Friday, July 8, 2016

සාධු..සාධු.. ව්‍යාපාරිකයෙක් අඩි 15ක් උස බුද්ධ ප්‍රතිමාවක් සාදවයි.


මහියංගණයේ ව්‍යාපාරිකයෙක් මැදයායේ අඩි 15ක් උස සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ  නමක් සාදවයි
22:30 08/07/2016
මහියංගණ නගරයේ ව්‍යාපාරිකයෙක් විසින් මහියංගන මැදයාය හන්දියේ  අඩි 15ක් උස  බුදු පිළිමවහන්සේ නමක් තම පෞගලික වියදමින්  මේ වන විට ඉදිකරමින් සිටි. ඔහු නිමින් ගුණවර්ධන ද සිල්වා මහතා වේ. (Gunawardana De Silva)
මේ දිනවල දහතුන් දෙනෙතු දිව රාත්‍රි...නොබලා එහි වැඩ කටයතු ලහියේ සිදු කරමින් සිටි. සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ  උස අඩි 15කි.. ආසනය අඩි 06යි ...සියල්ල අවසානයේ අඩි 20කි.

ව්‍යාපාරික සිල්වා මහතා වරස 36 කට ඉහතදී මෙම ගම්මානයේ ජිවත්ව සිටි අතර වසර 34කට ඉහතදී (1983 වසරේ) මෙම ස්ථානයේ පිහිටි බුදු කුටිය ඔහු විසන් ඉදි කරතිබිම සුවිශේෂි වේ. ඔහුගේ මෑණියන් ජිවත්ව සිටින කල්හි එම බුදු කුටිය වන්දනා කටයුතු සදහා යොදාගත් අතර
අද වන විට එම ස්ථානයේ විශාල වශයෙන් විවිධ පාර්ශව ආගමික කටයුතු රැසක් සිදුකරන ස්ථානයක් බවට පත්ව ඇති අතර  පාසලේ දූ දරුවන් ගේද  වන්දනා මානයට ප්‍රාත්‍රවන ස්ථානය කි. මේ වන විට සිල්වා මහතාගේ මව මෙලොවින් සමුගෙන
සමුගෙන වසර දෙකකි. මේ ජූලි 16 ට වසර දෙකි.. දෙවන වසරේ පිංකම් සදහා යන වියපැහැදම් හා පෞගලික දනය වැයකරමින් ඔහුගේ මවට සහ නැන්දම්මාට පිං පිණිස මෙම බුදු පිළිම වහන්සේ  ඉදිකිරිම සිදු කරනු ලබයි.
මෙම සමාධි ප්‍රතිමා වහන්සේ ඉදි කිරීමේ කටයුතු සිදු කරන්නේ  අමිල නම් කුරුණෑගල මුර්ති ශිල්පියෙකු විසිනි .

බුද්ධ පාදස්පර්ශයෙන් අති පුජනීය වු මියුගුණ (මහියංගණ) භූමියේ සාසනික හා ආගමික ප්‍රබෝධය වෙනුවෙන් පෞගලික ධනය වියපැහැදම් කරමින්  මෙවන් වු සත්භාවයන් සිදු කරනා ඔබ හට මියුගුණ බෞද්ධ ජනතාවගේ ආශිර්වාදය හා පුණ්‍යානු මෝදනා ....සාධු...සාධු..සාධු  යැයි කියමින් මෙලෙස එක්කරන්නෙමු.










No comments:

Post a Comment