Saturday, July 2, 2016

පොලිසියට විරුද්ධව හිමිවරු තුන්නමක් මහියංගන නගරයේ සත්‍යග්‍රහයක

 2016-06-21 ප.ව. 12:13
“ජනතා කුපිත කරන මහියංගන පොලිසියේ අධුරදර්ශී ක්‍රියාමාර්ග වලට වහා විසදුම් ලබාදෙනු“ යැයි පවසමින් මහාසංඝරත්නය තුන් නමක් අද (21) උදැසන මහියංගන නගරයේ සත්‍යාග්‍රහයක් ආරම්භ කරන ලැබුවා.
මහියංගන නගරයේ වෙළෙද සැල් රැසක් වසා කළු කොඩි නගරය පුරා ඔසවා සත්‍යග්‍රහය වෙනුවෙන් මහියංගන ප්‍ර දේශ වාසින් නගර වාසින් සහය ඵල කර ඇත.
මහියංගන ප්‍ර දේශයේ හා අවට ගම්මානවල ගව ඝාතනය සුරාව ඉහල ගොස් ඇති බවත්,අපචාර ස්ත්‍රි දුෂණ රැසක් මේ වන විට සිදු වෙමින් පවතින බවත්, ඒ සදහා පොලිසිය නිද්‍රාශිලි පිළිවෙතක් අනුගමනය කරන බවත්, පසුගිය වෙසක් පෝය දින මහියංගන මුස්ලිම් ගම්මානයක බෞද්ධ කොඩි හා වෙසක් කූඩු ගිනිතැබිමේ සිද්ධියට අධාලව පොලිසිය ක්‍රියාකල ආකාරය සතුටට පත් විය නොහැකි බව සත්‍යග්‍රහයේ නිරත හිමිවරු පවසති.
මේ සම්බන්දයෙන් පොලිස්පති වරයාද දැනුවත් කර ඇති බවත් ඒ සදහා මේ වන තුරු විසදුම් ලබාදී නොමැති බව උන් වහන්සේලා ප්‍රකාශ කර සිටි.







No comments:

Post a Comment