Thursday, April 28, 2016

සත්‍යග්‍රහයේ සහබාගී වී සිටි දෙමාපියෙකුගේ දරුවා යතුරුපැදියේ ගැටී රෝහලේ - දරුවන් හතරවන දිනයටත් දෙමාපියන් සමග මහපාරේ

 2016-04-28 ප.ව. 6:16

“ අපේ ලගම පාසැලට අපිට යන්න ඉඩ දෙන්න“ යැයි ඉල්ලමින් කුඩා දරුවන් පිරිසක් හා දෙමාපියන් මහියංගන ඔරුබැදිවැව ද්විතික පාසැල ඉදිරිපිට 25දින උදැසන 7.00ට සිට ආරම්භ කරනු ලැබු සත්‍යාග්‍රහය හතරවන දිනය ඊයේ (28)ට දිනටත් අඛන්ඩව පැවැතිනි. සත්‍යග්‍රහයේ නිරත දෙමාපියන්ට විරුද්දව අධ්‍යාපන නිළධාරින් දැමු පැමිනිල්ල විභාග කිරිමට දෙමාපියන් මහියංගන පොලිසිය වෙත පැමිනි මොහොතේදී සත්‍යාග්‍රහය සිදුවු ස්ථානයේ සිටි දෙමාපියෙකුගේ දරුවෙකු රිය අනතුරකට පත් වීමෙන් තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබීය.
මෙසෙ තුවාල ලබා ඇත්තේ ඒ ජේ එම් දුලන්ජන චතුමින, 9/130, අරාවත්ත, මහියංගනය යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 4ක් වු පෙර පාසැල් වියේ පසුවන දරුවෙකි. මව සමග සත්‍යග්‍රහය සිදුවන ස්ථානයේ සිට හදිසියේ කහ ඉර මතින් දුව යෑම හේතුවෙන් මාර්ගයේ ගමන් ගත් යැතුරුපැදියක ගැටී දරුවා හා යතුරුපැදි කරු තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය.
මහියංගන අධ්‍යාපන කලාපයේ බ/ඔරුබැදිවැව ද්විතික පාසලේ ඉවත් කර තිබු ප්‍රාථමිකය නැවත ලබා දෙන ලෙස ඉල්ලා එම විදුහල ඉදිරිපිට මව්පියන් හා දරුවන් 28ක් මෙලෙස අඛන්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටි.
මෙම ගැටලුවට විසදුමක් ඉල්ලා පාසැල ඉදිරිපිට පොල්අතු මඩුවක් ගසා සත්‍යග්‍රහය ආරම්භකර දින 4ක් ගතව ඇති අතර වගකිවයුතු බළධාරින් හා නිළධාරින් එම ගැටලුව සදහා ස්ථිර විසදුමක් ලබාදීමට සමත්ව නොමැත. අධ්‍යාපන නිළධාරින් දරුවන් හා දෙමාපියන් හට විසදුමක් ලබා දෙනවා වෙනුවට 27 දින මහියංගන පොලිසියට ගොස් සත්‍යග්‍රහයේ නිරත දෙමාපියන්ට විරුද්දව පැමිණිල්ලක් ඉදිරිපත් කලේය. සේරාන විද්‍යාලයේ දරුවන් 18ක් , දෙහිගොල්ල විද්‍යාලයේ ළමුන් 01ක් , ධර්මපාල විද්‍යාලයේ ළමුන් 01ක් හා තවත් ළමුන් කිහ දෙනෙකු දෙමාපියන් විසින් පළමු ශ්‍රේණිය සදහා පාසැල් නොයවන බවත්, ඒ සම්බන්දයෙන් දෙමාපියන් හට අවවාද කරන ලෙස ඉල්ලා මහියංගන කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කෝ එච් එම් සුනිල් විජේරත්න මහතා පැමිනිලේ සටහන් කර ඇත. පොලිසියට පැමිනි අවස්ථාවේ මාධ්‍යෙයන් වසංවීම සදහා විශාල උත්සාහයක් අධ්‍යාපන අධ්‍යක්ෂක දැරු අතර අවසානයේ තමන් පැමිණි මෝටර් රථට පොලියතුලට ගෙන්වාගෙන නොපෙනෙන ආකාරයෙන් වහාහනයට නැග පිටත්ව ගියේය. සේරාන විද්‍යාලයේ විදුහල්පති ආර් එම් සේනානායක මහතා ද පසුගිය 26 වන දින පොලිසිය වෙත පැමිනිල්ලක් ඉදිරිපත් කරමින් දරුවන් පාසැල් නොඑවනබවට මහියංගන පොලිසියේ පැමිනිල්ලක් දමා ඇත.
ඒ අනුව පැමිණිලි දෙකම විභාග කිරිම සදහා සත්‍යාග්‍රහයේ නියුතු දෙමා පියන් හා පැමිනිලි පාර්ශව දෙකම මහියංගන පොලිසිය වෙත ඊයේ (28) උදැසන 10.00ට කැදවා තිබුනි. සත්‍යාග්‍රහයේ නිරත දෙමාපියන් පිරිසක් හා සේරාන විද්‍යාලයේ විදුහල් පති ආර් එම් සේනානායක මහතා පැමිනිල්ල විභාග කිරිම සදහා පැමිණ සිටියේය. මහියංගන කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කෝ එච් එම් සුනිල් විජේරත්න මහතා ඇතුලු නිළධාරින් පැමිණ සිටියේ නැත. සත්‍යාග්‍රහයේ නිරත දෙමාපියන් පිරිසගෙන් කටඋත්තර සටහන් කරගැනිම මහියංගන පොලිස් නිළධාරින් විසින් සිදු කරනු ලැබුවේය.‍ෙ
සත්‍යග්‍රහයේ නියැලෙන දරුවන්ගේ දෙමාපියෙකු වන උපාලි අමරසේන මහතා “ මාර්තු 30 වන දින ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හමුවෙන්ඩ අපි දෙමාපියො ගොඩක් ගියා. ප්‍රධාන අමාත්‍යවරයා අපෙන් ඇහුවේ මේකට මම අවසරය දීලා තියෙද්දී ආපහු මොකටද මෙහෙ ආවේ කියලා. ඊට පසේසේ ඌව පළාත් අධ්‍යාපන ලේකම් තුමිය කැදලා මේක ලේකම් තුමියට බාරදුන්නා. ලේකම් තුමිය අපිට කිව්වේ අද 30 වෙනිදා. තව දවස් කිහිපයයිනේ අවුරුදු නිවාඩුවට. ඔයාලා අව්රුදුත් කාලා අව්රුදු නිවාඩුවෙන් පස්සේ දරුවො ඉස්කෝලෙට අරගෙන එන්ඩ. අපි අලුත් පංති පටන් ගන්ඩ කටයුතු කරන්නම් කියලා කිව්වා. අලුත් පංතියේ කිරි උතුරවන්ඩ හොද වෙලාවකුත් බලා ගන්ඩ කිව්වා අපිට. ඒ අනුව තමයි අපි අපේ දරුවො අරගෙන මේ දෙවන පාසැල් වාරය පටන් ගත්ත දවසේ පාසලට ආවේ.
ඔරුබැදිවැව ද්විතික පාසැලේ විදුහල්පති ගාමිණි අමරසිංහ මහත්තයා අපට කිව්වේ මේ පංතිය පටන් ගන්ඩ මහියංගන කළාප කාර්යාලයෙන් අවසර දිලා නෑ කියලා. ඒ හින්ද තමයි දරුවොත් එක්ක අපි මේ සත්‍යග්‍රහය පටන් ගත්තේ. දෙමාපියන්ගේ ඉල්ලීමට දෙමාපියන් ගේ ගැටලු සැලකිලය ගනිමින් මම දන්න විදියට ඌව පළාතේ ද්විතික පාසැල් වල ඉවත් කරනු ලැබු සියලු ප්‍රාථමික පන්ති නැවතත් ආම්භ කරලා තියෙනවා ඒ පාසැල් වල. පාසැල් දෙකක් විතරයි පන්ති නැවත පටන්ගෙන නැත්තේ. ඒ එකක් තමයි මේ ඔරුබැදැවිව ද්විතික පාසැල. අපේ පාසැලෙත් ප්‍රාථමිකය පටන් ගන්න කියලා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, පළාත් අධ්‍යාපන ලේකම්තුමිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා ඇතුලු ඉහල නිළධාරින් ලිඛිත අවසරය දිලා තියෙද්දිත් මහියංගන අධ්‍යාපන කාර්යාලයේ නිළධාරින් තමයි මේක වලක්වන්න හදන්නේ. “ යැයි ප්‍රකාශ කර සිටියේය.
සේරාන විද්‍යාලයේ හිටපු පාසැල් සංවර්ධන ලේකම් ඒ ජේ එම් චන්ද්‍රසිරි මහතා මෙලෙස මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ “අධ්‍යාපන නිළධාරින් තමයි තමයි අපිවයි දරුවන්වයි මේ පාරට ඇදලා දැම්මේ. එයාලා මේ ගැටලුවට විසදුම් දෙවා වෙනුවට අපාව පොලිසි ගානේ රස්තියාදු කරන වැඩ තමයි කරවන්නේ. ඒක නිසා තමයි අපේ පොඩි දරුවෙක් බයිසිකලයට හැපිපිලා රෝහල් ගත කරන්ඩ උනේ. කොන්දක් පණ නැති අධ්‍යාපන නිළධාරින් මහියංගන කළාප කාර්යාලයේ ඉන්නේ. මිනිස්සු ටිකක් ප්‍රශ්නයකට ඔෆිස් එකට ගියාම දුවන මිනිස්සු දකින්ඩ කැමති අධ්‍යාපන නිළධාරින් අපිට එපා“ යැයි පැවසීය







Wednesday, April 27, 2016

දරුවන් තෙවන දිනයටත් දෙමාපියන් සමග මහපාරේ - අධ්‍යාපන නිළධාරින් විසදුම් දෙනවා වෙනුවට පොලිසි යයි.

 2016-04-27 ප.ව. 3:42

“ අපේ ලගම පාසැලට අපිට යන්න ඉඩ දෙන්න“ යැයි ඉල්ලමින් පළමු ශ්‍රේණිය අහිමි දරුවන් පිරිසක් මහියංගන ඔරුබැදිවැව ද්විතික පාසැල ඉදිරිපිට 25දින උදැසන 7.00ට ආරම්භ කරනු ලැබු සත්‍යාග්‍රහය තුන්වන දිනය වන අද (27)ට දිනටත් අඛන්ඩව පැවැතිනි.
මහියංගන අධ්‍යාපන කලාපයේ බ/ඔරුබැදිවැව ද්විතික පාසලේ ඉවත් කර තිබු ප්‍රාථමිකය නැවත ලබා දෙන ලෙස ඉල්ලා එම විදුහල ඉදිරිපිට මව්පියන් හා පළමු ශ්‍රේණිය අහිමි දරුවන් 28ක් මෙලෙස අඛන්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටි.
මෙම ගැටලුවට විසදුමක් ඉල්ලා පාසැල ඉදිරිපිට පොල්අතු මඩුවක් ගසා සත්‍යග්‍රහය ආරම්භකර දින 3ක් ගතව ඇති අතර වගකිවයුතු බළධාරින් හා නිළධාරින් එම ගැටලුව සදහා ස්ථිර විසදුමක් ලබාදීමට සමත්ව නොමැත. අධ්‍යාපන නිළධාරින් දරුවන් හා දෙමාපියන් හට විසදුමක් ලබා දෙනවා වෙනුවට අද (27) මහියංගන පොලිසියට ගොස් සත්‍යග්‍රහයේ නිරත දෙමාපියන්ට විරුද්දව පැමිණිල්ලක් ඉදිරිපත් කලේය. සේරාන විද්‍යාලයේ දරුවන් 17ක් , දෙහිගොල්ල විද්‍යාලයේ ළමුන් 01ක් , ධර්මපාල විද්‍යාලයේ ළමුන් 01ක් හා තවත් ළමුන් කිහ දෙනෙකු දෙමාපියන් විසින් පළමු ශ්‍රේණිය සදහා පාසැල් නොයවන බවත්, ඒ සම්බන්දයෙන් දෙමාපියන් හට අවවාද කරන ලෙස ඉල්ලා මහියංගන කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කෝ එච් එම් සුනිල් විජේරත්න මහතා පැමිනිලේ සටහන් කර ඇත.
සත්‍යග්‍රහයේ නියැලෙන දරුවන්ගේ දෙමාපියෙකු වන උපාලි අමරසේන මහතා “ මාර්තු 30 වන දින ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හමුවෙන්ඩ අපි දෙමාපියො ගොඩක් ගියා. ප්‍රධාන අමාත්‍යවරයා අපෙන් ඇහුවේ මේකට මම අවසරය දීලා තියෙද්දී ආපහු මොකටද මෙහෙ ආවේ කියලා. ඊට පසේසේ ඌව පළාත් අධ්‍යාපන ලේකම් තුමිය කැදලා මේක ලේකම් තුමියට බාරදුන්නා. ලේකම් තුමිය අපිට කිව්වේ අද 30 වෙනිදා. තව දවස් කිහිපයයිනේ අවුරුදු නිවාඩුවට. ඔයාලා අව්රුදුත් කාලා අව්රුදු නිවාඩුවෙන් පස්සේ දරුවො ඉස්කෝලෙට අරගෙන එන්ඩ. අපි අලුත් පංති පටන් ගන්ඩ කටයුතු කරන්නම් කියලා කිව්වා. අලුත් පංතියේ කිරි උතුරවන්ඩ හොද වෙලාවකුත් බලා ගන්ඩ කිව්වා අපිට. ඒ අනුව තමයි අපි අපේ දරුවො අරගෙන මේ දෙවන පාසැල් වාරය පටන් ගත්ත දවසේ පාසලට ආවේ. 
ඔරුබැදිවැව ද්විතික පාසැලේ විදුහල්පති ගාමිණි අමරසිංහ මහත්තයා අපට කිව්වේ මේ පංතිය පටන් ගන්ඩ මහියංගන කළාප කාර්යාලයෙන් අවසර දිලා නෑ කියලා. ඒ හින්ද තමයි දරුවොත් එක්ක අපි මේ සත්‍යග්‍රහය පටන් ගත්තේ. දෙමාපියන්ගේ ඉල්ලීමට දෙමාපියන් ගේ ගැටලු සැලකිලය ගනිමින් මම දන්න විදියට ඌව පළාතේ ද්විතික පාසැල් වල ඉවත් කරනු ලැබු සියලු ප්‍රාථමික පන්ති නැවතත් ආම්භ කරලා තියෙනවා ඒ පාසැල් වල. පාසැල් දෙකක් විතරයි පන්ති නැවත පටන්ගෙන නැත්තේ. ඒ එකක් තමයි මේ ඔරුබැදැවිව ද්විතික පාසැල. අපේ පාසැලෙත් ප්‍රාථමිකය පටන් ගන්න කියලා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, පළාත් අධ්‍යාපන ලේකම්තුමිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා ඇතුලු ඉහල නිළධාරින් ලිඛිත අවසරය දිලා තියෙද්දිත් මහියංගන අධ්‍යාපන කාර්යාලයේ නිළධාරින් තමයි මේක වලක්වන්න හදන්නේ“ යැයි ප්‍රකාශ කර සිටියේය.










Tuesday, April 26, 2016

අපවත්වු මිනිපේ සාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති පුජ්‍ය පණ්ඩිත ශාස්ත‍්‍රවේදි රඹුක්වැල්ලේ නන්දාරාම නා හිමියන්ගේ ආදාහන කටයුතු හෙට (27)

2016-04-26 ප.ව. 7:16
විහාරස්ථායේ වතුර ටැංකියෙන් දිය නෑමේදි යම් සිදුවිමකින් එම ජල ටැංකියට වැටි ජලය පෙවිමෙන් රෝගාතුරව අපවත්වු හසලක පල්ලේවත්ත ශ‍්‍රී සුගතාරාමාධිපති 14 ඇල ඥාණෝභාෂ පිරිවෙනෙහි පරිවෙනාධිපති මිනිපේ සාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති පුජ්‍ය පණ්ඩිත ශාස්ත‍්‍රවේදි රඹුක්වැල්ලේ නන්දාරාම නා හිමියන්ගේ ශ‍්‍රී දේහයේ ආදාහන කටයුතු මෙම 27 වෙනි දින සවස හසලක මහජන ක‍්‍රිඩාංගණයේදි සිදු කිරිමට නියමිතය.
ඉකුත් 24 වෙනි දින සවස විහාරස්ථානය පිටුපස ඇති ජල ටැංතියෙන් දිය නෑමට යැමේදි කිසියම් හේතුවකින් නා හිමියන් ජල ටැංකිය තුලට වැටි ඇත. නා හිමියන් දිය නාමින් සිටි ස්ථනයට ගිය පොඩි ස්වාමින් වහන්සේ නමක් තම ගුරු හාමුදුරුවන් ජල ටැංකියේ වැටි සිටිනු දැක වහා අසල් වාසින්ව දැනුවත් කර එම හිමියන් රෝහලට රැගෙන ගොස් තිබේ. ඒ වෙනවිටත් නන්දාරාම හිමියෝ අපවත්වි සිටි බව වෛද්‍යවරුන් පවසා ඇත.

ප‍්‍රදේශයේ  ආගමික, සංස්කෘතික සහ සමාජමය කටයුතුවලදි දැඩි කැපවිමකින් කටයුතුකළ නන්දාරාම හිමියන් අපවත්වෙන විට 53 වෙනි වියේ පසුවුහ.

News @ Mahiyanganaට වසර 4යි

12:03 AM 4/26/2016
"See it 1st - News @ Mahiyangana" ආරම්භකර අදට(26) වසර හතරක් සම්පුර්ණ වේ. අප සමග දිනපතා රැදි සිටි ඔබ සැමට බෙහෙවින් ස්තූතියි.

Monday, April 25, 2016

ආදිවාසි අලුත් අවුරුදු මංගල්‍ය

 කෝණ පොජ්ජේ උත්සව පොජ්ජ දඹාන ගුරුකුඹුර පෝරු ගම් පොජ්ජේදී - ආදිවාසි අලුත් අවුරුදු මංගල්‍ය
2016-04-25 ප.ව. 4:02
දඹාන ගුරුකුඹුර පෝරුගම් පොජ්ජේ අද (25) දින මැච්චේ උදේ කාල මැච්චේ ඉද තබාලා රෑ මැච්ච මන්දො වෙනකම් කෝණ පොජ්ජේ උත්සව පොජ්ජ මන්දො කරනවා’ දඹාන ගුරුකුඹුර ආදිවාසි ගම්මානයේ ආදිවාසි නායක විශ්ව කිර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් ආදිවාසි අලුත් අව්රුදු උත්සවය සංවිධානය කර තිබුනේ ඔහුන්ගේ වරිගයට ආවේනික වු අංග රාශියක්ද එක්කරමිනි.
බක් මහේ සුවද නිමාවන්නට දින කිහිපයක් තිබුනද ආදිවාසින්ගේ බක් මහ උළෙල වැදගත් වන්නේ එය ඔහුන්ගේ පරම්පරාවේ සාරධර්ම, සංස්කෘතියට අනන්‍ය වු ආකාරයෙන් සංවිධානය කර තිබිමයි.
ඒම තරග වලින් කිහිපයක් ආදිවාසි හොදම රැවුල තේරිම‍, කිරි කොරස් නැටිම, දුනු ඊතල විදිම, ගල්දුන්නෙන් විදීම, ආදිවාසී කැකුළා හා කැකුළිය තෝරිම, හබක ඇට වීම, උගුල් ඇටවීම, ආදිවාසි ජන ගායනා, ආදිවාසි නැළවිලි ගී, වළස් පොරය, කඹ ඇදීම, දිගම හුව තේරිම, වී ඇට ඇහිදීම (දෙපටුල්ලන් ඇහිලීම) , ටික් මැරිම, ලීයෙන් පොල්ගෑම, (රුකන් පොජ්ජෙන් කිරි ගෑවුම් පොජ්ජ මන්ද කරනවා) හා ඇතුළු තරග රාශියක් මෙම ආදිවාසි අලුත් අව්රුදු මංගල්‍යට ඇතුලත් කර තිබුනි.
දඹාන ආදිවාසී ගම්මානයේ අලුත් අවුරුදු මංගල්‍ය අද (25) දඹාන ගුරුකුඹුර කොටබකිනිය ආදිවාසී ගම්මානයේදී ආදිවාසි නායක විශ්ව කීර්ති වනස්පතී වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් ආදිවාසි ගම්මානයේ ආදිවාසි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ආදිවාසි සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සංවිධානය කර තිබුනි. මේ සදහා කොළඹ, කෑගල්ල, මහනුවර, මහියංගන හා දඹාන අවට ගම්මාන වල ව්‍යාපාරිකයන් හා හිතවතුන් තෑගි බෝග ලබා දෙමින් හා මුල්‍ය අනුග්‍රහය ලබා දෙමින් උදව් උපකාර සිදු කල බව ආදිවාසි නායක වන්නිලා ඇත්තන් ප්‍රකාශ කර සිටියේය‍.










දෙවන පාසැල් වාරයේ සිට පළමු ශ්‍රේනිය සදහා පාසැල් යෑමට පැමිණි දරුවන් පාසැල ඉදිරිපිට අඛන්ඩ සත්‍යග්‍රහයක

 දෙවන පාසැල් වාරයේ සිට පළමු ශ්‍රේනිය සදහා පාසැල් යෑමට පැමිණි දරුවන් පාසැල ඉදිරිපිට අඛන්ඩ සත්‍යග්‍රහයක - ප්‍රාථමික අංශය නැවත ලබාදෙන ලෙස ඉල්ලා පළමු ශ්‍රේණිය අහිමි දරුවන් පාසැල ඉදිරිපිට අඛන්ඩ සත්‍යග්‍රහයක
2016-04-25 පෙ.ව. 10:24
“ අපේ ලගම පාසැලට අපිට යන්න ඉඩ දෙන්න“ යැයි ඉල්ලමින් පළමු ශ්‍රේණිය අහිමි දරුවන් පිරිසක් මහියංගන ඔරුබැදිවැව ද්විතික පාසැල ඉදිරිපිට අද (25) උදැසන 7.00 පමණ අඛන්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කලේය.
මහියංගන අධ්‍යාපන කලාපයේ බ/ඔරුබැදිවැව ද්විතික පාසලේ ඉවත් කර තිබු ප්‍රාථමිකය නැවත ලබා දෙන ලෙස ඉල්ලා එම විදුහල ඉදිරිපිට මව්පියන් හා පළමු ශ්‍රේණිය අහිමි දරුවන් මෙලෙස අඛන්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කලේය.
මවිපියන් චෝදනා කරන්නේ, දෙමාපායන්ගේ ඉල්ලීම් සැලකිලට ගනිමින් ඌව පළාත් මහ ඇමති වරයා ලිඛිතව නැවත් පාසලේ ප්‍රාථමික අංශය ආරම්භ කිරිමට අවසරය ලබාදී තිබියදී, පසුව මහ ඇමති වරයා විසින්ම ප්‍ර දේශයේ වෙනත් පාසැලක පැවති උත්සවයකදී වාචිකව (එපා යැයි) සිදු කල ප්‍රකාශයක්හේතුවෙන් මහියංගන අධ්‍යාපන කලාපයේ නිළධාරින් ප්‍රාථමිකය ආරම්භකිරිම ප්‍රමාද කරනා බවටයි.
එසේ තිබියදි නැවතත් දෙමාපියන් ගේ බලවත් ඉලිම මත අද (25) දින සිට එනම් දෙවන පාසැල් වාරයේ සිට ඔරුවැදිවැව ද්විතික පාසැලේ ප්‍රාථමිකය ආරම්භ කරනා බවට වු අධ්‍යාපන බලධාරින් හා නිළධාරින් පසුගිය දා පොරොන්දු ලබාදුන්නේය. ඒ අනුව දෙමාපියන් දරුවන් පාසැලට ඇතුලත් කර ගැනිම සදහා රැගෙන ආ අතර විදුහල් පතිවරයා මහියංගන අධ්‍යාපන ඉහල නිළධාරින්ගෙන් ‍ඒ සදහා තවමත් අනුමැතිය නොලැබී නොමැති බව පවසමින් පළමු ශ්‍රේණායේ පන්ති ආරම්භකිරිමට නොහැකි බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව දරුවන් හා දෙමාපියන් මෙම අඛන්ඩ සත්‍යග්‍රහය ආරම්භ කලේය. අද දින පැසැල් යෑමට පැමිණි දරු දැරියන් පාසැලේ අයියලා අක්කලා පාසැල ඇතුලත පන්සිල් සමාදන් වන විට, පාසැලෙන් පිටත හිදිමින් පාසැල ඉදිරිපිට මාර්ගයේ පන්සිල් සමාදන් වුහ. සිරුවෙන් සිටිමින් ජාතික ගිතයට ගෞරව කලේය. පසුව දෙමාපියන් විසින් සැකසු මඩුවෙහි සිටිමින් ගිත ගායනා කලේය. ආහාර පාන අනුභව කලේය.
පසුගිය 2016-03-24 මෙම පාසැල ඉදිරි පිට දෙමාපියන් හා පළමු ශ්‍රේණිය අහිමි දරුවන් අම්පාර මහියංගන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වු අතර විරෝධතාවයට ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ද සහය ඵල කිරිම සදහා පැමිණ මාධ්‍ය වෙනුවෙන් අදහස්ද ඵල කර සිටියේ දෙමාපියන්ගේ ඉල්ලිම සාධාරන බවත් බළධාරින්ගේ අවධානය යොමුකර පාසැලේ ප්‍රාථමිකය නැවත ආරම්භ කර දෙන ලෙසයි.
ඔරුබැදිවැව ද්විතික පාසැලේ විදුහල්පති ගාමිණි අමරසිංහ මහතාගෙන් මෙම ගැටලුව සම්බන්දයෙන් විමසු විට මාධ්‍ය වෙනුවෙන් අදහස් දැක්වීමට තමන් හට බලතල නොමැති බව ප්‍රකාශ කරමින් අදහස් දැක්වීමෙන් වැලකී සිටියෙය්.
සත්‍යග්‍රහය අකන්ඩව මේ වන විටත් පවතී.









Sunday, April 24, 2016

මහියංගණයේ රුහුණු වෙදමහතා කීර්ති ශ්‍රී දේශබන්දු වෛද්‍යාභිමාණී යන ගෞරව නාමයෙන් පිදුම් ලබයි


10:37 AM 4/24/2016
එක්සත් ජාතීන්ගේ සංගමය,ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සම්මේලනය,ජාත්‍යන්තර සංකලිත වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ සංගමය ඒකාබද්ධව වෛද්‍ය වෘත්තිය පුනර්ජීවණය උදෙසා බුද්ධි මහිමය,.කුසලතාව,.පොදුජන හිත සුව පිණිස සිය ජීවිතය කැප කරමින් සිදුකල උත්තරිතර සමාජ මෙහෙවර අගය කරමින් "කීර්ති ශ්‍රී දේශබන්දු වෛද්‍යාභිමාණී "යන ගෞරව නාමය මහියංගනයේ වෛද්‍යාචාර්ය කේ .රුබසිංහමහතාට පුදකර තිබේ.
දකුණු ලක හක්මන බෙරුවේවෙල සුප්‍රසිද්ධ රුබසිංහ වෙද පරපුරෙන් පැවත එන කේ. රුබසිංහ මහතා මව්පිය උරුමයෙන් අත් දැකීම් සම්භාරයක් ලබමින් කෙරමිණියේ ආයුර්වේද වෛද්‍ය විදුහලට ඇතුලත්වී වැඩිදුර අධ්‍යාපනය ලබා වෛද්‍ය වරයෙකු ලෙස සමාජයට එක්වූයේ එහිදී ඉහළම සාමාර්ථයන්ද ලබමිනි.
වසර 1976 සිට වෛද්‍ය වෘත්තියට එක්වූ හෙතෙම වෘත්තියට වඩා සේවාවට මුල්තැන දෙමින් කටයුතු කරමින් සැමගේම සිත් දිනාගත් වෛද්‍යවරයෙකි. මහියංගන හදිසි මරණ පරීක්ෂක වරයා ලෙසද සේවා වේ යෙදෙන රුබසිංහ මහතා මහියංගන බෞද්ධ සංගමය,මහියංගන වෙළද සංගමය,මහියංගන රාජමහා විහාරීය කොට්ඨාස ලේකම්,ඇතුළු ස්වේච්ඡා සංවිධාන රැසකම ක්‍රියාශීලී නිළධාරිවරයෙක්ද වන අතර සමස්ත ලංකා සාමවිනිසුරු පදවියකින්ද පිදුම්ලැබූ සමාජ සේවකයෙකි.මහියංගන ආයුර්වේද සංරක්ෂණ සභාවේ ආරම්භක සාමාජිකයෙක්ද වන හෙතෙම දීර්ඝ කාලයක් එහි සභාපති පදවියද දරමින් පාරම්පරික මෙන් ම දේශීය වෛද්‍ය ක්‍රම ශිල්ප නගා සිටුවීමටත්,ඒවා සංරක්ෂණය කිරීමටත් ,නව පරපුරක් බිහිකරලීමටත් කැපවී කටයුතු කරන වෙද දුරෙකි. එසේම සමස්ත ඉන්දීය,මනෝ විද්‍යා කේන්ද්‍රය,ජ්‍යොතිෂ,හා වාස්තු විද්‍යා,සිද්ධායුර්වේද හා විකල්ප වෛද්‍ය කේන්ද්‍රය ඒකාබද්ධව ප්‍රදානය කෙරෙන අන්තර්ජාතික ආසියානු ආයුර්වේද පර්යේෂණය පිළිබද'' විද්‍යා ජෝති පණ්ඩිත් සම්මානයද වෛද්‍ය රුබසිංහ මහතා වෙත පිරිනමා තිබේ.
පෙබරවාරි 13දා කොළඹ පළාත් සංස්කෘතිකකේන්ද්‍ර යේදී 68වන ජාතික නිදහස් දිනය හා සමගාමීව 30 වන වරටත් පවත්වනලදජාතික ,ආගමික.සංස්කෘතික,අධ්‍යාපනික,මාධ්‍යහා ව්‍යාපාර 2016 සම්මානඋළෙලේදී වෛද්‍යාචාර්ය කේ .රුබසිංහමහතාට මෙම සම්මාන පිරිනමා තිබේ.මහියංගනයේ ආයුර්වේද හා දේශීය වෛද්‍ය වරයෙකුට මෙවන් සම්මානයක් මෙන්ම ගෞරව නාමයක් පිරිනමන ලද ප්‍රථම අවස්ථාවද මෙයවේ.


Saturday, April 23, 2016

සුළි සුළගං මහියංගනයේ නිවාස 8ක්ට හානි - පුද්ගලයයකුට තුවාල

 2016-04-23 ප.ව. 10:12
වර්ශාවත් සමග ඊයේ සවස 4.30ට පමණ හමාගය දැඩි සුළිසුළයගන් මහියංගන ප්‍ර යද්ශයේ නිවාස 8කට හානි සිදු වී ඇති අතර පුද්ගලයයකු තුවාල ලබා ඇත.
නිවාස 04ක් දැඩි හානියට පත්ව ඇති අතර නිවාස 04ක් සුලු හානි සිදුවී ඇත. යමයසේ හානියට පත්ව අත්යත් මහියංගන ප්‍රා යද්යය යේකම් යකොට්ඨාශයේ යසේනානිගම වසයම් දම්බරාව වම් ඉව්ර හා 20 කණුව යන ගම්මාන යව් . ප්‍ර යද්ශයේ ස්ථාන රැසක විදුලි බලයද විසන්දී වි ඇත. ආපදාවට පත් වු වන පිළිබද ප්‍ර යද්ශයේ ්‍ාම නිළරාවරවරයා විසින් යතොරතුරු එක්රැස් කරමින් සිටි.