Monday, February 29, 2016

ෆෝම් එපා - ෆොටෝ එපා චක්‍ර ලේඛ තවත් එපා - ගනිව් ගනිව් චක්ක්‍ර ලේකන හකුල ගනිව් - පොහොර ගැටලුව වෙුවෙන් මහියංගනයේ විරෝධතාවයක්

2016-02-29 ප.ව. 12:30
“මේ මෛත්‍රිපාල සිරිසේනලා, රනිල් වික්‍රම සිංහලා දෙන පොරොන්දු විශ්වාස කරන්න බෑ. ගොවියට රාජපක්ෂලා දීපු පොරොන්දු ඉටු උනෙත් නෑ. චන්ද්‍රිකාලා දීපු පොරෝන්දු ඉෂ්ඨ උනෙත් නෑ. ඉතිහාසයේ ඉදන්ම පොරොන්දු කැඩුවා. මේ මෛත්‍රිපාල සිරිසේනලා කිව්වා කුඩු කාරයො දුෂිතයො හිරේදානව කියලා..එ කෙක් දැම්මේ නෑ. කොහෙද කිව්වේ පොහොර සහනාධාරය කපනවා කියලා, කොහෙද කිව්වේ වී ගන්නවා කියලා 18 , 22 ට. කිව්වේ 50ට ගන්නවා කියලානේ. ඔට කියපු එකක්වත් කෙරුනේ නෑ. කියපු ඒවා කෙරුනේ නැති නිසා තමයි අද ගොවියාට පාරට බහින්ඩ වෙලා තියෙන්නේ“ යැයි සමන්ත විද්‍යාරත්න මහතා ගොවියන්ගේ ගැටලු සම්බන්දයෙන් මහියංගනයේදී පැවති විරෝධතාවයකදී පැවසීය.
ෆෝම් එපා - ෆොටෝ එපා - චක්‍ර ලේඛ තවත් එපා - ගනිව් ගනිව් චක්ක්‍ර ලේකන හකුල ගනිව් - පොහොර ගැටලුව වෙනුවෙන් සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ සංවිධානයෙන් මහියංගන නගරයේදි ඊයේ (29) උදැසන විරෝධතාවයක් සංවිධානය කර තිබුනි. ඒ සදහා ජනතා විමුක්ති පෙරමුනේ සමස්ත ලංකාගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා, ජ.වි.පෙ. ඌවපළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න, ජ.වි.පෙ. ඌවපළාත් සභා හිටපු මන්ත්‍රි සුදත් බලගල්ල යන මහතුන් හා ගොවි ජනතාව විශාල ප්‍රමානයක් සහභාගි වී සිටියේය.
උදැසන 9.30ට පමණ ආරම්භ වු විරෝධතාවය මහියංගන නගර මධ්‍යෙය් සමාධි පිළිරුව අසල පැවැත් වීය. පැය කිහිපයක් නගර මධ්‍යෙය් විරෝධතාය දැක් වීමෙන් අනතුරුව පොහොර සදහා නව බැංකු ගිණුම් ආම්භ කිරිම වෙනුවෙන් පාන්දර සිට ගොවියන් පොලිම් ගැසි සිටි ලංකා බැංකුව දෙසට, නගරය හරහා විරෝධතාකරුවන් පාගමනින් ගිය අතර ලංකා බැංකුව ඉදිරිපිට නතර වී විරෝධතාවයේ නිරත විය.
බැංකු ගිණුම් ආරම්භ කරිම සදහා පෝලිම් ගැසී සිටි ගොවියන්ටද විරෝධතාවයට පැමිනෙන ලෙස පුද්ගලයෙකු විසින් ආරාධනා කිරිමත් සමග බැංකු කළමනාකරු හා එම පුද්ගලයා අතර උණුසුම් කථාබහක් ඇති විය.
“මේ මෛත්‍රිපාල සිරිසේනලා, රනිල් වික්‍රම සිංහලා දෙන පොරොන්දු විශ්වාස කරන්න බෑ. ගොවියට රාජපක්ෂලා දීපු තවද සමන්ත විද්‍යාරත්න මහතා මෙසේද පැවසීය “කියපු ඒවා කෙරුනේ නැති නිසා තමයි අද ගොවියාට පාරට බහින්ඩ වෙලා තියෙන්නේ. අපි කියනවා මෛත්‍රිපාල සිරිසේනලාට, රනිල් වික්‍රම සිංහලාට...ඔය කියපු විදියටම කෙරෙන්ඩ ඕන. ඔය සාකච්ඡාවග ප්‍රතිඵල ලැබෙන්ඩ ඕන. ඔය ෆෝම් අයින් වෙන්ඩ ඕන. ෆොටෝ අයින් වෙන්ඩ ඕන. 350ට පොහොර දෙන්ඩ ඕන. 50ට වී ගන්ඩ ඕන. එහෙම නැති උනොත් මේ කරගැට මතු උන අත්වලින්, උදැල්ල,දෑකැත්ත අල්ලපු අත්වලින් ඔය ආන්ඩු පෙරලන්නත් පාරට බහින්න, ඉතිහාසයේ පාලකයො පෙරලලා දැම්මා වගේම අපි පාරට බහින්න සුදානම්. ඒ කට මේ ගොවිජනතාව සුදානම් කියලා පනිවිඩය අපි පාලකයන්ට දෙන්න කැමති “ යැයි සමන්ත විද්‍යාරත්න මහතා මාධ්‍ය වෙනුවෙනු අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
පැය තුනක් පමණ විරෝධතාවය නිරත වීමෙන් අනතුරුව නාමල් කරුණාරත්න මහතා හා සමන්ත විද්‍යාරත්න මහතා බැරලයක් මත නැගී පවතින පොහොර ගැටලුව සම්බන්දයෙන් ගොවිජනතාව දැනුවත් කර කථාවක් පැවැත්වු අතර ගොවියන්ගේ පොහොර ගැටලුව විසදා ගැනිම සදහා මෙවැනි අරගල කිරිම සදහා තමන් සමග එක් වන ලෙස ආරාධනා කර සිටියේය. දහවල් 12.00 පමණ විරෝධාවය අවසන් විය. මහියංගන පොලිසියේ නිළධාරින් හා අවට පොලිස්ථාන වලින් විශාල පොලිස් නිළධාරින් පිරිසක් ආරක්ෂාව වෙනුවෙනු යොදවා සිටියේය.







විදුහල්පති පොඩි දරුවාගේ කණ පලයි - දරුවා රෝහලේ

2016-02-29 ප.ව. 3:30
පාසැල් කමිසට උඩට ඇවිත් තිබුනා යැයි පවසමින් මිනිපේ ප්‍ර දේශයේ පාසැලක විදුහල් පතිවරයෙක් පසුගිය සිකුරාදා දරුවෙකුගේ කණට ගසා ඇති අතර ඒ හේතුවෙන් දරුවා කනේ කැක්කුම හා කන් නොඇසීම හේතුවෙන් මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.
මෙසේ ප්‍රතිකාර සදහා රෝහල වෙත ඇතුලත් කර ඇත්තේ දහම් රසංග රාජපක්ෂ(13) 34/18, ඔරුවලයාය, මොරයාය, මිනිපේ යන ලිපිනයේ පදිංචි, මොරයාය සංඝබෝධි විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලබන දරුවෙකි. සදුදා (අද 29) දහවල් වන තුරුද දරුවා මහියංගන රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබු අතර මේ වන තුරු කණ හරියාකාරව නොඇසෙන බව දහම් පවසති.
දරුවා වැරද්දක් කර තිබුනේ නම් කෝටුවක් මගින් දරුවාට දඩුවම් දිමට තිබු බවත් මේ ආකාරයෙන් අමානුශික අන්දමින් පහරදීම හෙලා දකින බව දරුවගේ මව වන චන්ද්‍රානි රාජපක්ෂ(40) මහත්මිය ප්‍රකාශ කරන අතර මේ සම්බන්දයෙන් හසලක පොලිසියේ පැමිනිල්ලක්ද දමා ඇති බව ඇය පවසන්නිය.
සිද්දිය සම්බන්දයෙන් හසලක පොලිසියේ නිළධාරින් විසින් විමර්ශන කටයුතු සිදු කෙරේ.

Sunday, February 28, 2016

දකුනු ආසියා මලල ක්‍රිඩා උලෙලේ දී මීටර් 800න් රන්පදක්කම් ලාභා ඉදුනිල් හර සරින් ගම්වාසින් පිලිගනි

2016-02-28 ප.ව. 2:35

පසුගියදා නිමාවට පත්වු දකුණු ආසියානු මලල ක්‍රිඩා උත්සවයෙදී මිටර් 800න් විනාඩි 01යි තප්පර 51.2 කදි ප්‍රථමස්ථානය දිනා ශ්‍රි ලංකාවට හා මිනිපේ ප්‍ර දේශයට කිර්ථියක් ගෙනා රං පදක්කම් ලාභි ඉදුනිල් හේරත් අද (28) දිනයේ සිය උපන් ගම්මානය වන මිනිපේ ප්‍ර දේශයට පැමිනි අතර මිනිපේ ප්‍ර දේශවාසින් ඔහුව ඉතා හරසරින් පිළිගනු ලැබීය.
ඔහු සමග ඔහුගේ පුහුණුකරු වන ඩබ්ලිව් රත්නකුමාර (ත්‍රිවිධ හමුදාවේ ක්‍රිඩා පුහුනු කරු) මහතා ද පැමිණි අතර ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගන්නා ලදී
හදගනාව ශ්‍රි ඉන්ද්‍රාරාමයේ විහාරාධිපති හදගනාව ආනන්ද හිමියන් හා මිනිපේ ප්‍ර දේශවාසින්  විසින් මෙම පිළිගැනිම සංවිධානය කර තිබු අතර විහාරස්ථානයේදී ඉදුනිල් හේරත් ඇගයිමට දැක්වීම හා උපහාර දැක්වීමට ලක් කෙරිනි. කිලෝමිටරයක් පමන දිග රථ පෝලිමක් / පෙරහැරක් සමගින් පාලමහන්දිය ප්‍ර දේශයේ සිට මිනිපේ හදගනාය දක්වා ඉදුනිල් කැදවාගෙන යනු ලැබීය. 







මහියංගනෙය් දරුව්නට අහිමි වී ව්‍යාපාරික ව්‍යාපාරික බවට පත් වී අැති ක්‍රිඩාපිටිය


12:01 AM 2/28/2016
බදුල්ල දිස්ත්‍රික්කයේ විශාලතම ක්‍රිඩා පිටිය ලෙස සැලකෙන මහියංගන පොදු ක්‍රිඩාන්ගනය මේ වන විට සොච්චම් මුදලකට ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වෙන් කර දීම තුලින් 
නගරයේ දරුවන්ට ගමවල දරුවන්ට ක්‍රිඩා පිටිය අහිමි වන තත්වයකට පත්ව ඇත. එම ව්‍යාපාර හේතුවෙන් වර්ශාවත් සමග ක්‍රිඩා පිටිය මඩ වගුරක්ව ඇති අතර වි වැපිරිමෙන් හොද ආදයම් ලැබිට හැකි කුඹුරක් බවට තව නොබෝදිනකින් පත් කර ගත හැකි වන දිනය අත ලග එනු ඇත.
ක්‍රිඩා භුමිය පාලකයන්හට එය වගේ වගක් නොමැති අතර ව්‍යාපාරිකයන්ද ඇස් වසාගෙන සාක්කුව පුරවාගන්නේ අධෝමුඛයෙන් හිනා වෙමින්

Saturday, February 27, 2016




ජනේලයෙන්, නිදාසිටි තරුණයෙකුට බෙඩි තියලා

 2016-02-27 ප.ව. 3:57
මිනිපේ, මොරයාය, 31 ඇල ප්‍ර දේශයේ නිවසක ඇදේ නිදා සිටි තරුණයෙකුට ඊයේ රාත්‍රි (අද උදේ පාන්දර -1.00 ට පමණ) එම නිවසේ ජනේලයෙන් කිසියම් අයෙක් හෝ පිරිසක් වෙඩි තැබා ඇත. වෙඩි තැබීමෙන් තුවල ලැබු තරුණයා මහියංගන රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා බදුල්ල රෝහල වෙත මාරු කර යවා ඇත.
මෙසේ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ වයස 32ක පසු වන දයාන් ජයසිංහ, 31/7 කපුවත්ත, මොරයා, මිනිපේ යන ලිපිනයේ පදිංචි තරුණයෙක් වන අතර ඔහු කලක් කොරියාවේ සේවය නියුතුව නිවාඩුව සදහා පැමිණ සිටි අයෙකුට වන අතර ඔහු හෙට (28) දිනයේදී යලි විදේශ ගත වීමට නියමිතව සිටි අයෙකි. ඔහු විසින් ඉදිකල නව නිවසේ ඊයේ දිනයේ පදිංචියට ගොස් ඇති අතර නව නිවසේ පදිංචියට ගොස් එහි කාමරයක රාත්‍රි නිදා සිටියදී කිසියම් අයෙකු මෙම තරුණය හට වෙඩි තබා ඇත. වෙඩි තැබීමෙ හේතුවෙන් තරුණයාගේ පාද දෙකම දැඩි ලෙස තුවාල ලබා ඇත.
සිද්දිය සම්බන්දයෙන් හසලක පොලිය පරික්ෂණ කටයුතු පවත්වන අතර ඒ සම්බන්දයෙන් කිසිවකු මේ වන තුරු අත් අඩංගුවට ගෙන නොමැත.






ඊයේ උදේ බෝක්කුවෙන් පහල කාන්තා මළ සිරුරක්


2016-02-27 ප.ව. 11:07
මහියංගන - හසලක  මාර්ගයේ පල්ලේවත්ත ප්‍ර දේශයේ  මාර්ගයේ වු බෝක්කුවකින් පහල නාදුනන කාන්තා මළසිරුරලක් ඇති බවට ලැබුන 119 දුරකථන ඇමතුම අනුව හසලක පොලිසියේ නිළධාරින් විමර්ශණ කටයුතු ආරම්භ කල අතර පසුව එම කාන්තාව වයස  70ක් වන ඒ ජි ප්‍රේමාවති නම් වන ප්‍ර දේශයේම කාන්තාවක් පවට හදුනා ගත්තා.
මිය ගිය තැනැත්තිය දරුවන් 06 දෙනෙකුගේ මවකි.  පසුව සිදු කල පරික්ෂණ වලින් අනාවරණය වුයේ ඇය නිවසේ සිහි මද ගතියෙන් සිටි රෝගි කාන්තාවක් ලෙසටයි.
මෙම තැනැත්තියගේ මියයෑම සම්බන්දයෙන් හසලක පොලියේ නිළධාරින් විසින්  පරික්ෂණ කටයුතු සිදු කෙරේ. 

Thursday, February 25, 2016

දෙයියෝ සාක්කි - ගුරුවරියක් විසින් පාසැල් දරුවෙකුට ගුටි බැට දී ගුරුතුමියගේ පාසලේ නවතා තිබු කාර් එකේ රෝද හතරට වන්දවලා .....


2016-02-25 ප.ව. 12:41

සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවෙකු පාසැලේ නවතා තිබු ගුරුතුමියගේ නව කාර් එකේ ගැටිම හේතුවෙන් එහි වු ආරක්ෂක හෝන් පද්ධතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් කෝපයට පත් ගුරුවරියක් දරුවෙකු හට පහර දී ගුරුතුමියගේ කාර් එකේ රෝද හතරට දණගසා වදින ලෙස නියෝග කර ඇත. කුඩාදරුවා  බියට පත්ව දණගසා රෝද හතරට වැදීමේ සිද්ධියක් මහියංගන රිදිමාලියද්ද ආදාඋල්පොත ප්‍රදේශයෙන් වාර්ථාවෙයි. පසුගිය සතියේ අගහරුවාදා දින මෙම සිද්දිය සිදුවී ඇත.
දරුවන් තිදෙනෙකු සෙල්ලම් කරම්න් සිටින විටදී එක් දරුවෙකු විසින් අනෙක් දරුවා තල්ලු කිරිමේදී එම දරුවා තල්ලු වී ගොස් අසල ගසක් යට නවතා තිබු කාර් එගේ ගැටී ඇත. එහිදී වාහනයේ ආරක්ෂක හෝන් පද්ධතිය ක්‍රියාත්මක වී ඇත. වාහනයේ අයිති ගුරුවරිය පැමිණ එක් දරුවෙකු අල්ලාගෙන ඇති අතර අනෙක් දරුයවන් දෙදෙනා දිවගොස් බේරි ඇත.
රිදිමාලියද්ද ප්‍රදේශයේ ආදාඋල්පොත නගරය ආසන්නායේ වු ජනප්‍රිය පාසැලක මෙම සිද්ධිය සිදු වී ඇති අතර මේ සිද්ධිය සම්බන්දයෙන් එම ප්‍රදේශයම කැලබී ඇති අතර ගුරුවරියගේ මෙම ක්‍රියාව හෙලා දකිමින් විරෝධතාවයක්ද ප්‍රදේශයේ ජනතාව හා මහා සංඝරත්නය එක්ව සංවිධානය කර ඇති අතර  දරුවාගේ දෙමාපියන්ගේ හා විදුහල් පතිගේ ඉල්ලීමකට අනුව එය නවතා දමා ඇත.
දරුවගේ පියා පොලිස් නිළධාරියෙක් වීමත් මව වෙනත් පාසැලක ගුරුවරියක් වීම හේතුවෙන් ඉහත ගුරුවරියගේ ක්‍රියාව රටටම අනාවරණය වීමෙන් සමස්ථ ගුරු පරපුරටම නිගාවක් විය හැකි බැවින් හා පාසැලේ කීර්ති නාමයට හානියක් වීය හැකි බැවින් ගම්මුන්ගේ විරෝධතාවයට එරෙහි වී ඇත.

එහෙත් මේ වන විට එම ගුරුවරියගේ ක්‍රියාව සම්බන්දයෙන්  එම පාසැලේ ගුරුවරුන්ගේ අප්‍රසාදය හා පිළිකුලට එම ගුරුවරිය ලක්ව ඇති අතර ඇයගේ නව කාර් රථය විද්‍යාලයට ගෙන ඒමෙන් වැලකී සිටින බව දැන ගන්නට ඇත.

මහියංගනයට පිස්සු බලු බීතිකාවක්

2016-02-25 පෙ.ව. 11:11
ජලභිතිකාව වැලදී යැයි සැක කෙරෙන සුනඛයෙකු මහියංගන නගරයේ පුද්ගලයන් හා කාන්තාවන් 25කට අධික ප්‍රමාණයක් 23 හා 24 යන දින වලදී සපා කෑම හේතුවෙන් මහියංගන නගර වාසීන් හට සුනඛ භිතිකාවක් හට ගෙන ඇත. සපාකෑම හේතුවෙන් තුවල සිදු වු අය මහියංගන මුලික රෝහලේ බාහිර රෝගි ප්‍රතිකාර අංශයෙන් ප්‍රතිකාර ලබා එන්නත් කිරිම් සිදු කර ගෙන තිබේ. සපා කෑ සුනඛය සොයා මහියංගන නගර වාසින් විපරමින් සිටින අතර මේ වන විට නගරයෙන් එම සුනඛය අතුරුදහන්ව ඇත.

පාසැල් නිමවෙන වේලාවන්හිදි  නලරයේ බස් නැවතුම වෙත පැමින කුඩා දරුවන් සුනඛයන්ගෙන් සපා කෑම වලක්වා ගැනිම සදහා දෙමාපියන් මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුව ඇත. මීට පෙරත් මහියංගන ජාතික පාසැල තුලට පිවිසි මෙවැනිම රෝගී සුනඛයෙකු දරුවන් තිදෙනෙකු සපා කා ප්‍රතිකාර සදහා රෝහල් ගත කරන්නට ද සිදු වින.


මහියංගන නගරය හා අවට ගම්මාන රැසක මාර්ගවල සුනඛයන් විශාල ප්‍රමාණයක් බෝ වී ඇති අතර ඒ බොහෝ සුනඛයන් හට විවිධ රෝගාබාදයන්හට ලක්ව ඇති අතර විශේෂයෙන් සමේ රෝග වැලදී ඇත. ඉහල ගොස් ඇති සුනඛ සංඛාවේ වර්ධනය හේතුවෙන් ජලභිතිකා රෝගය පැතිර යාමේ විශාල අවදානමක් ඇති හෙයින් මේ සම්බන්දයෙන් වගකියන රාජ්‍ය නිළධාරින් හා ආයතන මැදිමත් වී  මෙම ගැටලුවට කඩිනමින් විසදුම් ලබාදෙන ලෙස මහියංගන ජනතාව ඉල්ලා සිටි.

Tuesday, February 23, 2016

රිය අනතුර

 මහියංගන ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ 1 කණුව පල්ලිය අසලදී ඊයේ (22) සවස සිදුවු රිය අනතුර


Thursday, February 18, 2016

ලොරියේ වැලි තුනීකරමින් සිටි පුද්ගලයා එම ලොරියටම යටවී මරුට

2016-02-18 පෙ.ව. 11:34

මහවැලි ගගේ වැලි ලොරියට වැලි පටවා තුනි කරමින් සිටි පුද්ගලයෙකු ලොරියෙන් ඇද වැටී එම ලොරියටම යටවී අද (18) උදැසන 6.00 පමණ එම ස්ථානයේදීම මියගොස් ඇත.

මහියංගන ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ ගගේයාය හංදියේ ඇතුල් මාර්ගයක මහවැලි ගගේ බී එම් කරුණාරත්න යන අයගේ වැලි තොටුපලේදී මෙම අනතුරු සිදුවී ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ ඒ දන්ඩේ ගෙදර ජගත් සෙන්පති ජයසිංහ නම් වන වයස 40ක රියදුරෙකි. ඔහු අංක 132 සොරබොර වැවපාර මහියංගන යන ලිපිනයේ පදිංචිව සිටි අයෙකි.
ටිපර් රථය පැදවු රියදුරු මෙහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර  ටිපර් රථයට පැලි පටවා අවසන් වු පසු වැලි තුනි කිරිම සදහා මියගිය පුද්ගලයා ටිපර් රථයේ පිටුපසට නැගි වැලි තුනි කිරිමෙන් සිටියදී ටිපර් රථය දාවනය කිරිමෙන් පිටුපස වැලි තුනි කරමින් සිටි අය බිමට ඇද වැටි ලොරි රථයට යටවීමෙන් එම ස්ථානයේදිම මිය ගොස් ඇත.
නොසැලකිලිමත් ලෙස රිය පැදවු වැලි ලොරියේ රියදුරු මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතා රථවාහන අංශයේ ස්ථානාධිපති පො.ප. රොෂාන් මහතා යන නිළධාරින් විසින් පරික්ෂණ කටයුතු සිදු කෙරේ

Saturday, February 13, 2016

රිදිමාලියද්දේ කැළයක තිබී අස්ථි කොටස් හමුවෙයි

10:44 PM 2/13/2016
රිදිමාලියද්ද යකහල්පොත ප්‍ර දේශයේ කැළයක අස්ථි කොටස් කිහිපයක් තිබී ඊයේ (12) ගම්වාසියෙකු හට හමු වී ඇති අතර ඒ සම්බන්දයෙන්  මහියංගන පොලිසිය පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර
මේ වන තුරු එම අස්ථිකැබලි සම්බන්දයෙන් කිසිදු තොරතුරක් අනාවරණය කරගෙන නොමැති අතර සිද්ධිය සම්බන්දයෙන් මහියංගන පොලිසියේ නිළධාරින් පරික්ෂණ පවත්වති.

දඹානේදි පුද්ගලයෙකු යට කර වාහනයක් ඵලා යයි-ගම්මු මැදිහත්වී වාහනය අල්ලා ගනී

10:21 PM 2/13/2016

මහියංගන පදියතලා මාර්ගයේදී දඹාන හංදියේදි ඊයේ  (12)  සවස 7.00ට පමන මාර්ගයේ සිටි පුද්ගලයෙකු  යට කර වාහනයක් ඵලා ගොස් ඇති අතර
ගම්වාසින්  එක්ව ඵලා ගිය රථය හා රියදුරු අල්ලා මහියංගන පොලිසිය වෙත බාරදී ඇති අතර අනතුරට පත් පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ දඹාන ගම්මානයේ පදිංච් වයස 57ක පුද්ගලයෙකි.

මෙම රිය අනතුර සම්බන්දයෙන් මහියංගන පොලිසියේ රථවාහන අංශය පරික්ෂණ පවත්වති

Friday, February 12, 2016

ලංගම බස් රථයේ ගැටුනු ත්‍රිෙරා්ද රථය කුඩු


8:56 PM 2/12/2016
බදුල්ල ඩිපෝවට අයත් බස් රථයක් හා පියාජෝ වර්ගයේ ත්‍රිෙරා්ධ රථයක් අද (12) දහවල් බදුල්ල මහියංගන මාර්ගයේ දම්බරාව වංගුවේදී මුහුනට මුහුන ගැටි රිය අනතුරක් සිදු වු අතර 
මෙම රිය අනතුරෙන් ත්‍රිෙරෝද රථය විශාල ලෙස හානියට පත්ව තිබේ. මෙම රිය අනතුර සම්බන්දයෙන් මහියංගන පොලිසියේ රථවාහන අංශය පරික්ෂණ පවත්වති


බදුල්ලේදීත් විරෝධතාවය.....

8:56 PM 2/12/2016
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රිටිගල රක්‍ෂිතය නැරඹීමට පැමිණෙන විදේශීකයන්ගෙන් විනිවිද භාවයකින් තොරව එම ස්ථානයේ රාජකාරි කරන පුරා විද්‍යා නිලධාරින් විසින් මුදල් ලබා ගන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ගණනාවක ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන කාංචන කුමාර ආරියදාස මහතා එම වංචාව මාධ්‍ය මගින් රටට හෙළි කිරිමෙන් පසු පුරාවිද්‍යා බලධාරීන් එම වංචාව සිදුකරන තම නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග නොගෙන එම ජාවාරම හෙළිදරව් කළ ප්‍රාදේශීය මාධ්‍යෙවේදියාට එරෙහිව නීතිමය පියවර ගැනිමට ගලෙන්බිදුණු වැව පොලිසියට පැමිණීලි කිරිමට එරෙහිව විරෝධය පාමින් දිවයින පුරා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා. දිවයිනේ ප්‍රාදේශීය මාධ්‍යෙවිදී සංගම් ගණනාවක් විසින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට සහභාගි වුණ සියලූම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පවසා සිටින්නේ කාංචන කුමාර ආරියදාස මහතාට එරෙහිව ගලෙන්බිදුණු වැව පොලිසියට කළ පැමිණීල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසය. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙස් විදෙස් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වලට ප්‍රදේශයේ සිදුවන දූෂණ වංචා රටට හා ලොවට හෙළි කරමින් විශාල කාර්ය භාරයක් ඉටුකරන මධ්‍යෙවේදීන් පිරිසක්. එවැනි ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ටද වත්මන් රජය මගින් ලබා දුන්නේ යැයි කියන මාධ්‍ය නිදහස ලැබිය යුතු බවයි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඉල්ලා සිටින්නේ.
බදුල්ලේ විරෝධතාවය
මාධ්‍යයට අනිසි බලපැම් කළා යැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එරෙහිව බදුල්ල දිස්ත්‍රිකයේ මාධ්‍යවේදීන් පිරිසක් ඌව පළාත් සභාව ඉදිරිපි‍ටදී විරොධතාවක නිරත විය.



Thursday, February 11, 2016

වෙද නළාව පසෙක තබා කැමරාවෙන් පෑ සෙල්ලම් ප්‍රදර්ශනයේ - මහි රූ 2016 ඡායාරූප ප්‍රදර්ශනය @ මහියංගන මුලික රෝහලේදී

 10:30 PM 2/11/2016
මහියංගන මුලික රෝහලේ සේවය නියුතු වෛද්‍යවරු 20කට අධික ප්‍රමාණයක් එක්ව දර්ශනීය ඡායාරූප 250කට අධික ප්‍රමාණයක් ඇතුලත් කරමින් දෙවන වරටත්
අද (11) දින උදැසන රෝහල් පරිශ්‍ර යේදී ඡායාරූප ප්‍රදර්ශනයක් ආරම්භ කල අතර එය හෙට (12) දින සවස් වරු වන තුරු පැවැත්වේ. වෘතිය ඡායාරූප ශිල්පින්ගේ මට්ටම හා සමානව යමින් 
කුසලතා දැක්වු ඡායාරූප සමුහයක් ඒ ප්‍රදර්ශනය තුල ඇති බව ප්‍රදර්ශනය නැරභූවන්ගේ අදහස විය.
එමෙන්ම කොළඹ හා කුරුණෑගල සහ ජාතික ඡායාරූප සංගමයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනා කුමාර දිසානායක මහතා මෙම ඡායා රූප ප්‍රදර්ශණය නැරබීම සදහා පැමිණ සිටි අතර වෛද්‍යවරුන් විසින් .
ලබාගත් මෙම ඡාය රූප විග්‍රහයකට ලක්කිරිම සිදු කල අතර වෘතිය ඡායාරූප ශිල්පින්ගේ මට්ටම හා සමානව යමින් උසස් ඡායාරූප රැසක් මෙම ප්‍රදර්ශනයට එක්කර ඇති බවත් ප්‍රථම වතාවට ගිය
වසරේ (2015) පැවැත් වු ඡායාරූප ප්‍රදර්ශනයට වඩා සාර්තක එකක් බවත් ජනතාවට විදිය හැකි හා මනස සුවපත් කල හැකි මට්ටමේ කලා කුසලතාවයක් සහිත ඡායා රූප ප්‍රදර්ශනයක් බව පැවසීය









වැලි ලොරි අනතුර

 අද (11) උදැසන හෙබරවදී සිදු උන වැලි ලොරි අනතුර