Monday, July 11, 2016

ගවයන් 14 ප්‍රවාහනය කල ලොරියක් පොලිසියෙන් අල්ලයි

 22:48 11/07/2016
අද (11) පාන්දර මස් පිනිස නිති විරෝදී ආකාරයෙන් දඹාන ප්‍ර දේශයට ආසන්න ගම්මානයක සිට ගවයන් 14ක් ප්‍රවාහනය කල ලොරි රථයක් මහියංගන පොලිසිය විසන් අත් අඩංගුවට ගනු ලැබුවා.
කිරි හරක් දෙදෙනෙක්ද ඒ අතර සිටි බවත් පැටවෙකු බිහිකර වැදැමහද නොවැටුනු කිරි ගවයෙකුද මෙම ගවයන් අතර සිටිනා බවත් පැටවාට කුමක් විනිදැයි නොදන්නා බව මහියංගන පොලිසිය පවසනවා.
මෙම ගවයන් මහියංගන පශුවෛද්‍ය කාර්යාලයේ වෛද්‍යවරියන් විසින් පරික්ෂා කිරිමෙන් අනතුරුව අත් අඩංගුවට ගත් ලොරි රථය හා සැකකරුවෙකු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
දෙහිගොල්ල විහාරස්ථානයේ හිමියන් හා ගම්වාසින් රැසතක් පොලිසිය වෙත පැමණ සිටියේ මෙම ගවයන් දැක බලා ගැනිම සදහා වන අතර ගවයන් අමානුශික අන්දමින් දෙපා ගැට ගසා එක පිට එක සිටින සේ ප්‍රහාහනය කිරිම තුලින් ගවයන් රැසකට තුවාල සිදුවී තිබුනි.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ඇතුලු නිලධිරිහු පරික්ෂණ පවත්වති.








No comments:

Post a Comment