Saturday, July 2, 2016

හිමිවරුන්ගේ ඉල්ලිම් ජයග්‍රහනය කෙරේ - උදැසන 10.00 සිට සවස 5.30 දක්වා වසාතිබු මහියංගන මහනුවර මාර්ගය විවෘත කෙරේ

 https://www.facebook.com/NewsatMahiyangana/
2016-06-23 ප.ව. 8:36

විරෝධතා කරුවන් විසින් උදැසන 10.00 සිට සවස 5.30 දක්වා වසාතිබු මහියංගන මහනුවර ඒ 26 මාර්ගය සවස 5.30ට පමණ විරෝධතාකරුවන් විසින් විවෘත කරන ලදී. ඒ ඔහුන් ගේ ඉල්ලීම සදහා පොලිසිව විසින් සහන දායි ක්‍රියාමාර්ග ගැනිම සදහා ලිඛිත එකගතාවය ඵල කර සිටිමත් සමගයි.
බදුල්ල කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චන්දන ගලප්පත්ති මහතා හා මහියංගන වැඩබලන ප්‍රා දේශීය ලේකම් පී එස් පී අබේවර්ධන මහතා හා මහාසංඝරත්නය අතර පැවති සාකච්චාවේදි ඉහල පොලිස් නිළධාරින් විසන් මහාසංඝරත්නයේ ඉල්ලීම් සදහා සහනදායි ක්‍රියාපිළිවෙතක් අනුගමනය කිරිමටත් අත් අඩංගුවේ සිටින සිංහල තරුණයන් කඩිනමින් නිදහස් කිරිමටත් අත් අඩංගුවට ගැනිමට සොයන තරුණයන් පස් දෙනා සදහා අධිකරණ සහනදායි ක්‍රියාපිළිවෙතක් අනුගමනය කිරිමටත් පොලිසිය එකග විය.

අනවශ්‍ය ආකාරයෙන් නිතිය ක්‍රියාත්මක කොට අධිචෝදනා ගොනු කොට මෙම ගැටලුව ඇති කල සහකාර පොලිස් අධිකාරි වරයා වෙනත් ප්‍ර දේශයකට මාරු කිරිමටද මහා සංඝරත්නයේ ප්‍රබල ඉල්ලීමක් මෙහිදි සිදු කල අතර විරෝදතාවයේ යෙදි සිටි පිරිස අත් ඔසව ඒ සදහා සිය එකගතාවය ඵල කර සිටියේය.------------
“ජනතා කුපිත කරන මහියංගන පොලිසියේ අධුරදර්ශී ක්‍රියාමාර්ග වලට වහා විසදුම් ලබාදෙනු“ යැයි පවසමින් මහාසංඝරත්නය තුන් නමක් පසුගිය 21 උදැසන මහියංගන නගරයේ සත්‍යාග්‍රහයක් ආරම්භ කරන ලැබුවා.
මහියංගන නගරයේ වෙළෙද සැල් රැසක් වසා කළු කොඩි නගරය පුරා ඔසවා සත්‍යග්‍රහය වෙනුවෙන් මහියංගන ප්‍ර දේශ වාසින් නගර වාසින් සහය ඵල කර ඇත.‍
මහියංගන ප්‍ර දේශයේ ගව ඝාතනය සුරාව ඉහල ගොස් ඇති බවත්අපචාර ස්ත්‍රි දුෂණ රැසක් මේ වන විට සිදු වෙමින් පවතින බවත් ඒ සදහා පොලිසිය නිද්‍රාශිලි පිළිවෙතක් අනුගමනය කරන බවත් පසුගිය වෙසක් පෝය දින මහියංගන ගම්මානයක බෞද්ධ කොඩි හා වෙසක් කූඩු ගිනිතැබිමේ සිද්ධියට අධාලව පොලිසිය ක්‍රියාකල ආකාරය සතුටට පත් විය නොහැකි බවත් නගරයේ කරුණාවන්ත ඉල්ලීමක් කර පෝස්ටර් ගැසු තරුණයන් හට අධිචෝදන පත්‍ර ගොනුකොට ඇප ලබාගැනීමට නොහැකිවන සේ අධිකරණ කටයුතු සිදු කල මහියංගන සහකාර පොලිස් අධිකාරිවරයා ක්‍රියා කල ආකාරය ගැන සිය අප්‍රසාදය සත්‍යග්‍රහයේ නිරත හිමිවරු එහිදි පැවසුහ. මේ සම්බන්දයෙන් පොලිස්පති වරයාද දැනුවත් කර ඇති බවත් දින 14ක් ඇතුලත මේ සම්බන්දයෙන් කඩිනම් සහන දායි විසදුමක් එත් අඩංගුවට ගත් හා පොලිසිය අත් අඩංගුවය ගැනිමට නියමිත තරුණයන් හට ක්‍රියාත් මක කරන ලෙසත් දැනුම් දුන් බවත් එසේ නොව්නහොත් දැඩි ක්‍රියාමාර්ගයකට පිවිසෙන බව, දැන් වු බවත්, ඒ සදහා මේ වන තුරු විසදුම් ලබාදී නොමැති බව උන් වහන්සේලා වැඩිදරටත් ප්‍රකාශ කර සිටි.
මහියංගන නගරයේ උපවාසයේ නියුතු හිමිවරු වෙනුවෙන් සහය ඵල කිරිම සදහා බොදු බල සේනා මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මහියංගනයට පසුගිය දා පැමිණි අතර පොලිසිය සමග පැවැත් වු සාකච්ඡාවද පාර්ශව දෙක එකගතාවයකින් තොරව අවසන් කෙරිනි..















No comments:

Post a Comment