සිරස ලක්‍ෂපති’ වැඩසටහන සදහා ඊයේ දිනයේ කැදවනු ලැබ තිබුණේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ය.
ප‍්‍රශ්න 15කින් යුතු වැඩසටහන ඊයේ දිනට අවසන් කරනු ලැබුවේ ඊළග දිනයේදීත් ආදිවාසී නායකයාට පැමිණෙන්නට ආරාධනා කරමිනි.
ඊට හේතුව වූයේ ඊයේ දිනයේ නියමිත වූ කාලයේදී විමසනු ලැබූ ප‍්‍රශ්න 12ටම වන්නිල ඇත්තන් විසින් නිවැරදි ලෙස පිලිතුරු ලබා දීමයි.
ඒ අනුව ඊළඝ දිනයේ විමසන ප‍්‍රශ්න 03ටද ඔහු නිවැරදි පිලිතුර ලබා දුනහොත් මිලියන දෙකක ජයග‍්‍රාහකයා වෙයි. වැඩසටහන පුරාම ආදිවාසි නායකයා සිය විසල් දැනුම මනාවට විදහා දැක්වූ අතර රට තොට ලෝකය ගැන වූ සාරවත් අදහස්ද ඉදිරිපත් කලේ ඔහුටම සුපුරුදු වැදි භාෂාවෙනි.

Sunday, October 30, 2016

Rupavahini News 2016-10-30 = වැලි ජාවාරම් කරුවන් කොටුවු හැටි

Rupavahini News 2016-10-30 = වැලි ජාවාරම් කරුවන් කොටුවු හැටි

වැලි ජාවාරම්කරුවන් පිරිසක් STF එකෙන් පැන අල්ලයි - මෙවැනි ජාවාරම් ගැන පෞගලිකව තමන්හට දැනුම්දෙන ලෙස පොලිස්පතිතුම්ගෙන් ඉල්ලීමක්

30/10/2016 22:12
නීතියෙන් වැලි කැනිම් සිදු කල නොහැකි අද (30) ඉරිදා දින හසලක පොලිස් බල ප්‍රදේශයේ මොරයාය ගම්මානයේ නිතිවිරෝධිව බලපත්‍ර කොන්දේසි උල්ලන්ගනය වැලි ගොඩදැමු ජාවාරම් කරුවන් පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත් අඩංගුවට ගනු ලැබුවා. වැලි තොටුපල 2ක බෝට්ටු 3ක් මෙලෙස අත් අඩංගුවට ගනු ලැබු අතර, තොටුපල දෙකේ සැකකරුවන් දෙදෙනෙකු හසලක පොලිසිය මගින් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
පොලිස්පතිතුම්ගේ ඉල්ලීම -
මහවැලි ගගේ වැලි ජාවාරම් සම්බන්දයෙන් පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ප්‍රකාශ කර සිටියේ “ අනාවාර්යෙන්ම ජනතාව ඒපිළිබද තොරතුරු ලබාසෙනවානම් පොලිසිය ක්‍රියාත්මක වෙනවා. ඉහල නිළධාරින්ට දන්වන්න. දුෂණ මර්ධන මධ්‍යස්ථානයක් තියෙනවා ඒකට දැනුම් දෙන්න පුලුවන්. එහෙමත් ක්‍රියාත්මක උනේ නැත්නම් පෞගලිකවම මගේ දුරකථන අංකයට කථාකරලා දන්වන්න. 0718592020 ඒකට දැනුම් දෙන්න“ යැයි කිය.
භුවිද්‍යා පතල් කාර්යංශය මගින් වැලි කැණිම් සදහා බලපත්‍ර කොන්දේසි ප්‍රකාරව අවසර දී ඇත්තේ සතියකට දින 3කි. ඒ සදුදා, බදාදා හා සිකුරාදා යන දින තුන පමණකි. ඒ හැර වෙනත් දිනයන්හිදි වැලි කැණිම් සිදු කලහොත් දඩුවම් ලැබැය හැකි වරදකි.
නීතිය එසේ තිබියදී සතියේ සැම දිනම මහවැලි ගගේ වැලි කැනීම් සිදු කරමින් බලපත්‍ර කොන්දේසි උල්ලන්ගනය කරමින් වැලි කැනීම සිදු කරන අතර භුවිද්‍යා පතල් කාර්යංශය මගින් අවසර දී ඇති ප්‍රමාණයන් ඉක්මවා (මාසයකට වැලි කියුබ් 210) ජාවාරම් කරුවන් පරිසරය විනාශ කරමින්, රජයට විශාල බදු මුදලක් අහිමි වන සේ වැලි ගොඩ දමති.
එසේ සිදු වන විනාශයන් හේතුවෙන් මහියංගන වේරගංතොට පාලමේ කණු අඩියටම පෑදි පෙරලීමේ අවදානමකට මේ වන විට පත්ව ඇත. ඒ පිලිබද පසුගිය දා වාර්ථාකල ප්‍රාදේශිය මාධ්‍ය වේදියාහට පසුගිය මාසයේ 27 දින (සැත්තැම්බර්) හසලක පොලිසිය තුලදී මරණිය තර්ජන ගෙන ආවේ පොලිස් බලයද මුදලට යටකරමින් ඔහුන් පරිසර නිති උල්ලන්ගනය නොකරන බවත් මාධ්‍ය වේදියා සාවද්‍ය ප්‍රවෘත්තියක් වාර්ථාකල බව පවසමිනි. පොලිය ඉදිරිපිට මාධ්‍ය වේදින් හට මරණ තර්ජන කල ජාවාරම් කරුවන් හට මේ වන තුරු නිතියද ක්‍රියාත්මක වී නොමැත. එසේම මාධ්‍යට ප්‍රකාශ දුන් ගම්වැසියෙකුගේ දේපල ගිනිතබා විනාශ කරනු ලැබුවේ පසුගිය මාසයේ 28 වන දිනයි.








දම්බරාව ඔයේ වැලි ජාවාරම් කරුවන් පොලිසියට කොටුවෙයි

 2016-10-30 ප.ව. 10:24
බලපත්‍ර නොමැතිව මහියංගන දම්බරාව ඔයේ වැලි ගොඩ දැමු පිරිසක් සොයා මහියංගන පොලිසියේ නිළධාරින් පිරිසක් අද(30) උදැසන වැලීමක් සිදු කරනු ලැබීය. එහිදි දම්බරාව ඔයේ නිති විරෝධි ආකාරයෙන් වැලි ගොඩ දමමින් සිටි ජාවාරම් කරුවන් තිදෙනෙකු ඵළා ගියා. එහෙත් ඔහුන්ගේ ජංගම දුරකතන, මුදල් පසුම්බි, හැදුනුම්පත් හා වැලි කැණිම සදහා බාවිතා කල උපකරණ පොලිස් අත් අඩංගුවට පත්විය. පසුව වැලි ගොඩදමමින් සිටි ජාවාරම් කරුවන් දෙදෙනෙකු අද සවස පොලිසියට බාරවිය.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා මැදිහත්වීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බී ජි ජි සුදේශ් චතුරංග මහතාගේ ප්‍රධානත්වයෙන්, පො. කො. 28533 සෙනෙවිරත්න,54192 උපාලි, 39390 ප්‍රියන්ත, 35757 නිශාන්ත යන නිළධාරින්ගේ යහයෙන් මෙම වැටලීම සිදු කෙරිනි.










Swarnavahini News 2016-10-30 = වැලි ජාවාරම් කරුවන් කොටුවු හැටි

Swarnavahini News 2016-10-30 = වැලි ජාවාරම් කරුවන් කොටුවු හැටි

Friday, October 28, 2016

බදුලු නගරයට wifi

22:35 28/10/2016
දුන් පොරොන්දු ඉටු කරමින් බදුලු නගරයට wifi තාක්ෂණය ලබාදීමේ වැඩසටහන අද (28) වන දින බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ගරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිදුන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.එහිදී ටෙලිකොම් ආයතනය මෙතෙක් ලබාදුන් වැඩිම Mbps ප්‍රමානයක් බදුල්ල නගරයට ලබාදීමට සමත් විය.එය 100 Mbps දක්වා වේගයක් වේ. එය විවෘත කිරීමට හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා සහබාගී වූ අවස්ථාව...




අපේ සම්පත ආරක්ෂා කිරිම මේ වන විය ආරම්භ කර ඇත.

 දහසක් චෝදනා හා තර්ජන ගර්ජන මැද සිදුකල අනාවරණයෙන් බින්තැන්නේ
අපේ සම්පත ආරක්ෂා කිරිම මේ වන විය ආරම්භ කර ඇත.
21:48 28/10/2016




වැදි පරපුරත් අද හෙටම නැතිවෙයිද??


Wednesday, October 26, 2016

ජනපති සිටවු නාපැලය හොරු උස්සලා

2016-10-26 ප.ව. 12:27

මිනිපේ වම් ඉවුර ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතිය ආරම්භ කිරිමේ දිනයේ ජනාධිපති මෙමත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සිහිවටනයක් ලෙසින් හසලක රණවිරු ස්මාරකය අසල සිටුවනු ලැබු ”නා”පැළය, පැළය සිටුවා සති දෙකක් යාමටත් පෙර කිසියම් අයෙකු විසින් ගලවා දමා ඇතැයි හසලක නගරවාසිහු පවසති.

දාසෙන් නිරිදුන් ඉදිකළ මිනිපේ නව දියවර පුජාවට සැරසේ ” යන තේමාව යටතේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මගින් ක‍්‍රියාත්මක කෙරෙන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනට අනුගත මිනිපේ වම් ඉවුරු ඇළ පුනරුත්තාපන ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ කිරිමේ සමාරම්භක උළෙල ඉකුත් 06 වෙනි දින ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා ප‍්‍රමුඛ මැති ඇමතිවරුන්ගේ සහ ගොවි ජන පදයේ ගොවින්ගේ සහභාගිත්වයෙන් හසලකදි පැවැත්වුණි.

මෙම සමාරම්භක උළෙලට පළමුව ජනාධිපති වරයා විසින් මහනුවර මහියංගණ ප‍්‍රධාන මාර්ගයේ හසලක නගරයේ රණවිරු පිළිරුව අසල ඉදිකර තිබු සමරු ඵලකය නිරාවරණය කිරිමෙන් පසු ඒ අසල සිහිවටනයක්සේ  ”නා”පැළයක්ද රෝපණය කරන ලදි.

ගෙවි ගොස් ඇත්තේ දින කිපයකි. සිටවු නා පැළය එම ස්ථානයෙන් අතුරු දහන්ය. මෙම නා පැළය සිටුවු ස්ථානය පසෙකින් නිවහනකි. එහි දරු පවුලක්ද පදිංචි සිටි. ඉදිරියෙන් ඇත්තේ හසලක පොලිසියේ පොලිස් මුර කුටියයි. මෙම මුර කුටියේ දිවා රාත‍්‍රි රාජකාරියේ නිරත නිලධාරින්ද සිටිති. මෙම ස්ථානය රාත‍්‍රි කාලය ආලෝකමත් කිරිමට විදුලි පහන්ද දැල්වේ. මහියංගණ මහනුවර මාර්ගය දිවා රාත‍්‍රි රථ වාහන ගමන් කරන නොනිදන මාර්ගයකි. හසලක පොලිසිය විසින් රාත‍්‍රි කාලයේ  නගරයේ මුර සංචාරක සේවාවක්ද පවත්වනු ලබයි.

හසලක නගරය රාජ්‍ය හා රජ්‍ය නොවන ආයතන රාශියක් පිහිටුවා ඇති නගරයක් මෙන්ම මහජන අවශ්‍යතා ඉටු කරනු ලබන වෙනත් සේවා ආයතන රාශියක්ද පිහිටා ඇති හෙයින් නගරය දහවල් කාලයේ මෙන්ම රාත‍්‍රි 10 පමණ වෙන තුරු ජනාකිර්ණය. එය එසේ තිබියදි මෙම නා පැළය අතුරු දහන් වුයේ කෙසේ දැයි නගරවාසිහු මෙන්ම ගොවි ජනපදයේ ජනතාවද අදාල අංශ වෙතින් විමසති.

නා  පැළය රැගෙන ගිය අයෙකු ගැන මෙතෙක් තොරතුරක් නොමැති බවද නගරවාසිහු පවසති.

පොදු මගියට සලකන සැලකිල්ලක තරම

 2016-10-26 පෙ.ව. 10:28

බදුල්ල දිස්ත්‍රික්කයේ හොදම මෙන්ම ආදර්ශමත් බස් නැවතුම් පොල ලෙස හදුන්වා දී තිබූ මහියංගන ප්‍රධාන බස්නැවතුම් පොල මේ වන විට දැඩි ලෙසම අබලන්වී ඇති බැවින් සුළු වැස්සකදී පවා එය වතුර පිරෙන මඩ වලවල් වලින්යුක්ත වීමෙන් ගැටළු රැසකටම මුහුණ දීමට මගී ජනතාවට සිදුවී තිබේ. මෙම බස්නැවතුම් පොල ඉදිකර මේවන විට ගතව ඇත්තේ වසර දෙක හමාරක් වැනි සුළු කාලයකි.එසේම රාජ්‍ය මුදල් විශාල ප්‍රමාණයක්ද ඒ සදහා වැය කොට තිබේ. පෞගලික බස් හා ලංගම බස්රථ විශාල ප්‍රමාණයක් මෙම බස්නැවතුමේ ඒකාබද්ද කාලසටහනක් අනුව ධාවනය කරති.
ඛේදනීය තත්වය නම් මේ සබ්බන්දයෙන් වගකිවයුතු ආයතනයද තිබෙන්නේ අල්ලපු වැටේ වීමයි. බස්නැවතුමේ මාර්ග පද්දතිය මේ ආකාරයෙන් වසරකට ආසන්න කාලයක් විනාශ වෙමින් පැවතියද අල්ලපු වැටේ පිහිටි මාර්ග සංවර්ධන නිළධාරින් මේ සමන්දයෙන් මුනිවත රැකිම ලැජ්ජා සහගත බව ප්‍ර දේශවාසින්ගේ අදහස වී ඇත.
මහියංගනය යනු දෛනිකව දිවයිනේ සතර දිසාවටම මගීන් විශාල සංඛ්‍යාවක් එහා මෙහා යන එන ප්‍රධාන බස්නැවතුම් පොලකි. මහනුවර,කොළඹ,මොණරාගල,අම්පාර,පොළොන්නරුව,මාතලේ,බදුල්ලවැනි ප්‍රධාන නගර හරහා ගමන් බිමන් යන මගී ජනතාව මෙම බස්නැවතුම් පොල වෙත දිනපතා එක් රොක් වනු දැක ගත හැකිය.මේ වන විට වැසි සමය ආරම්භ වීඇති බැවින් එම භූමියේ තැනින් තැන හටගෙන ඇති වලවල් මඩ සහ අපිරිසිදු කුණු වතුරින් පිරීයාමෙන් මගී ජනතාවට මෙන් ම පාසැල් දරුවන්ටද විවිධ අසීරුතාවනට මුහුණ පෑමට සිදුව ඇත. නගර වාසීන් පවසන්නේ ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම් කටයුතු සිදුකිරීම නිසා සුලු කාලයකින්ම මෙවැනි ගැටළු ඇතිවූ බවයි.

ගැටලුව ඇත්තේ දිවාකාලයේ නොව රාත්‍රි කාලයට

10/25/2016 11:54 PM 

මහියංගන ප්‍රදේශයේ සොරබොර හා වගාව යන ගම්මානයන්හි ගම්වාසීන් විශාල පාරිසරික ගැටලුවකට මුහුන පා ඇත. රාත්‍රිය උදාවත්ම ගම්මානය පුරා පැතිර යන අධික දුර්ඝන්දය මීට හේතුව වී තිබේ. පසුගිය වසර 5කට අධික කාලයක් තිස්සේ තමන් මෙම ගැටලුවෙන් පීඩා විදින බවට ගම්වාසීන් චෝදනා කරති. වැසිකිලි අපද්‍රව්‍යද කාණු පද්දතියට මුදාහැරිම හේතුවෙන් මෙම පාරිසරික හා සෞඛ්‍ය ගැටලුට හේතුව බවත් කුඩා දරුවන් වයස්ගත පුද්ගලයන් මේ හේතුවෙන් මහත් පීඩාවට පත්ව සිටින බව ඔවුන් පවසති. ඉවතලන ජලය පිරිපහදුකර බැහැර කරන බවට කර්මාන්තශාලා බළධාරින් ප්‍රකාශ කලත් මෙවැනි අධික දුර්ඝන්දය සහිත පාරිසරික ගැටලුවක් ඇති ඌයේ කෙසේද යන්න විමතියට හේතුවී ඇති බවට ප්‍ර දේශවාසින් ප්‍රකාශ කර සිටි. මෙම ගැටලුව පිළිබද මහියංගන මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් වෙත අවස්ථා රැසකදී පැමිණිලි කල බවත් විවිධ ආයතන වලට ලිඛිතව දන්වා ඇති බවට ගම්වාසීන් පවසති. ගම්මානයේ ළිං කිහිපයක්ද මෙම අපවිත්‍ර ජලය කාන්දු වීමෙන් ප්‍ර යෝජනයට ගත නොහැකි තත්වයකට පත්ව ඇත. මේ සම්බන්දයෙන් මාධ්‍ය වාර්ථා ඵලවීමත් සමග වගකිවයුතු ආයතන හා මේ සම්බන්දයෙන් සොයාබැලිය යුතු රාජ්‍ය ආයතන දිවාකාලයේ පැමිණ පරික්ෂාකර බලා කිසිදු ගැටලුවක් නොමැති බවට පැවසීම ඉතා හාස්‍ය ජනක බව ගම්වාසීන් චෝදනා කරති. ගැටලුව ඇත්තේ දිවාකාලයේ නොව රාත්‍රි කාලයට බවත්, ඇගම්කම්හලේ පාලන අධිකාරිය විසින් දින කිහිපයකට වරක් දුර්ඝන්ධය අඩු කිරිම සදහා ක්ලෝරින් මිශ්‍රකර වතුර අධික ප්‍රමාණයක් කානු පද්දතියට මුදා හරින බවද මෙම අධික සාන්ද්‍ර ක්ලෝරින් ද මිනිස් පැවැත්මට විෂ සහිත බවට ගම්වාසින් චෝදනා කරති. ගම්වාසීන් පීඩාවට පත්වන මෙම ගැටලුවට විසදුම් ලබාදීමට ඇගලුම් කම්හල් හිමිකරුවන් ක්‍රියාකර නැතිබවත් රාත්‍රි කාලයට අධික දුර්ඝන්දයක් ගම්මානය පුරා පැතිර යන බවටත්, පරිසරයට හා ගම්වාසින්ගේ ජීවන පැවැත්මට බළපෑම් එල්ල කර ඇති මෙම ගැටලුව සම්බන්දයෙන් වගකිවයුතු නිළධාරින් වහා කඩිනමින් මැදිහත්ව විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටී. මෙම චෝදනා සම්බන්දයෙන් ඇගලුම්කම්පලේ පාලන ප්‍රධානියා අවස්ථා කිහිපයකදී දුරකථනයෙන් සම්බන්දකර ගැනීමට උස්සාහ කලද වෑයම අසාර්ථක විය.




Tuesday, October 25, 2016

කොල්ල කෑ පල්ලේ වත්තේ දෙදෙනකු මහඋළු ගෙදරට

2016-10-25 ප.ව. 11:00

තරාදි වංචනිකව සකසා ගොවීන්ගේ අස්වැන්න කොල්ල කෑ හසලක පල්ලේ වත්තේ දෙදෙනකු ඊයේ(24) බදුල්ල මාහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් පී ඩබ්ලිව් එන් රුවන්දිකා මාරසිංහ මත්මිය විසින් එක් අයෙකුට රුපියල් 15000 බැගින්ද දෙදෙනා හට මාසයක් සිරදඩුවම් නියම කල අතර දඩමුදල් නොගෙවන්නේනම් මාස 06ක සිර දඩුවම් නියම කරන ලදී. කිරුම් මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරින් විසින් ඩි එම් එම් දිසානායක බර වෙනස් කරන ලද කිරුම් උපකරණ ලග තබාගැනිම චෝදනාව යටතේද ඩි ඩබ්ලිව් දිසානායක අයුතු ලෙස වෙනස් කරන ලද කිරුම් උපකරණ ලග තබාගැනීම යව චෝදනා යටතේ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
වී හා බඩ ඉරිගු අස්වනු ලබාගැනීම සදහා සුක්ෂම ලෙස තරාදි වෙනස් කිරීමේ ජාවාරමක් මිනිපේ පල්ලෙවත්ත හා හසලක යන ප්‍රදේශවලින් පැමිණෙන වෙළදුන් විසින් සිදු කරනු ලබන අතර බහුලව මෙම වෙනස්කරන ලද තරාදි භාවිතා කර වී හා බඩඉරිගු තොග වංචනික ලෙස ලබාගන්නා බවයි තොරතුරු අනාවරණය වුයේ.
විශේෂයෙන් මහියංගනයේ සිට බිබිල මොණරාගල , මිගහකිවුල කන්දකැටිය, දඹාන, පදියතලාව, ගිරාදුරුකෝට්ටේ, හෙබරව, ගින්නෝරුව, දිවුලපැලැස්ස හා මහවැලි සි කලාපයේ ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම ක්‍රියාත්මක වන බවත් වි, බඩඉරිගු, කවුපි, මුං, තල හා ධාන්‍ය බෝග සදහා වැඩි වශයෙන් වංචාව සිදු කරන බවට පැමිණිළි හා තොරතුරු අණාවරණය වි ඇත.
ඒ අනුව කිරුම් මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරින් වෙනස්කරන ලද වංචනික තරාදි සොයා පසුගියදා විශේෂ මෙහෙයුමක් කන්දකැටිය ප්‍රදේශයේ සිදු කල අතර එහිදි මෙම චුදිතයන් වංචනික ආකරයෙන් සැකසු තරාදි අතැතිව තොටු කරගන්නට හැකි විය.
එය කිලෝ 30ට වැඩි බරක් කිරිමේදී කිලෝ 10ක අඩු අගයක් පෙන්වන අයුරින් සකසා තිබුනි.
ඒ අනුව පරික්ෂාකිරිමට ලක්වු වංචාකරුවෙකුගේ ලොරි රථයේ පටවා තිබු බඩ ඉඩ ඉරිගු තොගයේ කිලෝ 750ක් එදින වංචනික ආකාරයෙන් වැඩියෙන් කිරා ගොවියා හට වංචාකර තිබු මුදල රුපියල් 33000ක් බවට ගනන් බන්බැලින. ඒ ආකාරයෙන් දිනකට ගමන් වාර දෙකක් ‍ගමන් කරමින් ගොවියාට සිදු කරනා වංචාව සුලු පටු නොවේ. ඉදිරියේදි මෙවැනි වැටලිම් රැසක් සිදු කර අනෙකුත් වංචාකාරි කූඨ වෙළෙදුන් නිතියේ රැහැනට කොටු කර ගැනිම සදහා විශේෂ මෙහෙයුම් සුදානම් කර ඇති බවට මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ කාර්ය භාර නිළධාරි ඩි දුලිත් අශෝක මහතා ප්‍රකාශ කර සිටියේය.
මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ කාර්ය භාර නිළධාරි ඩි දුලිත් අශෝක, මිනුම් සේවා පරික්ෂක කේ සි අමල් පෙරේරා විසින් මෙම තරාධි වංචනිකයන් අධිකරණය වෙත ඉදිරිපත් කලේය.

Sunday, October 23, 2016

Hiru News 2016-10-23 = නගරයේ මැලිබන් ඇගලුම් කම්හලේ අප ජලයෙන් ගම්වසීන්ට පීඩා

  Hiru News 2016-10-23 = නගරයේ මැලිබන් ඇගලුම් කම්හලේ අප ජලයෙන් ගම්වසීන්ට පීඩා

නගරයේ මැලිබන් ඇගලුම් කම්හලේ අප ජලයෙන් ගම්වසීන්ට පීඩා

 10/23/2016 7:39 PM

මහියංගන ප්‍රදේශයේ සොරබොර හා වගාව කොටසෙහි ගම්වාසීන් ඇගලුම් කම්හලේ අපවහන කානු පද්දතියේ අපවිත්‍ර ජලය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවත් ප්‍ර දේශයම මහත් දුර්ඝන්දයෙන් වැසී ගොස් පරිසරය දුෂණය වී ඇති බවට ගම්වාසීන් පසුගිය වසර කිහිපයක් තිස්සේ මහියංගන මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් වෙත පැමිණිලි කර ඇත. විවිධ ආයතන වලට ලිඛිතව දන්වා ඇත.
ඇගලුම් කම්හලේ සිට ගම්මාන දෙකක් මැදින් (සොරබොර හා වගාව කොටසෙහි ) කිලෝමීටර් 02ක් පමණ ගොස් මෙම අප ජලය මහවැලි ගගට වැටේ. මහවැලි ගග වෙත මුදාහරින අපවිත්‍ර ජලය හේතුවෙන් මහවැලි ගග පරිහරණය කරන්නන් හට විශාල සෞඛ්‍ය ගැටලු රැසක්ද උද්ගත වී ඇති බවත් වැලි ගොඩ දැමීමෙන් ජිවිකාව ගෙන යන ගම්වාසීන් රැසක් චර්ම රෝග වලට ගොදුරුවී ඇති බවට ගම්වාසීන් චෝදන කරති.
මහියංගන ප්‍රදේශයේ සොරබොර හා වගාව කොටසෙහි ගම්වාසීන් විශාල පිරිසක් කුඩා දුවා දරුවන් වසර 5කට අධික කාලයක් තිස්සේ ඇගලුම් කම්හලේ අපවහන කාණු පද්දතියේ දුර්ඝන්දයෙන් පිඩා විදිති. ගම්මානයේ ළිං කිහිපයක්ද මෙම අපවිත්‍ර ජලය කාන්දු වීමෙන් ප්‍ර යෝජනයට ගත නොහැකි තත්වයකට පත්ව ඇත.
---ඇගලුම් කම්හලට විරුද්දව නඩුව ----
මහියංගන නගරයේ මැලිබන් ඇගලුම් කම්හලේ අප ජල පිරිපහදු ඒකකය මගින් පරිසරය වෙත මුදා හරින අප ජලය හේතුවෙන් මහත් පීඩාවට පත්ව ඇති බවට ගම්වාසීන් විසින් සිදු කරනු ලැබු පැමිනිල්ලකට අනුව මහියංගන මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් විසින් ලබාගත් ජල සාම්පල (2016-04-04) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය එම ජල සාම්පල අධිකරණය මගින් රජයේ රස පරික්ෂක වෙත යවා වාර්ථාවක් ලබා ගන්නා ලෙසත්, සති 2ක් ඇතුලත අපවහන කාණු පද්දතිය පිරි සිදු කිරිමටත්, පරිසරයට මුදා හැරිමට සුදුසු තත්වයේ ගුණාත්මක ජලය මුදා හැරිම සදහා කඩිනමින් කටයුතු කරන ලෙස දැඩි අවවාද සහිතව නියොග කර ලැබීය. අධිකරණය එසේ නියෝග කර තිබියදී ගම්වාසීන් පත්ව ඇති ගැටලුවට මේවන තුරු ඇගලුම් ආයතනය විසදුමක් ලබාදීමට කටයුතු කර නොමැති අතර දින කිහිපයකට වරක් ක්ලෝරින් මිශ්‍රකර වතුර කානු පද්දතියට මුදා හරින බවට ගම්වාසින් චෝදනා කරති. ( ගද අඩු වීමට)
අධිකරණයේ නඩු පැවරුවද මේ වන තුරු ගම්වාසීන් පීඩාවට පත්වන මෙම ගැටලුවට විසදුම් ලබාදීමට ඇගලුම් කම්හල් හිමිකරුවන් ක්‍රියාකර නැත.