Sunday, October 28, 2012

වැවේ වතුර විෂ වී මාළු දහස් ගණනක් මැරේ - පවුල් 900 කට පානීය ජලය සපයන පානීය ජල සැපයුම තාවකාලිකව නවතා දමයි

රංජිත් කරුණාවීර - මහියංගනය 2012-10-28 10. 55 ප.ව. 

ගිරාදුරුකෝට්ටේ බතලයාය ප්‍රදේශයේ බතලයාය වැවේ ජලය විෂ වීමෙන් මත්ස්‍යන් දහස්
 ගනනක් මිය ගොස් ඇති අතර මෙම වැව ආශ්‍ර‍නේ මහියංගන ප්‍රාදේශිය සභාව මගින් ජලය ලබාදෙන බතලයාය පානීය ජල ව්‍යාපෘතිය මේවන විට නවතා දමා ඇති අතර එමගින් ප්‍රදේශයේ පවුල් 900ක පානීය ජලය ‍ෙනාමැතිව පීඩාවට පත්ව සිටී.
පසුගිය 24 වන දින බතලයාය වැවේ මත්ස්‍යන් මියයෑම ආරම්භවී ඇති අතර ගිරාදුරුකෝට්ටේ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලීය නිළධාරී මහතුන් සහ එන් එස් කේ වික්‍රමගේ යන බතලයාය මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා විසින් වැවේ ජල සාම්පල සහ මියගිය මත්ස්‍ය කොටස් මේ වන විට පරීක්ෂණ කටයුතු සඳහා නාරා ආයතනයට හා රජයේ රස පරීක්ෂක සඳහා යවා ඇති බවත් වාර්ථා ලැබෙන තුරු වැවේ ජලට වීෂ වීමට හේතුව කුමක්ද කියා කීමට නොහැකි බවත් එතෙක් වැවේ ජලය පරිහරනය නොකරන ලෙස ජනතාවට අවවාද කර හා ඒ පිළිබද දැන් වීම් පුවරු ප්‍රදර්ශනය කර ඇත. එමෙන්ම මිය ගිය මත්ස්‍යන් ආහාරයට ගැනීමෙන් වලකින ලෙසද අවවාද කර ඇත. එහෙත් සමහර ධීවරයන් මියගිය මත්ස්‍යන් එකතු කර වෙනත් ප්‍රදේශවලට රැගෙන ගොස් වෙළෙදාම් කිරීම හේතුවෙන් ගිරාදුරුකෝට්ටේ පොලිසියේ පොලිස් සථානාධිපති මොහාන් ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් වැව අවට ප්‍රදේශයේ ජංගම මුර සංචාරය සදහා පොලිස් නිළධාරීන් යොදවා ඇත.
මහියංගන ප්‍රාදේශිය සභාව මගින් පානීය ජලය ලබාදෙන පානීය ජල ව්‍යාපෘතිය මේවන විට නවතා දමා ඇති අතර එමගින් බතලයාය, ගිරාලගොල්ල, මිදේන් වැටුන පිටිය, කොලොන්යාය, හතේකණුව, පහේ කණුව, යාය හය, කහනියගොඩ යන ප්‍රදේශයේ පවුල් 900ක් පානීය ජලය ‍ෙනාමැතිව පීඩාවට පත්ව සිටී.
මේ සම්බන්දයෙන් මහියංගන ප්‍රාදේශිය සභාවේ සභාපති ඩබ්ලිව් ඒ සුනිල් මහතා ප්‍රකාශ කලේ බතලයාය වැවේ ජලය විෂ වීමෙන් පානීය ජලය ‍ෙනාමැතිව පීඩාවට පත්ව සිටින ගම්මාන සදහා බව්සර් මගින් පානීය ජලය ලබා දීමට පියවර ගන්නා බවත් බතලයාය මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගේ නිර්දේශය පරිදි වැවේ පාවෙමින් තිබෙන මියගිය මත්ස්‍යාන් සියල්ල එකතු කර විනාශ කර දමන බවත් අවශ්‍ය නම් වැවේ වාන් දොරටු විවෘත කර අපිරිසිදු ජලය ඉවත් කිරිමට හැකි බවක්, රස පරීක්ෂක වාර්ථා කඩිනමින් ලබාගෙන වාර්ථා සැල කිල්ලට ගෙන රජයේ නිළධාරින් ගේ සහය ඇතිව පීඩාවට පත්ව සිටින බතල යාය ප්‍රදේශයේ ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා

බිබිලේ වප් මඟුල පෙර සිරිතට

බිබිලේ වප් මඟුල පෙර සිරිතට

2012 ඔක්තෝබර් මස 28 16:49:44 | විශ්ව ගැමුණු ප්‍රියංකර , ප‍්‍රසන්න පද්මසිරි





ඌව වෙල්ලස්සේ මහ කන්නයේ සී සෑමේ වප්මගුල් උත්සවය ජාතික යොවුන් පෙරමුණේ සභාපති, ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහ
තාගේ ප‍්‍රධානත්වයෙන් බිබිල මොරොත්තමුල්ල වෙල්යායේදී අද (28) පෙරවරුවේ පෙර සිරිතට පැවැත්විණි.
ජාතික යොවුන් පෙරමුණ මෙම වප්මගුල් උත්සවය සංවිධානය කෙළේය. ජාතික යොවුන් පෙරමුණේ මොනරාගල දිස්ත‍්‍රික් සම්බන්ධිකාරක හා ජාතික ගොවි කමිටු ලේකම් පුන්සඳ මහකුඹුර මහතා ප‍්‍රධාන ආරාධිතයන් වූ ජාතික යොවුන් පෙරමුණු සභාපති හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතා පිළිගනු ලැබීය. ප‍්‍රධාන ආරාධිතයා වූයේ ඔහුය.
නාගල කොකුන්නෑව පුරාණ විහාරාධිකාරී වේරගොඩ සාරානන්ද හිමියෝ පිරිස පංචශීලයේ පිහිටුවා අනුශාසනාවක් පැවැත්වීමෙන් උත්සවයේ කටයුතු ඇරඹිණි.
එච්.එම්. ජයසිංහ කපු මහතා, වෙල්යායේ පහන් දල්වා දේව යාතිකා පවත්වා පුද පූජා තැබීමෙන් පසු රුවන් විජයවර්ධන මහතා පෙරටුකරගත් ගොවීන් සී සෑම සඳහා කුඹුරට බසිනු ලැබීය.
හරක් බාන් තිහක් පමණ සී සෑමේ යෙදවුනු අතර රුවන් විජයවර්ධන මහතා පැය බාගයකට වඩා වැඩි වේලාවක් සී සෑවේය. සී සෑම හමාර කළ ගොවීහු ගොඩට පැමිණීමත් සමග ගමේ තරුණියෝ නියර දිගේ ඇඹුල රැගෙන ආහ.
ජාතික යොවුන් පෙරමුණේ ලේකම් බුද්ධික එදිරිසිංහ, උප සභාපති ප‍්‍රසාද් හෙට්ටිආරච්චි රිදීමාලියද්ද ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂනායක උපාලි සේනාරත්න මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
ප‍්‍රදේශයේ තරුණ සමිති ගොවි සමිති නියෝජිතයන් මෙන්ම ගොවීහු විශාල පිරිසක්ද එක්ව සිටි අතර රැස්ව සිටි ගොවි ජනතාව ඇමතූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතා මෙසේ කීය.
වත්මන් ආණ්ඩුව ගොවිජනතාව අමතක කර තිබුණත් ඉදිරියේදී එන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ගොවි ජනතාවට යළි ඞී.ඇස්. සේනානායක යුගයක් උදාකරනවා. ඉදිරි වසරේදී ජාතික යොවුන් පෙරමුණ හරහා රටේ තරුණ තරුණියන්ට ලොකු බලයක් ලබාදීම සඳහා රටපුරා වැඩසටහන් සංවිධානය කිරීමට නියමිතයි.
එදා ඞී.ඇස්. සේනානායක මහතා රටපුරා ගොවිජනපද ආරම්භ කරමින් කළ සේවය අද ආණ්ඩුවට අමතක වී තිබීම කනගාටුවට කරුණක් වුවත් එතුමාගේ සංකල්පය අදටත් මේ රටේ ක‍්‍රියාත්මක වෙන බවද ඒ මහතා කීය.

මහියංගනයේ වෑන් රියදුරකු ලග්ගල කැලෑවක බැඳ දමලා


Sunday, October 14, 2012

ඌවේ හොඳම පාසල් ගෙවත්ත අලි නාඩගමින් විනාශයි

මහියංගනය - රංජිත් කරුණාවීර

ඌව පළාතේ හොඳම (කෘෂි) පාසල් ගෙවත්ත ලෙස තේරුණ මහියංගන රෝහණ කනිෂ්ඨ විද්‍යාලයේ පාසල් ගෙවත්ත පෙරේදා (11 දා) රාත්‍රියේ දී වල් අලින් රැළක්‌ විසින් විනාශ කරනු ලැබ ඇත. 

සමස්‌ත ලංකා හොඳම පාසල් ගෙවත්ත තේරීමේ තරග සඳහා මෙම පාසල දැනටමත් අයෑදුම් කර ඇති අතර මෙම මාසයේ 15 වැනිදා එය නිරීක්‌ෂණයට නිලධාරීන් පැමිණීමට නියමිතව තිබිණි.

විද්‍යාලයේ විදුහල්පති ටිකිරි බණ්‌ඩාර සමරකෝන් මහතා පවසන්නේ මෙම පාසල, ගෙවත්ත, ගුරු නිවාස අවස්‌ථා කිහිපයකදී වල් අලි ප්‍රහාරයට ලක්‌වූ බවයි.

වසර කිහිපයක සිට මහියංගන අවට ගම්මාන වන මාපාකඩ, දම්බරාව, රෝහණ 20 කණුව, ගැමුණුපුර, සොරබොර, අරාවත්ත යන ප්‍රදේශවලට දැඩි ලෙස වල් අලි තර්ජන එල්ල වී ඇත

ඌවේ හොඳම පාසල් ගෙවත්ත අලි නාඩගමින් විනාශයි


Friday, October 12, 2012

නැති වූ ගවයන් සොයා මාදුරුඔය වන උයනට ගිය තිදරු පියා වල් අලි පහර දීමෙන් මරුට









මහියංගනය - රංජිත් කරුණාවීර


නැති වූ තම ගවයන් සොයා මාදුරු ඔය ජාතික වන උද්‍යානයට ගිය තිදරු පියෙකු වල් අලි පහරදීමෙන් මිය ගොස්‌ සිටිය දී පෙරේදා (10 වැනිදා) දින ගම්වාසීන් විසින් ඔහුගේ මළ සිරුර සොයා ගෙන ඇත.

හෙනානිගල මහවැලි ගම්මානයේ පදිංචිව සිටි ඩබ්. එම්. ජයසිංහ නමැති මිය ගිය පුද්ගලයා තම ගව පට්‌ටියෙන් නැති වූ ගවයන් තිදෙනෙකු සොයා 09 දින උදෑසන මාදුරු ඔය ජාතික වන උද්‍යානය තුළට ගොස්‌ ඇත.

පසුදින උදෑසන වනතුරුත් ඔහු යළි නිවසට නොපැමිණීම නිසා ගම්වාසීන් ඔහු සොයා වනයට ගොස්‌ තිබේ. එහිදී මාදුරු ඔය ජාතික වන උද්‍යානයේ කලවනාගල ප්‍රදේශයේදී වල් අලි පහරදීමෙන් මිය ගොස්‌ සිටි ඔහුගේ දේහය ගම්වාසීන්ට හමු වී ඇත.

ගම්වාසීන් විසින් වනජීවී නිලධාරීන්ට සහ දෙහිඅත්තකණ්‌ඩිය පොලිසියට ඒ බව දැනුම් දී ඇත. පසුව දෙහිඅත්ත කණ්‌ඩිය අධිකරණයේ නිලධාරීහු සිද්ධිය වූ ස්‌ථානය නිරීක්‍ෂණය කිරීමෙන් පසු දේහය මරණ පරීක්‍ෂණ සඳහා රැගෙන ගොස්‌ තිබේ. සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ කටයුතු දෙහිඅත්තකණ්‌ඩිය පොලිසිය සිදු කරයි.

Wednesday, October 10, 2012

හැදු විදුලි වැට අක්‍රිය වි නැවතත් අලි ගම් වදිති


දුප්පත් අපට ඇයි අහසත් නපුරු වුණේ.... පෙල්ලිච්යායේ දරුවන් තිදෙනකුට අකුණු වදී ඇඳුම් පිච්චෙයි





මහියංගනය - රංජිත් කරුණාවීර

රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කුඩාලුනුක ග්‍රාමසේවා වසමේ පෙල්ලිච්යාය ගම්මානයේ නිවසක සිටි දරුවන් තිදෙනකු 08 වැනිදා සවස අකුණු සර වැදී රෝහල් ගත කර තිබේ. මිතුරන් වන මෙම තිදෙනා වැවේ නෑමට ගොස්‌ එක මිතුරකුගේ නිවසට පැමිණ (පිලේ) සිටි මොහොතේදී මෙම අකුණු සර වැදී ඇත. අකුණ සර හේතුවෙන් ළමයින් ඇඳ සිටි වස්‌ත්‍ර ගිනිගෙන ඇත. එම මොහොතේ දෙමාපියන් නිවසේ සිට නැත. ඔවුqන් හේනේ ඉරිඟු ඇට සිටවමින් සිට ඇත.

පසුව දෙමාපියන් මැදිහත්වී දරුවන් තිදෙනා ඌරනිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති අතර සිරුරේ පිළිස්‌සුම් තුවාල ලබා සිටි එච්. එම්. ප්‍රියංකර රත්නායක (14) දරුවා මහියංගන රෝහලට ඇතුළත් කර ඇත. ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව මහියංගන රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරි ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා පැවැසීය.

ඌරනිය රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් දෙදෙනාගේ ද තත්ත්වය බරපතළ නොවන බවත් එම දරුවන් දෙදෙනා දැඩි කම්පනයට පත්ව සිටින බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Tuesday, October 2, 2012

චීන්නු ගමන් ගත් රිය පෙරලී චීනෙක් රෝහලේ - තිදෙනෙක් බේරේ




රංජිත් කරුණාවීර - මහියංගනය  

2012-10-02        10. 55 ප.ව.



කොළඹ සිට මහියංගණය දක්වා පැමිනෙමින් තිබු චීන ජාතිකයන් 4ක් ගමන් ගත් රථයක් අද (02) පාන්දර 2ට පමණ හසලක මහියංගන මාර්ගයේ පාලංහන්දියට ආසන්නයේදී පාරෙන් ඉවතට පෙරලී සිදු වු අනතුර හේතුවෙන් එක් චීන ජාතිකයෙක් තුවාල ලබා මහියංගන මුලික රෝහලට ඇතුලත් කරනු ලැබ ඇත. අනෙක් චීන ජාතිකයන් තිදෙනා සුලු සීරීම් තුවාල ලබා සිටි. රිය පදවාගෙන පැමිනි චීන ජාතිකයාට නින්ද යැම මෙම අනතුරට හේතු වී ඇත.

Wednesday, September 26, 2012

රිදිමාලියද්දට දැඩි සුළගකින් හානි




රංජිත් කරුණාවීර - මහියංගනය      2012-09-26        10. 55 ප.ව.





රිදිමාලියද්ද ප්‍රාදේශිය ලේකම් බල ප්‍ර දේශයේ ග්‍රාමසේවා වසම් 9ක් හරහා 25 දින(ඊයේ) සවස 3.30ත් 4.00 ත් අතර කාලයේදී හමා ගිය දැඩි සුළගකින් නිවාස 232ක් හානියට පත් උනා

Monday, September 24, 2012

බස් රථයකට යට වී පාසැල් වියේ දරුවකු මියයයි


රංජිත් කරුණාවීර - මහියංගනය      2012-09-24        11. 55 ප.ව.

මහියංගන පදියතලා මාර්ගයේ ගැමුණුපුරට හැරෙන මන්සන්දියේදි අද (24) උදෑසන ඇගලුම් කම්හල සදහා ඇගලුම්  සේවකයන් ප්‍රවාහනය සිදු කරන බස් රථයකට යට වී වයස 17 ක අරාවත්ත ප්‍ර දේශයේ පදිංචි රවී සෙනරත් බංඩාර නම් පාසැල් වියේ දරුවකු මිය ගොස් ඇත. යතුරු පැදිය බස් රථයට යටවිමෙන් මෙම මරනය සිදු වී ඇත. මිය ගිය අය මහියංගන ජාතික පාසලේ 13 වසරෙහි ඉගෙනුම ලබන සිසුවෙකි.

බිරිදගේ හිසට අලවංගුවෙන් ඇන සැමියා ගෙලවැලලාගෙන


රංජිත් කරුණාවීර - මහියංගනය      2012-09-24        08. 55 ප.ව.


අද (24) උදැසන 4.30ට පමන ගිරාදුරුකෝට්ටේ තෙල්දෙනියාය ප්‍ර දේශයේ නිවසක දරුවන් සදහා උදේ ආහාර පිළියෙල කරමින් සිටි බිරිදත් සමග ඇතිවු බහින් බස් වීමකින් පසු බිරිදගේ හිසට අලවංගුවෙන් ඇනිමෙන් පසු  නිවසින් පැනගොස්  අසල වු නිවසක කොහොහඹ ගසක සැමියා ගෙලවැලලාගෙන ඇත.
                                                                                                             
මවගේ කැමොර දිමෙන් නින්දෙන් අවදි වු දරුවන් විසින් මව ගිරාදුරුකෝට්ටේ රෝහලට ඇතුලත් අර ඇති අතර එම කාන්තාව මිය ගොස් ඇත. මම ගැණි මැරුවා යැයි පවසමින් අසල වු නිවසක කොහොහඹ ගසක නැග ලනු පොටකින් ගෙලවැලලාගත් අය ගම්වාසින් විසින් ලනුව කපා ඔහුව බිමට ගෙන, ගිරාදුරුකෝට්ටේ රෝහලට වහා ඇතුලත් කිරිමෙන් පසු ඔහුගේ ජිවිතය බේරී ඇත. සැමියා වයස 42ක් සහ බිරිද වයස 40ක පසුව ඇත. මොහුන් හට වයස 13ක දියනියක්ද වයස 17ක පිරිමි දරුවෙක් සිටි.

මිය ගිය  කාන්තාවගේ අනියම් ප්‍රේම සම්බන්දය මෙම මිනි මැරුමට පාදක වෙන්න ඇතැයි ගම්වාසීන් පවසනවා. මිය ගිය  කාන්තාවගේ අනියම් ප්‍රේම සම්බන්දය නතර කිරිමේ අරමුණ ඇතිව නිවෙස් අතහැර මහියංගනයේ නිවසක් සහිත ඉඩමක් මිළදි ගෙන එම නිවසේ වසර කිහිපයක් මුලු පවුලම ගත කර ඇති අතර වසර කිහිපයකට පසු නැවත මුල් නිවසට පැමින ඇත.
නැවතත් මිය ගිය  කාන්තාවගේ අනියම් ප්‍රේම සම්බන්දයක් නිසා මෙම මිනි මැරුම සිදුවන්නට ඇතැයි ගම්වාසීන් පවසනවා. ගිරාදුරුකෝට්ටේ පොලිසිය මේ සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කරමින් සිටි.

Saturday, September 15, 2012

පදියතලාව 06 වන වරටත් අද උදේ හෙල්ලෙයි - හානියක් නෑ


රංජිත් කරුණාවීර - මහියංගනය      2012-09-15        09. 50 ප.ව.


පදියතලාව ප්‍රදේශයේ අද උදෑසන 5.15 ට භූ කම්පනයක් සිදුව ඇතැයි ගම්වාසින් පවසනවා.  ගම්වාසින් පවසන්නේ මෙම භූමිකම්පාවෙන් නිවෙස් හි වහළ හෙළවී ගිය බවත්, අමුතු ශබ්දයක් ඇසුන බවත්, භූමිකම්පාව හේතුවෙන් තම නිවාස බිත්ති ඉරිතලා ගොස් ඇති බවත්ය. මෙම භූමිකම්පාවෙන් ඉදිකිරීම් කඩා වැටීමක් හෝ ජීවිත හානියක් සිදුවී නෑ.  
පදියතලාව, කැලේ ළිද වතුයාය, පල්ලේගම, සරණගම, කුකුලාපොල යන ගම්වලට මෙම භූ කම්පනය අද උදෑසන දැනී ඇත.

Sunday, September 2, 2012

ත්‍රීරෝදේ පාලමෙන් ගල උඩට - අයෙක් මරුට : තුනක් රෝහලට


2012 සැප්තැම්බර් මස 02 16:44:07 | නිෂාන්ත කුමාර

මීගහකිවුල කරඳගහමඩ අනාරක්ෂිත පාලමකින් දිය සිඳී ගිය ඇලගකට ත්‍රීරෝධ රියක් වැටීමෙන් තරුණයකු මිය ගොස් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා මීගහ කිවුල රෝහලට ඇතුලු කළ බව පොලීසිය කියයි.
මෑතකදී විවාහ වූ දෙදෙනෙකුද ත්‍රීරෝධ රියේ ගමන් කළ බව දැනගන්නට ඇත.

එජාප/ජවිපෙ ඡන්ද කාර්යාල ගිනි තියලා


එජාප/ජවිපෙ ඡන්ද කාර්යාල ගිනි තියලා
2012 සැප්තැම්බර් මස 02 16:24:44 | . , ජී ඇම් සිරිවර්ධන




පදියතලාවේදී එජාප හා ජවිපෙ ඡන්ද කාර්යාල කිහිපයකට පහර දුන් නාඳුනන පිරිස් සැරසිලි වලටද ගිනිතබා ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත. අවි රැගෙන කැබ් දෙකකින් ආ පිරිස කෙහෙල්දල්ල, සේරංකඩ හා පලතුරුවැල්ලේ එම කාර්යාල කඩා බිඳ දමා ඇත.


Saturday, September 1, 2012

පොරවෙන් ගසා සැමියා මරා - ගඩොල් පෝරනුවට සිරුර දමා පුච්චයි


වැදි නැටුමෙන් මියුගුණ පෙරහර අලංකාරවේ


වැදි නැටුමෙන් මියුගුණ පෙරහර අලංකාරවේ

2012 සැප්තැම්බර් මස 01 15:06:42 | ගුරුළුපොත බන්දුල ගොඩකුඹුර





ඓතිහාසික මහියංගනය රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහරට ලක්ෂ 15ක් පමණ වන්දනාකරුවන් පැමිණි බව මහියංගන සහකාර පොලිස් අධිකාරී කාර්යාලයය කියයි.
ආදිවාසීන්ගේ සාම්ප්‍රදායික දොඩම් නැටුම ද, වැදි පෙරහාර ද එහි දී කැපී පෙණිනි.

Tuesday, August 28, 2012

පොරවෙන් ගසා සැමියා මරා - ගඩොල් පෝරනුවට සිරුර දමා පුච්චයි




රංජිත් කරුණාවීර - මහියංගනය      

2012-08-28        10:48 ප.ව.




රිදිමාලියද්ද වදකහඅරාව ප්‍ර දේශයේ ගඩොල් පොරනුවක තිබි පිලිස්සුන 26 හැවිරිදි අයෙකුගේ මලසිරුරක් අද (28) සවස හමුවී තිබෙනවා.  ඔහුගේ කුඩා දියණිය පොලිසියට ප්‍රකාශ කලේ තම මව පියාට පොරවෙන් ගසා පියා මරා ගඩොල් පෝරනුවකට දමා ගිනි තැබු බවයි.
වයස 22ක් වන එක් දරු මව මහියංගණ පොලිසිය මගින් ප්‍රශ්ණ කිරීම සදහා අත් අඩංගුවට ගෙන ඇත. සැමියාගේ කෘර වදහිංසා ඉවසා දරාගත නොහැකිව මෙම මිනී මැරුම සිදු කර ඇති බවට මහියංගණ පොලිසිය සිදු කල පරික්ෂණ වලින් අණාවරනය කරගෙන ඇත. 119 සදහා ලැබුන තොරතුරකට අනුව මෙම සිද්දිය අනාවරණය වී ඇත.


මාදුරුඔය සහ පදියතලාව හෙල්ලෙයි හානියක් නෑ


2012 අගෝස්තු මස 28 20:40:28 | රේඛා තරංගනී පොන්සේකා

පදියතලාවේ සිට කිලෝමීටර 19 ක් ඈතින් මාදුරුඔය වනෝද්‍යාන ප්‍රෙදේශයේ අද සවස 3.43 ට සුඑ භූ කම්පනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. එහි සභාපති ආචාර්ය එන්.පී.විජයානන්ද මහතා පවසන්නේ මෙම භූමිකම්පාවෙන් නිවෙස් හි වහළ හෙළවී ගිය බවට වාර්තා වී ඇති බවයි. මෙවැනි භූමිකම්පාවකින් ඉදිකිරීම් කඩා වැටීමක් හෝ ජීවිත හානියක් සිදුනොවේ. පදියතලාව ප්‍ර දේශයද 3.43 සුඑ භූ කම්පනයක් සිදුවු බව ප්‍ර දේශවාසින් පවසනවා

Friday, August 24, 2012

ගිරාඳුරුකෝට්ටේ17 හැවිරිදි පාසල් දැරියට ගුරුවරියගෙන් ප්‍රායෝගික පාඩමක්


ගිරාඳුරුකෝට්ටේ17 හැවිරිදි පාසල් දැරියට ගුරුවරියගෙන් ප්‍රායෝගික පාඩමක්
2012 අගෝස්තු මස 24 18:07:27 | ඇම්.ඇස්. පෙරේරා

තම නිවසේ නවතාගෙන සිටි 17 හැවිරිදි පාසල් දැරියක කළෙසීමට තම සැමියාට ඉඩදුන් බව කියන රත්මලානේ ගුරුවරියක ද ඇගේ සැමියා ද ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්  නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් ලබන තුන්වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
ආර්.බී. නිලන්ත රත්නායක සහ එම්.එම්.ජී. ජිවනී ප්‍රියදර්ශිකා එසේ රිමාන්ඩ් කළ දෙදෙනා වෙති. ගිරාඳුරුකෝට්ටේ පදිංචිකාරියක වන දැරිය දෙමාපියන් හෝ භාරකරුවකු ඉදිරිපත් වනතුරු ගලවා ගැනීමේ හමුදා භාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Sunday, August 19, 2012

විකිණීමට තිබු ගංජා කිලෝ තුන අල්ලයි


විකිණීමට තිබු ගංජා කිලෝ තුන අල්ලයි

රංජිත් කරුණාවීර - මහියංගනය      2012-08-19        1120 ප.ව.




මහියංගන ගිරාදුරුකෝට්ටේ පාරේ 3ඇල ප්‍ර දේශයේ නිවසක විකිණීම සදහ‍ා ගෙනවිත් තිබු ගංජා කිලෝ තුනක් සහිත ගමන් බැගය මහියංගන පොලිසිය විසින් වයස 31 වන සැකකරුවකුද සමග අත් අඩංගුවට ගෙන තිබේ. අත් අඩංගුවට පත් පුද්ගලයා මීට පෙරද ගංජා සම්බන්දයෙන් අත් අඩංගුවට පත් පුද්ගලයෙකු බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරනවා.

Saturday, August 18, 2012

ආදිවාසී වරිග සභාවේදී රතුගල ඇත්තාට පත්තු වූ රතු එළිය


ආදිවාසී වරිග සභාවේදී
රතුගල ඇත්තාට පත්තු වූ රතු එළිය

මේ වැදි ජනයා සමඟ කල් ගෙවද්දී යුග ගණනින් කාලය ඈතට පෙරළී යන්නා සේ දැනෙයි. අතීතය හා වර්තමානය එක්‌වූ සේය. මිනිස්‌ සංහතියේ විමුක්‌තියේ රඳන්නේ චාම් අහිංසක පැවැත්ම සොයා ආපහු හැරී යැම තුළය.

අතීතයේ දවසක වැදි ජන ඇසුරෙහි හිඳ ඔවුන් වෙනුවෙන් දිවි කැපකළ ආර්. එල්. ස්‌පිට්‌ල් වැදි ජනයාගේ දිවිපෙවෙතින් දුටුදේ ලියූ තබා ඇත්තේ ඔහොමය. ඉකුත් නව වැනිදා දඹානේ පෝරුගම් පොඡ්ජට සිදාදියේ මිනිසුන් එක්‌රැස්‌ වූයේද ඒ ඇත්තන්ගේa ජීවන රටාවට මැදිව මොහොතක්‌ හෝ කල් ගෙවීමටය. ඒ කාරණාව හැර එම දිනයේ විශේෂත්වය වූයේ වසරක්‌ පාසා එළැඹෙන ආදිවාසි දිනය එදිනට යෙදී තිබීමයි. තම උරුමය ආරක්‍ෂා කරගනිමින් වත්මන් සමාජය සමඟ ජීවත්වීමේදී වරිග සමූහයාට මුහුණ දීමට සිදුවන අභියෝග, බාධක පිළිබඳව එකට එක්‌රැස්‌ව සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීමේ වරිග සභාව ඒ දිනයේදී පවත්වන නිසා එදා කොටඹකිණිය ගම ලංකාවේ සතර දිග්භාගයේ වෙසෙන ආදිවාසි වැදි ජනයාගෙන් පිරී තිබිණි. සරොම් කොටයක්‌ හැඳ නිරාවරණ උඩුකයෙහි පොරෝ කෙටේරිය එල්ලාගෙන සිටි වැද්දන්ද, සංකර ගති සිරිත්වලට හුරු වෙමින් කලිසම් කමිස, ගවොම් හැඳ සිටි වැදි කැකුළ කැකුළියන්ද ඒ අතර සිටියේය.

සුපුරුදු ලෙස ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් කොටඹකිණිය ගමේ විසල් රුක්‌ සෙවණක බිම වාඩි වී ගෙන හිඳින තම වරිගයා අමතා කතා කළේය.

"මේ ඇත්තන්ගෙ නායකතුමා ඉන්න දවසෙ හිත්ලෑපු කැලෑ පොඡ්ජකට මංගච්චන්න, හිත්ලාපු ගල් රුකුල් පොඡ්ජකට මංගච්චන්ට ඉඩ පොඡ්ජ තිබව්වා. අවසර පොඡ්ජ තිබව්වා. ඉතිං ලෝක පොඡ්ජ තිබුණු තැන මංදො වෙන්න මංදො වෙන්න මේ ඇත්තන්නෙ රට පොඡ්ජත් තිබුණු තැන මංදො වුනා. රට පොඡ්ජ තිබුණ තැන මංදො වෙන්න මංදො වෙන්න මේ ඇත්තන්ගෙ පරම්පරා පොඡ්ජ මිනිගච්චුන්ට ඒ තිබාපු රට පොඡ්ජ, පරිසර පොඡ්ජ කොදොවෙලා මංදො වුණා. අද දවස්‌ පොඡ්ඡේ මේ උත්සව පොඡ්ජ එකමත් තිබන්ඩ මංදා වුණේ මේ හේතු පොඡ්ජ. අද දවසෙ මේ වාගේ සමිති පොඡ්ජ මංදො වෙලා. කතා දමන තැනට වැඩි තැනින් ලෝක පොඡ්ජටම කතා දන්න තරම් ගැටලු පොඡ්ජවල් මංගච්චලා තිබෙනවා.

ඒ ආදිවාසී නායකයා වරිග සභාව පැවැත්වීමට හේතුවන්නා වූ කාරණය ගැන පැහැදිලි කළ අයුරුය. වැද්දන්ට ජීවත්වීමට තිබෙන කෑලෑ අහිමි වීම, ඒ තුළින් ඔවුන්ගෙ ජීවන රටාවට බැඳි හර පද්ධතීන් ඉදිරියටත් පවත්වාගැනීමට තිබෙන අභියෝග මේ ආදිවාසී සමුළුව පැවැත්වීමට මූලික හේතු වූ බව වන්නිලැ ඇත්තෝ කීවේය.

නමුත් මෙවර වරිග සභාවේදී ගත් වැදගත්ම තීරණයක්‌ වන්නිලඇත්තෝ එහිදී හෙළි නොකළේය. වරිග සභාවේදී ගන්නා තීන්දු තීරණ මොනවාද යන්න කොහොමත් රහසිගතය. අවශ්‍ය ඒවා පමණක්‌ පිටත ලෝකයට කියන්නේ සියලුම වරිග සමූහයා නියෝජනය කරන නායකයාය. ඒ අනුව ඒ වැදගත් රහස ඊට පසු දින වන්නිලැත්තො හෙළිකළේය. ඒ රතුගල පෝරුගම් පොඡ්ඡේ ආදිවාසි වැදි ජනයාට නායකත්වය දෙන සුදාවන්නියා නායකත්වයෙන් ඉවත් කිරීමේ තීන්දුව පිළිබඳවය. ඔවුන්ගෙ භාෂාවෙන්ම වැදි නායකයා එය කීවේ මෙහෙමය.

"ඒ වරිග සභාවේදී තීරණ පොඡ්ජ මංදො වුණේ. ඒ නායකලා ඇත්තො වෙනකටමලා ගච්චලා වෙන තැනක ඇත්තො මංදො කරන්න. ඒ වගේ නායකලා ඇත්තො මංදො කරන්න අමාරු තැන. හැබැයි ඒ නායකලා ඇත්තන්ගෙ බල පොඡ්ජ ප්‍රධාන නායකලා ඇත්තන්ට පැවරුම් පොඡ්ජ මංදො කරන්න අයිති පොඡ්ජ තියෙනවා. මේ ඇත්තො අනුකම්පා කර තිබෙනවා කෝණ පොඡ්ජ එකමකට, දෙදහස්‌ දොළහයේ නිකිණි මාසෙ 08 වෙනි රෑ මැච්චෙ දොළහයි භාග තුනටයි ඉඳලා දෙදහස්‌ දොළහසේ නිකිණි මාසේ අටවෙනි රෑ මැච්ෙච් දොළහයි භාගෙ තැන මංදො වෙනකන් ඒ ඇත්තන්ට ඉඩපොඡ්ජ තිබෙනවා ඒ ඇත්තන්ගෙ වැරදි තැනවල් හැදුම් පොඡ්ජ මංදො කරන්න."








රතුගල ආදිවාසි නායක සුදාවන්නියා මෙසේ නායකත්වයෙන් වසරක කාලයක්‌ ඉවත් කිරීමට වරිග සභාවේදී තීරණය වී ඇත්තේ කාලයක්‌ තිස්‌සේ ඔහුට එරෙහිව නැගුණු චෝදනා කිහිපයක්‌ නිසාය. බොරු අසත්‍ය චෝදනා එල්ල කර ඔහුට විරුද්ධ වන ගම්වාසීන්ට විරුද්ධව පොලිසියේ පැමිණිලි දැමීම, ජනාධිපතිතුමාට පැමිණිලි කරනවා කියා රජයෙ නිලධාරීන්ට අයුතු බලපෑම් කිරීම, මාධ්‍යයට බොරුකීම, වැරැදිකරුවන් නිදහස්‌ කරන ලෙස සහ එසේ නොකරන පොලිස්‌ නිලධාරීන් මාරු කරන ලෙස බලපෑම් කිරීම කාලයක සිට සුදාවන්නියාට නැගුණ චෝදනාය. ඒ හැර 2012 වසරේ රතුගල ආදිවාසින්ට රජයෙන් ලබාදුන් රුපියල් ලක්‍ෂ දෙකහමාරක බඩු භාණ්‌ඩ තමන්ගෙ සුඛ විහරණය සඳහා විකිණීම නමැති බරපතල චෝදනාවක්‌ද සුදාවන්නියා නායකකමෙන් ඉවත් කිරීමේ තීරණයට හේතුවිය.

නායකයකුට නුසුදුසු ක්‍රියා කලාපයකට එතුමා ඇබ්බැහි වී තිබීම තමයි ප්‍රධානම කාරණය. අවසානයේ මේ සියල්ල ගැන ආදිවාසී නායකයා කියා තිබුණේය. යම් හෙයකින් ඉදිරි වසරක කාලය තුළ සුදාවන්නියා යහපත් ලෙස හැසිරෙන්නේ නම් ඔහුට නැවත රතුගල ආදිවාසි රැහේ නායකකම හිමිකර ගත හැකිය. ඒ ගැන තීන්දුවන්නේ ලබන වසරේ නිකිණි මාසයේ පැවැත්වෙන වැදිජනයාගේ වරිග සභාවේදීය. එතෙක්‌ මේ තීරණය අපේ මැති ඇමැතිවරුන්ටවත් අඩුම තරමේ ආදිවාසි නායක වන්නිලැත්තන්ගේ තනි කැමැත්තටවත් වෙනස්‌ කළ නොහැකිය.

එය හරියට වැදි සමාජයෙ වුවත් ප්‍රජාතන්ත්‍රවාදයේ නියම ස්‌වරූපය ගැන ඔවුන් අපට කියාදෙන පාඩමක්‌ වැනිය. නායකයෙක්‌ වුවත් වරදක්‌ කළේ නම් දඬුවම් ලැබිය යුතුම බව වැද්දන් අපට පෙන්වා දී ඇත. වැද්දන් වැද්දන් ලෙස හිඳිමින් එසේ කරන විට පොදු දේපළ සූරා කන එහෙත් ඒවාට පැමිණිලිද නඩුද නැති දේශපාලකයන් ගැන කොතෙකුත් කතා අපේ සමාජයේ තිබෙන බව අමතක නොකළ යුතුය. වැද්දන් ප්‍රාථමික සමාජ කොට්‌ඨාසයක්‌ ලෙස ඇතැමුන් සිතුවත් ඔවුන්ගේ පාලන ක්‍රමය කොතරම් සාධාරණ හා සමානාත්මතාවයෙන් යුතුද යන්න ඒ තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර ආදිවාසී නායකයා පැවසූ මේ ප්‍රකාශයක්‌ම වටහාගත හැකිය.

"මේ තැනෙදි (වරිග සභාවෙදි) මේ ඇත්තන්ට උණත් චෝදනා පොඡ්ජ මංගච්චන්ට ඉඩ තිබෙනවා."

වැදි රජුට වුණත් චෝදනාවක්‌ තිබේනම් වරිග සභාව්දී චෝදනා ඉදිරිපත් කිරීමට හැකි බවය මේ කියන්නෙ.

* තිස්‌ස ගුණතිලක
* රංජිත් කරුණාවීර