Sunday, September 29, 2013

පැති බැම්මේ පස් කන්ඩිය කඩාවැටී දෙදෙනෙක් යටවෙයි - පුද්ගලයෙක් මරුට

9/29/2013 9:59 PM
මහියංගන පදියතලා මාර්ගයේ 49 කණුව ප්‍රදේශයේ  සෙනෙවිගම හරහා ගැමුණුපුර මාර්ගයේ වු මහවැලි පාලමේ මීට වසර දෙකකට පෙර කඩාවැටුනු පැතිබැම්ම අලුත්වැඩියා කිරිම ආරම්භ  කල දිනයේම පාලමේ ඉහලින් වු පස් කන්ඩියක් පහල වැඩ කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ගේ ඇග මතට කඩා වැටී එක් පුද්ගලයෙක් මිය ගිය අතර ඔහු සමග වැඩ කරමින් සිටි අනෙක් පුද්ගලයා තුවාල ලබා  මහියංගන මුලික රෝහලට ඇතුලත් කරනු ලැබුවා.
මිය ගිය පුද්ගලයා කේ ජි රණසිංහ (41), 289, ගඩලාදෙනිය,  පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි අයෙකි. තුවාල ලැබු පුද්ගලයා මැදමහනුවර ප්‍ර දේශයේ පදිංචි කරුවෙකි.
මහියංගන පදියතලා මාර්ගයේ 49 කණුව ප්‍රදේශයේ සෙනෙවිගම හරහා ගැමුණුපුර මාර්ගයේ වු මහවැලි පාලමේ පැතිබැම්ම මීට වසර දෙකකට පෙර කඩාවැටී ඇති අතර අවස්ථා කිහිපයකදී ගොවි සංවිදාන විසින් දැනුම් දී තිබුනද දවසින් දවස ප්‍රමාද වි ඇති අතර  පැතිබැම්ම නැවත අලුත් වැඩියාව 29 දින උදැසන ආරම්භ කර ඇත. මිට සතියකට පෙර ඩෝසරයක් පැමිණ පැති බැම්ම සැදිම සදහා කාණු කපා ඇති අතර එහිදි ඉහලින් වු අතතුරුදායක පස් කණ්ඩියේ පස් ඉවත් නොකිරිම හේතුවෙන් මෙම අනතුර සිදු බවට ගම්වාසින් චෝදනා කරන අතර එය අධික්ෂණය සදහා මහවැලි නිළධාරින් නොපැමිණි බවට ගම්වාසීන් චෝදනා කරති. මහනුවර ප්‍රදේශයේ කොන්ත්‍රාත් කරුවකු හා සේවකයන් විසින් මෙම අලුත්වැඩියා කටයුතු සිදු කර ඇත.
අඩි හයක් පමණ ගැබුරු වලක  වැඩ කරමින් සිටි පුද්ගලයන් මතට මෙම පස් කන්ඩිය කඩා වැටුන බවත් ගැබුරින්ම සිටි පුද්ගලයා මතට විශාල පස්කන්ඩිය කඩා වැටි යට වු බවත් ඊට මදක් ඉහලින් සිටි පුද්ගලයාගේ ඉන ප්‍රදේශය දක්වා පස් වලින් යට වී තුවාල ලැබු බවත් පස්වලින් යට වු පුද්ගලයා ගොඩ ගැනිම සදහා බැකෝ යන්ත්‍රයක් ගෙන්වීමට සිදු වු බවත්  එය ගෙන්වා පුද්ගලයා ගොඩ ගැනීමට විනාඩි 30ක් පමන ගත වු  බවත් එහිදි ගොඩ ගන්නා විටම පුද්ගලයා මියගොස් සිටි බව සිද්දිය ඇසින් දුටුවන් පවසනවා.

මහියංගන පොලිසිය සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කරමින් සිටී.

Friday, September 27, 2013

මාධ්‍යෙ වේදියෙකු හට ව්‍යාපාරිකයෙකුගෙන් ප්‍රහාරයක්

2013-09-27 11:02 ප.ව.
බින්නැන්න ජන මාධ්‍ය සංගමයේ ලේකම් ලෙස කටයුතු කරන හා මානවහිමිකම් පිළිබ ක්‍රියාකාරි ලෙස කටයුතු කරන මෙන්ම ගිරාදුරුකෝට්ටේ සහ මහියංගන හා බිබිල ප්‍රදේශයේ ප්‍රාදේශිය ජනමාධ්‍ය වේදියෙකු ලෙස දිර්ඝ කාලයක් තිස්සේ කටයුතු කරන මී ගොඩ හේමපාල මහතාට ඊයේ(26) උදැසන මහියංගන නගරයේ පැවති සිදු වීමක් වාර්ථා කිරිමට ගොස්  සිටියදී මහියංගන නගරයේ ව්‍යාපාරිකයෙකු විසින් පහර දීමක් සිදු කර ඇති අතර ඒ සම්බන්දයෙන් මී ගොඩ හේමපාල මහතා මහියංගන පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර මේ වන විට ඔහු මහියංගන මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්දිය සම්බන්දයෙන් මහියංගන පොලිස් ස්ථානයේ ස්ථානාධීපති තුමන් ප්‍රමුඛ නිළධාරින් පරික්ෂණ කරමින් සිටී.

Sunday, September 22, 2013

රිය අනතුරු දෙකෙන් පුද්ගලයෙක් මරුට - දෙකක් රෝහලට

2013-09-22 10:50 ප.ව.

මහියංගන ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ ඊයේ (21) රාත්‍රිෙය්දි සිදු වු රිය අනතුරු දෙකක් හේතුවෙන් පුද්ගලයෙක් මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා මහියංගන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
මහියංගන ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ 1 කණුව ප්‍රදේශයේ දී ඊයේ (21) රාත්‍රියේ 8ට පමණ ත්‍රිරෝද රථයක් හා ලොරි රථයක් හැප්පි ත්‍රිරොදරථයේ ගමන් ගත් විජේකෝන් මුදියන්සේලාගේ පියසේන (51)  , අංක 150, අක්කර 80, හද්දත්තාව, සොරබොර ජනපදයේ පදිංචි අයෙක් මිය ගොස් ඇත.
මහියංගන ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ දුන්කොළවත්ත, නිදහන්ගල ප්‍ර දේශයේදී ත්‍රිරෝද රථයක් හා මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් එකිනෙකට හැප්පී යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා තුවාල ලබා මහියංගන මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී

මෙම අනතුරු සම්බන්දයෙන් මහියංගන පොලිසියේ ස්ථානාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශයේ නිළධාරින් පරික්ෂණ පවත්වමින් සිටී.

Tuesday, September 17, 2013

ළමයෙකු ලිංගිකව අපයෝජනයට ලක් කළ විදුහල්පතිවරයාට අද දින ඇප ලැබේ - පැනගොස් සිටි සිද්ධියට සම්බන්ද චිවරදාරි විදුහල්පතිවරයාත් නිතිඥයකු මාර්ගයෙන් අධිකරණයට බාරවේ. ගම්වාසීන් පාසල ඉදිරිපිට විරෝධතාවයක

2013-09-17 11:21 ප.ව.පසුගිය සිකුරාදා රාත්‍රීයේදී රාත්‍රි ළමයෙකු ලිංගිකව අපයෝජනයට ලක් කළ විදුහල්පතිවරයෙකු ගිරාඳුරුකෝට්ටේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සැකකාර විදුහල්පතිවරයා මහියංගණ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණී පී.රඹකැන්පුර මහතා හමුවට පැමිණවීමෙන් අනතුරුව අද(17) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා. සිද්දියට සම්බන්ද හොබරියාව පාසලේ විදුහල්පති හිමිනමද අත්අඩගුවට ගන්නට පොලිසියෙන් පරික්ෂණ සිදු කල අතර හිමිනම ප්‍ර දේශයෙන් පලා ගොස් තිබුනා. පැනගොස් සිටි සිද්ධියට සම්බන්ද චිවරදාරි විදුහල්පතිවරයාත් නිතිඥයකු මාර්ගයෙන් අද(17) වන දින මහියංගණ අධිකරණයට බාර විය.ළමයෙකු ලිංගිකව අපයෝජනයට ලක් කළ විදුහල්පතිවරයාට අද දින ලක්ෂ 2 බැගින් වු ශරිර අප හා රුපියල් 20000ක මුදල් ඇප ලැබු අතරඅධිකරණයට බාර වු  සිද්ධියට සම්බන්ද චිවරදාරි විදුහල්පතිවරයා හට රුපියල් ලක්ෂයක ශරිර ඇප නියම විය. නඩුව 10 මාසයේ 23 දිනය දක්වා කල් තබන ලදී.මෙම සිදුවීමට හා විදුහල් පතිවරයාට ඇප ලබාදීම සම්බන්දයෙන් ඊට විරෝධය පා අලුත්තරම, සී.ටී.සී. ප්‍රාථමික පාසල ඉදිරිපිට පසුගිය සිකුරාදා රාත්‍රීයේදී රාත්‍රි සැකකාර විදුහල්පතිවරයා මෙම ළමයා හා බලෙන් ලිංගික  ගම්වාසීන් එක්ව විරෝධතාවයක් සංවිධානය කර තිබුනා.

Monday, September 16, 2013

පුජානගරයේ තරුණයෙකු ගෙලවැලලාගෙන

2013-09-16 11:48 ප.ව.

ඊයේ රාත්‍රියේ (15) මහියංගන පුජානගරයට ආසන්න ප්‍රදේශයේ තරුණයෙකු ගෙලවැලලාගෙන මියගොස් ඇත. සිද්දිය සම්බන්දයෙන් මහියංගන පොලිසියේ නිළධාරින් පරික්ෂණ සිදු කර ඇත.

වන අලි එලවන්න ගිය 3කට අලියා පහර දී 3ක් රෝහලේ - ඒ අතර වනජිවි නිළධාරින් දෙකක්ද සිටී ගම්වාසී තරුණයෙකු වන සුනිල් විජේරත්න ගේ තත්වය බර පතල වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට

9/16/2013 10:36 PM

මිනිමරු වන අලියකු  පන්නා දැමිමට ගම්වාසීන්ගේ සහය ඇතුව වනජිවි නිළධාරින් කටයුතු කිරිමට ගොස් සිටියදී මිනිපේ හසලක උල්පතගම ප්‍රදේශයේදී එම අලියාගේ ප්‍රහාරයට ලක් වී පුද්ගලයන් 3කට රෝහල් ගතවන්නට 15 දින රාත්‍රියේදි සිදු වී ඇත
මිනිපේ හසලක උල්පතගම දබේපිටිය ගම්මානයේ වයස 65ක් පමණ වන පුද්ගලයෙකු  15දින   උදැසන 6 පමණ පොළට විකිණිම සදහා එළවලු මල්ලක් හිස තබාගෙන රැගෙන යමින් සිටියදි ගම්මානයේ කුඩා මාර්ගයකදී වන අලියෙකුගේ ්‍රහාරයට ලක්වී මියගිය අතර කෝපයට පත් ජනතාව හසලක කොලොන්ගොඩ මාර්ගය හරස්කර 4වන මරණයක්  සිදු වීමට පෙර වන අලි පන්නා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවයක නිරත විය. හසලක පොලිසිය මැදිහත් වී ගැටලුව විසදීම සදහා මිනිපේ ප්‍රාදේශිය ලේකම් සමන්ති නාගස්තැන්න මහත්මිය ගෙන්වු අතර එහිදී ඇය විසින් ජනතාව හට ප්‍රකාශකර සිටියේ දිනතුනක් ඇතුලත වනජිවි නිළධාරින් සමග සම්බන්ද වී ගැටලුවට විසදුම් ලබාදෙන බවයි.
එම දිනම සවස ක්‍රියාත්මක වු වන ජිවි නිළධාරින් ඊයේ රාත්‍රිෙය් (15දින) ගම්මානය සදහා පුර්ණ ආරක්ෂාව ලබාදී ඇති අතර සුපුරුදු පරිදි රාත්‍රි 12ට පමණ මිනිමරු අලියා ගම්මානයට පැමිණ ඇති අතර ගම්වාසීන්ගේ සහය ඇතුව වනජිවි නිළධාරින් මිනිමරු අලියා පන්නා දැමිමට කටයුතු කල අතර අලි වෙඩි ගසා මද දුරක් අලියා පන්නාගෙන යැමේදී අලියා ආපසු හැරී නිළධාරින් පසුපසු එලවා ඇත. වන ජිවි නිළධාරින් හා සහයට පැමිණි ගම්වාසින් ජිවිත ආරක්ෂාව සදහා දිවගොස් ඇති අතර දිව යන විට වන ජිවි නිළධාරින් දෙදෙනෙකු හා ගම්වාසියෙකු බිම ඇද වැටී ඇති අතර මිනිමරු වන අලියා පැමිණ සහයට පැමිණි ගම්වාසී තරුණයෙකු වන සුනිල් විජේරත්න (වයස 30) කකුලෙන් පාගා ඇත. තුවාල ලැබුවන් මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර ගම්වාසී තරුණයෙකු වන සුනිල් විජේරත්න ගේ තත්වය බර පතල වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටී.
 තුවාල ලැබු වන ජිවි නිළධාරින් දෙදෙනා වන රංදෙනිගල වන ජිවි කාර්යාලයේ අඩවි සහකාර මංජුල ප්‍රදීප් මහතා හා ජේ එල් ප්‍රේමසිංහ යන මහත්න් මහියංගන මුලික රෝහලේ 08 වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබන අතර ඔහුන්ගේ තත්වය බරපතල නොමැති අතර වැටිමේදී ඇති වු තුවාල හේතුවෙන් ප්‍රතිකාර ලබම්න් සිටි.

මේ වන විටත් මිනිමරු වන අලියා  හසලක උල්පතගම ප්‍ර දේශය අවට වන ලැහැබක සිටිම හේතුවෙන් ගම්වාසීන්ගේ ජිවිත වලට තර්ජනයක් වී ඇති බව එම ප්‍ර දේශයේ ගම්වාසින් පවසනවා.

Sunday, September 15, 2013

අලි ප්‍රහාරයට ලක්වී පුද්ගලයෙක් මියයි. - ගම්වාසීන් එක්ව හසලක කොලොන්ගොඩ මාර්ගය උදැසන 10ට පමණ හරස්කර පැය දෙකක් පමණ එම මාර්ගයේ ගමනාගමනය සම්පුර්ණයෙන් අඩාල කර විරොදතාවයක නිරත වුවා


9/15/2013 11:24 PM
මිනිපේ හසලක උල්පතගම දබේපිටිය ගම්මානයේ වයස 65ක් පමණ වන පුද්ගලයෙකු අද ( 15 ) උදැසන 6ට පමණ පොළට විකිණිම සදහා එළවලු මල්ලක් හිස තබාගෙන රැගෙන යමින් සිටියදි ගම්මානයේ කුඩාමාර්ගයකදී වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්වී මිය ගොස් ඇත.
ඩබ්ලිව් එස් ජි ජිනදාස (65) කෙන්ගොල්ලඇල, දබේපිටිය, උල්පතගම යන ලිපිනයේ පදිංචි පුද්ගලයෙකු මෙසේ වන අලි ප්‍රහාරයට ලක් වී මිය ගොස් ඇත.
වසර කිහිපයක සිට හසලක උල්පතගම, කිදිගොඩ, කෙන්ගොල්ල, දඹේපිටිය යන ගම්මානවල ජනතාව වන අලි ගම්වැදී සිදුකරනා ජීවිත හානි හා දේපල, බවබෝග හානි හේතුවෙන් මහත් පීඩාවකට ලක්වෙමින් සිටී. 2013 වර්ෂය අවසන් වන්නටත් පෙර එක් වර්ෂයක් තුල වන අලි මිනිස් ජිවිත දෙකක් මේවන විට බිලිගෙන ඇත.
වන අලි ප්‍රහාරයට ලක් වී මේවන විට එම ගම්මානය අවට පුද්ගලයන් 3ක් මිය ගොස් ඇති අතර මෙම මිනි මරු වන අලියා පන්නා දැමීමට වගකිවයුතු නිළධාරින් සාර්ථක විසදුම් ලබා නොදී පැලැස්තර ඇලවීම නිසා කෝපයට පත් ජනතාව හසලක කොලොන්ගොඩ මාර්ගය හරස්කර 4වන මරණයක් සිදු වීමට පෙර වන අලි පන්නා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවයක නිරත විය.
ගම්වාසීන් එක්ව හසලක කොලොන්ගොඩ මාර්ගය උදැසන 10ට පමණ හරස්කර පැය දෙකක් පමණ එම මාර්ගයේ ගමනාගමනය සම්පුර්ණයෙන් අඩාල කර විරොදතාවයක නිරත වු අතර හසලක පොලිසිය මැදිහත් වී ගැටලුව විසදීම සදහා මිනිපේ ප්‍රාදේශිය ලේකම් සමන්ති නාගස්තැන්න මහත්මිය ගෙන්වු අතර එහිදී ඇය විසින් ජනතාව හට ප්‍රකාශකර සිටියේ දිනතුනක් ඇතුලත වනජිවි නිළධාරින් සමග සම්බන්ද වී ගැටලුවට විසදුම් ලබාදෙන බවයි. එම පොරොන්දු වීමත් සමග ගම්වාසීන් විරෝදතාවය නවතා දමන ලදී

(විස්තර සැකෙවින්) ළමයෙකු ලිංගිකව අපයෝජනයට ලක් කළ විදුහල්පතිවරයෙකු ගිරාඳුරුකෝට්ටේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත

9/15/2013 4:04 PM
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගණ අධ්‍යාපන කළාපයේ,අලුත්තරම,සී.ටී.සී.,නවජීවිතය විදුහලේ වැඩ බලන විදුහල්පති ආර්.එම්.ඒ.බණ්ඩාර (වයස අවු:50) මහතාය.
පසුගිය සිකුරාදා රාත්‍රීයේදී රාත්‍රි සැකකාර විදුහල්පතිවරයා මෙම ළමයා හා බලෙන් ලිංගික ඇසුරක් පවත්වා ඇති අතර පසුව අතවරයට පත් ළමයානිවසින් පලා ගොස් සිය මවට දුරකථනයෙන් සිද්ධිය පවසා ඇති අතර ඇය ළමයාද සමගින් රාත්‍රීයේම ගිරාඳුරුකෝට්ටේ පොළීසියට පැමිණිලිකිරීමෙන් අනතුරුව සැකකාර විදුහල්පතිවරයා වහාම අත් අඩංගුවට ගෙන ඇත.
සිකුරාදා සර් මට කෝල් කළා.සර්ගේ කරවල බිස්නස් එකක් තියෙනවා ඒකටත් උදව් කරන්න කිව්වා.අම්මාට කෝල් කරලා මම සර්ගේ ගෙදර ගියා. සර්ගේ නෝනා ගෙදර හිටියේ නැහැ.පස්සේ අපි හවස නෑවා. රෑට කෑම ඉව්වා.කාලා ඉවර වෙලා මම සර්ට කිව්වා ගනං ටිකක් කියා දෙන්න කියලා.දැන් රෑ වෙලා නිදාගමු කිව්වා.කාමරේ ඇඳන් දෙකක් තිබ්බා.මට එකක නිදා ගන්න කිව්වා.සර් එකක නිදා ගත්තා.පස්සෙ සර් බලෙන්ම මාව ලිංගික ඇසුරකට යොදා ගත්තා යැයි බලහත්කාර කමට ලක්වූ ජනක සංජීව නමැති (17) ළමයා පැවසීය.
සාමාන්‍ය පෙළ විභාගය අසමත් තම දරුවාට විභාගය සමත්වීමට අවශ්‍ය ඉගැන්වීම් කටයුතු සිය නිවසේදීම නොමිළයේ කළ හැකි බව විදුහල්පතිවරයා පැවසූබව ළමයාගේ මව වන ඩී.එම්.දයාවතී මහත්මිය පැවසුවාය.තමන්ටද ඉගැන්වූ ගුරුවරයෙකු වූ නිසා සැකයක් ඇති නොවූ බවද මව පැවසුවාය.මම වැඩට ගියා.හවස ගෙදර ආවාම පුතා ගෙදර ආවේ නැහැ. සර්ගේ ගෙදර යනවා කියලා මට කිව්වා.පස්සේ රෑ 10.45ට විතර පුතා මට කෝල් කලා කරදරයක් ඉක්මනට එන්න කිව්වා .මම එද්දී සේන කඩේ ලඟදී පුතා හම්බ වුනා. ගෙදර ගිහින් විස්තරේ කිව්වා.මම එවේලේම පොලිසියට ගියා.
අතවරයට පත් පිරිමි ළමයා ගිරාඳුරුකෝට්ටේ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩි දුර පරීක්ෂණ කටයුතු සඳහා බදුල්ල මහ රෝහලට මාරු කර යවා ඇත.
අත් අඩංගුවට පත් සැකකාර විදුහල්පතිවරයා මහියංගණ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණී පී.රඹකැන්පුර මහතා හමුවට පැමිණවීමෙන් අනතුරුව එළාඹෙන 17වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ අතර සිද්ධිය වාර්තා කිරීමට ගිය රූපවාහිනී මාධ්‍යෙව්දීන්ට සැකකාර විදුහල්පතිවරයාගේ බිරිඳ හා දියණිය බාධා එල්ල කළහ.
ගිරාඳුරුකෝට්ටේ පොළීසියේ වැඩ බලන ස්ථානාධිපති පොළිස් පරීක්ෂක අබේසේකර මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය ස්ථානාධීපති පොළිස් පරීක්ෂක වීරසිංහ,අපරාධ අංශයේ ස්ථානාධිපති උ:පො:ප:සේනාරත්න, පො:සැ:විජේවර්ධන (22354), පො:කො:හේමපාල (37110) යන නිළධාරීහු පරීක්ෂණ මෙහෙයවූහ

Saturday, September 14, 2013

විදුහල්පති වයස 17 පිරිමි දරුවකු අපයෝජනය කර 17 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරයි - සිද්ධියට සම්බන්ද හිමිනමක්ද අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත් නියෝගකර ඇත.

9/14/2013 5:55 PM
ගිරාදුරුකෝට්ටේ අලුත්තරම නවජිවිතය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඊයේ රාත්‍රියේ දී විදුහල්පති නිවසට පාඩම් කරවීම සදහා ගෙන්වා ගත් වයස 17ක පිරිමි දරුවකු ලිංගික අපයෝජනයට ලක්කර ඇති අතර පිරිමි දරුවා ඒ පිළිබද දෙමාපියන් දැනුවත් කිරිමෙන් අනතුරුව දෙමාපියන් ගිරාදුරුකෝට්ටේ පොලිසිය වෙත කරන ලද පැමිණිල්කට අනුව සැකකාර විදුහල්පතිවරයා පොලිස් අත්අඩංගුවට ගැනි‍මෙන් අනතුරුව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුනා
වැඩබලන මහේස්ත්‍රාත් ගාමිණි පී රඹකැන්පුර මහතා විසින් සැකකාර විදුහල්පතිවරයා මේ මස 17 වන දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියෝග කර ඇති අතර එදිනට අධිකරණය වෙත සැකකාර විදුහල් පතිවරයා ගේ අධිකරණ වෛද්‍යවර්ථාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත. අපයෝජනය සම්බන්දයෙන් දරුවාගේ ප්‍රකාශ අනුව විදුහල්පති හිමිනමක්ද එම අවස්ථාවේ නිවසේ සිට ඇති අතර එම හිමිනමද අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන මහේස්ත්‍රාත් ගාමිණි පී රඹකැන්පුර මහතා විසින් නියෝගකර ඇත.
අපයෝජනයට ලක්වු දරුවා ගිරාදුරුකෝට්ටේ මුලික රෝහල වෙත ඇතුලක් කර ඇති අතර වෛද්‍ය පරික්ෂණ කටයුතු සදහා මහියංගනයටද පසුව බදුල්ල රෝහල වෙත මාරු කර යවා ඇත.
අපයෝජනයට පත් පිරිමි දරුවගේ මව මෙම විදුහල්පතිවරයාගේ අධ්‍යාපනය හැදැරු ගෝලයෙක් වන අතර දරුවා සාමාන්‍ය පෙළ විභාගය ප්‍රථම අවස්ථාව අසමත් වීම හේතුවෙන් දෙවන වර ඒ සදහා පෙනී සිටීමට සුදානම් වු අයෙකි. විදුහල්පති විසින් ගණිත විෂය දරුවාහට උගන්වන බව පවසා දෙමාපියන්හටත් දන්වා දරුවා විදුහල්පතිගේ නිවසට කැදවාගෙන ගොස් ඇත. ඒම රාත්‍රිෙය් විදුහල්පතිගේ පව්ලේ අය නිවසේ සිට නොමැති අතර හොබරියාව ප්‍රදේශයේ පාසලක විදුහල්පති හිමිනමක්ද එම අවස්ථාවේ නිවසේ සිට ඇති අතර මෙම අපයෝජනය සම්බන්දයෙන් දරුවාගේ ප්‍රකාශ අනුව එම හිමිනමද අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන මහේස්ත්‍රාත් ගාමිණි පී රඹකැන්පුර මහතා විසින් නියෝගකර ඇත.සිද්දිය සම්බන්දයෙන් ගිරාදුරුකොට්ටේ පොලිසිය පරික්ෂණ පවත්වමින් සිටී. සිද්ධිය වාර්ථාකිරිමට ගොස් සිටි මාධ්‍යෙව්දින් සදහා විදුහල්ගති පාර්ශවයේ පවුලේ අයගෙන් බාදා කිරිම් හා තර්ජනය කිරිම් සිදු කෙරින

මිනිපේ ප්‍රාදේශිය සභපතිගේ නිවසටත් මැර තර්ජන.

2013-09-09 1:39 ප.ව.
එක්සත් ජනතා නිදහස් සන්දානයේ මිනිපේ ප්‍රාෙදේශිය සභාවේ සභාපති වසන්ත ජයසුන්දර මහාතාගේ නිවසට 09 වන දින ( අද ) අලුයම 3ට පමණ සුකෝපබෝගී රථ පෙලකින් පිරිසක් පැමිණ ඇති අතර නිවස ඉදිරිපිට වු කටව්ට් හා බැනර් කපා දැමීමට සුදානම් වු බවත් නිවසේ ඉදිරිපස විදුලි පහන් දැල්වීමත් සමග පිරිස නික්ම ගිය බවට මිනිපේ ප්‍රාෙදේශිය සභාවේ සභාපති වසන්ත ජයසුන්දර මහාතා හසලක පොලිසිය වෙත 09 දින උදැසන පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
විනාඩි 45කට පසු නැවතත් වාහන පෙලකින් පෙර පැමිණි පුද්ගලයන් පැමිණ සභාපති වරයාගේ නිවසේ දොරට තට්ටු කල බවත් එසේ පැමිණි පුද්ගලයා ඇමති ආරක්ෂක නිළධාරිවරයෙකුගේ ස්වරූපයේ කෙනෙකු බවත් තමා මෙම සියලු සිදුවීම් නිවස තුල සිට ජනෙල් කව්ලුවකින් බලා සිටිම හේතුවෙන් පැමිණි පිරිස හදුනා ගත් බවත් ඔහුන් මහනුවර ප්‍රදෙශයේ සන්දානයේ ප්‍රබල අමාත්‍යාවරයෙක්ගේ ආදාර කරුවන් පිරිසක් බවත් පැමිණි පිරිසෙන් කිහිපදෙනෙකු හදුනන බවත්, පැමිණි වාහන සහ එහි අංක කිහිපයක් තමා විසින් හදුනාගත් බව සභාපතිවරයා හසලක පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

Friday, September 6, 2013

ගිරාදුරුකෝට්ටේ වකුගඩු රෝගී ඒකකයට වසර 10ක් පිරිම නිමිත්තෙන් වකුගඩු රෝගය පිළිබද ප්‍රදර්ශනයක් ගිරාදුරුකෝට්ටේදී




9/6/2013 3:18 PMජිවිතයට අලුත් බලාපොරොත්තුවක් - වකුගඩු රෝගයට ප්‍රතිකාර කල හැක යන තේමාව යටතේ වකුගඩු රෝග ආශ්‍රිතව සැප්තැම්බර් 5/6/7 යන දින තුන තුලදී ගිරාදුරුකෝට්ටේ දිශාරෝහලේදී පැවැත්වේ. වෙළෙද කුටි, ප්‍රදර්ශන කුටි, විශේඥ වෛද්‍ය දේශන, වෛද්‍ය පරික්ෂණ, ජල මුලාශ්‍රවල ජල සාම්පල් පරික්ෂාව වැනි සේවාවන් නොමිළේ මෙම ප්‍රදර්ශනය තුල දී ලබා ගත හැක. ගිරාදුරුකෝට්ටේ වකුගඩු රෝගී ඒකකය ආරම්භකර වසර 10ක් පිරිම නිමිත්තෙන් මෙම වකුගඩු රෝගය පිළිබද ප්‍රදර්ශනය ගිරාදුරුකෝට්ටේදී පැවැත්වීම තීරණය කල අතර සීකලාපයේ ජනතාව වකුගඩු රෝගය පිළිබද දැනුවත් කිරීම හා ඒ සම්බන්දයෙන් ඇති පරික්ෂණ සදහා නොමිලේ පහසුකම් සැපයිම මෙම ප්‍රදර්ශනයේ අරමුන වී ඇත.ගිරාදුරුකෝට්ටේ දිශාරෝහලේ වකුගඩු ඒකකය හා ලියාපදිංචි වකුගඩු රෝගින් ගේ ගණන 2600 මේ වන විට ඉක්මවා ගොස් ඇති අතර ඉන් 140ක් උග්‍රම රෝගී තත්වයේ පසු වේ. සෑම වසරකම ගිරාදුරුකෝට්ටේ ප්‍ර දේශයේ 200-225 අතර ප්‍රමාණයක් වකුගඩු රෝගින් ලෙස ගිරාදුරුකෝට්ටේ දිශාරෝහලේ වකුගඩු ඒකකය හා ලියාපදිංචි වේ. වාර්ශිකව වකුගඩු රෝගී තත්වය හේතුවෙන් 150ක් පමණ මෙම ප්‍රදේශයේ මියයයි.ගිරාදුරුකෝට්ටේ දිශාරෝහලේ වකුගඩු ඒකකය, ජල සම්පාදන මන්ඩලය, මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකය, පේරාදෙනිය විශ්ව විද්‍යාලය, ගිරාදුරුකෝට්ටේ සෞඛ වෛද්‍ය නිළධාරි කාර්යාලය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, කෘශිකර්ම දෙපාර්ථමේන්තුව, ආදිවාසී ජනතාව, සමාජසේවා දෙපාර්ථමේනතුව, මුලික රෝහල මහියංගන යන ආයතන සම්පත් දායකයන් ලෙස මෙම ප්‍රධර්ශනය සදහා සහය ලබා දී තිබේ.ඌප පළාත් ආන්ඩුකාර සී නන්ද මැතිව් පහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනයෙ පළමු දින(05) ආරම්භ කෙරින. එම අවස්ථාවට ඌව පළාත් සෞඛ අමාත්‍ය ඒ එම් බුද්දදාස මහතා, ඌව  පළාත් කෘෂි කර්ම ඇමති අනුර විදානගමගේ මහතා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා ඌව පළාත් සෞඛ ලේකම් සී අබන්වැල්ල මහත්මිය, මහියංගන ප්‍රාදේශිය ලේකම් සුනිල් අබේකෝන් මහතා, රිදිමාලියද්ද ප්‍රාදේශය ලේකම් ආත්මා ඩි ජයරත්න මහත්මිය, ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තෝ, ගිරාදුරුකෝට්ටේ දිශාරෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරී ධම්මික ජයවර්ධන මහතා, ගිරාදුරුකෝට්ටේ දිශාරෝහලේ වකුගඩු ඒකකයේ වෛද්‍ය ලිසාන්ත ගුණරත්න මහතා යන අය මෙම ප්‍රධර්ශන  ආරම්භක මොහොත සදහා සහභාගී වී සිටියා.

මහියංගන ඇසල මහා පෙරහැරට ඔබ සැමට ආරාධනා


මහියංගන ඇසල මහා පෙර හැරට කප් සිටුවයි - ආදිවාසී ඇදහැලි පුද සත්කාර හා චාරිත්‍ර ඇතුලත් එකම පෙරහැර

9/6/2013 1:54 PM
ලංකාවේ වෙහෙර විහාරස්ථාන වල පැවැත්වෙන් පෙරහැර අතුරෙන් විශාල වශයෙන් ආදිවාසී ඇදහැලි පුද සත්කාර හා චාරිත්‍ර ඇතුලත් එකම පෙරහැර මහියංගන ඇසල මහා පෙර හැර වන අතර මහියංගන රජමහා විහාරයේ හා සමන්දේවාලය විසින් වාර්ශිව පවත්වන මහියංගන ඇසල මහා පෙර හැර 2013 සදහා පුරාන චාරිත්‍රානුකුලව කප් සිටුවීමමේ මංගල්‍ය සමන් දේවාලයේදි බස්නායක නීළමේ ආනන්ද හීන්කෙන්ද මහාතා හා ප්‍රධාන කපුමහතාගේ ප්‍රධානත්වයෙන් 2013-09-05 වන දින පස්වරු 11.18 යෙදුන සුභ මොහොතින් සිදු කෙරින.
මෙම අවස්ථාව සදහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා හා මහියංගන රජමහා විහාරයේ තේවාව භාර යටියන රතනසිරි ස්වාමීන්වහන්සේ සහ මහනුවර නාථ දේවාලයේ බස්ණායක නිළමේ ගයාන් හීන්කෙන්ද මන මහත්වරුන් හා ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගී වී සිටියා. මහියංගන රජමහා විහාරයේ භාරකාර දුරන්දර පන්ඩිත ප්‍රජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්කිත නාහිමියන්ගේ සංවිධානයෙන් හා සමන් දේවාලයේදි බස්නායක නීළමේ ආනන්ද හීන්කෙන්ද මහාතාගේ සංවිධානයෙන් ඒකාබද්දව මහියංගන ඇසල මහා පෙර හැර 2013 සංවිධානය කෙරේ.

කප්සිටුවීමෙන් පසු 05 වන දින රාත්‍රියේදීම සමන් දේවාලයේ ඇතුල් පෙරහැර ආරම්භ කල අතර  සැප්තැම්බර් 05 දින සිට සැප්තැම්බර් 09 දක්වා දේවාල ඇතුල් පෙරහැරසැප්තැම්බර් 10 සිට සැප්තැම්බර් 14 දක්වා කුඹල්පෙරහැර සැප්තැම්බර් 15 සිට සැප්තැම්බර් 19 දක්වා රන්දෝලි පෙරහැර සැප්තැම්බර් 20 උදැසන දිය කැපීමේ මංගල්‍ය මහවැලි ගංගා තොටුපලේදී පවත්වා සැප්තැම්බර් 20 දින දහවල් ‍ ආදිවාසී දොඩම්පෙරහැර සමග දහවල් පෙරහැර සමන් දේවාලයේ ගෙවිදීමෙන් පසු මහියංගන ඇසල මහා පෙර හැර 2013 නිමාවීමට නියමිතයි. ආදිවාසී වැදි පෙරහැර අවසන් රන්දෝලි පෙරහැර විහාරයට ගෙවිදීමෙන් පසු (20 දින උදැසන) උදැසන 4.00ට ආදිවාසී වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් මහියංගන සුමන සමන් දේවාලය ඉදිරිපිටදී පැවැත්වේ.

මහියංගන රිදිමාලියද්ද පවුල් 50000කට ජලය ලබාදීමේ ව්‍යාපෘතිය ආරම්භකෙරේ - වියදම කෝටි 300ක්

9/3/2013 11:55 PM
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා විසින් පාර්ලිමේනතුවේදී මහියංගන හා රිදිමාලියද්ද ප්‍රදේශවල පවතින ජල ගැටලුව සම්බන්දයෙන් නිරන්තර කරන ලද හෙලිදරව්ව හා ඉල්ලීමකට අනුව  2013-09-03 දින මහියංගන හා රිදිමාලියද්ද පවුල් 50000කට ජලය ලබාදීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරිම සිදු කෙරින. ඒ සදහා රුපියල් කෝටි 300ක් වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇත

ජල සම්පාදන ශේෂ්ත්‍රෙය් වසර 10-15 පසු ආරම්භකෙරෙන විශාලතම ව්‍යාපෘතිය මහියංගන ජලසම්පාදන ව්‍යාපෘතිය වන අතර  මෙම ව්‍යාපෘතිය මගින් මහියංගනය හා රිදිමාලියද්ද ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශ වල මහියංගන නගරය, මහියංගන පුජානගරය, දම්බරාව, සොරබොර, වැව්ගම්පහ, දෙහිගොල්ල, අරාවත්ත, සගබෝපුර, වෙලම්පැලේ, කෙසෙල්පොත උතුර, කෙසෙල්පොත දකුණ, සේරාණ, සෙනෙවිගම, ඌව ගැමුණුපුර, ඌව තිස්සපුර, අභයපුර, දික්ඇන්දයාය යන ගම්මාන වල පවුල් 50000ක් ආවරණය වන පරිදි පිරිසිදු පානිය ජලය මෙම ව්‍යාපෘතිය මගින් ලබාදීමට නියමිතයි. ජල මුලාශුය  ලෙස මහවැලි ගග යොදාගනිමින් ලංකා ජන රජය සහ ඔස්ට්‍රියා රජයේ මුදල් ආධාර මගින් රුපියල් කෝටි 300ක් වියදම් කර වසර 2ක කාලයක් තුල ව්‍යාපෘතිය අවසන් කිරිමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය මගින් මහියංගන ජල පවිත්‍රාගාරයේ ධාරිතාවය ඝණ මිටර් 6500කින් වැඩි කිරිමද සිදු කිරීමට හැකි වීම මහියංගන ජනතාව ලැබු බාග්‍යකි.

Video මිනිපේ මොරයාය රිය අනතුරකින් 3ක් මියයයි - මිය ගිය අයගෙන් දෙදෙනෙක් පොලිසියේ අය

Video මිනිපේ මොරයාය රිය අනතුරකින් 3ක් මියයයි - මිය ගිය අයගෙන් දෙදෙනෙක් පොලිසියේ අය 
http://www.youtube.com/watch?v=rI1gVw728BU&feature=youtu.be

මිනිපේ මොරයාය රිය අනතුරකින් 3ක් මියයයි - මිය ගිය අයගෙන් දෙදෙනෙක් පොලිසියේ අය

2013-09-02 9:36 ප.ව.
මහියංගන රංදෙනිගල මාර්ගයේ මිනිපේ මොරයා 2 කණුව ප්‍රදේශයේදී අද (02) උදැසන 8.00ට පමණ වැලි පැටවු ලොරි රථයක් හා ත්‍රීරෝදරථයක් හා මුහුණට මුහුණ ගැටී අනතුරට පත්වීමෙන් ත්‍රීරෝදරථයේ ගමන් ගත් තිදෙනෙකු මිය ගොස් ඇත. 
එක් පුද්ගලයෙක් මිනිපේ මොරයාය ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් ඇති අතර ත්‍රිරෝද රථයේම ගමන් කරමින් සිටි පොලිස් සේවයේ නියුතු දෙදෙනෙකුද බරපතල තුවාල ලබා මිනිපේ මොරයාය ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මහියංගන මුලික රෝහල වෙත මාරුකර යවා ඇත. මහියංගන රෝහල වෙත ගෙනා තුවාල ලැබුවන් දෙදෙනාගේ තත්වය අතිශයින් බර පතල තත්වයේ පසු වු අතර ඔහුන් දෙදෙනා බේරාගැනීමට වෛද්‍යවරු හැකි උපරිම උත්සාහය යෙදුනත් අවසානයේ ඔහුන් දෙදෙනාද මියගියා.

ත්‍රිරෝදරථයේ ගමන් ගත් පොලිස් නිළධාරි මහතුන් දෙදෙනාගෙන් එක් අයෙකු මහියංගන පොලිසියේ රථවාහන අංශයේ සේවයේ යෙදී සිටි පො.කො. චන්දන පුෂ්පකුමාර (36511) හා අනෙක් නිළධාරියා යාපනයේ සේවයේ නියුතු අයෙක් වන අතර නිවාඩු නිමවී යලි සේවය සදහා වාර්ථා කිරිම සදහා යමින් සිටි පො.කො. වසන්ත සදරුවන් කුලසිරි (30316) නම් වන අතර පි.ජි ජයතිලක මහතාද මෙම අනතුරෙන් මිය ගොස් ඇත. මෙම අනතුරෙන් මියගිය තිදෙනාම මිනිපේ මොරයාය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
රිය අනතුර සම්බන්දයෙන් හසලක පොලිසිය පරික්ෂණ සිදු කරන අතර වැලි ලොරියේ රියදුරු හසලක පොලිසියට බාර වී ඇත.

මහියංගනයේ දහවලට වැව් පිටිවල දුව පැණ ඇවිද රිසිසේ සැප විදින අලි රංචු

2013-09-02 11:48 පෙ.ව.
රාත්‍රිය පුරා මහියංගන අවට ගම්මාන වල ගොවි බිම් වගා බිම් කුඹුරු රිසි සේ කා බී දහවලට වැව් පිටිවල දුව පැණ ඇවිද රිසිසේ සැප විදින අලි රංචු - වගකිවයුත්තන් රාත්‍රියට නිදි..... අහවලටවත් දෙනෙත් හැර බැලුවොත් නරකද ?? බුරුතුපිටින් අලි සිටිනා හැටි

ජනපති ඔළුවිල් වරාය විවෘත කර මහියංගනයට පැමිෙනයි

2013-09-01 10:53 ප.ව.
අද උදැසන මහින්ද රාජපක්ෂ ජනපති තුමන් ඔළුවිල් වරාය විවෘත කිරිෙමන් පසු අාපසු යන ගමෙන්දි සවස මහියංගනයට පැමිණි අතර මහියංගන ජනපති මන්ධිරයට පැමිණ ඒහි සුලු ෙව්ලාවක් රැදි සට පිටත්ව ෙගාස් අැත

කීණපැලැස්සේ වී මෝල් හිමියෙක් හදිසියේ උදැසන මිය ගිහින් - විදුලි සැර වැදුනාදැයි සැකයක්

කීණපැලැස්සේ වී මෝල් හිමියෙක් හදිසියේ උදැසන මිය ගිහින් - විදුලි සැර වැදුනාදැයි සැකයක්
2013-08-30 10:11 ප.ව.
හසලක කීණපැලැස්ස ප්‍රදේශයේ ව්‍යාපාරික වීමෝල් හිමියෙක් අද (30) උදැසන හදිසියේ මියගොස් ඇති අතර මිය යෑමට හේතුව මරණ පරික්ෂණය සිදු කිරිමෙන් පසුව අනාවරණය කර ගත හැකි බව හසලක පොලිසියේ නීළධාරින් පවසන අතර වීමෝලේ ආරක්ෂාව සදහා අදින ලද විදුලි කම්බියක් හිමිකරුටම පෑගි ඔහු මිය යන්නට ඇතැයි ගම්වසීන් සැක ඵල කර සිටි. මේ සම්බන්දයෙන් පොලිසියේ නීළධාරින් පරක්ෂණ සිදු කරමින් සිටී

මහියංගන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කල නව උපාධිධාරි තරුණියක් අද උදැසන හදිසියේ මියගිහින්

2013-08-27 11:08 ප.ව.
මහියංගන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවයේ යෙදී සිටි නව උපාධිධාරී තරුණියක් අද උදැසන (27) සේවය සදහා ඇයගේ නිවසින් පැමිණිමට සුදානම් වන විටදී හදිසියේ ක්ලාන්තය දමා වැටී ඇති අතර එම මොහොතේදී ඇය මිය ගොස් ඇත. වයස 26ක් වන මෙම තරුණිය අලුයටවල ප්‍ර දේශයේ පදිංචිකාරියකි. 
මෙසේ හදිසියේ මිය යෑමට හේතුව සොයා අද දින සවස මරණ පරික්ෂණය සිදු කිරිමට නියමිතව තිබුනි.

අලි කරදර අලිවටම


සොරබොර වැව ප්‍ර දේශයේ නිවසකට වන අලි ප්‍රහාරයක්

2013-08-26 10:58 ප.ව.
මහියංගනය අවට ගම්මාන රැසකට යලිත් වන අලි කරදර හේතුවෙන් ගොවිජනතාව හා ගම්වාසීන් විශාල ලෙස පිඩාවාට පත්ව සිටී. මහියංගන සොරබොර මිගහපිටිය අංක 01 සුනිල් නිශාන්ත මහතාගේ නිවසට ඊයේ රාත්‍රියේ (25දින) වන අලි ප්‍රහාරයකට ලක් වී ඇත. මෙම අවස්ථාවේදී වන අලියා විසින් පෙරලන ලද බිත්තියේ කොටස් නිවස තුල නිදා සිටි කුඩා වයස අවුරුදු 2ක් පමන වන දරුවා සහ දරුවාගේ මව නිදා සිටි ඇද මතට වැටී ඇති අතර එම අවස්ථාවේ ඔහුන්ගේ දිවි බේරාගෙන ඇත්තේ මහත් අසීරුවෙනි. මෙම අවස්ථාව සදහා තනි අලියෙකු පැමිණි බවත් සොරබොර වැව සිට මෙසේ වන අලි නිරන්තරයෙන් ගම්වදින බවත් සොරබොර වැව ආශ්‍රිතව කුඩා වන රොදවල් තුල වන අලි 7ක රෑනක් වසර පුරා රැදී සිටිමින් අවට සොරබොර ගම්මාන වල නිවාස දේපල වතු පිටි බව බෝග හානි කරන බව සොරබොර ගම්මානයේ ගම්වාසීන් චෝදනා කරති.අවස්ථා කිහිපයකදී වන ජීවි නිළධාරින් මෙම අලි පන්නා දැමිමට කටයුතු කලද මෙම අලි රංචුව සතියක් යෑමට පෙර එම ස්ථානයටම පැමි‍ණෙන බවත්, අලි පැන්නීමේදී වනජීවි නිළධාරින් හරිහැටි පැන්නිම සිදු නොකරන බවත්, මාදුරුඔය රක්ෂිතය වටා ඇති විදුලි වැට අක්‍රිවය තිබීමත් එහි දෝශ හේතුවෙන් නිරන්තර වන අලි ගම්වදින බව ගම්වාසීන් චෝදනා කරති.
මහියංගනය හා රිදිමාලියද්ද යන ප්‍රා‍දේශිය ලේකම් බලප්‍රදේශ වල ගම්මාන රැසකට මේවන විට උග්‍ර වන අලි තර්ජනයන් වලට මුහුණ පාන්නට සිදු වී ඇත. මහියංගන අවට ගම්මාන වල වැව් රක්ෂිතයන්හි ඇති කුඩා වන රොද වල දිවා කාලය රැදී සිටිම්න් සෑම රාත්‍රි දිනයකම වන අලි රංචු පිටින් ගම් වැදීම මේ දින වල සිදු වන අතර ගොයම් අස්වනු නෙලිමට ආසන්න කුඹුරුවලට වැදී අස්වනු කාදැමිමෙන් ගම්මාන වල ගොවිජනතාවට මහත් පීඩා ඇති කරමින් සිටි.
මාපාකඩවැව දම්බරව හා සොරබොර වැව යන වැව් ආශිතව ඇති කුඩා වන රොදවල මේදින වල වන අලි රංචුපිටින් සිටින බවට ගම්වාසීන් පවසනවා. සොරබොර වැව ආශිතව වන අලි 7ක රංචුවක් සිටින බවත් දම්බරව වැව ආශිතව වන අලි 10ක සිටින බවත් රාත්‍රිය වන විට මෙම වන අලි කුඩා කණ්ඩායම් ලෙස ගම්වැදී ගම්වාසීන් හට බවබෝග විනශ කරන බව ගම්වාසීන් පවසනවා.දම්බරාව මාපාකඩවැව අක්කර 50 අබේපුර යාය 4-5-6 ගම්මාන ගැමුණු පුර රඹුක්යාය බෝගස්යාය අරාවත්ත සොරබොර ජනපදය යන ගම්මාන වල ජනතාව මේ දිනවල උග්‍ර වන අලි තර්ජන හේතුවෙන් පිඩාවට පත්ව ඇත. සැම වසරකම වන අලි ප්‍රහාරයට ලක්වී ජිවිත හානි සිදුවන බවත් මේ වසරේ ජීවිත හානියක් සිදුවන්නට පෙර වගකිවයුත්තන්ගේ අවධානය යොමු කර ගම්වාසීන් පත්ව සිටින අසීරුතාවයෙන් මුදවා ගන්නා ලෙස ගම්වාසීන් ඉල්ලා සිටී.රජයේ වග කිවයුතු පාර්ශවයන් වන අලි සදහා විසදුම් ලබාදීමට අපොහොසත් වීමත් ගම්මාන අවට ඇති විදුලි වටවත් අක්‍රියව තිබිම හා ඒවායේ බොහෝ දෝශ තිබිම හේතුවෙන් ගම්මාන වල ගොවිජනතාවට සරණක් වීමට නොහැකිව ඇත. මහියංගන ප්‍රදේශයේ සංචාරයකට පැමිණ ගැටලු නිරික්ෂණය කර උදාවී ඇති ගැටලු වලට කඩිනමින් විසදුම් ලබාදෙන මෙන් පිඩාවට පත්ව සිටින ගම්වාසීන් විෂය භාර අමාත්‍ය වරයාගෙන් ඉල්ලා සිටී.

දඹාන රක්ෂිතයේ ගින්නකින් නිවාසයකුත් පිලිස්සෙයි

2013-08-26 10:44 ප.ව.
දඹාන මාවරාගල විහාරස්ථානය අසල දෙඹටන් ඇල්ල ප්‍රදේශයේ රක්ෂිතයේ ඊයේ(25) සන්ධ්‍යාවේ ඇතිවු ගින්නක් හේතුවෙන් එම ප්‍රදේශයේ වු නිවසක් ද ගින්නෙන් පිලිස්සී විනාශ වී ඇත. මෙම නිවස ගින්නෙන් පිලිස්සී හානි සිදුවන විට නිවසේ කිසිවකුත් සිට නොමැති අතර මාවරාගල විහාරස්ථානයේ සේවය කරන තනිකඩ පුද්ගලයෙක්ට මෙම නිවස අයිති බවට ආරංචි මර්ග සදහන් කරනවා.
ගම්වාසීන් හා වන ජිවී නිළධාරින් එක්ව ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නෙන් අක්කර 10ක් පමණ රක්ෂිතයේ භුමිය විනාශවී ඇති බව ආරංචි මර්ග සදහන් කරනවා.

මහියංගන අවට ගම් රැසකට යලි වන අලි තර්ජන


යලිත් මහියංගනය අවට ගම්මාන රැසකට වන අලි කරදර


2013-08-19 11:22 ප.ව.
මහියංගනය හා රිදිමාලියද්ද ප්‍රාෙද්ශිය ලේකම් බලප්‍රදේශ වල ගම්මාන රැසකට මේවන විට උග්‍ර වන අලි තර්ජනයන් වලට මුහුන පාන්නට සිදු වී ඇතැයි ගම්වාසීන් චෝදනා කරති. මහියංගන අවට ගම්මාන වල වැව් රක්ෂිතයන්හි කුඩා වන රොද වල දිවා කාලය රැදී සිටිම්න් සෑම රාත්‍රි දිනයකම වන අලි ගම් වැදීම මේ දින වල සිදු වන අතර ගොයම් අස්වනු නෙලිමට ආසන්න කුඹුරුවලට වැදී අස්වනු කාදැමිමෙන් ගම්මාන වල ගොවිජනතාවට මහත් පීඩා ඇති කරමින් සිටි.

දම්බරාව, මාපාකඩවැව, අක්කර 50, අබේපුර, යාය 4-5-6 ගම්මාන, ගැමුණු පුර, රඹුක්යාය,බෝගස්යාය, අරාවත්ත, සොරබොර ජනපදය යන ගම්මාන වල ජනතාව මේ දිනවල උග්‍ර වන අලි තර්ජන හේතුවෙන් පිඩාවට පත්ව ඇත. රජයේ වග කිවයුතු පාර්ශවයන් වන අලි සදහා විසදුම් ලබාදීමට අපොහොසත් වීමත් ගම්මාන අවට ඇති විදුලි වටවත් අක්‍රියව තිබිම හා ඒවායේ බොහෝ දෝශ තිබිම හේතුවෙන් ගම්මාන වල ගොවිජනතාවට සරණක් වීමට නොහැකිව ඇත.