Wednesday, July 27, 2016

කැබ් රථය කඩේ ඇතුලට රිංගයි

19:12 27/07/2016
බදුල්ල මහියංගන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ දී අද (27) කැබ් රථයක් ලිස්සා ගොස් මාර්ගය අසල තිබූ වෙළද සැලකට කඩා වැදී අනතුරට පත්ව තිබේ.

කැබ් රථයේ ගමන් ගත් එකම පවුලේ තිදෙනාට තුවාල සිදුවී නොමැති අතර අනතුරින් කැබ් රථයට හා වෙළද සැලට දැඩි හානි සිදුව තිබේ. කැබ් රථය මාර්ගයේ ලිස්සා යෑමෙන් මෙම අනතුර සිදුව ඇති අතර වෙළද සැලේ සිටි පිරිස ඉවතට පැන බේරි තිබේ.


No comments:

Post a Comment