Friday, January 30, 2015

යටින් කොස් - උඩින් වැලි - ලොරිය පෙරලි හොර මාට්ටු


2015-01-30 පෙ.ව. 8:41
යටින් කොස් දැව කදන් තොගයක් පටවා ඊට උඩින් වැලි පටවාගෙන බදුල්ල මහනුවර රජමාවතේ ගමන් ගත් ලොරිරථයක් ඊයේ (29) උදැසන එම මාර්ගයේ රංටැඹේ අමුණ අසලදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලි තිබුනේ මේ ආකරයෙනි. මෙම ලොරියේ මේ ආකාරයෙන් කොස් කදන් පටවා තිබුනි. කන්දකැටිය පොලිසිය සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ පවත්වයි.




ඌව පළාත් සභාවේ නව අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දුන්නේය. ඒ පහත පරිදිය


Tuesday, January 27, 2015


හිටපු වන ජිවි ඇමති උසාවියට බාරවෙයි - මහේස්ත්‍රාත්තුමිය පොලිසියට දෙහි කපයි

හිටපු වන ජිවි ඇමති උසාවියට බාරවෙයි - මහේස්ත්‍රාත්තුමිය පොලිසියට දෙහි කපයි
2015-01-27 පෙ.ව. 4:49
 ජනාධිපතිවරණ මැතිවරණ සමයේ (පසුගිය 08 දින) බිබිලේ 5කණුව ප්‍රදේශයේදි උදැසන 11ට පමණ වන ජිවි අමාත්‍ය විජයමුණි සොයිසා අමාත්‍ය වරයා විසින් පුද්ගලයෙකුගේ හිසට පිස්තෝලයක් තබා මරණිය තර්ජනය කිරිම සම්බන්දයෙන් කරන ලද පැමිණිල්ලකට අනුව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ගිතානි විජේසිංහ මෙනවියගේ නියෝගයෙන් අමත්‍යවරයා අත් අඩංගුවට ගැනිම සදහා පොලිසිය වෙත නියෝග නිකුත් කර තිබු අතර ඒ අනුව අද ( 27) උදැසන හිටපු වනජිවි අමාත්‍යවරයා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත නිතිඥ මහත්වරයෙකු සමගින් බාර විය.
ඉහත පැමිණිල්ල සම්බන්දයෙන් නඩු දෙකක් අද දිනයේ අධිකරණයේ බිභාගයට ගත් අතර ගත් අතර පළමුවැන්න බිබිල ප්‍ර දේශයේ එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණ සභාපති හා ප්‍රාෙද්ශිය සභා අපේක්ෂක පුන්සද මහකුඹුර මහතාට බැන තර්ජනය කිරිම සම්බන්දයෙන් චෝදනාව වන අතර දෙවැන්න පැමිණිල්ල විභාග කරිමට ගිය මහියංගන පොලිස් පරික්ෂක සම්පත් රත්නායක මහතාගේ රාජකාරියට බාදා සිදු කිරිම සම්බන්දයෙන් වු චෝදනාව යටතේ විභාගයට ගැනුනි.
එහිදි මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ගිතානි විජේසිංහ මෙනවි විසින් නඩු දෙක විභාග කරණු ලැබු අතර සාක්ෂිකරුවන්ගේ සාක්ෂි අනුව අමාත්‍යවරයා පිස්තෝගයක් පාවිච්චිකර මරණිය තර්ජනය එල්ලකර තිබු  බවට චෝදනාව   පොලිසිය විසින් අධිකරණය වෙත කරුණු වාර්ථා නොකිරිම සම් බන්දයෙන් පොලිසියෙන් කරුණු විසමු අතර  වහාම ක්‍රියාත්මක වන පරිදි මිලග නඩුවාරයේදි (මැයි 19) ඒ සම්බන්දයෙන් වෙනම වාර්ථාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් කරනු ලැබු අතර මහජනතාවට හා දේශපාලකයින්හට නිතිය දෙවිදියකට ක්‍රියාත්මක නොකරන ලෙස අවවාද කරනු ලැබිමෙන් අනතුරුව අමාත්‍යවරයා වෙත ඇප ලබාදිම සිදු කරනු ලැබිය. බැන තර්ජනය කිරිම සම්බන්ද නඩුව සදහා රුපියල් 15000 බැගින් මුදල් ඇපද, ලක්ෂය බැගින් ශරිර ඇප දෙකක්ද, පොලිස් නිළධාරියාගේ රාජකාරියට බාදා කිරිමේ නඩුව වෙනු වෙන් රුපියල් 25000 බැගින් මුදල් ඇපද, ලක්ෂය බැගින් ශරිර ඇප දෙකක් බැගින් වු ශරිර ඇප මත අමාත්‍යවරයා මුදාහැරිමට මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ගිතානි විජේසිංහ මෙනවි නියෝග කළාය.
බිබිලේ 5කණුව ප්‍රදේශයේදි පසුගිය 08 දින උදැසන 11ට පමණ වන ජිවි අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අමාත්‍ය වරයා හා බිබිල ප්‍ර දේශයේ එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණ සභාපති හා ප්‍රාෙද්ශිය සභා අපේක්ෂක පුන්සද මහකුඹුර මහතා අතර බහින් බස් විමක් ඇති වි අති අතර එය දුර දිග ගොස් සිද්දිය සම්බන්දයෙන් දෙදෙනාම බිබිල පොලිසිය වෙත පැමිණිළි කර ඇති අතර  සිද්ධිය සිදු වු ස්ථානය මහියංගන පොලිස් වසමට අයත් විම හේතුවෙන්  පැමිණිලි විබාග කිරිම සදහා මහියංගන පොලිසිය වෙත බාර දිම සිදු කෙරිනි.
මෙම බහින් බස් විම සිදු වි ඇත්තේ වන ජිවි අමාත්‍යවරයා මාර්ගයේ ගමන් කරමින් සිටියදි පුන්සද මහකුඹුර මහතා හා ආධාර කරුවන් පිරිසක් රතින්ඤ්ඥා පත්තු කිරම හේතුවෙන් බවත් ඊට අමාත්‍යවරයා විරෝධතාවය දැක් විමට ගොස් දෙදෙනා අතර බහන් බස් විමක් දුරදිග යෑම හේතුවෙන් මෙම සිද්දිය සිදු වි ඇත. 

 


Thursday, January 22, 2015

හරීන් ඌව මහ පුටුවට

2015 ජනවාරි මස 22 11:44:13 | . , ආර් කෝගුලන්


ඌව පළාත් සභාවේ මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද (22) පෙව 10.38ට වැඩ භාර ගත්තේය.
හිටපු මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාට බලය අහිමි විය.ඊට හේතු වුයේ  ඌව පළාත් සභාවේ පක්ෂ සංයුතිය වෙනස් වී එජාපයට වැඩි ආසන සංඛ්‍යාවක් ලැබීමයි.
නව මහ ඇමැති මුතියංගන රජ මහා විහාරයට ගොස්  මල් පහන් පිදීමෙන් පසු මහ ඇමැති කාර්යාලයේදී  ජාතික කොඩිය එසැවීය.
එහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කර ඔහුට සුබ පැතූහ.ප්‍රථම රාජකාරී ලිපියට අත්සන් කළේ ඉන් පසුවය.

ඔහු ඌව පළාත් සභාවේ හත් වැනි මහ ඇමැතිය.

Wednesday, January 21, 2015


සුරංගනා කථා නොකියා මේ අලි ටික එලවා දෙන්න - වන අලි කරදර උග්‍රවි ගම් 7ක් පාරට බසි

1/21/2015 2:19 PM

මහියංගන අවට ගම්මාන රැසක මේ දිනවල හා පසුගිය දිනවල උග්‍ර වන අලි හානා සිදු විම හේතුවෙන් සාමාන්‍ය ජන ජිවිතය සම්පුර්ණයෙන්ම අඩාල වි ඇතැයි පවසමින් මහියංගනයේ ගම්මාන 7ක ජනතාව එක් වි සාමකාමි විරෝදතාවයක් මහියංගන බදුල්ල මාර්ගයේ 17 කණුව ප්‍රදේශයේදි අද (21) උදැසන පැවැත් විනි.
මහියංගන අවට ගම්මාන රැසක අක්‍රිය වි ඇති විදුලි වැට සක්‍රිය කර දෙන ලෙසත්, ගම් වදින අලි පැන්නිමට අලි වෙඩි ලබා දෙන ලෙසත්, ගම්වැද සිටින අලි විධිමත් ආකාරයෙන් පන්නා දි ගම්මාසින් හට නිදහසේ ජිවත් විමට අවස්ථාව සලසා දෙන ලෙස විරෝධතාවයේ යෙදි සිටිය පිරිසගේ ඉල්ලිම විය.
මෙසේ විරෝධතාවය සදහා එක් වි සිටියේ මහියංගන මාපාකඩවැව, මැදයාය, අලිකදුර, කුඩාවැව, පගරගම්මන, 15 කණුව, ගැමුණුපුර, ගලාපි ඇල යන ප්‍රදේශවල ගම්වාසින් වන අතර
මහියංගන පොලිසියේ ස්ථානාධිපති ඒ වික්‍රමසිංහ මහාතා ප්‍රමුඛ පොලිස් නිළධාරින් විශාල පිරිසක් ආරක්ෂාව සදහා යොදා සිටි අතර මහියංගන පොලිස්ථානාධිපති තුමන් ගේ කැදවිමෙන් මධ්‍යම පළාත් වන ජිවි අධ්‍යාක්ෂක එම් එච් චිත්‍රසේන මහතා මෙම විරෝධතාවය පැවති ස්ථානයට පැමිණි අතර විරෝධතා කරුවන් හා අධ්‍යක්ෂක තුමන් අතර උණුසුම් කාරි වචන හුවමාරුවන් සිදු විය. අවසානයේ පොලිසිය මැදිහත් වි ගැටුමක් සිදුවිමට තිබු අවස්ථාව වලකාලු අතර මධ්‍යම පළාත් වන ජිවි අධ්‍යාක්ෂක එම් එච් චිත්‍රසේන මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය වර්ශා සමයේ විදුලි වැටවල් සියල්ල  විනාශ වි අක්‍රිය වි ඇති බවත් ඒවා කඩිනමින් යතාතත්වයට පත් කරන බවත් ගම්වැදි සිටින වන අලි පැන්නිම සදහා අතිරේක නිළධාරින් පිරිසක් යොදවා හෙට (22) සිටම ක්‍රියාත්මක වන බවයි.











Thursday, January 15, 2015

Video 02 >>හරින් ප්‍රනාන්දු මහතා විසින් එවන ලද ෆැක්ස් පතක් අනුව සවස 3.30ට පමණ කණුවේ නැග සිටි පුද්ගලයාගේ විරෝධතාවය අවසන් වේ

Video 02 >>හරින් ප්‍රනාන්දු මහතා විසින් එවන ලද ෆැක්ස් පතක් අනුව සවස 3.30ට පමණ කණුවේ නැග සිටි පුද්ගලයාගේ විරෝධතාවය අවසන් වේ

https://www.facebook.com/video.php?v=621911874604964

Video 01 >>හරින් ප්‍රනාන්දු මහතා විසින් එවන ලද ෆැක්ස් පතක් අනුව සවස 3.30ට පමණ කණුවේ නැග සිටි පුද්ගලයාගේ විරෝධතාවය අවසන් වේ

Video 01 >>හරින් ප්‍රනාන්දු මහතා විසින් එවන ලද ෆැක්ස් පතක් අනුව සවස 3.30ට පමණ කණුවේ නැග සිටි පුද්ගලයාගේ විරෝධතාවය අවසන් වේ

https://www.facebook.com/video.php?v=621910207938464

අනුර විදානගමගේ නව ඌව පළාත් සභාවට ගනන් එපා - තනතුර දෙන්න එපා මහියංගනයේ ගම් බිම් විදි බසි - විසදුමක් නොදුන්නොත් ගිනිතබා ගනන්වා කියා අයෙක් ටෙලි කොම් කණුවේ නගි

අනුර විදානගමගේ නව ඌව පළාත් සභාවට ගනන් එපා - තනතුර දෙන්න එපා මහියංගනයේ ගම් බිම් විදි බසි - විසදුමක් නොදුන්නොත් ගිනිතබා ගනන්වා කියා අයෙක් ටෙලි කොම් කණුවේ නගි
1/16/2015 1:39 AM

ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතා ඌව පළාත් සභාව සදහා එක්කැර නොගන්නැයි ඉල්ලමින් මහියංගන විශාල පිරිසක් අද (15) මහා මාර්ගද අවහිර කරමින් මහියංගන නගරයේදි උද්ඝෝෂණයක් ඇරඹූහ. මෙම විරෝදතාවය සදහා දඹාන ආදිවාසි ගම්මානයේ ආදිවාසින්ද එක්වි සිටිම විශේෂත්වයක් වේ.
පසු ගිය මැතිවරණ සමයේ යුද හමුදා ආබාදිත රණ විරුවන්ගේ කකුල් කඩාපු, බොරු කකුල් හොරකම් කරගෙන ගිය, කුඩා දරුවන්ට පවා මැරවරයන් ලවා ගුටි බැට දුන් මෙවැනි පුද්ගලයන් ආන්ඩුවට සම්බන්ද කරගෙන තනතුරු හා වරප්‍රසාද දෙන්නේ නම් තමන් මින් ඉදිරයට ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයන් සදහා ඡන්දය ලබා දි බලයට පත් කිරිම ආරම්භකරන බව විරෝධතා කරුවන් ප්‍රකාශ කර සිටියා. මහියංගන පදියතලා මාර්ගය අවස්ථා ගනනකදි අවහිර කරමින් විරෝධතා කරුවන් විරෝධතාවයේ යෙදි සිටියේය.
මෙම ගැටලුව සදහා විසදුම් ලබාගැනිම සදහා ඌව පළාත් සභා අභිනව මහා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා දුරකථනයෙන් සම්බන්ද වු අතර සෙනසුරාදා දහවල් 11ට මහියංගන නගරයට පැමිණ විසදුම් ලබාදෙන බවට පොරොන්දු විමෙන් පසු විරෝධතාවය අවසන් විය. එක්සත් ජාතික පක්ෂයේ මහියංගන ආසන සංවිධායක හා ඌව පළාත් සභාවේ මන්ත්‍රි උපාලි සේනාරත්න මහතා මෙම උද්ඝෝෂණය සංවිධානය කළේය.

ඒ අතර තුර පුද්ගලයෙකු මහියංගන රජමහා විහාරස්ථානයට ආසන්නයේ වු ටෙලිකොම් සංඥා ප්‍රති විකාශන කුලුණක අඩි 200ක් පමණ ඉහලට නැගි පුද්ගලයෙකු කියා සිටියේ අනුර විදානගමගේ වැනි මැරවරයන් ඌව පළාත් සභාවට සම්බන්දකර නොගන්නා බවට පොරොන්දු වන තුරු කණුවෙන් නොබසින බවට ප්‍රකාශ කර සිටියේය. පසුගිය මැතිවරණ සමයේ විශ්‍රාම ලත් ආබාදිත කර්නල් එම් චන්ද්‍රසිරි මහාට හා මැර ප්‍රහාරයක් එල්ල කල අතර ඔහු මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි. කර්නල් චන්ද්‍රසිරි මහතාගේ බාල සොහොයුරු එම් පි ඩි සුරසේන මහතා විරෝධතාවය පල කරමින් කුලුනේ නැග සිටියේය.

රජයේ ඉහල දේශපාලන නායකයෙකුගේ පොරොන්දුවක් බලා පොරොත්තුවන බවත්කි අතර, මෙවැනි දේශපාලනයට සම්බන්ද කර ගැනිමෙන් යලි මහියංගනයේ ජනතාවට පසුගිය සමයේ ගුටි කෑමට සිදු වු ආකාරයෙන් ම ඉදිරියේදිත් ගුටි කැමට සිදුවන බවත් ඊට වඩා හොදයි පෙට්රල් දමාගෙන තමන් මේ කණුව උඩම ගිනිතබාගෙන මියැදෙන බව මෙම පුද්ගලයා ප්‍රකාශ කර සිටියේ ය. ඌව පළාත් සභා මහා අමාත්‍ය හරින් ප්‍රනාන්ද මහතා දුරකථනයෙන් මෙම පුද්ගලයා සමග සම්බන්ද විමට උත්සාහ කලද ඔහු එය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ තම බලය වෙනුවෙන් තමන්ගේ ඡන්ද දායකයන් අමතක කර, තමන් වෙනුවෙන් මැවරයන්ගේ ගුටි පුජා වලට ලක්වු විවිධ අපහසු තාවන්ට ලක්වු තමන්ගේ ජනතාව අමතක කර මැරයන් සමග අත්වැල් බද ගත් නිසා ඔහු තමන්ට විස්වාස කල නොහැකි බව පවසා සිටියා.
සවස (අද) 3 වනතුරුත් කිසිම පුද්ගලයෙකු මෙම පුද්ගලයා සදහා විසදුම් ලබාදිමට ඉදිපත් වුයේ නැත.








Wednesday, January 14, 2015

දැන් හරියටම හරි - ඌවටත් දින 100ක වැඩපිළිවෙළක්

2015-01-14 18:17:18 

ඌව පළාත් සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අද ගිලිහී ගියා. ඒ, එම පළාත් සභාවේ මෙතෙක් විපක්ෂ නායක ලෙස සිටි හරීන් ප‍්‍රනාන්දු මහතා මහඇමති ලෙස අද දිවුරුම් දීමත් සමගයි.

පළාත් ආණ්ඩුකාර සී. නන්ද මැතිව් මහතා ඉදිරියේ ඔහු පස්වරුවේ දිවුරුම් දුන්නා. අනතුරුව මාධ්‍යයට අදහස් දැක් වූ හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ එදා තම මැතිවරණ සටන් පාඨය දැන් සම්පූර්ණයෙන් යථාර්ථයක් වී ඇති බවයි.

ඌව පළාත් සභාවේ මන්ත‍්‍රී ආසන ගණන 34ක්. වත්මන් පළාත් සභාව පිහිටුවන අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට 19ක්, එක්සත් ජාතික පක්ෂයට 13ක් සහ ජනතා විමුක්ති පෙරමුණට මන්ත‍්‍රී ආසන 2ක් හිමිව තිබුණා.

කෙසේවෙතත් අනුර විදානගමගේ, මන්ත‍්‍රී හරීන්ද්‍ර ධර්මදාස, සෙනරත් අත්තනායක සහ වඩිවේල් සුරේෂ් යන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් දිවුරුම් ප‍්‍රකාශ මගින් සිය සහාය හරීන් ප‍්‍රනාන්දු මහතාට ලබාදුන්නා. එක්සත් ජනතා නිදහස් සන්‍ධානයට දැන් හිමිව තිබෙන මන්ත‍්‍රී ආසන ගණන 15ක් පමණයි. ඒ අනුව විපක්ෂ නායකත්වය ඉසුලූ එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප‍්‍රනාන්දු මහතාට සහාය දෙන මන්ත‍්‍රීවරුන් ගණන 17 දෙනෙකු දක්වා වැඩි වුණා.

ඉන් අනතුරුවයි ඔහුට ප‍්‍රධාන අමාත්‍ය ධුරය හිමිවුණේ. වත්මන් ජනාධිපතිවරයාගේ දින සියයේ වැඩපිළිවෙළ ඌව පළාත් සභාවේ ද කි‍්‍රයාත්මක කරන බව හරීන් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළා.

ඌවේ නව මහ ඇමති හරීන් ප‍්‍රනාන්දු දිවුරුම් දෙයි.

14 JANUARY 2015 - 13:15

මෙතෙක් ඌව පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ හරීන් ප‍්‍රනාන්දු අද (14) එහි මහ ඇමතිවරයා වශයෙන් දිවුරුම් දුන්නා. ඒ, ඌව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව් ඉදිරියේයි. පළාත් සභාවේ බහුතරය විපක්ෂය සතුව පවතින බැවින් මහඇමතිවරයා ලෙස දිවුරුම් දීමට ආණ්ඩුකාරවරයා තමන්ට ආරාධනා කළ බව හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රිවරයා ප‍්‍රකාශ කළා.

12ක්ව පැවැති ඌව පළාත් සභාවේ විපක්ෂ මන්ත‍්‍රී සංඛ්‍යාව 18 ක් දක්වා ඉහළ ගියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 6 දෙනෙකු දිවුරුම් ප‍්‍රකාශ මගින් විපක්ෂයට සහාය පළ කිරීමත් සමගයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මෙන්ම වඩිවේල් සුරේෂ්, ඒ.එම්. බුද්ධදාස, හරේන්ද්‍ර ධර්මදාස බණ්ඩා, සෙනරත් අත්තනායක සහ තිස්ස කුට්ටිආරච්චි යන මන්ත‍්‍රීවරුන් එම පිරිස අතර වනවා. මින් පස්දෙනෙකු ඊයේ දිනයේ දිවුරුම් ප‍්‍රකාශ ලබාදී තිබූ අතර ඒ.එම්. බුද්ධදාස මන්ත‍්‍රිවරයා දිවුරුම් ප‍්‍රකාශ ලබාදී තිබුණේ අදයි. පසුගියදා විපක්ෂයේ සිට සන්ධානයට එක්වූ තිස්ස කුට්ටිආරච්චි මන්ත‍්‍රීවරයාද මේ අතර සිටීම විශේෂත්වයක්. ඒ අනුව 20ක්ව පැවැති සන්ධාන මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 14 දක්වා අඩු වී තිබෙනවා.

පසුගිය පළාත් සභා ජන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්තී‍්‍ර ධූර 19ක්, එක්සත් ජාතික පක්ෂයට 13ක් සහ ජනතා විමුක්ති පෙරමුණට මන්තී‍්‍ර ධූර 02ක් හිමි වුණා.  තිස්ස කුට්ටිආරච්චි මන්ත‍්‍රිවරයා පසුගියදා විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වීමත් සමගයි සන්ධාන මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 20 ක් බවට පත්වුණේ. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන් දෙදෙනා පළාත් සභාව තුළ තවදුරටත් ස්වාධීනව කටයුතු කරනවා.




අනුර විදානගමගේත් ශෂීන්ද්‍රගෙන් ගැලවේ ?


 අනුර විදානගමගේත් ශෂීන්ද්‍රගෙන් ගැලවේ ?
2015 ජනවාරි මස 14 11:33:11 

ඌව පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට යන ලකුණු තවත් තහවුරු කරමින් පළාත් ඇමැති අනුර විදානගමගේ මහතා ඌව ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා හමුවී අද පැවසුයේ මෛත්‍රිපාල සිරිසේන නව ජනපතිට සහාය දක්වන බවට පෙර දින ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම තමාගේ බවයි.
ඌව හිටපු මහ ඇමැති ඒ.එම්.බුද්ධදාස මහතාද මෛත්‍රී පිලට එක්වීමට යයි. ඒ අනුව අදම එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු මහතා ඌව පළාත් සභාවේ වැඩි බලය පෙන්වීමට නියමිතය. එසේ වුවහොත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට ඌව මහ ඇමැතිකම අහිමිවී යාමට ඉඩ ඇතැයි කියති.


Tuesday, January 13, 2015

විදානගමගේ මහතාගේ කැමැත්තත් හරින්ට

විදානගමගේ මහතාගේ කැමැත්තත් හරින්ට
2015-01-13 ප.ව. 9.40

හරින් ප්‍රනාන්දු මහතා ඌව පළාත් සභාවේ නව මහ ඇමති බවට පත් කිරිම සදහා තම විරුද්දත්වයක් නොමැති බව පවසමින් දිවුරුම් ප්‍රකාශ පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව් මහතාට හට බාරදුවන් අතර මහියංගනයේ අනුර විදානගමගේ මහතාද සිටිනව බව ආරංචි මාර්ග සදහන් කරයි.

ඌවේ මහ ඇමති හරින් ප්‍රනාන්දු ?????

ඌවේ මහ ඇමති හරින් ප්‍රනාන්දු ?????
2015-01-13 ප.ව. 9.10

ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හරින් ප්‍රනාන්දු මහතා එම පළාත් සභාවේ මහ ඇමති ලෙස පත්කරන ලෙස පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව් මහතාට දිවුරුම් ප්‍රකාශ 17ක්ද ලැබී ඇත.මේ දිවුරුම් ප්‍රකාශ අතරට ආණ්ඩු පක්ෂයේ සිට පිල් මාරු කරන මන්ත්‍රීවරු පස් දෙනෙකුගේ දිවුරුම් ප්‍රකාශද ඇතුළත් බව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

එජාපයේ සිට පසුගිය මැතිවරණ සමයේදී එක්සත් ජනාතා නිදහස් සන්ධානයට එක්වූ ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා නැවතත් අද (13දා) එක්සත් ජාතික පක්ෂයට එක්වූයේය.


මහියංගන නගරය දහවල් උණුසුම් වෙයි - ආධාර කරුවන් බැනර් කිහිපයකට ගිනි තබති

2015-01-11 පෙ.ව. 11:41

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහනය සමරා අද (10) දිනයේද මහියංගන නගරට වෙත විශාල ආධාර කරුවන් පිරිසක් රථ පෙළපාලි මගින් පැමිණි අතර ඔහුන් ගෙන් යම් පිරිසක් මහියංගන නගරයේ ලංගම බස්නැවතුමේ හිටපු ජනපති තුමන් හා ඌව පළාත් සභා අමාත්‍ය වරයාගේ දැන්විම් පුවරුවක් ඉරා දැමු අතර බස්නැවතුමේ තිබු ඡන්දය සදහා බාවිතා කරන ලද ඡන්ද කටවුට් කිහිපයකටද ගිනිතබනලදි.




අදත් මහියංගනයේ ජය ගෝෂා


 2015-01-11 පෙ.ව. 11:32

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහනය සමරා අද (10) දිනයේද මහියංගන නගරට වෙත විශාල ආධාර කරුවන් පිරිසක් රථ පෙළපාලි මගින් පැමිණි අතර මහියංගන නගරයේ දි ජන හමුවක් පවත්වා සහය දුන් සැමට ස්තුති ප්‍රකාශ කිරිම සිදු කරන ලද්දේ මහියංගන ආසන එක්සත් ජාතික පක්ෂ සංවිධායක උපාලි සේනාරත්න මහතා විසිනි.