Saturday, July 2, 2016

පාසැල නිමවී නිවසට යමින් සිටි වයස අව්රුදු 09ක දැරියක් ඝාතනය කර ඇලකට දාලා - දුෂණය කරලාද කියා සැකයක්

2016-06-18 පෙ.ව. 2:50
මහියංගන, රිදිමාලියද්ද මොරාන ගම්මානයේ වයස අව්රුදු 09ක පාසැල් දැරියක් පාසැල නිමවී ඇයගේ නිවස බලා යමින් සිටියදී කැලයට රැගෙන ගොස් මරා සිරුර ඇලක තිබී ඊයේ සවස 4.30ය පමණ සොයාගත් බව මහියංගන පොලිසිය පවසනවා. දුෂණය කර දැරිය මරා දමන්නට ඇතිදැයි සැක කරන බව පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ එච් එම් මල්කි සදමාලි ප්‍රේමසිරි නැමැති වසය අව්රුදු 09ක් වු කුඩාලුණුක කණ්ෂ්ඨ විද්‍යාලයේ 04 ශ්‍රේණියේ ඉගෙනුම ලැබු දැරියකි. ඇය 24/A මොරාන යල්වෙල මහියංගනය යන ලිපිනයේ පදිංචිව සිටියේය. යල්වෙල, කුඩාලුණුක සිට ඇය පාසැල නිමවී කිලෝමිටර් 3ක් පමණ පාගමනින් මොරාන දක්වා පැමිනේ.

වෙනදා මල්කි දැරිය පාසැල නිමවී නිවසට පැමිනෙන වේලාවට දැරිය නිවසට පැමිණ තිබුනේ නැත. ඒ සම්බන්දයෙන් ඇය සමග පැමිනෙන මල්කිගේ යෙහෙලියන් පිලිබද සොයා බැලිමේදි ඔහුන් නිවෙස් වෙත පැමිණ තිබුනද ඇය නිවසට නොපැමිනිම ගැටලුවක් විය. දැරියට මාර්ගයේදි රිය අනතුරක්වත් වුවාදැයි සැකකර ගම්වාසින් සමග දෙමාපියන් ඇය පැමිනෙන මොරාන කුඩා ලුණුක මාර්ගය පරික්ෂා කර බැලීය. මාර්ගයේ එක් ස්ථානයක කැළය දෙසට සැකකටයුතු බයිසිකල්
රෝදපාරක් තිබු බවත්, ඒ දෙසට ගහ කොළ තැලී පොඩි වි තිබිම හේතුවෙන් ඒ පිලිබද සැක සිති කැළය තුල පිරික්සිමේදි මොරාන, පනුල්ල ප්‍රදේශයේ ඉමකදුරේ තිබී ඇයගේ නිසල දේහය ගම්වාසින් විසින් සොයාගෙන ඇත. මෙම ප්‍ර දේශය නිවාස නොමැති පාලු ප්‍රදේශයකි.
එහිදී එක් ස්ථානයක දැරියගේ පාසැල් පොත් බෑගය තිබී හමු වු අතර ඒ ඇසලම ඇය හැද සිටි යට කලිසම සොයා ගත් අතර එයට මද දුරක් ඈතින් ගලා යන ජල පහරක් තුල පාසැල් නිළ ඇදුමේන් සැරසී සිටි ඇයගේ මෘත දේහය සොයාගන්නා ලදී.

ගම්වාසින් චෝදනා කරන්නේ මෙම ප්‍ර දේශයේ ඉහලගොස් ඇති කසිප්පු හා ගංජා හා සුදු කෙලි හේතුවෙන් මෙවැනි අපරාධ ප්‍ර දේශයේ සිදු වන බවත් ඒවා මර්ධනය නොකලහොත් මීට වැඩි අපරාධ රැසක් සිදු විය හැකි බවයි.
“ පොලිසියට අල්ලන්ඩ බෑ..මෙතනින් පටන්ගත්තම මහියංගනයට යනකම් අන්තර්ජාලය වගේ ටෙලිෆෝන්. පොලිසියෙන් ඇවිත් කොහෙන් හොයන්නද. ඔත්තු දෙන අය හැමතැනම“ යැයි ගම්වාසියෙකු පැවසීය.

මහියංගන පොලිසිය දැනුවත් කිරිමෙන් අනතුරුව බදුල්ල කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති මහතා මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා, මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති අපරාධය වු ස්ථානව පරික්ෂා කරන ලදී.
මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය විසින් මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කරනලද අතර මරණ පරික්ෂණය සදහා දැරියගේ දේහය මහියංගන මුලික රෝහල වෙත යොමු කරන ලදී.
මහියංගන පොලිසිය විසින් පොලිස් නිළ සුනඛවන් යොදවා අපරාධකරුවන් ඇල්ලිම සදහා කටයුතු කල අතර තවදුරටත් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි. අද(18) පාන්දර 2.30 වනතුරුත් සැකකරුවෙකු අත් අඩංගුවට ගැනිමට නොහැකි විය.


No comments:

Post a Comment