Saturday, July 2, 2016

වැලි ලොරි නිසා කරදර ගොඩක් (වීඩියෝ)


 මාර්ගයේ ධාවනය වන වැලි ලොරි හේතුවෙන් පාරිසරික සෞඛ්‍ය ගැටලු රැසක් මතුවී ඇති බව පවසමින් මිනිපේ වේරගංතොට පාලමහංදිය ප‍්‍රදේශයේ පිරිසක් අද (01) උදෑසන විරෝධතාවක් ආරම්භ කළා.
වැලිලොරි හිමිකරුවන් හා ගම්වාසීන් අතර මෙහිදී උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුණා.
මිනිපේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වේරගංතොට, පාලමහංදිය පරගහමූකලාන මාර්ගය හරස් කරමින් ප‍්‍රදේශවාසීන් අද උදෑසන මේ විරෝධතාව ආරම්භ කලා.
ඔවුන් පවසන්නේ දිනකට අධික ලෙස වැලි ලොරි ධාවනය වීම නිසා ප‍්‍රදේශය පුරා දැඩි දූවිල්ලක් පැතිර යන බවයි.
ඉන් පාරිසරික හා සෞඛ්‍ය ගැටලු රැසක් පැන නැගී ඇති බවටයි විරෝධ තාවයේ නිරත ප‍්‍රදේශවාසීන් පවසන්නේ.
අද උදෑසන 7.30 ට පමණ ආරම්භ වූ මේ විරෝධතාව හේතුවෙන් මෙම මාර්ගයේ ගමනාගමනය පැය කිහිපයක් අවහිර වුණා.
එමෙන්ම වැලි ලොරිවලට ද ගමන් කිරීමට ඉඩ නොලැබීම නිසා වැලි සංගම් නියෝජිතයන් ද මේ ස්ථානයට පැමිණියා.
එහිදී ඔවුන් හා ප‍්‍රදේශවාසීන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිවුණා.
තත්ත්වය සමතයකට පත් කිරීමට හසලක පොලිසිය මැදිහත් වූ අතර දහවල් කාලයේ ජල බවුසර් මගින් මාර්ගයට ජලය ඉසීමට වැලි සංගම් නියෝජිතයන් එහිදී පොරොන්දු වුණා.
ඒ සමග විරෝධතාවය අවසන් කෙරුණා









No comments:

Post a Comment