Tuesday, July 26, 2016

නගරයේ පෝස්ටර් ඇලවු පස් දෙනා පොලිසිටය බාර වෙති - ලබන 4 දක්වා රක්ෂිත බන්දනාගාර ගත ‍කෙරින

22:18 26/07/2016

පසුගිය වෙසක් පොහොය දින පගරගම්මන මුස්ලිම් ගම්මානයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩු ගිනිතැබු සිද්ධියට අදාලව ඊට විරෝධය පා මහියංගන නගර‍ය් පොස්ටර් ඇලවු තරුණයන් හා ව්‍යාපාරිකයන් 05 දෙනා අද දින (26) නිතිඥයෙකු මාර්ගයෙන් මහියංගන පොලිසිය වෙත බාරවීමෙන් පසු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහියංගන මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය ඔහුන් ලබන මස 04 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියම කරන ලදී.
CCTV දර්ශන මගින් නගරයේ පෝස්ටර් ඇල වු පිරිස පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීම සදහා කටයුකු කරනු ලැබු අතර මෙම පිරිස මාස කිහිපයක් පොලිසිය මගහැර සිට මෙලෙස අද දින පොලිසිය වෙත බාරවිය. මෙම සිද්ධියට අදාලව මීට පෙර මෙම පස් දෙනාට අමතරව තවත් මහියංගන නගරයේ තරණයන් දෙදෙනෙක්ද රක්ෂිත බන්දනාගාර ගත කරනු ලැබ සිටි.

No comments:

Post a Comment